2023
Members of the SFST are dedicated to share the knowledge related to Food Science & Technology through innovative and creative approaches which are readily available for learners who seek information, specially via online platforms. You can effectively use your time to sharpen your intellectual capacities through our article series.
Floods Won't Stop Us: Simple Ways to Keep Food Safe
ගංවතුර මඟින් ආහාරවල ආරක්ෂිතභාවයට එල්ල වන බලපෑම පිළිබඳව ඔබ දැනුවත් ද?
වර්තමානයේ ලක්වාසී සහ ලෝ වාසීන්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති කාලීන මාතෘකාවක් වන ගංවතුර වැනි ස්වභාවික ආපදාවන්හිදී, වැඩි දෙනෙකුගේ අවධානය පුද්ගල ආරක්ෂාව දෙසට මෙන්ම ආහාරවල ආරක්ෂිතභාවය දෙසට එල්ල වී ඇත. ව්‍යසන කාල වකවානු වලදී ආහාර සෞඛ්‍යාරක්ෂිතව හැසිරවීම සහ කල් තබාගැනීම අභියෝගාත්මක වුවත් එමගින් රෝගාබාධ සහ අනෙකුත් සෞඛ්‍යය ගැටලු ඇති වීමේ සම්භාවිතාව අවම කරයි.
දුර්වල සනීපාරක්ෂාව හේතුවෙන් ආහාර දූෂණය වීමේ අවධානම බෙහෙවින් වැඩි කරයි. විශේෂයෙන් ගංවතුර වැනි ව්‍යසන තත්ත්ව වලදි ඉතා ඉක්මනින් විදුලි සැපයුම් බිඳ වැටීම නිසා ආහාර ගබඩා කිරීමේදී ගැටලුකාරී තත්ත්වයන් ඇතිවේ. විශේෂයෙන්, ඉතා ඉක්මනින් නරක් වන ආහාර (perishable foods) බොහොමයක් ශීතකරණ තුළ ගබඩා කළ යුතු වුවත්, විදුලිය නොමැති තත්ත්ව යටතේ එය එසේ සිදු කළ නොහැකිය. එමගින් ආහාර දාමය පුරා වේගවත් බැක්ටීරියා වර්ධනයකට මග සලසයි. කෙසේ වෙතත්, ආහාර හිඟයන් වැළැක්වීමට සහ ආහාර මගින් බෝවන රෝග අවදානම අවම කිරීමට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ගංවතුරෙහි බොහෝ විට දූෂිත අපද්‍රව්‍ය, ගොවිපල අපද්‍රව්‍ය සහ රෝග කාරක ආදිය අඩංගු වන අතර එමගින් ආහාර දූෂණයට ලක් කරයි. එසේම බොහොමයක් සෞඛ්‍යය ගැටලු වලට මෙන්ම අනාරක්ෂිත ආහාර සැකසීම් වලට ප්‍රධානම හේතුව ලෙස පිරිසිදු ජලයට ඇති සීමිත ප්‍රවේශය පෙන්වා දිය හැක. මේවා මගින් පුද්ගල සුරක්ෂිතතාවයට බලපෑම් එල්ල කරයි.
ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ වල පිළියෙල කරන ආහාර මගින් කොළරාව, Shigellosis වැනි අපිරිසිදු ජලය මගින් ඇති වන රෝග පැතිරීමට වැඩි ප්‍රවණතාවයක් දක්වයි. එබැවින් එම ප්‍රදේශ වල ආහාර හැසිරවීමේදී මනා සේ ප්‍රවේශම් විය යුතුය. එහිදී ගත හැකි පූර්වෝපායන් කිහිපයක් වන්නේ, ආහාර ඉතා හොදින් පිස ගැනීම ( අවම වශයෙන් 70 °C තෙක් ), පොත්ත ඉවත් නොකළ පලතුරු සහ එළවළු පරිභෝජනයෙන් වැළකී සිටීම, පිසූ ආහාර සහ නොපිසූ අමු ද්‍රව්‍ය වෙන වෙනම ගබඩා කිරීම දැක්විය හැකිය. විශේෂයෙන් විදුලිය බිඳ වැටුණු අවස්ථාවලදී පරීක්ෂාකාරීව ශීතකරණ තුළ ඇති ආහාර එකිනෙක මගින් දූෂණය වීම වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගත යුතුය.
ආපදා අවස්ථා වලදී ඇතිවිය හැකි අනාරක්ෂිත තත්ත්ව මගහැරීමට නැවුම් එළවළු හෝ පලතුරු පරිභෝජනයට වඩා වියළි ආහාර හෝ ටින් කරන ලද ආහාර පාන භාවිතයට ගැනීම වඩාත් ආරක්ෂාකාරී විය හැක. එසේම ආහාර පිළියෙළ කිරීමේදී, පිළිගැන්වීමේදී හෝ කෑමට පෙර හොඳින් අත් සේදිය යුතුය. තවද ආහාර පිළියෙල කිරීමට යොදා ගන්නා සියලුම පෘෂ්ඨ සහ උපකරණ හැකිතාක් පිරිසිදුව තබා ගත යුතුය. ගංවතුර වැනි ආපදා අවස්ථාවන්හිදී ආහාර පිසීමට සහ පානයට, ඉතා පිරිසිදු සහ ආරක්ෂිත ජලය අත්‍යවශ්‍ය වේ. පවතින ජල සැපයුම අදාළ මොහොතේ අනාරක්ෂිත නම්, ජලය රත් කර නටවා ප්‍රයෝජනයට ගත යුතුය. කෙසේ වෙතත් ව්‍යසනයෙන් බලපෑමට ලක් නොවූ ප්‍රදේශවල ඇති බෝතල් කළ ජලය සහ ඇසුරුම් කළ පාන වර්ග සාමාන්‍යයෙන් ආරක්ෂිත වේ. ව්‍යසනකාරී තත්ත්ව වලදී අවන්හල් හෝ වීදි වෙළෙන්දන්ගෙන් ලැබෙන ආහාර සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතුය. මන්ද ජල දූෂණයත් සමග ඔවුන්ගේ සනීපාරක්ෂාව දුර්වල විය හැකිය.
ආපදාවන්හිදී, බොහෝ පුද්ගලයින් සහ සංවිධාන මගින් බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට පිසූ ආහාර ලබා දෙයි. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී මෙම ආහාර ඒවා ලැබිය යුතු පුද්ගලයන් වෙත ළඟා වන විට නරක් වී ඇති අතර, මෙමගින් ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානම තව තවත් වැඩි කරයි. මෙය වළක්වා ගැනීම සඳහා, නිසි ශීතකරණ සහ ප්‍රවාහන තත්වයන් නොමැති විටදී පවා ආහාරවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට උපකාරී වන ආරක්ෂිත ආහාර පිසීමේ සහ හැසිරවීමේ පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා සරල හා ප්‍රායෝගික ශිල්පීය ක්‍රම කිහිපයක් යොදාගත හැකිය. උදාහරණ වශයෙන් ලුණු දැමීම, තාපය මත පදනම් වූ සංරක්ෂණය, ආම්ලිකකරණය, ආහාරයේ ජලය ප්‍රමාණය අඩු කිරීම, තෙල් සංරක්ෂණය (Oil preservation), සහ කුළුබඩු මත පදනම් වූ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ක්‍රම වැනි ක්‍රම මගින් ආහාර සංරක්ෂණය කළ හැකිය. මෙම ක්‍රියා මගින් ක්ෂුද්‍ර ජීවී වර්ධනය මන්දගාමී කරන අතර ඔවුන්ට අහිතකර වටපිටාවක් ගොඩනංවයි.
ලුණු දැමීම බැක්ටීරියා වර්ධනය මන්දගාමී කරන අතර, මස් සහ මාළු වැනි ආහාර සඳහා එය යොදාගත හැකිය. ආහාර හොඳින් තම්බා ගැනීම වැනි තාපය මත පදනම් වූ කල් තබා ගැනීමේ ක්‍රම මගින් හානිකර ක්ෂුද්‍ර ජීවීන් මිය යයි. දෙහි යුෂ, විනාකිරි හෝ සියඹලා එකතු කිරීමෙන් සිදු කරන ආම්ලිකකරණය මගින් ආහාරයේ pH අගය අඩු කර බැක්ටීරියා වර්ධනයට අහිතකර පරිසරයක් ඇති කරයි. තවද, ආහාරයේ අඩු ජල ප්‍රමාණයද ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය මන්දගාමී කරමින් දිගු කල් පැවැත්මක් ලබා දෙයි. නිදසුනක් වශයෙන්, මඤ්ඤොක්කා සහ වෙනත් අල වර්ග උදුනක් මත හෝ දුම් ගැසීම මගින් වියළා ගෙන තෙතමනය ඉවත් කිරීම දැක්විය හැකිය. ව්‍යංජන පිසීමේදී තරමක් විශාල තෙල් ප්‍රමාණයක් එකතු කිරීමෙන් ඉහළින් තුනී ස්ථරයක් නිර්මාණය වන අතර එය ඔක්සිජන් සඳහා බාධකයක් ලෙස ක්‍රියා කර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය මන්දගාමී කිරීමට උපකාරී වේ. මෙම ක්‍රමය මස්, මාළු, පරිප්පු සහ වියළි ආකාරයේ ව්‍යංජන සඳහා විශේෂයෙන් ඵලදායී වන අතර, ශීතකරණයක් නොමැති අවස්ථාවන්හිදී ඒවායේ ආයු කාලය දීර්ඝ කරයි. මීට අමතරව, කහ, සුදුළූණු සහ මිරිස් ඇතුළු ඇතැම් කුළුබඩු වල ස්වභාවික ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ පවතින අතර ඒවා ආහාරවල ආයු කාලය දීර්ඝ කිරීමට උපකාරී වේ. මෙවැනි උපක්‍රම යෙදීමෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන් සඳහා බත් සහ ව්‍යංජන වැනි ආහාර ආරක්ෂිතව සහ පෝෂ්‍යදායීව සැපයීමට උපකාර කරයි. ආහාර දූෂණය වීම වැළැක්වීම සඳහා තවත් වැදගත් පියවරක් වන්නේ විශාල ආහාර ප්‍රමාණයක් බෙදා හැරීමේදී පිරිසිදු, ආවරණය කරන ලද පැකේජ හෝ බහාලුම් (Hermetic storage) භාවිතා කිරීමයි.
ඉතා අභියෝගාත්මක කාලයන්හිදී පවා මෙවැනි සරල ආහාර සුරක්ෂිතතා පියවර ක්‍රියාවට නැංවීම මගින් ආපදාවට ලක් වූ ප්‍රජාව ගුණාත්මක පෝෂණයක් ද සහිතව ආරක්ෂාකාරීව තබා ගැනීම සදහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එය සෞඛ්‍යාරක්ශිතව අනාගත අභියෝග ජය ගැනීමට මහත් පිටුවහලක් සපයයි.
Floods Won't Stop Us: Simple Ways to Keep Food Safe
Staying safe and well-nourished become a top priority in times of disasters like floods. Ensuring that the food we consume is safe, can prevent illness and other health issues. Safe handling and preservation of food can be challenging during disasters. Poor sanitation increases the risk of contamination and prolonged power outages make it even harder to store perishable foods. Nevertheless, ensuring food safety is essential to prevent shortages and reduce the risk of foodborne illnesses. Floods often contaminate food with polluted surface water carrying sewage, farm waste and pathogens, etc. Overcrowding and poor sanitation further worsen the situation. Power outages disrupt cold storage, promoting rapid bacterial growth throughout the food chain. Limited access to clean water makes hygienic food preparation difficult.
Food prepared outdoors or in damaged areas is particularly vulnerable to contamination. Improperly managed centralized kitchens in disaster zones can trigger outbreaks of diseases such as cholera and shigellosis. Therefore, people in affected areas need to be especially careful when handling food. Those who are in affected areas can take several precautions to protect themselves from food-related illnesses. Following these guidelines as closely as possible can help reduce the risk of contamination and keep food safe. Cook all raw foods thoroughly, ensuring all parts reach at least 70°C and avoid eating unpeeled fruits or vegetables. Prevent cross-contamination by keeping raw and cooked foods separate. For example, cross-contamination can also happen in a freezer after a power outage, as juices from raw meat or poultry may drip onto other foods, so freezers should be checked to ensure safety. During disasters, processed foods like canned or dried items may be safer compared to fresh fruits and vegetables. Hands should be washed thoroughly before preparing, serving or eating food. And all food preparation surfaces have to be kept as clean as possible. Safe water is essential for cooking and drinking. If the supply is unsafe, water should be boiled. Packaged drinks like bottled water and fruit juices are generally safe if not affected by the disaster. Be cautious with food from restaurants or street vendors, as hygiene may be poor. During disasters, the risk of contamination is even higher, making careful selection essential.
During disasters, many individuals and organizations provide cooked meals to affected communities. However, in some instances these meals become spoiled by the time they reach the recipients, increasing the risk of foodborne illnesses. To prevent this, it is essential to follow safe cooking and handling practices that help maintain food quality and extend shelf life in the absence of reliable refrigeration and transport conditions. To minimize the spoilage of cooked meals distributed during disasters, several simple and practical preservation techniques can be applied. Salting, heat-based preservation, acidification, water activity reduction, oil preservation and spice-based antimicrobial methods are some simple techniques we can use.
Salting slows bacterial growth and can be applied to meat or fish. Heat-based preservation, such as thorough boiling, kills harmful microorganisms. Acidification by adding lime juice, vinegar or tamarind lowers the pH, making the environment less favorable for bacteria. Lower water activity slows down microbial growth which helps food last longer. For example, foods like cassava and root vegetables can be dried over a stove or using indirect smoke, which removes moisture and slows microbial growth. Adding a slightly larger amount of oil when cooking curries creates a thin layer on top, which acts as a barrier to oxygen and helps slow microbial growth. This method is particularly effective for meat, fish, dhal and dry style curries, extending their shelf life in situations without refrigeration. Additionally, certain spices including turmeric, garlic and chili have natural antimicrobial properties that help extend the shelf life of foods. Applying these methods helps keep meals like rice and curries safe and nutritious for disaster-affected communities. Another important measure is using clean, covered packages or containers (hermetic storage) when distributing large quantities of food, to prevent contamination and early spoilage. These simple steps, along with other basic safety practices plays an important role in keeping disaster affected communities safe and nourished. Even in the most challenging times, simple food safety practices can preserve health and help us rebuild stronger.
References:
Food and Agriculture Organization (FAO). Home-based Fruit and Vegetable Processing. Available at: https://www.fao.org/ (Accessed on 04.12.2025)
World Health Organization (2002). Environmental Health in Emergencies and Disasters: A Practical Guide. Edited by B. Wisner and J. Adams. Available at: https://iris.who.int/server/api/core/bitstreams/8b5eb9c0-50f3-49da-bce2-1f9459b6d3eb/content (Accessed on 04.12.2025)
Written by: Chamodya Harischandra, Madhushika Sewwandi
Designed by: Ishini Prabodi
International Rum Day.
International Rum Day, celebrated on August 16th, honors one of the world’s oldest and most iconic spirits. With its roots tracing back to the sugarcane plantations of the Caribbean in the 17th century, rum has a rich and complex history. Originally consumed by sailors and associated with naval traditions and privacy, it has since evolved into a globally admired spirit produced by fermenting and distilling sugarcane juice or molasses. Rum now comes in various styles such as white, gold, dark, spiced and aged. Each has distinct flavors shaped by geography, aging methods, and ingredients from the Caribbean islands to Latin America and even parts of Asia. Rum remains a symbol of cultural identity and artisanal craftsmanship.
Today, rum is the base for many beloved cocktails such as mojito, mai tai, and daiquiri and increasingly enjoy neat or on the rocks by spirit enthusiasts. International Rum Day brings together producers, bartenders, and rum lovers around the world for tastings, festivals, and mixology competitions. The celebration not only pays tribute to the heritage of rum but also acknowledges its growing innovation in craft distilling and premium blends. As the global interest in rum continues to rise, this day offers a perfect occasion to explore its versatility, appreciate the tradition behind it, and enjoy its flavors responsibly.
References-
Rum: dialogue & cooperation in the Greater Caribbean (online) available at Rum: dialogue & cooperation in the Greater Caribbean - FIRST Strategic Insight (firstforum.org) (Accessed on 13/08/2025)
Rum: The Spirit of the Sea (online) available at Rum: The Spirit of the Sea | Naval History Magazine - April 2017 Volume 31, Number 2 (usni.org) (Accessed on 13/08/2025)
Written by: Dhanusha Nayanajith
Design by: Ishini Prabodi