Articles 2020

Article 41- වීදි දෙපස මැවෙනා රස "Delicious nourishments found along streets"

වීදි දෙපස මැවෙනා රස ( with english translation )

තාක්ෂණයේ කාලානුරූපී දියුණුවත් සමඟම

මිනිසාගේ ජීවන රටාවද වෙනස් වූ බව නොරහසකි. ඒ අනුව යමින් නවතම මාදිලියේ ආහාර රටාවන් වෙනස් වූ මානයන්ගෙන් අත්හදා බැලීමට මිනිසා කටයුතු කරමින් සිටියි. එවන් අත්හදා බැලීම් සාර්ථක වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වන්නේ මිනිසාගේ අවශ්‍යතාවලට එම ආහාර දැක්වූ අනුකූලතාවයයි.

කාර්යබහුල ජීවන රටාව, ඉහළ මිලදී ගැනීමේ හැකියාව, විවිධාංගීකරණය වූ අවශ්‍යතා, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ වූ ඉහළ දැනුම සහ මිලදී ගැනීමේ පහසුව යනාදිය, වෙනස් වූ ආහාර පිළියෙල කිරීමේ මානයන්ට මිනිසා පෙළඹීමට හේතු සාධක ලෙස සැලකිය හැකිය. ක්ෂණික ආහාර (fast food), කාබනික ආහාර (organic food), ජානමය වශයෙන් වෙනස් කල ආහාර (Genetically Modified food), කෘත්‍යාත්මක ආහාර (functional food), හා වීදි ආහාර(street food), ආහාර සැකසීමේ නව මානයන් ලෙස හඳුන්වයි.

"මේ වෙලාවට ඉස්සො වඩයක්,කඩල ගොට්ටක් තිබ්බනම් මරු" මෙය ගෝල්ෆේස් මුහුදු තීරය වැනි ජනාකීර්ණ  ස්ථානවල නිරන්තරයෙන් අපගේ කනවැකෙන සුලබ වදන් පෙළකි. ඉස්සො වඩේ, කඩල වැනි දෑ වීදි කෙළවර වෙළඳාම් කරනු අප කොතෙකුත් දැක ඇති අතර මෙවැනි ආහාර  හඳුන්වන්නේ වීදි ආහාර යනුවෙනි. මෙය අප රටේ පමණක් නොව ලොව ඕනෑම රටකදී දැකගත හැකිය. ඇතැම් රටවල එය සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට පවා දායක වී ඇත. කෙසේ වෙතත් රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට,වෙළෙන්දාගෙන් වෙළෙන්දාට මෙම ආහාර සහ ඒවා ඉදිරිපත් කරන ආකාරය වෙනස්වෙයි. අපට පළමුව පැන නගින ගැටලුව වනුයේ මොනවද මේ වීදි ආහාර යන්නයි. වීදි ආහාර යනුවෙන් හැඳින්වෙන්නේ වෙළඳසැලක හෝ පොළක වැනි ස්ථානයක, වීදියක හෝ වෙනත් පොදු ස්ථානයක සංචාරක වෙළෙන්දෙකු හෝ විකුණුම්කරුවෙකු විසින් විකුණනු ලබන, එම අවස්ථාවේදීම ආහාරයට ගැනීම වෙනුවෙන් සැකසූ කෑම හෝ බීම වර්ගවේ. එමෙන්ම වීදි ආහාර  යනු නවමු විලාසිතාවක් මෙන්ම පිළිගැන්වීමේ නැවුම් මානයකි. ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට වීදි ආහාර සමඟ බැඳුණු අත්දැකීමක් නොතිබෙන්නට නොහැක. ඇතැමෙකුට එය රසවත් විය හැකි අතර තවකෙකුට එය එසේ නොවිය හැකිය. බොහෝවිට ජංගම කුටියක හෝ කරත්තයක හෝ ට්‍රක් රථයක සිට විකුණනු ලබන අතර ක්ෂණික පරිභෝජනය සදහා සකස් කෙරේ. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් 2007 වසරේ සිදුකළ අධ්‍යනයකට අනුව බිලියන 2.5ක ජනතාවක් දිනපතා වීදි ආහාර අනුභව කරති. අද වන විට පහසුව පිණිස හෝ කාංසාව මගහරවා ගැනීම පිණිස, සහනදායි මිලකට ලබාගත හැකිවීම, ආකර්ෂණීය රසය යනාදී හේතූන් ගණනාවක් නිසා මිනිසුන් වීදි ආහාර ලබා ගැනීමේ නැඹුරුතාවයක් පවතී. ශ්‍රී ලංකාව තුළ වීදි ආහාර කෙතරම් ජනප්‍රිය ද කිවහොත්, අද වන විට විවිධ ස්ථානවල 'වීදි ආහාර උළෙල' (street food festivals) ද පවත්වනු ලබයි. මෙමගින් ජනතාව වීදි ආහාර සඳහා වැඩි වශයෙන් ආකර්ෂණය වීමේ නැඹුරුතාවක් පවතී.

අපි බලමු ලංකාව තුළ කරක්ගසන වීදි ආහාර මොනවාද කියලා,

1.බැදපු මාළු

2.ඉස්සො වඩේ

3.උලුඳුු වඩේ

4.සමෝසා

5.උණු උණු තම්බපු කඩල

6.බොම්බයි මොටයි/සීනි පොල්කොහු

7.අච්චාරු

8.රොටී

9.කොත්තු

10.උණු උණු බැදපු රටකජු

ඉහත ආහාර දෙස  සැලකිල්ලෙන් බැලූ විට ඒවායින් බොහෝමයක්, තෙල් භාවිතා කර සාදනු ලබන ආහාර වේ.

ඇතැම් වෙළඳුන් මෙම ආහාර සැකසීමේ දී මුළු දිනය පුරාම එකම තෙල් බඳුන භාවිතයට ගන්නා අයුරු අප දැක ඇත. මෙලෙස එකම තෙල් ප්‍රමාණයක් නැවත නැවත රත් කර භාවිතයට ගැනීමෙන් ශරීරයට අහිතකර බලපෑම් රැසක් ඇති වේ. මෙලෙස එකම තෙල් භාවිතා කිරීම නිසා තෙල් තුළ පිළිකාකාරක සංඝටක ඇති වීමේ අවදානම වැඩි වේ. එමෙන්ම මෙම තෙල් සිරුරේ ඇති මුක්ත ඛණ්ඩක ප්‍රමාණය ඉහළ දමයි. මේ හේතුවෙන් සිරුරේ ප්‍රදාහ තත්ත්වයන් (inflammation) ඇති වේ. මෙම ප්‍රදාහ තත්ත්වයන් අධික ස්ථුලතාවය, හෘද රෝග, දියවැඩියාව, වැනි බෝ නොවන රෝග ඇති කිරීම සඳහා බලපානවා මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීමට සහ සිරුරේ රෝග ඇති කිරීමේ නැඹුරුතාවය ඉහළ දැමීමට ද හේතු වේ. මුළු දිනය පුරාම භාවිතා කිරීම හේතුවෙන් තෙල් අවපැහැ ගැන්වෙන අතර මේවා භාවිතයෙන් සාදන ලද ආහාර පරිභෝජනය කිරීම නිසා ශරීරය තුළ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය (LDL Cholesterol level) ඉහළ යයි. මෙමගින් හෘද රෝග, ආඝාතය, පපුවේ වේදනාව වැනි රෝග ඇති වීමේ සම්භාවිතාවය වැඩි වේ. මෙම තෙල් භාවිතයෙන් සිරුර අභ්‍යන්තරයේ ආම්ලිකතාවය ඉහළ යන අතර මෙමගින් උගුරේ සහ බඩ ප්‍රදේශයේ දැවිල්ලක් (burning sensation) ඇතිවිය හැකිය.

එමෙන්ම වීදි ආහාර සෑදීමේදී ලබා ගන්නා අමුද්‍රව්‍යයන්හි ගුණාත්මකභාවය පිළිබඳව අප නොදනී. මෙම කරුණු හේතුවෙන් මෙම ආහාර අපගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇතිකරනවාදැයි ගැටලුවක් පැනනගී. ඒ හැරුණු කොට තෙල් දැමූ ආහාර අධික ලෙස භාවිතය අපගේ ශරීර සෞඛ්‍යයට හිතකර ද නැත. අනෙක් කරුණ වනුයේ වීදි ආහාර වල පිරිසිදුභාවයයි.නිෂ්පාදන ක්‍රියාවලියේදී සනීපාරක්ෂක තත්ත්වය හා විකුණුම් ස්ථානයේ සනීපාරක්ෂක  තත්ත්වය පිළිබඳව තහවුරු කල නොහැකිය. සමහර වෙළෙඳුන් වීදි කෙළවර මෙම ආහාර කිසිදු ආවරණයක් නොමැතිව වෙළඳාම් කරනු ලබයි. එම හේතුවෙන් රථ වාහන දුම්, දූවිලි වැනි දෑ පහසුවෙන් ආහාර පෘෂ්ඨය මත රැඳෙනු ඇත. එමෙන්ම පාරිභෝගිකයාට ආහාර ලබාදීමේ දී වෙළඳුන් තමන්ගේ දෑත් මගින් ආහාර ස්පර්ශ කරනු අප කොතෙකුත් දැක ඇත. මෙම කාරණා හේතුවෙන් ආහාරයේ පිරිසිදුභාවය පිළිබඳවද ගැටලුවක් පැන නගී. වර්තමානයේ රට තුළ පවතින COVID-19 රෝගය හේතුවෙන් වීදි ආහාර ලබාගැනීමේදී බොහෝ සෙයින් අවධානය යොමු කල යුතුය. ඉහළ යන වීදි ආහාර පරිභෝජනයත් සමඟ මෙහි ගුණාත්මකභාවය අනිවාර්යයෙන්ම ඉහළ දැමීම සිදුකල යුතුය. ඒ සඳහා නව නීති සම්පාදනය කල යුතු අතර වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත තත්ත්ව යටතේ වීදි ආහාර සැකසීමට පුහුණු කරවීම සහ ඒ සඳහා බලපත්‍ර ලබාදීමද සිදුකල හැක.

වෙනත් රටවල ජනතාව අතර ද වීදි ආහාර පරිභෝජනය ඉතා ප්‍රසිද්ධ ය. එමෙන්ම ඔවුන් අතර වීදි ආහාර භාවිතය ද ඉතා ඉහළ ය. නමුත් අප දැක ඇති පරිදි ඔවුන් ඉතා සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර පිළියෙල කරයි. එම වෙළෙන්දන් මුඛ ආවරණ, අත් ආවරණ, ඒප්‍රන් ඇඳ ආහාර පිළියෙල කරයි. මෙවන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට අප රටේ වීදි ආහාර සාදන වෙළෙඳ මහතුන් දැනුවත් කළ හැකි නම්, වීදි ආහාර සැකසීම යාමනය කිරීමට යම් ප්‍රතිපත්ති ඇති කළ හැකි නම්, මසකට වරක් හෝ මෙවැනි වෙළෙඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් නිරීක්ෂණය කළ හැකි නම්, අප රටේ වීදි ආහාර කර්මාන්තය ජනතාවට වඩාත් හිතකර ආහාර සකසන ස්ථානයක් බවට පත් කිරීමට හැකි වනු ඇත. එමෙන්ම  වර්තමානයේ රට තුළ පවතින COVID-19  තත්ත්වය හමුවේ, ඉහත ආකාරයේ යාමනයක් වීදි ආහාර සැකසීමේ දී හා විකුණුම් ක්‍රියාවලියේ දී යොදා ගැනීමෙන් ජනතාවට ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත බවින් සපිරි වීදි ආහාර ලබා ගත හැකි වේ. එමෙන්ම යාමනයට ලක් කළ වීදි ආහාර කර්මාන්තය, මෙම COVID-19 තත්ත්වය හමුවේ රැකියා අහිමි වූවන්ට තම ජීවිකාව සරිකර ගැනීමට ද මනා පිටිවහලක් වේ.

With the advancement of technology, human lifestyle also got changed. With the change of the lifestyle, people tried out new different  food trends and these trends has become  successful, because of their suitability for the current human needs. Busy lifestyle, affordability, diversified needs and knowledge on food security can be considered as some reasons that made people to find new food trends.

Enjoying street food is a common thing to see in places like Galleface. We have seen many people selling vadei and chickpeas on the street corners and these foods are called street food. These street foods can be seen all around the world and in some countries, it even contributes to the growth of the tourism industry. However, the way the foods are served vary from country to country, culture to culture, and vendor to vendor.

What are these street foods? Street foods are, ready-to-eat foods and beverages prepared and/or sold by vendors or hawkers especially in the streets and other similar places. Each and every one of us has tasted street food even once in our lifetime. For some, it may be a pleasant experience and for others it may not. Street foods are often sold in a cart or truck and this food is processed for instant consumption. According to a study conducted by the Food and Agriculture Organization in 2007, 2.5 billion people eat street food every day. People eat street food for a number of reasons, such as affordability, their unique taste, etc. Nowadays, people love to visit street food festivals and enjoy them due to the increasing popularity for street foods among Sri Lankan consumers. And these food festivals have become one of the best ways of attracting people more towards street foods.

1. Fried fish

2. Shrimp vadei

3.Medu vada

4. Samosa

5. Hot boiled peas

6. Cotton candy

7.Pickles

8.Rotti

9. Kottu

10. Fried peanuts

Are some of the most common street foods, that can be seen in Sri Lanka.

When we consider about these foods carefully, most of them are prepared using oil.

We have seen many vendors using the same oil for frying throughout the day. Re-use of oil can cause number of adverse effects on human health. Reheating of oil, increases the production of carcinogens. And also it increases the amount of free radicals in the body, which causes inflammation – a major cause to non-communicable diseases such as obesity, heart diseases, and diabetes. It also weakens the body's immune system and make you more prone to infections. Oil become discoloured due to the re-use and consumption of foods prepared from these oil can cause the body to increase its LDL cholesterol level. This increases the risk of heart diseases, strokes, and chest pain. Also use of this oil increases the acidity inside the body and can cause a burning sensation in the throat and the stomach area.

The quality of the ingredients which use in preparing street food is questionable. Because of that, we cannot exactly decide whether these foods are harmful for our health or not. Apart from that, excessive consumption of oily foods is not good for our health as well. Because the hygienic conditions of the preparation process and the outlet cannot be confirmed, hygiene of the street food has become questionable. Some vendors sell these foods on street corners without any shelter. As a result, vehicle fumes, dust can easily stick to the food surface. We have seen vendors touching food with their bare hands while serving food to the customer and these practices reduce the hygiene of the food. Due to the current COVID-19 pandemic, more attention should be paid when consuming street food and the quality of the food has to be improved, with the increasing consumption of them. New regulations need to be enacted for this purpose and vendors can be trained and licensed to prepare street food under hygienic conditions.

As we know, street foods are very popular in other countries and also their street food consumption is high. But not like us, they prepare food in a very healthy manner. The vendors wear masks, gloves, and apron when preparing the food. If street vendors in our country can be educated enough to follow such hygienic practices, if policies could be made to regulate street food preparation, and if such outlets could be inspected by public health inspectors, the street food industry in would be more safer for consumers. Even under COVID-19 pandemic, the above mentioned steps will help to produce quality and hygienic street food and also the regulated street food industry will even help the unemployed to make a living under this COVID-19 situation.

Article written by -

Madhuri Dilushika

Dinu Dissanayake

Translated by - Kavindi Nagasinghe , Dinu Dissanayake

References :

Street food (online) at www.fao.org

Street food (online) at sinhala.dgi.gov.lk


Article 40- ආහාර ගුණාත්මකතා සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති (Food Safety and Quality Management Systems) 

ආහාර ගුණාත්මකතා සහ ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති (Food quality and safety management systems) ආහාර නිෂ්පාදන කර්මාන්තයේ වැදගත් අංගයකි. මන්දයත් නිෂ්පාදකයන්ට වෙළඳපල අවශ්‍යතා සමඟ කටයුතු කිරීමට සහ නෛතික අවශ්‍යතා සපුරාලීමට නම් ආහාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්‍ෂිත නිර්ණායකයන් සපුරාලීමට සිදුවන බැවිනි. මෙම කළමණාකරණ පද්ධති විවිධ විකල්පයන්ගෙන් සහ විවිධ ආකාර වලින් පවතින අතර එහිදී නිෂ්පාදකයින් විසින් නිශ්චිත ක්‍රියාකාරකම් හෝ ක්‍රියා පටිපාටි අනුව වඩාත් සුදුසු ක්‍රමය තීරණය කළ යුතුය.

ආහාර ආරක්‍ෂිතතාවය (Food safety) යනු ආහාර, උවදුරු (hazards) වලින් තොර බව සහතික කරන තත්වයක් වන අතර, එය අපේක්ෂිත භාවිතයන්ට අනුව සකස් කළ විට සහ එය පරිභෝජනය කරන විට පාරිභෝගිකයාට කිසිදු හානියක් ඇති නොවිය යුතු බවයි. ආහාර ගුණාත්මකතාවය (Food quality) යනු පාරිභෝගිකයාගේ යහපත් සෞඛ්‍යය උදෙසා ආහාරවල පෝෂණ වටිනාකම (Nutritional value), සංවේදන වටිනාකම (Sensory value), පහසුව (Convenience) සහ උවදුරු වලින් තොර ආරක්ෂාව (Hazard-free/Food safety) විදහා දක්වන ගති ලක්ෂණ සහ නිර්ණායකයන්ගේ එකතුවකි. එබැවින් ආහාර ගුණාත්මකතාවය ආහාර ආරක්‍ෂිතතාවයට වඩා පුළුල් හා සංකීර්ණ සංකල්පයක් ලෙස හැදින්විය හැක. ආරක්ෂිතතාවය ලෙස හැදින්වෙන ගුණාංගය, ආහාර ගුණාත්මකතාවය පිළිබඳ සංකල්පය තුළම අන්තර්ගත වී ඇත.

“ආහාර ගුණාත්මකතාවය” සහ “ආහාර සෞඛ්‍ය ගුණාත්මකතාවය” (Food health quality) අතර වෙනස දැන ගැනීම ද වැදගත් වේ. ආහාර ගුණාත්මකතාවයේ සදහන් ගුණාංග හතර අතුරෙන් ආහාර සෞඛ්‍යය ගුණාත්මකතාවය සඳහා වගකිව යුත්තේ ආරක්ෂාව සහ පෝෂණ වටිනාකම යන ගුණාංග දෙක පමණි.

ආහාර ආරක්ෂිතතාවය, ආහාර ගුණාත්මකතාවයෙන් මුළුමනින්ම ස්වාධීන නිර්ණායකයක් ලෙස සැලකිය නොහැකි වුවද, එම සංකල්ප දෙක වෙන වෙනම කළමනාකරණය කරනු ලැබේ. මීට හේතු වන්නේ ආහාර ගුණාත්මකතාවයේ අන්තර්ගත වන අනෙක් සියලු අංශවලට වඩා ආරක්‍ෂිත සාධකය (safety factor) ප්‍රමුඛ වීමයි.

ආහාර නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සඳහා විවිධ ආරක්ෂිතතා සහ තත්ත්ව කළමනාකරණ පද්ධති සකස් කර ඇත. මෙම සෑම පද්ධතියක්ම, නිෂ්පාදන හා බෙදාහැරීමේ ඕනෑම අදියරකදී ආහාර නිෂ්පාදනවලට විශේෂිත ගති ලක්ෂණ ඇති බව සහතික කිරීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයකින් (systematic approach) සමන්විත වේ.

තත්ත්ව කළමනාකරණ පද්ධතියක් (Quality Management System - QMS) යනු ආයතනයක ක්‍රියාකාරීත්වයේ එලදායීතාවය සහ කාර්යක්ෂමතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ආයතනයක් මෙහෙයවීම සහ පාලනය කිරීමට ඇති සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් සමූහයක් ලෙස අර්ථ දැක්විය හැකිය. මෙම කළමනාකරණ පද්ධති විවිධ ආකාරයට වර්ගීකරණය කළ හැකිය. එවැනි එක් වර්ගීකරණයක් පහත සදහන් වේ.

• HACCP (Hazard Analysis Critical Control Points) වැනි තත්ත්ව සහතික පද්ධති (Quality Assurance Systems) සහ GMPs (Good Manufacturing Practices), GHPs (Good Hygienic Practices), GAPs (Good Agricultural Practices) වැනි පූර්ව අවශ්‍යතාවයන් (prerequisites)

• ISO හෝ TQM (Total Quality Management) පිළිබද සඳහන් තත්ත්ව කළමනාකරණ පද්ධති (QMS)

• ISO 22000 වැනි ඒකාබද්ධ පද්ධති (Integrated Systems - IS)

කළමණාකරන පද්ධති, ඒවා මගින් ආවරනය කරන ක්‍රියාකාරකම් ප්‍රමාණය මත ද වර්ග කල හැක.

• මූලික ආරක්ෂණ පද්ධති : prerequisites (GAPs, GMPs, GLPs)

• උසස් ආරක්ෂණ පද්ධති (Advanced safety systems) : උදා: HACCP

• ඒකාබද්ධ ආහාර ආරක්ෂිතතා කළමණාකරනය (Integrated food safety management) : ISO 22000

• මූලික තත්ව කළමණාකරන පද්ධති (Basic quality management systems) : ISO 9001

• උසස් තත්ව කළමණාකරන පද්ධති (Advanced quality management systems) - ISO 9004

මෙම කළමණාකරන පද්ධති වර්ගීකරණය අනිවාර්ය පද්ධති (obligatory systems) සහ ස්වේච්චා පද්ධති (voluntary systems) ලෙසද වර්ග කල හැක. අනිවාර්ය පද්ධති නීතිමය අවශ්‍යතාවයක් වන අතර ස්වේච්චා පද්ධති එසේ නොවේ. ස්වේච්චා පද්ධති පිහිටුවා ඇත්තේ ගැනුම්කරුගේ අවශ්‍යතාවයන් සපුරාලීම සහ කර්මාන්තයේ සෙසු තරගකරුවන් සමග කටයුතු කිරීම වැනි විවිධ හේතු නිසා වේ.

අනිවාර්ය පද්ධති වල ආහාර ආරක්ශිතතාවයට (food safety) අදාල වන දෑ අතුළත් වේ. මෙලෙස ආහාර ආරක්ශිතතාවයට සහතික කිරීමට පිහිටුවා ඇති අනිවාර්ය පද්ධති "ආරක්ශක සහතික පද්ධති/safety assurance systems" ලෙස හැදින්වේ.

"තත්ව සහතික සහ කළමණාකරන පද්ධති/Quality assurance and management systems" ලෙස හැදින්වෙන ස්වේච්චාවෙන් ක්‍රියාත්මක වන පද්ධති අතර තත්ව සහතික පාලන ස්ථාන (quality assurance control points: QACP), ISO 9000, ISO-14000 යනාදිය ඇතුලත් වේ.

තත්ව සහතික පාලන ලක්ශ්‍යය (quality assurance control point:QACP) යනු HACCP සංකල්පය මත පදනම්ව නිර්මාණය කරන ලද ආහාර නිෂ්පාදනයේ තත්ත්ව සහතික කිරීමේ පද්ධතියකි. QACP සම්බන්ධයෙන් ගත් කල පාලක ස්ථාන, තීරණාත්මක සීමාවන් (critical limits) ආරක්ශිතතාවයට සම්බන්ධ නොවී ගුණාත්මකභාවය හා සම්බන්ධ වේ.

"සහතික කිරීම/Assurance" සහ "කළමණාකරනය/Management" එකිනෙකින් වෙන්කර හදුනා ගැනීම වැදගත්ය. "සහතික කිරීම" යන්න නිෂ්පාදනය හා සම්බන්ධ වේ. එයට සියලු ආරක්ෂණ පද්ධති (GMP, GHP, HACCP) සහ තත්ත්ව සහතික කිරීමේ පද්ධති QACP ඇතුළත් වේ. "කළමණාකරනය" යන පදය නිෂ්පාදනවල ගුණාත්මකභාවයට (ආරක්ෂාවද ඇතුළුව) සම්බන්ධ වේ. එයට ඉතිරි තත්ව කළමණාකරන පද්ධති QMS ( ISO-9000, ISO-14000) සහ TQM ඇතුලත් වේ.

ආහාර ආරක්‍ෂිතතා සහ ගුණාත්මකතා කළමණාකරන පද්ධති සාර්ථව ක්‍රියාත්මක කිරීම අද අවශ්‍යතාවයක් වී තිබේ. එබැවින් මෙම පද්ධති නිර්දේශිත පරිදි තනි තනිව හෝ සංයුක්තව ක්‍රියාත්මක වේ. අවසාන වශයෙන් නිෂ්පාදනයේ සමස්ත ගුණාත්මකභාවයට පද්ධති කොතරම් දුරට දායක වේද යන්න දැන ගැනීම සහ අවශ්‍ය පරිදි ගුණාත්මක සහ ආරක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට සුදුසු මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය වේ.

පරිවර්තනය  :

මදාරා පල්ලෙමුල්ල

ප්‍රවීනි මනෝද්‍යා

=============================================

Food Quality and Safety Management Systems

_________________________________________________

Food quality and safety management systems are important features of the food manufacturing industry because in order to cope with the market needs and to meet the legal requirements, the producers have to satisfy both the quality and the safety criteria of the food products. These management systems are available in multiple options and different forms where the producers should decide the most appropriate one depending on the specific activity or the procedure.

Food safety is defined as the condition which ensures that food is free of hazards and that it will not cause harm to the consumer when it is prepared and/or consumed according to its intended use. Food quality is a total of traits and criteria which characterize food concerning its nutritional value, sensory value, convenience as well as safety (hazard free) for a consumer’s health. Therefore food quality is a broader and a complex concept than food safety. The safety aspect itself is embedded in the concept of food quality.

But it is also important to know the difference between “Food quality” and “Food health quality”. Out of the four attributes in food quality, only safety and nutritional value are responsible for food health quality. Although food safety cannot be considered a totally independent criterion from food quality, the two aspects are managed separately. The reason for this is to place the safety factor first above all other aspects of food quality.

In order to ensure the safety and the quality of the food products, various safety and quality management systems have been developed. Each and every system comprises a systematic approach to ensure that food products have particular traits at any stage of production and distribution.

A quality management system (QMS) can be defined as a set of coordinated activities to direct and control an organization in order to continually improve the effectiveness and efficiency of its performance. These management systems can be subjected to different classifications. One such classification is as follows,

• Quality Assurance systems which includes HACCP (Hazard Analysis. Critical Control Points) and the prerequisites such as GMPs (Good Manufacturing Practices), GHPs (Good Hygienic Practices), GAPs (Good Agricultural Practices)

• Quality Management Systems (QMS) that refers to ISO or TQM (Total Quality Management)

• Integrated Systems (IS) such as ISO 22000.

• The systems can also be classified according to the extent of activities they cover,

• Basic safety systems: prerequisites (GAPs, GMPs, GLPs, etc.)

• Advanced safety systems such as HACCP

• Integrated food safety management – ISO 22000

• Basic quality management systems - ISO 9001

• Advanced quality management systems - ISO 9004.

The classification of the systems can also be done as obligatory and voluntary systems. The obligatory ones are required by law and the voluntary ones are not. The voluntary systems are implemented due to various reasons such as to meet the buyer expectations, to tackle with the other competitors in the industry etc.

Obligatory systems include the ones related to safety e.g. GMP, GHP, HACCP etc. These obligatory management systems which have been established to assure food safety are also known as “Safety assurance systems”. Voluntarily implemented systems, known as “Quality assurance and management systems” include Quality Assurance Control Points (QACP), ISO-9000, ISO-14000 (environmental management) etc. Quality Assurance Control Points (QACP) is one of the quality assurance systems in food production, created based on the HACCP concept. In case of QACP, the control points, critical limits and parameters are quality related instead of being safety related e.g. sweetness in terms of amount of sugar.

It is important to distinguish “Assurance” from “Management”. The term “assurance” is related to a product itself. It involves all the safety assurance systems (GMP, GHP and HACCP) and the quality assurance system QACP. The term “management” is related to a company’s overall organization concerning the products’ quality (including safety). It involves the remaining Quality Management Systems QMS (ISO-9000, ISO-14000, etc.) and TQM.

The successful implementation of food safety and quality management systems has become a necessity today. Therefore these systems are implemented either individually or in combination as recommended. Finally, it is essential to know to what extent the systems contribute to the total quality of the product and to balance the tools used for achieving the quality and safety objectives as necessary.

Article by :-Thashmila Manawadu

References :-

Sikora, T., Strada, A. (2003). Safety and Quality Assurance and Management Systems in Food Industry: An Overview.

G. Rotaru, et al. Scientifical Researches. Agro-alimentary Processes and Technologies, Volume XI, No. 1 (2005), 229-236

Article 39- රස වුණත් විස මවනා මාළු "Toxic effects of Fish besides their palatability"

ඇතැම් විට ඔබත් බලයා, කෙලවල්ලා වැනි මසුන් ආහාරයට ගත් පසු මුහුණ ඉදිමීම, ශරීරය පුරා පලු දැමීම වැනි රෝග ලක්ෂණ වලට ගොදුරු වූ අයෙක් වන්නට පුලුවන්.

මෙලෙස සිදුවන්නේ ඇයි?

මෙය එක්තරා ආකාරයක ආහාර විෂ වීමේ තත්වයකි. මෙය ස්කොම්බ්‍රොයිඩ් විෂ වීම (scombroid poisoning) ලෙස හඳුන්වයි. මෙහි රෝග ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම බොහෝවිට වෙනත් මුහුදු ආහාර ආසාත්මිකතා වලට සමාන වේ. නමුත් මෙය ආසාත්මිකතාවයන් යටතට නොගැනේ. සාමාන්‍යයෙන් ආසාත්මිකතාවයක් ඇති වන්නේ එම ආසාත්මිකතාවයේ රෝග ඉතිහාසයක් සහිත පුද්ගලයකුට වේ. නමුත් ස්කොම්බ්‍රොයිඩ් විෂ වීම එලෙස අදාල ආසාත්මිකතාවයේ ඉතිහාසයක් නොමැති අයෙකුට වුව ද ඇති විය හැක.

මෙම විෂ වීමට හේතුව කුමක්ද?

මෙම විෂ වීමට ප්‍රධාන හේතුව වන්නේ පරිභෝජනයට ගන්නා මත්ස්‍යයන් තුල පවතින ඉහල හිස්ටැමින් (Histamine) මට්ටම් ය. ඇතැම් මත්‍ස්‍ය කාණ්ඩ වල මාංශ පේෂී වල පවතින හිස්ටිඩින් (Histidine) නම් ඇමයිනෝ අම්ලය කඅබොක්සිල්හරණයට ලක්වීම නිසා හිස්ටැමින් නිපද වේ. මෙම ප්‍රතික්‍රියාව මත්ස්‍යන්ගේ කුඩා අන්ත්‍රයේ හා වෙනත් ස්ථාන වල සිටින  ග්‍රෑම් ඍණ බැක්ටීරියා මඟින් උත්ප්‍රේරණය කරයි. කරදිය පරිසරයෙන් අල්ලාගත් මත්ස්‍යන් නිසි පරිදි ගබඩා නොකිරීමේ තත්ව (නිසි ශීතන මට්ටම ලබා නොදී ගබඩා කිරීම, කාමර උෂ්ණත්වයේ ගබඩා කිරීම), නිසි පරිදි ප්‍රවාහනය නොකිරීමේ තත්ව නිසා මෙම හිස්ටැමින් නිපදවීමේ ප්‍රමාණය ඉහල යයි. මෙවැනි දූෂිත මත්ස්‍ය පරිභෝජනය නිසා ස්කොම්බ්‍රොයිඩ් විෂ වීම සිදු වේ.

ස්කොම්බ්‍රොයිඩ් විෂ වීමේ ලක්ෂණ සහිත එනම් අධික හිස්ටැමින් ප්‍රමාණයක් සහිත ආහාර (මසුන්), මිලදී ගැනීමේ දී , පිසින අවස්‍ථාවේ දී හෝ පිසීමෙන් පසු  හඳුනාගත නොහැකි වීම එනම් පරිභෝජනයට ගැනීමට පෙර විනිශ්චය කරගත නොහැකි වීම මෙම රෝගය යම් පමණකට සුලබව දක්නට ලැබීමට හේතුවක් වේ. මෙයට හේතුව හිස්ටැමින් අදාල ආහාරයේ ඉන්ද්‍රියග්‍රාහ්‍ය වන කිසිඳු වෙනසක් සිදු නොකිරීමයි. එම නිසා අදාල ආහාරයේ පෙනුම, රස, සුවඳ මත වෙනසක් හඳුනාගත නොහැක.

ස්කොම්බ්‍රොයිඩ් විෂ වීම ඇති කරන මත්ස්‍ය වර්ග මොනවාද?

මාංශ පේශී තුල විශාල වශයෙන් හිස්ටිඩින් ඇමයිනෝ අම්ලය පවතින ස්කොම්බ්‍රොයිඩේ (Scombroidae) ආකාරයේ මසුන් වන බලයා, කෙලවල්ලා, කුම්බලාවා වැනි මසුන් පරිභෝජනය කල විට මෙම තත්ත්වය ඇති විය හැක. එමෙන්ම අඳුරු පැහැති මසක් (dark-fleshed) සහිත මත්ස්‍ය විශේෂ වන සාඩින්, හුරුල්ලා, හාල්මැස්සන් වැනි මසුන් ද මෙම තත්ත්වය ඇති කිරීමට බලපායි. මොවුන් ද හිස්ටිඩින් ඉහල ප්‍රමාණයක් දරන මසුන් වේ.

ස්කොම්බ්‍රොයිඩ් විෂ වීමේ රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් අදාල මත්ස්‍ය විශේෂය පරිභෝජනය කිරීමෙන් විනාඩි 10 සිට පැයක පමණ කාලයක් ඇතුලත මෙම විෂ වීමට අදාල රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වේ.

ස්කොම්බ්‍රොයිඩ් විෂ වීම මඟින් විවිධ ආකාරයේ රෝග ලක්ෂණ රැසක් පෙන්නුම් කරයි. බොහෝවිට මුඛ ප්‍රදේශය ආශ්‍රිත හිරිවැටීම, හිසරදය, දහදිය දැමීම, මුඛය හා උගුර ප්‍රදේශයේ දැවිල්ල, මුහුණ ඉදිමීම, ඇඟේ පලු ඇතිවීම, ගිලීමේ අපහසුතා, පිපාසය දැනීම වැනි රෝග ලක්ෂණ දැකිය හැක. තව ද ආමාශයාන්ත්‍රික රෝග ලක්ෂණ ලෙස බඩ රිදීම(abdominal cramps), වමනය, පාචනය (diarrhea), බඩ දැඟලීම, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ දැකගත හැකි වේ. එමෙන්ම වාතන මාර්ග පටු වීම, ශ්වසන පීඩාවන් (respiratory distress) වැනි රෝග ලක්ෂණ ද ඇති විය හැක.

රෝග විනිශ්චය තහවුරු කරන්නේ කෙසේද?

ස්කොම්බ්‍රොයිඩ් විෂ වීමේ රෝග විනිශ්චය තහවුරු කරගත හැකි ආකාර කිහිපයක් වේ. ඒවා නම් සැක සහිත පරිභෝජනය කල මත්ස්‍යයන් ගේ හිස්ටැමින් ප්‍රමාණය මැනීමෙන්, රෝගියාගේ රුධිර ප්ලාස්මාවේ ඇති හිස්ටැමින් මට්ටම මැනීමෙන්, හෝ රෝගියාගේ මූත්‍රාවල ඇති හිස්ටැමින් පරිවෘත්තිජ මට්ටම මැනීමෙන් ය.

ප්‍රතිකාර කල හැකි ආකාර මොනවාද?

බොහෝවිට රෝග ලක්ෂණ දිනකින් (පැය 24කින්) පමණ සමනය වී යයි. නමුත් ඇතඇම් රෝග ලක්ෂණ දින කිහිපයක් පවතී. බොහෝවිට ඇඟේ ඇතිවන පලු පැය 2-5 අතර කාලයකදී සමනය වේ. අනෙකුත් රෝග ලක්ෂණ සමනය වීමට දින කිහිපයක් ගත වේ.

එසේ සමනය වී නොයන අවස්ථාවලදී රෝගියා රෝහල්ගත කර ප්‍රතිකාර කටයුතු සිදු කරයි. බොහෝවිට භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමය වන්නේ ඉක්මනින් ක්‍රියත්මක වන ප්‍රතිහිස්ටැමින් (rapid-acting antihistamine) රෝගියාට අවශ්‍ය අදාල අවධානය ලබාදෙමින් රෝගියාට ලබා දීමයි.

ස්කොම්බ්‍රොයිඩ් විෂ වීම අවම කරගත හැකි ක්‍රම මොනවාද?

මෙහිදී ඉන්ද්‍රියග්‍රාහ්‍ය කිසිඳු වෙනසක් සිදු නොවන නිසා පාරිභෝගිකයාට මෙය හඳුනා ගැනීම අපහසු වේ. නමුත් මහජන සෞඛ්‍යය අධිකාරියේ මැදිහත් වීම මඟින් වෙළෙන්දන මත්ස්‍යයන් මිලදී ගන්නා ස්ථාන පරීක්ෂා කොට, නුසුදුසු පරිදි ගබඩා කර ඇති, නුසුදුසු පරිදි ප්‍රවාහනය කරන මත්ස්‍යයන් විනාශ කර රට පුරා බෙදා හැරීම වැළැක්වීම මඟින් මෙම තත්ත්වය ඉතා හොඳින් පාලනය කරගත හැකි වේ.

සැකසුම - Dinu Dissanayake

මූලාශ්‍ර - අන්තර්ජාලය ඇසුරිනි

Stratta, P. and Badino, G., 2012. Scombroid poisoning. Canadian Medical Association Journal, 184(6), pp.674-674.

Hungerford, J., 2010. Scombroid poisoning: A review. Toxicon, 56(2), pp.231-243.

Jantschitsch, C., Kinaciyan, T., Manafi, M., Safer, M. and Tanew, A., 2011. Severe scombroid fish poisoning: An underrecognized dermatologic emergency. Journal of the American Academy of Dermatology, 65(1), pp.246-247.


Article 38- මාළු කෑවොත් කොවිඩ් හැදෙයිද?"Will consumption of Fish cause for the COVID - 19 infection?"

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ සිදුවීමත් සමඟ සමාජ ජාලා මාධ්‍යවල පවා වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වනුයේ මාළු පරිභෝජනය සුදුසුද සහ මාළු පරිභෝජනය මගින් Covid 19 වෛරසය ආසාදනය වීමක් සිදු වේද යන්නයි. මෙම ලිපිය මගින් ගෙනහැර දක්වන්නේ මත්ස්‍ය පරිභෝජනයේ වැදගත්කම, මේ දිනවල මත්ස්‍ය පරිභෝජනය සුදුසුද යන්න සහ පරිභෝජනයට සුදුසු ලෙස කල් තබා ගන්නා ආකාරය පිළිබඳවයි.

මත්ස්‍ය‍ය පරිභෝජනය මගින් සෞඛ්‍ය සඳහා ඇති බලපෑම

මාළු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාරී වන අත්‍යවශ්‍ය අංගයකි.මාළු වල විටමින් D, B2 සහ යකඩ,සින්ක්,අයඩින්, මැග්නීසියම්, පොටෑසියම් වැනි ඛණිජ ලවණද,ඉහල ප්‍රෝටීන සංයුතියක් සහ අවම සංතෘප්ත මේද අම්ල ප්‍රමාණයක් අඩංගු වේ. මාළු වල බහු අසංතෘප්ත මේද අම්ලයක් වන Omega 3 මේද අම්ලය ඉහළ සංයුතියකින් අඩංගු වන අතර මෙලෙස Omega 3 මේද අම්ල පහසුවෙන්ම ලබාගත හැකි ආකාරය වනුයේ මාළු සහ අනෙකුත් මුහුදු ආහාර පරිභෝජනය කිරීමයි. Omega 3 මේද අම්ල සෑම මත්ස්‍යයෙකුගේම අඩංගු වන අතර සැමන්, trout (මිරිදිය මාලු වර්ගයක්), Sardines, හුරුල්ලා, Canned mackerel, Canned light tuna සහ බෙල්ලා වැනි තෙල් සහිත මාළු වර්ග(fatty fish) වල ඉහළ සංයුතියකින් අඩංගු වේ.

Omega 3 මේද අම්ල මිනිස් සිරුර තුල නිපදවිය නොහැකි නිසා ආහාර මගින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර American Heart Association සංවිධානයට අනුව සතියට දෙවරක් මාළු පරිභෝජනය නිර්දේශ කරනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ මිනිසුන් හතළිස් දාහක් යොදා ගෙන සිදු කළ පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව දිනපතා හෝ සතියකට වරක් මාළු පරිභෝජනය කිරීම මගින් 15% ප්‍රතිශතයකින් හෘදයාබාධ වැළදීමේ අවදානම අවමකළ හැකිය. Omega 3 මේද අම්ල මගින් රුධිරය කැට ගැසීම සහ රුධිර වාහිනී සංකෝචනය යාමනය කිරීම නිසා හෘදවාහිනී සෞඛ්‍ය (Cardiovascular health) තත්ත්වය පවත්වා ගැනීමට මෙන්ම ප්‍රසව සහ පශ්චාත් නියුරෝන සංවර්ධනය සඳහාද වැදගත් වන අතර පටක ප්‍රදාහය සහ රුමටොයිඩ් ආතරයිටීස් රෝග ලක්ෂණ අවම කිරීමට සහ වයස්ගත පුද්ගලයින් ගේ මානසික අවපීඩන තත්ත්වය අවම කිරීමට ද උපකාරී වේ.

මේ දිනවල මත්ස්‍ය පරිභෝජනය සුදුසුද?

Covid-19 වෛරසය හේතුවෙන් මත්ස්‍ය සැපයුම් දාමයට (Fish supply chain) මෙන්ම මත්ස්‍ය සැකසුම් අංශයටද විශාල වශයෙන් බලපෑමක් සිදුවිය. එයට හේතුව වනුයේ මාළු පරිභෝජනයට ජනතාව තුල වු බිය නිසා පරිභෝගික ඉල්ලුම අවම වීමත් හෝටල්, ආපන ශාලා වැනි ආහාර සේවා අංශ (Food service sector) වසා දැමීමට සිදු වීමත් නිසාය. දැනට පවතින කරුණු අනුව Covid 19 වෛරසය ජලජ ජීවීන්ට ආසාදනය නොවේ. එලෙසම Covid 19 වෛරසය ආහාර මගින් සම්ප්‍රේෂණ වන රෝගයක් නොවන බවට තහවුරු වී ඇත. නමුත් ආහාර සැකසුම් ක්‍රියාවලියේ දී ඒ සඳහා දායක වන පුද්ගලයන්ට Covid 19 වෛරසය ආසාදනය වීමත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීමත් මගින් ආහාර හෝ ආහාර ඇසුරුම් අපවිත්‍ර වීම නිසා Covid 19 වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතී.

Covid-19 වෛරසය ප්‍රධාන වශයෙන් ම ව්‍යාප්ත වන ආකාරය වනුයේ ආසාදිත පුද්ගලයෙකු කැස්ස හෝ කිවිසුම් යවන අවස්ථාවේ නිකුත්වන කෙළ බිඳිති මගිනි.

Covid 19 වෛරසය ගුණනනය වීම සහ වර්ධනය වීම සඳහා ධාරක ජීවියෙකු අත්‍යවශ්‍ය වන අතර ආහාර මත ගුණනය වීමේ හැකියාවක් නොපවතී. නමුත් ආහාර සහ ආහාර ඇසුරුම් මතුපිට යම් කාලයක් නොනැසී සිටීමේ හැකියාවක් ඇත. එලෙසම සීතල පරිසර තත්ත්වයන්හීදී වෛරසය පැවැත්ම සහ සාන්ද්‍රණය අධික විය හැකිය. ආහාර හෝ ආහාර ඇසුරුම් ස්පර්ශ කර මුඛය,නාසය සහ ඇස් ස්පර්ශ කිරීම මගින් Covid 19 වෛරසය ආසාදනය වීමේ හැකියාවක් ඇත. නමුත් මෙම ආකාරය covid 19 වෛරසය ව්‍යාප්ත වන ප්‍රධාන ආකාරය නොවේ. මාළු පරිභෝජනය සම්පූර්ණයෙන් නවත්වා දැමීම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් මාළු පරිභෝජනය වඩාත් යෝග්‍යය වේ.

1. මාළු මිලදී ගැනීමේදී හැකි සෑම විටම විශ්වාසවන්ත වෙළෙන්දෙකු ගෙන් හෝ වෙළෙඳපොළ කින් මිලදී ගැනීම යෝග්‍ය වන අතර සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව ආසාදිත වෙළෙන්දෙකු සමීපයට යාමෙන් හෝ ආසාදිත වෙළෙන්දෙකුගෙන් මිලදී ගත් මාළු ස්පර්ශ කර නාසය මුඛය ස්පර්ශ කළහොත් රෝග වැළඳීමේ අවදානම ඉහළ නිසාය.

2. ආහාර සහ ආහාර ඇසුරුම් පරිහරණය කළ පසු,ආහාර පිළියෙල කිරීමට සහ අනුභව කිරීමට පෙර දෑත් හොඳින් සබන් සහ ජලය යොදා තත්පර විස්සක් පමණ සේදීම අත්‍යවශ්‍ය වේ. සබන් සහ ජලය නොමැති නම් 70% පමණ ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශකයක් යෝග්‍යවේ.

3. ආහාර සැකසීමට පෙර මුළුතැන්ගෙය සහ මුළුතැන්ගෙයි උපකරණ පිරිසිදු කර විසබීජනාශනය කිරීම යෝග්‍ය වේ. විෂබීජ නාශක දියර මිනිත්තුවක් පමණ මතුපිට තබා ජලය යොදා යන්තමින් සෝදා හැරිය යුතුය. මේ සඳහා විසබීජ නාශක ලෙස 0.05% සෝඩියම් හයිපොක්ලෝරයිට් (NaClO) හෝ 70% පමණ ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශකයක් යොදා ගත හැකිය.

4. නිසි පරිදි පිසීමට ලක් කළ මාළු හැකි සෑම විටම පරිභෝජනය කිරීම සුදුසු වන අතර අඩක් පිසු හෝ නොපිසු මාළු පරිභෝජනයෙන් වැළකී සිටිය යුතුය. වෛරසය තාපයට සංවේදී බැවින් තාපය හමුවේ වෛරසය පහසුවෙන් විනාශ වීමේ හැකියාවක් ඇති නිසා රෝගය ආසාදනය වීමෙ හැකියාව අවම වේ. මෙනිසා සෙල්සියස් අංශක හැත්තෑවෙ පමණ උෂ්ණත්වය හොදින් පිසු මාළු අනුභව කළ යුතුය.

පරිභෝජනයට සුදුසු ලෙස මාළු කල් තබාගත හැකි ආකාර

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ සිදුවීමත් සමඟ පාරිභෝගික ඉල්ලුම අවම වීම නිසාත් වෙළඳ සංකීර්ණය වසා දැමීමට සිදුවූ නිසාත් විශාල වශයෙන් මාළු ශීතාගාර වල ගබඩා කර තැබීමට සිදු විය. මෙලෙස ශීතාගාර වල දිගු කාලයක් ගබඩා කර තැබීම නිසා මාළු පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් බැහැර කල යුතු අවස්ථාවන් ඇති විය හැකිය. නමුත් නිසි පරිරක්ශක ක්‍රමවේදයක් මගින් මාළු සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පරිභෝජනයට ගත හැකි ආකාරයට පත් කල හැකිය.

සැකසුම Madhushani Marasingha

Will the consumption of fish lead to COVID-19 transmission?

With the incident at the Peliyagoda fish market, one of the most talked topics on social media is whether fish consumption is appropriate and whether fish consumption causes infection with the Coronavirus. This article highlights the importance of fish consumption, whether fish consumption is appropriate these days, and how to preserve it for further consumption.

Impact of fish consumption on health

Fish and fish-related products are an essential element in maintaining good health. Fish is also rich in vitamins D, B2, and minerals such as Iron, Zinc, Iodine, Magnesium, Potassium, high protein content, and have a low amount of saturated fatty acids. Fish is high in omega 3 fatty acids, a polyunsaturated fatty acid, so the easiest way to get omega 3 fatty acids is to consume fish and other seafood. Omega 3 fatty acids are found in almost every fish and are high in fatty fish such as salmon, trout (freshwater fish), sardines, herring, canned mackerel, canned light tuna, and oysters.

Since omega 3 fatty acids cannot be produced in the human body, it is essential to get them through food, and according to the American Heart Association, fish consumption twice a week is recommended. According to a study of 40,000 people in the United States, consuming fish daily or once a week has been found to reduce the risk of heart attack by 15%. Omega 3 fatty acids regulate blood clotting and vasoconstriction, which are important for maintaining cardiovascular health as well as for the development of neonatal and post neuronal development, reducing the symptoms of tissue inflammation and rheumatoid arthritis, and it also helps to minimize depression in the elderly.

Is fish consumption appropriate these days?

The Coronavirus has had a major impact on the fish supply chain as well as the fish processing sector. This is due to the fear of the people for the consumption of fish, which has reduced consumer demand and forced the closure of food service sectors such as hotels and restaurants. At present, the Coronavirus does not infect aquatic organisms. Similarly, the Coronavirus has been shown to be non-foodborne. However, those who contribute to the food processing process can become infected with the virus and they might spread the virus by contaminating food or food packaging due to poor hygiene practices. The Coronavirus spread mainly through saliva droplets released when an infected person coughs or sneezes.

Coronavirus needs a host organism to multiply and grow and does not have the ability to multiply on food. But Coronavirus has the potential to last a while on food and food packaging surfaces. Similarly, the presence and concentration of the virus may be high in cold environments. Covid 19 virus can be transmitted by touching the food or food packaging after touching the mouth, nose, and eyes by the food handlers. But this is not the main way the Coronavirus spreads. Instead of stopping the consumption of fish completely, it is better to follow hygienic practices.

1. When buying fish it is advisable to buy from a trusted trader or market whenever possible and it is essential to maintain social distance and follow health guidelines. This is because the risk of contracting the disease is higher if you come in contact with an infected vendor or touch fish bought from an infected vendor and touch your nose or mouth.

2.After using food and food packaging, it is essential to wash your hands thoroughly with soap and water for about twenty seconds before preparing and eating. If soap and water are not available, a disinfectant containing about 70% alcohol is suitable.

3.It is advisable to clean and disinfect the kitchen and kitchen utensils before preparing food. The disinfectant should be left on the surface for about a minute and then rinsed off with lukewarm water. An antiseptic containing 0.05% sodium hypochlorite (NaClO) or about 70% alcohol can be used for this purpose.

4.Properly cooked fish should be consumed whenever possible and half-cooked or uncooked fish should be avoided. Because the virus is sensitive to heat, it can easily be destroyed by heat, making it less susceptible to infection. Therefore, fish cooked at a temperature of about seventy degrees Celsius should be eaten.

Ways to preserve fish

Due to the incident at the Peliyagoda fish market, the fish had to be stored in large quantities in cold storage due to the reduction in consumer demand and the closure of the market. Prolonged storage in the cold storage may result in fish being unsuitable for consumption and may need to be discarded. But with proper preservation, fish can be preserved in a healthy and safer way.

Article by- Madhushani Marasinghe

Translated by- Praveeni Manodya

References /මූලාශ්‍ර :

Q&A: COVID-19 pandemic  - impact on fisheries and aquaculture, Food and Agriculture Organization of the United Nations

Coronavirus disease (COVID-19): Food safety and nutrition, World Health Organization,14 August 2020

Harvard T.H.Chan School of Public Health, The Nutrition Source, Fish: Friend or Foe?,

Article 37- තිබහට හිත යන සිසිල් බීම "Thirst quenching and mind alluring Cool drinks"

"දැන් නම් ඉන්න බෑ, හරි ම රස්නෙයි, දිව ගිලෙන්න වගේ... වතුර බිව්වතත් මදි, කෝලා එකක් නම් සුපිරි! "

වත්මන් තරුණ පරපුරේ සුලබ වදන් පෙළකි. එපමණක් නොව සාද‍යකදී, ක්‍රීඩා උත්සවයකදී මෙන්ම බොහෝමයක් විශේෂ අවස්ථාවලදී නොවරදින කාටත් ප්‍රිය ජනක පානයකි සිසිල් බීම​. මේ ඒ Carbonated Soft Drinks නොහොත් සිසිල් බීම පිලිබඳ සටහනකි.

මොනවද මේ soft drinks? සිසිල් බීම, පැණි බීම, පලතුරු බීම, ශක්තිජනක පාන වැනි අැල්කොහොල් රහිත (Alcohol Free) පානයන් "soft drinks" ලෙස හඳුන්වයි. එ් අතරින් බහුලව ම භාවිත වන සිසිල් බීම හෙවත් සෝඩා බීම තුළ ජලය, කාබන්ඩයොක්සයිඩ් (CO2), සීනි හෝ සීනි අාදේශක, අම්ල වර්ග, කැෆේන් (caffeine), කෘත්‍රීම රසකාරක හා වර්ණකාරක යන සංඝටකයන් අඩංගු වේ. මින් 80%ක් පමණ ම අඩංගු වන්නේ සෝඩා ජලය නොහොත් CO2 මිශ්‍රිත පිරිසිදු ජලයයි. එබැවින් සිසිල් බීම කරමාන්තශාලාවන්හි ජල පිරිපහදු එ්කකයක් පවත්වා ගැනීම  ප්‍රධාන කාර්යයභාරයකි. තාරුණ්‍යයේ රසය නොහොත් "Kick" එකට හේතුව වන්නේ ජලයේ දියවී අැති CO2 බුබුළු මගින් මුඛයේ උඩු තල්ලෙහි අැති කරන සියුම් සංවේදීතාවයයි. මෙම මුඛ සංවේදනය (mouthfeel) තරුණ සහ කුඩා දරුවන් සිසිල් බීම වෙත අාකර්ෂණය කරගැනීමට සමත් වේ. තවත් සමහර සිසිල් බීම වර්ග වල අඩංගු කැෆේන් (caffeine) නම් ස්වාභාවික උත්තේජකය ද මීට හේතු වේ.

සිසිල් බීම තුළ ප්‍රෝටීන්, ලිපිඩ, තන්තු, විටමින හෝ අත්‍යාවශ්‍ය ඛනිජ අඩංගු නොවේ. නමුත් කිසිවෙකුත් පෝෂක අවශ්‍යතාවය සපුරා ගැනීමට සිසිල් බීම පානය නොකරන අතර එය හුදෙක් අදාළ සිසිල් බීම විශේෂයට ආවේණික රසය හා ඉහත කී මුඛ සංවේදනය (mouthfeel) ලබාගැනීමට පානය කරයි. සිසිල් බීම අැතැමුන් "පැණි බීම" ලෙස ද හඳුන්වන අතර එමඟින් එහි අන්තර්ගත සීනි ප්‍රමාණය පිලිබඳ ආකල්පයක් ඇති කරයි. සිසිල් බීම මිලි ලීටර් සියයක අඩංගු වන කිලෝ කැලරි හතළිහක (40kCal) පමණ ශක්ති ප්‍රමාණය සම්පූර්ණයෙන් ම ලැබෙනුයේ අන්තර්ගත සීනි මගිනි. එනම්,  අඩු පිරිවැයක් සහිත බැවින් සුක්‍රෝස් හා ෆ්රුක්ටෝස් මිශ්‍රිත සීනි පැණි (High Fructose Corn Syrup) යොදාගනී. නමුත් වර්තමානයේ කැලරි ප්‍රමාණය අඩු කිරීමෙහිලා  බොහෝ නිෂ්පාදකයන් කෘත්‍රීම සීනි අාදේශකයක් හෝ කිහිපයක් (artificial sweetner) භාවිත කරනු ලබයි. ආහාර පනත​(Food Act) යටතේ ඇති ආහාර (පැණිරසකාරක​) නියෝග (Regulations) - 2014 මඟින් අනුමත කරන ලද කෘතිම පැණිරසකාරක මෙලෙස එකතු කරයි. නිදසුනක් ලෙස Aspartame හා Saccharin දැක්විය හැකිය​. මෙම පැණිරසකාරක එකතු කල යුතු මාත්‍රාවන් ආහාර පනත (Food Act) යටතේ ඇති ආහාර (පැණිරසකාරක​) නියෝග (Regulations) - 2014 වලින් දක්වා ඇත​. මේවා Food and Drug Administration (FDA) විසින් නියාමනය (Regulate) කර ඇත​. Phenylalanine යන කෘතිම පැණිරසකාරකය භාවිත කරන අවස්ථා වලදී, එය Phynylketonuria (PKU) යන ජානමය අක්‍රමිකතාවය සහිත පරිභෝජකයන් දැනුවත් කිරීම උදෙසා, එම සංඝටක පිළිබඳ නිෂ්පාදන ලේබලයෙහි සඳහන් කිරීම අනිවාර්ය වේ. මෙම කෘතිම පැණිරසකාරක​, සීනී නොව සීනී ආදේශකයි. ඒබැවින් සීනී වෙනුවට මේවා යොදාගැනීමෙන් සිරුරට එකතු වන කැලරි ප්‍රමාණය අඩුවේ. එනිසා ඒවා පරිභෝජනය කිරීමෙන් සාමාන්‍යයෙන් රැධිරගත සීනි මට්ටම ඉහළ යාමක් සිදු නොවේ.

සිසිල් බීම නිෂ්පාදකයන් තම නිෂ්පාදන වල අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා විවිධ රසකාරක (Flavourants) සහ වර්ණකාරක (colourants) ද භාවිත කරයි. මෙහි දී අනුමත රසකාරක සහ වර්ණකාරක අනුමත කරන ලද මාත්‍රාවන්ට අනුව එකතු කරයි.

සියලුම ආහාර හා පාන වර්ග ඒවාට අදාළ වූ කිසියම් රසායනික සංයුතියකින් සමන්විත වේ. සමහර රසායනික සංඝටක දිගුකාලීන භාවිතය සිරුරට අහිතකර ප්‍රතිඵල ගෙන දෙයි. මෙලෙස දිගුකාලීන පාලනයකින් තොරව සිදු කරන අධික සිසිල් බීම පරිභෝජනයද දියවැඩියාව, ස්ථූලතාවය සහ පිළිකා වැනි රෝග සඳහා  මං විවර කරයි. මීට අමතරව, රසකාරකයක් මෙන්ම ආහාර කල් පවත්වගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත කරන පොස්පරික් අම්ලය (phosporic acid) සිරුරට එකතු වීමෙන් අස්ථි වලින් කැල්සියම් අයන මුදාහරින බැවින් ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) රෝග තත්‍වයට පත්විය හැක. තව ද, අධික අම්ල හා CO2 භාවිතය හේතුවෙන් සිසිල් බීම වල pH 3.0 පමණ ආම්ලිකත්වයක් ඇත. මුඛය තුළ ආම්ලිකතාවය වැඩිවීම හේතුවෙන් සීනි පැසීමට ලක් කරන බැක්ටීරියා දත් වල එනැමලයට හානි පමුණුවයි.

සමස්තයක් ලෙස ගත් කල​, තම සිරුරට පිටතින් ලබා ගන්නා ආහාර පාන පිලිබඳ දැනුවත් බවකින් පසුවීම ඔබගෙත් මගෙත් වගකීමකි. නිතිපතා උදේ හවස පානය කරන තේ කෝප්පයට එකතු කරන සීනි හැඳි ප්‍රමාණයද සෞ‍ඛ්‍යට හිතකර හො අහිතකර ලෙසින් බලපෑ හැකිය​. එනිසා, Carbonated Soft Drinks නොහොත් සිසිල් බීම වල බලපෑම් පිලිබඳ දැන අධික පරිභෝජනයෙන් මිදීම සෞ‍ඛ්‍යවත් දිවියකට වඩාත් අගනේ ය​.

ලිපිය - මලින්ද්‍යා ජයසේකර සහ චන්කි මීදුම්

මූලාශ -

L.R.Vartanian et al.,Effects of soft drink consumption on nutrition and health, 2007.

D.Kregiel, Health Safety of Soft Drinks: Contents, Containers, and Microorganisms, 2015.

Article 36- තම්බපු හාලේ රස රහස් "Confidential facts about Parboiled rice"

තම්බපු සහල් සහ කැකුළු සහල් | Parboiled Rice Vs. Raw Rice

(Please check below for the English version)

Oryza sativa.L යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සහල් ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් ප්‍රධාන ආහාරයක් ලෙස භාවිතා කරනු ලැබේ.සහල් සම්බන්ධ සිදු කරන පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස මෙලෙස භාවිතා කරන සහල් විවිධ ප්‍රභේද වලින් වෙළදපොලේ දක්නට ලැබේ. සහල් වල පිෂ්ඨ කණිකා (Starch granule) අඩංගු වන අතර, පිෂ්ඨය ඇමයිලෝස් සහ ඇමයිලොපෙක්ටින් යන අණුක කොටස් දෙකකින් යුක්ත වේ. වී සහල් බවට සැකසීමේ ක්‍රියාවලිය අනුව කැකුළු සහල් (raw rice) සහ තම්බපු සහල් (parboil rice) ලෙස වර්ග කළ හැකිය. හොදින් වියළා ගත් වී කෙටීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් මූලික වශයෙන් කැකුළු සහල් නිෂ්පාදනය කරනු ලැබේ. තම්බපු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයුම් ඒකක (Unit operations) කිහිපයකින් යුක්ත වේ.තම්බපු සහල් නිශ්පාදනයේදි පළමුව, වී කාමර උෂ්ණත්වයේ දී  දිනක් පමණ ජලයේ පොඟවා තබනු ලැබේ.ඉන්පසු ජලයෙන් ඉවතට ගෙන හුමාලය මගින් තැම්බීමෙන් අනතුරුව තැම්බු වී වියළීමේ ක්‍රියාවලියකින් සහ කෙටීමේ ක්‍රියාවලියකින් පසු තම්බපු සහල් නිශ්පාදනය කරනු ලැබේ.

කැකුළු සහල් නිෂ්පාදනය ක්‍රියාවලියට සාපේක්ෂව තම්බපු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය නිසා සහල් කණිකාව (rice grain)බොහෝ වෙනස්කම් වලට භාජනය වේ.තම්බපු සහල් නිෂ්පාදන ක්‍රියාවලිය නිසා භ්‍රූණපෝෂයේ (endosperm) හිස් අවකාශයන් සම්පූර්ණ වීමක් සිදු වන අතරම  සහල් මතුපිට ඇති ඉරිතැලීම් ඒකාබද්ධ වීම නිසා සුමට මෙන්ම දෘඩ ස්වභාවයක් ලැබේ.එලෙසම සහල් මතුපිට හා අභ්‍යන්තර ජීව විද්‍යාත්මක සැකැස්මේ වෙනස්කම්, ස්ඵටිකරූපභාවයේ වෙනස් වීම් (crystallinity change), සහල් ධාන්‍ය පරිමාණය, ඝනත්වය, පාරභාසකතාව (translucence), වර්ණය, දෘඩතාව, සවිවරතාව, විපුලත්වය, ඇසුරුම් ගුණාංග මෙන්ම කෙටීමේ ගුණාත්මකභාවය සහ භෞතික රසායනික හා පෝෂණ ගුණාංග වල වෙනස් වීම් සිදු වේ.

ජලයේ පෙඟවීමේ ක්‍රියාවලිය මගින් සහල් වල අන්තර්ගත ෆීනෝල් ප්‍රමාණය ​​වැඩි වීමක් සිදු වන අතරම එන්සයිම මගින් සුළු වශයෙන් සහල් වල වර්ණයේ වර්ධනයක් ( enzymatic color development) ඇති කරයි .තැම්බීමේ ක්‍රියාවලියේදී සිදුවන Maillard browning ප්‍රතික්‍රියාවක මගින් නිපදවන amadori වර්ණක සංයෝග නිසා තම්බපු සහල් වලට ආවේණික කහ පැහැයට හුරු වර්ණයක් ලැබේ. වී පොත්තේ අඩංගු වන වර්ණක භ්‍රූණපෝෂය ( endosperm) තුලට ඇතුල් වීම හේතුවෙන්ද  තම්බපු සහල් වල වර්ණ ත්‍රීව්‍රතාවය ඉහළ යයි.

තම්බපු සහල් නිෂ්පාදනයේදී සිදු කරන තැම්බීමේ ක්‍රියාවලිය මගින් සහල් වල අඩංගු පිෂ්ඨ කණිකා ජෙලටීනීකරණය (gelatinize) සිදුවන අතර මෙලෙස තැම්බු සහල් සෙමෙන් වියළී යාමේදී පිෂ්ඨ කණිකා ප්‍රතික්‍රමණය ( retrogradation) වීම සිදුවේ. මෙනිසා තම්බපු සහල් වල පෝෂණ හා ආර්ථික වටිනාකම කැකුළු සහල් වලට සාපේක්ෂව ඉහළ අගයකින් යුක්ත වේ.

විවිධ පර්යේෂණ සොයාගැනීම් වලට අනුව, කැකුළු සහල් වලට සාපේක්ෂව තම්බපු සහල් නිෂ්පාදනය ක්‍රියාවලිය නිසා සහල්වල  පිසීමේ සහ කෙටීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු වීමක් සිදු වේ. තැම්බීමේ ක්‍රියාවලිය නිසා පූර්ණ සහල් අස්වැන්න (head rice amount) සැලකිය යුතු ලෙස වැඩි වන අතර කැකුළු සහල් වලට වඩා පහසුවෙන් වී වල අඩංගු පොත්ත ඉවත් කිරීමේ හැකියාවක්ද පවතී.එලෙසම  කෙටීමේ ක්‍රියාවලියට ලක් වන විට ජල ද්‍රාව්‍ය විටමින් සහ ඛනිජ ලවණ වලට සිදු වන හානියද අවම වේ.එයට හේතුව පෝෂ්‍ය පදාර්ථ සහල් කණිකාව (rice grain) තුලට ඇතුළු වීමයි.

ග්ලයිසමික් ​​දර්ශකය කැකුළු සහල් වලට වඩා තම්බපු සහල් වල අවම අගයක් වන අතර එනිසා තම්බපු සහල් පරිභෝජනය කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වයට යහපත් බලපෑමක් ඇති කරයි. ජෙලටීකරණ ක්‍රියාවලිය හේතුවෙන් සහල් වඩාත් දෘඩ ස්වභාවයකින් යුක්ත වන අතර මෙනිසා කෘමි හානිවලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. තවද කැකුළු සහල් වලට වඩා තම්බපු සහල් වල ජල අවශෝෂණ ධාරිතාවය ඉහළ අගයක් ගනී. තම්බපු සහල් වල ඉහළ ජල අවශෝෂණ හැකියාව නිසා කැකුළු සහල් වලට සාපේක්ෂව වඩා මෘදු බවකින් යුක්ත වන අතර ජලය අවශෝෂණය වීමේදී එහි හැඩය වෙනස් විමක් සිදු නොවේ. මෙම සියලු කරුණු හේතුවෙන් කැකුළු සහල් වලට වඩා තම්බපු සහල් පරිභෝජනය වඩාත් යෝග්‍යය වේ.

ලිපිය: N.M. Ayesha Ishani Nikalansooriya

පරිවර්තනය : Madhushani Marasingha

Parboil rice vs. Raw rice

Rice (Oryza sativa L.) is staple food for more than half of the world's population. There are different new varieties of rice that breeded by responsible authorities in the world. Rice grain  contain starch granules, two molecular fractions of starch are amylose and amylopectin. Mainly rice can categorize as raw rice and parboiled rice according to pattern of processing paddy into rice. Basically raw rice produce by milling of dried paddy. Parboiled rice production contain several unit operations. Paddy rice grains soak in water at room temperature for one day soaking. Then drain-off water and cook by open steaming or boiling. After that boiled or steamed paddy dry and mill to get parboiled rice.

Parboiling of rice leads to many changes than raw rice. The changes that occur in the rice grains, due to parboiling, the void spaces in the endosperm  fill and cracks cement and make the grain harder. The changes that occur in the rice grains on parboiling in its grain surface and internal biological arrangement, crystallinity change, grain dimension, density, translucence, color, hardness, porosity, flow, packing properties and milling quality and physicochemical and nutritional aspects.

During soaking increase the phenol content in the rice grains and it lead to minor enzymatic color development. The characteristic amber color of parboiled rice is due to Maillard type browning reaction and lead to produce Amadori colour compounds during steaming process. The husk pigments migrate inwards into the endosperm and it also effect on color intensity. When steaming or boiling starch of rice grain gelatinize and retrogradation occur during slow drying of paddy. Because of those reasons parboiling rice has more nutritional and economic values than raw rice.

According to different research findings parboiling process improve cooking and milling quality of rice than raw rice. Head rice yield increase significantly with parboiling and it facilitate easy removal of husk than raw rice. Loss of water soluble vitamins and minerals reduce when milling due to parboiling effect. The reason for that is translocation of nutrients to rice grain. Glycemic index is lower in parboiled rice than raw rice and it is a benefit to the health of the person who consume rice. Due to gelatinization process rice become harder and it provide resistance to insect damages. And also water absorption capacity is high in parboiled rice than raw rice. Because of that softness is better in parboiled rice and it not loss shape due to absorbing more water compared with raw rice. Those several facts highlight the benefits of parboiled rice over raw rice.

Sources:

Effect of Parboiling Conditions on Physical and Cooking

Quality of Selected Rice Varieties,HindawiInternational Journal of Food Science,Volume 2020, Article ID 8810553,

Influence of Soaking on Crushing Strength of Raw

and Parboiled Rice,International Journal of Food Properties,ISSN: 1094-2912 (Print) 1532-2386 (Online) Journal homepage

Article by: N.M. Ayesha Ishani Nikalansooriya

Sinhala Translation by: Madhushani Marasinghe

Article 35- World Diabetes Day

සෑම වසරකම නොවැම්බර් මස 14 වන දිනකම යෙදී ඇති මෙම දිනය උදෙසා දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ලොව පුරා සංවිධානය කරයි.

හෙදිය සහ දියවැඩියාව යන්න තේමාව කොටගත් 2020 ලෝක දියවැඩියා දිනය,  දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට උපකාර කිරීමේදී හෙදිය විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්‍ය්භාර්‍ය පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගයි.

සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් අනුගමනය කිරීමත්, වරින් වර ග්ලූකෝස් පරීක්ෂාව සිදු කිරීමත් දියවැඩියාව පමණක් නොව බොහෝමයක් රෝග වළක්වා ගැනිමට මෙන්ම පාලනය කිරීමටත් ඇති නිවැරදී මඟකි.

මුළු ලොවම COVID 19 වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන මෙවන් කාලයක වුවද දියවැඩියාව පිළිබඳ දැනුවත් වී එය වලක්වා ගැනීමට කටයුතු කිරීම අප සැමගේම යුතුකමයි.

Article by - Sandarenu Dharmaprema

දියවැඩියාව ගැන දැනගන්න, මෙම ලිපිය හා සම්බන්ධ වන්න

https://www.facebook.com/112510910100101/posts/378363773514812/

There are several acknowledging programmes about the prevention of diabetes are organized and successfully conducted on the 14th of November all over the world.

World's Diabetes Day 2020 is celebrated under the universal theme of "The nurse and diabetes" in order to acknowledge the public about the significant role done by the nurses in order to cure the diabetic patients.

It is better to follow a healthy diet plan while doing the frequent check-ups of blood glucose level in order to prevent and control the disease conditions.

It is the our responsibility to be acknowledged about the diabetes and take necessary preventive measures even during this pandemic period.

Translated by - Malindya Jayasekara


Article 34- World Vegan Day

සෑම නොවැම්බර් මස 1 වන දිනකම සමරනු ලබන මෙම දිනය පිහිටුවා ඇත්තේ, සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සියළු දෙනා දැනුවත් කිරීමට මෙන්ම සත්ත්ව ආහාර වලින් තොර ජීවන රටාවක් අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් පුළුල් ලෙස ලබා දීමටත් ය. සාමාන්‍යයෙන් සත්ත්ව ආහාර වලින් තොර පුද්ගලයන් මස් (මාළු, බෙල්ලන් හා කෘමීන් ඇතුළුව), කිරි, බිත්තර සහ මී පැණි වැනි සත්ව ආහාර වලින් වැළකී සිටීම මෙන්ම සත්ව ව්‍යුත්පන්න ද්‍රව්‍ය, සතුන් මඟින් පරීක්ෂා කරන ලද නිෂ්පාදන සහ විනෝදාස්වාදය සඳහා සතුන් භාවිතා කරන ස්ථානයන් භාවිතයෙන්ද වැලකී සිටී.

සත්ත්ව ආහාර වලින් තොර දිවි පෙවෙතක් අනුගමනය කිරීමෙන් හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ තරබාරුකම වැනි රෝගී තත්වයන්හී අවදානම අවම කර ගත හැකිය. නමුත් ශාක  පදනම් කරගත් ආහර වල විටමින් B 12, කැල්සියම්, විටමින් D, ෆෝලික් අම්ලය සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ

අවම මට්ටමක පවති. එබැවින් සත්ත්ව ආහාර වලින් තොර සියළු දෙනාම අවශ්‍ය පරිදි අතිරේක ආහාර හෝ පෝෂක ඇතුලත් කර නිපදවා ඇති ආහාර ඔවුන්ගේ ආහාර වේලට එක් කර ගැනීම සිදු කල යුතු වේ.

නිර්මාංශ ආහාර පිලිබඳ වැඩිපුර දැනගැනීමට මෙම ලිපිය හා සම්බන්ධ වන්න.

https://m.facebook.com/story.php?story_fbid=260683448616179&id=112510910100101

Celebrated annually on November 1, World Vegan Day creates awareness about animal rights and advocates the widespread adoption of a vegan lifestyle.

There are many ways to embrace vegan living. Yet one thing all vegans have in common is a plant-based diet avoiding all animal foods such as meat (including fish, shellfish and insects), dairy, eggs and honey - as well as avoiding animal-derived materials, products tested on animals and places that use animals for entertainment.

Adopting a vegan diet can have many health benefits including reducing the risk of heart disease, diabetes, high blood pressure, and obesity. But due to low levels of Vitamin B12, calcium, vitamin D, Folic acid and some other nutrients in plant-based foods, it is recommended that the vegans add supplements and/or fortified foods to their diets as necessary. 

Article by- Thashmila Nethmini Manawadu

References-

World Vegan Day, The Vegan Society (2020)

https://www.vegansociety.com/.../world-vegan-day-month


Article 33- රස ගුණ පිරි කිරි වල සිරි "Attributes of palatable and nutritious Milk"

උදෑසන ආහාරයක් ලෙස  හෝ පානයක් ලෙස  කිරි වීදුරුවක් භාවිතා කිරීම බොහෝ පුද්ගලයන්ගේ පුරුද්දක් බවට පත්වී ඇත. එළ කිරි, ඔටු කිරි, එලු කිරි, ලෙස විවිධ පානයන් පැවතුනද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන්නේ එලදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයි. මෙලෙස කිරි පානයක් ලෙස පරිභෝජනය කරන විට පිටිකල කිරි සහ නැවුම් කිරි එසේත් නොමැති නම් fresh milk ලෙස ප්‍රභේද දෙකක් වෙළඳපොලේ දක්නට ලැබේ. පැහැදිලි ලෙසම නිෂ්පාදන ක්‍රියාවලි දෙකක ප්‍රතිඵලයක් ලෙස භෞතික ස්වභාවයේ වෙනසක් මත පදනම්ව මෙලෙස පිටිකල කිරි සහ නැවුම් කිරි ලෙස වර්ග කරනු ලැබේ.

පැස්චරීකරණය කරන ලද කිරි වියළීමේ (Dehydrate) ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් පිටි කළ කිරි නිෂ්පාදනය කරනු ලැබේ. මෙහිදී තෙතමනය අඩු වීම නිසා දිගු කාලයක් කල් ඉකුත් නොවී තබා ගැනීමට හැකියාවක් ලැබෙන අතරම ප්‍රවාහනය කිරීමේදී පහසුවක් මෙන්ම විවෘත කළ පසු ශීතකරණය තුළ තැබීම අත්‍යවශ්‍ය නොවේ. කිරිපිටි වර්ග නිෂ්පාදනය කිරීමට භාවිතා කරන නිෂ්පාදන ක්‍රියාවලිය අනුව එහි සංයුතිය වෙනස් වීමේ හැකියාවක් පවතින අතර කිරි වල අඩංගු වාෂ්පශීලී සංයෝග නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා උෂ්ණත්වය අනුව විනාශ වීමේ හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් කිරිපිටිවල ආයු කාලය මාස 18ක් පමණ වේ.  මෙලෙස නිපදවන කිරිපිටි මේද අඩංගු ප්‍රමාණය අනුව  Whole milk powder, Non fat dry milk සහ  Skimmed milk powder ලෙස වෙළඳපොලේ විවිධ වර්ග දක්නට ලැබේ.

Whole milk powder සුදු හෝ ලා පැහැති වර්ණයකින් යුක්ත වන අතර පැස්චරීකරණය කරන ලද හෝ සමජාතීය කරන ලද (Homogenized) හෝ සමජාතීය නොකරන ලද (Non-homogenized) කිරි වලින් ජලය ඉවත් කිරීම මගින් නිෂ්පාදනය කරනු ලැබේ.  Whole milk powder හි 20% - 40% ක මේද ප්‍රතිශතයක් හා තෙතමනය 5%ට වඩා නොවැඩි විය යුතු අතර මෙලෙස තෙතමනය අඩු වීම හේතුවෙන් ක්ෂුද්‍රජීවී වර්ධනය අවම වේ.

Low fat milk powder/skim milk powder සහ non fat dry milk powder පැස්චරීකරණය කරන ලද යොදය ඉවත් කරන ලද කිරි වලින් ජලය ඉවත් කිරීම මගින් නිෂ්පාදනය කරනු ලැබේ. මෙලෙස නිපදවන කිරිපිටි වර්ග දෙකෙහිම තෙතමනය 5% හෝ ඊට අඩු වන අතර මේද  ප්‍රතිශතය 1.5% හෝ ඊට අඩු අගයක් ගනියි. Skim milk powder සහ non fat dry milk අතර වෙනස වනුයේ skim milk powder හි 34% ක අවම ප්‍රෝටීන ප්‍රතිශතයක් අඩංගු වීමත් non fat dry milk හි සම්මත ප්‍රෝටීන ප්‍රතිශත අගයක් අඩංගු නොවීමත් ය.

Fresh milk නොහොත් දියරමය කිරි පැස්චරීකරණය හෝ ජීවානුහරන ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් නිපදවනු ලැබේ. පැස්චරීකරණයට භාජනය කිරීමෙන් Vit.C,B1,B2 විවිධ ප්‍රතිශත වලින් අඩු වීමක් සිදුවන අතර ජීවානුහරණ ක්‍රියාවලිය මගින් මෙම විටමින් වර්ග විනාශ වීමක් සිදුවේ.

දියරමය කිරි වල 87.7% ජලය , 4.9% ලැක්ටෝස් (Carbohydrate), 3.4% මේදය, 3.3% ප්‍රෝටීන, සහ 0.7% ඛනිජ ලවණ අන්තර්ගත වන අතර විවෘත කළ පසු ශීතකරණය තුළ තැබීම අත්‍යවශ්‍ය වේ. කිරිපිටි වලට වඩා fresh milk මිලෙන් තරමක් ඉහළ වන අතර සංවර්ධිත රටවල fresh milk භාවිතා කිරීම බහුල වේ.

Fresh milk සහ කිරිපිටි වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ බොහෝ සෙයින් සමාන වන නමුත් පෝෂ්‍ය  පදාර්ථ අඩංගු ප්‍රමාණයන් හි වෙනසක් දක්නට ලැබේ. Fresh milk මෙන්ම කිරි පිටි මගින් ද දෛනික කැල්සියම් අවශ්‍යතාවයෙන් 28-30% ප්‍රමාණයක් සපයනු ලැබේ.

Fresh milk, කිරිපිටි වලට වඩා උසස් රසයකින් යුක්ත වන අතර ඉහල ජෛව ක්‍රියාකාරී සංඝටක ප්‍රමාණයක් අඩංගු වේ. කිරිපිටිවලට වඩා සාපේක්ෂව විටමින් B5, B12, පොස්පරස්, සෙලේනියම් ඉහළ ප්‍රමාණයකින් දියරමය කිරිවල අඩංගු වේ. කිරි පිටි වල සම්මත ඇමයිනෝ අම්ල 21ද ප්‍රෝටීන,විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වන අතර මෙම පෝෂ්‍ය පදාර්ථ අඩංගු ප්‍රමාණය ඔබ මිලදී ගන්නා කිරිපිටි වර්ගය අනුව වෙනස් වේ.

කිරි වල කැල්සියම් සහ ප්‍රෝටීන බහුලව අඩංගු වන අතර කැල්සියම් අස්ථි වර්ධනයට සහ ප්‍රෝටීන පටක වර්ධනයට අත්‍යවශ්‍ය සංඝටක වේ. මෙලෙස කැල්සියම් ලබාගත හැකි පහසු මෙන්ම සරලම ආකාරයක් වනුයේ කිරි පානයක් ලෙස භාවිතා කිරීමයි. ළදරුවන් සහ කුඩා දරුවන් මාස හයක් දක්වා මවුකිරි වලින් පෝෂණය කිරීම අනිවාර්ය වන අතර අවුරුදු 1-5 දක්වා දරුවන්ට whole milk ප්‍රධාන පානයක් ලෙස භාවිතා කිරීමට නිර්දේශ කරනු ලැබේ. Skimmed milk හෝ 1% වඩා මේද ප්‍රතිශතය අඩු කිරි අවුරුදු පහට වඩා අඩු දරුවන්ට සුදුසු නොවන අතර එයට හේතුව වනුයේ ඒවායේ අඩු කැලරි සහ මේද ප්‍රමාණයක් අඩංගු වීමයි. කිරි වල අඩංගු ප්‍රෝටීන,කැල්සියම්, අයඩින් සහ පොස්පරස් ප්‍රාථමික පාසල් වල පසුවන දරුවන්ගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ.

අවුරුදු 13 - 19 වයසේ දරුවන්ගේ අස්ථි වර්ධනය සදහා බහුලව කැල්සියම් අත්‍යවශ්‍ය වන අතර මෙම කැල්සියම් අවශ්‍යතාවය සදහා කිරි භාවිතා කිරීම සරල මෙන්ම පහසුම ක්‍රමයක් වේ. ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ගේ කැල්සියම්, ෆෝලික් අම්ලය සහ අයඩීන් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යතාවයන් කිරි භාවිතා කිරීම මගින් සපුරා දීමේ හැකියාවක් පැවතියද යම් අවස්ථාවන්හිදී එළ කිරි ආසාත්මිකතා මෙන්ම lactose intolerance තත්වයන් ඇති විය හැකිය.

පිටිකල කිරි සහ fresh milk සම්බන්ධයෙන් විවිධ ගැටළු පැවතුනද එම ගැටළු නිශ්චිත වශයෙන් සත්‍ය බවට සනාථ වූ සාක්ෂි නොපවතී. ඉන් විවාදයට තුඩු දෙන ගැටලුවක් වනුයේ  පිටිකල කිරි වල මෙලමයින් සංයෝගය අඩංගු වීම පිළිබඳවයි. සමහර කිරි ගොවියන් කිරි වල පරිමාව වැඩි කර ගැනීම සඳහා ජලය එකතු කරන අතර මෙමගින් ප්‍රෝටීන සාන්ද්‍රණය අඩු වීමක් සිදු වේ. මෙලමයින් එක් කිරීමෙන් නයිට්‍රජන් ප්‍රතිශතය ඉහළ නැංවීමක් සිදු වන නමුත් එලෙස මෙලමයින් එක් කිරීම නීති විරෝධී ක්‍රියාවකි. 

සැකසුම : Madhushani Marasingha

Milk is a nutrient rich food. People consume milk obtained from various animals such as cow's milk, goat's milk, camel's milk etc. But in Sri Lanka cow's milk is commonly used as the drinking milk and for other dairy products.

Drinking milk is present in the form of milk powder and fresh milk/liquid milk in the local market. Those two products are obtained by two different processing methods.

Milk powder is produced by a dehydration process of pasteurized milk (spray drying). In here moisture content is reduced to a great extent and due to the low moisture milk powder obtain a higher shelf life and powdered milk is easy to transport and do not need to store in refrigerator after opening the pack. According to the processing techniques it can be changed the composition and due to the temperature used it can be lost some volatile compounds. Normally milk powder has 18 months of shelf life. Whole milk powder, non-fat dry milk and skim milk powder are the basic different types of milk powder present in the market. Those milk powders are categorized based  on the fat content.

Whole milk powder is in white or light cream colour. It is produced by removing water from pasteurized, homogenized or non-homogenized milk. Whole milk powder contains 20%-40% fat and 5% or less moisture. Microbial growth is prevented due to the low moisture content.

Low fat milk/ skim milk powder and non-fat dry milk powder are produced by removing water from pasteurized skim milk. Both type are containing 5% of less moisture (by weight) and 1.5% or less fat (by weight). The difference between these two types is skim milk powder contains 34% proteins ( minimum level) though non-fat dry milk does not have a standard value for its protein content.

Fresh milk/ liquid milk is produced by pasteurization or sterilization of raw milk. Pasteurization is caused for reducing vitamin C, B1 and B2 up to some extent, but it doesn't happen due to sterilization.

Fresh milk/ liquid milk contains 87.7% water, 4.9% lactose, 3.4% fat, 3.3% protein and 0.7% minerals. Fresh milk should be kept inside the refrigerator after opening the pack.

Both fresh milk and milk powder contain same nutrients but amounts are different. Both can fulfill 28%- 30% from the daily calcium need of person.

Fresh milk has a better taste and contains higher amount of bioactive compounds ,Vitamin B1, B12 ,Phosphorus and Selenium like vitamins and minerals than milk powder. Milk Powder contains 21 amino acids, protein, vitamins and minerals though amount of those nutrients vary according to the type of milk powder.

Milk is highly rich in Calcium and protein. Ca is important for the bone growth while protein is needed for growth and repair of body tissues. Consumption of drinking milk and other dairy products are one of the easiest ways to intake those nutrients. During first 6 months it is essential to feed infants only with breast milk. Children in between 1-5 years are recommended to feed with whole milk. Due to low calorie and low fat amount skimmed milk powder or milk with less fat content (<1%) are not suitable for children.

Milk contains lot of nutrients like Calcium, Iron, Protein, folic acid and some other vitamins and minerals. Those nutrients are important to fulfill nutrient requirements of small children ,Ca requirement for bone growth of children in between 13-19 years and some nutrient requirements in pregnant mothers. But sometimes milk consumption can be caused for the allergy or lactose intolerance in some people.

There are some problems related with the milk powder and fresh milk but don't have enough evidence to prove them. One of major doubtful facts is containing melamine in milk. The reason for this is some farmers add water into the milk to increase the volume and due to this protein concentration of milk goes down. By adding melamine farmers increase the Nitrogen percentage in milk. But this is an illegal act and if milk is in the standard quality it can't be containing melamine.

Translated by : Rashini Yashoda Haputhanthri

මූලාශ්‍ර / References : 

Whole Milk powder, American Dairy products Institute. (2020)

Milk Facts, College of Agriculture and Life Sciences, Cornell University. (2020)

Article 32- දියවැඩියාවට බිය විය යුතුද ? "Is it necessity to be afraid of Diabetes?"

අපි කවුරුත් වගේ දන්න රෝගයක් තමයි දියවැඩියාව.ඒ තරම්ම මේ රෝගය සමාජයේ සුලබයි. 2019 වන විට ලෝක ජනගහනයෙන් 9.3 ක ප්‍රතිශතයක් මෙම රෝගයට ගොදුරුව ඇතැයි ගනන් බලා තිබෙනවා.

මොනවද දියවැඩියාව හැදුණම ඇත්තටම වෙන්නේ?

නිරෝගී පුද්ගලයෙක්ගේ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම නිරාහාරව සිටියදී 4.0 - 5.4 mmol/L (72 - 99 mg/dL) අගයකුත්, ආහාර ගැනීමෙන් පැය 2කට පසු 7.8 mmol/L (140 mg/dL) අගයකුත් ගන්නවා.දියවැඩියාව රෝගයේදී මෙම රුධිර සීනි මට්ටම ආසාමාන්‍ය ලෙස ඉහල යාම සිදු වෙනවා.

ඇයි දියවැඩියාව හැදෙන්නේ?

අපේ ශරීරයේ රුධිර සීනි මට්ටම නියතව තබා ගන්න උදව් වෙන්නෙ ඉන්සියුලීන් හෝර්මෝනය. අපේ ශරීරයේ සෛල වලට රුධිරය හරහා ගමන් කරන මෙම හොර්මෝනය ග්ලූකෝස් සෛල තුලට ඇතුලු වීමට ඉඩ සලසනවා. සෛල තුලදී ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය කිරීම හෝ පසුව භාවිතා කිරීම සදහා ගබඩා කිරීම සිදු කරනවා. ඉතින් ඉන්සියුලීන් නොමැතිව රුධීර ග්ලූකෝස් මට්ටම නියතව තබා ගැනීම කල නොහැක්කක්. ඉන්සියුලීන් හොර්මෝනය නිපදවීමේ හා ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් නිසා දියවැඩියාව ඇති වෙනවා.

මොනවද මේ දියවැඩියා වර්ග?

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes), දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes), ගර්භණී අවස්ථාවේ දියැඩියාව (Gestational diabetes / GDM) ලෙස දියවැඩියාවේ ප්‍රධාන ආකාර 3යි.අග්න්‍යාශය නිපදවන ඉන්සියුලීන් ශරීරයට ප්‍රමාණවත් නොවුණම මින් පළමු වර්ගයද, ඉන්සියුලීන් ක්‍රියාකාරීත්වයට සෛලවල සංවේදීතාව ප්‍රමාණවත් නොවුණම දෙවන වර්ගයද ඇති වෙනවා. ගර්භණී අවස්ථාවේ දියැඩියාව දරුවාට සහ මවට ඇති වන සංකූලතා සමඟ සම්බන්ධ වන අතර සාමාන්‍යයෙන් ගර්භණීබාවයෙන් පසුව නැතීවී යනවා. නමුත් බලපෑමට ලක්වූ කාන්තාවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව වැළදීමේ හැකියාව වැඩියි.

කොහොමද දියවැඩියාව රෝගයෙන් මිදෙන්නේ?

සෞඛ්‍ය සම්පන්න නිවැරදි ආහාර රටාවකට යොමු වීම දියවැඩියාව පාලනයට හා වලක්වා ගැනීමට උපකාරී වෙනවා. මේ සඳහා දියවැඩියා ආහාර වේලක් හඳුන්වා දී ඇති අතර එමගින් සෞඛ්‍ය සම්පන්න ආහාර මධ්‍යස්ථව, නියමිත වේලාවට, නිතිපතා ගැනීම සිදු කරනවා.මෙය බොහෝ පුද්ගලයින් සඳහා හොඳම ආහාර සැලැස්මද වනු ඇති.

නිවැරදි ආහාර වේලක් සඳහා එකතු කර ගත යුත්තේ මොනවාද?

සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට

ඒ කියන්නෙ එලවළු, පලතුරු, ධාන්‍ය වර්ග, බෝංචි සහ ඇට වැනි රනිල කුලයට අයත් බෝග හා කිරි, චීස් වැනි අඩු මේද සහිත කිරි නිෂ්පාදන වැනි ආහාර

තන්තු බහුල ආහාර

ශරීරයේ ජීරණ ක්‍රියාවලීය හා රුධිර සීනි මට්ටම පාලනය කිරීමට තන්තු උදව් වෙනවා. එලවළු, පලතුරු, ධාන්‍ය වර්ග, බෝංචි සහ ඇට වැනි රනිල කුලයට අයත් බෝග, nuts මේ යටතට ගැනෙනවා.

සෞඛ්‍යයට හිතකර මසුන් ආහාරයට ගැනීම

අවම වශයෙන් සතියකට දෙවරක් වත් මෙම මාළු ආහාරයට ගැනීම සුදුසුයි.සැමන්,මෑ කරල්, ටූනා සහ සාඩින් වැනි මසුන්, ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් අතර හෘද රෝග වලක්වා ගැනීමටද උපකාරී වෙනවා.

හොද මේදය

ඒක අසංතෘප්ත හා බහු අසංතෘප්ත මේද අඩංගු අලිගැටපේර, nuts, කැනෝලා, ඔලිව්, peanuts, oils වැනි ආහාර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උදව් වන නමුත් සියලුම මේද වල කැලරි අධික නිසා වැඩිපුර භාවිතය නුසුදුසුයි.

මොන වගේ ආහාර ගැනීමෙන්ද වැලකිය යුත්තේ?

එකතු කල මේද, සෝඩියම් සහිත ආහාර හෝ බීම වැනි අඩු සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට සහිත ආහාර, බැදපු මාළු හා රසදිය ඉහල අගයක් ඇති මාළු (king mackerel)ආහාරයට ගැනීමෙන් වැලකීම සුදුසුයි.

සංතෘප්ත මේද අඩංගු අධික මේද සහිත කිරි නිෂ්පාදන සහ බටර්, හරක් මස්, හොට් ඩෝග්, සොසේජස්, බේකන් වැනි සත්ව ප්‍රෝටීන වලින් වැලකීම, පොල්තෙල්, පාම් තෙල් සීමා කිරීමද යෝග්‍ය වේ.

ට්‍රාන්ස් මේදය අඩංගු සැකසූ සුලු ආහාර(snacks), බේක් කල ආහාර, කෙටි ආහාර, මාගරින් ආදිය අවම කිරීමද වඩා සුදුසුයි.

කොලෙස්ටරෝල් අඩංගු අධීක මේද සහිත කිරි නිෂ්පාදන, අධීක මේද සත්ව ප්‍රෝටීන, බිත්තර කහ මදය,අක්මාව සහ අනෙකුත් organ meat මේ යටතට ගැනෙන අතර දිනකට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 200 නොඉක්මවීම  යෝග්‍යයි.

ඒ වගේම දිනකට සෝඩියම් මිලිග්‍රෑම් 2300 කට වඩා අඩු ඉලක්කයක් පවත්වා ගැනීමද සුදුසුයි.

ඉතින් ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීමට වගේම දියවැඩියාව නිසා ඇති විය හැකි ස්නායු රෝග, වකුගඩු රෝග, හෘද රෝග වැනි සංකූලතා වලක්වාලීමේ හොඳම ක්‍රමය මෙවැනි සෞඛ්‍ය සම්පන්න ආහාර සැලැස්මක් අනුගමනය කිරීමයි. එමගින් හෘද රෝග, ඇතැම් පිලිකා ඇතිවීමේ අවදානමද අඩු කල හැකියි. ඔබේ නිශ්චිත ඉලක්ක වලට ගැලපෙන අයුරින් මෙම ආහාර වේල සැකසීමෙන් සිරුරේ බර පාලනය කර ගැනීමටද හැකියි. එමෙන්ම වරින් වර රුධිර ග්ලූකෝස් පරීක්ෂාව සිදු කර ගැනීමත්, නිරන්තරයෙන් ආහාර පුරුදු නිරීක්ෂණය කිරීමත් ඔබ විසින් සිදු කල යුතුම දේවල්. එදිනදා ආහාර වේලට සිදු කරන මෙවැනි හොද වෙනස්කම් මගින් බොහෝමයක් රෝග වලින් අපට ආරක්ෂා වන්නට පුළුවන්.

සැකසුම : Yashini Tharanga Chandrasiri

Devmi Raveesha Kaduruwana

මුලාශ්‍ර:

https://www.thelancet.com/.../PIIS0140-6736(10.../fulltext

https://scholar.google.com/scholar?hl=en&as_sdt=0%2C5...

https://www.mayoclinic.org/.../diabetes-diet/art-20044295

Article 31- Is reusing oil  actually economically smart?? Or is it a mistake.?-Re-Using cooking oils ;  coconut oils vs. vegetable oils. Part 2

The numerous factors influencing the stability and performance of frying oil can be categorized into external and internal factors depending on whether they are  operation-dependent  (relatively  independent  of  the  inherent  quality  of  the  frying  oil)  such  as  frying  temperature,  accessibility  to  oxygen,  and  duration  of  frying;  or  oil-dependent  (arising  from  the inherent composition of the frying oil). The reusing of oil may or may not be a smart choice depending on the application because the temperatures vary during the various uses. This problem can be most prevalent during frying because in various countries and regions oils are re-used more than twice or thrice in restaurants and fast food chains due to the expenses and economical ease. However in households in mostly developing countries cooking oils are used more than three times which have been found to have certain deleterious effects on our cardio vascular health.  Introduction At elevated temperatures, oils will change significantly due to the many chemical and physical reactions which occur, such as oxidation, hydrolysis, cyclization, isomerization  and  polymerization.

There are some notable chemical changes that occur when frying changes the chemical integrity of oil. Moisture can cause hydrolysis forming free fatty acids, Diacyl Glycerols, and Monoacylglycerol. Contact with air and metal can cause oxidation forming Oxidized monomers, Oxidized Dimers and Polymers, volatile compounds (Aldehydes, Ketones, Hydrocarbons) and Sterol Oxides. Other than this, High temperature causes polymerization and forms Dimers and non-polar polymers, cyclic monomers, Trans isomers and Position isomers.  When  frying,  oil  also  decomposes  into  a  variety  of  volatile  Physical changes in oils that occur during heating and frying include increased viscosity, darkening in color, and increased foaming as frying time continues. At the same time, the smoke point of the oil decreases. The person frying may not notice these effects until the oil has been used for prolonged periods of time. The break down products and the other volatile products that are formed can differ based on the type of oil used as well. Further research is being conducted on how these break down products of lipid oxidation and thermo-oxidation of fatty acids change depending on the source.

                              However in general, According to the information from online news (whtascookingamerica.net), a recent study found that a toxin called 4-hydroxy-trans-2-nonenal (HNE) forms when such oils as canola, corn, soybean and sunflower oils are reheated. The survey indicates that consumption of foods containing HNE from cooking oils has been associated with increased risks of cardiovascular disease, stroke, Parkinson’s disease, Alzheimer’s disease, Huntington’s disease, various liver disorders, and cancer. Once absorbed in the body, HNE reacts with DNA, RNA and proteins affecting basic cellular processes. Signs of deteriorated oils can be classified as below. Therefore based on these characteristics the use of oil should be stopped if the oil imparts any rancid properties to the fried foods.

-Oil darkens with use because the oil and food molecules burn when subjected to high/prolonged heat.

-The more you use oil, the more slowly it will pour. Its viscosity changes because of changes to the oil’s molecular structure.

-Loose absorbent particles accumulate as sediment at the bottom of the storage container or are suspended in the oil.

-When smoke appears on the oils’ surface before the temperature reaches 190 degrees C (375 degrees F), your oil will no longer deep-fry effectively. If the oil has a rancid or “off” smell or if it smells like the foods you’ve cooked in it, it should be discarded.

Article by Vinuri Arambepola

පිසින තෙල් (Cooking Oils) හෙවත් පොල්තෙල් හා එළවළු තෙල් නැවත නැවත භාවිතා කිරීම. - දෙවන කොටස

ආහාර පිසීමේදි තෙල් නැවත භාවිතය හොඳ තීරණයක් විය හැකි වුවද, එය එසේ නොවන අවස්ථා ද පවතී. එය භාවිතයට ගන්නා ආකාරය මත පදනම් වන අතර ආහාර පිසීමට යොදා ගන්නා උෂ්ණත්වයන් වෙනස් වීම එයට හේතුවයි.

ප්‍රධාන ලෙස ආර්ථික පහසුව හා වියදම අවම කිරීමට ගන්නා උත්සාහයක් ලෙස විවිධ රටවල හා කලාපයන්හි තෙල් දෙවරක් හෝ තෙවරක් වඩා ආහාර බැඳීම සඳහා භාවිතය අවන්හල් හා ක්ෂණික ආහාර නිෂ්පාදකයින් අතර දක්නට ලැබේ.

එසේම බොහෝමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල ගෘහස්ථව ආහාර පිසීමේදී තෙල් දෙවරකට වඩා භාවිතා කිරීම, හෘද සෞඛ්‍ය කෙරෙහි යම් යම් අහිතකර බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇත. ඉහළ උෂ්ණත්ව වලදී තෙල් ඔක්සිකරණය (Oxidation), ජලවිච්ඡේදනය (Hydrolysis), චක්‍රීකරණය (Cyclization), සමාවයාවීකරණය (Isomerization), බහුඅවයවීකරණය (Polymerization) වැනි විවිධ රසායනික හා භෞතික ප්‍රතික්‍රියාවන්ට භාජනය වේ.

ආහාර බැදීමේ ක්‍රියාවලියේ දී, ඉහළ උෂ්ණත්ව වලදී තෙල්වල දුස්‍රාවීතාව ඉහළ යාම, අඳුරු පැහැ ගැන්වීම, පෙණ ඇති වීම ඉහළ යාම වැනි භෞතික වෙනස්කම් ඇති වේ. එක්තරා උෂ්ණත්වයකට ළඟා වන විට තෙල් පැහැදිලිව පෙනෙන දුමාරයක් ඇති කරන අතර එය Smoke Point ලෙස හඳුන්වයි. මෙම උෂ්ණත්වය අඩුවීම ද තෙල් නැවත භාවිතයට ගැනීමේදී සිදු වේ. නමුත් මෙම බලපෑම ආහාර පිසීම සිදු කරන පුද්ගලයාට දිගු කාලයක්  භාවිතා කරන තුරු නොදැනේ.

භාවිතා කරන තෙල් වර්ගය (Source) වෙනස්වීමත් සමඟ ලිපිඩ ඔක්සිකරණය (Lipid Oxidation) හා තාප ඔක්සිකරණ (Thermo-oxidation) ක්‍රියාවලිය හා එම බිඳවැටීමෙන් නිපදවන ද්‍රව්‍ය වල වෙනස්කම් අධ්‍යයනය කිරීමට වැඩිදුර පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතී.

කෙසේ වුවද (whtascookingamerica.net) හි තොරතුරු අනුව කැනෝලා, ඉරිඟු, සෝයා බෝංචි හා සූරියකාන්ත යන තෙල් වර්ග නැවත රත්කිරීමේදී  4-hydroxy-trans-2-nonenal (HNE) නැමැති විෂ සහිත සංයෝගයක් නිපදවන බව මෑතකදී සිදුකරන ලද අධ්‍යයන වලදී සොයාගෙන ඇත.

පිසින ලද තෙල් වල අඩංගු වන ඉහත විෂ ද්‍රව්‍ය සහිත ආහාර භාවිතය හෘද රෝග, ආඝාතය, පාකින්සන් රෝගය (Parkinson’s Disease), ඇල්සයිමර් රෝගය (Alzheimer’s Disease), හන්ටින්ටන් රෝගය (Huntington’s Disease), විවිධ අක්මාව ආශ්‍රිත රෝග හා පිළිකා අවදානම වැඩි කරන බව ද සමීක්ෂණ මඟින් දක්වා ඇත.

අවශෝෂණයෙන් පසුව සිරුරේ  DNA, RNA සහ ප්‍රෝටීන සමග අන්තර්ක්‍රියා කරන HNE, සාමාන්‍ය සෛලීය ක්‍රියාකාරකම් වලට බලපෑම් ඇති කරයි. ඒ අනුව සාමාන්‍ය ලක්ෂණ වලින් වෙනස්ව කිසියම් මුඩු ගතියක් (Rancid Properties) තෙල් යොදා පිසින ලද ආහාර වල දක්නට ලැබේ නම් එම තෙල් භාවිතය නුසුදුසු වේ.

ඉහළ උෂ්ණත්වයන් වලදී ආහාර සහ තෙල් දහනයකට ලක් වන නිසා තෙල් අඳුරු පැහැයකට හැරීම සිදුවේ. ඔබ නැවත නැවතත් තෙල් හාවිතයට ගැනීමේ දී එයට ඇති වත් කිරීමට/ ගලා යාමට ඇති හැකියාව අඩුවේ. එයට හේතුව වන්නේ තෙල් අණුවල සිදුවන වෙනස්කම් නිසා ඇති වන දුස්ස්‍රාවීතාවයේ වෙනස්කම් වේ. ලිහිල් අවශෝෂක අංශු (Loose Absorbant Particles) අදාල ඇසුරුම පතුලේ තැන්පත් වීම හෝ තෙල් වල අවක්ෂේප වීම ද සිදුවේ. උෂ්ණත්වය 180°C  (375 °F) කට ලගා වීමට පෙර තෙල් එහි Smoke Point වෙත ලගා වෙයි නම් එම තෙල් වලින් ආහාර පිසීමේ ක්‍රියාව තවදුරටත් කාර්යක්ෂමව සිදු කලනොහැකි වේ. තෙල් වලින් මුඩු සුවදක්  (Rancid or “off” smell) නිකුත් වේ නම් හෝ පිසින ලද ආහාර වල සුවද හාවිතයට ගන්නා ලද තෙල් වලින් නිකුත් වේ නම් හෝ එම තෙල් තවදුරටත් භාවිතා නොකර ඉවත දැමිය යුතුයි.

පළමු කොටස -

https://www.facebook.com/112510910100101/posts/282584563092734/

Resources –

1. https://www.iwacu-burundi.org/.../risks-with-reusing.../

2. Boateng, L., Ansong, R., Owusu, W. B., & Steiner-Asiedu, M. (2016). Coconut oil and palm oil's role in nutrition, health and national development: A review. Ghana medical journal, 50(3), 189–196. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5044790/

3. https://actascientific.com/ASNH/pdf/ASNH-02-0083.pdf  de Alzaa F, Guillaume C, Ravetti L. Evaluation of Chemical and Physical Changes in Different Commercial Oils during Heating. Acta Scientific. 2018;2(6):2-11.

සටහන- විනුරි අරඹේපොල

පරිවර්තනය - යෂිනි තරංගා , කාවින්දි නාගසිංහ


Article 30- World Food Day

Food has been one of the most basic needs since the origin of the human kind. Evolution of the mankind has caused changes in the quantity and quality of food requirements, causing development and expansion of global food supply chains and processing. Considerable number of individuals are providing their contribution in food production which meets the growing and diversified demands. World Food Day is a significant day, which commemorate the efforts of all these individuals while honoring their contribution. Food and Agriculture Organization of United Nations (FAO) celebrates the World Food Day (WFD) on 16th October with collective actions across 150 countries around the globe.

What makes WFD 2020 significant?

World Food Day 2020 also marks the 75th anniversary of the Food and Agriculture Organization of United Nations (FAO), hence provides an ideal opportunity to reflect the enormous service FAO has rendered towards the entire world population. It is also believed that the Covid-19 health crisis prevailing in the current situation also contributes in making WFD 2020 significant. It has provided us with the requirement of recognizing food as one of the most basic needs of humans and ways to preserve the access to safe and nutritious food. This pandemic has also paved the way to revive our appreciation towards the individuals that contribute at different stages of the food supply chain. All these factors have collectively supported in drawing much attention of the people towards WFD 2020.

What is WFD 2020 all about?

“Grow, Nourish, Sustain. Together”. ‘Food’ is not a responsibility of one individual or an organization, yet a shared responsibility among many institutions. Selecting the theme for WFD 2020, FAO has emphasized on the fact that countries, the private sector and civil society need to make sure that our food systems grow a variety of food to nourish a growing population and sustain the planet together. Furthermore, they highlight the value of our actions through the message “Our actions are our future”. Accordingly, the role of the global population is to increase the demand for nutritious food by choosing healthy foods, despite these uncertain times.

WFD 2020 is,

World Food Day is calling for global solidarity to help all populations, and especially the most vulnerable, to recover from crisis, and to make food systems more resilient and robust so they can withstand increasing climate shocks, deliver affordable and sustainable healthy diets for all, and decent livelihoods for food system workers. Food Day also takes an opportunity to thank all the individuals who are behind our food, contributing to provide food to their communities and to grow, nourish and sustain, no matter the circumstances. In addition, World Food Day also calls for action of the consumers, government and private businesses to support sustainable food systems and food heroes.

What are we to do on WFD 2020?

FAO plans and implements actions with the intention of delivering the 17 Sustainable Development Goals (SDGs). Hence the World Food Day also aligns with SDG2 “Zero Hunger”(to end hunger, achieve food security and improved nutrition, and promote sustainable agriculture). As global citizens, we also have to fulfill several responsibilities in this regard. By choosing healthy and diverse, we can encourage a variety of healthy food to be produced while maintaining the health of ourselves as well as soil and our environment. By choosing local, we can help the smallholder farmers that supports the local economy and encourage the crop diversity. By respecting food and food heroes, we can implement different ways to reduce the food loss and waste. FAO also specifies several actions that can be taken by the governments and private institutions in strengthening the global food systems through targeting most vulnerable, protecting natural resources, closing the digital gap, promoting food safety and proper working environments, sharing technologies and knowledge and many more.

WFD 2020 celebrations all over the world

World Food Day Ceremony main event will be held in Rome, with the participation of FAO Director- General Qu Dongyu and many other dignitaries. The event will be consisted of messages, calls to action from some renowned personalities. Marking the FAO’s 75th anniversary, the FAO’s first-ever video mapping show will take place at Colosseum in Rome and on the FAO headquarters building. Parallel to this event many other nations will be celebrating WFD 2020 honoring the local food heroes through conducting panel discussions, documentaries and many more. Some countries have paid attention to implement programs such as distribution of healthy and immunity boosting food to the communities affected by the Covid-19 health crisis.

The importance of ensuring global food safety and security is a very vital and challenging task, which cannot be discussed within a single day. It requires the collective effort and dedication of the global community. In the middle of a health crisis, WFD 2020 is capable of creating an effective platform for the emergence of new ideas, to praise and encourage the Food Heroes and inspire the world to speed up its journey towards sustainability.

References: http://www.fao.org/world-food-day/home/en/ (FAO official website)

Article by: Shimani Umesha Attygalle

ලෝක ආහාර දිනය 2020

ලෝක ආහාර දිනය යනු, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමරනු ලබන සුවිශේෂී දිනයකි. මන්ද යත්, ආහාර සැපයුම් දාමය පුරාවටම විශාල දායකත්වයක් ලබා දෙන සියලු දෙනා මෙහිදී ඇගයීමට ලක්වන හෙයිනි. ජාතීන් 150ක පමණ සහභාගීත්වයෙන්, සෑම වර්‍ෂයකම ඔක්තෝම්බර් 16 වන දින ලෝක ආහාර දිනය සමරනු ලැබේ.

ලෝක ආහාර දිනය 2020 වඩාත් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 75 වන සංවත්සරය සනිටුහන් කරන නිසාවෙනි. කාලාන්තරයක් පුරා FAO සංවිධානය විසින් ලෝක ප්‍රජාව කෙරෙහි ඉටු කරන ලද අතිමහත් වූ සේවය ඇගයීමට එමඟින් මනා අවස්ථාවක් සැලසේ. තවද මේ වන විට මුලු මහත් ලෝකයම වෙළාගෙන ඇති Covid-19 වසංගත තත්වය තුළ උද්ගත වූ ආහාර වල ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාව පිළිබඳ ගැටලු, මෙම දින සැමරුමේ අවශ්‍යතාව වඩාත් තීව්‍ර කරයි. එසේම මෙම වසංගත තත්වය, ආහාර සැපයුම් දාමයේ විවිධ අවස්ථා වලදී දායක වන පුද්ගලයින් කෙරෙහි අප සිත් තුළ ඇති ඇගයීම නැවත පණ ගැන්වීමට ද මඟ පාදා ඇත.

මෙවර ලෝක ආහාර දින සැමරුමේ තේමාව වන්නේ “Grow, Nourish, Sustain, Together” යන්නයි. ආහාර පද්ධති සංවර්ධනය කරමින්, ශීඝ්‍රයෙන් වර්ධනය වන ලෝක ජනගහනය සඳහා ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර සපයමින්, සියලු දෙනා එකමුතුව, තිරසාර ලෝකයක් නිර්මාණය කිරීමට මං සැලසීම මෙම සැමරුමේ අරමුණයි. ආහාර පද්ධති වඩාත් ශක්තිමත් කරමින්, දේශගුණික කම්පනයන්ට ඔරොත්තු දීමටත්, ආහාර පද්ධති කම්කරුවන්ගේ ජීවනෝපායන් සවිමත් කිරීමටත් හැකි ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම සඳහා මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත. ඒ සඳහා පොදු සමාජයට, රජයට හා පෞද්ගලික ආයතන වලට පැවරෙන වගකීම් FAO සංවිධානය විසින් වෙන් වෙන්ව දක්වා ඇත. ලෝක ආහාර දින සැමරුමේ ප්‍රධාන උත්සවය රෝමයේදී පැවැත්වෙන අතර ඊට සමගාමීව විවිධ රටවල සැමරුම් උත්සව පැවත්වීමට නියමිතය.

ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සහ ආරක්‍ෂාව සහතික කිරීම ඉතා වැදගත් හා අභියෝගාත්මක කාර්‍යයකි. එයට ගෝලීය ප්‍රජාවේ සාමූහික උත්සාහය හා කැපවීම අවශ්‍ය වේ. සෞඛ්‍ය අර්බුදයක් මධ්‍යයේ, නව අදහස් ඉස්මතු වීමට, ආහාර දාමයන් හා සම්බන්ධ සියලු දෙනා හට ප්‍රශංසා කිරීමට හා ඔවුන් ධෛර්‍යමත් කිරීමට සහ තිරසාරත්වය කරා යන ගමන වේගවත් කිරීමට ලෝකය පොළඹවා ගැනීමට මෙවර ලෝක ආහාර දින සැමරුම කදිම අවස්ථාවක් වනු ඇත.

පරිවර්තනය: ශිමානි උමේෂා ආටිගල

#worldfood

#worldfoodday

#worldfoodday2020

#sfstuop #sfst_UoP

#UniversityofPeradeniya


Article 29- ගුණ සපිරි වට්ටක්කා වල අතුරු නිෂ්පාදන "By - products of nutritious Pumpkin"

වට්ටක්කා යනු ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය එළවලුවකි. වට්ටක්කා අධික පෝෂන ගුණයකින් යුක්ත වන අතර vitamin A වලින් පොහොසත් වේ. එය විටමින් හා ඛනිජ ලවණ වලින් පොහොසත් නමුත් අඩු කැලරි ප්‍රරමාණයක් පවතී. එමෙන්ම වට්ටක්කා ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් (antioxidant) වන Beta-carotene වලින්ද පොහොසත්‍ වේ. මෙම Beta-carotene අප ශරීරය මගින් Vitamin A බවට පරිවර්තනය කිරීමේ හැකියාව පවතී. වට්ටක්කා වල ප්‍රතිඔක්සිකාරක බහුලව ඇති බැවින් නිදන්ගත රෝග ඇතිවීමෙ අවදානමද අඩු කල හැකිය. මීට අමතරව alpha-carotene, beta-cryptoxanthin වැනි ප්‍රතිඔක්සිකාරකද වට්ටක්කා වල අන්තර්ගත වේ. තවදුරටත් වට්ටක්කා වල potassium, calcium, magnesium, iron, zinc, Vitamin A,C,E, Lutein, Zeaxanthin ද පවතී.

මෙලෙස අධික පෝෂනීය ආහාරයක් වන නමුත් පසුගිය කාලයේ වට්ටක්කා ගොවීන් විසින් තම පළදාව විකුණා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත් වීමට සිදු විය. ශ්‍රී ලංකාව තුල වට්ටක්කා බහුලව පවතින නමුත් වට්ටක්කා යොදාගෙන සිදු කරන අතුරු නිෂ්පාදන සහ එම නිෂ්පාදන අපනයන සදහා යොදවා ඇති අවධානය ඉතා අඩුය. වට්ටක්කා යොදාගනිමින් කරන අතුරු නිෂ්පාදන සහ අපනයනය දියුණු මට්ටමක පැවතියේනම් මෙලෙස ඵලදාව අපතේ නොයවා රැක ගැනීමට බොහෝ සේ ඉඩකඩ තිබුනි.

වට්ටක්කා වලින් නිපදවිය හැකි අතුරු නිෂ්පාදන රැසකි. වට්ටක්කා මගින් වට්ටක්කා පිටි හෝ වට්ටක්කා කුඩු නිපදවීමේ හැකියාව ඇත. වට්ටක්කා කුඩු නිපදවීම සදහා වට්ටක්කා මදය මෙන්ම බීජ සහ පොත්තද යොදාගැනීමෙ හැකියාව පවතී. මෙම වට්ටක්කා කුඩු වල ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, තන්තු, කැරොටීන්, විටමින්, පෙක්ටින්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම් වැනි සෞඛ්‍යමය වාසි ලබාදෙන තවත් බොහෝ අමුද්‍රව්‍ය ඇත. බේකරි නිෂ්පාදන, ළදරු ආහාර, රසකැවිලි සහ තවත් බොහෝ නිෂ්පාදන සදහා පුළුල් භාවිතයක් ඇති බැවින් වට්ටක්කා කුඩු සදහා ආහාරපාන නිෂ්පාදකයින් අතර දැඩි ඉල්ලුමක් පවතී.

වට්ටක්කා තුල ඇති වට්ටක්කා බීජ වලින්ද නිෂ්පාදන වර්ග රැසක් සිදු කල හැක. වට්ටක්කා බීජ එකතුකර, ඒවා පිරිසිදු කර කෙලින්ම වියලීමෙන් හෝ බේක් කිරීමෙන් පසුව සුලු කෑමක් (snack food) ලෙස පරිභෝජනය කිරීමේ හැකියාව ඇත. එමෙන්ම ඒවා රසයෙන් වැඩි දියුනු කර ඇසුරුම් කිරීමෙන් වෙළදපොල ඉලක්ක කරගත් නිෂ්පාදන රැසක් සිදු කල හැක. වට්ටක්කා බීජ වියළා ලබාගත් පිටි වලින් සෑදූ pasta වර්ගද වෙළදපොලෙහි දක්නට ලැබේ.

වට්ටක්කා බීජ වලින් ලබාගන්නා තෙල්ද (pumpkin seed oil) පාරිභෝගික ආකාර්ෂණය ලබාගෙන ඇති නිෂ්පාදනයකි. වට්ටක්කා බීජ තෙල් විවිධ ජෛව සක්‍රීය සංයෝග (bioactive compounds) වලින් පොහොසක් ප්‍රභවයක් වන අතර එය ආහර පාන සැකසීම සදහා යොදාගන්නා තෙල් වර්ගයක්ද වේ. මෑත වසරවලදී කරන ලද අධ්‍යනයන් මගින්, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ පිළිකා ඇතුලු බොහෝ රෝග වලට එරෙහිව වට්ටක්කා බීජ තෙල් වල ඇති සෞඛ්‍යමය ගුණ ඉස්මතු කර ඇත. මෙම බීජ තෙල් ප්‍රතිබැක්ටීරීය (antibacterial) සහ ප්‍රතිඔක්සිකාරක ගුණද පෙන්වයි. වට්ටක්කා බීජ තෙල්, ඉතා මිල අධික ඔලිව් තෙල් සදහා විකල්පයක් විය හැක.

වට්ටක්කා බීජ යොදාගෙන සෑදූ බටර් ද වෙළදපොලේ දක්නට ලැබෙන අතර එය රටකජු බටර් සදහා විකල්පයක් ලෙස භාවිතා කෙරේ.

වට්ටක්කා වල මිනිස් පරිභෝජනයට නොගෙන ඉවත් කරන් මදය, බීජ සහ පොතු යනාදිය උපයෝගී කරගනිමින් සත්ත්ව ආහාර නිපදවීමේ හැකියාව ඇත. එමගින් ආහාර අපතේ යාම සම්පූර්ණයෙන්ම වැළකෙන අතර පරිසර පද්ධති වල තිරසාරභාවයට දායක වීමටද හැකිවේ.

මෙලෙසින් ඉහත සදහන් කල නිෂ්පාදන වර්ග වලට අමතරව තවත් නිෂ්පාදන වර්ග රැසක් වට්ටක්කා යොදාගෙන සිදු කල හැකිය. ශ්‍රී ලංකාව වැනි වට්ටක්කා වගාව බහුලව පවතින රටක මෙවන් අතුරු නිෂ්පාදන සිදු කිරීමට අවශ්‍ය ව්‍යාපාරික දැනුම සහ තාක්ෂණික දැනුම මහජනතාවට ලබාදෙන්නේ නම් අපනයනයන් මගින් ඉහළ ආදායම් ලබා ගැනීමේ හැකියාව පවතී.

සැකසුම - ප්‍රවීනි මනෝද්‍යා

මූලාශ්‍ර -

https://pubmed.ncbi.nlm.nih.gov/27068642/

https://www.sciencedirect.com/.../pii/S2211601X11000691...

https://www.researchgate.net/.../26469832_Utilization_of...

Article 28- ආහාර අපවිත්‍ර වන ආකාර හා ඒවායේ සෞඛ්‍ය තර්ජන"Methods of Food contamination and their threats related to Health"

ආහාර දූෂණය (Food Contamination) ලොව පුරා දරුණු මහජන සෞඛ්‍ය ගැටළුවක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසරකම මිනිසුන්ට ආහාර මඟින් බෝවන රෝග ඇති වන බව නිරීක්ෂණය කර ඇත. කෙසේ වෙතත්, ආහාර අපවිත්‍ර වීමට නිශ්චිත හේතු සහ එය ඔබේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන දන්නේ ස්වල්ප දෙනෙක් පමණි.

ආහාර ද්‍රව්‍ය හසුරුවන විට හෝ පිසින විට, බැක්ටීරියා, පරපෝෂිතයන් සහ වෛරස් වැනි රෝග කාරක ජීවීන් ආහාර දූෂණයට හේතු වේ. රෝග කාරක පරපෝෂිතයින් විසින් විෂ ද්‍රව්‍ය නිපදවන අතර එය ආහාර විෂවීමකටද හේතු විය හැක. ඊට අමතරව, පළිබෝධනාශක, ඇතැම් පිරිසිදු කිරීමේ සංයෝග, ආහාර අපවිත්‍ර කරයි.

ආහාර දූෂණය වීමට හේතු විය හැකි හේතු ගණනාවක් තිබේ. මේ අනුව ආහාර දූෂණය විවිධ කාණ්ඩ හතරකට අයත් වේ. ඒවා නම්,

ජෛව දූෂණය (Biological Contamination), රසායනික දූෂණය (Chemical Contamination), භෞතික දූෂණය (Physical Contamination) සහ  Cross Contamination.

ජෛව දූෂණය සිදුවන්නේ බැක්ටීරියා හෝ වෙනත් හානිකර ක්ෂුද්‍ර ජීවීන් ආහාර දූෂණය කරන විට ය. එය ආහාර විෂවීම හා ආහාර නරක් වීමට පොදු හේතුවකි. රෝග කාරක බැක්ටීරියා හෝ වෙනත් විෂබීජ (Causative Agents) ලෙස හැඳින්වෙන අතර ඒවා ආහාරයට පැතිරී පරිභෝජනය කරන විට ආහාර විෂවීමක් සිදුවිය හැකිය.

භෞතික වස්තූන් ආහාරයට ඇතුළු වූ විට භෞතික දූෂණය සිදු වේ. භෞතික දූෂණය වීමේ පොදු ප්‍රභවයන් සහ එය වැළැක්වීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ආරක්ෂිත උපදෙස් කිහිපයක් නම්:

• හිසකෙස්: සෑම විටම කොණ්ඩය පිළිවෙලට බැඳ තබා ගැනීම.

• වීදුරු හෝ ලෝහ: ඉරිතලා ඇති හෝ කැඩුණු උපකරණ මෙන්ම ඒ හා සම්බන්ධ ඕනෑම ආහාරයක් ද ඉවත දැමිම.

• පළිබෝධකයන්: මීයන් සහ කැරපොත්තන් වැනි පළිබෝධකයන්

• ආභරණ: ආහාර පිළියෙළ කිරීමේදී අවම ආභරණ පැළඳීම

• නියපොතු: අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා නියපොතු කෙටි කර, පිරිසිදුව තබා ගැනීම. ව්‍යාජ නියපොතු පැළඳීමෙන් වැළකීම, මේවා පහසුවෙන් වැටී ආහාර අපවිත්‍ර කළ හැකිය.

රසායනික අපවිත්‍ර ද්‍රව්‍ය ආහාර දූෂණය වීමේ බරපතල ප්‍රභවයක් වන අතර ඒවා ආහාර විෂවීමකට ද හේතු විය හැක. පලතුරු හා එළවළු වල ඇති පළිබෝධනාශක(pesticides) අපවිත්‍ර වීමේ ප්‍රධාන ප්‍රභවයකි. මීට අමතරව, මුළුතැන්ගෙයි පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය(kitchen cleaning agents), ආරක්ෂිත නොවන ප්ලාස්ටික් වලින් සාදන ලද ආහාර බහාලුම් (food containers made of non-safe plastic ), පළිබෝධ පාලන නිෂ්පාදන(pest control products) ද ආහාර අපවිත්‍ර වීමට හේතු වේ.

අපෙන් බොහෝ දෙනෙක් cross contamination ගැන නොදැන සිටිති.

Cross contamination යනු හානිකර හෝ අපිරිසිදු ඕනෑම ද්‍රව්‍යයක් එක් ද්‍රව්‍යකින් හෝ වස්තුවකින් ආහාරයකට නොදැනුවත්වම ව්‍යාප්ත වන ක්‍රියාවලියයි. කෙසේ වෙතත්, මෙය සෞඛ්‍ය ගැටළු රැසකට තුඩු දිය හැකිය. ඔබ මුළුතැන්ගෙයි භාවිතා කරන ඕනෑම වස්තුවකින් රෝග කාරක(pathogens) ප්‍රවාහනය කරන විට cross contamination සිදු වේ. අපිරිසිදු මුළුතැන්ගෙයි ඇඳුම්, අපිරිසිදු උපකරණ, පළිබෝධකයන්, අමු ආහාර (raw food) ගබඩා කිරීම මෙයට හේතු විය හැක. Cross contamination වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් මෙන්න:

• විවිධ වර්ගයේ ආහාර පිළියෙළ කිරීම සඳහා වෙනම උපකරණ භාවිතා කිරීම. ආහාර සැකසීම සඳහා එකම කැපුම් පුවරුව(chopping board) සහ පිහිය භාවිතා කිරීමෙන් වැළකීම.

• අමු ආහාර අනුභව නොකිරීමට වග බලා ගැනීම.

cross contamination වැළැක්වීම සඳහා පිසූ ආහාර සහ අමු ආහාර වෙන වෙනම ගබඩා කිරීම.

• Cross contamination වැළැක්වීම සඳහා කුණු කසළ නිවැරදිව බැහැර කිරීමට වග බලා ගැනීම. ආසාදන අවදානම වළක්වා ගැනීම සඳහා අපද්‍රව්‍ය බඳුන් පිරිසිදු කිරීම.

ආහාර විෂවීමේ වැඩි අවදානමක් ඇත්තේ කාටද?

ඕනෑම කෙනෙකුට ආහාර විෂවීමක් සිදු විය හැකි වුවද, සමහර වයස් කාණ්ඩ වලට වැඩි අවදානමක් ඇත. පහත සඳහන් වයස් කාණ්ඩවල අයට ආහාර විෂවීමේ වැඩි අවදානමක් ඇත.

• අවුරුදු 5 ට වඩා අඩු ළමුන්

• ගර්භනී කාන්තාවන්

• වැඩිහිටි පුද්ගලයින්

• දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ඕනෑම පුද්ගලයෙකුට පහත උපදෙස් අනුගමනය කිරීමෙන් ආහාර සනීපාරක්ෂාව සහතික කළ හැකි අතර ආහාර දූෂණය වීම වළක්වා ගත හැකිය:

1. පිරිසිදුව තබා ගන්න.

ආහාරවල පිරිසිදුකම සහතික කිරීම මෙන්ම පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රම   අනුගමනය කරන බවට වග බලා ගැනීම ද වැදගත් ය. යමෙක් ආහාර පිළියෙළ කිරීමට පෙර, අතරතුර සහ පසු දෑත් පිරිසිදු කළ යුතුය. ආහාර සැකසීමේදී අවශ්‍ය සියලු මතුපිට හා උපකරණ නිසි ලෙස පිරිසිදු කිරීම ද වැදගත් ය. මුළුතැන්ගෙය අවට හානිකර රසායනික ද්‍රව්‍ය නොමැති බවට වග බලා ගන්න.

2. අමු සහ පිසූ ආහාර වෙන් කරන්න.

අමු ආහාර යුෂවල (මස්, කුකුළු මස් සහ මුහුදු ආහාර) බොහෝ විට හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු වේ. මේවා සකස් කිරීමේදී සහ ගබඩා කිරීමේදී පවා වෙනත් ආහාර සමග මිශ්‍ර වියහැකිය. Cross contamination වැළැක්වීම සඳහා ඒවා වෙනත් ආහාර වර්ග වලින් වෙන් කිරීම වැදගත්ය. එවැනි ආහාර සඳහා ගැලපෙන ගබඩාවල ඒවා තබා ගත හැකිය.මීට අමතරව, අමු ආහාර හැසිරවීමේදී භාවිතා කරන පිහි සහ කැපුම් පුවරු වැනි උපකරණ ද නැවත භාවිතා කිරීමට පෙර හොඳින් පිරිසිදුකළ යුතුය.

3. හොඳින් උයන්න.

නිසි ආහාර පිසීම යනු අමු ආහාරවල ඇති විය හැකි හානිකර ක්ෂුද්‍ර ජීවීන් “මරා දැමීමට” එක් ක්‍රමයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පිසීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු ආහාර වර්ග වන්නේ: Grinded meat, big joints of meat, and even whole chicken.

4. ආහාර ආරක්ෂිත උෂ්ණත්වයක තබා ගන්න.

සමහර අවස්ථාවලදී, කාමර උෂ්ණත්වයේ දී ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රජනනය කිරීමට හා ඉක්මනින් පැතිර යාමට හැකිය. ආහාර ගබඩා කිරීම සඳහා ආරක්ෂිතම ක්‍රමය වන්නේ සෙල්සියස් අංශක 5 ට වඩා අඩු සහ සෙල්සියස් අංශක 60 ට වඩා වැඩි උෂ්ණත්වයක ගබඩා කිරීම ය.  එමගින් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය මන්දගාමී කිරීම හෝ නතර කිරීම කළ හැකිය.

පරිභෝජනය නොකළහොත් පිසින ලද හා නරක් වන ආහාර (perishable food) වහාම ශීතකරණය කළ යුතුය.

5. ආරක්ෂිත ජලය සහ අමුද්‍රව්‍ය  භාවිතා කරන්න.

හානිකර ක්ෂුද්‍ර ජීවීන් හා රසායනික ද්‍රව්‍ය මගින් ජලය හා අමුද්‍රව්‍ය දූෂණය වීම පහසුය. ආහාර පිසීමේදී හෝ පරිභෝජනය කිරීමේදී ආරක්ෂිත ජලය සහ අමුද්‍රව්‍ය භාවිතා කළ යුතුය.සැක සහිත නම්, ෆිල්ටර(filters) භාවිතයෙන් හෝ රත්කිරීම මගින් පළමුව ජලය පිරිසිදු කිරීම වඩාත් සුදුසුය. මීට අමතරව, කල් ඉකුත් වූ ආහාර තවදුරටත් පරිභෝජනය නොකළ යුතුය.

ආහාර මගින් බෝවන රෝග වලින් ආරක්ෂාවීම සඳහා ආහාර දූෂණය වීම වළක්වා ගැනීම අපගේ වගකීමයි.

සැකසුම - Chathubhani Hettiarachchi

මූලාශ්‍ර- 

https://www.rappler.com/.../hunger/89988-food-safety-tips

https://www.who.int/news-room/fact-sheets/detail/food-safety

https://www.sciencedirect.com/.../agri.../food-contamination

https://www.foodsafety.com.au/.../what-is-food-contamination

Article 27- ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු හරිත තේ "Antioxidative attributes in Green tea"

ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් යුතු හරිත තේ (Green tea)

(Sinhala article with English Translation.)

තේ යනු ලොව පුරා පරිභෝජනය කරන වඩාත් ජනප්‍රිය පානයකි. ලෝකයේ විවිධ ප්‍රදේශවල හරිත තේ (green tea), කළු තේ(black tea) හෝ ඕලොන්ග් තේ (Oolong tea) ලෙස වර්ග රැසකින් තේ පරිභෝජනය කරයි. කෙසේ වෙතත්, මේ සියල්ල අතර, හරිත තේ පරිභෝජනය මිනිස් සෞඛ්‍යයට වඩාත්ම වැදගත් බලපෑම් ඇතිකර ඇති බව නිරීක්ෂණය කර ඇත.

වත්මන් ආහාර පුරුදු සැලකීමේදී green tea හෙවත් හරිත තේ පරිභෝජනය සඳහා වැඩි නැඹුරුවක් මෑතකාලීනව දක්නට ලැබේ. Green tea භාවිතා කරනවා යැයි පැවසුවත් එයින් සිදුවන දේ පිලිබඳ බොහෝ දෙනාට අවබෝධයක් නැත.

ලොව පුරා වැඩිපුරම පරිභෝජනය වන පානයක් ලෙස තේ හැඳින්විය හැකි නමුත් හරිත තේ , නැත්නම් green tea නිෂ්පාදනය 20%ක් පමණකි.

චීනය සහ ඉන්දියාවට ආවේණික හරිත තේ, ගෝලීය වශයෙන් සියවස් ගණනාවක් තිස්සේ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා පරිභෝජනය කර ඇති අතර ඇමරිකාව , බ්‍රිතාන්‍ය වැනි රටවල් ද green tea නිෂ්පාදනය කෙරෙහි දැන් වැඩි අවධානයක් යොමු කරමින් සිටියි.

අප එදිනෙදා බීමට ගන්නා සාමාන්‍ය තේ කොල හා green tea අතර තිබෙන වෙනස තීරණය වන්නේ ඒවාගේ නිෂ්පාදන ක්‍රියාවලිය මතයි. මෙහිදී සාමාන්‍යයෙන් තේ කොල නිෂ්පාදනය අවසානයේ දුඹුරු පැහැයක් ගන්නා අතර green tea නිෂ්පාදනය අවසානයේ සාමාන්‍යයෙන් සිදුවන පැසීමේ ක්‍රියාවලිය සිදුනොවන බැවින් කොළ පැහැයක් ගනියි.

හරිත තේ ලෝකයේ සෞඛ්‍ය සම්පන්නම පානයක් ලෙස සැලකෙන අතර විවිධ වර්ගයේ හරිත තේ තිබේ.ඕනෑම තේ වර්ගයක ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වේ. හරිත තේ ඔක්සිකරණය නොකළ කොළ වලින් සාදා ඇති අතර එබැවින් වඩාත්ම ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රයෝජනවත් පොලිපෙනෝල් අඩංගු වේ. තවද, තේ කොල වල catechine නැමැති රසායනික සංයෝගය අඩංගු වන අතර මෙහිදී සාමාන්‍ය තේ කොල නිෂ්පාදනයේ දී එම තේ කොල පැසීමට ලක් කරන නිසා මෙම catechine සංයෝගය ප්‍රමාණයෙන් අඩු වේ. නමුත් green tea එසේ නොකරන නිසා catechine ප්‍රමාණය වැඩියෙන් අඩංගු වේ. Green tea වල ප්‍රධානම ගුණය වන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයයි. මෙහිදී මෙම green tea වල වැඩි වශයෙන් අඩංගු catechine වල මෙම ඔක්සිකාරක ගුණය වැඩි වශයෙන් පවතින අතර මෙමගින් අප ශරීරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම කරයි. එමෙන්ම එය සෛල හානි වැළැක්වීමට උපකාරී වේ. මේ නිසා බොහෝ රෝගාබාධ වලින් සුවයක් ලබා ගැනීමට green tea ඉවහල් වේ.

1. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.

පිළිකා ඇතිවන්නේ සෛලවල පාලනයකින් තොරව වර්ධනය වීමෙනි. එය ලෝකයේ සිදුවන මරණ වලට ප්‍රධානතම හේතුවකි.

ප්‍රතිඔක්සිකාරක සංයෝග පිළිකා අවදානම අඩු කරන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇති අතර හරිත තේ යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයකි. හරිත තේ පානය කරන්නන්ට විවිධ වර්ගයේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු බව බහුවිධ අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.

2. මේදය දහනය වැඩි කරයි

ඔබ, මේදය දහනය කරන පෝෂණ අතිරේකයක , අමුද්‍රව්‍ය ලැයිස්තුව දෙස බැලුවහොත්, හරිත තේ එහි අඩංගු බව දැකගන්නට හැකිවේ. හරිත තේ මඟින් පරිවෘත්තීය වේගය ඉහළ නැංවිය හැකි අතර කෙටිකාලීනව මේදය දහනය වැඩි කළ හැකි බව සමහර පරීක්ෂණ මඟින් හෙලි වී ඇත.

3. වයසට යාමේදී වැලඳීමට ප්‍රවනතාවයක් ඇති මොළය ආශ්‍රිත රෝගාබාධ වලක්වයි.

හරිත තේ වල ඇති ජෛව සක්‍රීය සංයෝග මගින් මොළයට විවිධ ආරක්ෂිත බලපෑම් ඇති කළ හැකිය. වැඩිහිටි පුද්ගලයන්ට වැලඳීමේ අවදානම සහිත පොදු ස්නායු ආබාධයක් වන ඩිමෙන්ශියා අවදානම green tea මගින් අඩු කරයි.

4. හෘද රෝග වැළැක්වීමට උපකාරී වේ

ආගාතය ඇතුළු හෘද රෝග ලොව පුරා මරණයන්ට ප්‍රධාන හේතුවක් වේ. රුධිරයේ ඇති මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය හා LDL කොලෙස්ටරෝල් විශේෂයෙන් හෘද රෝග සඳහා හේතුවේ. හරිත තේ මඟින්, මෙම මුළු හා LDL කොලෙස්ටරෝල් අඩු කළ හැකි අතර LDL අංශු ඔක්සිකරණයෙන් ආරක්ෂා කරයි. හරිත තේ පානය කරන පුද්ගලයින්ට හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩු බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

5. දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

දියවැඩියාවේ දෙවන අධියරේ දී රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීම සිදුවන අතර එයට ඉන්සියුලින් ප්‍රතිරෝධය හෝ ඉන්සියුලින් නිපදවීමට ඇති නොහැකියාව හේතුවිය හැක. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ හරිත තේ මඟින් ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කළ හැකි අතර එමගින් රුධිරයේ සීනි මට්ටම අඩු කර දියවැඩියාව ඇතිවීමේ අවදානම ද අඩු කළ හැකි බවය.

6. මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය

හරිත තේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට උපකාරී වේ.

මෙහිදී ප්‍රධාන ක්‍රියාකාරී අමුද්‍රව්‍ය කැෆේන් වන අතර එය දන්නා උත්තේජකයකි.

Green tea වල කෝපි තරම් ප්‍රමාණයක් කැෆේන් අඩංගු නොවන නමුත් ඕනෑවට වඩා කැෆේන් පානය කිරීම හා සම්බන්ධ අමිහිරි බලපෑම් ඇති නොකර ප්‍රතිචාරයක් දැක්වීමට ප්‍රමාණවත්ය.

මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා කැෆේන් සමඟ සහයෝගීව ක්‍රියා කළ හැකි ඇමයිනෝ අම්ලය , L-theanine ද එහි අඩංගු වේ.

Green tea පරිභෝජනය කරන බොහෝ දෙනෙක්ගේ මතය නම්, කෝපි සමඟ සසඳන විට හරිත තේ පානය කරන විට වඩා ස්ථායී ශක්තියක් ලැබෙන බවත් වඩා ඵලදායී බවත්ය.

එමෙන්ම Green tea මගින් අපගේ මනසට ඉහළ සුවයක් ලැබෙන බවත් මිනිසුන්ගේ ධාරණ ශක්තිය ඉහළ දැමීමට සහ මොලේ සාධනීය සම්බන්ධතාව ඉහළ දමන බවත් පරීක්ෂණ මගින් සොයාගෙන ඇත.

7. බර අඩු කර ගැනීමට උපකාරී වනු ඇත

හරිත තේ මඟින් කෙටිකාලීනව පරිවෘත්තීය වේගය ඉහළ නැංවිය හැකි බැවින් එය බර අඩු කර ගැනීමට උපකාරී වේ. භයානක උදර මේදය අඩු කිරීම සඳහා එය විශේෂයෙන් ඵලදායී වේ.

බොහෝ නිදන්ගත රෝග වල අවදානම අවම කිරීම සදහා මෙම green tea හේතු වී ඇත්තේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වන පොලිපෙනෝල් විශාල ප්‍රමාණයක් තිබීමයි.

කෙසේවෙතත් green tea පානය සෞඛ්‍යයට හිතකර වුවත් අධිමාත්‍රාව අහිතකර බලපෑම් ඇතිකල හැක. විශේෂයෙන්, ගර්භණී හෝ මව්කිරි දෙන කාන්තාවන්, හෘදයාබාධ හෝ අධි රුධිර පීඩනය, වකුගඩු හෝ අක්මා ආබාධ වැනි ආබාධ ඇති අය green tea පානයේදි වඩාත් සැලකිලිමත් විය යුතු වේ. Green tea ඕනෑම වයස් කාණ්ඩයකට භාවිතා කිරීමට හැකි වුවත් විධිමත් ක්‍රමවේදයකට අනුව ඒවා භාවිතා කල යුතුය.

කෙසේවුවද සාමාන්‍ය තේ පානයට වඩා green tea පානය කිරීමෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ඔබට ලගා කරගත හැකිවේ.

සැකසුම - ලුම්බිණි විජේසූරිය

Health Benefits of Green Tea

----------------------------------------------

Tea is the mostly consumed beverage in the world only second to water. Mainly, black tea, oolong tea and green tea are consumed in different amounts in various regions of the world according to their interest. It is reported that, green tea has a higher impact on human health than other types of tea. But green tea is consumed by only 20% of the tea consumers. Therefore, it is vital to acknowledge the public about the importance of green tea consumption specially with the current food habits.

Green tea is native to China and India and in the present, it has been popular all over the world due to its health benefits. There are increasing trends of the green tea consumption in USA and UK for the past few decades.

Like other types, green tea is also produced from Camellia synensis plant. The type of tea depends on the processing method. Green tea is one of the less processed teas which appears in green colour due to the absence of fermentation process. As a result, it contains high amounts of anti-oxidants and beneficial polyphenols that leads to several health benefits. In the oxidation process, the amount of catechins is reduced. Hence, green tea contains higher amounts of catechins than black and oolong teas. Since catechin has a high anti-oxidant capacity, it prevents the bad impacts of bio chemical reactions occurred in the body. Further, it helps to prevent cell damages. Thus, green tea consumption avoids many diseases and disorders like cardiovascular diseases, type 2 diabetes, Alzheimer’s disease, liver disorder, etc.

• Prevention of some cancers

Statistics of National Cancer Institute proves that cancer is one of the major causes for deaths with the evidence of cancer mortality is 158.3 per 100,000 people per year. According to National Cancer Institute, the polyphenols in tea has the ability to decrease the tumor growth by killing cancerous cells and ceasing their growth. Since green tea contains higher amounts of anti-oxidants and polyphenols, it has the potential to reduce the risk of cancers.

• Increase the fat burning & weight loss

According to some laboratory experiments, it is revealed that green tea has the ability to increase the metabolic rate while increasing the short-term fat burning. In addition, green tea is one of the main ingredients in many fat burning formulas.

• Prevention of CVD

American Medical Association has concluded that green tea consumption associates with the reduction of mortality due to all causes including cardiovascular disease. Main causes for cardiovascular disease are total blood cholesterol and Low-Density Lipoprotein-LDL Cholesterol. Both total and LDL cholesterol amounts can be moderately reduced by green tea leading for a healthier heart. In addition, it prevents the oxidation of LDL cholesterol and reduce the risk of cardiovascular disease.

• Prevention of type 2 diabetes

Type 2 diabetes is caused by the resistance to the insulin hormone or the lack of production of insulin to maintain the normal glucose levels. Some studies have shown that green tea can enhance the effects of Insulin and as a result of that the risk of type 2 diabetes will be reduced.

• Prevention of Alzheimer’s disease and Dementia

Researchers suggest that green tea has the ability to enhance the cognitive functions of brain, basically the working memory. Primarily, bio active compounds of green tea such as CAGTE help to reduce the risk of Alzheimer’s disease as well as neuropsychiatric disorders like dementia.

• Enhance the cognitive function of brain

Caffeine is a central nervous system stimulant and it is the world’s most widely consumed psychoactive drug. One cup of green tea contains approximately 25mg of caffeine. Since it is less than the caffeine content in coffee, it prevents the bad effects of higher caffeine consumption. In addition, green tea contains L-theanine amino acid which can improve the function of caffeine related to the brain health. Furthermore, green tea helps to increase the memory capacity of human beings while providing a relaxation effect to the brain.

Higher number of beneficial polyphenols contained in green tea helps to prevent several chronic diseases. But higher consumption of green tea also causes problems specially in pregnant and lactating women, patients who suffer from high blood pressure, strokes, liver and kidney disorders. Green tea is suitable for any age group if it is consumed in required amounts.

Translated by Malindya Jayasekara

මූලාශ්‍ර -

https://www.medicalnewstoday.com/articles/269538#benefits

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2855614/

https://www.healthline.com/.../top-10-evidence-based...


Article 26- Is reusing oil  actually economically smart?? Or is it a mistake? - Re-Using cooking oils ;  coconut oils vs. vegetable oils.

In the South Asian region the cooking oil of popular choice is Coconut oil and a few other oils such as palm oils, palm oils and coconut oil blends, and vegetable oils.  Examples being  sunflower oil, canola oils and plant butters or animal fats such as cocoa butter, peanut butter, almond butters. Animal origin fats being spreads, margarines or butters made from fats extracted from animal milk such as cow, goat, sheep, buffalo or camel. Synthetic fat sources are also used such as fully or partially hydrogenated fats due to the concerns of lipoxygenation of unsaturated fats at high temperatures, high oxygen pressure environments and due to high water activity. However the use of hydrogenation poses certain health related issues such as cardiovascular disease promoting due to abnormal lipid profiles which is due to the percentages of trans- fatty acids that are formed during partial hydrogenation to create saturated fats. Therefore the use of vegetable oils has become popular due to the health beneficial effects due to the presence of mono-unsaturated and poly-unsaturated fatty acids. These fats help reduce the risk of high blood cholesterol levels and have other health benefits when they replace saturated fats in the diet. Two main types of polyunsaturated fats are omega-3 fats and omega-6 fats, which act slightly differently to provide health benefits. Omega-3 and omega-6 fats are essential in the diet as they can’t be made in the body.

Therefore much attention is given towards the use of plant oils because of the fluid nature that makes it versatile to use in various frying, baking, cooking and roasting applications which is economically preferred. However the fluid nature of vegetable oils is due to the higher percentages of mono-unsaturated and poly-unsaturated fatty acids that the percentage of saturated fatty acids. Examples of oils being olive oil, sunflower oil and canola oil. Coconut oil is an exception because the higher percentage is of the lauric acid (C12:0) (49%) which used to be considered as a short chain fatty acid, but was recently discovered to function as a long chain fatty acid. Therefore, it functions as a long chain saturated fat that thus can cause certain health complications with long term consumption beyond the recommended daily levels. Palm oil is also similiar to the the composition to that of palm oil except for a few factors. Therefore palm oils are used as complementing oil with coconut oil as a complementing partner for substituting in oils. Palm oil contains approximately 50% saturated fatty acids, The unsaturated fatty acids are approximately 40% oleic acid (C18:1) and 10% polyunsaturated linoleic acid (C18:2) and linolenic acid(C18:2). Coconut oil is composed of the fatty acids, caprylic acid, capric acid, lauric acid (C12:0) (49%), myristic acid (C14:0) , palmitic acid (C16:0) , stearic acid (C18:0) , oleic acid and linoleic acid.

                                                                             Inspite of all these during frying the temperatures of the oils increase and can cause deteriorating effects due to the breakdown products and formation of various other new products that can have deleterious health effects. Other than in other applications this becomes more apparent in frying and deep frying. Frying  oil  at  high  temperatures  (approximately  180oC  (356ºF)  or  over)  is  a  very  common  processing  method  used  to  prepare  foods of vegetable and animal origin. When using fresh oils to fry, the food may not carry the same fried flavours as when using re used oils, and will appear bland.

For the next part :- https://www.facebook.com/112510910100101/posts/320234632661060/

Article by Vinuri Arambepola

පිසින තෙල් (Cooking oils) හෙවත් පොල්තෙල් සහ එළවළු තෙල් නැවත නැවත භාවිතා කිරීම

දකුණු ආසියානු කලාපයේ ජනප්‍රියම පිසින තෙල් (Cooking oil) වර්ගය වන්නේ පොල්තෙල්ය. ඊට අමතරව පාම් තෙල්, පාම් තෙල් සහ පොල්තෙල් මිශ්‍රණ, එළවළු තෙල් වැනි තෙල් වර්ග භාවිත කරයි. උදාහරණ වන්නේ සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල් සහ Plant butters (Cocoa butter, Peanut butter, Almond butter) හෝ සත්ව මේද (Animal fats) යි. සත්ව සම්භවයක් ඇති මේද වන්නේ මාගරින් හෝ බටර් වේ. ඒවා ගවයින්, එළුවන්, බැටළුවන්, මී ගවයින් හෝ ඔටුවන් වැනි සත්වයින්ගෙන් ලබාගත් කිරි වලින් සාදාගනු ලබයි.

කෘත්‍රීම මේද ප්‍රභවයන් ලෙස, පූර්ණ හෝ අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකෘත (Hydrogenated) මේද භාවිතා කරයි. එයට හේතු වන්නේ ඉහළ උෂ්ණත්ව වලදී අසංතෘප්ත මේද වල Lipoxygenation ක්‍රියාවලිය, අධික ඔක්සිජන් පීඩන පරිසරයන්, සහ අධික ජල ක්‍රියාකරිත්වය (Water activity)යි.

කෙසේ වෙතත්, හයිඩ්‍රජනීකරණය නිසා ඇතැම් සෞඛ්‍ය ගැටළු ඇති විය හැකිය. නිදසුනක් ලෙස හෘද රෝග ඇතිවීම ප්‍රවර්ධනය වීම සිදුවේ. එයට හේතුවන්නේ, සංතෘප්ත මේද නිපදවීම සදහා අර්ධ හයිඩ්‍රජනීකරණයේ ප්‍රතිඵල ලෙස සෑදෙන ට්‍රාන්ස් මේද අම්ල (Trans fatty acids) වල ප්‍රතිශත නිසා ඇතිවන අසාමාන්‍ය මේද සංඝටකයන්ය.

Mono-unsaturated සහ Poly-unsaturated මේද අම්ල එළවළු තෙල් වල පවතී. ඒවායේ ඇති සෞඛ්‍යට හිතකර බලපෑම් හේතුවෙන් එළවළු තෙල් භාවිතය ජනප්‍රිය වී තිබේ.

මෙම මේද, අධික රුධිර කොලෙස්ටරෝල් මට්ටම අවම කරගැනීමට උපකාරී වේ.

ආහාරයේ අඩංගු සංතෘප්ත මේද වෙනුවට මෙම Mono-unsaturated සහ Poly-unsaturated මේද අම්ල භාවිතා කිරීමෙන් තවදුරටත් හිතකර සෞඛ්‍ය ප්‍රථිඵල ලගාකර ගත හැකිය. සෞඛ්‍යට හිතකර බලපෑම් ඇතිකිරීම සදහා තරමක් වෙනස් ලෙස ක්‍රියාකරන Poly-unsaturated fats වන්නේ Omega-3 සහ Omega-6 fats ය. Omega-3 සහ Omega-6 fats ශරීරයට සෑදිය නොහැකි බැවින්, ආහාර මගින් ශරීරයට ගැනීම අත්‍යාවශ්‍ය වේ.

එබැවින් ශාක තෙල් භාවිතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනුයේ ඒවායේ ඇති ද්‍රව ස්වභාවය නිසාත් ඒවා Frying, Baking, Cooking, Roasting වැනි ක්‍රියාවලි සදහා පහසුවෙන් යොදාගත හැකි නිසාත්, ආර්ථිකමය වශයෙන් වැඩි වාසි දායක වන නිසාත්ය. කෙසේ වෙතත් එලවලු තෙල් වල ද්‍රව ස්වභාවය පවතින්නේ අධික Mono-unsaturated and Poly-unsaturated මේද අම්ල හේතුවෙනි.

ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල් සහ කැනෝලා තෙල්, මේ සදහා උදාහරණ වේ. පොල්තෙල් වල වැඩි ප්‍රතිශතයකින් අඩංගු ලෝරික් අම්ලය (C12:0) (49%) කෙටි දාම මේද අම්ලයක් ලෙස සැලකුවද, එය දිගු දාම මේද අම්ලයක් ලෙස ක්‍රියාකරන බව මෑතකදී සොයා ගෙන ඇත. එබැවින් එය දිගු දාම සංතෘප්ත මේදයක් ලෙස ක්‍රියා කරන බැවින් එය නිර්දේශිත දෛනික මට්ටමට වඩා දිගු කාලීනව පරිභෝජනය කිරීමෙන් ඇතැම් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැක. Palm oil ද සුළු කරුණු කීපයක් හැරුණු කොට මීට සමාන ස්වරූපයක් දරනු ලබයි. මේ නිසා පොල්තෙල් සමග මිශ්‍ර කර භාවිතයට ගන්නා තෙල් වර්ගයක් ලෙස පාම් තෙල් ප්‍රකටය.

පාම් තෙල් වල ආසන්න වශයෙන් 50% සන්තෘප්ත මේද අම්ල අඩංගු වේ. එහි අඩංගු අසන්තෘප්ත මේද අම්ල වලින් ආසන්න වශයෙන් 40% oleic acid (C18:1) සහ 10% බහුඅසන්තෘප්ත Linoleic acid (C18:0), Linolenic acid (C18:2) වේ. පොල් තෙල් වල අඩංගු වන මේද අම්ල වනුයේ Caprylic acid, Capric acid, Lauric acid (C12:0)(49%), Myristic acid (C14:0), Palmitic acid (C16:0), Stearic acid (C18:0), Oleic acid සහ Linoleic acid වේ.

කෙසේ වෙතත් බැදීමේදී තෙල් වල උෂ්ණත්වය ඉහල යන අතර ඒ නිසා විවිධ සංඝටක බිදී යාම සහ නව සංඝටක ඇතිවීම මගින් අහිතකර සෞඛ්‍යමය බලපෑම් ඇතිකල හැකිය. අනෙක් යෙදුම් වලට වඩා මෙය බෙහෙවින් බලපාන්නේ බැදීමේදී සහ ගැඹුරු තෙලේ බැදීමේදීය. ඉහල උෂ්ණත්වයක් (ආසන්නව 180°C හෝ වැඩි) සහිත තෙල් වලින් බැදීම එළවළු සහ සත්ව සම්භවයක් සහිත ආහාර පිලියෙල කිරීමේදී භාවිතා කරන සුලබ ක්‍රමයකි. මෙලෙස බැදීමට යොදාගන්නා තෙල් වල ස්ථායීතාවයට බලපාන සාධක, අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක සහ තවත් කරුණු සමග දෙවන කොටසින් හමුවෙමු.

සැකසුම - විනුරි අරඹේපොල

සිංහල පරිවර්තනය -

මදාරා පල්ලෙමුල්ල

ප්‍රවීනි මනෝද්‍යා

මූලාශ්‍ර -

1. Coconut oil and palm oil's role in nutrition, health and national development: A review by Boateng, L., Ansong, R., Owusu, W. B., & Steiner-Asiedu

2. Risks with reusing cooking oil - IWACU english news

3. Coconut oil and palm oil's role in nutrition, health and national development: A review by Laurene Boateng, Richard Ansong, [...], and Matilda Steiner-Asiedu

4.Evaluation of Chemical and Physical Changes in Different Commercial Oils during Heating by De Alzaa F, Guillaume C and Ravetti L


Article 25- World Accreditation Day 

Accreditation: Improving Food Safety

Access to safe and nutritious food is an essential requirement of the world population as it directly affects on their health and wellbeing. Food safety includes all the practices that keep food safe. Food safety is a shared responsibility among many parties involved in the food supply chain, from farmers to the customers. Food related standardization and accreditation are two of the most contributing processes in ensuring food safety. 

In April 2019, a joint statement issued by the Food and Agriculture Organization of the United Nations (FAO), the World Health Organization (WHO) and the World Trade Organization (WTO) stated that, “Nearly 600 million people fall sick and 420 000 die prematurely each year because of food-borne diseases”. Accordingly, food borne diseases seem to have a serious impact on the public health, food security, productivity and poverty in the whole world. However, conformity assessment activities contribute to prevent and treat adverse effects of unsafe and adulterated food.

The conformity assessment activities include testing and calibration, certification, inspection and proficiency testing. Accreditation is the process of determining whether the above activities are carried out consistently, impartially and reliably fulfilling the correct requirements. Food testing labs are accredited to carry out a wide range of chemical, microbiological, packaging, sensory any many other tests. Certification bodies are accredited to carry out audits of food and feed handling sites throughout the supply chain. Inspection bodies are accredited to carry out activities in the food industry such as pre-shipment, plant health, meat and slaughterhouses inspection. Accreditation awarded include a number of national and international food safety schemes such as FSSC 22000, GLOBAL G.A.P Integrated Farm Assurance (IFA), International Featured Standards (IFS), APEDA and ISO 22000.

Within the food supply chain numerous activities are involved and are potential of creating food safety hazards. They may include, crop and animal production, transportation, storage, processing and packaging, distribution, retail and catering. In order to ensure safety, the conformity of these processes to their relevant standards should be assessed. Accredited certification, inspection, testing bodies play a main role in this regard. Hence accreditation is essential to maintain the efficiency and precision of food safety assurance.

Accreditation also show close relationship to SDGs through food safety. Accreditation influences the fulfillment of SDGs No poverty, Zero hunger, Good health and Well-being, Clean Water and Sanitation, Decent Work and Economic Growth, Industry, Innovation & Infrastructure, Sustainable Cities & Communities through the process of accrediting inspection and certification bodies. 

Integrated Accreditation Forum (IAF), is the world association of conformity assessment accreditation bodies and other bodies interested in conformity assessment processes. World Accreditation day Is marked on 9th of June, as a global initiative established by IAF and ILAC (International Laboratory Accreditation Cooperation) to promote the value of accreditation. This year’s theme focuses on how accreditation supports food safety, bolstering the confidence of consumers, suppliers, purchasers and specifiers in the quality and safety of food. In Sri Lanka, Sri Lanka Accreditation Board for Conformity Assessment (SLAB) is the national accreditation authority for conformity assessment.

S.U. Attygalle

Reference:  http://slabdev.online/events/world-accreditation-day-2020/

------------------------------------------

ප්‍රතීතනය - ආහාර ආරක්ෂිතතාව වැඩි දියුණු කිරීම

ආරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය කිරීමට හැකිවීම, ලෝක ජනගහනයේ අවශ්‍යතාවයක් වන අතර එය ඔවුන්ගේ සෞඛ්‍යයට මෙන්ම යහපැවැත්මට සෘජුවම බලපායි. ගොවීයාගේ සිට ගනුදෙනුකරුවා දක්වා ආහාර සැපයුම් දාමයට සම්බන්ධ සියළුම පාර්ශ්ව අතර ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම පිණිස බෙදීගිය වගකීමක් පවතී.  ඒ සඳහා ආහාර ප්‍රමිතිකරණය සහ ප්‍රතීතනය, මැනවින් දායක වන ක්‍රියාවලීන් දෙකක් ලෙස හැදින්විය හැක.

ආහාර මඟින් වැලදෙන රෝග නිසා මිලියන 600 කට ආසන්න ජනතාවක් රෝගාතුර වන අතර 420000 කට ආසන්න පිරිසක් සෑම වසරකම අකාලයේ මිය යයි. ආහාර මගින් බෝවන රෝග; ගෝලීය වශයෙන් මහජනතාවගේ සෞඛ්‍යය, ආහාරවල ආරක්‍ෂිතතාව, ඵලදායිතාව මෙන්ම දරිද්‍රතාවයටද දැඩි ලෙස බලපා ඇති බව පෙනී යයි. කෙසේ වෙතත්, අනුකූලතාව තක්සේරු කිරීමේ ක්‍රියාකාරකම් මඟින් අනාරක්ෂිත හා දූෂිත ආහාරවලින් සිදුවන අහිතකර බලපෑම් වැළැක්වීමට බෙහෙවින් ඉවහල් වේ.

අනූකූලතා තක්සේරු කිරීමේ ක්‍රියාකාරකම් යටතට පරීක්ෂණ සහ ක්‍රමාංකනය කිරීම, සහතික කිරීම, පරීක්ෂා කිරීම සහ ප්‍රවීණතා පරීක්ෂණ අයත් වේ. ප්‍රතීතනය යනු ඉහත ක්‍රියාකාරකම් අඛණ්ඩව, අපක්ෂපාතීව හා විශ්වසනීය ලෙස සිදු කරන්නේද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලියයි. රසායනික, ක්ෂුද්‍රජීව විද්‍යාත්මක, ඇසුරුම්කරණ, සංවේදක පරීක්ෂණ වැනි පරීක්ෂණ රාශියක් සිදු කිරීම ආහාර පරීක්ෂණාගාර මඟින් සිදු කරයි. ආහාර සැපයුම් දාමය පුරා ආහාර හා ආහාර හැසිරවීමේ අංශ විගණනය කිරීම සඳහා සහතික කිරීමේ ආයතන පිහිටුවා ඇත.  පරීක්ෂා කිරීමේ අංශ මගින් පූර්ව නැව්ගත කිරීම, ශාක සෞඛ්‍යය, මස් සහ ඝාතකාගාර පරීක්ෂා කිරීම වැනි කාර්යයන් රාශියක් සිදු කරයි.

ආහාර සැපයුම් දාමය තුළ විවිධ ක්‍රියාකාරකම් අඩංගු වන අතර ඒවා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට දායක වේ.  ඒවාට බෝග හා සත්ව නිෂ්පාදනය, ප්‍රවාහනය, ගබඩා කිරීම, සැකසීම සහ ඇසුරුම් කිරීම, බෙදා හැරීම, සිල්ලර වෙළෙඳාම හා ආහාර සැපයීම ඇතුළත් විය හැකිය.  ආහාර වල ආරක්ෂාව සහතික කිරීම සඳහා, මෙම ක්‍රියාවලීන් ඒවායේ අදාළ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කල යුතු වේ.  ප්‍රතීතනය සහතික කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂණ ආයතන මේ සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.  එබැවින් ආහාර ආරක්ෂිතාවයේ නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා ප්‍රතීතනය අත්‍යවශ්‍ය වේ.

ආහාර පරීක්ෂා කිරීමේ හා සහතික කිරීමේ ආයතන ප්‍රතීතනය කිරීමේ ක්‍රියාවලිය තුළින් දරිද්‍රතාවය ශුන්‍ය,  සාගින්න නොපෙලෙන, සෞඛ්‍යවත්, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව සහිත, ආර්ථික වර්ධනයක් ඇති, කර්මාන්ත, නවෝත්පාදන කර්මාන්ත වලින් යුතු, යටිතල පහසුකම් සහ තිරසාර නගර වලින් සපිරි ප්‍රජාවක් බිහි කිරීමට ඉවහල් වේ.

ජුනි 9 වන දිනට යෙදී ඇති ලෝක ප්‍රතීතන දිනයේ තේමාව වන්නේ ආහාර සුරක්‍ෂිතතාවයට ප්‍රතීතනය සහාය වන්නේ කෙසේද යන්න පිළිබඳවත් , ආහාරවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයින්, සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් සහ පිරිවිතරයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමත් ය.

පරිවර්තනය -සඳරේණු ධර්මප්‍රේම

Article 24- මොනවාද මේ විජලනය කල පලතුරු "Dehydrated fruits"

ශ්‍රි ලංකාව ඉතා රසවත් නිවර්තන පලතුරු වර්ග රාශියකට හිමිකම් කියන රටකි. එම පලතුරු පරිභෝජනයට පෙර නැවුම් ස්වරූපයෙන්ම තබා ගැනීම තුලින් ඒවායේ පෝෂණ ගුණය පවත්වා ගැනීමට හැකිවේ.

නමුත් පලතුරු ඉක්මනින් නරක් වන සුලු ආහාර වර්ගයක් බැවින් ඒවා කල් තබා ගැනීමේ උපක්‍රම භාවිතා කල යුතුය. නැවුම් භාවය රැකගනිමින් ඒවා කල් තබා ගත හැකි හොඳම ක්‍රමයක් ලෙස අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කිරීම දැක්විය හැක. නමුත් මෙම අඩු උෂ්ණත්ව තත්වය පලතුරු බෙදා හැරීමේ ක්‍රියාදාමය පුරාම නොවෙනස්ව පවත්වාගත යුතු වන නිසා ඒ සදහා ඉහල පිරිවැයක් දැරිය යුතු වේ.

මේ නිසාම ඒ වෙනුවට යොදා ගත හැකි ඉතා සාර්ථක කල් තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස පලතුරු විජලනය/ වියලීම හැදින්විය හැක.

මෙම ක්‍රියාවලිය සඳහා පදනම් වනුයේ ආහාර ද්‍රව්‍යයෙන් එහි අඩංගු ජල ප්‍රමාණය යම් දුරකට ඉවත් කිරීමයි. එකම මූලධර්මය මත පදනම් වුවත් විජලනය (dehydration) සහ වියලීම (drying) යන ක්‍රියාවලි එකිනෙකට සුලු වශයෙන් වෙනස් වේ.

මේ අතරින් විජලනය පාලිත තත්ත්ව (Controlled Conditions) යටතේ සිදු කෙරෙන අතර වියලීමේදී පාලිත තත්ත්ව භාවිතයක් සිදු නොවේ.

තවද, වියලීමකදී ආහාර ද්‍රව්‍යයෙන් එහි මතුපිට ඇති ජලය පමණක් ඉවත් වීම සිදුවන අතර විජලන ක්‍රියාවලියේදී පලමුව එහි මතුපිට ජලය ඉවත් වී, ඉන් පසුව එහි අභ්‍යන්තර ජලයද ක්‍රමයෙන් ඉවත් වීම සිදුවේ.

පලතුරු වැනි ආහාර ද්‍රව්‍ය විජලනය කිරීම තුලින් කල් තබා ගත හැකි අතර ඒවායේ බරද අඩු වන නිසා ප්‍රවාහන පහසුව අමතර වාසියක් වේ. එමෙන්ම ඇසුරුම්කරණ ක්‍රියාවලිය පහසු වන අතර මෙම ආහාර ද්‍රව්‍ය වලට සරල ඇසුරුම්කරණයක් ප්‍රමාණවත් වේ.

මෙම විජලන තාක්ෂණය ඈත අතීතයේ සිට සූර්ය ශක්තිය භාවිතයෙන් සිදු කරන ලදී. පසුව මෙම මුලධර්මය පදනම්ව ක්‍රියාත්මක වන solar dryers භාවිතයෙන් විජලන ක්‍රියාවලිය සිදු කරන ලදී.

මෙම තාක්ෂණය විවිධ බල ශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිසථාපනය කර ඇත. පහත දැක්වෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පලතුරු විජලනය සදහා කාර්මික මට්ටමින් බහුලව භාවිත වන තාක්ෂණික ක්‍රමවේදයන්ය.

1. Tray dryer- කපන ලද පලතුරු කැබලි තැටි මත තබා ඒවා වියලනයට පටවනු ලබයි. මෙවැනි සමහර dryers වල වියලි උනුසුම් වාතයේ චලනය පහසු කිරීම සදහා ඇතුලින් කුඩා පංකා ක්‍රියාත්මක වේ. උනුසුම් වායු ජනනය සදහා දර, ඩීසල් දහනය කිරීම සහ විදුලි ශක්තිය භාවිත කිරීම කල හැක. මෙහිදී නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සදහා බහුලව යොදා ගනු ලබන්නේ දර දහනයයි.

2. Freeze dryer- මෙහිදී පළමුව සිදු වන ක්‍රියවලිය වනුයේ අඩු උෂ්ණත්වයක් යටතේ, පලතුරු කැබලි වල ඇති ද්‍රව ජලය ඉතා කුඩා අයිස් කැට බවට පරිවර්තනය කිරීමයි. ඉන් අනතුරුව අඩු පීඩනයක් සහ යම් ඉහල උෂ්ණත්වක් යටතේ, එම අයිස් කැට ඍජුවම වාෂ්ප බවට පරිවර්තනය වී පලතුරු වලින් ඉවත්ව යයි. මෙම freeze drying ක්‍රමය, පලතුරු විජලනය සදහා ඇති ඉතාමත් හොද ක්‍රමයක් වනුයේ එමගින් ඒවායේ ඇති පෝෂණ ගුණය සහ අනෙකුත් තාප සංවේදී සංඝටක විනාශ නොවී අවසානයේදී ඉතා ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගත හැකි නිසාවෙනි.

මීට අමතරව, උෂ්ණත්වය සහ අනෙකුත් සැකසුම් තත්වයන් මනාව පාලනය කළ හැකි වැඩි දියුණු කරන ලද electric dryers නිපදවා ඇත. විජලනය කළ පලතුරු සදහා ඇති වත්මන් ප්‍රවණතාව සහ ඉල්ලුම සැලකිල්ලට ගෙන ඇතැම් කර්මාන්ත, සාමාන්‍ය නිතර පරිභෝජනය කරනු ලබන පලතුරු ලැයිස්තුවට අමතරව වරකා, කොමඩු සහ අනෝදා වැනි පලතුරුද විජලනය කොට අපනයනය සදහා යොමුව තිබේ.

වර්තමානයේදී විජලනය කළ පලතුරු නිෂ්පාදන, අගය එකතු කළ පලතුරු නිෂ්පාදන අතර ප්‍රමුඛ ස්ථානයක් ලබාගෙන ඇත. ශ්‍රි ලංකාව තුළ විජලනය කරනු ලබන ප්‍රධාන පලතුරු වර්ග වනුයේ අඹ, අන්නාසි, කෙසෙල්, පැපොල්, ලෙමන් සහ පේර ය. එම විජලනය කරන ලද පලතුරු නිෂ්පාදන ලොව පුරා රටවල් රැසකට අපනයනය කරනු ලබයි. (2016, 2017 සහ 2018 යන වර්ෂ වල විජලනය කර අපනයනය කරන ලද සමහර පලතුරු වර්ග සහ ඒවායේ ප්‍රමාණයන් පිලිබද දත්ත වගුවක් පලවෙනි කොමෙන්ටුවේ දක්වා ඇත.)

විජලනය කළ පලතුරු සදහා ඉතා ඉහල ඉල්ලුමක් නැගෙනහිර යුරොපීය රටවල් වලින් ලැබේ. මීට අමතරව ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, චීනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය ආදී රටවල් වලටද ශ්‍රී ලංකාවෙන් මෙවැනි නිෂ්පාදන අපනයනය කරයි. අගය එකතු කළ පලතුරු නිෂ්පාදන සදහා වන ගෝලීය ඉල්ලුම දිනෙන් දින වැඩි වුවත් ශ්‍රී ලංකාව සතු වෙළඳ පොල කොටස ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. අගය එකතු කළ පලතුරු ඉතා විශාල ප්‍රමාණයක් නිපදවන ඉන්දියාව වැනි රටවල් ප්‍රභල තරගකරුවන් ලෙස ගෝලීය වෙළෙඳ පොලට අවතීරණ වී තිබීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය.

නමුත් ශ්‍රි ලංකාවට විජලනය කළ පලතුරු ඇතුලු අනෙකුත් අගය එකතු කළ පලතුරු නිෂ්පාදන වල ප්‍රගතියක් තව දුරටත් අත් කර ගැනීමට ඉතා හොද විභවයක් පවතී. පලතුරු බෝග වර්ග රැසක් වගා කිරීම සදහා හිතකර උණුසුම් නිවර්තන දේශගුණයක් සහ සාරවත් පසක් පැවතීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය. තවද ශ්‍රි ලාංකීය පලතුරු වල ඇති අනන්‍ය වු ස්වභාවික රසයටද ඉහළ ඉල්ලුමක් ගෝලීය වෙළෙඳ පොල තුල පවතී.

සැකසුම - Sandaru Jayathissa

මූලාශ්‍ර 

Technological Revolution in Drying of Fruit and Vegetables - Pragati Singham (Indian Agricultural Research Institute),

Preeti Birwal (Punjab Agricultural University)

Challenges  In  vegetables  and  fruits  exports  in Sri  Lanka -  E.  Kaushalya Madanayake.

Recent advances in drying and dehydration of fruits and vegetables: a review - Sagar  V.  R.  .  Suresh Kumar  P.

Agstat vol XVI (2019)

Export performance Indicators 2009-2018 (Export Development Board)

Article 23- මොනවාද මේ කෘතීම පැණිරසකාරක  "Artificial sweeteners"

වර්තමානයේ බොහෝ ආහාර හා පාන වර්ග නිෂ්පාදනය කිරීමේදී කෘතීම පැණිරසකාරක එකතු කරනු ලැබේ.

මොනවද මේ කෘතීම පැණිරසකාරක?

කෘතීම පැණිරසකාරක යනු ආහාර හා පාන වර්ග පැණි රස ගැන්වීම සදහා භාවිතා කරන "සීනි ආදේශක" වේ. මේවා කෘතීමව නිපදවන ලද රසායනික ද්‍රව්‍ය වේ. සාමාන්‍යයෙන් අප එදිනෙදා භාවිතා කරන සීනි (Table sugar) හෙවත් සුක්‍රෝස් වෙනුවට විකල්පයක් ලෙස මේවා ආහාර රස ගැන්වීමට යොදාගනී.

සාමාන්‍ය සීනි වලට වඩා කෘතීම පැණිරසකාරක වල පැණිරස ස්වභාවය බොහෝසෙයින් වැඩිය. එබැවින් මේවා තීව්‍ර රසකාරක ලෙසද හදුන්වනු ලැබේ. එමනිසා සාමාන්‍ය සීනි විශාල ප්‍රමාණයකින් ලැබෙන පැණිරස ප්‍රමාණය කෘතීම පැණිරසකාරක සුලු ප්‍රමාණයකින් ලබාගත හැකිය.

මෙම කෘතීම පැණිරසකාරක පරිභෝජනය කිරීමෙන් ශරීරයට අඩු කැලරි ප්‍රමාණයක් හෝ කැලරි එකතු වීමක් සිදුනොවීම සිදුවේ. මේවා මිනිස් සිරුර තුළදී පරිවෘත්තීයට ලක්නොවීම හෝ එසේ ලක්වුවත් සිරුරේ ශක්ති අන්තර්ගතයට සැළකිය යුතු දායකත්වයක් නොදැක්වීම සිදුවේ. එබැවින් මේවා පරිභෝජනය කිරීමෙන් ශරීරයට එකතුවන කැලරි ප්‍රමාණය අඩු වේ.

පැණිරසකාරක, ස්වභාවික පැණිරසකාරක හා කෘතීම පැණිරසකාරක ලෙස වර්ග දෙකකි. එයින් කෘතීම පැණිරසකාරක කැලරි සැපයීම පදනම් කරගෙන නැවත කොටස් දෙකකට වර්ගීකරණය කරනු ලැබේ. ඒවානම් Nutritive sweeteners සහ Non-nutritive sweeteners වේ.

ඒ අතරින් Nutritive sweeteners වලට monosaccharide polyols (ex: Sorbitol, Mannitol, Xylitol) සහ disaccharide polyols (ex: Maltitol, Lactitol) අයත් වේ.

Non-nutritive sweeteners කෘතීම පැණිරසකාරක හෙවත් Artificial sweeteners ලෙස හදුන්වයි.

කෘතීම පැණිරසකාරකයක සතු ගුණාංග මොනවාද?

• මේවා පැණිරසක් සැපයිය යුතු වන අතර ආහාරයට ගැනීමෙන් පසු අමිහිරි රසයක් ඇති නොකෙරේ.

• මේවා පරිභෝජනය කිරීමෙන් ශරීරයට එකතු වන කැලරි ප්‍රමාණය අඩු හෝ කැලරි එකතු නොවීම සිදු වේ. (Low calories/Zero calories)

• ආර්ථිකමය වශයෙන් පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකිවේ.

• පිසින විටදී තාපය හමුවේ වියෝජනය නොවේ.

• පිළිකාකාරකයක් හෝ විකෘතිකාරකයක් නොවිය යුතුය. පිළිකාකාරක වලට පිළිකා ඇති කිරීමේ විභවයක් පවතින අතර විකෘතිකාරක, ජීවීන්ගේ ජාන වල භෞතික හෝ රසායනික වෙනස්කම් ඇති කිරීමට සමත් වේ.

කෘතීම පැණිරසකාරක එකතු කරනු කුමන ආහාර වර්ග වලටද?

පැණිබීම වර්ග, කාබනීකෘත බීම වර්ග, බේකරි නිෂ්පාදන, පුඩිං වර්ග, රසකැවිලි වර්ග, ජෑම් වර්ග, ජෙලි වර්ග, ටින් කරන ලද ආහාර, කිරි ආශ්‍රිත නිෂ්පාදන, චුවින්ගම්, දන්තාලේප, mouthwashes, snack foods, pharmaceuticals

මොනවද මේ අනුමත කෘතීම පැණිරසකාරක?

ආහාර පනත (Food Act) යටතේ ඇති ආහාර (පැණිරසකාරක) නියෝග (Regulations) - 2014 මගින් අනුමත කරන ලද කෘතීම පැණිරසකාරක වන්නේ Saccharin, Acesulfame potassium, Aspartame, Sucralose, Neotame ය.

ආහාර උපදේශන කමිටුව (Food Advisory Committee) විසින් මෙම පැණිරසකාරක, ආහාර වර්ග වලට අඩංගු කළ යුතු ප්‍රමාණ පිළිබදව නිර්දේශ කර ඇත. එම නිර්දේශිත ප්‍රමාණයන් ඉක්මවා ඒවා ආහාර වලට එකතු කිරීම නොකළ යුතුය.

ඉහත එක් එක් අනුමත කෘතීම පැණිරසකාරක විවිධ ආහාර වර්ග වලට, එනම් මද්‍යසාර නොවන පාන, අතුරුපස සහ සමාන නිෂ්පාදන, රසකැවිලි හා විවිධ නිෂ්පාදන වර්ග වලට එකතු කළ යුතු මාත්‍රාවන් ආහාර පනත (Food Act) යටතේ ඇති ආහාර (පැණිරසකාරක) නියෝග (Regulations) - 2014 වලින් දක්වා ඇත. මේවා Food and Drug Administration (FDA) විසින් නියාමනය (Regulate) කර ඇත.

කෘතීම පැණිරසකාරක හා සෞඛ්‍යය

කෘතීම පැණිරසකාරක ආහාරයට ගැනීම සම්බන්ධයෙන් විවිධාකාර මත පළවෙමින් පවතී. ස්ථුලතාවය, දියවැඩියාව, දන්ත සෞඛ්‍ය ගැටලු, අධිරුධිර පීඩනය, හෘදයාබාධ යනාදී රෝග වලට පිළියමක් ලෙස මිනිසුන් කෘතීම පැණිරසකාරක භාවිතයට පෙළඹී ඇත.

සාමාන්‍ය සීනි කැලරි ස්වරූපයෙන් අපගේ ශරීරයට ශක්තිය ලබාදෙයි. සීනි 1g ක කැලරි 4ක් අඩංගුය. අපගේ ශරීරයේ වර්ධනයට ශක්තිය අවශ්‍ය වුවද ඉහත සදහන් කළ රෝගාබධ ඇතිවීමට සීනි බොහෝ ප්‍රමාණයක් පරිභෝජනය කිරීම ද හේතුවක් වේ.

මෙම කෘතීම පැණිරසකාරක සීනි නොව සීනි ආදේශකයි. එබැවින් සීනි වෙනුවට මේවා යොදාගැනීම තුළ ශරීරයට එකතුවන කැලරි ප්‍රමාණය අඩුවේ. එසේම ඒවා පරිභෝජනය කිරීමෙන් සාමාන්‍යයෙන් රුධිරගත සීනි මට්ටම ඉහළයාමක් සිදු නොවේ.

දන්ත සෞඛ්‍යයේදී දත් දිරායාම, දත් කුහර ඇතිවීම බැක්ටීරියා ක්‍රියා නිසා සිදුවේ. බැක්ටීරියා මගින් දත් මතුපිට ඇතිකරනු ලබන අම්ල මගින් දත් දිරායාම සිදුවේ. සීනි සහිත ආහාර මෙම බැක්ටීරියා වලට ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. සීනි පරිභෝජනය අඩුවී විකල්පයක් ලෙස සීනි ආදේශක වලට යොමුවීම තුළ මෙම තත්ව යම්තාක් දුරකට මගහැරීම සිදුවේ. Toothpaste, Mouthwash නිෂ්පාදනයේදී රසයක් ගෙනදීමට ද මේවා භාවිතා කරයි.

ඖෂධ වර්ග නිෂ්පාදනයේදී ඒවායේ අමිහිරි රස ඉවත්කිරීමට මේවා ආවරණක සදහා යොදාගනියි. (ex: Syrups, Soluble tablets, Powders)

කෘතීම පැණිරසකාරක අඩංගු ආහාර සෞඛ්‍ය සම්පන්න ලෙස සැළකුවද ඒවායේ ආරක්ෂිතභාවය හා ඒවායින් ඇතිවන අතුරු ආබාධ පිළිබදව විවාදාත්මක මත පවතී. මේවා කෙටි කාලීන පරිභෝජනයෙන් අහිතකර බලපෑම් ඇති නොවූවද දිගු කාලීන පරිභෝජනයෙන් සෞඛ්‍ය ගැටලු ඇතුවීම සම්බන්ධව අවදානමක් පවතී.

FDA විසින් අනුමත කෘතීම පැණිරසකාරක GRAS (Generally Recognized As Safe - සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ) compound ලෙස ලේබල් කර තිබුන ද ඇමෙරිකාවේ Dietetic Association මගින් පවසන්නේ වයස අවුරුදු 2ට අඩු ළමුන්, ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් මෙම අනුමත කෘතීම පැණිරසකාරක FDA මගින් ආරක්ෂිත යැයි සැළකුව ද භාවිතා නොකල යුතු බවයි.

මොළයට හා ශරීරයට සීනි මගින් ඇති නොකරන, නමුත් කෘතීම පැණිරසකාරක මගින් ඇති කරන බලපෑම් කිහිපයක් පවතී.

කෘතීම පැණිරසකාරක ඇත්තෙන්ම සීනි වලට ඇති ආශාව වැඩි කරයි. සාමාන්‍යයෙන් අපගේ ශරීරය ආහාරයේ මිහිරි බව වටහාගෙන කැලරි අපේක්ෂා කරයි. කැලරි නොමැති මෙම සීනි ආදේශක පරිභෝජනය කළ විට, අපගේ ශරීරය විශාල ලෙස කැලරි ලබාගැනීමට අපව නැඹුරු කරවයි. එවිට මිනිසුන් වැඩි කැලරි ප්‍රමාණයක් වෙනත් ආහාර මගින් ලබාගැනීමට පෙළඹේ.

ආහාර ගැනීමේ රුචිකත්වයට හේතුවන මොළයේ food reward pathway සමග කෘතීම පැණිරසකාරක වලට සම්බන්ධතාවයක් පවතී. කැලරි රහිත පැණි රස බව මෙම food reward pathway හි ක්‍රියාවලියට බාධා කරන අතර රසකැවිලි සදහා දැඩි පෙළඹවීමක් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වැඩිපුර ආහාර ගැනීමට එනම් පැණිරස කිසිවක් පරිභෝජනය නොකරන අය හෝ සැබෑ සීනි (real sugar) පරිභෝජනය කරන අයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ඇති ආහාර තෝරා ගැනීමට නැඹුරු වේ. එමගින් ස්ථුලතාවය, අධිරුධිර පීඩනය වැනි බර ආශ්‍රිත රෝග ඇතිවිය හැක.

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ආහාර බිදහෙලීමට දායක වන හිතකර ක්ෂුද්‍ර ජීවීන් (Gut microbiota) වාසය කරයි. මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ සහ ඉන්සියුලින් මට්ටම් වල සිදුවන වෙනස්වීම් මගින් සැබෑ සීනි (real sugar) බිදහෙලීමට ශරීරයට ඇති හැකියාව වෙනස් කරයි. මෙය type 2 diabets (දියවැඩියාව) ඇතිවීමට හේතුවකි.

මෙම ක්ෂුද්‍ර ජීවීන්ගේ (gut microbiota) සිදුවන වෙනස්වීම මත අප ගන්නා අනෙකුත් ආහාර වල පෝෂක කොටස් ශරීරයට උරාගැනීම සම්බන්ධව ගැටලු ඇතිවේ. එවිට අප පෝෂ්‍යදායී ආහාර ලබා ගත්තද එමගින් විටමින් හා ඛණිජ ලවණ ශරීරයට අවශෝෂණය කරගැනීමට නොහැකි වීම සිදුවිය හැක.

එසේම මෙම කෘතීම පැණිරසකාරක භාවිතා කරන්නන් වැඩි පැණිරසට ඇබ්බැහි වීම තුළ ඔවුන්ගේ රුචිකත්වය වෙනස් වීම සිදුවේ. ස්වාභාවික පැණිරසින් යුත් අලුත් පලතුරු, තරමක තිත්ත/කහට රසයකින් යුතු එළවලු හා ධාන්‍ය වර්ග වැනි සෞඛ්‍යසම්පන්න ආහාර රසවින්දනයට ඔවුන්ගේ පෙළඹීම අඩුවේ.

තවද කෘතීම පැණිරසකාරක සහ සමහර පිළිකා, ආඝාතය (Stroke), හෘද රෝග, Alzheimer's disease, Parkinson's disease යනාදී රෝග අතර සම්බන්ධතාවයක් පවතීදැයි සොයාබැලීමට පර්යේෂණ වර්තමානයේ සිදුවෙමින් පවතී.

කෘතීම පැණිරසකාරක පරිභෝජනය කිරීමට මිනිසුන් ප්‍රිය වුවත්, මේවා අධික ලෙස පරිභෝජනය කිරීම නුසුදුසු ය. මේවායේ හිතකර සහ අහිතකර යන බලපෑම් දෙවර්ගයම පවතින නිසා ඒවා මධ්‍යස්ථව පරිභෝජනය කිරීම වඩාත් නුවණට හුරුය.

සැකසුම - Madara Pallemulla

මූලාශ්‍ර

"Artificial sweeteners: sugar-free, but at what cost?"

By Holly Strawbridge

Former Editor, Harvard Health Publishing

"Artificial sweeteners and other sugar substitutes"

by www.mayoclinic.org staff


Article 22- ආහාර ඇසුරුම්කරණයේදී නිවැරැදි ප්ලාස්ටික් ඇසුරුමක් තෝරාගන්නේ කෙසේද? "How to select appropriate plastic materials for food packaging"


ආහාර අසුරුම්කරණයේදී භාවිත වන Bottles, jars, tubs සහ trays, දෘඩ ප්ලාස්ටික් බහාලුම්(rigid plastic containers) ගණයට අයත් වේ.

මේ අතර Bags, sachets සහ pouches නම්‍යශීලී ප්ලාස්ටික් පටල(flexible plastic film) ගණයට අයත් වේ. ප්ලස්ටික් lid, caps, pouring සහ dispensing devices බහාලුම් සංරචක ලෙස භවිතා කරනු ලැබේ. ආහාර ඇසුරුම්කරණයේදී ප්ලාස්ටික් භාවිතා කිරීමට ප්‍රධාන හේතු කීපයකි. ඒවා ආහාර නරක් වීමෙන් ආරක්ෂා කිරීම, ආහාර සැකසුම් තාක්ෂණය සමඟ ඒකාබද්ධ කළ හැකි වීම, සාපේක්ෂව බරින් අඩු වීම, කැඩී බිඳී යාමේ අවදානමක් අවම වීම, සහ පුළුල් පරාසයක ඇසුරුම් ව්‍යුහයන්ගෙන් ලබා ගත හැකි වීම යනාදිය ඉන් ප්‍රධාන වේ.

ප්ලාස්ටික් නිපදවීමේදී භාවිත වන බහුඅවයවික ප්‍රධාන ආකාර දෙකකි. ඒවා නම් Thermoplastic බහුඅවයවික සහ thermosetting ( phenol formaldehyde, urea formaldehyde) බහුඅවයවිකයි. මේ අතරින් ආහාර ඇසුරුම්කරණයේදී බහුලව බාවිතා වන්නේ Thermoplastic බහුඅවයවික වන අතර Thermosetting බහුඅවයවික Bottle closures, pouring and dispensing devices වල භාවිත වේ.

ආහාර ඇසුරුම් කීරීමේදී බාවිතා වන thermoplastic බහුඅවයවික

LDPE(Low density polyethylene )

HDPE(High density polyethylene )

PP/OPP/BOPP(Polyethylene/Oriented PP/Biaxial PP)

PVC/PVDC( Polyvinyl-chloride/Polyvinyl-dichloride)

PET( Polyethylene terephthalate)

LDPE

ඇසුරුම්කරණයේදී භාවිතා කරන අනෙකුත් ප්ලාස්ටික් වලට වඩා තාප ප්‍රතිරෝධය අඩු වන අතර ද්‍රවාංකය 120◦C පමණ වේ. LDPE වල තවත් සුවිශේෂී ගුණංගයක් වන්නේ -70 oC පමන අඩු උෂ්ණත්වයේ දී නම්‍යතාවය රඳවා ගැනීමයි. එබැවින් එය ශීතකළ ආහාර ගබඩා කිරීම සඳහා ඇසුරුම් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කළ හැකිය. LDPE තරමක් ඉහළ ඔක්සිජන් පාරගම්‍යතාවයක් ඇති බැවින් ඒවා නැවුම් පලතුරු හා එළවළු ඇසුරුම්කරණයේදී MAP( Modified Atmospheric Packaging ) සඳහා භවිතා කරනු ලැබේ.

HDPE

HDPE බහුලව භාවිතා කරනුයේ Blow-moulded milk, Juice ඇසුරුම් කරන reduced clarity bottles සදහා වේ. HDPE වල වායු පාරගම්‍යතාවය සාපේක්ෂව වැඩි බැවින් රසායනික ඔක්සිකරණය වීමේ හැකියාවක් ඇති නිසා සිසිල් බීම ඇසුරුම් සඳහා භාවිතා නොවේ.

PP/OPP/BOPP

අනෙකුත් තාපස්‍තාපන බහුඅවයවික වලට සාපේක්ෂව අඩුම ඝනත්වය සහ ඉහළම ද්‍රවාංකය (165 oCදක්වා) PP  වල කැපීපෙනෙන ලක්ෂණ වෙයි. එබැවින් hot filling සහ මයික්‍රෝවේව් ඇසුරුම්වල භාවිතා වේ. තවද PP ඇසුරුම් භාවිතය සාපේක්ෂව අඩු පිරිවැයක් දරයි.

PP නම්‍යශීලී ඇසුරුම් (flexible packaging) ආහාර ඇසුරුම් සහ දෘඩ යන ආකාර දෙකෙන්ම බහුලව භාවිතා කරනු ලැබේ.

PP films 0◦C ට වඩා අඩු උශ්ණත්ව වලදී අස්ථාවර වන අතර -5◦C ට වඩා අඩු උශ්ණත්ව වලදී stress cracks දැකගත හැකිවේ. එබැවින් deep freezing කිරීමක් අවශ්‍ය නම් PE සමග laminate ලෙස භාවිතා කරනු ලැබේ.

එසේම, PP සතුව හොඳ තාප මුද්‍රා තැබීමේ(heat sealing) හැකියාවක් නොමැති බැවින් එයද PE(polyethylene)සමඟ Laminate ලෙස භාවිත කරනු ඇත.

PP films හි ඇසුරුම් කර ඇති ආහාර නිෂ්පාදන පුලුල් පරාසයක දැකගත හැකි අතර බිස්කට්, චිප්ස් ,snacks, චොකලට් සහ සීනි රසකැවිලි,තේ, කෝපි ඉන් සමහරක් වෙයි.

PP tubs යෝගට්, ශීත කළ ආහාර සහ අයිස්ක්‍රීම් සඳහාද සහ takeaway food containers සඳහාද මේවා භාවිතා කරයි. මෙවා පාරිභෝගිකයාට මයික්‍රෝවේව් සහ වාෂ්ප උඳුන් වල රත් කිරීමට හැකියාව ඇත.

PP සලකන විට ජල වාෂ්ප සදහා මධ්‍යස්ථ බාධකයක් ඇති අතර තෙල් හා මේද ප්‍රතිරෝධයක් ඇත. නමුත් OPP සහ BOPP ජල වාෂ්ප වලට වඩා හොඳ බාධකයක්( better barrier ) වන අතර තෙල් හා මේද ප්‍රතිරෝධයක් ඇත. මේවා PVDC සමඟ ආලේප කිරීමෙන් වායූන් සහ ජල වාෂ්ප යන දෙකටම වැඩි දියුණු කළ බාධකයක් නිපදවනු ලැබේ.

PVC/PVDC

PVC මේදය හා තෙල් වලට විශිෂ්ට ප්‍රතිරෝධයක් දක්වයි. එබැවින් එළවළු තෙල් පලතුරු බීම බෝතල් සඳහා භාවිත කරනු ලැබේ. ජල වාෂ්ප සම්ප්‍රේෂණ වේගය සාපේක්ෂව ඉහළ නමුත් ඛනිජ ජලය, පළතුරු යුෂ සහ පළතුරු බීම බෝතල්වල ඇසුරුම් කිරීම සඳහා ප්‍රමාණවත් වේ. තෙතමනය සහිත වාෂ්ප සඳහා හොඳ බාධකයක් වන බැවින් නැවුම් මස් සහ නැවුම් නිෂ්පාදන එතීමට ද භාවිතා කරයි. බර අඩු වීම(weight loss) වැලැක්වීම මීට හේතුවයි. ඔක්සිජන් සඳහා පාරගම්‍යතාව නිසා අඩංගු නිෂ්පාදනයට ශ්වසනය සඳහා (allow to breathe)ඉඩ සලසයි.

මෙමඟින් නැවුම් මස් වල රතු පැහැය රඳවා තබා ගත හැකි වේ. එමෙන්ම පලතුරු, එළවළු සහ සලාද වැනි නිෂ්පාදන ශ්වසන වේගය අඩු කිරීමෙන් වැඩි කාලයක් නැවුම්ව සිටීමට ඉඩ සලසයි. (විශේෂයෙන් (MAP) ඇසුරුම් කරන විට)

PVDC තාප මුද්‍රා තැබිය හැකි අතර ජල වාෂ්ප (බර අඩු වීම අඩු කිරීම) වායූන් (ලිපිඩ ඔක්සිකරණය අඩු කිරීම) සහ මේද හා තෙල් සහිත නිෂ්පාදන සඳහා කදිම බාධාවක් ලබාදෙයි.

දැඩි flavour සහ aroma සංවේදී ආහාර ආරක්ෂා කිරීමට එය භාවිතා කරයි. එබැවින්, PVDC යනු රස කළ මස්, චීස්, snacks , තේ, කෝපි සහ රසකැවිලි ඇසුරුම් කිරීමේදී බහුලව භාවිතා වන තාපස්තාපන බහුඅවයවිකයකි.

PET

කාබනීකෘත සිසිල් බීම සහ ඛනිජ ජල බෝතල් වල භාවිතයත් සමඟ ආහාර ඇසුරුම්කරණය සඳහා බහුලව භාවිතා කරයි. හොඳ ජල වාෂ්ප හා වායු සඳහා බාධක ගුණ නිසා PVC වලට විකල්පයක් ලෙස ද තෙල් ඇසුරුම් කිරීම සඳහා ද PET බෝතල් භාවිතා වේ.

හොඳ තාප මුද්‍රා තැබීමේ ගුණ ලබා දීම සඳහා එය PE සමඟ laminate කළ හැකිය. PVDC සමඟ ආලේප කර විශිෂ්ට වායු බාධකයක් සහ තාප මුද්‍රා තැබීමේ හැකියාව ලබා ගත හැකි වෙයි.

ආහාර නිශ්පාදන කර්මාන්තයේ PET වර්ග දෙකක් භාවිතා කරන අතර ඒවා APET (Amorphous PET) සහ CPET (Crystalline PET) ය. APET අඩු උෂ්ණත්ව යෙදීම්(cold filling)සඳහා කල් තබගැනීමේ සංයෝග (preservatives) සමඟ භාවිතා කරන අතර CPET ඉහළ උෂ්ණත්ව යෙදීම්(hot filling) සඳහා භාවිතා කරයි(without preservatives).

සැකසුම - Kasun Dhanushka

මූලාශ්‍ර -

" Plastics in Food Packaging "

Mark J. Kirwan, Sarah Plant and John W. Strawbridge

Article 21- නිර්මාංශත්වය යනු කුමක්ද?"What is vegetarianism"

නිර්මාංශත්වය යනු මාංශ (එනම් රතු පැහැති මස්, කුකුළු මස්, මුහුදු ආහාර සහ වෙනත් ඕනෑම සතෙකුගේ මාංශ) පරිභෝජනයෙන් වැළකී සිටීමයි. තවද සත්ව ඝාතනයෙන් තොරව නිපදවා ගන්නා අතුරු නිෂ්පාදන වලින් වැළකීම ලෙසද මෙය හැඳින්විය හැක.

*මිනිසුන් නිර්මාංශිකයින් වන්නේ ඇයි?

මිනිසුන් නිර්මාංශත්වය  තෝරා ගැනීමට බොහෝමයක් හේතු පවති. එවායින් කිහිපයක් ලෙස

සෞඛ්‍යය හා සම්බන්ධ හේතූන්

ආගමික විශ්වාසයන් හා ඇදහිලි

සතුන් කෙරෙහි ඇති ආදරය සහ කරුණාව

පශු සම්පත් සඳහා භාවිතා කරන ප්‍රතිජීවක සහ හෝමෝන හේතුවෙන්

අධික ලෙස පාරිසරික සම්පත් භාවිතය වළක්වන අයුරින් ආහාර ගැනීමට ඇති ආශාව

නම් කල හැක.

*නිර්මාංශිකයින්ට බිත්තර, මාළු හෝ කිරි නිෂ්පාදන අනුභව කළ හැකිද?

සැබවින්ම නිර්මාංශිකයිනට බිත්තර, මාළු හෝ කිරි නිෂ්පාදන අනුභව කල හැකිය. මිනිසුන් නිර්මාංශ ආහාර වේලක් යැයි සාමාන්‍යයෙන් සිතන්නේ බිත්තර, මාළු සහ කිරි නිෂ්පාදන ඇතුළත් නොවන ආහාරයක් පිලිබඳවයි. නමුත් නිර්මාංශ ආහාර වේලක්, කෙනෙක් තම ආහාරයට ඇතුළත් කරගන්නා හා ඇතුලත් කර නොගන්නා ආහාර වර්ග අනුව වෙනස් විය හැක. ඒ අනුව නිර්මාංශ ආහාර වර්ග කාණ්ඩ කිහිපයක් ඇත.

*Vegans - හෙවත් සම්පූර්ණ වශයෙන් නිර්මාංශිකයින්

මෙම කාණ්ඩයට සියළුම මස් වර්ග, මාළු වර්ග හෝ සතුන්ගෙන් ලබාගන්නා අතුරු නිෂ්පාදන හෙවත් බිත්තර, කිරි නිෂ්පාදන සහ ජෙලටින් ඇතුළු සියළුම සත්ව ආහාර ආහාරයට නොගන්නා පිරිස ඇතුලත් වේ.

*Lacto-ovo vegetarians

මොවුන් මස්, කුකුළු මස් හෝ මාළු අනුභව නොකරන අතර බිත්තර හා කිරි නිෂ්පාදන අනුභව කරයි

*Lacto vegetarians

මස්, කුකුළු මස්, මාළු හෝ බිත්තර අනුභව නොකරන නමුත් කිරි නිෂ්පාදන පමණක් පරිභෝජනය කරන පිරිස මෙම කාණ්ඩට අයත් වේ.

*Ovo vegetarians

මෙම කාණ්ඩයට අයත් වන්නේ මස්, කුකුළු මස්, මාළු හෝ කිරි නිෂ්පාදන අනුභව නොකර නමුත්  බිත්තර අනුභව කරන පිරිසයි.

*Partial vegetarians

මස් පරිභෝජනයෙන් තොර නමුත් මාළු (Pesco - vegetarians, pescatarian) හෝ කුකුළු මස් (pollo - vegetarians) ආහාරයට ගන්නා පිරිස මෙම කාණ්ඩයට ඇතුලත් වේ.

මෙම අර්ධ නිර්මාංශ ආහාර රටාවන් අනෙක් නිර්මාංශ ආහාර රටා සමඟ සසඳන කල්හී තරමක් නම්‍යශීලී ස්වභාවයක් පෙන්නුම් කරයි.

*Fruitarianism

කිසිදු සත්ව නිෂ්පාදනයක් ආහාරයට නොගෙන, පලතුරු, ධානය වර්ග, මී පැණි සහ අනෙකුත් ශාක ද්‍රව්‍ය පමණක් අනුභව කරන පිරිස මෙම කාණ්ඩයට ඇතුලත් වේ.

ආහාරයට ගන්නා ආහාර වර්ග අනුව ඉහත පරිදි නිර්මාංශත්වය කාණ්ඩ කිහිපයකට බෙදා වෙන් කළ හැකිය.නමුත් එම ආහාර රටාවන්ගෙන් සමහරක් තවමත් මතභේදාත්මක මාතෘකා ලෙස සමාජය තුල පවතී.

කෙසේ වෙතත්, ඔබේ ආහාර වේල වඩ වඩාත්  සීමා කිරීමෙන් ඔබට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම අභියෝගාත්මක විය හැකි බව තරයේ මතක තබාගන්න.

*නිර්මාංශිකයෙකු වීමෙන් රෝග වලින් ආරක්ෂා විය හැකිද?

මස් අනුභව කරන්නන් හා සසඳන විට නිර්මාංශිකයින්, සංතෘප්ත මේද හා කොලෙස්ටරෝල් අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර

විටමින් C සහ E

තන්තු

ෆෝලික් අම්ලය

පොටෑසියම්

මැග්නීසියම්

කැරොටිනොයිඩ් සහ ෆ්ලේවනොයිඩ් වැනි ෆයිටොකෙමිකල් (ශාක රසායනික ද්‍රව්‍ය) වර්ග වැඩි වශයෙන් පරිභෝජනයට ගනී. මෙහි ප්‍රතිඑලයක් වශයෙන්, ඔවුන්ගේ සම්පූර්ණ කොලෙස්ටරෝල් සහ LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අඩු මට්ටමක පවතින අතර අඩු රුධිර පීඩනයක් සහ අඩු ශරීර ස්කන්ධ දර්ශකයක් (BMI) ඇත. මේ සියල්ලම ආයුෂ වර්ධනය කරන අතර බොහෝ නිදන්ගත රෝග වැලදීමේ අවදානමද අඩු කරයි.

නමුත් නිර්මාංශ ආහාර වේලක් දීර්ඝකාලීන සෞඛ්‍යයට බලපාන්නේ කෙසේදැයි පැවසීමට තරම් ප්‍රමාණවත් දත්ත තවමත් නොමැත. ඔබ

නිර්මාංශිකයෙකු නම් මස් හා අධික මේද සහිත සත්ව නිෂ්පාදන වෙනුවට ධාන්‍ය  වර්ග, රනිල බෝග, එළවළු, පලතුරු හා ඇට වර්ග ආහාරයට ගැනීමත්, නිතිපතා ව්‍යායාම වල යෙදීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීමට ඉවහල් වේ. ඔවුන්ට හෘද රෝග, ආඝාතය, දියවැඩියාව, පිළිකා, තරබාරුකම, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදිය වැලඳීමේ අඩු අවදානමක්ද පවති.

*නිර්මාංශිකයෙකු වීමෙන් ලැබෙන සෞඛ්‍ය අවදානම් මොනවාද?

ඉහත සඳහන් කළ පරිදි, ඔබේ ආහාර බොහෝ සීමාකාරී වන තරමට, ඔබට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම අභියෝගාත්මක විය හැකිය. උදාහරණයක් ලෙස සත්ත්ව ආහාර වලින් තොර ආහාර  වේලක් ගැනීමෙන් ස්වාභාවික විටමින් B -12 අනූන ප්‍රභවයන් මෙන්ම හොඳ කැල්සියම් ප්‍රභවයක් වන කිරි නිෂ්පාදන ද මග හැරීමට ඉඩ ඇත.

ඔබේ ශරීරයට අවශ්‍ය සියළුම පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලට ඇතුළත් වන පරිදි ආහාරය සකස් කර ගැනීම සඳහා පහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතු වේ.

කැල්සියම් සහ විටමින් D

-විටමින් B 12 (සත්ව නිෂ්පාදනවල පමණක් දක්නට ලැබේ)

- ප්‍රෝටීන

-ඔමේගා 3 මේද අම්ල

-යකඩ සහ සින්ක්

-අයඩීන්

ඔබේ නිර්මාංශ ආහාර සැලැස්ම මත පදනම්ව ඔබට fortified products හෝ ආහාර අතිරේක හෝ යන දෙකම භාවිතයට ගැනීමට සිදු විය හැකිය. තවද මෙය ලියාපදිංචි පෝෂණවේදියෙකුගෙන් නිසි උපදෙස් ලබා ගැනීමෙන් ඔබේ පෝෂක අවශ්‍යතා නිවැරදිව සපුරා ඇති බව සහතික කර ගැනීමට හැකියාව ලැබේ.

*නිර්මාංශ ආහාර වේලකින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට කුමක් කළ හැකිද?

සාම්ප්‍රදායිකව, නිර්මාංශත්වය පිළිබඳ පර්යේෂණ ප්‍රධාන වශයෙන් පෝෂණ ඌනතාවයන් කෙරෙහි අවධානය යොමු කරන නමුත් මෑත කාලීන අධ්‍යයනයන් මගින් මස් රහිත ආහාර ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය වාසි පිළිබඳවද තහවුරු කර ඇත. American Dietetic Association  අනුව,

"සම්පූර්ණ නිර්මාංශ හෝ සත්ත්ව ආහාර වලින් තොර ආහාර ඇතුළත්ව නිසි ලෙස සැලසුම් කරන ලද ආහාර වේකලක් සෞඛ්‍ය සම්පන්න මෙන්ම පෝෂ්‍යදායී බවින්ද ප්‍රමාණවත් වන අතර ඇතැම් රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දිය හැකිය."

පෝෂණය, මේදය පරිභෝජනය සහ බර පාලනය කිරීම පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශ ඔබ අනුගමනය නොකරන්නේ නම්, නිර්මාංශිකයෙකු වීම ඔබට සෞඛ්‍යය සම්පන්න නොවනු ඇත.

එබැවින් නිර්මාංශ ආහාර වේලකින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා සම්පූර්ණ පලතුරු හා එළවළු, රනිල කුලයට අයත් ඇට වර්ග සහ ධාන්‍ය වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න ශාක පදනම් කරගත් ආහාර වර්ග තෝරා ගන්න. ඒ අතරම, සීනි පැණිරස බීම, කෘත්‍රිමව සකස් කරන ලද පළතුරු බීම වර්ග සහ පිරිපහදු කළ ධාන්‍ය වැනි අඩු සෞඛ්‍ය සම්පන්න තේරීම් භාවිතයෙන් වැලකීම වඩාත් සුදුසුය.

සැකසුම - Thashmila Manawadu

මූලාශ්‍ර -

https://www.mayoclinic.org/.../vegetarian-diet/art-20046446

https://www.health.harvard.edu/stay.../becoming-a-vegetarian

https://www.eatright.org/.../vegetarianism-the-basic-facts

https://www.vrg.org/nutshell/nutshell.htm


Article 20- වැඩිපුර බිත්තර කනවද? II කොටස "Do you consume lot of eggs? - part II"

එමෙන්ම බිත්තර වල කොලෙස්ටරෝල් සලකා බැලීමේදී ඒව අඩු අවදානමක් සහිත වේ. කොලෙස්ටරෝල් අප ධමනි තුලදී ඔක්සිකරණයට භාජනය වූ පසු ඒවා අප ශරීරයට ඉතා අහිතකරය. නමුත් බ්ලේසො පවසන්නේ බිත්තර වල ඇති කොලෙස්ටරෝල් එසේ ඔක්සිකරණයට භාජනය නොවන බවයි. කොලෙස්ටරෝල් ඔක්සිකරණය වූ පසු එය ඉතා ආසාදිත බවත්, කොලෙස්ටරෝල් ඔක්සිකරණය වීමෙන් වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක සියල්ල බිත්තර වල ඇති බවත් ඔහු පවසයි.

එමෙන්ම සමහර කොලෙස්ටරෝල් අපට හිතකර විය හැකිය. අධි ඝනත්ව ලිපෝප්‍රෝටීන (HDL) කොලෙස්ටරෝල්, අක්මාව වෙත ප්‍රවාහනය වී, එහිදී බිද වැටී, ශරීරියෙන් ඉවතව යයි. රුධිරය තුළ කොලෙස්ටරෝල් ගොඩ නැගීම වලක්වමින්, හදවත් රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවක් HDL වලට ඇත.

ෆර්නැන්ඩස් පවසන්නේ, " රුධිරය තුළ සංසරණය වන, හදවත් රෝග වලට හේතුව වන කොලෙස්ටරෝල් පිළිබඳ මිනිසුන් සැලකිලිමත් විය යුතුය" යන්නයි.

සැලකිය යුතු කරුණ නම්, HDL : LDL අනුපාතයයි. වැඩි HDL මගින් LDL වල බලපෑම නිශ්ප්‍රභා කල හැකි බැවිනි.

කෙසේවුවත්, බොහොමයක් පිරිසකට අප පරිභෝජනයට ගන්නා කොලෙස්ටරෝල් ස්වාරක්ෂණය කර ගත හැකි වුවත්, බ්ලේසො පවසන්නේ, මිනිසුන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක පිරිසකට කොලෙස්ටරෝල් පරිබෝජනයෙන් පසු 10% - 15% කින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යන බවයි. 

බිත්තර අනුභවයෙන් පසු, සිහින් සහ නීරෝගී මිනිසුන් LDL වැඩි වීමට නැඹුරුවක් ඩක්වන බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇත. අධික බර, ස්ථුලතාවය හෝ දියවැඩියාව ඇති අයගේ LDL වල අඩු ඉහල යාමකුත්, HDL වල වැඩි ඉහල යාමකුත් ඇති බව බ්ලේසො පවසයි. එම නිසා, ඔබ නීරෝගී නම්, අධික බරැති අයට වඩා ඔබට ඍණාත්මක ප්‍රතිඵල ලැබිය හැකිය. නමුත් ඔබේ නීරෝගී බව නිසාම ඔබට ඉහල HDL මට්ටම් ට්ජිබිය හැකි අතර, එමනිසා LDL මට්ටම ඉහල යාම අහිතකර නොවේ.

"කුමන ආහාර ප්‍රභවයකින් ලබා ගත්තත්, මිනිසෙකු පරිබෝජනය කරන සෑම අමතර කොලෙස්ටරෝල් 300mg කටම, හදවත් රෝග වලට ඇති අවදානම 17%කින් ඉහල යන අතර, මරණයට ඇති අවදානම 18% කින් ඉහල යන බව අප සොයා ගත්තෙමු." මෙසේ පවසන්නේ එම අධ්‍යනයේ කතෲවරියක වන හා අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොස් විශ්ව විද්‍යාලයේ නිවාරක වෛද්‍ය විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්යවරියකද වන නොරියානා ඇලන් මහත්මියයි. තවද ඇය පැවසුවේ " දිනකට පරිබෝජනයට ගන්න සෑම බිත්තර භාගයක්ම හදවත් රෝගවල අවදාන 6% කින් ඉහල යාමටත්, මරණයට ඇති අවදානම 8% කින් ඉහල යාමටත් හැකියාව ඇති බව අපි සොයා ගත්තෙමු.

එමෙන්ම බිත්තර ශරීරයට හිතකර බව පැවසීමටද අධ්‍යයන බොහොමයක් ඇත. 2018 වසරේ චීනයේ මිලියන 0.5 ක පිරිසක් යොදා ගනිමින් කරන ලද විශ්ලේෂණයකදී ඉහත සොයාගැනීමට ප්‍රතිවිරුද්ධ කරුණක් සොයා ගැනිණි. එය නම්, " බිත්තර පරිබෝජනය හදවත් රෝග අවදානම අඩු කිරීම හා සම්බන්දය" යන්නයි. එහිදී දිනපතා බිත්තරයක් බැගින් පරිබෝජනය කල අයගේ හදවත් රෝග වලින් සිදුවන මරණ අවදානම 18% කින්ද, හෘද්‍යාබාධ සදහා ඇති අවදානම 28% කින්ද, බිත්තර පරිබෝජනය නොකරන අයට සාපේක්ෂව අඩු විය.

නමුත්,මෙම පරීක්ෂණ දෙකම නිරීක්ෂණ මත පමණක් පදනම් වූ එවාය.  එහි තේරුම, ඒවායින් නිශ්චිතවම හේතු සහ බලපෑම් සොයාගත නොහැකි වීමයි.

කෙසේනමුත්, බිත්තර වලට අපගේ රෝග අවදානම කෙරෙහි බලපෑම් ඇති කල හැකිය යන්න සුපැහැදිලිය.

ඉන් එක් ක්‍රමයක් වන්නේ, බිත්තර වල ඇති කෝලීන් නම් සංඝටකය මගිනි. මෙය අපට අල්සීමර්ස් රෝගයෙන් වැලකීමට උපකාර කරයි. එමෙන්ම එය අප අක්මාවද අරක්ෂා කරයි.

නමුත් කෝලීන් වල ඍණාත්මක බලපෑම්ද ඇත. අප ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් මගින් කෝලීන්, පරිවෘත්තියට ලක් කර TMO යන සංඝටකය සාදයි. මෙම TMO අක්මාවට අවෂෝෂණය වී TMOA බවට පරිවර්තනය කරයි. මෙම TMOA හෘද රෝග අවදානම වැඩි කිරීම හා සම්බන්ධය.

මේ අතරම, විද්‍යාවේදීන් බිත්තර වල සෞඛ්‍යමය ප්‍රයෝජන තේරුම් ගැනීමට පටන් ගනිමින් සිටිති.

බිත්තර කහමදය යනු ලුටෙයින් වල ඉතා හොඳ ප්‍රභවයකි. ලුටෙයින් යනු ඇස් ආශ්‍රිත රෝග වල අවදානම අඩු කරන, නීරෝගී දෘශ්ඨිකත්වයක් හා සම්බන්ධ වර්ණකයකි.

මෑත කාලීන සොයාගැනීම් මගින් පෙනී යන්නේ බිත්තර අප ශරීරයට අවදානම් වලට වඩා සෞඛ්‍යමය ප්‍රයෝජන ගෙන දෙන බවයි.

මේ කෙසේනමුත්, දිනපතා උදෑසන ආහාරයට බිත්තරයක් බැගින් එකතු කර ගැනීම සුදුසු ක්‍රියා මාර්ගයක් නොවේ. සුදුසුම දෙය වන්නේ විවිධත්වයකින් යුත් අහාර වේලක් ගැනීමයි.

සැකසුම - Danushka Herath

මූලාශ්‍ර -

https://www.hsph.harvard.edu/nutritio.../food-features/eggs/

https://www.medicalnewstoday.com/articles/283659


Article 19- වැඩිපුර බිත්තර කනවද? I කොටස "Do you consume lot of eggs? - part I"

ඔබත් මේ දවස් වල වැඩිපුර බිත්තර කනවාද?

මේ දිනවල වෙළඳපොළේ බිත්තaර අළෙවිය ඉහල යාමෙන් පෙනී යන්නේ රට වැසියන්ගේ බිත්තර පරිබෝජනය වැඩි වී ඇති බවයි. මෙයට හේතුව මස් මාංශ පරිබෝජනය අඩු වීමද? කොරෝනා වෛරසය පැතිර යාමත් සමගම මිනිසුන් මස් මාංශ අනුභවයට බියක් දක්වයි. බොහොමයක් පිරිස එලවළු, පළතුරු හා ධාන්‍ය වර්ග අනුභවයට යොමු වී ඇත. නමුත් මෙය වෛරසයට එරෙහිව ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ද? නැත.

කොරෝනා වෛරසය යනු වායු ගෝලයේ බිදිති හරහ සම්ප්‍රේෂණය වන ස්වසන අසාදනයකි. මෙයට මස් මාංශ, බිත්තර හෝ මුහුදු ආහාර සම්බන්ධයෙන් කිසිදු බලපැමක් නැත. එම නිසා මෙම වෛරසය චීනයේ වූහාන් ප්‍රදේශයේ කුකුල් ගොවිපොළකින් ආරම්භ වූවා කියා මස් මාංශ පරිබෝජනය අත් හැරීමට අවශ්‍ය නැත. මන්ද අප ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන සියල්ල එලවළු, පලතුරු හා ධාන්‍ය වලින් නොලැබෙන හෙයිනි.

එය එසේ වූවත් මේ දින වල නිවෙස් වල සිටින ඔබ බිත්තර වැඩියෙන්  ආහාරයට ගන්නා බව සත්‍යයක් නොවේද? එය සෞඛ්‍යයට හිතකරද අහිතකරද යන්න ඔබ මදකට සිතුවාද?

"ජීවියෙකුට වැඩීමට අත්‍යාවශ්‍ය සියලු සංඝටක වලින් සපිරි අධික පෝෂක ද්‍රව්‍ය ඝනත්වයකින් යුත් ආහාරයකි, බිත්තර." මෙසේ පවසන්නේ  අමෙරිකා එක්සත් ජනපදයේ කොනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්යවන ක්‍රිස්ටොෆර් බ්ලේසො මහතාය.

අනෙකුත් ආහාරත් සමගම බිත්තර ආහාරයට ගැනීම අප ශරීරයට වැඩිපුර විටමින් අවෂෝෂණය කර ගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස, සලාදයකට බිත්තරයක් එකතු කරගැනීමෙන් අපට විටමින් E වැඩියෙන් ලබා ගත හැකිය.

නමුත් මෑත දශක වල බිත්තර අනුභවය තරමක් මතභෙදකාරී වී ඇත. මෙයට හේතුව වී ඇත්තේ බිත්තර වල ඇති අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයයි. මෙය හදවත් රෝග වැඩි කරන බව වැඩිදුර අධ්‍යයන වලින්ද තහවුරු වී ඇත. එක් බිත්තර කහ මදයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 185ක් ඇති අතර මෙය දිනකට ගත යුතු කොලෙස්ටෙරෝල් ප්‍රමනය වන මිලි ග්‍රෑම් 300 කින් භාගයකට වඩා වැඩිය.

අප ශරීරයේ අක්මාවේ සහ ආන්ත්‍ර වල නිපදවෙන කහ පැහැති මේදයක් වන කොලෙස්ටරෝල්, සෑම සෛලයකම හමුවේ. අප සාමාන්‍යයෙන් සිතන්නේ කොලෙස්ටරෝල් අහිතකර යැයි කියාය. නමුත්, එය සෛල පටලයේ ඉතා වැදගත් ව්‍යුහමය සංඝටකයකි. එමෙන්ම එය විටමින් D සහ ටෙස්ටොස්ටෙරෝන් හා ඊස්ට්‍රජන් යන හෝමෝන නිපදවීම සදහා අවශ්‍ය වේ.

අප ශරීරයට අත්‍යාවශ්‍ය කොලෙස්ටරෝල් සියල්ල අප ශරීරය විසින්ම නිපදවා ගැනේ. නමුත් අප ආහාරයට ගන්නා සත්ත්ව නිශ්පාදන වලද මෙය හමුවේ (ගවමස්, ඉස්සන්, බිත්තර, චීස්, බටර්).

අප රුධිරයේ ඇති ලිපෝප්‍රෝටීන මගින් කොලෙස්ටරෝල් අප ශරීරය පුරා ප්‍රවාහනය කරයි. සෑම මිනිසෙකුටම විවිධ සංයුතියකින් යුත් විව්ධ ආකාරයේ ලිපෝප්‍රෝටීන ඇත. එමෙන්ම එය හදවත් රෝග වල අවදානම තීරණය කිරීම සදහා උපකාරී වේ.

අහිතකර කොලෙස්ටරෝල් යනුවෙන් හදුන්වන අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන (LDL) අක්මාවේ සිට ධමනි සහ ශරීර පටක වලට ප්‍රවාහනය වේ. පරීක්ෂණ  සහ සොයාගැනීම් මගින් පවසන්නේ මෙය රුධිර වාහනීවල කොලෙස්ටරෝල් ගොඩනැගීමත් එමගින් හදවත් ආශ්‍රිත රෝගවල අවදානම ඉහල යන බවයි.

නමුත් සොයාගැනීම් මගින් කොලෙස්ටරෝල් පරිභෝජනය හදවත් ආශ්‍රිත රෝග වල අවදානම වැඩි වීම කෙරෙහි  නිශ්චිත සම්බන්ධතාවයක් පෙන්වා දී නැත. එහෙයින් තවදුරටත් අමෙරිකා එක්සත් ජනපදයේ හෝ එක්සත් රාජධානියේ ආහාර නිර්දේශ වල, කොලෙස්ටරෝල් වලට අවහිරතා නැත. ඒ වෙනුවට අප ආහාරයට ගන්නා, හදවත් රෝග අවදානම වැඩි කරන සංතෘප්ත මේද ප්‍රමාණය අඩු කිරීම අවධාරණය කොට ඇත. නමුත් ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර අප ශරීරයේ LDL මට්ටම ඉහළ නංවයි. ට්‍රාන්ස් මේද වලින් සමහරක් සත්ත්ව ආහාර වල අඩංගු වුවත් බොහොමයක් කෘතීමව සෑදී ඇති අතර ඒවා, මාගරින්, සුළු ආහාර, ගැඹුරු තෙලේ පිසූ ආහාර, පිළිස්සූ ආහාර  වල ඉහළ මට්ටම් වලින් ඇත. මේ අතර, කොලෙස්ටරෝල් ඉහල මට්ටම් වලින් ඇති නමුත්, සංතෘප්ත මේද අඩු මට්ටමක ඇති එකම ආහාර වන්නේ ඉස්සන් සහ බිත්තරය.

"බිත්තර වල ඇති කොලෙස්ටරෝල්, මස් මාංශ සහ අනෙකුත් සත්ත්ව නිශ්පාදනවල ඇති ඒවාට වඩා වැඩි වන අතර සංතෘප්ත මේද රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහල නංවයි. මෙය අවුරුදු ගණනාවක් තිස්සේ අධ්‍යන බොහෝමයකින් පෙන්වා දී ඇත." මෙසේ පවසන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කොනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය, මරියා ලස් ෆර්නැන්ඩස් මහත්මියයි. ඇයගේ මෑත කාලීන සොයාගැනීමකින්, බිත්තර අනුභවය හා හදවත් රෝග අවදානම ඉහල යාම අතර සම්බන්දතාවයක් නොමැති බව සොයා ගැනිනි.

බිත්තර වල සෞඛ්‍ය බලපෑම් පිළිබඳ සාකච්ඡා මදක් බැහැර වී ඇත්තේ අප අනුභවය කරන්නා වූ කොලෙස්ටරෝල් අප ශරීරය විසින් හානි පූරණය කර ගත හැකි හෙයිනි.

"බොහෝ මිනිසුන්ට ආහාර වලින් ගනු ලබන කොලෙස්ටරෝල් ගැටලුවක් නොවීම සදහා ක්‍රම ශරීරයේ ඇත." මෙසේ පවසන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් විශ්ව විද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය එලිසබෙත් ජොන්සන් මහත්මියයි. "අහාර වල ඇති කොලෙස්ටරෝල් පරිභෝජනයේදී එය අඩු මට්ටමකට ගෙන ඒම සදහා යාමනය කරගැනීමමේ හැකියාව ඇත.

තවත් කොටසක් හෙට....

සැකසුම - Danushka Herath

මූලාශ්‍ර -

https://www.hsph.harvard.edu/nutritio.../food-features/eggs/

https://www.medicalnewstoday.com/articles/283659

Article 18- ක්ෂණික ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ආහාර සඳහා සෞඛ්‍ය අවදානම හඟවන ලේබල වල අවශ්‍යතාවය. "Importance of health reliable labels for junk food"

ක්ෂණික ආහාර, නවීන කාර්යබහුල ජීවිතයට අස්වැසිල්ලක් වෙමින් බොහෝ දෙනාගේ කුසගිනි නිමුවද සෞඛ්‍යයට අහිතකර ක්ෂණික ආහාර භාවිතය හේතුවෙන් වර්තමානයේ වැඩිහිටියන් සහ ළමුන් විශාල ප්‍රමාණයක් විවිධ රෝගාබාධවලට ගොදුරු වී තිබේ.

නිදසුනක් ලෙස ලෝකයේ ස්ථුල බවින්  පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව දළ වශයෙන් බිලියන 2.1 ක් වන අතර එය මුළු ජනගහනයෙන් 30% ක් පමණ වේ. 

මෙම සංඛ්‍යාව දිගටම ඉහළ යමින් පවතින අතර සෑම වසරකම මිලියන 3 කට අධික ජනතාවක් ස්ථුල බව නිසා මිය යති.

අධි රුධිර පීඩනය හා දියවැඩියාව සඳහාද මූලිකම ප්‍රේරකය වන්නේ ස්ථුල බවයි. ඒ හා සමානව, ලෝක මරණ අනුපාතයෙන් තුනෙන් දෙකක් පමණ සිදුවන්නේ හෘද රෝග, පිළිකා සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග නිසා ය.

ඔව්, මේ නිසාම ආහාර ලේබල මගින් ඔවුන්ට අනතුරු ඇඟවීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.

දැන් අවධානය එවැනි සෞඛ්‍ය අවදානම හඟවන ලේබල (HWLs) වල අවශ්‍යතාවය සම්බන්ධවයි.

ඔබ විමසිලිමත් පුද්ගලයෙක් නම් යම්කිසි ආහාරයක් පරිභෝජනයට පෙර එහි අන්තර්ගතය දැන සිටීම සුදුසුය. එවිට ඔබට ගැලපෙන වඩාත් සෞඛ්‍යාරක්ෂිත ආහාර තෝරා ගැනීමට අවස්ථාව සැලසෙයි.

සෘණාත්මක සෞඛ්‍ය ප්‍රතිවිපාක ඉස්මතු කරන සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ ලේබල ලොවපුරා රටවල් 118 ක පමණ දුම්කොළ ඇසුරුම් සඳහා නම් දැනටමත් භාවිතා කරනු ලබයි.

පරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට මෙම ලේබල භාවිතය මගින් අහිතකර දුම්කොළ පරිභෝජනය සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට හැකිවී තිබේ.

එමෙන්ම මධ්‍යසාර පාන වර්ග සදහාද මෙම අනතුරු ඇඟවීමේ ලේබල භාවිතා කිරීම මගින් පානය කිරීමේ අභිප්‍රාය අඩු වීම සහ පරිභෝජනය මන්දගාමීවීමත් සිදුවන බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා. ඇතැම් රටවල මේ වන විටත් මත්පැන් ලේබල  සදහා සෞඛ්‍යමය අවවාද ඇතුලත් ප්‍රකාශ අන්තර්ගත කොට තිබෙනවා.

දුර්වල ආහාර වේල් හේතුවෙන් සිදුවන මරණ හා රෝග ඇතිවීමේ අවදානම මත්පැන් සහ දුම්කොළ භාවිතය  යන දෙකටම වඩා බෙහෙවින් වැඩි අගයක් ගනී.

මේ නිසාම සෞඛ්‍යයට අහිතකර  මේද අධික ආහාර සහ ලුණු සහ සීනි අධික ආහාර සඳහාද මෙම සෞඛ්‍ය අවදානම හඟවන ලේබල භාවිතා කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතු කාලය එළඹ ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මෙමගින් පාරිභෝගිකයන් ස්වයං පාලනයකින් යුතුව ආහාර තෝරා ගැනීමේ ප්‍රවණතාවක් ඇතිකරයි. එලෙසම ක්ෂණික ආහාර ඇසුරුම්වල මෙම අනතුරු ඇඟවීමේ ලේබල් තිබේනම් හෘද රෝග, අධිරුධිර පීඩනය වැනි නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන් මෙම ආහාර පරිභෝජනය අවම කිරීමට එය හේතුවක් වනු ඇත.

එලෙසම අධික තරබාරුකමෙන් පෙලෙන ළමුන් සහ වැඩිහිටියන්ද දැනුවත් භාවයෙන් යුතුව එම ආහාර වලින් දුරස් කිරීමට මෙය හේතුවක් වනු ඇත.

මෙම සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ ලේබල භාවිතා කිරීමෙන් ඒවායේ  අන්තර්ගතයන් පිළිබඳවද පාරිභෝගිකයාට යම් දැනුවත් වීමක් ලබා දෙනු ලැබේ. මේ සදහා ආන්ත්‍රික පිළිකා, අක්මා පිළිකා නිරූපණය කරන ඡායාරූප සහිත ලේබල භාවිතා කිරීමෙන් වඩා වැඩි අවධානයක් පාරිභෝගිකයා වෙතින් ලබාගත හැකිය.

සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ ලේබල භාවිතයේ වැදගත්ම අංගය වන්නේ ආහාර නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදන ගුණාත්මකව වැඩිදියුණු කිරීමට හා ඒවා සෞඛ්‍ය සම්පන්න කිරීමට පෙළඹවීමයි.  එමගින් එම සමාගම් තම නිෂ්පාදන සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරමින් වඩා වැඩි පාරිභෝගික ආකර්ෂණයක් රදවා ගැනීමට උත්සුක වේ.

එලෙසම යම් පුද්ගලයෙකුට යම් ආහාරයක් හේතුවෙන් අසාත්මිකතා ඇති වුවහොත් හෝ රෝගයක් වැළඳී ඇත්නම් සෞඛ්‍ය අනතුරු ඇඟවීමේ ලේබල මගින්  ඔවුන් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බැවින් එම අවන්හලට දොස් පැවරිය නොහැක. මක්නිසාද යත් ඔබ ක්ෂණික ආහාර අනුභව කරන්නේ ඔබේම අනුදැනුම මත වන අතර ඔබේ වරදට අන් අයට දොස් පැවරිය නොහැකි බැවිනි.

සැකසුම - Keshika Hansani

මූලාශ්‍ර - BMC Public Health ජර්නලයේ පලවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරින්.

https://www.ift.org/.../health-warning-labels-on-alcohol...

Article 17- පරිප්පු හා සෝයා බෝංචි, ධාන්‍ය හා මාෂ බෝග III "Dhal and soybeans, cereals and pulses part III"

ධාන්‍ය හා මාෂ බෝග ලිපි පෙළෙහි අවසන් ලිපිය වන මෙමගින් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන මාෂ බෝග පිළිබඳව දැනුවත් කෙරේ.

ශ්‍රී ලංකාව තුල වගා නොකලත්, ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතයට ගැනෙන මාෂ බෝගය වන්නේ, බොහෝ දෙනෙකුට නැතුවම බැරි පරිප්පු වේ. පරිප්පු වල ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතයක් අඩංගු වන බැවින් එය නිර්මාංශ පුද්ගලයන් හට අනර්ඝ ප්‍රෝටීන ආදේශකයකි. මීට අමතරව පරිප්පු B විටමින, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම් හා යකඩ වලින් පොහොසත් වේ. මෙහි අඩංගු විවිධ ශාක රසායනික මගින් හෘද රෝග හා දියවැඩියාව වැනි දීර්ඝ කාලීන රෝග වලින් ආරක්ෂාව ලබා දේ. රුධිරයේ ඉහළ හිමෝසිස්ටීන් (රුධිරයේ අඩංගු ඇමයිනෝ අම්ලයකි) මට්ටමක් පැවතීම හෘද රෝග සඳහා අවධානම් සාධකයකි. අතිරික්ත හිමෝසිස්ටීන් ප්‍රමාණයක් දේහය තුල අඩංගු වීම වැළැක්වීමට අවශ්‍ය තරම් ෆොලේට් ( B විටමිනයකි), ආහාරයේ නොමැති වීම මීට බලපෑ හැක. පරිප්පු යනු හොඳ ෆොලේට් ප්‍රභවයකි. එබැවින් හෘද රෝග ඇතිවීමේ අවධානම මෙමගින් අවම කරයි. එසේම මෙහි අඩංගු පොලිෆීනෝල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ලක්ෂණ පෙන්වන අතර පිළිකා සෛල වර්ධනය නිශේධනය කිරීමේ හැකියාවක්ද පවතී.

බොහෝ දෙනා පරිප්පු බහුලව පරිභෝජනය කලත් ඒ පිළිබඳව නොදන්නා කරුණක් ද ඇත. එනම් අනිකුත් පෝෂණ ද්‍රව්‍ය වල අවශෝෂණයට බාධා පමුණුවන ප්‍රතිපෝෂක (antinutrients) මෙහි අන්තර්ගත වන බවයි. ඒවා නම් ට්‍රිප්සීන් නිශේධක, ලෙක්ටීන, ටැනීන හා ෆයිටික් අම්ලයයි. ට්‍රිප්සීන් නිශේධක මගින් ප්‍රෝටීන ජීරණයට අවශ්‍ය එන්සයිමයක් වන ට්‍රිප්සීන් නිෂ්පාදනයට බාධා පමුණුවන බැවින් දේහයේ ඇමයිනෝ අම්ල අවශෝෂණයට බාධා ඇතිවේ. කෙසේ නමුත් පරිප්පු වල ට්‍රිප්සීන් නිශේධක බහුලව අන්තර්ගත නොවේ. නමුත් අනිකුත් පෝෂණ ද්‍රව්‍ය සමග සම්බන්ධ වී ඒවායේ අවශෝෂණය අවම කල හැකි ලෙක්ටීන සැළකිය යුතු ප්‍රමාණයක් පරිප්පු තුල අන්තර්ගත වේ. ලෙක්ටීන ජීරණයටද ප්‍රතිරෝධීතාවක් දක්වයි. පමණට වඩා ලෙක්ටීන් ප්‍රමාණයක් දේහය තුලට ඇතුලු වුවහොත් එය ආන්ත්‍රික පාරගම්‍යතාව ඉහළ නංවන leaky gut නම් රෝගී තත්වයක් ඇති කරයි. ටැනීන ප්‍රෝටීන සමග සම්බන්ධ වී පෝෂණ ද්‍රව්‍ය අවශෝෂණයට බාධා කරයි. නමුත් අනික් පසින් ටැනීන සෞඛයට හිතකර ප්‍රතිඔක්සිකාරක වලින්ද ඉහළ වේ. ෆයිටික් අම්ලය යකඩ, සින්ක්, කැල්සියම් වැනි ඛනිජ ලවණ වලට සම්බන්ධ වී ඒවායේ අවශෝෂණය අඩු කරයි. ඉහත සඳහන් කල ප්‍රතිපෝෂක වල බලපෑම අවම කිරීම සඳහා පරිප්පු පිසීමට පෙර පැය කිහිපයක් ජලයේ පොඟවා හොඳින් සෝදා ගත යුතුය. පරිප්පු පිසීමේදීද මෙම ප්‍රතිපෝෂක සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවේ.

සෝයා බෝංචි ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන තවත් මාෂ බෝගයකි. සෝයා බෝංචි ශ්‍රී ලංකාවේ වගා කලද ඒ ඉතා කුඩා පරිමාණයෙනි. ශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනයට ගැනෙන්නේ සෝයා බෝංචි ආශ්‍රිත සෝයා මීට්, සෝයා කිරි, සෝයා තෙල් වැනි නිෂ්පාදනයන්ය. සෝයා බෝංචි වලද ඉහළ ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ. මෙහි අන්තර්ගතව ඇති ෆයිටොඊස්ට්‍රජන් නම් ශාක රසායනිකය මගින්, කාන්තාවන්ගේ දේහයේ අතිරික්ත ප්‍රමාණයකින් ඊස්ට්‍රජන් හෝමෝනය පැවතීමෙන් ඇති විය හැකි බලපෑම් අවම කිරීමට උපාකාරී වන බව පර්යේෂණ වලදී අනාවරණය වී ඇත. එසේම මෙහි අඩංගු තවත් ශාක රසායනිකයක් වන ෆයිටොස්ටෙරෝල්, කොලෙස්ටරෝල් අවශෝෂණය කරන ස්ථාන අවහිර කරමින් එහි අවශෝෂණය නිශේධනය කරයි. එම නිසා සෝයා බෝංචි සතුව දේහයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමේ හැකියාවක්ද පවතී. කෙසේ නමුත් සෝයා බෝංචි ඇතැම් විට ආසාත්මිකතාවන්ද ඇති කරයි. මීට හේතු වන්නේ එහි අඩංගු වන ගොයිට්‍රජන් නම් ශාක රසායනිකයයි. එමගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. එසේම මෙහි ඔක්සලේට්ද අන්තර්ගත බැවින්, බහුලව භාවිතා කිරීම මුත්‍රා ගල් ඇති වීමට මග පාදයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානවම වගා කෙරෙන මාෂ බෝග වන්නේ මුං, කව්පි, රටකජු යනාදියයි. හම්බන්තොට, කුරුණෑගල, මොණරාගල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්ක වල මාෂ බෝග වගාව ව්‍යාප්තව පවතී. නමුත් මේ සියලු ප්‍රදේශ වල මාෂ බෝග වගාව සිදු වන්නේ කුඩා පරිමාණයෙනි. මේ නිසා ශ්‍රී ලංකාව තුල මාෂ බෝග වගාව ප්‍රචලිත කිරීම සඳහා රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. කාන්තාවන් හා කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන ක්ෂුද්‍ර පෝෂක ඌණතාවයට විසඳුමක් ලෙස මාෂ බෝග ප්‍රවර්ධනය කිරීම මින් එකකි. අනෙක නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙන යන ත්‍රිපෝෂ බෙදා දීමේ වැඩපිළිවෙළයි. ත්‍රිපෝෂ වල අඩංගු ප්‍රධාන ප්‍රෝටීන ප්‍රභවය වන්නේ සෝයා බෝංචි වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, මාෂ බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සම්බන්ධව කටයුතු කරනු ලබයි. මාෂ බෝග වගාව ප්‍රචලිත කිරීම පෝෂණයට මෙන්ම දේශිය ආර්ථිකයටද විශාල පිටුවහලක් වනු ඇත.

සැකසුම : Tharushi Dahanayake

                  Inosha Jayalath

මූලාශ්‍ර :

https://www.google.com/url?sa=t&source=web&rct=j...

https://www.healthline.com/nutrition/lentils#how-to-cook

https://www.bbcgoodfood.com/.../guide/ingredient-focus-soya


Article 16- ඔබේ ආහාර නිෂ්පාදන ආයතනයත් GMP සපුරා තිබේද? "Do Your industry has GMP certification?"

අද ලෝකයේ වැඩියෙන්ම කතා කරන වචනය "සෞඛ්‍ය". ඒත් සමගම කරලියට ආපු දෙයක් තමයි අත්‍යවශ්‍ය ආහාර. අත්‍යවශ්‍ය ම දෙයක් උනත් ආහාර මිල දී ගැනීමේදී අපි ආරක්ෂාකාරී වන්නේ අපේ වගේම අපේ ආදරණීය යන්ගේ ජීවිත වල ආරක්ෂාව වෙනුවෙන්.

මේ වගේ අවස්ථාවක කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි වෙළෙඳ පොළෙන් සෞඛ්‍යාරක්ෂිතව මිලදී ගන්න බිස්කට් පැකට් එක කිරි පිටි පැකට් එක වගේ දේවල් සෞඛ්‍යාරක්ෂිතව නිපදවනවා ඇතිද කියලා.

මොකක්ද මේ GMP කියන්නෙ

GMP එහෙම නැත්නම් good manufacturing practices කියන්නේ ආහාර නිෂ්පාදනය කරන ආයතන විසින් අනුගමනය කළ යුතු යහ පිළිවෙත් එකතුවක්.

2019 මාර්තු පලවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සහතිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය (SLSI) විසින් ලංකාවේ සියලුම ආහාර නිෂ්පාදන ආයතන වලට අනිවාර්ය කර තිබෙනවා . පාරිභෝගික සේවා අධිකාරියට (CAA) අනුව මෙම සහතික ලබා ගැනීමෙන් නිදහස් කෙරෙන්නේ මේ වන විටත් ISO, HACCP, FSSC, වගේ SLSI ආයතනයෙන් ලබා දෙන ප්‍රමිති සහතිකයක් ලබාගෙන ඇති ආයතන පමණයි. මෙම GMP සහතිකය ලබා දීමට පෙරත් ලබා දීමෙන් පසුත් SLSI ආයතනයේ නියෝජිතයන් විසින් අදාල ආයතන පරීක්ෂා කරනු ලබනවා.

මේ විදියට පරික්ෂා කරනු ලබන මූලික දේවල් මොනවාද ?

1. සෞඛ්‍යාරක්ෂිතව ආහාර නිපදවීමට ආයතනයේ භූමිය සහ බාහිර වටපිටාව සැලසුම් කර ඇති ආකාරය.

2.ආයතනය තුල සේවකයන්ගේ පිරිසිදුකම පවත්වාගැනීම.

3.පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පළිබෝධ පාලන ක්‍රම සහ යන්ත්‍ර සූත්‍ර නඩත්තු කිරීම.

4.ආහාර ගබඩා කිරීම සහ කසල කළමනාකරණය.

5.උපකරණ භූමිය සහ බිත්තිවල පිහිටීම  සහ පිරිසිදුකම.

6.බාහිර ද්‍රව්‍ය වලින් (වීදුරු, ලෝහ, ගල්) ආහාර දූෂණය නොවී තබා තබා ගැනීමට ගෙන ඇති පියවර.

7.ආයතනය තුළ සෞඛ්‍ය සෞඛ්‍ළ සෞඛ්‍යාරක්ෂිත බව පවත්වා ගැනීම පිළිබඳ ලේඛන තබා ගැනීම.

පාරිභෝගික සේවා අධිකාරියේ වගේම SLSI නියෝජිතයින්ගේ පරීක්ෂාකිරීම පෙර දැනුම්දීමක් සහිතව හෝ රහිතව සිදු විය හැකිය.

GMP සහතිකය ලබාගැනීමෙන් පසු එහි නිර්ණායක වලට අනුපාත නොවන ආයතන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත .

ශ්‍රී ලංකාව තුළ GMP ලබා ගැනීම සඳහා වන සහතික කිරීමේ ආයතන කීපයක් පිහිටා ඇත. ඒ අතුරින් SLSI මගින් GMP ලබාදීම සඳහා අනුගමනය කරන සරල පියවර පහත දක්වා ඇත.

1.GMP සහතිකය සදහා අයදුම් කිරීම

2.SLSI වාර්තාවෙහි සදහන් මූලික ප්‍රශ්නාවලිය අනුව නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම.

3.SLSI ප්‍රමිති අත්පොත අනුව පළමුව සිදුවන ප්‍රමිති ප්‍රමාණවත් බව පරීක්ෂාව.

4.නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිදියුණු කිරීම්.

5.නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂාව - පළමු අදියර.

6.නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩිදියුණු කිරීම්.

7.නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂාව - දෙවන අදියර.

8.සහතික කිරීම.

9.පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලිය.

10.නැවත සහතික කිරීම.

සැකසුම - Hasini Arambepola

මූලාශ්‍ර-http://www.slsi.lk/index.php?option=com_content...


Article 15- පමණට වඩා හොඳ නැති සීනි "Consumption of sugar is not good above than its appropriate limit"

පමණට වඩා හොද නැති සීනි.

සීනි යනු කාබොහයිඩ්‍රේටයක් වන අතර එය අප ශරීරයේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙසද ක්‍රියා කරයි. විවිධ වර්ග වලින් සීනි ආකාර පවතී. ඒවා සරල සීනි(simple sugars) සහ සංයුක්ත සීනි(compound sugars) ලෙස කොටස් දෙකක් වේ. සීනි අප ගනු ලබන ආහාර වල ස්වභවිකව අඩංගු වනවාට අමතරව ආහාර වලට එකතු කරන අමුද්‍රව්‍යක් ලෙසද පවතී . මෙලෙස ස්වභාවිකව පවතිනවාට අමතරව ආහාර වලට එකතු කරන සීනි "එකතු කරන ලද සීනි " (added sugars) ලෙස හැදින්වේ .

අප එදිනෙදා භාවිතයට ගනු ලබන සීනි sucrose වන අතර නිපදවන්නේ උක්දන්ඩු හෝ sugar beet භාවිතයෙනි. Sucrose සෑදී ඇත්තේ fructose සහ glucose යන සරල සීනි වලිනි . පළතුරු සහ එලවළු වල ස්වභාවිකවම අඩංගු වන්නේ fructose සහ glucose ය. මීට අමතරව ආහාර සදහා යොදාගැනෙන අනෙකුත් සීනි ආකාර ලෙස invert sugars,corn syrup, lactose, high fructose corn syrup ...යනාදිය දැක්විය හැකිය. ආහාර ජීර්ණයේදී lactose හැර අනෙකුත් සීනි වර්ග බිදී යන්නේ fructose සහ glucose බවටයි . Lactose බිද වැටෙන්නේ glucose සහ galactose බවටයි.

ආහාර වලට සීනි එකතු කරන්නෙ ඇයි?

අප පිළියෙළ කරන ආහාර වලට අවශ්‍ය රසය, වර්ණය ,පදම යනාදිය ලබාගැනීමට සීනි එකතු කරනු ලැබේ. සීනි ආහාර වල අඩංගු අනෙකුත් සන්ඝටක සමග හොදින් ක්‍රියා කර ආහාරයේ රසය වැඩි කිරීම සහ තිත්ත රස අවම කිරීම සිදු කරයි. ආහාර වලට සීනි එකතු කල විට, සීනි වල ඇති ජලාකර්ෂක ගුණය (hygroscopic nature) නිසා ජලය සමග සම්බන්ධ වීමෙන් ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය සාධකයක් වන ජලය සීමා කරයි. එමගින් ආහාරය නරක් නොවී දිගු කලක් පරිරක්ෂනය කිරීමට සීනි මගින් හැකියාව ලැබේ .

අපගේ ශරීරය සීනි යොදාගන්නේ කෙසේද?

සීනි යනු ශරීරයට ශක්තිය සපයන ප්‍රභවයකි. අප ලබාගන්නා සීනි ආකාර විවිධ වුවද එම සීනි වර්ග අතර පෝශනීය වෙනස්කම් නොපවතී. අප ශරිරය සියලුම සීනි වර්ග භාවිතා කරන්නෙ එකම ආකාරයටයි. ආහාර ජීර්ණයේදී sucrose හා අනෙකුත් කාබෝහයිඩ්‍රේට් සරල සීනි බවට බිද වැටේ . මෙම සරල සීනි ඉන්පසුව රුධිර ප්‍රවාහය හරහා ශරීරයේ සෛල වෙතට ගමන් කරයි. එහිදී ඒවා ශක්තිය සපයයි . මොලයට සහ රතු රුධිර සෛල වලට ශක්තිය ලබාගැනීම සදහා හාවිතා කල හැක්කේ glucose පමණි. ගර්භනී සමයේදී සෛල හා කිරි නිපදවීමටද glucose උපකාරී වේ. ශරීරයට තමා විසින්ම glucose නිපදවාගැනීමට හෝ ආහාර මගින් ලබාගැනීමට හැකියාව පවතී.

සීනි පරිභෝජනයට ගත යුතු මාත්‍රාවක් තිබේද?

අප දිනකට ලබාගන්න කැලරි ප්‍රමානයෙන් 10%කට වඩා අඩු ප්‍රමානයක් පමණක් ආහාර වලට එකතු කරන සීනි හරහා ලබාගන්නේ නම් එමගින් සෞඛ්‍යසම්පන්න ආහාර රටාවක් ලගාකර ගැනීමට හැකිය( according to the dietary guidelines for Americans 2015 - 2020) .

එම ප්‍රමානය දළ වශයෙන් 25g , නැතහොත් තේ හැදි 6ක සීනි ප්‍රමානයක් වේ. සීනි 1g ක කැලරි 4ක් ද, එක සීනි තේ හැන්දක සීනි 4g පමනද ඇත. වර්තමානයේදී අපගේ සීනි පරිභෝජනය මෙම අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් ඉහල අගයක් ගනී.

මාත්‍රාව ඉක්මවා කරන සීනි පරිභෝජනයේ අහිතකර ප්‍රතිඵල මොනවාද?

අධික සීනි පරිභෝජනය මගින් රුධිර පීඩනය වැඩි කරනු ලබන අතර එය හදවත් රෝග ඇතිවීම කෙරෙහිද බලපායි. ඊට අමතරව ස්ථුලතාවය, දියවැඩියාව, දත් දිරායාම, ආදියද ඇති විය හැක.

අප දිනකට ලබාගන්න සීනි ප්‍රමානය අඩු කරගන්නේ කෙසේද?

• එකවරම සීනි ප්‍රමානය අඩු නොකර එය ක්‍රමක්‍රමයෙන් සිදු කල යුතුයි. එමගින් අපගේ දිවේ ඇති රස අන්කුර එම රසය සදහා ක්‍රමයෙන් හුරු වනු ඇත.

• හැකි සෑම විටම පළතුරු යුෂ නොව, නැවුම් පළතුරු ආහාරයට ගන්න. පළතුරු යුෂ සැකසීමේදී පළතුරු වල සෛල බිද වැටී එහි ඇති සීනි යුෂයට එකතු වේ. ඒවා රුධිර ප්‍රවාහයට ඉතා ඉක්මනින් ඇතුලු වේ . පළතුරු යුෂ වීදුරුවක සම්පූර්ණ පළතුරු 3කට සමාන කැලරි ප්‍රමාණයක් අඩංගු ය.

• වෙළෙඳපොළන් ආහාර වර්ග ලබාගැනීමේදී සෑම විටම ලේබලට පරීක්ශා කර බලා අඩු සීනි ප්‍රමාණයක් සහිත ආහාර තෝරාගන්න.

අප වෙළෙඳපොළන් ලබාගන්න ආහාර පාන වල අඩංගු සීනි ප්‍රමාණය දැනගන්නේ කෙසේද?

ආහාර වල ලේබලයේ වර්ණ සන්කේත මගින් අඩංගු සීනි ප්‍රරමාණය පෙන්වයි . ඒ අනුව ආහාරයේ 100g ක ප්‍රමාණයක සීනි 22g හෝ ඊට වැඩියෙන් අඩංගු නම් රතු වර්ණයෙන්ද , 8g - 22g දක්වා සීනි අන්තර්ගත නම් කහ වර්ණයෙන්ද , 8g ට වඩා අඩු නම් කොල වර්ණයෙන් ද සළකුණු කෙරේ.

ඊට අමතරව ආහාරයේ පෝශන කරුණු අඩංගු ලේබලයේද (nutrition fact label) ආහාරයේ අඩංගු සීනි ප්‍රමාණයන් දැක්වේ . එහිදී " සීනි" යනුවෙන් ස්වභාවිකව පවතින සීනි හා එකතු කරන ලද සීනි ප්‍රමාණ එකතුවක් ලෙස හෝ වෙන වෙනමද දක්වන අවස්තා ඇත .

ඊට අමතරව අමුද්‍රව්‍ය ලැයිස්තුවේද (ingredient list) මෙම සීනි ප්‍රමාණ සටහන් වේ. මෙම ලැයිස්තුවේ සදහන් කර ඇත්තේ එකතු කර ඇති ප්‍රමාණ අවරෝහනය වන පිළිවෙළටය . මෙම අමුද්‍රව්‍ය ලැයිස්තු කියවීමේදී එකතු කරන ලද සීනි විවිධාකාර නම් වර්ග වලින් ඇත . ඒ ආකාර කිහිපයක් පහත දැක්වේ .

Brown sugar, corn sweetener, corn syrup, dextrose, fructose, glucose, high-fructose corn syrup, honey, invert sugar, lactose, malt syrup, maltose, molasses, raw sugar, sucrose, turbinado sugar, anhydeous dextrose, confectioner's powdered sugar, corn syrup solids, maple syrup , nectar, sugar, white granulated sugar....etc

අමුද්‍රව්‍ය ලැයිස්තු කියවීමේදී දැනුම ඇතිව කියවීමෙන් සහ වඩාත් සුපරීක්ෂාකාරී වීමෙන් සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරුවීමට හැකියාව ලැබෙනු ඇත.

මීට අමතරව සකස් කරන ලද ආහාර (processed food) වලට කෘතීම පැණිරසකාරක ( artificial sweetners) එකතු කරන අවස්තා ඇත .

උදා: Aspartame , saccharin , stevia , cyclamate etc.

මෙම පැනිරසකාරක සාමාන්‍ය සීනි මෙන් පැනි රසකින් යුක්ත වුවත් ආහාරයට එක් වන කැලරි ප්‍රමානය අඩුය ( zero calorie/low calorie). කෙසේ වෙතත් මෙම ද්‍රව්‍ය වලින් ශරීරයට විවිධ අහිතකර බලපෑම් ඇතිකරන බවද දැනගත යුතුය.

සැකසුම - Praveeni Manodya

මූලාශ්‍ර - අන්තර්ජාලය ඇසුරෙනි

www.ift.org

health.clevelandclinic.org

foodinsight.org

Article 14- දන්න හාලේ නොදන්න කතාව, ධාන්‍ය හා මාෂ බෝ්ග II  "The unknown story of the known rice"

අතීත මුතුන් මිත්තන්ගේ කාලයේ සිට අප ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා ධාන්‍ය වර්ගය වන්නේ සහල්. ඈත අතීතයේ සිට සාම්ප්‍රධායික සහල් ප්‍රභේද දෙදහසකටත් අධික සංඛ්‍යාවක් මෙරට ජනතාව වගා කර තිබේ. මෙම සාම්ප්‍රධායික සහල් අනෙකුත් සහල් වලින් විශේෂිත වන්නේ එහි ඇති ඉහළ පෝෂණ ගුණය නිසයි. සුවදැල්, කලු හීනටි, සුදු හීනටි, මාවී, පච්චපෙරුමාල්, ගෝනබරු එයින් ප්‍රධාන අපට හුරුපුරුදු සාම්ප්‍රධායික සහල් ප්‍රභේද කීපයකි.විවිධ වර්ගයේ සහල් ලෝකය පුරා වගා කලත් ලාංකිකයන් වැඩිවශයෙන් පරිභෝජනය කරන්නේ සහල් වර්ග කීපයකි.

සහල් වල පිටත ආවරණයේ වර්ණය මත පදනම්ව රතු සහ සුදු ලෙස සහල් ප්‍රධාන වර්ග දෙකක් ඇති අතර ලංකාවේ ප්‍රධාන වශයෙන් ඒවා පරිභෝජනය කරන්නේ කැකුලු හෝ තම්බපු සහල් (raw or parboiled) ලෙසයි. කැකුලු සහල් කිසිදු පෙර සැකසුමකින් තොරව වී කෙටීමෙන්  ලබා ගන්නා අතර තම්බපු සහල් පොත්ත සමග පෙර පිසීමක් සිදුකර පසුව පොත්ත ඉවත් කරයි.කැකුලු සහල් වලට වඩා තම්බපු සහල් වල විටමින් අන්තර්ගතය ඉහළ වුවද සුදු තම්බපු සහල් වල පෝෂක ප්‍රමාණය සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වේ. තම්බන ක්‍රියාවලියේදී ජලයේ දියවන විටමින් ඇතුළු බොහෝ ක්ෂුද්‍ර විටමින් නිවුඩ්ඩේ සිට ධාන්‍ය තුලට විසරණය වන බැවින් මෙලෙස තම්බපු සහල් වල පෝෂක කොටස් හානි වීම අවම වීමට හේතු වේ.

එලෙසම තම්බපු සහල් වල ග්ලයිසිමික් දර්ශකයත් අඩු අගයකි. ග්ලයිසිමික් දර්ශකය යනු යම් ආහාරයක් පරිභෝජනය කිරීමෙන් පසුව කෙතරම් ඉක්මනින් රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ නැංවීමට හැකිද යන්න පිළිබඳ මිනුමකි.

සම්බා සහ නාඩු අයත් වෙන්නේ තම්බපු සහල් යටතටයි. සම්බා සහ නාඩු වර්ග කරන්නේ ධාන්‍යයක දිගට පළල අනුපාතය අනුවයි. සම්බා කුඩා රවුම් සහල් වන අතර නාඩු දිගටි සහල් වේ. තම්බපු සහල් වල ප්‍රධාන අවාසිය වන්නේ කල් තබා ගැනීමේ කාලය අඩු වීමයි. මෙයට හේතුව වන්නේ තම්බපු සහල් පහසුවෙන් දිලීර ආසාදනයට ලක්වීම නිසා aflatoxin වැනි විෂ රසායනිකයන් නිපදවීමයි. එසේම තම්බපු සහල් සැකසීමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම,තම්බපු සහල් වලින් නිකුත් වන අප්‍රසන්න ගන්ධයට හේතු වේ.

කැකුලු සහල්ද ආකාර දෙකකට පරිභෝජනය කරයි. එනම් නිවුඩ්ඩ ඉවත් කල හා නොකල සහල් වශයෙන් (polished and unpolished).නිවුඩ්ඩ විටමින්,ඛණිජ ලවණ,මේදය,තන්තු සහ ගුණාත්මක ප්‍රෝටීන වලින් පොහොසත් වන බැවින් නිවුඩ්ඩ ඉවත් කල සහල් පෝෂණ ගුණයෙන් අඩුවේ.සුදු සහල් හොදින් පිරිපහදු කරයි එනම් නිවුඩ්ඩ ඉවත් කරයි.එමගින් සහල් පිසීමේ ගුණය,කල් පැවැත්ම,රසය වැඩි වන නමුදු අවාසනාවන්ත ලෙස එහි පෝෂණ ගුණය අඩු වේ.

රතු සහල් වල එලෙස අධික ලෙස නිවුඩ්ඩ  ඉවත් නොකරන බැවින් සුදු සහල් වලට වඩා එහි තන්තු,විටමින්,ඛණිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්ය.සුදු සහල් අහාරයට ගැනීම අහිතකර ලෙස රුධිර සීනි මට්ටම කෙරෙහි බලපාන බැවින් දියවැඩියා රෝගීන්ට එය සුදුසු නොවේ.එසේ වුවද රතු සහල් වල ග්ලයිසිමික් දර්ශකය අඩු අගයක් ගන්නා නිසා රුධිර සීනි මට්ටම පාලනයට හේතු වේ.මෙනිසා සැබැවින්ම රතු සහල් පෝෂණ ගුණයෙන්  ඉහළ බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙනෙන සහල් වර්ගයකි.

සහල් වලින් පසු ලංකාවේ වැඩියෙන් භාවිතා වන ධාන්‍ය වන්නේ තිරිඟු.තිරිඟු පිටි භාවිතා කරමින් නිශ්පාදනය කරන බේකරි ආහාර වලට ලංකාවේ තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්.තිරිඟු පිටි නිශ්පාදනය කරන්නේ තිරිඟු ඇට කුඩු කිරීමෙනි.තිරිඟු ඇටයේ ප්‍රධාන කොටස් තුනක් ඇත.එනම් භ්‍රෑණපෝෂය,බීජාංකුර සහ නිවුඩ්ඩයි.මින් කුඩු කරන කොටස අනුව සුදු පිටි,දුඹුරු පිටි හා සම්පූර්ණ තිරිඟු පිටි ලෙස වර්ග කරයි.සුදු පිටි නිශ්පාදනය කරන්නේ භ්‍රෑණපෝෂයෙන් පමණි.දුඹුරු පිටි වල බීජාංකුර හා නිවුඩ්ඩ අන්තර්ගත වන අතර සම්පූර්ණ තිරිඟු පිටි වල ඉහත කොටස් තුනම අන්තර්ගතයි.සුදු පිටි වල ස්වාභාවික කහපාටට හුරු පාටක් තිබුනද වාණිජව නිශ්පාදනය කිරීමේදී ඔක්සිකාරක රසායනිකයන් එකතු කර ඒවා සුදු කරයි.

ග්ලූටන් ස්වාභාවිකවම තිරිඟු වල අන්තර්ගත වන ප්‍රෝටීනයකි.එය ඇනූ පාන් පිටි වල නම්‍යතාව පවත්වා ගැනීමට දායකවේ.තිරිඟු ප්‍රභේද විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ඒ අනුව තිරිඟු පිටි වර්ග කීපයකි.එනම්, සම්පූර්ණ තිරිඟු පිටි, පාන් පිටි,all purpose flour,cake flour,pastry flour සහ self-rising flour යනාදියයි.

සම්පූර්ණ තිරිඟු පිටි නොයෙකුත් විටමින්,ඛණිජ ලවණ ප්‍රතිඔක්සිකාරක හා තන්තු වලින් පොහොසත් වුවද පිරිපහදු කර සකසන සුදු පිටි/පාන් පිටි වල එතරම් පෝෂණ ගුණයක් නැත. සම්පූර්ණ තිරිඟු පිටි වල ග්ලයිසිමික් දර්ශකය අඩු අගයක් ගන්නා බැවින් දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරකි.

මීට අමතරව බඩඉරිඟු,කුරක්කන් වැනි ධාන්‍යද ලාංකිකයන් බහුලව ආහාරයට ගනී.බඩඉරිඟු ප්‍රධාන වශයෙන් ත්‍රිපෝශ,සමපෝෂ නිශ්පාදනයට යොදා ගන්නේ ඒවාද විටමින්,ඛණිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක හා තන්තු වලින් පොහොසත් පෝෂ්‍යදායි ධාන්‍යක් බැවිනි.

මෙබැවින් ධාන්‍ය වුවද තතු දැන ආහාරයට ගැනීම ඔබට බොහෝ වාසි ගෙන දෙනු ඇත.

සැකසුම: ඉනෝෂා ජයලත්

               තරුෂි දහනායක

මූලාශ්‍ර: අන්තර්ජාලය ඇසුරින්,

https://www.healthline.com/nutrition/foods/corn

https://www.healthline.com/nutrition/healthiest-rice

https://www.healthline.com/nutrition/foods/wheat

https://www.thespruceeats.com/about-wheat-and-wheat-flour...


Article 13- නැකතට උනත් දැනගෙන කන්න "Consume food with the proper knowledge even within the auspicious times"

අවුරුදු උදාවත් සමඟ සෑම නිවසකම කෑම මේස කැවිලිවලින් ඉතිරී යාම හුරුපුරුදු දර්ශනයක්. කැවුම්, කොකිස් නැති අවුරුද්ද, අවුරුද්දක් ලෙස නොසලකන්නට පුරුදු වී සිටින අපි,අවුරුදු මෙසේ කැවිලි වර්ග සඳහා ලබාදෙන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්.

කැවිලි පිළිබඳ ඉතිහාසය සම්බන්ධයෙන් රසවත් කතා පුවත් රැසකි.ඉන් එක් කතාවක සඳහන් වන්නේ ඕලන්ද ජාතිකයින් රජු හමුවීමට කඳුරටට පැමිණි අවස්ථාවේ ඔවුන් කැවුම් අනුභවකොට,ඒ රසයෙන් කුල්මත්ව මේ කිනම් ගසකින් කඩා ගන්නා ගෙඩියක් දැයි විමසූ බවයි.

කෙසේ වෙතත් කාලය සමග විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් අලුත් අංග ද එක්වී කැවිලි වර්ග රැසක් අපට ඉතිරි වී තිබේ.ඉතින් අවුරුදු කෑම වල රස බලන මොහොතේ අවුරුදු කැවිලි වල පෝෂණ ගුණය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.

අපගේ අවුරුදු කෑම මේසය ප්‍රධානතම අංගයක් ලෙස කිරිබත් හැදින්විය හැකිය. සාමාන්‍ය කිරිබත් කැබැල්ලක (ග්‍රෑම් 55ක් පමණ වන) ශක්තිය කිලෝ කැලරි 240 ක් පමණ අඩංගු වේ. එවන් කිරිබත් කැබලි දෙකක් ආහාරයට ගැනීමෙන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් පහෙන් එකක පමණ ප්‍රමාණයක් සම්පූර්ණ කර ගත හැකිය. ලිපිඩ බහුල බැවින් කිරිබත් පහසුවෙන් ජීර්ණය නොවන ආහාරයකි. කිරිබත් ආහාරයට ගත් විට නිදිමත ඇතිවීමට හේතුව ද මෙයයි. ලුණුමිරිස් සමග කිරිබත් ආහාරයට ගැනීම ජීරණය පහසු කරවයි. ඇතැම් අවස්ථාවල මුංඇට එක්කර මුං කිරිබත් සාදන අතර එමගින් පෝශ්‍ය ගුණය වැඩිදියුණු කරයි . මුං රනිල කුලයේ ශාකයක් වන අතර තන්තු බහුල වන නිසා එමගින් ආහාර ජීරණය පහසු කර, ආහාර වල ඇති මේදය ශරීරයට උරා ගැනීම අවම කරයි.

කොණ්ඩ කැවුම්, මුං කැවුම් නාරං කැවුම්, වැනි කැවුම් වර්ග රැසක්ද අවුරුදු මේසයේ ප්‍රධාන තැනක් ගනී. ග්‍රෑම් 55ක පමණ කොණ්ඩ කැවුමක ශක්තිය කිලෝ කැලරි 207ක්, ප්‍රෝටීන ග්‍රෑම් 1.28 මේදය ග්‍රෑම් 11.94 ක ප්‍රමාණයක් ද අඩංගු වේ. සාමාන්‍ය ප්‍රමාණයේ මුං කැවුමක (ග්‍රෑම් 20ක් පමණ වන) ශක්තිය කිලෝ කැලරි 188 ක් පමණ ද ප්‍රෝටීන ග්‍රෑම් 3.6 ක් ද මේදය ග්‍රෑම් 1.7 ක් ද අඩංගු වේ.

කොකිස් අනෙක් රසකැවිලි වලට සාපේක්ෂව අඩු ශක්ති ප්‍රමාණයක් ඇති කැවිලි වර්ගයක් ලෙස සැලකිය හැක.විවිධ හැඩතල වලට සාදන සාමාන්‍ය ප්‍රමාණයේ (ග්‍රෑම් 5 පමණ )එක් කොකිසක ශක්තිය කිලෝ කැලරි 56 ප්‍රෝටීන ග්‍රෑම් 1.2 ක් හා මේදය ග්‍රෑම් 1.8 ක් පමණද අඩංගු වේ.

අවුරුදු කෑම මේසයට බොහෝවිට එක් වන සාමාන්‍ය අළුවා කැබැල්ලක (ග්‍රෑම් 25 ක් පමණ වන) ශක්තිය කිලෝ කැලරි 150ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 1.5 ක් හා මේදය ග්‍රෑම් 3.2 ද අඩංගු වේ.

උඳු පිටි එක්කර සාදන පැණිවලලු කුඩා දරුවන් ද වැඩිහිටියන් ද ඉතා ප්‍රියකරන ආහාරයක්. අවුරුදු කෑම මේසය ඇති කැවිලි වර්ග අතරින් සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස මේදය වැඩිම කැවිලි වර්ගය මෙයයි. සාමාන්‍ය ප්‍රමාණයේ පැණි වළල්ලක (ග්‍රෑම් 20පමණ) ශක්තිය කිලෝ කැලරි 247 මේදය ග්‍රෑම් 12.9ද අඩංගු වේ.

පැණි රස කැවිලි වර්ගයක් වන වැලිතලප සාමාන්‍ය ප්‍රමාණය කැබැල්ලක( ග්‍රෑම් 20ක් පමණ) ශක්තිය කිලෝ කැලරි 250ක්ද ප්‍රෝටීන ග්‍රෑම් 2.3 ක් හා මේදය ග්‍රෑම් 2.5 ක් අඩංගු වේ.

සෑදීමට අපහසු එහෙත් ඉතා රසවත් ආස්මි ග්‍රෑම් 38 ක ප්‍රමාණයක ශක්තිය කිලෝ කැලරි 96 ද ,මේදය ග්‍රෑම් 4.22 ක් ද අඩංගු වේ.

අපගේ අතීත මුතුන් මිත්තන් මෙම බොහෝ රසකැවිලි හකුරු ,ගිතෙල් ආදිය එක් කර සාදන ලදී. හකුරු මලබද්ධය සදහා, සෙම්ප්‍රතිශ්‍යාව , රක්තහීනතාවය වැලක්වීමට ,ලේ පිරිසිදු කිරීමට, රුධිර පීඩනය පාලනයට ආදියට බෙහෙවින් ගුණදායකය. එසේම ගිතෙල්, ජීරණය පහසු කරන ,පෝෂක උරාගැනීමේ හැකියාව වැඩිදියුණු කරන, ආහාර මාර්ග නිරෝගී කරන ඔසුවක් ලෙස සැලකේ.

එහෙත් වර්තමානයේ කිතුල් හකුරු වෙනුවට සීනි භාවිතා කරන අතර රසකාරක ලෙස කුරුඳුපොතු ගම්මිරිස් එන්සල් වැනි කුළුබඩු වෙනුවට කෘතිම රසකාරක යොදා ගනිමින් කැවිලි පිළියෙල කිරීම සිදු කරයි.

එසේම කැවුම් කොකිස් වැනි කැවිලි ගැඹුරු තෙලේ බැදීමෙන් සකස් කරගනියි. මෙහිදී භාවිතයට ගන්නා තෙල් නැවත නැවත ප්‍රයෝජනයට ගැනීම නුසුදුසුය. ඒ කොකිස් බැදීමේදී අධික උෂ්ණත්වයට රත් වූ තෙල් වල නිපදවන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරන බැවිනි.

අපගේ සියලුම කැවිලිවර්ග පාහේ ශක්තිය අධික ආහාර අපගේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාවක් අනුව මෙම ශක්ති ජනක ආහාර ඔවුන්ගේ දෛනික ජීවිතයට බාධාවක් නොවීය. එසේම ඔවුන් අවුරුදු කාලය අවුරුදු ක්‍රීඩාවන්හි නිරත වෙමින් කැවිලි මගින් ලැබෙන අධික ශක්තිය වැය කරන ලදී. නමුත් අපගේ වර්තමාන ජීවන රටාව හා ආහාර රටාවක් අනුව මෙම අධික ශක්තියක් සහිත තෙල් හා සීනි අධික ආහාර පාලනයකින් තොරව ආහාරයට ගැනීම දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝග රාශියකට අත වැනීමක් බඳු ය.

එහෙයින් මේ ලබන්නා වූ නව වසරේ අවබෝධයෙන් යුතුව තම සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වෙමින් ආහාර අනුභව කරමු .ඔබ සැමට ආයු වර්ණ සැප වැඩි දියුණු වන සුභ අලුත් අවුරුද්දක් වේවා.

සැකසුම

Kavindi Nagasinghe

අන්තර්ජාලය ඇසුරිනි.

http://blog.vidunenahawula.com/2015/04/avrudu-kama.html?m=1

http://mihithuru.lk/node/69


Article 12- Maintaining a healthy diet during the COVID-19 pandemic 

It is evident that COVID-19 pandemic is causing lot of changes in our daily lifestyles. A large number of people living all around the globe are being restricted to their homes with limited space for physical activities. Such restrictions definitely affect adversely on overall wellbeing of individuals.

However medical professionals emphasize the importance of maintaining our immunity as an effective measure to combat this disease. Therefore it is important to recognize the most effective ways of keeping ourselves healthy.

Among many such ways, good nutrition can be identified as one of the most significant ways.

Good nutrition can help your body before, during and after an infection. Foods with good nutritional value can provide the extra energy and nutrition required by the body in facing an infection. Therefore it is important to maintain a healthy diet during the COVID-19 pandemic. While no foods or dietary supplements can prevent COVID-19 infection, maintaining a healthy diet is an important part of supporting a strong immune system.

The Food and Agriculture Organization (FAO) of the United Nations and other United Nations (UN) agencies are providing the required instructions and assistance to the governments with this regard. FAO believes that it is not impossible to purchase and consume a healthy diet even during these difficult times. There exists a huge diversification in food habits and patterns among the countries. Therefore it requires great attention and knowledge in selecting healthy diet as the current situation demands.

What are the suggestions presented by FAO to maintain a healthy diet?

FAO has provided solutions with relevance the nutritional requirements of the people by considering following problems.

What is the simplest way to ensure intake of all necessary nutrients?

Eat a variety of foods within each food group and across all the food groups. This will ensure the intake of all the required nutrients in your meals. Sri Lanka being an agricultural country, a large number of groups of healthy food can be identified. They are as follows- Grain (cereals) and tubers (yams), fruits, vegetables, leafy vegetables, fish-pulses-meat and eggs, milk and milk products, nuts and oil seeds. The golden rule is to include at least one food item from each group. These foods are helpful in obtaining a variety of nutrients depending on their composition. Majority of the population are able to access these food groups either by purchasing from markets or by cultivating in their home gardens. FAO has compiled many countries’ Food-based dietary guidelines. Sri Lanka’s guidelines are included in

http://www.fao.org/.../regions/countries/sri-lanka/en/

2.How important is it to have fruits and vegetables in your diet?

Fruits and vegetables are able to provide lots of vitamins and minerals that are required to boost immunity. Many fruit and vegetable types can be purchased or found within the home gardens. Therefore they can be recognized as an easy way of access to nutrition. As a measure to reduce the number of market visits, home gardening can be applied. If excess harvest is obtained, they can be either distributed or preserved for further usage ex: freezing, canning. When choosing methods of preservation, it is important to select methods that does minimum harm to the nutrients.

3.Should we completely stay away from fats?

Fats is an essential nutrition that serves a number of functions. However if consumed in excess amounts, it will cause bad than good. It is important to consume a diet consisting whole grains, nuts, and healthy fats such as in olive, sesame, peanut or other oils rich in unsaturated fatty acids. Such foods will support your immune system and will reduce inflammation.

4.What are the bad food habits that you might catch up during this time?

During stress conditions, a lot of people tend to consume palatable food items for their comfort and as a way of releasing stress. This will ultimately lead to the habit of overconsumption. The unfavorable impact of this is that it will cause intake of fat, sugar and salt in excessive amounts which will be unhealthy. Therefore it is important to take care to replace unhealthy snacks with natural and nutritious food items and to maintain your mental health at an optimal level. 

5. What are the good food hygiene practices to follow?

COVID-19 is a respiratory virus and is not a food-borne disease. There has been no evidence yet that the virus has been transmitted through food. However, since the virus can retain on surfaces it is always wise to follow the good hygienic practices in handling food. FAO suggests five keys to food safety:

(1) keep clean

(2) separate raw and cooked

(3) cook thoroughly

(4) keep food at safe temperatures

(5) use safe water and raw materials.

More details can be found here:

www.who.int/foodsafety/publications/consumer/manual_keys.pdf

6.Does drinking water prevent the disease?

There has not been any scientific evidence that water can prevent the infection or cure the disease. However water helps to keep your body hydrated which will also in return help the immune system. Therefore drinking ample amount of water (6-8 glasses a day for many adults) is important. Though drinking water is not a cure for the disease, it can mitigate effects through strengthening the immune system. Replacing sugar- sweetened beverages with plain water also helps to reduce the risk of consuming too many calories for maintaining a healthy weight.

7.What are the safest ways of obtaining food?

In addition to good nutrition habits, there are other good hygienic practices that are required to be followed during this period. It is important to reduce the number of market visits, hence obtaining the service of an online delivery system or purchasing substances from a distribution vehicle would be appropriate. Cultivating in your home garden at a small scale will definitely be the most safest way as it allows you to maintain the social distance as well. This will also enable you to strengthen the battle against the expected food scarcity in the near future.

8. How to be wise as a food consumer these days?

It is of utmost importance to remind people to avoid from buying excess food. FAO suggests not buying more than the family needs, as a measure to reduce unnecessary food waste. They also provide a 9 steps strategy to minimize the household level food waste.

1) Ask for smaller portions

2) love your leftovers

3) shop smart

4) buy "ugly" fruits and vegetables

5) check your fridge

6) practice first in, first out (FIFO)

7) understand dates on your food

turn waste into compost

9) sharing is caring

It is important to follow healthy eating habits as well as the following steps to maintain a healthier lifestyle especially during this season

• not smoking;

• exercise regularly;

• Get enough sleep

• Maintaining good mental health

In the face of a pandemic , we will soon be able to eliminate this danger by paying close attention to our physical and mental health. All it takes is your attention and support.

Article by,

Umesha Attygalle


Article 11- කිරි බිව්වම බඩ රිදෙනවද? "Do you experience stomach ache after drinking milk - Lactose intolerance"

𝐋𝐚𝐜𝐭𝐨𝐬𝐞 𝐈𝐧𝐭𝐨𝐥𝐞𝐫𝐚𝐧𝐜𝐞 ගැන සින්හලෙන්ම දැනගන්න

𝐋𝐚𝐜𝐭𝐨𝐬𝐞 𝐈𝐧𝐭𝐨𝐥𝐞𝐫𝐚𝐧𝐜𝐞 යනු, කිරි ආශ්‍රිත ආහරයක් ගැනීමෙන් පසුව ඇතම් පුද්ගලයන්ගේ ආහාර මාර්ගයේ ඇති වන (Disorder) ආසාත්මිකතාව කි. සරලවම කියනවා නම්, සමහර පුද්ගලයන්ට කිරි ආශ්‍රිත දෙයක් බිව්වට හෝ කෑවට පස්සෙ, බඩ රිදීමක් හෝ බඩ පිපුමක් ඇති වෙනවා. මේකට හේතුව මොකක්ද?

කිරි වල තියෙන මූලිකම කාබෝහයිඩ්‍රේටය තමයි (𝐋𝐚𝐜𝐭𝐨𝐬𝐞) ලැක්ටෝස්. මේ ලැක්ටෝස් අණුවක් නිර්මාණය වෙලා තියෙන්නෙ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් කියන සංඝටක දෙක එකතු වෙලා.

ලැක්ටෝස් = ග්ලූකෝස් + ගැලැක්ටෝස්

Lactose = Glucose + Galactose

සාමන්‍ය පුද්ගලයෙක්, කිරි පානය කලාට පස්සෙ,

01. ඔහුගේ කුඩාන්ත්‍රයේදී, මේ ලැක්ටෝස් අණු, ඒවායේ මූලික සංඝටක වන ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට බිඳහෙලනවා. මෙම ක්‍රියාව සිදු කරන්නේ ආහාර මාර්ගයේ තියෙන ආන්තික ලැක්ටේස් ( 𝙄𝙣𝙩𝙚𝙨𝙩𝙞𝙣𝙖𝙡 𝙇𝙖𝙘𝙩𝙖𝙨𝙚 ) කියන එන්සයිමය මගින්.

02. මේ විදිහට බිඳහෙලුනු ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්, ඉන් පසුව, පහසුවෙන් අන්ත්‍රය ( Intestine ) වෙත අවශෝෂණය වෙලා රුධිරයට එකතු වෙනවා. ඒ සාමාන්‍ය පුද්ගලයෙකුගේ තත්වය.

Lactose Intolerance සහිත පුද්ගලයෙකුගේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි, ලැක්ටේස් එන්සයිමයේ ඌනතාවය. ඔහුගේ කුඩාන්ත්‍රයේ අවශ්‍ය ප්‍රමාණයට ලැක්ටේස් එන්සයිමය නෑ. එවිට සිදුවන දේ තමයි,

01. ඔහු ලබා ගන්නා කිරි ආහාරයේ ඇති ලැක්ටෝස්, හරි ආකාරව බිඳහෙලෙන්නේ නැති වීම නිසා රුධිරයට අවශෝෂණය වෙන්නෙ නෑ.

02. ඒ විදිහට ඉතුරු වෙන ලැක්ටෝස්, මහාන්ත්‍රයට ඇතුලු වූ විට, එහි සිටින බැක්ටීරියා එම ලැක්ටෝස් මත ක්‍රියා කර (Fermentation), විවිධ ආසාත්මිකතා ඇති කරනවා.

ලැක්ටේස් එන්සයිමයේ ඌණතාවයට බලපාන හේතු මොනවාද?

මෙම තත්වය ආකාර දෙකකට බෙදන්න පුලුවන් : ප්‍රාථමික අවස්ථාව සහ ද්විතීයික අවස්ථාව

ප්‍රාථමික අවස්තාවට ( 𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐋𝐚𝐜𝐭𝐨𝐬𝐞 𝐈𝐧𝐭𝐨𝐥𝐞𝐫𝐚𝐧𝐜𝐞 ) අදාල තත්වය ඉතා සුලභයි. වයස්ගත වීමත් සමග ලැක්ටේස් එන්සයිමයේ නිෂ්පාදනය අඩු වීම හෝ, ඇතැම් විට ජාන මය හේතූන් නිසා මෙය සිදු වෙන්න පුලුවන්. ලෝකයේ සමහර ජන කොට්ටාශ වල මෙම තත්වය සුලබව හමුවෙනවා. උදාහරණ: 5–17% වන යුරෝපීයන්, 44% වන අමෙරිකානුවන් සහ 60–80% පමණ වන ආසියානුවන් සහ අප්‍රිකානුවන් මෙම තත්වයට මුහුන දෙනවා.

ද්විතීයික අවස්තාව ( 𝐒𝐞𝐜𝐨𝐧𝐝𝐚𝐫𝐲 𝐋𝐚𝐜𝐭𝐨𝐬𝐞 𝐈𝐧𝐭𝐨𝐥𝐞𝐫𝐚𝐧𝐜𝐞 ) තරමක් විරලයි. මෙයට හේතු වන්නේ විවිධ රෝගයන් සහ ශාරිරික දුබලාතාවන්. ( උදාහරණ ලෙස celiac රෝගය සහ Crohn's රෝගය )

මෙම තත්වයේදී ඇතිවන රෝග ලක්ශණ වන්නේ

බඩ පිපුම

බඩේ කැක්කුම

පාචන තත්ව

වමනය

මෙම තත්වය සඳහා ඇති ප්‍රතිකාර සලකා බලමු.

එන්සයිම අතිරේක ( Enzyme Supplements) ලබා ගැනීම ; මෙහිදී ලැක්ටේස් එන්සයිමය Tablets ලෙස හෝ ආහරයට එකතු කරගැනීමට හැකි ලෙස ලබා ගන්න පුළුවන්.

Prebiotics සහ Probiotics අඩංගු ආහාර ලබා ගැනීම. අද කාලයේ බොහෝ යෝගට් ආශ්‍රිත නිශ්පාදන වලින් මෙම Pre/Probiotics ලබා ගන්න පුලුවන්.

සටහන : Amitha Lakshan

මූලාශ්‍ර :

https://www.healthline.com/nutrition/lactose-intolerance-101

https://www.mayoclinic.org/.../symptoms-causes/syc-20374232

https://ghr.nlm.nih.gov/condition/lactose-intolerance

Article 10- ධාන්‍ය හා මාෂ බෝග 1 "Cereals  and pulses 1" 

ධාන්‍ය හා මාෂ බෝග (cereals and pulses) යනු බොහෝ දෙනාගේ සවනට හුරු පුරුදු, නමුත් ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති පදයකි. මෙම ලිපි පෙල මගින් එම අපැහැදිලිතාවයන් මගහැර, ධාන්‍ය හා මාෂ බෝග පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ලිපිය මගින් සිදු කෙරෙන්නේ ධාන්‍ය හා මාෂ බෝග පිළිබඳව හැඳින්වීමකි.

පළමුව ධාන්‍ය (cereals) පිළිබඳව සළකා බලමු. ලොව පවතින ආහාර කාණඩ අතරින් බහුලවම පරිභෝජනයට ගැනෙන ආහාර කාණ්ඩයයි. ධාන්‍ය යනු තෘණ කුලයට අයත් ශාක වලින් ලබා ගන්නා ඇට වර්ග වන අතර වී, තිරිඟු, බාර්ලි, ඉරිඟු. බඩඉරිඟු, ඕට් හා රයි ලොව පුරා බහුලවම වගා කෙරෙන ධාන්‍ය වර්ග වේ. ලෝකයේ ප්‍රධානම ධාන්‍ය නිෂ්පාදකයා චීනය වන අතර, 2017 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව එය මෙට්‍රික් ටොන් 617 ක් පමණ වේ. එය ලෝකයේ සමස්ථ නිෂ්පාදනයෙන් 20.75% කි. මීට අමතරව ඇමරිකාව, රුසියාව, බ්‍රසීලය හා ඉන්දියාව විශාල ලෙස ධාන්‍ය නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධානවම වගා කෙරෙන ධාන්‍යය වී වන අතර ඊට අමතරව බඩඉරිඟු, කුරක්කන්, මෙනේරි හා තල ආදිය වගා කරයි.

ධාන්‍ය යනු ඉතා පොහොසත් කාබෝහයිඩ්‍රේට ප්‍රභවයකි. ප්‍රෝටීන, විටමින් A හා කැල්සියම් යනාදිය ඉතා අවම මට්ටමක පැවතියද ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයක් අඩංගු වීම නිසා ධාන්‍ය බොහෝ රටවල ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත. ධාන්‍ය ඉතා හොඳ විටමින් B ප්‍රභවයක් මෙන්ම යකඩ, මැග්නීසියම්, සින්ක් වැනි ඛනිජ ලවණද බහුලව අන්තර්ගත වේ. එසේම ධාන්‍ය වල රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කල හැකි ප්‍රතිඔක්සිකාරක හා ශාක රසායනික ( phytochemicals) විශාල ලෙස අඩංගු වේ. ලිග්නන්, ෆයිටික් අම්ලය වැනි ශාක රසායන මගින් හෘද රෝග හා පිළිකා, විශේෂයෙන්ම ආන්ත්‍රික පිළිකා ඇතිවීමේ අවධානම අවම කරයි.

කාන්තාර හා අධික සීතල ප්‍රදේශ හැර අනෙකුත් ඕනෑම ප්‍රදේශයක මේවා වගා කල හැකි වීම විශේෂත්වයකි. මිනිස් පරිභෝජනයට අමතරව ධාන්‍ය ප්‍රධාන සත්ව ආහාරයක්ද වේ. ජීව ඉන්ධන, මධ්‍යසාර, තෙල් වර්ග හා ග්ලුකෝස් නිෂ්පාදනයේදී ධාන්‍ය අමුද්‍රව්‍යක් ලෙස යොදා ගනී. ධාන්‍ය කෙටි කාලීන බෝග වීම නිසා අනෙකුත් බෝග වලට සාපේක්ෂව ඒ සඳහා දැරීමට සිදු වන්නේ අඩු නිෂ්පාදන පිරිවැයකි. අනෙක් වාසිය නම් ධාන්‍ය වියළි තත්වයෙන් වැඩි කලක් ගබඩා කර තබා ගැනීමට හැකිවීමයි.

මාෂ බෝග (pulses) සැළකීමේදී ඒවා රනිල කුලයට අයත් ශාක වේ. නමුත් සියලු රනිල කුලයේ ශාක මාෂ බෝග නොවේ.සෝයා, පරිප්පු, බෝංචි ආදිය ලොව බහුලවම වගා කෙරෙන මාෂ බෝග වේ. මෙම රනිල කුලයේ ශාක වල ඇති විශේෂත්වයක් නම්, පසෙහි වෙසෙන බැක්ටීරියා සමග සහජීවනයෙන් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට ඇති හැකියාවයි. මේ නිසා පස සාරවත් කිරීමේ ක්‍රමවේදයක් ලෙසින්ද මාෂ බෝග වගා කිරීම සිදු කරයි. කෙසේ නමුත් ධාන්‍ය තරම් පුළුල් ලෙස මාෂ බෝග වගා කිරීම සිදු නොවේ. ලොව ප්‍රධාන මාෂ බෝග නිෂ්පාදකයා ඉන්දියාව වන අතර ඊට අමතරව කැනඩාව, ඇමරිකාව, චීනය, බ්‍රසීලය, ඔස්ට්‍රේලියාව යන රටවල්ද විශාල ලෙස මාෂ බෝග නිෂ්පාදනය කරයි.

ධාන්‍ය වලට වඩා දෙගුණයක පමණ ප්‍රෝටීන අන්තර්ගතයක් මෙහි අඩංගු වන අතර එම නිසා බොහෝ රටවල මස්, මාලු, කිරි, බිත්තර යන ප්‍රධාන ප්‍රෝටීන ප්‍රභවයන්ට ආදේශකයක් ලෙස මාෂ බෝග භාවිතා කරයි. එසේම මෙහි අඩු මේද ප්‍රමාණයක් හා ඉහළ තන්තු ප්‍රතිශතයක් අන්තර්ගත වේ. එම නිසා රුධිර කොලෙස්ටරෝල් මට්ටම හා සීනි ප්‍රමාණය අඩු කිරීමට ද ස්ථුලභාවය අවම කිරීම ට හා ආහාර ජීරණය පහසු කිරීමට දායක වේ. මේ හේතුව නිසා දියවැඩියාව හා හෘද රෝග වලින් මිදීමට වෛද්‍යවරුන් විසින් මාෂ බෝග පරිභෝජනය නිර්දේශ කරනු ලැබේ. ධාන්‍ය වල පවතින අධික කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයට සාපේක්ෂව මෙහි අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් තිබීමත් එසේම අඩු ග්ලයිසමික් දර්ශක අගයක් පැවතීමත් මීට හේතුව වේ. ග්ලයිසමික් දර්ශක අගය යනුවෙන් හඳුන්වන්නේ යම් ආහාරයක් පරිභෝජනය කිරීමෙන් අනතුරුව කෙතරම් ඉක්මනින් රුධිර ග්ලුකෝස් මට්ටම ඉහළ නැංවීමට හැකිද යන්න පිළිබඳ මිනුමකි. ග්ලයිසමික් දර්ශක අගය අඩු ආහාර සෙමෙන් ජීරණය වන අතර අඩු වේගයකින් අවශෝෂණයද සිදු වේ. එම නිසා රුධිර ග්ලුකෝස් මට්ටම ඉහළ යාම සිදුවන්නේ සෙමිනි. මාෂ බෝග ඉතා හොඳ විටමින ප්‍රභවයක් ද වන අතර විටමින් B සංකීර්ණයේ විටමින වන තයමීන්, ෆොලේට් හා නියසීන්ද අතිබහුලව අන්තර්ගත වේ.

ඇත්ත වශයෙන්ම සියලුම ශාක ප්‍රෝටීන අසම්පූර්ණ ප්‍රෝටීන වේ.එනම් දේහයට අවශ්‍ය කරන අත්‍යවශ්‍යය ඇමයිනෝ අම්ල පූර්ණ පරාසයම ශාක ප්‍රෝටීන මගින් ලබා ගත නොහැක. මේ නිසා ශාකමය ආහාර වල සීමාකාරී ඇමයිනෝ අම්ලයක් (limiting amino acid) අන්තර්ගත වේ. එනම් එම ආහාරයේ අඩංගු නොවන, නැතහොත් සැළකිය යුතු තරම් ප්‍රමාණයකින් අන්තර්ගත නොවන ඇමයිනෝ අම්ලයි. ධාන්‍ය වල ලයිසීන් නැමැති ඇමයිනෝ අම්ලය සීමාකාරී ඇමයිනෝ අම්ලය වන නමුත් මාෂ බෝග වල ලයිසීන් බහුලව අන්තර්ගත වේ. නමුත් මාෂ බෝග වල මෙතියොනීන් හා සිස්ටීන් යන අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව අඩංගු නොවන අතර ධාන්‍ය වල සිස්ටීන් හා මෙතියොනීන් බහුලව අන්තර්ගත වේ. මේ නිසා ධාන්‍ය හා මාෂ බෝග යන දෙවර්ගයම එකට මිශ්‍ර කර ආහාරයට ගැනීම මගින් අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල පූර්ණ පරාසයම අඩංගු ආහාරයක් ලබා ගත හැක.

මේ නිසා ධාන්‍ය හා මාෂ බෝග දෙවර්ගයම සමබල ආහාරයක අත්‍යාවශ්‍ය අංග වන අතර පෝෂණ ගුණයෙන් අනූනය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ලෙසම භාවිතා වන ධාන්‍ය හා ඒවායේ ගුණ පිළිබඳ වැඩි විස්තර ඉදිරි ලිපියක් මගින් බලාපොරොත්තු වන්න.

සැකසුම : තරුෂි දහනායක හා ඉනෝෂා ජයලත්

මූලාශ්‍ර :

https://www.google.com/url?sa=t&source=web&rct=j...

https://biodifferences.com/difference-between-cereals-and...

https://www.eatright.org/.../dieta.../what-is-glycemic-index

https://academicjournals.org/.../article-full.../CECB450571

https://www.botanical-online.com/.../limiting-aminoacids

http://www.pulsecanada.com/.../pulse.../health-nutrition/


Article 09- කොරෝනාවට තේ සුල මුල "Facts on tea for corona"

Covid 19 වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස තේ පානය සුදුසු යැයි මේ දිනවල සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරණයක් ගෙනයනවා ඔබ  දක්නට ඇත. මේ ලිපිය  මගින් ගෙනහැර දක්වන්නෙ ඒ පිලිබඳ තොරතුරු ගොනුවකි....

Caffieinated tea ලෙස Black tea, Green tea, සහ Oolong tea ලොව පුරා විවිධ අයුරින් විවිධ රටවල ප්‍රසිද්ධ ය..

එක්සත් ජනපදයේ Black tea පරිභෝජනය අනෙක් තේ වර්ග දෙකට වඩා බෙහෙවින් වැඩි ය. නමුත්, ආසියාවේ Green tea වඩාත් පොදු ප්‍රභේදයයි. දකුණු චීනයේ Oolong tea වඩාත් ජනප්‍රිය වේ.

Black,green සහ oolong තේ එකම ශාක  විශේෂයකින් සාදා ඇත. Camellia sinensis ශාකයේ කොළ සැකසෙන ආකාරයෙහි වෙනස්කම් හේතුවෙන් මෙම විවිධ වර්ග වල විවිධ රසයන් හටගනී. මෙම තේ විවිධ ශාක වලින් මුල්, කොළ, මල් සහ අනෙකුත් සංරචක වල නිෂ්පාදන වේ.

තේ වල ඖෂධීය ගුණ කීපයක් පහතින් දැක්වේ.

Black tea, green tea සහ Oolong tea සියල්ලෙහිම කැෆේන් අඩංගු වේ. Coffee තුල Caffeinated tea වලට වඩා කැෆේන් අඩංගු වේ. Green tea වල Black tea වලට වඩා කැෆේන් ප්‍රමාණය අඩුය.

කැෆේන් වලට අමතරව flavanoids,catechins, සහ epigallocatechin gallate සුලු වශයෙන්  theobromine සහ  theophylline අඩංගු වේ තේ වල අඩංගු වේ. මීට අමතරව Green tea වල මැංගනීස්, ෆ්ලෝරයිඩ් , පොස්පරස්, පොටෑසියම් මැග්නීසියම් වැනි පෝෂක අඩංගු වේ.

• අවුන්ස 8 ක කෝපි කෝප්පයක කැෆේන් 95mg ක් පමණ අඩංගු වේ.

• Black tea වල 48mg ක් පමණ වේ.

• Green tea කෝප්පයක ඇත්තේ 29mg ක් පමණි.

• Oolong කෝප්පයකට කැෆේන් 38mg ක් පමණ සපයයි.

තේ වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

Polyphenols හා කැෆේන් තේ වල දක්නට ලැබේ. මෙම ද්‍රව්‍ය ප්‍රතිඔක්සිකාරක වන අතර ඇතැම් නිදන්ගත රෝග අවදානම අවම කිරීමට උපකාරී වේ.

තේ නිශ්පාදන් ක්‍රියවලියේදී සමහර polyphenols විනාශවේ. Green tea වල අනෙක් තේ වලට සාපෙක්ෂව  ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වේ.

ස්ථූලතා පාලනයට..

තේ වල අඩංගු Caffeine, Catechin and සමහර polyphenols ස්ථුලභාවය අඩුකිරිමට දායක වන බව සමහර අධ්‍යයනයන් පෙන්නුම් කර ඇත.නමුත් මේ මත පදනම්ව Herbal tea අධිමාත්‍රාවෙන් ලබා ගැනීම නුවණට හුරු නොවේ.

හෘද සෞඛ්‍යය

Black tea හා Green tea හෘද සෞඛ්‍යට වඩා හිතකර බව සමහර පර්යේෂණ වලදී තහවුරු වී ඇත.එමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කරන බව තහවුරු වී ඇත. නමුත් රුධිර කොලෙස්ටරෝල් වලට හා රුධිර පීඩනයට මිශ්‍ර ප්‍රතිඵල ලබා දී ඇත.

දියවැඩියාව

දියවැඩියාවට green tea වල ඇති බලපෑම සදහා සිදුකර අති පර්යේෂණ වල ප්‍රතිඵල අපහැදිලිය. මෙය සායනිකව තහවුරු කර නොමැත.

පිළිකා

පිළිකා මර්දන පානයක් ලෙස තේ ගැන අන්තර්ජාලය හරහා තොරතුරු රාශියක් තිබුණද, තේ පානය කිරීම පිළිකා අවදානම අවම කිරීමට උපකාරී වන බව පර්යේෂණවලින් සනාථ වී නොමැත. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ තේ පානය කරන්නන්ට ඇතැම් පිළිකා සඳහා අඩු අවදානමක් ඇති නමුත් වෙනත් අධ්‍යයනයන් මෙම සොයාගැනීම් සඳහා සහාය නොදක්වන බවයි. මෙම අවස්ථාවේදී, තේ පානය කිරීමෙන් ඔබේ පිළිකා අවදානම අවම කර ගත හැකිදැයි නොදනී

තේ පානය සෞඛ්‍යට හිතකර වුවද අධිමාත්‍රාව අහිතකර බලපෑම් ගෙනදිය හැකිය.

කැෆේන් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම,  නොසන්සුන්තාවයට හේතු විය හැකි අතර ඔබේ නින්දට බාධා ඇති කරයි. සමහර අයට දියරලෙස මලපහ පිටවීම සහ වෙනත් ආමාශ ආශ්‍රිත ගැටළු ද ඇති විය හැකිය. ඔක්කාරය, උදර වේදනාව, අජීර්ණ, කරකැවිල්ල සහ මාංශ පේශි වේදනාව ද අධික ලෙස කැෆේන් පානය කිරීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ වේ. එය ඇතැම් ඖෂධ සමඟ අන්තර් ක්‍රියා කරන අතර ශරීරයේ කැෆේන් වල බලපෑම වැඩි කරයි. සියළුම ප්‍රභවයන්ගෙන් දිනපතා කැෆේන් පානය ලබාගැනීම 400mg නොඉක්මවිය යුතුය.

Covid-19 සහ තේ............

තේ පානය කිරීමෙන් නව කොරෝනා වයිරස් ආසාදන වැලැක්විය හැකි යැයි පවසන ලිපියක් මහජනයා සහ විද්වතුන් අතර ප්‍රශ්න මතු කර තිබේ.

Chinadaily පුවත් පතේ වූ ලිපියක පහත අන්තර්ගතය දැක්වුනි.

රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ ෂෙජියැන්ග් පළාත් මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලද පරීක්ෂණ වලදී, polyphenols වලින් පොහොසත් වන , තේ වලින් සෛල තුළ හා සෛල පිටත විනාශ කිරීමට සහ එහි අන්තර් සෛලීය ව්‍යාප්තිය මැඩපැවැත්වීමට හොඳින් ක්‍රියා කරයි. මේ මත පදනම්ව, පර්යේෂණ කණ්ඩායම යෝජනා කළේ තේ පානය කිරීමෙන් නව කොරෝනා වයිරස් ආසාදන වැලැක්විය හැකි බවයි.

නව කොරෝනා වයිරසය මගින් Alveolar epithelium සෛල ආසාදනය කරන බව මානව ප්‍රතිශක්තිය පිලිබඳ වෛද්‍ය Li Wengliang, Chinadaily පුවත්පත් සේවය වෙත පවසා ඇත. තවද තේ  වල අඩංගු සංඝටක මගින් වෛරසය නිෂේධනය කිරීමට හැකියාවක් ඇති බව පරීක්ෂණ වලදී සනාථ වුවද, තේ පානය කිරීමෙන් එය කළ හැකි බව එයින් අදහස් නොකෙරේ යැයි එම වෛද්‍යවරයා පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, COVID-19 වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා නිශ්චිතවම අනුමත කරන ලද ප්‍රතිකාරයක් දැනට නොමැත.

වෛරස් පරීක්ෂණ වලින් පසුව, සතුන් පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු අතර, පසුව මානව සායනික පරීක්ෂණ සලකා බැලිය හැකිය. තේ පානය කිරීමෙන් නව කොරොන වයිරස් ආසාදන වැලැක්විය හැකි බව නිගමනය කිරීමට පරීක්ෂණවල ප්‍රතිඵල ල ප්‍රමාණවත් නොවන බව එම වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඖෂධීය පැලෑටි  COVID-19 වෛරසය හා සම්බන්ධ ඇතැම් රෝග ලක්ශන හදුනා ගැනීමට උදව් වන අතර ඒවා සමස්ත සෞඛ්‍ය සදහා යෝග්‍ය වේ. සමස්ත සෞඛ්‍යයට යහපත් වුවද, ඒවා කොරෝනා වයිරස් වැළැක්වීම, ප්‍රතිකාර කිරීම හෝ සුව කිරීම නොකරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) COVID-19 ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර, ඖෂධීය හෝ අහාර පැලෑටි පිළිබඳ ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට පටන් ගත්තේය. ඖෂධ පැළෑටි ප්‍රතිකර්ම ඇතුළුව වෛරසය වැළැක්වීම, ප්‍රතිකාර කිරීම හෝ සුව කිරීම පිළිබඳ ව්‍යාජ හෝ නොමඟ යවන ප්‍රකාශයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Myth Busters නමින් නිවේදනයක් නිකුත් කරන ලදී. WHO’s Myth Busters විසින්  සුදුළූණු හිසක් (Allium sativum) සහිත කාටූන් සටහනක් නිර්මාණය කළේ , එයට COVID-19 වලින් ආරක්ෂා කළ නොහැකි බවට මිනිසුන්ට අනතුරු ඇඟවීම සඳහායි.එම කාටුනය මෙහි පළමු  කමෙන්ටුවේ දක්වා ඇත.

තොරතුරු මූලාශ්‍ර

https://www.hcn.org

https://www.who.int

https://www.eatright.org

https://global.chinadaily.com

http://www.fao.org

http://www.pesachek.org

සකස් කලේ

Dineth Randula

Article 08- කොවිඩ් 19 සහ අනාගත ආහාර අභියෝග සහ ගෙවතු වගා " Covid 19, future food challenge and home gardening"

COVID-19 වසංගත රෝගී තත්ත්වය නිසා දිවයින තුළ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවාවල නියැලෙන පිරිස් හැර, බොහෝ දෙනා නිවෙස්වල කාලය ගත කරනු ලබනවා. ඒ අතරින් දෛනික ජීවන රටවේ සිදුවූ මෙම වෙනස, ගැටලුවක් කර නොගත් ඇතැම් පිරිස් ගෙවතු වගා කටයුතු සදහා නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. FAO (Food and Agriculture Organization) මගින් ප්‍රකාශිත, ආහාර හා කෘෂිකර්මය සම්බන්ධ අභියෝග විමසා බැලීමේදී, ගෙවතු වගා පවත්වා ගැනීමේ වටිනාකම මනාව පැහැදිලි වනවා.

ඔබේ දැනගැනීම පිණිස, ඉහත කී අභියෝග වලින් ප්‍රධාන අභියෝග කීපයක් පහත දක්වා ඇත.

ශීග්‍රයෙන් වැඩිවන ලෝක ජනගහනය සමග ඉහළ යන ආහාර ඉල්ලුමට සරිලන ස්ථිරසාර කෘෂිකාර්මික ඵලදායීතාවයක් පවත්වා ගැනීම.

ස්වභාවික සම්පත් පරිභෝජනය සදහා ස්ථිරසාර පදනමක් නිර්මාණය කිරීම.

දිළිඳුකම තුරන් කිරීම

කෘෂිකාර්මික පිලිවෙත් වලට ස්වභාවික ව්‍යසන වලින් සිදුවන බලපෑම අවම කිරීම.

ආහාර පද්ධති කාර්‍යක්ෂම කිරීම.

මෙම කරුණු සලකා බැලීමේදී, ප්‍රධාන වශයෙන්ම ආහාර පද්ධති කාර්‍යක්ෂම කිරීමෙහිලා, හැකිතාක් ආහාර අවශ්‍යතා ගෙවතු වගාවන් තුලින් සපුරා ගැනීම අනාගත ලෝකයෙහි නැතිවම බැරි අංගයක් වනු නොඅනුමානය.

ඔබත් සාර්ථක ගෙවතු වගාවක හිමිකරුවෙක්ද එසේත් නැතහොත්, මේ දිනවල ගෙවතු වගාවක් සැලසුම් කරන්නෙක්ද ?

ඔබ ග්‍රාමීය,අර්ධ නාගරික හෝ නාගරික යන කුමන ආකරයේ පෙදෙසක වාසය කලත් ඔබට ඔබේ වටපිටාවෙන් සොයාගත හැකි අවම පහසුකම් වලින් ඔබේ වගාව සැලසුම් කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.

එලවලු, පලතුරු අල වර්ග සහ පලා වර්ග වලින් සපිරි ගෙවත්තක් ඔබේ දෛනික ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට දායක වනු දැකීම පවා ඔබ තුල ඉහල මානසික සතුටක් ඇති කරනු ඇත.

ඕනෑම දේශගුනික තත්ත්වයන් යටතේ වගා කල හැකි, කෙටි කලකින් අස්වනු ලබාදෙන, සහ අවම නඩත්තුවක් අවශ්‍ය වන එළවළු විශේෂ වැඩි වශයෙන් තෝරාගන්න.

උදා:- මෑ, නිවිති, වැටකොළු, දඹල, බණ්ඩක්කා

සහතික කරන ලද, ඉහළ පැලවීමේ ප්‍රතිශතයක් සහිත බීජ තෝරාගැනීමට සැලකිලිමත් වන්න.

ප්‍රධාන වශයෙන්ම, එළවළු වගාවේදී, කෘමි හානි අවම කරගැනීම සදහා වගාවේ මුල් අවදියේ සිටම දින 3-4 වැනි කාල පරතරයක් තබා ගනිමින් කාබනික නිස්සාරක යොදන්න.

වගා කරන විශේෂවල අස්වැන්න ලබාගත හැකි කාලවකවානු පිලිබඳව නිසි අවබෝධයක් තබාගැනීම වසර පුරාම අඛණ්ඩ ඵලදාවක් ලබා ගැනීමට දායක වනු ඇත.

උදා:- මෑ - දින 55-60, බණ්ඩක්කා - දින 40-45, දඹල - දින 90-95

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිරතුරුව සමාජ මාධ්‍ය මගින් හා ව්‍යාප්ති නිළධාරීන් හරහා ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න.

ලෝක ආහාර අර්බුදයට විව්ධ විසදුම් යෝජනා වන සමයක, ඔබත් ඔබේ ආහාර අවශ්‍යතා හැකිතාක් ගෙවතු වගාවක් තුළින් ලබා ගැනීමට උත්සුක වන්නේ නම් එය නිසැකවම හුදෙක් ප්‍රවණතාවයකට සීමා නොවූවකි. තවද, ලෝක ආහාර අර්බුදයට ප්‍රායෝගික විසදුම් සෙවීමේ කරතව්‍යට සක්‍රීයව දායක වීමකි.

තොරතුරු මූලාශ්‍ර

The Future of Food and Agriculture

Trends and Challenges

FAO-Food and Agriculture Organization

සැකසුම

Theekshana Vidyasekara

Article 07- කොවිඩ් 19 සහ ආහාර පරිභෝජනය "Covid 19 and food consumption"

COVID-19 වෛරස රෝගය ලොව පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. අනපේක්‍ෂිත ලෙස මුහුණ දීමට සිදු වූ මෙම ව්‍යසනය නිසා අද වන විට ලෝකයේ බොහෝ රටවල් අසරණ තත්වයට පත්ව සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 මාර්තු 3 දින වන විට මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා එය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී..

ඒ අනුව බොහෝ අවස්ථාවල ආහාර වල සෞඛ‍යාරක්‍ෂිතබව සහ සුරක්‍ෂිතතාව පිළිබඳ විවිධ ගැටලු සාකච්ඡාවට බඳුන් වේ. ආහාර සෞඛ්‍යාරක්‍ෂිතබව යනු ආහාර අන්තරායකර ද්‍රව්‍ය වලින් තොර බව සහතික කිරීමයි. ඒ අනුව ආහාර පරිභෝජනය මඟින් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් මතු නොවන බව තහවුරු කෙරේ. එසේම ආහාර සුරක්‍ෂිතතාව ලෙසින් හැඳින්වෙන්නේ සියලු දෙනාට ප්‍රමාණවත් පරිදි, අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන ආහාර සපයා ගැනීමට ඇති හැකියාවයි. ලෝකය පුරා සියලු නිෂ්පාදන හා සේවා සැපයීමේ කටයුතු අභියෝගයට ලක් වී ඇති මෙම මොහොතේ ජනතාවගේ ප්‍රධානම අවශ්‍යතාවක් වන ආහාර සැපයීම අඛණ්ඩව පවත්වාගැනීම සහ සෞඛ්‍යසම්පන්න ආහාර සපයා ගැනීම පිළිබඳව බොහෝ පාර්ශවවල අවධානය යොමු වී තිබේ. ඒ අතරින් වඩාත්ම බහුලව කතාබහට ලක් වන ගැටලු කිහිපයක් මෙසේ ගෙනහැර දක්වමු.

COVID-19  රෝගය ආහාර මගින් බෝවන රෝගයක්ද?

නැත. මෙම රෝගය ආහාර මඟින් සම්ප්‍රේෂණය වන රෝගයක් බවට මේ වන විට කිසිදු සාක්‍ෂියක් හමු වී නැත. නමුත් මෙම වෛරසය ස්පර්ශය සහ වාතය මඟින් සම්ප්‍රේෂණය වන බව තහවුරු වී ඇත.

රට පුරා ආහාර හිඟයක් ඇති විය හැකිද?

රටේ ආහාර හිඟයක් ඇති නොවනු ඇත. අප සතුව දැනටමත් රජයේ තොගවල ප්‍රමාණවත් ආහාර තොග තිබේ. රජය මේ පිළිබඳව පැහැදිලිව අවධාරණය කර ඇත. රජය මහ කන්නය තුළද විශාල අස්වැන්නක් බලාපොරොත්තු වන බැවින් රට පුරා කිසිඳු ආහාර හිඟයක් ඇති නොවනු ඇති බව රජයේ විශ්වාසයයි.

නිවස තුළ ආහාර රැස් කර තබා ගැනීම අවශ්‍ය ද?

නැත. මේ වන විට රට පුරා ප්‍රමාණවත් තරම් ආහාර තොග තිබෙන බැවින් විශාල වශයෙන් ආහාර එක් රැස් කිරීමේ අවශ්‍යතාවක් නැත. නමුත් දින කිහිපයකට පමණක් සරිලන පරිදි ආහාර ළඟ තබා ගැනීම වඩාත් සුදුසු වේ.

ඔබ මිලදී ගන්නා ආහාර බුද්ධිමත්ව පරිභෝජනය කරන්නේ කෙසේ ද?

මේ දින වල ආහාර අරපිරිමැස්මෙන් භාවිත කිරීම අප සියලු දෙනා සතු වගකීමකි. ඒ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කිරීම සුදුසු ය.

1. ආහාර අවශ්‍ය ප්‍රමාණයට පමණක් පිසින්න

2. අඩු ආහාර ප්‍රමාණයකින් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලැබෙන පරිදි ආහාර සකස් කර ගැනීමට සැලකිලිමත් වන්න.

3. ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන දේශීය කුළුබඩු කෑමට එකතු කරන්න

4. ඖෂධීය ගුණ සපිරි පාන වර්ග (උදා: කොත්තමල්ලි, බෙලි මල්, රණවරා ආදිය) පානය කරන්න.

5. ආහාර සුරක්‍ෂිතව අසුරා තැබීම මඟින් ආහාර නාස්තිය අවම කරන්න.

6. වෙළඳ පොලට යාම අවම කරමින් ගෙවත්තෙන් සපයා ගත හැකි ආහාර හැකිතාක් පරිභෝජනය කරන්න. (උදා: කොස්, පලා වර්ග, අල වර්ග, පලතුරු වර්ග)

මේ දින වල පරිභෝජනයට නුසුදුසු ආහාර මොනවා ද?

මේ දිනවල ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉහළ නංවන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම ඉතා යෝග්‍ය වේ. එසේම මේ දිනවල පරිභෝජනයට නුසුදුසු ඇතැම් ආහාර ද්‍රව්‍ය තිබේ.

1. විවිධ අසාත්මිකතාවන්ට හේතු වන ආහාර උදා: බෙල්ලන්, ඉස්සන්, ආදිය.

2. පැණි බීම වර්ග

3. ආම්ලික ආහාර වර්ග

4. මත්පැන් සහ මධ්‍යසාර අඩංගු බීම වර්ග

5. ශීත කළ ආහාර

ආනයනික භාණ්ඩ මඟින් මෙම වෛරසය සම්ප්‍රේෂණය වනවා ද?

දැනට, ආනයනික භාණ්ඩ හා සම්බන්ධ COVID-19 සම්ප්‍රේෂණය සඳහා කිසිදු සාක්ෂියක් නොමැති අතර එසේ වීමේ සම්භාවිතාව අඩු බව විද‍යාඥයිනගේ මතයයි.

ආහාර ඇසුරුම් හෝ ආහාර මතුපිට හරහා වෛරසය සම්ප්‍රේෂණය විය හැකිද?

COVID-19 සම්ප්‍රේෂණය සමඟ ආහාර හෝ ආහාර ඇසුරුම් සම්බන්ධ බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැත. අනෙකුත් වෛරස් මෙන්ම, COVID-19 ඇති කරන වෛරසයට පෘෂ්ඨයන් හෝ වස්තූන් මත නොනැසී පැවතිය හැකිය. එම නිසා, ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රධාන පියවර 4 අනුගමනය කිරීම ඉතා වැදගත් වේ - පිරිසිදු කිරීම, වෙන් කිරීම, ආහාර හොඳින් පිසීම සහ සිසිල් කිරීම.

වෛරසය ආහාර හසුරුවන්නන් හරහා සම්ප්‍රේෂණය විය හැකිද?

වෛරසයට පෘෂ්ඨයන් මත නොනැසී පැවතිය හැකි බැවින්, එසේ වීමට හැකියාවක් තිබේ. එබැවින් ඕනෑම අයෙකු ආහාර හැසිරවීමේදී, සකස් කිරීමේදී සහ සේවය කිරීමේදී නිතරම අත් සහ මතුපිට සේදීම වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාර හැසිරවීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.

එදිනෙදා ජීවිතයේ අනුගමනය කළ යුතු පියවර මොනවා ද?

ආහාර සකසන්නන්, පාරිභෝගිකයින් ඇතුලු සියලු දෙනා විසින් මෙවන් අවස්ථාවක අනුගමනය කළ යුතු පියවරවල් මෙසේ ය.

• අසනීප පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.

• ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න.

• ඔබ අසනීප නම් නිවසේ රැඳී සිටින්න.

• අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් හා වතුරෙන් ඔබේ අත් සෝදන්න, විශේෂයෙන් නාන කාමරයට ගිය පසු; කෑමට පෙර; ඔබේ නාසය, කැස්ස හෝ කිවිසුම් යාමෙන් පසු.

• කහින විටදී සහ කිවිසුමකදී නාසය ටිෂූ කඩදාසියකින් නාසය සහ මුඛය ආවරණය කර ගත යුතු අතර එම ටිෂූ කඩදාසිය පියන සහිත බඳුනකට බැහැර කළ යුතු ය.

මේ අනුව මෙම රෝගය මැඩලීමට නම් අප සියලු දෙනාම වෙත පැවරුණු වගකීම් රාශියකි. ඒ අතරින් මූලිකම වන්නේ නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කිරීමයි. නිවැරදි ආහාර රටාවන්ට හුරු වීම මඟින් මෙවන් වසංගත තත්ව තුළදී තම ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වාගනිමින් තම ජීවිතයට ඇති අවදානම අවම කර ගත හැක.

තොරතුරු මූලාශ්‍ර -

https://www.fda.gov/.../coronavirus-disease-2019-covid-19...

සැකසුම

Umesha Attygalle

Pubudika Jayasundara


Article 06- ප්‍රතිශක්තිය වඩවන ආහාර (පළමු කොටස) "Food items which are increasing immunity power- part I"

ඕනෑම බෝවන කාරකයෙකු ආක්‍රමණය කිරීමෙන් පසු ශරීරයේ සිදුවන සියලුම ආරක්ෂක යාන්ත්‍රණයන් ප්‍රතිශක්ති විද්‍යාවට සම්බන්ධ වන අතර මෙම ආසාදනයට ප්‍රතිරෝධය දැක්වීමට මිනිස් සිරුරට ඇති හැකියාව ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ. ආසාදනයට මුල් හා පසුව දක්වන ප්‍රතිචාරය සහජ සහ අනුවර්තී ප්‍රතිශක්තිය ලෙස හැඳින්වේ. නියුට්‍රොෆිල්ස්, මැක්‍රෝෆේජ්, සයිටොකයින, ලිම්ෆොසයිට් වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල මිනිස් ශරීරය ව්යාධිජනක ක්ෂුද්‍ර ජීවීන්, විෂ ද්‍රව්‍ය, ආහාර මගින් ඇති කරන අසාත්මිකතා සහ වෙනත් තුවාල හෝ තුවාල වැනි විවිධ ආසාදිත කාරකයන්ගෙන් ආරක්ෂා කරයි. මෙම සෛලවල මූලාරම්භය අස්ථි ඇටමිදුළුවල සිට රුධිරයේ හා වසා ගැටිති වල සංසරණ සෛල ලෙස බෙදා හරිනු ලැබේ. විවිධ ආහාර සංරචක ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයට ප්‍රතිශක්තිකරණ බලපෑමක් ඇති කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් පෝෂක අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය ප්‍රෝටීන, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, විටමින් (A, B 6, B12, C, D, E සහ ෆෝලික් අම්ලය), මේද අම්ල, ඛනිජ (යකඩ, සෙලේනියම්, සින්ක් සහ තඹ) සහ ඇතැම් ෆයිටොකෙමිකල් වැනි ක්ශුද්‍ර පෝෂක ද සෞඛ්‍ය සම්පන්නව වැදගත් වේ. මෙම පෝෂණ සංරචක වලට අමතරව  ආන්ත්‍රික මයික්‍රොෆ්ලෝරා සහ ඇතැම් බැක්ටීරියා (ප්‍රෝබියොටික් බැක්ටීරියා) ද නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කෘත්‍ය ඉටු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධික ප්‍රතික්‍රියාව ස්වයංක්‍රීයව ප්‍රතිශක්තිකරණ රෝග සහ අසාත්මිකතා ඇතිවීමට හේතු වන ස්වයං ප්‍රතිශක්තිකරණය වැනි අධි සංවේදී ප්‍රතික්‍රියා වෙත යොමු කරයි.

ඉහත සාකච්ඡා කල අයුරින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවයව, සෛල, පටක සහ ප්රෝටීන වලින් සමන්විත වේ. මේ සියල්ලම එක්ව, වෛරස්, බැක්ටීරියා සහ ආසාදන හෝ රෝග ඇති කරන විදේශීය වස්තූන් වන රෝග කාරක වලට එරෙහිව සටන් කරන ශාරීරික ක්‍රියාවලීන් සිදු කරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝග කාරකයක් සමඟ සම්බන්ධ වූ විට එය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ප්‍රතිදේහ නිකුත් කරන අතර එමගින් රෝගකාරක මත ඇති ප්‍රතිදේහජනක සමඟ සම්බන්ධ වී ඒවා මරා දමයි.

විශේෂිත ආහාර ආහාරයට ඇතුළත් කිරීම පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ශක්තිමත් කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කරන ආහාර 15ක් හා ඒවායේ කෘත්‍යන් වෙනුවෙන් මෙම ලිපිය වෙන්වේ.

1. බ්ලූබෙරීස්

බ්ලූබෙරීස් වල ඇන්තොසියානින් නම් ෆ්ලේවනොයිඩ් වර්ගයක් අඩංගු වන අතර එය ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර එය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වේ.

2. Dark Chocolate

Dark Chocolate  තුළ තියෝබ්‍රොමින් නම් ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු වන අතර එමඟින් ශරීරයේ සෛල Free radicals වලින් ආරක්ෂා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වේ. Free radicals යනු ශරීරය ආහාර බිඳ දැමූ විට හෝ දූෂක සමඟ සම්බන්ධ වූ විට නිපදවන අණු ය. ඒවා ශරීරයේ සෛල වලට හානි කළ හැකි අතර රෝග සඳහා හේතු විය හැකිය.

3. කහ

කහ යනු බොහෝ අය ආහාර පිසීමේදී භාවිතා කරන කහ කුළුබඩු වර්ගයකි. සමහර විකල්ප ඖෂධවල ද එය අඩංගු වේ. කහ  පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි දියුණු කරන අතර මෙයට හේතුව කහ වල සංයෝගයක් වන කර්කුමින්ගේ ගුණාංගයි. කර්කුමින් ප්‍රතිඔක්සිකාරක සහ anti-inflammatory ගුණ සහිතය.

4. මේද සහිත මාළු

සැමන්, ටූනා, පිල්චාර්ඩ්ස්  ආදි මාළු ඔමේගා -3 මේද අම්ල වලින් පොහොසත් ප්‍රභවයකි.

ඔමේගා -3 මේද අම්ල දිගු කාලීනව ආහාරයට ගැනීමෙන් රූමැටොයිඩ් ආතරයිටිස් (RA) අවදානම අඩු කර ගත හැකිය. RA යනු නිදන්ගත ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයක් වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයේ නිරෝගී කොටසකට වැරදීමකින් පහර දෙන විට සිදු වේ.

5. බ්‍රොකොලි

බ්‍රොකොලි යනු විටමින් C හි තවත් ප්රභවයකි. සල්ෆෝරාපේන් වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ද එහි අඩංගු වේ. මෙම හේතූන් නිසා, ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහාය වීම සඳහා  ආහාරයට ගැනීම සුදුසු වේ.

6. බතල

බතල, බීටා කැරොටින් වලින් පොහොසත් වන අතර එය ප්‍රතිඔක්සිකාරක වර්ගයකි.

බීටා කැරොටින් යනු විටමින් A ප්‍රභවයකි. එය මිනිස් සම, සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වන අතර පාරජම්බුල කිරණවලින් සමට සිදුවන හානිය ද වළක්වයි.

තවත් කොටසක් ළගදීම..

අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ

Dineth Randula


Article 05- ඉපැරණි දියබත් සහ නූතන ප්‍රෝබයෝටික්ස්  "Ancient diya bath and modern probiotics"

ප්‍රෝබයොටික්ස් හා ප්‍රීබයොටික්ස්

හිතකර උදරාශ්‍රිත සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සදහා "දියබත්" ආහාරයට ගැනීමට අපගේ පැරැන්නෝ පුරුදු වී  සිටියහ. මෙහිදී ඔවුන් දිනපතා රාත්‍රියේ ඉතුරු වන බත්වලට ජලය එක්කර, රාත්‍රිය පුරා තිබීමට හැර උදෑසන ආහාරයට ගනු ලැබුවා. එසේ තැබීමෙන් ප්‍රෝබයෝටික බැක්ටීරියාවන් වර්ධනය වී ගුණදායක ආහාරයක් සාදා ගැනුනා.

ශරීරයට හිතකර ප්‍රෝබයොටික්ස් හා ඒවා අඩංගු ආහාර පිලිබඳ වෙළද දැන්වීම් දැක තිබුනත් ඒවා ගැන පුළුල් අවබෝධයක් බොහෝ දෙනා තුළ නැහැ. ප්‍රෝබයොටික්ස් යනු උදරය ආශ්‍රිතව සහජීවී ලෙස ජීවත් වන බැක්ටීරියා සහ යීස්ට් ප්‍රභේද වේ. මෙම ප්‍රෝබයොටික්ස් මගින්, හානිදායක බැක්ටීරියාවන්ගේ වර්ධනය අඩාල කිරීමත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමත්, ආහාර ජීරණයේ ක්‍රමවත් බව ඉහල නැංවීම යනාදිය සිදුකරනු ලබයි. ප්‍රෝබයොටික්ස් ප්‍රභේද විශාල වශයෙන් තිබුනත් ඉන් ප්‍රධාන වන්නේ, Bifidobacterium, Lactobacillus යන බැක්ටීරියාවන් සහ Saccharomyces boulardii, යන යීස්ට් විශේෂයත්‍ වේ.

ප්‍රෝබයෝටික්ස් අඩංගු ආහාර , ආහාරයට එක්කර ගැනීම හෝ, ආහාර අතිරේක ලෙස (food supplements) ගැනීමෙන් දෛනික ප්‍රෝබයොටික්ස් අවශ්‍යතාවය සපුරා ගත හැකියි. යෝගට්, චීස් , ' කෙෆිර්' වැනි කිරි ආහාර සමඟද, මිසෝ වැනි සෝයා ආහාර සමඟද, ' ගෝවා යොදා සාදන ‘සවර්ක්‍රවුට්’ වැනි ආහාර සමඟද මේ ප්‍රෝබයෝටික් බැක්ටීරියා ශරීරයට ලබා ගත හැකියි වේ. බොහෝ පැසීමට ලක් කල ආහාරවල මෙම ප්‍රෝබයොටික්ස් අඩංගු වේ.

කෙසේ වෙතත් පැසීමට ලක් කල සෑම ආහාරයකම (fermented foods) ජීවී මුහුම් ප්‍රෝබයොටික්ස් (live cultures) අඩංගු වේ යැයි කීම නිවැරදි නොවේ. උදාහරන ලෙස බියර්, චොක්ලට්, වයින්, සෝයා සෝස් වැනි ආහාර නිපදවීමේ දී (processing) - බේක් කිරීම, පැස්චරීකරණය කිරීම වැනි ක්‍රියාවන් හිදී , හිතකර බැක්ටීරියා සහ යීස්ට් විනාශ වේ.

ප්‍රෝබයොටික්ස් ගැන කතා කිරීමේදී ප්රීබයොටික්ස් පිලිබදවද දැන සිටීම වැදගත් වේ. ප්‍රීබයොටික්ස් යනු උදරාශ්‍රිතව ජීවත්වන ඉහත කී බැක්ටීරියා සහ යීස්ට් වල වර්ධනයට උපස්තරයක් ලෙස ක්‍රියා කරන ද්‍රව්‍ය වේ. මේවා ප්‍රධාන වශයෙන් ශාකාශ්‍රිත කාබෝහයිඩ්රේට වේ. Oligosaccarides ද ඉහත කී කාර්යය ඉටු කරන මූලික ද්‍රව්‍යයකි. එම කාණ්ඩයේ fructans සහ , galactans ප්‍රධානව කටයුතු කරන අනු කාණ්ඩ වේ. සුදුලූනු, ලීක්ස් , ලූනු ආහාරයට එක් කරගැනීමෙන් ප්රීබයොටික්ස් ශරීරයට එක් කර ගතහැකි වේ. ඉහත කී ප්‍රෝබයොටික්ස් සහ ප්‍රීබයොටික්ස් එක්ව ක්‍රියා කිරීමෙන් ( symbiotic interaction) , ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය පවත්වා ගනී.

අප ප්‍රීබයොටික ආහාර ගැනීමෙන් පසු, ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම මගින් ඒවා සහජීවී බැක්ටීරියාවල වර්ධනයට අවශ්‍ය උපස්තර බවට බිද හෙලනු ලැබේ. එම උපස්තර  බැක්ටීරියාවල පෝෂක ප්‍රභව බවට පත්වන අතර ඒවා හොද සමතුලිතතාවයකින් පවත්වා ගෙන යාමෙන් යහපත් උදරාශ්‍රිත සෞඛ්‍යයක් ලගා කර ගත හැක.

ප්‍රෝබයොටික්ස්  අඩංගු  ආහාර ගැනීමෙන් බොහෝ සෞඛ්‍යමය වාසි  අත්කර  ගත හැකිය.  ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය පවත්වා ගැනීම, උදරාබාධ වැළකීම, සම ආශ්‍රිත ගැටලු වැළකීම, මානසික සෞඛ්‍යය යහපත් වීම,  හෘද රෝග වැළකීම, ඉන් සමහරක් වේ.

අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ

Tharika Keerthi

Article 04- ප්‍රතිකාරමය ප්‍රතිඵල සහිත පෝෂක Neutraceuticals

ප්‍රතිකාරමය ප්‍රතිඵල සහිත පෝෂක නිෂ්පාදනය යනු මිනිසාගේ ශරීර සෞඛ්‍යය ධනාත්මක ලෙස වෙනස් කිරීමට හා යහපත් ලෙස පවත්වා ගෙන යාමට දායක වන ආහාරයක් හෝ ආහාරයක කොටසකි. අද වන වනවිට ලෝකයේ මේවා මිලදී ගැනීම වැඩි වෙමින් පවතී. මෙයට හේතුව වන්නේ වර්තමානයේ මිනිසා ඉතා සීඝ්‍රයෙන් රෝගාබාධ වලට ගොදුරු වීමයි. යම් අවස්ථාවන් වල මේවා පිති හා syrup ලෙස සකසා ඇත.

මෙම පෝෂක නිෂ්පාදන කොටස් කිහිපයකට බෙදා වෙන්කළ හැකිය. ආහාරමය තන්තු, ප්‍රෝබයොටික්, බහු අසංතෘප්ත මේද අම්ල, කුළු බඩු, ප්‍රතිඔක්සිකාරක සහ අනිකුත් ශාකසාර ආහාර මින් කිහිපයක් වේ. මෙවන් ආහාරයන්ට විසිඑක්වන සියවසේ සෞඛ්‍යමය ගැටලු ලෙස හඳුන්වන තරබාරුකම, හෘද රෝග, පිළිකා, ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටිස්, දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී රෝගාබාධ විශාල සංඛ්‍යාවක් සුව කිරීමට දායක වේ. සමස්තයක් වශයෙන් ගත් කළ ප්‍රතිකාරමය ප්‍රතිඵල සහිත පෝෂක නිෂ්පාදන නූතන වෛද්‍ය විද්‍යාවේ හා මිනිස් සෞඛය ක්ෂේත්‍රවල නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. මෙහි දී ආහාර කර්මාන්තය පර්යේෂණ හා ආහාර නිෂ්පාදනය යන අංශයන්ගේ වැදගත් භූමිකාවක් ඉටු කරයි.

මිනිසාගේ ජීවන රටාවත් ආහාර රටාවත් වර්තමානයේ ලෙඩ රෝග බොහොමයකට හේතු වී ඇත. nutraceutical යන සංකල්පය ඇති වී ඇත්තේ පෝෂණය(nutrition) + ඖෂධ(pharmaceutical) යන සංරචක වල එකතුවක් ලෙසිනි. එංගලන්තය ජර්මනිය හා ප්‍රංශය යන රටවල කරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ රෝගාබාධ වලට මූලික හේතුන් වන ආහාර, ව්‍යායාම හා ජානමය බලපෑම අතර ආහාර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බවයි.

මෙම පෝෂණ නිෂ්පාදන බොහොමයක් චිකිත්සක කටයුතු වලට භාවිතා කළ හැකි වේ. ආතරයිටිස්, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස, නිදි ආබාධ ආහාර ජීරණය, පිළිකා, අධිරුධිර පීඩනය, දියවැඩියාව කොලෙස්ටරෝල් වේදනා සහ මානසික ආතතිය වැනි බොහොමයක් ගැටළු තුරන් කිරීමට වර්තමානයේ මෙම නිෂ්පාදන සාර්ථක ලෙස භාවිතයට ගැනේ. මෙම නිෂ්පාදන සැකසීමට යොදා ගන්නා විවිධ ආහාර වර්ග බොහොමයක් වේ.

ආහාරමය තන්තු

ආහාරමය තන්තු අනුව එන්සයිමීය ජල විච්ඡේදනයට ලක් නොවන ශාකමය ආහාර වේ. නමුත් බඩවැල් වල වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ට මේවා ජීරණයට සහාය විය හැකි ය. ආහාරමය තන්තු වර්ග දෙකකි.

1. ජලයෙ දිය නොවන - සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, ලිග්නීන් වැනි මහා අන්ත්‍රයේ දී අවම වශයෙන් පැසවීමට ලක් වන තන්තු

2. ජලයේ දියවන - beta ග්ලූකන්, පෙක්ටීන් වැනි මහා අන්ත්‍රයේදී පැසීමට ලක් වන තන්තු

මෙම තන්තු වලින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය පහසු කරයි. අඩු ඝණත්ව ලිපොප්‍රෝටීන් අවශෝෂණය කිරීම අවම කරයි. මහා අන්ත්‍රයේ ජලය රඳවා ගැනීම සිදුකර මලපහ පිටවීම පහසු කරයි, හෘද රෝග අවම කරයි, රුධිර පීඩනය, දියවැඩියාව, තරබාරු බව අවම කරයි සමස්තයක් වශයෙන් ගත් කළ මිනිසාගේ ප්‍රතිශක්තිකරණය දියුණු කිරීමට මෙම ආහාරමය තන්තු දායක වේ.

බහු අසංතෘප්ත මේද අම්ල

මේවා අත්‍යාවශ්‍ය මේද අම්ල ලෙස සැලකේ. මේවා ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට නැතිව බැරි සංඝටක ලෙස හඳුන්වනු ලැබේ. බහු අසංතෘප්ත මේද අම්ල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම් ඔමේගා-3(n-3) සහ ඔමේගා-6(n-6) මේද අම්ල වේ. ප්‍රධාන වශයෙන් ඔමේගා 3 මේද අම්ල වලට අයත් වන්නේ alpha linoleic අම්ලය හා Elcosapentaenoic අම්ලය, හා Docosahexaenoic අම්ලයන් ය. සැමන්, හුරුල්ලන්, සෝයා බෝංචි, කැනෝලා කජු වර්ග යනාදිය ඔමේගා 3 මේද අම්ල බහුල ආහාර වේ.

linoleic අම්ලය, gamma linolenic අම්ලය සහ Arachidonic අම්ලය යන අම්ල ඔමේගා 6 මේද අම්ල වලට අයත් වන අතර එලවලු තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, මස් සහ බිත්තර ඔමේගා 6 මේද අම්ල බහුල ආහාර වේ.

හෘද රෝග අවම කිරීමටත් දියවැඩියාව අවම කිරීමටත් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමටත් ඔමේගා 3 මේද අම්ල දායක වේ.

ප්‍රිබයොටික්

මේවා ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ සංයුතිය ධනාත්මක ලෙස වෙනස් කිරීමට දායක වේ. මේවා බොහෝ විට කෙටි දාම පොලිසැකරයිඩ (fructo-oligosaccharide) වේ. මෙම ප්‍රිබයොටික් අඩංගු කෙසෙල්, තක්කාලි, ලූණු, බෝංචි වැනි ආහාර පරිභෝජනය කිරීමෙන් Lactobacillus හා Bifidobacteria මෙවැනි අන්ත්‍රයේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට ඉවහල් වේ. එමගින් විෂ උදාසීන කිරීම, ප්‍රතිශක්තිකරණය වර්ධනය වීම, මල බද්ධය සුව කිරීම සහ පාචනය වැනි රෝග තත්ත්ව පහව යයි.

සෙලීනියම්

සෙලීනියම් යනු ශරීරයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයකි. මෙම ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් වලින් ශරීරයට ඇති කරන විෂ උදාසීන කිරීමට දායක වේ. එමගින් ශරීරයේ සෛල වලට විය හැකි හානි අවම කරයි. හෘද රෝග හා පිළිකා වැනි රෝගාබාධ වලින් ශරීරය ආරක්ෂා කරයි. විවිධ මස් වර්ග වලින් selinium ශරීරයට කරගත හැකි වේ.

ප්‍රති ඔක්සිකාරක විටමින්

විටමින් A,C හා කැරොටිනොයිඩ වල එකතුව ප්‍රතිඔක්සිකාරක විටමින ලෙස හදුන්වයි. මෙම විටමින පිළිකා, හෘද රෝග හා ඇස්වල රෝග වැළැක්වීමට දායක වේ.

විටමින් E (Tocopherol) - බහු අසංතෘප්ත මේද අම්ල පෙරොක්සයිඩකරණය වළක්වයි

විටමින් C (Ascorbic acid) - අණුක ඔක්සිජන් ඉවත් කරයි

කැරොටිනොයිඩ (Lycopene, beta-carotene, lutein, zeaxanthin) - තනි ඔක්සිජන් (Singlet oxygen) වල බලපෑම අවම කරයි.

එළවළු හා පලතුරු ආහාරයට ගැනීමෙන් මේවා ශරීරයට එක් කරගත හැකි වේ.

polyphenol

polyphenol ශාක මගින් නිපද වන රසායනික ද්‍රව්‍ය වර්ගයක් ලෙස හැදින්විය හැකිය. බොහොමයක් එළවළු පලතුරු හා ශාකමය ආහාරවල මේවා බහුල ය. ශරීරයේ බොහෝ ක්‍රියාකාරකම්වලට දායක වීමට හැකියාවක් මේ පොලිෆීනෝල් වලට ඇත. ජාන ප්‍රකාශනය, අන්තර් සෛලීය සංඥා හුවමාරුව, පට්ටිකා එකතුවීම ඉන් කිහිපයක් වේ. මේවාට ප්‍රතිඔක්සිකාරක පිළිකා නාශකයක් හා ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ ඇත. Red wine, තේ, මිදි, කැරට්, නිවිති, සුදු ලූනු, මුහුදු ආහාර වල පොලිෆීනෝල් බහුලවේ.

සැකසුම

Thulani Imalsha de Silva


Article 03- කොරෝනා සමඟ කරළියට එන Food Safety : "Food safety which is being into risk along with corona"

කොරෝනා සමග කරළියට එන Food Safety

කොරෝනා වයිරස ආසාදනය චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් ශීඝ්‍රයෙන් වාර්තා වීමත්, එම වයිරසයේ ආරම්භය වවුලන් සහ ඔටුවන් වැනි සතුන්ගෙන් වීමත් නිසා Food Safety පිලිබඳව මේ දිනවල බහුලව කතා බහට ලක්වෙනවා.

Food Safety යන්නෙහි සරලතම අදහස වන්නේ ආහාර සැකසුම, ගබඩා කිරීම පරිභෝජනය යන විවිධ ක්‍රියාවලීන් වලදී ආහාර වලින් ඇතිවිය හැකි රෝගී   තත්වයන් වැළැක්වීම සදහා අනුගමනය කරනු ලබන විද්‍යාත්මක ක්‍රියා පිලිවෙලයි.

ආරක්ෂිත බවින් තොර ආහාර හෙවත්, unsafe foods හානිකර බැක්ටීරියා, පරපෝෂිතයන්, ආහාරවල ස්වභාවිකව නිපදවන විෂ වර්ග, අහිතකර භෞතික ද්‍රව්‍ය වලින් යුක්ත විය හැකි වන අතර මෙවැනි unsafe foods මගින් ඇතිවිය හැකි රෝග (Food Borne illnesses) 200ක් පමණ මේ වන

විට හදුනාගෙන තිබෙනවා.

වාර්ෂිකව ලොවපුරා Food borne illnesses නිසා මරණයට පත් වන මිනිසුන් ප්‍රමාණය 420000 කට අධිකයි.

මේ නිසා ලොව බොහෝ රටවල් මෙම තත්වයන් පාලනය කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යොමුවී තිබෙනවා. ආහාර නිෂ්පාදනට අදාල නවීන තාක්ශණය, නව නීති සම්පාදනය, පාරිභෝගික දැනුම්වත් කිරීම් එම ක්‍රියාමාර්ග අතරින් කීපයක්.

Food Safety සදහා වන අහිතකර තත්ව අතරින්, පාලනයකින් තොරව සිදු කරනු ලබන කෘෂි රසායන භාවිතය ප්‍රධාන ස්ථානයක් ගන්නවා.වගා කටයුතු වලදී සහ පසු අස්වනු තාක්ෂණයේදී භාවිත වන ඇතැම් රසායන ද්‍රව්‍ය මේ සදහා නිදසුන් වනවා. එම රසායන ද්‍රව්‍ය වල අඩංගු බැර ලෝහ ශරීර ගත වීම මේ සදහා දිය හැකි ප්‍රකට නිදසුනක්.

ක්ෂුද්‍ර ජීවීන් ද Food Safety පවත්වාගැනීමට බාධා පමුනුවන අවස්තා බහුලව දැකගත හැකිය. Salmonella, E-coli නොපිසින ලද මස්වල වල වෙසෙන Food Borne illnesses ඇති කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් වේ.

කෙසේ වෙතත්, වයිරස ආහාරවල ගුණනය වීමක් සිදු නොවන නිසා, කොරෝනා වැනි වයිරස පැතිරීම සදහා, ආහාර සැකසුම්කරුවන්ගේ දුර්වල සනීපාරක්ෂක පියවර, සත්ව මලපහ සමග මිශ්‍ර වීම, වයිරස වලින් ආසදිත මාංශ අනුභවය වැනි කරුනු හේතු විය හැකි වේ.

තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය භාවිතය, GMP (Good Manufacture Practices) භාවිතය, ක්‍රමවත්ව ගබඩා කිරීම, ප්‍රමිති ඇසුරුම්කරණය Food Safety පවත්වාගැනීම සදහා වැදගත් වන ක්‍රමෝපායන් වේ.

ලෝක ජනගහනය ශීඝ්‍රයෙන් ඉහල යාම, කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය කාර්මීකරණය වීම සමග ඉහල යන ආහාර ඉල්ලුමද Food Safety සදහා හේතු වන අනෙකුත් බලපෑම් වේ.

මෙම අභියෝග වගකීමක් ලෙස සලකමින්, Food Safety තහවුරු කිරීම සදහා නිශ්පාදකයන්, ආහාර සැකසුම්කරුවන්, හා පරිභෝජකයින් යන සියලු පාර්ශ්වයන් හට පැවරෙන කාර්‍ය භාරය සුළු පටු නොවේ.

අන්තර්ජාලය ඇසුරින් සකස් කළේ

චේනදී ගමගේ


Article 02- ඔබ නිතරම ක්ෂණික ආහාර අනුභව කරන්නෙක්ද? "Are you a person who consume junk food daily"

රස කර කර කෑවට මේ ගැන ඔබ දැන සිටියා ද?

වර්තමාන  සමාජයේ මිනිසුන් ගෙවන කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ පුද්ගලයින්, විශේෂයෙන්ම අතීතයේ තම ප්‍රධාන රාජකාරිය මුලුතැන්ගෙයට පමණක් සීමා කරගත්තු කාන්තාව පවා, අද වන විට, අතීතයේ මෙන් පෝෂ්‍යදායක ආහාර වේලක් පිසිනවා වෙනුවට, තමාට පහසු තැනක පිහිටා ඇති වෙළඳ සැලකින් ක්ෂණික ආහර ලබාගැනීමට හෝ ඉතා සුලු කාලයක් තුල දී පිලියෙල කරගැනීමට පුරුදු වී සිටිනවා. ඉතින් අපි බලමු මොනවද මේ ක්ෂණික ආහාර කියන්නේ.. ඒවා අපේ ශරීර සෞඛ්‍යට බලපාන්නේ කොහොමද කියලා?

ක්ෂණික ආහාර කියලා කියන්නේ ඉතා ඉක්මනින් පිලියෙල කරගත හැකි, පහසුවෙන් පිලිගැන්විය හැකි සහ ආහාරයට ගත හැකි ආහාරයි. මෙවැනි ක්ෂණික ආහාර ඇතැම් අවස්ථාවලදී සෞඛ්‍යයට හිතකර වන අතර ඇතැම් අවස්ථාවලදී සෞඛ්‍යයට අහිතකර වේ. එය ආහාර වර්ගය සහ පිලියෙල කරනු ලබන ආකාරය අනූව තීරණය වේ. උදාහරණයක් ලෙස එලවලු සලාදයක් වුවද එයට වෙනත් කිසිදු අකාරයේ අතිරේක ආහාර ආකලනයක් හෝ වෙනත් කිසිදු සැකසූ ආහාරයක් එකතු කර නොමැති නම්, එය ද සෞඛ්‍යයට හිතකර ක්ෂණික ආහාරයක් ලෙස සැලකිය හැකිය. පහත සඳහන් කර ඇත්තේ එවැනි සෞඛ්‍යයට හිතකර ක්ෂණික ආහාර වර්ගයි.

උදා - එලවලු සලාද, අල පෙති, සැන්විච් වර්ග, එලවලු වර්ග පමණක් යොදන ලද පීසා වර්ග

ඒ සමඟම, අද සමාජයේ නිතරම අසන්නට ලැබෙන තවත් එක්තරා ආහාර කාණ්ඩයක් ලෙස ‘junk food’ හඳුන්වා දිය හැකිය. මෙය සාමාන්‍ය සිංහල ව්‍යවහාරයේ සරලව කඩචෝරු ලෙස හඳුන්වනු ලබයි. ඇතැම් අවස්ථාවලදී මෙම junk food වර්ග fast food සමඟ පැටලිලි සහගත ලෙස ව්‍යවහාරයේ යෙදෙන අවස්ථා ද නැතුවාම නොවේ. මෙලෙස junk food ලෙස හඳුන්වනු ලබන්නේ ඉතා අඩු පෝෂ්‍යදායී වටිනාකමක් සහිත ආහාර කාණ්ඩයකි. එබැවින්, මෙවැනි ආහාරවල ඉතා ඉහළ ප්‍රමාණයකින් පිරිපහදු කරන ලද සීනි වර්ග (refined sugars), පිටි වර්ග (white flour), ට්‍රාන්ස් මේදය (trans fats), අසංතෘප්ත මේදය (polyunsaturated fats), ලුණු, MSG - Monosodium glutamate, Tartrazine වැනි ආහාර ආකලන අඩංගු වන අතර විටමින්, ඛණිජ ලවණ, ඇමයිනෝ අම්ල, තන්තු වර්ග ආදී ක්ෂුද්‍ර පෝෂක සුලු ප්‍රමාණයකින් අඩංගු වේ.

උදා - බදින ලද ආහාර වර්ග, french fries, කාබොනීකෘත පාන වර්ග, බයිට් වර්ග

ඉතින්, මෙවැනි ආහාර පාන වර්ග අපේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද? මෙම ආහාර වර්ගවල අඩංගු ඉහළ ප්‍රමාණයේ මේදය, සීනි, ලුණු ආදිය නිසා සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිකරනු ලබනවා. මෙවැනි ආහාර නිරතුරුවම ආහාරයට ගැනීමෙන් තරබාරු බව, දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ ඉතා ඉහළ ලුණු ප්‍රමාණය නිසා අධික රුධිර පීඩනය, ආඝාතය, හෘදය ආශ්‍රිත රෝග ආදිය වැළඳීමේ ඉඩකඩ වැඩිය. එසේම ඉතා ඉහළ ලුණු සාන්ද්‍රණය හේතුවෙන් වකුගඩුවලට ඇතිවිය හැකි බලපෑම ද ඉහළ ය. ඉතා ඉහළ ප්‍රමාණයකින් අඩංගු වන තෙල් සහ ගම්මිරිස්, මිරිස් කුඩු වැනි ද්‍රව්‍ය හේතුවෙන් ආමාශයේ බිත්ති මගින් HCl අම්ල ස්‍රාවය වැඩි කරන අතර මේ හේතුවෙන් ආමාශ ප්‍රදාහ තත්ව හෙවත් ගැස්ට්‍රයිටිස් ඇතිවීම සිදුවේ. මෙවැනි ආහාර වර්ග සැලකිය යුතු කාලයක් ආහාරයට ගැනීම නිසා ශරීරය තුළ රුධිර කේශනාලිකාවල මේදය තැන්පත් වීම හේතුවෙන් රුධිර සංසරණයට බාධා ඇතිවේ. මෙම ආහාරවල බොහෝවිට කෘතිම වර්ණක, රසකාරක ඉතා ඉහළ ප්‍රමාණයකින් අඩංගු වේ. මෙම ඇතැම් ද්‍රව්‍ය පිලිකාකාරක ද වන අතර ආසාත්මික තත්ව ඇති කිරීමට ද හේතු වේ. එසේම, මෙම ආහාරවල පවතින ඉහළ සෝඩියම් සාන්ද්‍රණය නිසා ද අධි රුධිර පීඩනය සහ වකුගඩුවල අක්‍රමිකතා ඇති කරනු ලබයි.

ළමුන් අතර මන්දපෝෂණය සහ අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකාව සහ ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ව ඇති කරනු ලබයි. මේ හේතුවෙන් එවැනි රෝගීන්ගේ කායික සහ මානසික ක්‍රියාකාරීත්වය අඩාල වන අතර ජීවිත කාලය ද කෙටි වේ.

මෙවැනි ආහාර ගැනීමට මිනිසුන් පෙළඹෙන්නේ ඇයි?

මෙම ආහාර පහසුවෙන් ලබාගත හැකි නිසාත්, ඉක්මනින් පිලියෙල කරගත හැකි නිසාත්, ඉතා ඉහළ රසයකින් හා පෙනුමකින් යුක්ත වන නිසාත්, මෙවැනි ආහාර සඳහා අද සමාජ මාධ්‍ය ඔස්සේ පවතින් ඉහල ප්‍රචාරණය නිසාත්, මෙම ආහාරවලට ඉතා ඉහල ආයු කාලයක් පැවතීම නිසාත්, ඉතා පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි නිසාත්, ඕනෑම ස්ථානයක දී පහසුවෙන් අඩු මුදලකට ලබාගත හැකි නිසාත් අද සමාජයේ බොහොමයක් මිනිසුන් අතර මෙම ආහාර ඉතා ප්‍රචලිත වී ඇත.

නමුත්, මෙම ආහාරවල පවතින ඉහළ සෞඛ්‍යය අවදානම්කාරී තත්වය හේතුවෙන්, සහ එවැනි අවදානම් තත්වයන් පිලිබඳව පාරිභෝගිකයන් තුල පවතින අඩු දැනුවත්කම හේතුවෙන් බෝහෝ දෙනා මෙම ආහාර නොමසුරුව ආහාරයට ගැනීමට පෙළඹී ඇත. මෙම තත්වයන් මඟ හරවා ගත හැක්කේ කෙසේද?

විශේෂයෙන්ම, කුඩා දරුවන් මෙවැනි ආහාරවලට යොමු වීමේ හැකියාව ඉතා ඉහළය. කුඩා අවධියේ සිටම ඉහළ මේද ප්‍රමාණයකින් යුත් ආහාරවලට පුරුදු පුහුණු වීම හේතුවෙන්  එම දරුවන් ඉන්පසු දිගින් දිගටම එවැනි ආහාරවලටම රුචිකත්වයක් දක්වයි. එබැවින්, කුඩා අව්ධියේ සිටම කුඩා දරුවන් එවැනි ආහාර ගැනීමට යොමු වන අවස්ථාවන් අඩු කීරීමට ක්‍රියා කළ යුතුය. මෙවැනි ආහාර ගැනීමට ඇති පොළඹවීම් හැකිතාක් දුරට අඩු කරමින් ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමට පාරිභෝගිකයන් යොමු කල යුතුය. හැකිතාක් තම එදිනෙදා ආහාර තම නිවස තුළදීම පිලියෙල කර්ගැනීමට හුරුවීම, ක්ෂණික ආහාර පිලියෙල කරන්නේ නම්, එය වඩාත් පොෂ්‍යදායී ලෙස පිලියෙල කර ගැනීමට පුරුදු වීම සහ වැඩිහිටියන් සහ ළමුන් මෙම ආහාර ගැනීම හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර තත්වයන් පිලිබඳව දැනුවත් කිරීම සිදුකල යුතුය.

මූලාශ්‍ර : [online] Journal of food and nutrition,

“Poor eating habits article on Children and junk food”, 2008.

Article by:

Nayanika Herath


Article 01- ගුණ සපිරි මඤ්ඤොක්කා වල තතු "Nutritional facts about manioc"

අප්‍රිකාවේ මිලියන 70කට ආසන්න පිරිසක් මූලික වශයෙන් යැපෙන මඤ්ඤොක්කා, ලෝකයේ  දුප්පතුන්ගේ ආහාරයක් ලෙස සැලකේ. අනෙකුත් බෝග වගා කල නොහැකි අහිතකර පරිසර තත්ව යටතේ වුවද මඤ්ඤොක්කා වගා කල හැකි වීමත්, පහසු මිලට ලබාගත හැකිවීමත් නිසා මෙය ලොව පුරා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමෙහිලා වැදගත් වේ.

ලොව පුරා ආහාර සඳහා වගා කරන බෝග අතුරින් සිව් වන ස්ථානය උසුලන මඤ්ඤොක්කා ශාකයේ මුල් මෙන්ම පත්‍ර සාමාන්‍යයෙන් ආහාරය සඳහා එක්කර ගනී. මඤ්ඤොක්කා ග්රෑම් 100 ක්(100g) තුල කැලරි 160ක්, කාබෝහයිඩ්ට් ග්රෑම් 38 ක්, ප්රෝටීන ග්රෑම් 1.36ක් සහ ලිපිඩ ග්රෑම් 0.28ක් පමන අන්තර්ගත වේ. එසේම එහි සැලකිය යුතු ප්‍රමානයක් විටමින් C, තයමීන් (විටමින් B1),රයිබොෆ්ලෙවීන්(විටමින් B2), නියසීන්(විටමින් B3) මෙන්ම කැල්සියම් හා පොස්පරස් ද අඩංගු වේ.

ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටක බහුලව අඩංගු වුවද, මඤ්ඤොක්කා ආහාරයට එක් කරගැනීම සුදුසු ද නුසුදුසු ද යන්න කතා බහට ලක් වන මාතෘකාවක් වී ඇත. ඒ එහි අන්තර්ගත ශරීරයට අහිතකර සයනයිඩ් නැමැති රසායනිකය නිපදවීමට ඇති හැකියාව හේතුවෙනි.

මඤ්ඤොක්කා ශාකය, ස්වාභාවික ආරක්ෂක උපක්‍රමයක් ලෙස සයනොජෙනික් ග්ලූකොසයිඩ් (Cyanogenic Glucoside) නැමැති රසායනික සංයෝග කාන්ඩය නිපදවයි. එය සාපේක්ෂව ශරීරයට විෂදායක නොවේ. නමුත් ශාකයේ අඩංගු විවිධ එන්සයිම හා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේද අහාර ජීර්න පද්ධතියේ අඩංගු එන්සයිම හා ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හේතුවන් ඉහත සඳහන් සයනොජෙනික් ග්ලූකොසයිඩ් මගින් හයිඩ්රජන් සයනයිඩ්(HCN) නිදහස් කෙරේ.එය මිනිසාට මෙන්ම සතුන්ටද විෂදායී වේ.

එක්වර/ කෙටි කාලයක් ඇතුලත සිදුවන HCN විෂ වීම නිසා රුධිර පීඩනය පහත වැටීම, හෘද ස්පන්දනය හා ශ්වසන සීඝ්රතාවය ඉහල යාම, හිසරදය, උදරයේ වේදනාව හා වමනය වැනි තත්වයන් ඇති විය හැක. ස්වාභාවිකව ශරීරයට විෂ හරනය කල නොහැකි HCN ප්රමානයක් එක්වරම සිරුරට ඇතුලු වුවහොත් මරනය පවා සිදුවිය හැක.

දීර්ඝ කාලීනව ඇති වන HCN විෂ වීම(Chronic toxicity) හේතුවෙන් ස්නායු පද්ධතිය හා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ආබාධ ඇති විය හැක. මෙම තත්වය දිනපතා මඤ්ඤොක්කා ආහාරයට ගන්නා, දුර්වල පෝෂණ මට්ටම් සහිත පුද්ගලයන් අතර දැකගත හැකිවේ.

ආහාර පිලියෙල කීරීමේදී  භාවිතා කරන විවිධ උපක්‍රම තුලින් මේවායේ අඩංගු සිරුරට අහිතකර, විෂදායී රසායනික සංඝටක ප්රමානය අවමකරගත හැක. එබැවින් සයනයිඩ් අඩංගු නිසා මඤ්ඤොක්කා ආහාරයට එක් කරගැනීමට බිය වීම හෝ ආහාරයට එක් කර ගැනීමෙන් වැලකී සිටීම අවශ්ය නොවේ. මඤ්ඤොක්කා පිලයෙල කිරීමට පෙර පොතු ඉවත් කිරීම, කැබලි වලට කපා තැම්බීම හා තැම්බීමේදී බදුන් වල පියන් විවෘතව තැබීම ආදිය මගින් එහි අන්තර්ගත සයනොජෙනික් ග්ලූකොසයිඩ් ප්රමානය අවම කරගත හැක.

මඤ්ඤොක්කා ආහාරයට එක් කර ගැනීම කතාබහට ලක්වීමට හේතු වී

ඇති අනෙක් කරුණ වන්නේ එය සතු පිලිකා සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමට ඇති

හැකියාවයි(Cancer preventing effect). මඤ්ඤොක්කා මුල් සහ පත්‍රවල අන්තර්ගත විවිධ සයනොජෙනික් ග්ලූකොසයිඩ් වර්ග අතුරින් 80% ක් පමන ඇත්තේ ලිනමරීන්(Linamarin) වේ.  එහි  විටමින් B 17 අඩංගු වන බවත්, එයට නොමේරූ පිලිකා සෛල විනාශ කිරීමට හැකියාවක් පවතින බවත් බොහෝ පර්යේෂන මගින් පෙන්වා දී තිබේ. එබැවින් වර්තමානයේදී ලොවටම අභියෝගයක්ව පවතින පිලිකා මර්දනය කිරීම සඳහා මඤ්ඤොක්කා භාවිතා කිරීම සම්බන්ධව ලෝකයේම අවදානය යොමු වී තිබේ.

ඉහත සඳහන් පරිදි මඤ්ඤොක්කා පමනක් නොව අප එදිනෙදා ගන්නා බොහෝ ආහාර යහපත් මෙන්ම අයහපත් බලපෑම් ද ඇති කල හැක. එබැවින්  ශරීරයට අහිතකර තත්වයන් අවම වන ආකාරයත්, හිතකර තත්වයන් ආරක්ෂා වන ආකාරයටත් සැකසූ හා පිලියෙල කරන ලද ආහාර ආහාරයට එක් කරගැනීම හා Diet variation තුලින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලගා කරගත හැකිය.

අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ

Sandanika Dikwella