Special Articles

Article 16 - World Food Day 2024: "Right to Foods for a Better Life and a Better Future"


World Food Day 2024: "Right to Foods for a Better Life and a Better Future"


Every year on October 16, the world observes World Food Day, an event established by the United Nations to promote awareness of global hunger and encourage action to achieve food security. This year’s theme, "Right to Foods for a Better Life and a Better Future," spotlights the critical role food plays in shaping our well-being and the trajectory of our collective future.

The Importance of the Right to Food is, at its core, the theme emphasizes that access to nutritious, safe, and sufficient food is a fundamental human right. Food is not a privilege—it is essential to life. Yet, millions of people worldwide continue to face hunger, malnutrition, and food insecurity. The latest estimates indicate that around 828 million people suffer from hunger globally, while even more experience undernourishment and lack access to healthy diets.

Food is more than just sustenance; it is central to human dignity, health, and sustainable development. When people have access to nutritious food, they can live healthier lives, pursue education, and contribute meaningfully to society. In contrast, food insecurity leads to malnutrition, ill-health, and stagnation in human development.

Achieving Food Security and Sustainability, the theme calls for global efforts to ensure equitable access to food for all, particularly vulnerable populations such as low-income families, children, and marginalized communities. Achieving this involves addressing both food security and sustainability.

Governments, organizations, and individuals must work together to develop sustainable food systems that can meet the needs of present and future generations. This means promoting sustainable agriculture, reducing food waste, and encouraging environmentally responsible practices in farming, production, and consumption.

Climate change also plays a significant role in exacerbating food insecurity. Droughts, floods, and other extreme weather events affect food production, making it critical to incorporate climate-smart agriculture and policies that prioritize both food security and environmental resilience.

The role of innovation and technology is to fulfill the right to food, innovation and technology have become crucial. From precision agriculture to alternative proteins and digital tools that help farmers increase productivity, technology is transforming how food is grown, distributed, and consumed. Governments and the private sector should invest in these technologies to boost yields and make food systems more efficient.

Additionally, improving infrastructure in rural areas and supporting local food production can help communities build self-reliance and reduce hunger. Education about nutrition, food production, and conservation is also essential in achieving a healthier and more sustainable food system.

The role of innovation and technology is to fulfill the right to food; innovation and technology have become crucial. From precision agriculture to alternative proteins and digital tools that help farmers increase productivity, technology is transforming how food is grown, distributed, and consumed. Governments and the private sector should invest in these technologies to boost yields and make food systems more efficient.

Additionally, improving infrastructure in rural areas and supporting local food production can help communities build self-reliance and reduce hunger. Education about nutrition, food production, and conservation is also essential in achieving a healthier and more sustainable food system.

The 2024 World Food Day theme serves as a powerful reminder that food is fundamental to life and that the right to food must be protected and promoted at all levels. Governments need to strengthen policies that ensure equal access to nutritious foods, while individuals and communities must work to support sustainable food systems.

As we celebrate this year’s World Food Day, let’s recognize that our shared future depends on ensuring that everyone, everywhere, has the right to foods that nourish them and the planet. It’s a right that we must uphold for a better life today and a better future tomorrow.


ලෝක ආහාර දිනය 2024

 "වඩා හොඳ ජීවිතයක් සහ යහපත් අනාගතයක් සඳහා ආහාර සඳහා ඇති අයිතිය"

 සෑම වසරකම ඔක්තෝම්බර් 16 වන දින ලෝක ආහාර දිනය සමරයි, එය ගෝලීය කුසගින්න පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීම දිරිගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලද දිනයකි. මෙම වසරේ තේමාව වන "වඩා හොඳ ජීවිතයක් සහ වඩා හොඳ අනාගතයක් සඳහා ආහාර සඳහා ඇති අයිතිය", අපගේ යහපැවැත්ම සහ අපගේ සාමූහික අනාගතයේ ගමන් පථය හැඩගැස්වීමේදී ආහාර ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරයි. 

ආහාර සඳහා ඇති අයිතියේ වැදගත්කම, එහි තේමාව, පෝෂ්‍යදායී, ආරක්ෂිත සහ ප්‍රමාණවත් ආහාර  මූලික මිනිස් අයිතිවාසිකමක් බව අවධාරණය කරයි. ආහාර  ජීවිතයට අත්‍යවශ්‍ය වේ. එහෙත්, ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනයා කුසගින්න, මන්දපෝෂණය සහ ආහාර අනාරක්ෂිතභාවයට දිගින් දිගටම මුහුණ දෙති. නවතම ඇස්තමේන්තු වලට අනුව ගෝලීය වශයෙන් මිලියන 828 ක ජනතාවක් කුසගින්නෙන් පෙළෙන අතර මන්දපෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ප්‍රවේශය නොමැතිකම යන තත්ත්වයන්ට ද මුහුණ පාමින් සිටිති.

ආහාර යනු පෝෂණය පමණක් නොවේ. එය මානව ගරුත්වය, සෞඛ්‍යය සහ තිරසාර සංවර්ධනය සඳහා කේන්ද්‍රීය වේ. මිනිසුන්ට පෝෂ්‍යදායී ආහාර ලබා ගත හැකි විට, ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට, අධ්‍යාපනය හැදෑරීමට සහ සමාජයට අර්ථවත් ලෙස දායක විය හැකිය. 

ආහාර සුරක්ෂිතතාව සහ තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීම යන තේමාවෙන් සෑම කෙනෙකුටම, විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්, ළමයින් සහ ආන්තික ප්‍රජාවන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සාධාරණ ලෙස ආහාර සඳහා ප්‍රවේශය සහතික කිරීමට ගෝලීය වශයෙන් උත්සාහයන් දරයි.

වත්මන් සහ අනාගත පරපුරේ අවශ්‍යතා සපුරාලිය හැකි තිරසාර ආහාර පද්ධති සංවර්ධනය කිරීමට රජයන්, සංවිධාන සහ පුද්ගලයන් එක්ව කටයුතු කළ යුතුය. මෙයින් අදහස් කරන්නේ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවිතැන, නිෂ්පාදනය සහ පරිභෝජනය තුළ පාරිසරික වගකීම් සහිත භාවිතයන් දිරිමත් කිරීමයි. දේශගුණික විපර්යාස ද ආහාර අනාරක්ෂිත භාවය වැඩි  කිරීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. නියඟය, ගංවතුර සහ අනෙකුත් ආන්තික කාලගුණික තත්ත්වයන් ද ආහාර නිෂ්පාදනයට බලපාන ප්‍රධාන සාධක අතර වේ. මේ නිසා කෘෂිකර්මාන්තය සහ ආහාර සුරක්ෂිතතාව යන දෙකටම ප්‍රමුඛත්වය දෙන ප්‍රතිපත්ති ඇතුළත් කිරීම ඉතා වැදගත් වේ. 

නවෝත්පාදන හා තාක්ෂණයේ කාර්යභාරය ආහාර සඳහා ඇති අයිතිය සපුරාලීම කෙරෙහි තීරණාත්මක ව බලපායි. සාම්ප්‍රදායික කෘෂිකර්මයේ සිට විකල්ප ප්‍රෝටීන සහ ගොවීන්ට ඵලදායිතාව ඉහළ නැංවීමට උපකාර වන ඩිජිටල් මෙවලම් දක්වා ආහාර වගා කරන, ආහාර බෙදා හරින තාක්ෂණය සහ පරිභෝජනය කරන ආකාරය පරිවර්තනය කරයි. අස්වැන්න ඉහළ නැංවීමට සහ ආහාර පද්ධති වඩාත් කාර්යක්ෂම කිරීමට රජයන් සහ පෞද්ගලික අංශය මෙම තාක්ෂණයන් සඳහා ආයෝජනය කළ යුතුය. මීට අමතරව, ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ දේශීය ආහාර නිෂ්පාදනයට සහාය වීම ප්‍රජාවන්ට ස්වයං විශ්වාසයක් ගොඩනඟා ගැනීමට සහ කුසගින්න අඩු කිරීමට උපකාරී වේ. සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර පද්ධතියක් සාක්ෂාත් කර ගැනීම සඳහා පෝෂණය, ආහාර නිෂ්පාදනය සහ සංරක්ෂණය  වැදගත් වේ.

2024 ලෝක ආහාර දින තේමාව මගින් ආහාර ජීවිතයට මූලික බවත් ආහාර සඳහා ඇති අයිතිය සෑම තරාතිරමකටම ආරක්ෂා කර ප්‍රවර්ධනය කළ යුතු බවත් අවධාරණය කරයි. රජයන් විසින් පෝෂ්‍යදායී ආහාර සඳහා සෑම පුද්ගලයෙකුටම සම ප්‍රවේශයක් සහතික කළ යුතු අතර, පුද්ගලයන් සහ ප්‍රජාවන් තිරසාර ආහාර පද්ධති සඳහා සහාය වීමට කටයුතු කළ යුතුය. 

අපි මේ වසරේ ලෝක ආහාර දිනය සමරන විට, අපගේ අනාගතය රඳා පවතින්නේ සෑම කෙනෙකුටම ආහාර සඳහා ඇති අයිතිය සහතික කිරීම මත බව හඳුනා ගනිමු. එලෙසින් එය, අද යහපත් ජීවිතයක් ගත කිරීම සඳහාත් හෙට යහපත් අනාගතයක් ළඟා කර ගැනීම සඳහාත් මං පෙත් විවර කර දෙයි.

Article 15 - International Coffee Day 2024

International Coffee Day ☕

"Every cup tells a story—what's yours?"

Imagine a world without the aroma of freshly brewed coffee, the warmth of a morning cup in your hands, or the comfort of that first sip—impossible, right? 

International Coffee Day, celebrated on October 1st, is a global event that honors the love for coffee, its rich history, and the people who grow it. Have you ever wondered how your morning coffee affects communities thousands of miles away? It’s a day to appreciate the journey of coffee, from the farmers who cultivate the beans to the millions who enjoy it daily. For many, coffee is more than just a beverage; it's a passion. It even has its own subculture, language, and lifestyle. 

Coffee's journey from a mysterious Ethiopian berry to a global sensation is nothing short of extraordinary. Legend tells of an Ethiopian goat herder, Kaldi, who discovered coffee after noticing his goats became unusually energetic after eating red berries from a particular tree. From these humble beginnings, coffee made its way to the Arabian Peninsula, where it became a treasured drink known as "the wine of Araby."

The drink’s popularity soon spread to Europe, igniting a social revolution as coffeehouses became hubs of intellectual exchange. From there, coffee traveled to the Americas, Asia, and beyond, transforming from a local curiosity into a global phenomenon.

 Coffee is a cultural icon that unites people across the globe. From Italian espresso bars to Ethiopian coffee ceremonies, it plays a central role in social life and tradition. Economically, coffee is a vital industry, supporting millions of farmers, particularly in developing countries. It’s a powerful force that drives local economies and fosters international trade, making it an essential part of both cultural heritage and global commerce.

 Celebrate International Coffee Day by indulging in the many benefits of your favorite brew. Coffee not only boosts energy and enhances focus but also offers antioxidants that promote overall health. To honor the day, try a new coffee recipe with friends. It’s a perfect way to appreciate the journey while connecting with others who share your love for this beloved beverage.

Written by: Ishadi Wellappili


Article 14 - International Day of Awareness of Food Loss and Waste

International Day of Awareness of Food Loss and Waste

 

The fifth observance of the International Day of Awareness of Food Loss and Waste will highlight the critical need for financing to bolster efforts to reduce food loss and waste, contribute to achieving climate goals, and advance the 2030 Agenda for Sustainable Development.


The world produces enough food to feed everyone, and yet millions suffer from hunger and malnutrition. Food loss and waste exacerbate this problem by reducing the amount of food available for consumption, thus contributing to food insecurity. Many of the most highly nutritious foods, such as fresh produce, fishery, and animal products, are highly perishable and sustain high levels of food loss.

Food loss and waste also translate into a substantial economic loss. This impacts not only producers but also consumers and nations, not to mention livelihoods and economic stability. Moreover, food waste in landfills contributes to 8 to 10 percent of total agrifood system emissions, impacting climate change and environmental sustainability.

 

 

Reducing food loss and waste is a climate solution, which countries and communities can employ to reduce greenhouse gas emissions. Successfully doing so will require a significant increase in the quality and quantity of accessible climate finance.

 

 

References

Food and agricultural organization(2024)International day of awareness of food loss and. wastehttps://www.fao.org/platform-food-loss-waste/flw-events/international-day-food-loss-and-waste/en  accessed on 28th of september 2024(online)

 


Article 13 - World Dumpling Day - 2024

World Dumpling Day

 World Dumpling Day on September 26th serves up a delicious treat to celebrate. With the popularity of dumplings growing all the time, the day offers a great way to celebrate! Whether enjoyed as an appetizer or the main course, each morsel satisfies.

Dumplings offer so much variety and flavour. They create a beautiful accompaniment to any meal, too. The endless possibilities of shape and taste make dumplings a favourite dish around the world.

Dumplings consist of small pieces of dough. Generally, the dough is wrapped around a filling. The dough may be composed of flour, potatoes, or bread. The fillings come in many forms – meat, fish, vegetables, or sweets. Dumplings can be cooked in many different ways, too. Some methods include boiling, steaming, simmering, and even frying. While dumplings are often eaten on their own, they are a delicious addition to soups and stews, too.

Overall, World Dumpling Day is a celebration of different cultures coming together to share the deliciousness . Dumplings are bite-sized treats that range from one country or region to the next. Whether you make them at home with an easy-to-follow recipe or experience authentic restaurant cuisine, chances are there's a flavourful type of dumpling out there for everyone to enjoy.


Article 12 - Food Bank Day - 2024


"Together, we can end hunger. Support your local food bank today.”

Food Bank Day is a powerful reminder of the vital role that community support and collective action play in combating hunger. Across the country, food banks serve as lifelines for countless families and individuals facing food insecurity, ensuring that no one goes without a meal. On this day, volunteers, donors, and organizations unite to contribute time, money, and food, raising awareness about the challenges of food scarcity and advocating for stronger social safety nets. It’s an opportunity to inspire others to get involved in making a meaningful difference. Food Bank Day is important to acknowledge that hunger affects people from all walks of life, often in ways that go unnoticed. Whether it’s a neighbour, co-worker, or classmate, those struggling with food insecurity depend on the generosity and compassion of their communities. By supporting food banks, we not only provide essential nourishment but also offer hope and dignity to those in need. Together, we can help create a more just and caring society where everyone has access to the food they need to thrive. 

National Food Bank Day, founded in 2017 by St. Mary’s Food Bank Alliance to celebrate its 50th anniversary, traces its origins to 1967 when John van Hengel established the world’s first food bank in response to the inefficiencies of soup kitchens and the issue of food waste. The concept quickly spread worldwide, with food banks emerging in Europe by 1984 and expanding into South America, Asia, and Africa in the following decades. By In 2007, the Global Food Banking Network was founded, bringing together members from six continents. The day is marked in early September to raise awareness and prepare food banks for the winter season.


Celebrate National Food Bank Day by supporting local or national food banks through various activities. You can volunteer, make a financial donation, organize a fundraising event, or find other creative ways to help these vital organizations.

References -

Days of the year(2024)National Food Bank Day https://www.daysoftheyear.com/days/national-food-bank-day/ (online) accessed on 04th of September 2024


Article 11- International Red Wine Day -2024

Pour a lovely glass of Bordeaux, take a sip of a Cabernet Sauvignon, or open a bottle of Shiraz because it’s time for International Red Wine Day! 

This drink is the perfect complement to any occasion, from an elegant dinner to a cozy night in.

Wine’s history goes back several thousand years. Experts estimate that Chinese people in the Henana province may have been the first to create something akin to red wine, possibly around 7000 BC. This would have been a drink that was made of wild grapes as well as honey and rice, as well as hawthorn fruit. The concoction was stored in clay jars with yeast on the skins, causing it to be fermented.Red wine varietals produce deep ruby reds as well as subtle ambers and browns. Their beautiful colors hint at the coming change in the season.

Since ancient times, red wine has been part of many cultures throughout the world. As civilization has developed, so has the technology for growing the right grapes and turning them into this delicious beverage. Through the old world and the new world, red wine has come to be more than simply a drink, but it also symbolizes transformation, happiness, and friendship, as well as sustenance and life. International Red Wine Day symbolizes all of these and more. It was founded in 2014 by Jace Shoemaker-Galloway with the idea of celebrating the beauty of magnificence that is red wine. As the grapes begin to ripen and autumn begins to loom large, International Red Wine Day offers a time to enjoy and celebrate.

So don't fear the red and enjoy your sip, making it your sweetest companion for your best memories.


#SFST

#UOP

#InternationalRedWineDay

Article 10 - ජාත්‍යන්තර රම් දිනය 2024  "International Rum Day - 2024"

International Rum Day is a fun and flavorful celebration held on 16th of August every year. This day is all about enjoying the rich heritage and diverse tastes of rum, a spirit that has played a significant role in history.

People across the globe come together to appreciate rum’s unique flavors through various activities and events.

Did you know that rum acts like a chameleon in the world of spirits? This versatile drink dances through cocktails, warming the soul and bringing joy to gatherings. It adds to a Mojito, and It’s the life of the party in a Piña Colada and a reflective companion in a neat pour.

Rum is more than just a drink. It’s a bridge connecting cultures, a spark for creativity in mixology, and a reason to say, “Cheers!”

The day is not just about sipping rum but also about exploring its versatility. From hosting rum-tasting parties and crafting rum-based cocktails to incorporating rum into culinary delights, there’s a lot to do.

International Rum Day has an interesting history that intertwines with the broader narrative of the Americas and the Caribbean. The origins of rum can be traced back to the 17th century in the Caribbean, where sugarcane plantations flourished.

 Slaves discovered that molasses, a byproduct of sugar refining, could be fermented and distilled into a spirit. This discovery led to the birth of modern rum, which became a staple in colonial American economies and even played a role in the American Revolution due to the tax on sugar and molasses in the 1760s.

 The first celebration of international Rum Day was occurred in 1999 in the U.S. Virgin Islands, marking an annual appreciation for this beloved spirit.

This spirit’s journey was initially called “kill devil” for its high alcohol content and less savory taste to becoming one of the most popular spirits worldwide and is a testament to its enduring appeal and the refinement of its production process over centuries.

International Rum Day serves multiple purposes, from raising awareness about rum’s diverse and versatile nature to fostering a sense of community among rum enthusiasts.

It’s a day for bars, restaurants, and liquor companies to promote their rum offerings, host special events, and celebrate the rich heritage and flavors of rum.

This day emphasizes the enjoyment of rum in various forms, responsible drinking, and the appreciation of the craftsmanship involved in rum production. Celebrating international Rum Day can be a blast if you get creative and a little quirky with your festivities.

References-:

Days of the year(2024)international rum day https://www.daysoftheyear.com (online) accessed on 15th of august 2024


Article 09 - World Beer Day - 2024

"Raise Your Glass: A Celebration of Beer and Friendship"

International Beer Day is celebrated annually on the first Friday of August. The event, which began in 2007, aims to unite people around the world to enjoy and appreciate beer. It’s a day for beer enthusiasts to explore different brews, support local breweries, and engage in festivities with friends and family. The celebration typically involves events such as pub crawls, beer tastings, and community gatherings. The day also emphasizes the cultural significance of beer and its role in social interactions and traditions across various societies.

Beer is one of the oldest and most widely consumed alcoholic beverages in the world, with a history dating back over 7,000 years. Beer is primarily made from four key ingredients as water, malted barley, hops, and yeast. Beer production undergoes a fermentation process where yeast converts sugars into alcohol and carbon dioxide. The brewing process varies widely, creating a diverse range of beer styles, from light lagers and hoppy India Pale Ale (IPA) to rich stouts and sour ales. Beer also has significant cultural and social roles such as breweries and pubs serving as gathering places for communities around the globe. Today, the craft beer movement has further expanded beer's variety, emphasizing creativity and local ingredients.


Article 08 - ලෝක අලිගැට පේර දිනය 2024 " World Avocado Day -  2024"

Get ready to celebrate the creamy, nutritious and versatile avocado on July 31st 2024!. National avacado day is an annual observance that pays homage to this remarkable fruit, often hailed as a superfood. From its ancient origins to its modern - day popularity, the avocado has a rich history and an even richer nutritional profile that makes it worthy for its own special day.

Avocados are more than a staple food in the diet. They are proven to be a key ingredient in recipes for both inside and outside on the human body. And also avocado has a fascinating history. The avocados journey from prehistoric times to our modern plates is as intriguing as the fruit itself.

In 8000BC evidence suggests wild avocados were consumed in central Mexico. In 3000BC American tribes like the Inca, Olmec and Maya began cultivating in central Mexico.

There are many reasons to celebrate National Avacado Day. Avocados are not only delicious but also brimming with nutrients that enhance overall health. For example, avocados are rich in monounsaturated fats that can help lower bad cholesterol, contain more potassium than bananas, aid in blood pressure regulation, are high in fiber, support digestive health, and help you feel full longer. They also offer vitamins such as vitamin K, C, E and many vitamin B complexes, as well as magnesium, potassium, and folate. It contains antioxidants like lutein, beta-carotene, and zeaxanthin, which are beneficial for eye health.

There is lots of diversity on the market when it comes to avocado products, such as avocado ice cream, avocado-based mayonnaise, frozen avocado chunks, avocado salsa, avocado oil, guacamole cheese, avocado chips, guacamole-flavored tortilla chips, avocado-based cream cheese, etc.

Article 07 - ලෝක චොක්ලට් දිනය 2024 " World Chocolate Day - 2024"

"_Forget love....... I'd rather fall in chocolate! _" they said. 

Today is the perfect day to heal yourself with a delicious piece of chocolate. Celebrate the sweetest day of the year, which encourages everyone to discover the joy and indulgence that chocolate can bring into our lives with their favorite chocolate treats. Whether it's a rich, dark chocolate bar, a creamy milk chocolate truffle, or a decadent slice of chocolate cake, today is all about savoring the deliciousness that chocolate brings into our lives. 

The story begins in Mesoamerica, where the Mayans and Aztecs adored cacao beans for their divine taste. The Industrial Revolution propelled chocolate into a worldwide craze. Innovations such as the cocoa press in the 19th century increased production efficiency, making chocolate more accessible to people around the world. 

Share a piece with someone special or treat yourself to a delightful chocolate experience. Happy Chocolate Day to all the chocolate lovers out there!

Written by: Thatanika Chandrasekar

Article 06 - ලෝක සූෂි දිනය 2024 "Sushi day-2024"

වත්මන් ආහාර කලාවේ නව මානයක් සොයා යන සූෂි, සුප්‍රක්‍රට ජපන් ආහාරයකි. මේවා අමු මාළු සමඟ බත් , බිත්තර/එළවළු එක්ව පිළියෙල කරන ප්‍රණීත, ආකර්ෂණීය ආහාර වර්ගයකි. ජපන් භාෂාවෙන් සූෂි යනු "ඇඹුල් බත් "යන්න යි. විනාකිරි මිශ්‍ර කළ සහල් වල අමු මාළු කල් තබා ගත හැකි යැයි යන අදහසින් සූෂි ආහාර කලාව ආරම්භ විය. සූෂි ජපානය තුළ සම්භවය හා ප්‍රචලිත වීම එඩෝ යුගයේ (1603 - 1860 ) සිදුවූ අතර 20 වන සියවසේ මැද භාගය වන විට ලොව පුරා ප්‍රචලිත වීම ඇරඹුණි. ලුණු සහ මාළු වලින් සෑදු පැසවන ලද ආහාරයක් (Fermented food) පිළිබඳ තොරතුරු වසර දෙදහසකට පමණ පෙර ලියන ලද චීන මූලාශ්‍ර වලින් හමු වී ඇත. ජපන් ජාතිකයන් මේ ආශ්‍රයෙන්, සහල් සහ අනෙකුත් ධාන්‍ය වලින් කල්තබා ගන්නා ලද ආහාර වේලක්, ලැක්ටික් අම්ල පැසීම මඟින් නිපදවූ බවට ද තොරතුරු වාර්තා වෙයි. සමහර අධ්‍යනයන් එය අග්නිදින ආසියානු ප්‍රදේශ වලින් පරිණාමය වු බව පෙන්වා දෙයි .  මීට වසර 2000 කට පෙර ආසියාවේ අනෙකුත් සංස්කෘතික ප්‍රදේශ වලට ද පසුව මෙය ව්‍යාප්ත වී ඇත. සත්‍ය ලෙසම සම්භවය පිළිබඳ අපහැදිලි මත ඇතිමුත් සූෂි ලොව පුරා ජපන් ආහාරයක් ලෙස ප්‍රචලිත වී අවසන් ය.

2009 දී, Chirs Demay විසින් සූෂි පිළිබඳ සත්‍යතාවයන් හා මිත්‍යා මත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සූෂි දිනය පිහිටුවා ඇත.එතැන් පටන් සෑම වසරකම ජුනි මස 18 වන දින ලෝක සූෂි දිනය සමරනු ලැබේ. නමුත් ජපානය තුළ මෙම දිනය නොවැම්බර් 01 වන දින සමරනු ලැබේ.

වර්තමානය වන විට ප්‍රණීත ආහාර විශේෂයක් මෙන්ම ආහාර විලාසිතාවක් ලෙස ද සූෂි කෙටි ආහාර කලාවේ නවමු මානයන් සොයා යයි. දිගු ඉතිහාසයක් සහිත , ඇඹුල් රසය මූලික කර ගනිමින්  නව සූෂි වර්ග රැසක්  ලොව පුරා පිළියෙල කිරීමට දායක වෙයි. වර්තමානයේ ලුණු දැමූ මාළු, පැසවන ලද සහල් සහ විනාකිරි භාවිතා කරමින් සූෂි පිළියෙල කරනු ලැබේ.මාළු ලුණු දැමීම නිසා එහි විෂබීජ සහ ක්ෂුද්‍රජීවින්ගේ වර්ධනය අඩාල කරන අතර දිගු කාලයක් එහි නැවුම් බව ආරක්ෂා කරමින් කල් තබා ගැනීමට දායක වේ.

ලොව පුරා සූෂි වර්ග රැසක් ඇත. Nigiri, Sashimi,  Maki  යනු ඉන් ප්‍රධාන ත්‍රිත්වයකි. Nigiri යනු; පිසින ලද බත් මත මාළු පෙත්තක් තබා පිළියෙල කරනු ලබන සූෂි වර්ගයකි. Sashimi යනු; බත් නොමැති ව පිළියෙල කරන සූෂි වර්ගයකි.  Maki යනු; මුහුදු පැළෑටි වලින් සෑදූ රෝල් ආකාර සූෂි තුළ, බත් අන්තර්ගත කර සාදනු ලබන ආකාරයකි. Chirashizushi, Inarizushi, Sushi Rolls, California Rolls  යනු තවත් සූෂි ආකාර වලට උදාහරණ වෙයි. ජපානයේ Sushi Saito සහ Kyubey, නිව් යෝර්ක් හි Masa, කැනඩාවේ Miku, ලොස් ඇන්ජලීස් හි Sushi Zo යනාදිය ලොව සුපතළ සූෂි අවහන්හල් වලට උදාහරණ වෙයි.


උසස් වර්ගයේ ප්‍රෝටීන, ඔමේගා-3 මේද අම්ල සූෂි වල අඩංගු අතර අඩු කොලෙස්ටරෝල් ප්‍රමාණයක් හා ශක්ති ප්‍රමාණයක් සූෂී වල අඩංගු වන නිසා රුධිර පීඩනය අඩු කිරීම මඟින් හෘද රෝග ඇති කිරීමේ අවධානම අවම කිරීමේ හැකියාවක් මුහුදු ආහාර වලින් සැදුම්ලත් සූෂි වලට  ඇත.


සූෂි වල පෝෂණ සංයුතිය සූෂී වර්ගය එනම් නිගිරි(Nigiri), මාකි(Maki), සෂිමි(Sashimi) අනුව වෙනස් වෙයි. මුහුදු ආහාර හා ධාන්‍ය වලින් සාදන ලද සූෂි වල වැඩි කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක්, අඩු සත්ත්ව ප්‍රෝටීන ප්‍රමාණයක් හා හිතකර මේද අම්ල අඩංගු වෙයි. සූෂි සැදීම සඳහා භාවිතා කරන ඉඟුරු වැනි අමු ද්‍රව්‍ය ආහාර ජීරණය පහසු කරවීම, ඔක්කාරය සමනය කිරීම ආදියට ද උපකාරී වේ. Maki Sushi වල අඩංගු මුහුදු පැළෑටි  වල ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් සහ ඉහළ විටමින් ප්‍රමාණයක් අඩංගු වේ. අහිතකර මේද අම්ල හා හිස් කැලරි (Empty calories) නොමැති නිසා සූෂි බර පාලනයට සහය වන ආහාරයකි.


සූෂි වල හිතකර පැතිකඩක් මෙන්ම යම් තරමක  අහිතකර පැතිකඩක් ද පවතියි. ඇතැම් ජීව විද්‍යාත්මක හා රසායනික විද්‍යාත්මක උවදුරු කාරක (biological and chemical hazards) වල අහිතකර බලපෑමක් මාළු වල ගුණාත්මකභාවයට හේතු විය හැකිය .සූෂි සැදීමට භාවිතා කරන සමහර මාළු වල, විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට අහිතකර වන අයුරින් රසදිය ඉහළ මට්ටමක පවතියි. සූෂි වල  අඩංගු අමු මාළු වල Anisakis වැනි පරපෝෂිතයින් සහ බැක්ටීරියා අන්තර්ගත විය හැකිය. එමෙන්ම සූෂි වල මාළු, කබළු මත්‍යසයින් (Shellfish) සහ සෝයා වැනි ආසාත්මිකතාකාරක(Allergens) අන්තර්ගත වේ. ආසාත්මිකතා සහිත පුද්ගලයින් ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුය. අමු මාළු, අවිධිමත් ලෙස සැකසීමෙන් හා ගබඩා කිරීම මඟින් ආහාර දූෂණයට හා විෂ වීමට මඟ පාදයි.


ආහාර තාක්ෂණවේදීන්ගේ ආයතනය(IFT) පවසන්නේ වර්තමාන ආහාර ප්‍රවණතා, වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා පිලිබිඹු කරන අතර සූෂී වැනි සෞඛ්‍ය සම්පන්න, තිරසාර ආහාරයක් ඒ සඳහා කදිම ආහාර විකල්පයක් බවයි.

බත් සහ ව්‍යංජන වැනි සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරු අතරට සුවිශේෂි හැඩයක් එකතු කරන්නට සූෂි වලට හැකියාවක් ලැබී ඇත. ජාත්‍යන්තර රසයන් හා සෞඛ්‍ය සම්පන්න විකල්ප ආහාර වර්ග අත්හදා බැලීමට කැමති ශ්‍රී ලාංකීය පුද්ගලයන් අතර සූෂි ප්‍රචලිත ආහාරයකි. ශ්‍රී ලාංකීය වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිත හා ධීවර සම්ප්‍රදාය සමඟ සූෂි ආහාර රටාව මනාව ගැළපෙයි. ටූනා මසුන් සහ ඉස්සන් සමඟ පොල්, අඹ වැනි නිවර්තන කලාපයට ආවේණික ආහාර යොදා සාදන සූෂි වර්ග  ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත ආකාර වේ.


විශේෂයෙන් ලොව පුරා ජාත්‍යන්තර සූෂි දිනය වෙනුවෙන් සැමරුම් ක්‍රියාකාරකම් රාශියක් ඇත. ජපානය තුල බොහෝ පුද්ගලයන් සූෂි අවන්හල් තුළ එය සමරන අතර ඔවුන්ගේ ප්‍රියතම සූෂි රෝල් වර්ග වල රස විඳිමට ඔවුන් එය අවස්ථාවක් කර ගනියි. ඇතැම් මිනිසුන් විවිධ අමුද්‍රව්‍ය සහ ශිල්පීය ක්‍රම අත්හදා බැලීමෙන් නිවසේදී සූෂි සෑදීමට ද තවත් සමහරක් සූෂි සම්බන්ධ ඡායාරූප, වට්ටෝරු සහ අත්දැකීම් සමාජ මාධ්‍යවල හුවමාරු කර ගැනීම වැනි ක්‍රියාකාරකම් සූෂි දිනය තුළ සුලබ වෙයි. කෙසේ වුවද, 

ජපානයට පමණක් සීමා නොවී, දේශ සීමා අභිබවා යමින් සංස්කෘතිය හුවමාරු වන සුවිශේෂී දිනයක් ලෙස ජාත්‍යන්තර සූෂී දිනය සැමරෙයි.

Sushi day-2024 

Step into the world of Sushi: where art meets cuisine in the form of delicate and delectable rolls. 

‘Sushi’ is a popular Japanese dish made from raw fish, seasoned rice, egg/vegetables. Sushi has been in Japanese cuisine since the Edo period (1603-1868) and was introduced globally in the mid-20th century. This is originated from the idea that fresh fish could be preserved using rice mixed with vinegar. In Japanese, ‘sushi’ means ‘sour rice’. Even though it is famous in Japan, origin of sushi is somehow questionable, as sushi shows many roots of origin. Mainly sushi shows Chinese roots in the stories written 2 millennia ago, in which they refer to a fermented food made from salt and fish. It seems that Japanese had adapted these characteristics and made a meal preserved with rice and other grains that undergo lactic acid fermentation. Some studies say that it was evolved in South-east Asian paddy fields and spread to other cultural regions of Asia over 2000 years ago. Even though it is uncertain about the origin, it was introduced in the world by Japanese cuisine. 

In 2009, Chris Demay founded the International Sushi Day to raise awareness about the truths and fictions surrounding it. To honour this iconic dish, ‘Sushi Day’ is celebrated on 18th of June internationally but, in Japan it is celebrated on 1st of November. 

Despite its current image as fashionable and palatable snack food, sushi is shown to have a much longer history as a fermented food with pungent and sour taste. In the evolving world, sushi has transformed from its preserved origins to modern derivatives such as grain-based fermented products and industrialized snacks featuring vinegared rice and fresh ingredients. The fish is highly salted to inhibit the formation of germs and microbes to prolong its freshness and rice was fermented to preserve the raw fish. 

There are many types of sushi in the world. The three main types are Nigiri, Sashimi and Maki. Nigiri is a slice of fish placed over a small bit of rice. Sashimi is a slice of fish served without rice and Maki bite sized rolls have seaweed on the outside and rice on inside. Others are Chirashizushi, Inarizushi, Sushi rolls, California rolls and so on. 

Sushi Saito(Japan), Masa (New York), Kyu ̅bey (Japan) Sushi Zo (Los Angeles), Miku(Canada) are some of the famous restaurants where we can get those different types of sushi all over the world. 

A study on the nutritional profile of sushi reveals that globally, sushi is considered a healthy meal due to its low levels of fat and cholesterol, providing less energy. Sushi is also rich in high-quality protein and serves as an excellent source of omega-3 fatty acids, obtained from its seafood ingredients. It also helps reduce the risk of heart diseases by lowering blood pressure. 

The nutritional composition of sushi varies significantly among its different types. Sushi typically features a higher proportion of seafood to plant ingredients with more carbohydrates and fewer animal proteins and healthy fats. Sushi also aids in digestion, and alleviate nausea, especially due to ingredients like ginger. Seaweed, prevalent in Maki sushi offers antioxidants and vitamins. Overall, sushi provides a satisfying meal option that supports weight management without excessive unhealthy fats or empty calories. 

Although there are many benefits of sushi, there are some adverse effects too. Possible hazards concerning fish safety and quality are biological and chemical hazards. Some fish used in sushi contain high levels of mercury which is harmful especially for pregnant women. Raw fish in sushi can harbour parasites like Anisakis and bacteria. Sushi also contain allergens such as fish, shellfish, and soy. People with allergies need to be cautious about it. Improper handling and storage of raw fish can lead to contamination and food poisoning. 

Institute of Food Technologists (IFT) states that current trends indicate growing consumer interests in healthier and more sustainable food options like sushi. This shift is driven by increased awareness of nutrition and environmental impact, influencing how sushi is produced and consumed. 

While traditional Sri Lankan cuisine such as ‘rice and curry’ dominates local menus, sushi has carved out a niche among those seeking international flavours and healthy dining options. Influenced by Sri Lanka's coastal geography and fishing traditions, sushi here often features local seafood varieties like tuna and prawns, infused with tropical ingredients such as coconut and mango to create unique, fusion rolls. This culinary exchange not only enhances Sri Lanka's gastronomic diversity but also reflects a broader cultural exchange that celebrates culinary innovation and appreciation across borders. 

There are many celebrations on International Sushi day all over the world especially in Japan. Many people celebrate this day at sushi restaurants while enjoying their favourite sushi rolls. Some people make sushi at home by experimenting with various ingredients and techniques. Others will be sharing photos, recipes and experiences related to sushi on social media. 

"Embrace the artistry and flavour of sushi on this International Sushi Day, celebrating a culinary tradition that delights palates and nourishes health worldwide." 

References: 

1. Institute of Food Technology(online) available from https://www.ift.org/search#q=sushi&sort=relevancy (accessed on 15/06/2024) 

2. History of sushi(online) available from https://muse.jhu.edu/pub/44/article/880773/summary (accessed on 15/06/2024) 

3. Nutritional profile of sushi (online) available from https://jifro.areeo.ac.ir/article_122924_0.html (accessed on 15/06/2024) 

4. Feng, C.H.I., 2012. The tale of sushi: history and regulations. Comprehensive Reviews in Food Science and Food Safety, 11(2), pp.205-220. 

5. Lehel, J., Yaucat-Guendi, R., Darnay, L., Palotás, P. and Laczay, P., 2021. Possible food safety hazards of ready-to-eat raw fish containing product (sushi, sashimi). Critical reviews in food science and nutrition, 61(5), pp.867-888

Article 05- ලෝක ආහාර ආරක්ෂිතතා දිනය - 2024 "World Food Safety Day - 2024"

ලෝක ආහාර ආරක්ෂිතතා දිනය (world food safety day) සැමරීම සෑම වසරක ම ජුනි 7 වන  දින ලොව පුරා රටවල් බොහෝ ප්‍රමාණයක සහභාගිත්වයෙන් සිදුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2018 වර්ෂයේ දී මෙම ගෝලීය දැනුවත් කිරීමේ දිනය දියත් කළේ, ලොව පුරා මිනිසුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පවත්වා ගැනීමේ දී ආහාර ආරක්ෂිතතාවයේ ඇති වැදගත්කම ඉස්මතු කිරීම වෙනුවෙනි. ආහාර ආරක්ෂිතතාව සම්බන්ධ ඕනෑම සිදුවීමක් කෙතරම් සුළු හෝ බරපතල වුව ද ඒ සඳහා සූදානම් වීමේ වැදගත්කම මෙවර තේමාවෙන් අවධාරණය කෙරේ.

ආහාර ආරක්ෂිතතාව (food safety) යනු; ආහාර පරිභෝජනයෙන් පසු මිනිසුන්ට කිසිදු හානියක්, අපහසුතාවයක් හෝ රෝගාබාධයක් ඇති නොවන බව සහතික කිරීමේ ක්‍රියාවලිය ලෙස සරලව අර්ථ දැක්විය හැක. බොහෝ හේතු නිසා ආහාර අනාරක්ෂිත විය හැකිය. ආහාර සැපයුම් දාමයට හඳුන්වා දිය හැකි, ආහාර කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රධාන උවදුරුකාරක (Hazards) වන්නේ ජීව විද්‍යාත්මක, රසායනික, භෞතික සහ අසාත්මිකතා ය. බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් සහ දිලීර වැනි ක්ෂුද්‍රජීවීන් ශරීරගත වූ විට මිනිසුන් රෝගාතුර විය හැකි නම්, එම ක්ෂුද්‍ර ජීවීන් ආහාරවල ජීව විද්‍යාත්මක උවදුරුකාරක ලෙස හැඳින්වේ. රසායනික උවදුරුකාරක යනු;  කෙනෙකුගේ සෞඛ්‍යයට හානිකර විය හැකි ද්‍රව්‍ය වන අතර එයට පළිබෝධනාශක, විෂ, දූෂක සහ ආහාර ආකලන ද්‍රව්‍ය (food additives) ඇතුළත් වේ. භෞතික උවදුරුකාරක අතරට වීදුරු, ලෝහ හෝ ප්ලාස්ටික් වැනි බාහිර ද්‍රව්‍ය ඇතුළත් වන අතර ඒවා පරිභෝජනය කිරීමෙන් හානි සිදු විය හැකිය. අසාත්මිකතා යනු; සංවේදී පුද්ගලයින් තුළ අසාත්මික ජෛව ප්‍රතික්‍රියා ඇති කළ හැකි කිරි, බිත්තර, මුහුදු ආහාර, රටකජු සහ කිරි ඇතුළු සමහරක්  ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය වේ.

අනාරක්ෂිත ආහාර මිනිස් සෞඛ්‍යයට සහ ආර්ථිකයට විශාල ලෙස බලපෑම් සිදු කරයි. ඇස්තමේන්තු කර ඇති පරිදි ආහාර මගින් බෝවන රෝග මිලියන 600ක් වාර්ෂිකව වාර්තා වේ. කාන්තාවන්, ළමයින් සහ යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් බොහෝ අවස්ථාවල දී මෙලෙස පීඩාවට පත් වේ. සෑම වසරක ම ලොව පුරා පුද්ගලයන් 420,000ක් පමණ අපවිත්‍ර ආහාර පරිභෝජනය හේතුවෙන් මිය යන අතර, මෙයින් 40% (ආසන්න වශයෙන් 125,000 ) ක් වයස අවුරුදු 5 ට අඩු දරුවන්‍ ය. 


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය ආහාර ආරක්ෂිතතාව සහතික කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

ආහාර ආරක්ෂිතතා ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා, FAO හි ආහාර ආරක්ෂිතතා සහ තත්ත්ව ඒකකය ජාතීන් සමඟ ඔවුන්ගේ නියාමන හැකියාවන් වර්ධනය කිරීමට, වෙළඳ පහසුකම් ප්‍රවර්ධනය කිරීමට, විද්‍යාත්මක උපදෙස් ලබා දීමට, අවදානම් මත පදනම් වූ කළමනාකරණය දිරිමත් කිරීමට, තොරතුරු හුවමාරු කර ගැනීමට මෙන්ම නවීන තාක්ෂණයන් පිළිබඳ තක්සේරු කිරීමට ද කටයුතු කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ක්‍රියාකාරකම්වල මූලික අරමුණු වන්නේ මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සහ තීරණාත්මක ක්ෂේත්‍ර ගණනාවක ආහාර ආරක්ෂිතතාව සහතික කිරීමයි. අනාගතයේ ඇති විය හැකි උපද්‍රව අවම කිරීම සඳහා, ආහාර අපවිත්‍ර වීම සහ රෝගාබාධ වැළැක්වීම සඳහා ආරක්ෂිත ආහාර හැසිරවීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම, උපද්‍රව අවම කිරීම සඳහා ආහාරවල රසායනික හා ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක අවදානම් තක්සේරු කිරීම, නියාමන හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ජාතික ආහාර පාලන පද්ධති ශක්තිමත් කිරීම සහ ආහාර මගින් බෝවන රෝගවල ව්‍යාප්තියේ ගෝලීය වපසරිය තක්සේරු කිරීම මෙයට ඇතුළත් වේ. 


මෙවර ලෝක ආහාර ආරක්ෂිතතා දිනයේ දී අපි මහජන සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ආහාර ආරක්ෂිතතා පද්ධති ශක්තිමත් කිරීමට සහ සෑම ආහාර වේලක්ම උපද්‍රවයකින් තොර හුදෙක් පෝෂණ මූලාශ්‍රයක් ම පමණක් වන පරිදි ආරක්ෂිත ආහාර පිළිවෙත් පිළිබඳ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එක්වෙමු.

The world joins together to commemorate World Food Safety Day on the 7th of June each year. The United Nations launched this global awareness day in 2018 to highlight the significance of food safety in maintaining people's health and well-being around the globe. The theme for this year emphasizes the significance of being prepared for any incident involving food safety, regardless of how minor or serious it may be.

Food safety is simply defined as the process of ensuring that food doesn’t cause any injury, discomfort, or illness to human beings after consumption. Food can be unsafe due to many causes. Major food safety hazards that can be introduced to the food supply chain are biological, chemical, physical, and allergens. Organisms that can make people ill when consumed, such as bacteria, viruses, parasites, and fungi, are known as biological risks in food. Chemical hazards are substances that can be harmful to one's health and include pesticides, poisons, pollutants, and additives in food. Physical hazards include foreign items such as glass, metal, or plastic that can contaminate food and cause harm if consumed. Allergens are matter present in common foods including milk, eggs, shellfish, peanuts, and milk that can cause allergic reactions in sensitive people. (Some food-related institutes do not consider allergens as a distinct group. Rather, they incorporate allergic hazards into the chemical category.)

Unsafe food poses a hazard to human health and economies, with an estimated 600 million cases of foodborne diseases reported yearly. Vulnerable and marginalized groups, including women, children, and those affected by war, are severely affected. An estimated 420,000 people worldwide pass away each year as a result of consuming tainted food, with children under the age of five accounting for 40% of foodborne disease deaths annually( or 125,000 deaths).

 

Food and Agriculture Organization (FAO) of the United Nations and the World Health Organization (WHO) play major roles in ensuring global food safety.

To improve food safety standards and safeguard public health, the Food Safety and Quality Unit of FAO works with nations to develop their regulatory capacities, promote trade facilitation, offer scientific advice, encourage risk-based management, facilitate information sharing, and assess new technologies. The primary goals of WHO's activities are to safeguard public health and ensure food safety in several crucial areas. Reducing potential hazards involves promoting safe food handling practices to prevent contamination and illness, assessing chemical and microbiological risks in food to mitigate them, strengthening national food control systems to enhance regulatory capacities, and estimating the global burden of foodborne diseases to create new strategies for mitigating them.

On this World Food Safety Day, let us come together to take a stand for public health, strengthen food safety systems, and promote a global culture of safe food practices so that every meal is served as a source of nourishment rather than harm.

 

 Food safety and quality | Food and Agriculture Organization of the United Nations. (n.d.).  https://www.fao.org/food-safety/en/

Food Safety Hazards. (2012, May 30).  https://web.uri.edu/foodsafety/food-safety-hazards/

https://www.cdc.gov/salmonella/typhimurium/salmonellaOutbreak_timeline.pdf

Types of Hazards | Food Safety Authority of Ireland. (n.d.). Food Safety Authority of Ireland. https://www.fsai.ie/business-advice/running-a-food-business/food-safety-management-system-(haccp)/types-of-hazards

World Food Safety Day 2024. (n.d.). https://www.who.int/campaigns/world-food-safety-day/2024

Article 04- ලෝක කිරි දිනය - 2024 "World Milk Day - 2024"

ලෝක කිරි දිනය - 2024

ලෝකය පෝෂණය කිරීමෙහි ලා ගුණාත්මක පෝෂණයක් සපයනු ලබන , කිරි නිෂ්පාදන වල වැදගත්කම සැමරීම වසරේ තේමාව කරගනිමින් 2024 මේ වසරේ දීත් ලෝක කිරි දිනය සමරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය(Food and Agriculture Organization of the United Nation) විසින් 2001 වසරේ පටන් ලෝක කිරි දිනය ලෙස ජුනි 01 ප්‍රකාශයට පත් කරන ලදී. ගෝලීය ආහාරයක් වශයෙන් කිරි වල වැදගත්කම සහ කිරි කර්මාන්තය සැමරීම අරමුණු කර ගනිමින් ස්ථාපිත කෙරුණු එම දිනය අද වන විට 24 වන වරටත් ලොව පුරා රටවල් 40ක් පමණ සමරනු ලබයි.

කිරි යනු මිනිසා ඇතුලු අලුත උපන් සියලු ක්ෂීරපායින් සඳහා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වල මූලික ප්‍රභවය යි; පහසුවෙන් සපයා ගත හැකි , සුලබ, පෝෂ්‍ය පදාර්ථ බහුල ලොව පුරා සමබර ආහාර වේලෙහි අත්‍යාවශ්‍ය කොටසකි. දියරමය නැවුම් කිරි, කිරි පිටි, චීස්, බටර්, යෝගට්, මී කිරි ආදි කිරි ආශ්‍රිත නිෂ්පාදන එම කාර්යයභාරය ඉටු කරයි.


ගව, එළු, බැටලු ආදි ක්ෂීරපායි කිරි , මානව කිරි අවශ්‍යතාවය සැපිරීමෙහිලා ප්‍රමුඛත්වයක් ගනී. එළකිරි ඉන් ප්‍රධාන තැනක් ගනී. එළකිරි වලින් 87.5% ක් පමණ ප්‍රමාණයක් ජලය ද, 3.3%  ප්‍රෝටින ද, 4.6% ලැක්ටෝස් ද, 3.7% මේදය ද, 0.1% පමණ කැල්සියම් ද අන්තර්ගත වෙයි. කිරි වල සංයුතිය සත්ව විශේෂය, වර්ගය, කිරි ලබා දෙන කාලය, කිරි වල තත්වය හා දේශගුණය වැනි සාධක මත රඳා පවතියි. කැල්සියම්, පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ද වැඩි ප්‍රමාණ වලින් විටමින් B , D ද අඩු ප්‍රමාණ වලින් විටමින් A, K ද අඩංගු වේ .ඒ අනුව කිරි හා කිරි නිෂ්පාදන වල ප්‍රෝටින , මේද හා කාබෝහයිඩ්‍රේට සමතුලිත ප්‍රමාණ වලින් පවතියි.

සියලුම වයස් කාණ්ඩ වලට උචිත බොහෝ පෝෂ්‍ය පදාර්ථ සහිත ස්වභාවික පානයක් වීම, වර්ධනයට හා ශක්තිය ලබා ගැනීමට උපකාර වන ඉහල කැල්සියම් මට්ටමක් තිබීම, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් වන ලයිසින් වල ප්‍රභවයක් වීම, ආහාරයේ විටමින් අවශ්‍යතාව සැපිරිම ආදිය කිරි වල පෝෂණිය වාසි වෙයි.

International Milk Genomics Consortium විසින් කරන ලද අධ්‍යනයකින් හෙලි වූයේ ලොව පුරා තරුණ වැඩිහිටි ප්‍රජාව වයස්ගත වැඩිහිටියන්ට වඩා අඩුවෙන් කිරි පරිභෝජනය කරන බවය. ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වලින් මිදිමේ අරමුණින් වයස්ගත වැඩිහිටියන් කිරි වැඩිපුර පරිභෝජනයට නැඹුරු බව පෙනී යයි. එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනය(NIH) විසින් වැඩිහිටියන් සඳහා නිර්දේශිත මට්ටමට වඩා ගෝලිය කැල්සියම් පරිභෝජනය බෙහෙවින් අඩු බව පෙන්වා දෙයි.NIH මඟින් දිනකට කැල්සියම් 1000 -1300mg නිර්දේශ කල ද ගෝලිය සාමාන්‍ය පරිභෝජනය දිනනට 629 mg වෙයි. ධනවත් රටවල පුද්ගලයෙක් සාමාන්‍යයෙන් දිනකට 170 ml පමණ ( අවුන්ස 5.8) කිරි ආහාර වේලට එකතු කර ගන්නා අතර අඩු ආදායම්ලාභී රටක එය 80ml ( අවුන්ස 2.4) පමණ වෙයි.

සෞඛ්‍යයට කිරිවල සෘණාත්මක බලපෑම් පිළිබඳ මිථ්‍යාවක් තිබේ. මෙම මිථ්‍යා මත නිසා මෙම අධි පෝෂණිය ආහාරය අනවශ්‍ය ලෙස සීමා කරන්නේ නම් එය අනුවණ තීරණයකි. බොහෝ පිරිස් කිරි තරබාරු බවට හේතුවක් සේ සලකා බර අඩු කර ගැනීමට උත්සාහ කිරීමේදී කිරි පානයෙන් වැළකී සිටිති. කිරි නිෂ්පාදන වල ස්වභාවිකවම මේදය අඩංගු මුත් නව ප්‍රවණතා ලෙස වෙළඳපොළට පැමිණ ඇති අඩු මේද හෝ මේද රහිත  කිරි නිෂ්පාදන ඊට විසඳුමක් ලෙස භාවිතා කළ හැකිය.

 කිරි හා කිරි නිෂ්පාදන ආහාර වේලෙන් ඉවත් කළ හොත් ප්‍රමාණවත් කැල්සියම් ප්‍රමාණයක් සිරුරට ලැබීම මඟ හැරී යනු ඇත. විශේෂයෙන් වයස 50 ඉක්මවු කාන්තාවන් හා ඉහළ කැල්සියම් අවශ්‍යතාවක් සහිත වැඩිහිටියන් සඳහා කිරි පානය වැදගත් වෙයි . වයස 25ට පෙර නිතර කිරි පානය කිරිම මැදිවියේ හා වැඩිහිටි කාන්තාවන්ගේ උකුල් අස්ථි ස්කන්ධයට හිතකර ලෙස බලපායි. ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව දිනකට කිරි නිෂ්පාදන එකකට වඩා නිතිපතා අනුභව කරන පුද්ගලයින්ට (විශේෂයෙන් කිරි) මහා අන්ත්‍රයේ පිලිකා ඇතිවීමේ අවදානම අඩුවෙයි. තව ද කිරි නිෂ්පාදන භාවිතය දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීම ද පාලනය කරයි. 

Nestlé, Lactalis, Danone, Fonterra, Frieslandcampina, Dairy Farmers of America, Arla Foods, Yili Group, Saputo, Mengniu Dairy  ආදී ලෝ සුපතල කිරි සන්නාම යටතේ ලොව පුරා කිරි නිෂ්පාදන වෙළඳපොළට යැවේ. Anchor, Highland, Ratthi, Lakspray , Ambewela, Kotmale, CIC, Richlife, Chello, Pelwatta, Maliban ආදී කිරි සන්නාම යටතේ ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොළට නිකුත් වෙයි.

✨World Milk Day 2024✨


In 2001, World Milk Day was established as the 1st of June by the Food and Agriculture Organization of the United Nations to recognize the importance of milk as a global food and to celebrate the dairy sector. The World Milk Day is celebrated for 24 years by more than 40 countries around the world.


This year’s theme will focus on celebrating the vital role dairy plays in delivering quality nutrition to nourish the world.

 

Each year since, the benefits of milk and dairy products have been actively promoted around the world which includes how dairy supports the livelihood of one billion people. Dairy is an accessible, affordable and nutrient dense food which has become an essential part of a balanced diet across the world.

 

Milk is the main source of essential nutrients for all the newborn mammals including humans. People consume milk in various forms such as liquid fresh milk, milk powder, cheese, butter, yoghurt and curd. 

 

Cow’s milk, goat milk and sheep’s milk play a major role in fulfilling the humans’ basic requirement of milk. Among these, cow’s milk seems to be the most favorable choice. Cow’s milk approximately consists of 87.5% of water, 3.3% of protein, 4.6% of lactose, 3.7% of fat and 0.1% of calcium. Milk production and its composition depend on various factors such as breed, genetic variation within breed, health, environment, management practices and diet. Milk contains calcium and phosphorus in the same ratio(1:1). Cow’s milk is a good source of vitamins and minerals that contains more B, D vitamins and less A and K vitamins. Furthermore, milk contains macronutrients like carbohydrate, protein and lipids in balanced amounts. 

 

Moreover, it can be considered as a natural drink suitable for everyone including young, old and ill people because of its liquid form and easily digestible nature. It has a high level of calcium which helps in the maintenance and development of human bones and also milk is considered to be the major source of casein protein.

 

A study by the International Milk Genomics Consortium (IMGC) found that, around the world, younger adults drink less milk than older adults. This trend suggests that older adults are responding to the advice about combating osteoporosis or that there is a shift in habits between generations. The report also shows that the global average calcium consumption is far below the level recommended for adults by the U.S. National Institutes of Health (NIH). The NIH recommends 1000 - 1300 mg of calcium daily, while the global average consumption was 629 mg per day.

 

Additionally, there is also a strong correlation between milk consumption and national per capita income. Wealthier countries have much more milk in their diets than the low income countries, drinking about 5.8 ounces of milk per day on average. Another factor to consider in milk consumption is the prevalence of lactose intolerance in each country. 

 

There are many myths about the negative impacts of milk on health. Changing the amount of milk you drink because of these myths may result in unnecessary restriction of this highly nutritious food. Some people often restrict dairy foods when they try to lose weight believing them to be fattening. Even though dairy products naturally contain fat, there are many low fat products available. Dairy food like milk, yoghurt and cheese are not a threat to good health if they are part of a well balanced nutritious diet.

 

If milk and milk products are removed from the diet ,it can lead to an inadequate intake of calcium, especially for women over 50 and elders with high calcium needs. This can cause calcium deficiencies and it can lead to some conditions like osteoporosis.

 

Researchers have found that low - fat dairy products in general are protective against developing type 2 diabetes.

 

Nestle, Danone, Fonterra, FrieslandCampina, Dairy farmers of America, Arla foods, Yili group, Saputo, Mengniu Dairy are top dairy producers in the world sending their dairy productions to the local and international market.

Similarly there are a number of leading dairy product brands in Sri Lanka such as Anchor, Ratthi, Lakspray, Ambewela, Kotmale, CIC, Richlife, Chello, Pelwatta and Maliban. 

 

References

 

1.Sentient Food(2024) World Famous Milk Brands (online ) available from https://sentientmedia.org/dairy-companies/ (accessed on 29/05/2024)

 

2.International Milk Genomics Consortium(2024)Milk Consumption around the world (online) available from https://www.milkgenomics.org/?splash=milk-consumption-around-the-world (accessed on 29/05/2024)

 

3.Department of Government Information(2024) Content of Cow Milk (online ) available from https://WWW.dgi.gov.lk/component/content/article/97-features/1337-fresh-cow-s-milk-with-taste-and-quality  (accessed on 30/05/2024)

 

4.Harvard   Lucey, J.A., 2015. Raw milk consumption: risks and benefits. Nutrition Today, 50(4), pp.189-193

 

5.MLA Lucey, John A. "Raw milk consumption: risks and benefits." Nutrition Today 50.4 (2015): 189-193.

 

6.Factors Affecting the Composition of Milk from Dairy Cows

https://www.ncbi.nlm.nih.gov/books/NBK218193

Article 03සිරිපා වන්දනාකරුවන් සමග කරලියට ආ Listeriosis"Listeriosis that Came to Public with Adam's Peak Pilgrims

"

සිරිපා වන්දනාකරුවන් සමග කරලියට ආ Listeriosis

ලිස්ටීරියෝසිස් (Listeriosis ) යනු 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴  බැක්ටීරියාව මගින් ඇති කරන ආහාර මගින් බෝවන ආසාදන තත්ත්වයකි. 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴 ග්‍රෑම් පොසිටිව් (gram-positive) බැක්ටීරියාවක් වන අතර එය පස, ජලය, දිරාපත් වන වෘක්ෂලතා සහ සත්ත්ව අසූචි වැනි ස්ථාන වල දක්නට ලැබේ. එයට ශීතකරණ වැනි අඩු උෂ්ණත්ව වලදී ද නොනැසී පැවතීමට මෙන්ම ගුණනය වීමට ද හැකියාව පවතී. එමෙන්ම ආහාර ගබඩා කර තිබෙන අතරතුර ඔවුන්ට රෝගය ඇති කිරීමේ මට්ටමක් දක්වා ගුණනය විය හැක.

Listeriosis රෝගී තත්ත්වය ඇති වන්නේ 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴  බැක්ටීරියාවෙන් දූෂිත වූ ආහාර ගැනීමෙනි. එළවලු සහ පලතුරු, පැස්චරීකරණය නොකළ කිරි සහ පැස්චරීකරණය නොකළ කිරි වලින් සාදන ලද නිෂ්පාදන, මෘදු චීස්, නොපිසින ලද මස්, පිසීමෙන් තොරව ඍජුවම ආහාරයට ගත හැකි මස් ආශ්‍රිත නිෂ්පාදන, ප්‍රමාණවත් ලෙස නොපිසින ලද මස් සහ ශීත කළ දුම් ගසන ලද මාළු (smoked fish) 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴 මගින් දූෂණය විය හැක.

Listeria රෝග කාරකය ආහාර මාර්ගය හරහා ඇතුළු වී පසුව රුධිර ප්‍රවාහය හරහා මොළය, අක්මාව සහ ප්ලීහාව වැනි අනෙකුත් අවයව වලට ද පැතිරීම සිදු වේ. ඉන්පසු ඔවුන්ගේ ගුණනය වීම සිදු වන අතර ලිස්ටීරියෝලයිසින් (listeriolysin) නම් ධූලකය (toxin) ද නිකුත් කරනු ලබයි.

Listeriosis රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, බෙල්ලේ තද ගතිය, උදරයේ කැක්කුම, පාචනය, වමනය, ඔක්කාරය, ව්‍යාකූලතාවය, සමබරතාවය නැතිවීම සහ වලිප්පුව හඳුනා ගත හැක. සාමාන්‍යයෙන් Listeria රෝග කාරකයෙන් දූෂිත වූ ආහාර අනුභව කිරීමෙන් පසු සති දෙකක් ඇතුළත රෝග ලක්ෂණ මතු වීම සිදු වේ.

Listeriosis හි ආක්‍රමණශීලී නොවන සහ ආක්‍රමණශීලී ආකාරය ලෙස ප්‍රධාන ආකාර දෙකක් ඇත. ආක්‍රමණශීලී නොවන ස්වරූපය දරුණු බවින් අඩු වේ. ආක්‍රමණශීලී ස්වරූපය වඩාත් දරුණු වන අතර එයට ලේ විෂ වීම (septicemia) සහ මොළේ උණ (meningitis) වැනි රෝගී තත්ත්ව ඇති කිරීමට හැකියාව ඇත.

නිරෝගී සාමාන්‍ය පුද්ගලයින්ට Listeriosis රෝගයෙන් අඩු බලපෑමක් ඇති නමුත් එය ගර්භනී කාන්තාවන්, අලුත උපන් දරුවන්, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට මාරාන්තික විය හැක. Listeriosis රෝගී තත්ත්වය හේතුවෙන් ගර්භනී කාන්තාවන්ට ගබ්සා, මළ දරු උපත් සහ නොමේරූ දරු උපත් සිදු විය හැක.

𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴 පවතී දැයි හඳුනා ගැනීමට ආසාධිත පුද්ගලයින්ගේ ලේ, වමනය, මස්තිෂ්ක සුෂුම්නා තරලය (cerebrospinal fluid), මළ මූත්‍රා සාම්පල, සැක සහිත ආහාර සහ සත්ත්ව ආහාර සාම්පල පරීක්ෂා කිරීම සිදු කළ හැකිය.

Listeriosis රෝගය සඳහා ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක ඖෂධ සුලබව භාවිතා කරයි.

Listeriosis  වැළැක්වීම සඳහා යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහ යහපත් සනීපාරක්ෂක පිළිවෙත් (GHP) අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. එයට,

-ආහාරයට ගැනීමට පෙර එළවලු සහ පලතුරු හොඳින් සේදීම.

-උණු කර නිවා ගත් ජලය පානය කිරීම.

-පැස්චරීකරණය නොකළ කිරි සහ පැස්චරීකරණය නොකළ  කිරි වලින් සාදන ලද ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීම.

-නොපිසින ලද ආහාර පරිහරණය කිරීමෙන් පසු අත්, පිහි සහ කැපුම් පුවරු (cutting boards) හොඳින් සේදීම.

-නොපිසින ලද මස් සහ මාළු හොඳින් පිසීම.

-ශීත කළ කෑමට සූදානම් (ready-to-eat) ආහාර කාමර උෂ්ණත්වයේ දී ශීතහරණය කිරීමෙන් වැළැකීම.

-ආහාර පිළියෙළ කිරීමට පෙර අත් සේදීම.

-ශීතකරණය පිරිසිදුව තබා ගැනීම.

-ආහාර 60°C හෝ 60°C ට වැඩි හෝ 5°C හෝ 5°C ට අඩු උෂ්ණත්වයක තබා ගැනීම.

-ගබඩා කළ ආහාර ආවරණය කර තැබීම.

-නොපිසින ලද මස් පිසූ ආහාර වලින් වෙන්ව ගබඩා කර තැබීම.

වැනි ක්‍රියාමර්ගයන් ඇතුළත් වේ.

ඊට අමතරව පරිභෝජනයට පෙර ආහාර කල් ඉකුත් වීමේ දිනය පරික්ෂා කිරීම, පාරිභෝගිකයින් සහ සිල්ලර වෙළෙන්ඳන් දැනුවත් කිරීම, ආහාර හසුරුවන්නන් (food handlers)  පුහුණු කිරීම සහ ආහාර ආරක්ෂිතතා පද්ධති (food saftey system) ශක්තිමත් කිරීම ද Listeriosis රෝගයෙන් වැළකී සිටීම සඳහා වැදගත් වේ.

මෙතෙක් ලොව විශාලත ම ලිස්ටීරියා ව්‍යාප්තිය වාර්තා වී ඇත්තේ 2017 සිට 2018 දක්වා දකුණු අප්‍රිකාවේ, 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴 මගින් දූෂිත වූ පොලනි (polony) නම් කෑමට සූදානම් කළ (ready-to-eat), සැකසූ මස් නිෂ්පාදනය හේතුවෙනි. එහි දී වාර්තාගත වී ඇති රෝගීන් සංඛ්‍යාව 1,060 ක් වන අතර මරණ සංඛ්‍යාව 216 කි.

වර්තමානයේ දී ශ්‍රී ලාංකික ජනතාව තුළ Listeriosis රෝගී තත්ත්වය පැතිර යාමේ ඉහළ  අවදානමක් නොමැති වුව ද මෙම රෝගය සම්බන්ධව දැනුවත් වීම සහ ඉහතින් සඳහන් කරන ලද GMP, GHP සහ අනෙකුත් ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීම, මේ දිනවල දුර ගමන් යෑමේ දී හැකි සෑම විට ම නිවසින් ආහාර රැගෙන යෑම, පිටතින් ආහාර ලබා ගැනීමේ දී විශ්වාසදායී ස්ථානවලින් පමණක් ලබා ගැනීම සහ අවදානමට ලක් විය හැකි පුද්ගලයින් (vulnerable groups) අවදානම් ආහාර ගැනීමෙන් වැළැකීම වැනි ක්‍රියමාර්ගයන් මගින් එම තත්ත්වයෙන් අත් මිදීමට හැකි බව නම් නොඅනුමාන ය.

Listeriosis that Came to Public with Adam's Peak Pilgrims

Listeriosis is a foodborne infection caused by 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴. 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴 is a Gram-positive bacteria, found in soil, water, decaying vegetation and animal faeces. It can also survive and multiply in low temperatures, including refrigerators. During the storage of food, they can multiply into dangerous levels which can cause the disease.

People become infected with listeriosis by eating food contaminated with 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴. Raw vegetables and fruits, raw milk (unpasteurized) and food made from raw milk, soft cheese, raw meat, ready-to-eat and processed meat, improperly cooked meat and refrigerated smoked fish can be contaminated with this bacteria.

Listeria pathogen enters into the body through the digestive tract and then enters into the bloodstream followed by spreading into the other organs like brain, liver and spleen. Then they multiply releasing a toxin called listeriolysin.

Symptoms of listeriosis are fever, headache, stiff neck, abdominal cramps, diarrhea, vomiting, nausea, confusion, loss of balance and fit. Usually symptoms appear within two weeks after eating food contaminated with Listeria.

There are two main types of listeriosis and they are non-invasive and invasive forms. Non-invasive form is mild and invasive form is more severe and it can cause septicemia and meningitis.

Healthy normal people are rarely severely affected by listeriosis but it can be fatal in vulnerable people like pregnant women, newborns, adults aged 65 or older and people with a weakened immune system. Listeriosis can cause miscarriage, stillbirth and premature birth in pregnant women.

Samples can be taken from blood, vomit, cerebrospinal fluid and faeces from infected people, suspected food and animal feed to test for identifying the presence of 𝘓𝘪𝘴𝘵𝘦𝘳𝘪𝘢 𝘮𝘰𝘯𝘰𝘤𝘺𝘵𝘰𝘨𝘦𝘯𝘦𝘴.

Antibiotics are commonly used to treat listeriosis.

Good manufacturing practices(GMP) and Good Hygienic Practices(GHP) are very important to prevent listeriosis. They are,

-Thoroughly washing raw vegetables and fruits before consumption.

-Drinking water after boiling.

-Avoiding the consumption of raw milk and foods made with raw milk.

-Washing hands, knives and cutting boards after handling raw foods.

-Thoroughly cooking of raw meat and fish.

-Avoiding the thawing of ready-to-eat frozen food in room temperature.

-Washing hands before preparing food.

-Keeping the refrigerator cleaned.

-Keeping the food at a temperature of 60°C or above 60°C or 5°C or below 5°C.

-Keeping stored food covered.

-Storing raw meat separately from cooked foods.

In addition to that, checking the expiry date of food products before consumption, raising awareness among consumers and retailers, training food handlers and strengthening food safety systems are also important to prevent listeriosis.

So far the world's largest listeria outbreak has been recorded in South Africa from 2017 to 2018 due to the contaminated ready-to-eat, processed meat product called "polony". There were a total of 1,060 cases with 216 deaths reported.

Although at present there is no considerable high risk of spreading listeriosis in Sri Lanka, it is better to be aware and follow  proper manufacturing and hygienic practices and other preventive actions mentioned above, and to take food from home whenever possible when travelling long distances nowadays, only to get food from trusted places when eating out and to avoid the consumption of high risk food by vulnerable groups to  prevent the spreading of listeriosis.

References

• Listeria - Listeriosis (online), available at https://www.cdc.gov/listeria/symptoms.html , accessed on 19.03.2023

• Listeria (online), available at, https://www.food.gov.uk/safety-hygiene/listeria , accessed on 19.03.2023

• Listeria and food - Advice for people at risk (online), available at https://www.foodstandards.gov.au/.../listeriabrochuretext... , accessed on 19.03.2023

• Listeriosis (online), available at https://www.who.int/news-room/fact-sheets/detail/listeriosis , accessed on 19.03.2023

• Listeriosis (online), available at https://my.clevelandclinic.org/.../dise.../17721-listeriosis , accessed on 19.03.2023

https://www.afro.who.int/.../who-congratulates-south...

Article Written by - Nipuni Jesika

Article Designed by - Asaja Sunilrathna

All reactions:

49

You, Shyamali Sandeepani, Nirmalee Devika and 46 others



Article 02- එළඹෙන ආහාර අර්බුදය හමුවේ පෝෂණ ඌණතා දුරලමු- 2 කොටස, ගෘහස්ථ මට්ටමේ විසඳුම් "Combating Malnutrition in the face of current Food-Crisis" 

✨එළඹෙන ආහාර අර්බුදය හමුවේ පෝෂණ ඌනතා දුරලමු ✨

දෙවන කොටස : රටක්  වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 🇱🇰


👉ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අතර, එය 1948 නිදහස ලැබීමෙන් පසු මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය ලෙස වාර්තා වී ඇත. මෙම අර්බුදය අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමට හේතු වී ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් ආහාර, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟයකටද මුහුණ දී සිටිති. විශේෂයෙන්ම, ආහාර මිල ඉහළ යෑම සහ ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟය මේ දිනවල බොහෝ කතාබහට ලක්වන මාතෘකා බවට පත්ව තිබේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි දැඩි ලෙස බලපා ඇත. 

👉2022 ජූනි මාසයේදී, ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 57.4% ක ඉහළ අගයකින් වාර්තා වූ අතර, මෙය ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම සදහා මහජනයාට ඇති අවස්ථාවට බාධාවක් වී ඇත. ලෝක ආහාර වැඩසටහන (WFP) මඟින් 2022 ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද නවතම තත්ත්ව වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සෑම නිවාස 10කින් 3ක් (එනම් මිලියන 6.26ක ජනතාවක්) ආහාර අනාරක්ෂිත භාවයට (food insecurity) මුහුණපා සිටින අතර, ඉන් 65,600ක් දැඩි ආහාර අනාරක්ෂිත (severe food insecurity) භාවයට මුහුණ දී සිටිති. පවතින ආහාර හිඟය සහ ආහාර සඳහා ඉහළ මිලක් වැය කිරීමට සිදුවීම හමුවේ, බොහෝ දෙනා පෝෂණ ගුණයෙන් අඩු ආහාර අනුභව කිරීමට යොමු වී ඇති අතර, පරිභෝජනය කරන ආහාර ප්‍රමාණයද අවම කර ඇත. තවද, අඩු ආදායම්ලාභී පවුල් එළවළු, පලතුරු සහ ප්‍රෝටීන් බහුල නිෂ්පාදන වැනි පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමේ දැඩි අසීරුතාවයකට මුහුණපා සිටිති.

👉මෙම ආහාර අර්බුදය ශ්‍රී ලංකාවේ ළමා ජනගහනයටද දැඩි ලෙස බලපා ඇත. යුනිසෙෆ් (UNICEF) සංවිධානය මගින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇත. දැනට පවතින තත්ත්වය අනුව, මෙරට දරුවන් කුරු වීමේ, ක්ෂය වීම (Wasting) හෝ ක්ෂුද්‍රපෝෂක ඌනතාවයන්ට මුහුණපෑමේ සම්භාවිතාව ඉහළ යාමේ හැකියාවක් ඇති අතර, මෙමඟින් රටේ දිගුකාලීන ආර්ථික ඵලදායිතාවයටද බලපෑම් එල්ල විය හැක. මේ හේතුවෙන්, රට තුළ මන්දපෝෂිත ප්‍රතිශතය තවදුරටත් ඉහළ යාම වැළැක්වීම පිණිස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධාන කිහිපයක අනුග්‍රහය ඇතිව පියවර රැසක් ගෙන ඇත. ඒවායින් කිහිපයක් නම්;

💡 වයස අවුරුදු පහට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහ ගැබිණි හා කිරිදෙන මව්වරුන්ට, විටමින් සහ ඛනිජ ලවණවලින් අනූන “ත්‍රිපෝෂ” ලබාදීමේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීම. මෙම වැඩසටහන ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ආරම්භ කර ඇත.

💡 මාතෘ පෝෂණය දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය කරන ප්‍රධාන සාධකයන්ගෙන් එකකි. එබැවින්, ගර්භණී සමයේදී ලබා ගන්නා ආහාර වේලෙහි වැදගත්කම පෙන්වාදීම පිණිස, WFP විසින් ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන් සඳහා වවුචර්පත් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. එමඟින් ඔවුන්ට ප්‍රමාණවත්, පෝෂ්‍යදායී ආහාර ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

💡 යුනිසෙෆ් 2022 වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ මාස 6 සිට 59 දක්වා ළමුන් 430,650 කට බහුවිධ ක්ෂුද්‍රපෝෂක  අන්තර්ගත පවුඩර් (Multiple micronutrient powder) ලබා දීම ඉලක්ක කොටගෙන ඇත. තවද, පෙර පාසල් දරුවන් 100,000කට පාසල් පෝෂණ වැඩසටහන් හරහා ආහාර වේල් ලබාදීමටද ඔවුන් කටයුතු කරනු ඇත. ආහාර වේලෙහි යකඩ පෝෂකය අඩංගු කරන ලද සහල් සහ ඇට වර්ග (iron-fortified rice and pulses) ඇතුළත් කිරීම ඔවුන්ගේ අරමුණයි.

👉පසුගිය දශක දෙකක කාලය තුළ, අප්‍රිකානු රටවල් කිහිපයක් මන්දපෝෂණ මට්ටම තිරසාර ලෙස අඩු කිරීමෙහිලා කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. එම රටවල් විසින් ඵලදායි ව්‍යාපෘති රැසක් ආරම්භ කරන ලද අතර, වත්මන් ආහාර අර්බුදය විසඳීමෙහිලා ශ්‍රී ලංකාවටද ඒ අතුරින් තෝරාගත්  වැදගත් උපායමාර්ග අනුගමනය කළ හැකිය. එවැනි උපායමාර්ග කිහිපයක් නම්;

💡 මව්කිරි දීම දිරිමත් කිරීම: මව්කිරි දීමේ ප්‍රතිලාභ, මව්කිරි දීමේ හොඳම පිළිවෙත් සහ, ළදරුවන් සඳහා පෝෂ්‍යදායී අනුපූරක ආහාර (complementary food) පිළියෙළ කරන ආකාරය පිළිබඳ උපදෙස් මව්වරුන්ට ලබා දීම.

💡 Biofortification හරහා ආහාර බෝගවල ක්ෂුද්‍රපෝෂක අන්තර්ගතය ඉහළ නැංවීම: උදාහරණ ලෙස, විටමින් A වලින් පොහොසත් කෙසෙල්, මඤ්ඤොක්කා, බඩ ඉරිඟු සහ බතල; යකඩ වලින් පොහොසත් බෝංචි සහ මෙනේරි; සින්ක් වලින් පොහොසත් සහල් සහ තිරිඟු; සහ යකඩ සහ සින්ක් යන දෙකින්ම පොහොසත් කව්පි, පරිප්පු සහ බඩ ඉරිඟු ගෙනහැර දැක්විය හැක. මෙලෙස ක්ෂුද්‍රපෝෂක බහුල ආහාර නිතිපතා පරිභෝජනය කිරීම, ක්ෂුද්‍ර පෝෂක ඌනතාවය (hidden hunger) සමස්තයක් වශයෙන් අඩු කිරීමට දායක වේ.

💡 ප්‍රජා උද්‍යාන (community gardens) පිහිටුවීම: 2013 දී බුර්කිනා ෆාසෝ හි ප්‍රජා උද්‍යාන ස්ථාපිත කරන ලද අතර, කුඩා දරුවන් සිටින කාන්තාවන්ට ඒවායේ වැඩ කිරීමට අවශ්‍ය බීජ සහ මෙවලම් ලබාදෙන ලදී. තවද, ඔවුන්ව නිසි කෘෂිකාර්මික හා පෝෂණ පිළිවෙත් සම්බන්ධවද දැනුවත් කරන ලදී. දත්තවලට අනුව, වසර දෙකක කාලයක් තුළ, මෙම වැඩසටහන හේතුවෙන් කාන්තාවන්ගේ කුකුළු මස් වැනි මස් වර්ග (poultry), බිත්තර සහ පලතුරු පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර, එමඟින් ඔවුන් අතර පැවති අඩුබර තත්ත්වයද පාලනය වී ඇත. තවද, ඔවුන්ගේ දරුවන් අතර රක්තහීනතාවය, ක්ෂය වීම (wasting) සහ පාචනය පැතිරීමේ ප්‍රවණතාවයද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වී ඇත. 

💡 ඝානාවේ බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කුඩා කුකුළු ව්‍යාපාර දියුණු කිරීමට මෙන්ම, ගෙවතු වගාවට යොමු වීම දිරිගැන්වීම පිණිස ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

💡 අප්‍රිකාව විසින් "Accelerating Nutrition Improvements" (ANI) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙහි අරමුණ වී ඇත්තේ, පෝෂණ තත්ත්ව අධීක්ෂණ කටයුතු (nutritional surveillance)  ශක්තිමත් කිරීමත්, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට ප්‍රතිලාභ ලබා දීම පිණිස කෙරෙන වැඩකටයුතු වැඩිදියුණු කිරීමත්ය. මෙම ව්‍යාපෘතිය මඟින්, ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම පිණිස, දිස්ත්‍රික් හා පලාත් මට්‌ටමින් ඊට අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. 

👉 එපමණක් නොව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල පවතින අධික මිල සහ හිඟය හේතුවෙන්, ඇතැම් විකල්ප ආහාර ද්‍රව්‍ය කෙරෙහි ද ජනතාවගේ අවධානය යොමු කිරීම වැදගත් වේ.

💡 අස්වැන්නෙහි අතිරික්තයක් පවතින්නේ නම්, ඒවා පරිරක්ෂණය කිරීම හා ඒවා භාවිතයෙන් විකල්ප ආහාර වර්ග නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව, ගොවීන් සහ ආහාර නිෂ්පාදකයින් විසින් බුද්ධිමත්ව තීරණය කළ යුතුය. ස්ඵටිකීකරණය කරන ලද පලතුරු හා පලතුරු ලෙලි (Crystallized fruits and fruit peels), විජලනය කරන ලද පලතුරු සහ එළවළු, එසේ නිෂ්පාදනය කල හැකි විකල්ප ආහාර වර්ග කිහිපයක් වේ. සාම්ප්‍රදායික ආහාර පුරුදු වලටම යොමුවී සිටිනවාට වඩා, මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ, විකල්ප ආහාර වර්ග පරිභෝජනය කිරීමේ  අභියෝගයද භාර ගැනීමට අපට සිදුවනු ඇත. මෙමගින්, ආහාර නාස්තිය අවම කරගත හැක. කෙසේ වෙතත්, මෙම නිෂ්පාදන සියලු පාරිභෝගික කණ්ඩායම්වලට පහසුවෙන්, දැරිය හැකි මුදලකට මිලදීගත හැකි බවට සහතික කිරීම වැදගත් වේ.

💡 තිරිඟු පිටි ශ්‍රී ලාංකිකයන් බහුලවම පරිභෝජනය කරන පිටි වර්ගයයි. අද වන විට, වෙළෙදපොලේ තිරිඟු පිටි මිල අහස උසට ඉහළ ගොස් ඇත. තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනවලද මිල අධික වීම හේතුවෙන්, පාරිභෝගික ජනයා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණපා සිටිති. එමනිසා, තිරිඟු පිටි වෙනුවට, වඩාත් පෝෂ්‍යදායී, විකල්ප පිටි වර්ගයක් කරා යොමුවීම වැදගත්ය. පොල් පිටි මේ සඳහා හොඳ විසඳුමක් වන අතර, එය තිරිඟු පිටි සඳහා වඩා රසවත්, සෞඛ්‍ය සම්පන්න, ඉහළ තන්තු සහිත, ග්ලූටන් රහිත විකල්පයකි. පොල් මදයෙන් කිරි නිස්සාරණය කිරීමෙන් පසු, ඉතිරි වන පොල් කුඩු භාවිතයෙන් පොල් පිටි නිෂ්පාදනය කෙරේ. සාමාන්‍යයෙන්, මෙලෙස ඉතිරි වන පොල් කුඩු ඉවත දමන නමුත්, ඒවා පොල් පිටි නිෂ්පාදනය කිරීම පිණිස ඵලදායී ලෙස භාවිතා කළ හැක. ගෘහස්ථ මට්ටමින් ද පොල් පිටි සෑදිය හැකි අතර, රජය මඟින් පොල් පිටි නිෂ්පාදනය හා පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගත හැක.

 👉එබැවින් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ගැටලු අවම කරගැනීම පිණිස, ශ්‍රී ලංකාවට අනුගමනය කළ හැකි උපායමාර්ග කිහිපයක් පවතී. ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවයකි. එමනිසා, මෙවන් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුල වුවද, ජනතාවට දැරිය හැකි මිලකට, ප්‍රමාණවත් සහ පෝෂණ ගුණයෙන් අනූන ආහාර ලබාගැනීම සඳහා අවකාශය තිබිය යුතුය. රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු වස් කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ අදාළ සංවිධානවල වගකීම වේ. මෙම දැවැන්ත ව්‍යායාමයට වගකිවයුතු ශ්‍රී ලාංකිකයන් ලෙස අපද අපගේ උපරිම සහයෝගය ලබාදිය යුතුව තිබේ.


✨Combating Malnutrition in the face of current food crisis✨

Part 02 : What could be done as a country ? 🇱🇰

👉 Sri Lanka is currently facing an economic crisis, which has been recorded as the country’s worst economic crisis since its independence in 1948. The crisis has led to an increase in the price of basic commodities, while millions of people are facing shortages of food, fuel, gas, and medicine. Especially, the rising food prices and short supply of certain essential food items have become much-debated topics these days. This situation has severely affected the food security in Sri Lanka.

👉 In June 2022, food inflation was recorded at an alarmingly high value of 57.4%, and this has hindered people’s ability to access sufficient and nutritious food. The latest Situation Report published by the World Food Program (WFP) in July 2022 highlights that 3 in 10 Sri Lankan households (6.26 million people) are food insecure, out of which 65,600 are severely food insecure. To overcome the issues with availability and affordability of food, the majority of the households have started to eat less nutritious food, and have also reduced the amount of food they eat. Nutritious food like vegetables, fruits, and protein-rich products are now out of reach for many low-income families. 

👉 This food crisis has highly affected the child population in Sri Lanka as well. According to the latest UNICEF reports, Sri Lanka is among the top ten countries with the highest number of malnourished children. The probability of children becoming stunted, wasted, or micronutrient-deficient will increase, which will affect the long-term economic productivity of the country as well. Thus, Sri Lanka has taken some strategic steps to prevent further increases in the rates of malnutrition in the country, in collaboration with some international organizations. They are;

💡 Supporting the resumption of the “Thriposha” nutrition program, which provides food fortified with vitamins and minerals to malnourished children under five, and pregnant and lactating mothers. This program is initiated by the WFP. 

💡 Maternal nutrition is the key that determines the health status of a child. As per highlighting the importance of the diet during pregnancy, the WFP has initiated a program to distribute vouchers to pregnant mothers in Sri Lanka, which enables them to purchase a sufficient amount of nutritious food. 

💡 The UNICEF 2022 program targets to provide multiple micronutrient powders to 430,650 children, aged 6 to 59 months in Sri Lanka, while reaching 100,000 preschool children through school feeding programs. Iron-fortified rice and pulses are to be included in the meals.

👉 In the last two decades, several African countries have shown remarkable progress in sustainably reducing the level of malnutrition. Many fruitful projects were established by those countries, and important strategies from such successful interventions can be adopted by Sri Lanka as well to address the current food crisis. Some such strategies are;

💡 Encouraging breastfeeding: Providing mothers with information on the benefits of breastfeeding, best breastfeeding practices, and advice on how to prepare nutritious complementary food for their babies.

💡 Enriching the micronutrient content of the staple crops through biofortification: Examples include banana, cassava, maize, and sweet potato enriched with vitamin A; beans and millet rich in iron; rice and wheat rich in zinc; and cowpea, lentil, and sorghum rich in both iron and zinc. Regular consumption of these micronutrient-rich food contributes to the overall reduction of hidden hunger. 

💡 Establishing community gardens: In 2013, community gardens were established in Burkina Faso, and women with young children were provided with the necessary seeds and tools to work in them. They were empowered with knowledge about good agricultural and nutritional practices as well. In just two years, the program has increased the meat, poultry, and fruit intake of women, which has led to a reduced prevalence of underweight among them. The prevalence of anemia, wasting, and diarrhea among their children was reduced by significant percentages as well. 

💡 In Ghana, a project was established to develop small poultry businesses for egg production and to encourage home gardening. 

💡 A project on Accelerating Nutrition Improvements (ANI) in Africa has been implemented, to strengthen nutritional surveillance and scale-up activities that would benefit vulnerable groups. The project has highlighted the need for capacity building in districts, provinces, or regions, to be able to assess, analyze and use the information to upgrade the nutritional status of people.  

👉 Moreover, due to the high price and shortage of several essential food commodities, people have to focus on certain alternative food items as well.

💡 If a surplus of fresh produce is present at the end of a harvesting season, farmers and food manufacturers should wisely decide on how to preserve and manufacture alternatives from them. Crystallized fruits, fruit peels and dehydrated fruits and vegetables are good alternatives for fresh produce. Rather than sticking to traditional eating habits, we have to accept the challenge of enjoying alternate food options during this challenging period. This will reduce food wastage, which is vital at this time. However, it is important to ensure that these products are easily accessible and affordable for all consumer groups. 

💡 Wheat flour is the most common type of flour consumed by Sri Lankans. Today, the price of wheat flour in the market has skyrocketed, making wheat flour-based products highly unaffordable. Therefore, we have to consider going for a more nutritious, alternative flour type. Coconut flour is a good solution for this, and it is a delicious, healthy, high-fiber, gluten-free alternative to wheat flour. Coconut flour is produced from the leftover coconut solids, after milk is extracted from the coconut meat. These leftover coconut solids are usually discarded, but can be effectively utilized in the production of coconut flour. Coconut flour can be made at the household level as well, thus, the government can promote the production and consumption of coconut flour among consumers. 

👉 Therefore, there are several strategies that Sri Lanka could practice, in order to mitigate the issues that have arisen due to the ongoing economic crisis. Food is a basic human need. Thus, all people should have access to sufficient and safe food at an affordable price, even during this challenging time. It is the responsibility of the policymakers and relevant organizations to implement short-term and long-term plans on ensuring food security within the country. We, as responsible Sri Lankans, should also take part in this massive exercise. 


✒️ Article Written by: Asini Polwattage 

🖥️ Post designed by : Punsara Nirmal


📚 References

(2022). Humanitarian Action for Children. UNICEF Sri Lanka. 2022-HAC-Sri-Lanka.pdf (unicef.org)

Joseph, D. (2022, June 08). Alternative Food Choices During Crisis. Retrieved from Daily News. Alternative food choices during crisis | Daily News

(2017). NOURISHED: How Africa can Build a Future Free from Hunger and Malnutrition. Malabo Montpellier Panel. Nourished: How Africa Can Build a Future Free from Hunger and Malnutrition (mamopanel.org)

(6 July 2022). WFP Sri Lanka Situation Report. World Food Programme. WFP Sri Lanka: Situation Report 6 July 2022 - Sri Lanka | ReliefWeb

Article 01- එළඹෙන ආහාර අර්බුදය හමුවේ පෝෂණ ඌණතා දුරලමු -1 කොටස, ගෘහස්ථ මට්ටමේ විසඳුම් "Combating Malnutrition in the face of current Food-Crisis" 

ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පසුබෑමකට ලක්ව පවතින මෙවන් කාල වකවානුවක් තුළ පෝෂණ ගැටලු හැකිතාක් අවම කර ගනිමින් මන්දපෝෂිත අනාගත පරපුරක් බිහිවීම වලක්වා ගැනීම කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට යොමුව ඇත. එනමුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය‍යන් සඳහා පවතින ඉහළ මිල ගණන්, ආහාර ආනයනය සීමා වීම් නිසා වෙළඳපොලේ පවතින ආහාර හිඟය යනාදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය සහ මහජනයාගේ පෝෂණ තත්ත්වය කෙරෙහි විශාල අවදානමක් මතුව ඇත.


ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනූව මැයි මාසයේදී ආහාර මත උද්ධමනය 57.4% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සෑම භාණ්ඩයකම මිල ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී තිබුණි. එවන් තත්ත්වයක් හමුවේ, මෙරට පවුල් වලින් 86% ක් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම, ආහාර ගැනීම මඟ හැරීම, ගුණාත්මක බවින් අඩු ආහාර ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වී ඇති බවට එක්සත් ජාතින්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් නිකුත් කල සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇත. මෙම තත්ත්වය ළමා, වැඩිහිටි සහ ගර්භණී කාන්තාවන්ගේ පෝෂණය කෙරෙහි උග්‍ර ලෙස බලපෑම් එල්ල කර ඇත. 


මෙවන් පසුබිමක් තුලදී UNICEF ආයතනය විසින් පෙන්වා දෙනු ලැබුවේ, ළමා මන්දපෝෂණ මට්ටම අනූව ශ්‍රී ලංකාව ලෝකයේ හත්වන ස්ථානයට පැමිණ ඇති බවත්, කලාපයේ දෙවන ස්ථානයට පත්ව ඇති බවත් ය. ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකල පර්යේෂණයක් හමුවේ වැඩිදුරටත් අනාවරණය වූයේ, ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළන බවයි. එසේම ළමුන් රැසක් ක්ෂුද්‍ර පෝෂක ඌනතා වලින් පෙළෙන බවද එමඟින් හෙළි වී ඇත. 


මෙම නිසා උද්ගතව ඇති අර්බුදය හමුවේ මන්දපෝෂණ තත්වය පාලනය කර ගනිමින්, පෝෂණ ගැටලු ඇති වීම වලක්වා ගැනීම සඳහා විසඳුම් සෙවීම කාලීන අවශ්‍යතාවයකි. මේ සඳහා අපට ගෘහස්ථ මට්ටමෙන් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ.


1.    ආහාර නාස්තිය අවම කර ගනිමින් අරපිරිමැස්මෙන් ආහාර පරිභෝජනය කිරීම.


●    නිවසේ සිටින සාමාජිකයන්ට සරිලන ලෙස පමණක් ආහාර පිසීම සහ පිසූ ආහාර අතිරික්තයක් වේ නම් ඒවා නැවත පරිභෝජනය කල හැකි ලෙස සකස් කර ගැනීම


උදා:- ඉතිරි වූ බත් වියලා අග්ගලා පිළියෙල කිරීම

          ඉතිරි පිසූ බත් වලින් දිය බත් පිළියෙළ කිරීම  


●    ආහාර ගබඩා කිරීමේදි සිදුවන හානි හැකිතාක් අවම කර ගැනීම.

      

උදා:- ආහාර ශීතකරණයේ හෝ වෙනත් ස්ථානයක ගබඩා කිරීමේදී       'First-in,First-out method' භාවිතා කිරීම. මෙහිදී පළමුව මිලදී ගෙන ගබඩා කරන ආහාර පළමුව පරිභෝජනයට ගැනීම තුලින් ආහාර නරක් වී අපතේ යාම අඩු වේ.    


සහල්, කඩල, පරිප්පු ආදිය ගබඩා කර තබා ගැනීමේදී   කොහොඹ  කොල හෝ කුරුඳු කොල යෙදීම තුලින් ගුල්ලන්ගෙන් වන හානිය අවම කර ගත  හැකිය.

  

●    ආහාර පිළියෙල කිරීමේදී, ප්‍රයෝජනයට ගත හැකි නමුත් අප විසින් ඉවතලන සමහර ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් භාවය ලබා ගැනීම සහ ඒවා සුදුසු පරිදි ප්‍රයෝජනයට ගැනීම.


උදා:- වට්ටක්කා ඇට යනු වියලා බැද ගැනීමෙන් පරිභෝජනයට ගත හැකි පෝෂක වලින් සපිරි ආහාරයකි.


අප විසින් බොහෝවිට ඉවතලන ⁣පොල් වතුර යනු වැදගත් ඛනිජ ලවණ රැසකින් හෙබි පානයකි.


●සියලුම පෝෂක අන්තර්ගත වන පරිදි එක්  ආහාරයක් (one  pot  meal ) පිස ගැනීම 


උදා :- මිශ්‍ර බත් (mixed rice) පිළියෙල කිරීම 

මෙවැනි ආහාරයක් පිළියෙළ කිරීම මගින් කුඩා දරුවන් සාමාන්‍යයෙන් ප්‍රිය නොකරන එළවලු ආදිය පවා ආහාරයට ගැනීමට පෙළඹවිය හැක. 

තවද මෙමඟින් ව්‍යංජන කිහිපයක් පිසීම සඳහා වන ඉන්ධන ද ඉතිරි කර ගත හැකිය.


●    ආහාර පරිරක්ෂණ ක්‍රම මඟින් ආහාර කල් තබා ගැනීමට යොමු වීම.


උදා:- කොස්, දෙල් වේලා කල්තබා ගැනීම 

          එලවලු සහ පලතුරු විජලනය කිරීම


2.    “ප්‍රජා මුළුතැන්ගෙය” (community kitchen) යන සංකල්පය ප්‍රචලිත කිරීම. මෙහිදී නිවෙස් කීපයක වැසියන්ට එකට එක්වී සියළු දෙනාටම ප්‍රමාණවත් වන පරිදි වඩා පෝෂ්‍යදායි  ආහාර වේල් සැලසුම් කිරීමටත් පිළියෙළ කර ගැනීමටත් අවස්ථාව හිමිවේ. එසේ පිසින ලද ආහාර සියළු දෙනා එක්වී ආහාරයට ගනු ලබයි. මේ ක්‍රමය මඟින් ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින්ට පවා  පෝෂ්‍යදායි  ආහාර වේලක් හිමිවේ .


3.    විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීම

 

උදා:-  තිරිඟු පිටි වෙනුවට කුරක්කන් පිටි, මඤ්ඤොක්කා පිටි, කොස් ඇට පිටි වැනි ආදේශක භාවිතා කිරීම


මිල අධික කරදිය මසුන් මෙන්ම මිරිදිය මසුන්ද ඉතා හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් වේ.


4.    දැනට සුලබව භාවිතා නොවන එ⁣හෙත් පරිභෝජනය සුදුසු දේශීය ආහාර වර්ග කෙරෙහිද අවධානය යොමු කිරීම.


උදා:-  ඉන්නල, රාජ අල, දම් අල, කිරි අල, මඤ්ඤොක්කා වැනි අල වර්ග පරිභෝජනය කිරීම.


 කිරිහැන්ද, අගුණ කොළ, කෝවක්කා, මුරුංගා, මොණරකුඩුම්බිය වැනි පෝෂණ ගුණයෙන් සපිරි පලා වර්ග ආහාරයට එක් කර ගැනීම.


5.    ආහාර පිළියෙළ කිරීමේදී  ඉවත් කෙරෙන, රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගත හැකි එළවළු  කොටස් අපතේ නොයවා වගාව සඳහා යොදා ගැනීම. 


උදා:- කන්කුන් දඬු සිටුවීම 


මෙහිදී අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුණක් වන්නේ ආහාර වේලෙහි ප්‍රමාණවත්ව කැලරි තිබීම, ගුණාත්මක ප්‍රෝටීන ප්‍රභවයක් මෙන්ම විටමින්, ඛනිජ ලවණ, සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂක නිසි පරිදි අන්තර්ගත වීමයි. ඒ සඳහා වැඩිහිටියන් මනා දැනුවත් භාවයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ඉදිරියේදී මුහුණ දිමට සිදුවන ආහාර හිඟයට සාර්ථකව මුහුණ දෙමින් පෝෂණ ගැටලු හැකිතාක් අවම කර ගැනීම සඳහා ඉහත දක්වා ඇති පරිදි ගෘහස්ථ  මට්ටමෙන් පිළියම් යෙදීම අප විසින් සිදුකල යුතුය. මෙම ලිපියේ මීළඟ කොටසින් සමස්ත රටක් ලෙස උද්ගතව ඇති මෙම ආහාර අර්බුදයට සහ ඒ ආශ්‍රිත ගැටළු වලට අප  මුහුණදිය යුත්තේ කෙසේද යන්න සාකච්ඡා කරමු.


Food is a basic human need. As Sri Lanka is currently facing an economic crisis, minimizing nutritional problems and preventing the emergence of a malnourished future generation have gained much attention. However, high prices of essential commodities and food shortage in the market due to limitations on food imports have posed a great risk on food security and nutritional status of people living in Sri Lanka.

 

According to the Central Bank of Sri Lanka, the ongoing economic crisis has resulted in food inflation surging by 57.4% in May, with prices of all commodities rising at a higher rate. A recent survey released by the United Nations Office in Colombo revealed that 86% of Sri Lankan households have resorted to alternative actions such as reducing the amount of food they eat, skipping meals, and eating less nutritious food. This condition has a severe impact on the nutritional status of children, the elderly people and pregnant women.

 

In this context, UNICEF points out that Sri Lanka has become the 7th most malnourished country in the world, and the 2nd most malnourished in the region. A recent study conducted by the Medical Research Institute of Sri Lanka further revealed that most of the children in Sri Lanka are malnourished. It has also been revealed that many children suffer from micronutrient deficiencies as well.

 

Therefore, in the face of the rising crisis, it is an urgent need to find solutions to prevent the occurrence of nutritional deficiencies and to control malnutrition. Below given are some measures that we can initiate at the domestic level addressing this issue. 

 

1. Consuming food sparingly while minimizing food wastage.

 

● Cooking food more than that is required for the members of the household must be avoided. And, If there is an excess of cooked food, they can be re-consumed in many ways. 

                      Eg:- Preparation of ‘aggala’  by drying leftover cooked rice

*Preparation of ‘diya bath’ from leftover cooked rice 

 

● Minimizing damage to food during storage as much as possible.

           Eg:- Using 'First-in,First-out method' when storing food in the refrigerator or elsewhere. In this case, consuming the food that was first bought and stored, reduces the spoilage and wastage of food.

                  When storing rice, peas and lentils the damage from weevils can be reduced by applying margosa leaves or cinnamon leaves.

 

● In preparation of food, some food material which can be of use for another dish, are being discarded. It is important to make the proper use of such material. 

           Eg:- Dried Pumpkin seeds, after frying,  can be consumed as a nutritious food. 

                   Coconut water, which we often throw away, is a drink which contains many important minerals.

 

●  Adhering to the one pot meal concept, where, all the required ingredients are combined in a single pot for cooking. This meal still provides the same nutritional value as a normal meal that would take much longer time to cook and clean. As an example, preparing mixed rice can be given. This can also save fuel. 


● Focusing on food preservation through several food preservation techniques.

          Eg:- preservation of jackfruit and breadfruit by drying. 

                 Dehydration of vegetables and fruits.


    2. Popularizing the community kitchen concept. A community kitchen is a group of people who meet on a regular basis to plan, cook and share healthy affordable meals. This concept provides an opportunity to the low income families to receive nutritious meals as well. 


3. Alternative food items can be used to get a nutritious meal. 

           Ex: - In place of wheat flour, substitutes such as Kurakkan flour, manioc flour, jackfruit seed flour can also be used. 

                Freshwater fish can also be a good source of protein just as the marine fish which is quite expensive. 

 

4. Increasing the use of local food commodities that are not commonly used. 

       Ex: - Consumption of yams, like ‘innala’, ‘raja ala’, ‘dham-ala’, ‘kiri-ala’ and manioc as carbohydrate sources. 

                Adding nutritious green leaves such as ‘Kirihenda’ , ‘Anguna Kola’, ‘kowakka’, ‘Moringa’, ‘Monarakudumbiya’ to the diet.

 

5. Parts of vegetables that are discarded during cooking, but can be used as planting material,should be planted. 

Ex:- Water spinach cuttings can be grown.


The most important thing to focus on is that the diet consumed by you, has adequate calories and a good source of protein, as well as vitamins, minerals, and other essential nutrients. In order to reduce the nutritional problems and to successfully face the future food shortage, we should take the remedies at the domestic level as indicated above. 

The next part of this article will focus on how Sri Lanka as a country should deal with the prevailing food crisis and related issues. 

 

Article written by - Sakuni Dantanarayana


References: 


Press Release by the Government Medical Officers Association (GMOA). – 23.06.2022

https://sinhala.adaderana.lk?news.php?nid=169374


Anon.,n.d.[online] Available at 

https://www.medicalnewstoday.com/articles/327325#compost-scraps


Saunders, J. & Smith, T.(2010). Malnutrition : causes and consequences Clin Med (Lond). 2010 Dec; 10(6): 624–627.(online)

available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4951875/ 


Anon.,n.d.[online] Available at:  https://communitykitchens.org.au/what-is-a-community-kitchen/


#srilanka #foodcrisis #EconomicCrisisLK #FoodCrisisLK #malnutrition #sfst_uop #protectchildren