Article 06අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය, පෝෂණය පිරි කොලස්ට්‍රම් 

"Colostrum: The Super Food for the Newborns"


අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය, පෝෂණය පිරි කොලස්ට්‍රම්

කොලස්ට්‍රම් යනු දරු උපතකින් පසු පළමු දින කිහිපය තුළ මවගේ ක්ෂීර ග්‍රන්ථි මගින් නිපදවන විශේෂිත මව්කිරි ආකාරයකි. එය අලුත උපන් බිළිඳුන් සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිදේහ ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු ඝන, කහ පැහැති තරලයකි.

උපතින් පසු ළදරුවෙකුට ලැබෙන පළමු ආහාරය ලෙස කොලස්ට්‍රම්වල සෞඛ්‍යමය කාර්යභාරය අතිමහත් ය. කොලස්ට්‍රම් දරුවාගේ වර්ධනයට හා විකසනයට අවශ්‍ය වන ප්‍රෝටීන් (උදා: කේසීන්, ඇල්ෆා ලැක්ටැල්බියුමින්), කාබෝහයිඩ්‍රේට (ප්‍රධාන වශයෙන් ම ලැක්ටෝස්) සහ මේද වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් ද, විටමින් A, E, K, සහ විටමින් B12 වැනි විටමින්වලින් ද, Zn, Cu, Fe, Ca සහ Mg වැනි ඛනිජ ලවණවලින් ද පොහොසත් ප්‍රභවයකි.

කොලස්ට්‍රම්වල වැදගත් ම අංගයක් වන්නේ එහි අඩංගු ප්‍රතිදේහයි (උදා: IgG, IgM, IgA). ඉමියුනොග්ලොබියුලින් ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිදේහ මවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිපදවා මව්කිරි හරහා දරුවා වෙත සම්ප්‍රේෂණය කරයි. මෙම ප්‍රතිදේහ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ආසාදන හා රෝගවලින් දරුවා ආරක්ෂා කිරීමට උපකාරී වේ.

කොලස්ට්‍රම් වල අඩංගු වන තවත් එක් වැදගත් ද්‍රව්‍යයක් නම් ළදරුවාගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන වර්ධක සාධකයි (growth factors). මේවා දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියේ වර්ධනය හා විකසනය උත්තේජනය කිරීමට ද, දරුවාගේ පරිවෘත්තීය ක්‍රියාවලි නියාමනය කිරීමට ද බෙහෙවින් උපකාරී වේ.

පෝෂණ හා ප්‍රතිශක්තිකරණ ප්‍රතිලාභවලට අමතර ව කොලස්ට්‍රම් මඟින් දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට විරේචක බලපෑමක් ඇති කිරීම ද සිදු කරයි. කොලස්ට්‍රම් මගින් දරුවාට උපතින් පසු නිපදවන පළමු මළපහ වන මෙකෝනියම් පිට කිරීමට උපකාරී වේ. මෙකෝනියම් තුල අඩංගු වන්නේ කළල වර්ධනයේ දී දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියේ එකතු වී ඇති අපද්‍රව්‍යයි.

උපතින් පසු මුල් දින කිහිපයෙන් පසුව කොලස්ට්‍රම් ක්‍රමයෙන් පරිණත මව්කිරි බවට පරිවර්තනය වීම සිදු වේ. මෙම සංක්‍රාන්තිය සිදු වන්නේ මවගේ ශරීරය වැඩෙන ළදරුවාගේ අවශ්‍යතා අනුව හැඩගැසෙන විට ය. සාමාන්‍යයෙන් පරිණත මව්කිරිවලට වඩා කොලස්ට්‍රම්වල සැලකිය යුතු ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතයක් (කොලස්ට්‍රම්වල 7.5 g ප්‍රෝටීන්/100 ml මව්කිරි, සහ පරිණත මව්කිරිවල 0.8-0.9 g ප්‍රෝටීන්/100 ml මව්කිරි) සහ අඩු ලැක්ටෝස් ආන්තර්ගතයක් අඩංගු වේ. එමෙන් ම කොලස්ට්‍රම්වල අඩංගු Na, Cl සහ Mg ප්‍රමාණය ද පරිණත මව්කිරිවලට වඩා වැඩි අතර K සහ Ca ප්‍රමාණය සාපේක්ෂ ව අඩු ය.

කොලස්ට්‍රම් වටා මිථ්‍යාවන් සහ වැරදි මත කිහිපයක් තිබේ. ඒවායින් වඩාත් පොදු මතයක් වන්නේ ළදරුවෙකු පෝෂණය කිරීමට පෙර කොලස්ට්‍රම් ඉවත දැමිය යුතු හෝ "කිරි ඉවත් කළ යුතු" බවයි. නමුත් ඇත්ත වශයෙන්ම එය කළ යුත්තක් නොවේ. මන්ද කොලස්ට්‍රම් දරුවාගේ සෞඛ්‍යයට ඉතා වැදගත් සංඝටක රැසකින් පරිපූර්ණ වීමයි. ළදරුවාගේ කිරි උරා බීමේ ප්‍රත්‍යාවර්තය පරිණත කිරි නිෂ්පාදනය උත්තේජනය කිරීමට දායක වනවා සේ ම, කොලස්ට්‍රම් ලබා දීම මනා කිරි සැපයුමක් අඛණ්‌ඩ ව ඇති කිරීමට දායක වේ.

කොලස්ට්‍රම් සම්බන්ධ තවත් මිථ්‍යාවක් වන්නේ ළදරුවාගේ කුසගිනි නිවීමට එය ප්‍රමාණවත් නොවන බවයි. එහෙත් කොලස්ට්‍රම්වල පෝෂ්‍ය පදාර්ථ ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වීමත්, ළදරුවාගේ අමාශ ධාරිතාව කුඩා වීමත්, සහ අලුත උපන් බිළිඳුන්ව වැඩි වාර ගණනක් පෝෂණය කිරීමත් නිසා නිපදවෙන කොලස්ට්‍රම් පරිමාව බිළිඳුන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් වේ.

සමස්තයක් වශයෙන්, කොලස්ට්‍රම් යනු ළදරුවාගේ වර්ධනයට සහ විකසනයට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, සහ ආසාදන හා රෝගවලින් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, ප්‍රතිදේහ සහ අනෙකුත් ජෛව ක්‍රියාකාරී සංයෝග සැපයීම මගින් ළදරු සෞඛ්‍ය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ඉතා වැදගත් සංඝටකයකි. එබැවින් මිථ්‍යාවන් පසෙක තබා අලුත උපන් දරුවන් කොලස්ට්‍රම් වලින් පෝෂණය කිරීම ඉතා වැදගත් වේ.

Colostrum: The Super Food for the Newborns

Colostrum is a specialized form of breast milk that is produced by the mammary glands during the first few days after giving birth. It is a thick, yellowish fluid that contains a high concentration of nutrients and antibodies that are essential for newborn infants.

The role of colostrum in infant health is crucial because it is the first food of infants. Colostrum provides the baby with essential nutrients, such as protein (eg: casein, alpha-lactalbumin), carbohydrates (mainly lactose), and fats, that are necessary for growth and development. It is also rich in vitamins such as vitamin A, vitamin E, vitamin K and vitamin B12 and minerals such as, zinc, copper, iron, calcium, and magnesium.

One of the most important components of colostrum is the antibodies (e.g: IgG, IgM IgA, etc.) that it contains. These antibodies, also known as immunoglobulins, are produced by the mother's immune system and passed on to the baby through breast milk. These antibodies help to protect the baby against infections and diseases by strengthening the baby's immune system.

Colostrum also contains growth factors which help stimulate the growth and development of the baby's digestive system, and hormones which help regulate the baby's metabolism.

In addition to its nutritional and immunological benefits, colostrum also has a laxative effect on the baby's digestive system. This helps the baby to pass meconium, the first stool that is produced after birth, which contains waste products that have accumulated in the baby's digestive system during fetal development.

After the initial few days following birth, colostrum gradually transitions into mature breast milk. This transition occurs as the mother's body adjusts to the needs of the growing infant. Usually the protein content is markedly higher in colostrum than in mature milk (colostrum contains 7.5 g protein/100 ml milk, and mature milk contains 0.8-0.9 g protein/100 ml milk), and the lactose content is lower than in mature milk. Levels of sodium, chlorine and magnesium are also higher and levels of potassium and calcium are lower in colostrum than in mature milk.

There are several myths and misconceptions surrounding colostrum. One of the most common myths is that the colostrum should be discarded or "milked out" before feeding the baby.

But literally, colostrum should not be discarded. It is crucial for the baby's health and should be provided to the infant during breastfeeding. Like the baby's sucking reflex helps stimulate the production of mature milk, breastfeeding colostrum helps establish a good and steady milk supply.

Another myth related to colostrum is that it is not enough to satisfy the baby's hunger. But, since colostrum is highly concentrated with nutrients it is perfectly suited to meet the newborn's needs. The volume of colostrum produced is smaller than mature milk, but it is designed to provide adequate nourishment for the baby's tiny stomach in the early days. The frequent feeding and small stomach capacity of newborns ensure they receive the necessary nutrition.

Overall, colostrum plays a critical role in infant health by providing essential nutrients, antibodies, and other bioactive compounds that support the baby's growth and development, strengthen the immune system, and protect against infections and diseases. Therefore it is a must to feed the newborns with colostrum keeping the myths aside.

References:

Colostrum [online], available at https://my.clevelandclinic.org/health/body/22434-colostrum , accessed on 06.06.2023

Colostrum [Online], available at https://americanpregnancy.org/.../colostrum-is-superfood.../ , accessed on 06.06.2023

Human milk composition - nutrients and bioactive factors [online], available at https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3586783/ , accessed on 08.09.2023

Mineral content of colostrum and mature milk of lactating Nigerian women as influenced by stage of lactation [online], available at https://pubmed.ncbi.nlm.nih.gov/12280154/ , accessed on 08.06.2023

Article Written by - Aloka Premanath

Post Designed by - Sithumini Perera


Article 05-  කටු අකුලේ සිට රස ගුණ ගෙනෙන  කටු අනෝදා"Soursop; An Underrated Fruit from the Wild

"


කටු අකුලේ සිට රස ගුණ ගෙනෙන  කටු අනෝදා

කටු අනෝදා ( 𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿. ) යනු "Annonaceae" කුලයට අයත් පලතුරකි.

ඖෂධීය ගුණ රාශියකින් සමන්විත වුවත්, ශ්‍රී ලංකාව තුළ මෙය තවමත් ඌන පරිභෝජනයට ලක්ව ඇති පලතුරක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ අතරමැදි හා වියළි කලාපයන්හි කටු අනෝදා ව්‍යාප්තිය බහුලව දැකිය හැකිය.

කටු අනෝදා ඵලයෙහි ආහාරයට ගත හැකි කොටසින් 100 g ක් තුළ කාබෝහයිඩ්‍රේට 17 g ක්, ප්‍රෝටීන 1 g ක්, ලිපිඩ 0.7 g  ක්,තන්තු 6 g ක් අඩංගු වේ.

මෙය විටමින් C බහුලව අඩංගු පලතුරකි. මීට අමතරව පොටෑසියම්, පොස්පරස්, කැල්සියම්, සින්ක්, සෝඩියම් , මැග්නීසියම්, යකඩ වැනි ඛනිජ ලවණ වලින් ද අනූන  වේ.

කටු අනෝදා පිළිකා නාශක, බැක්ටීරියා සහ වෛරස් නාශක, දියවැඩියාව දුරලීමේ,

පාචනය සමනය කිරීමේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වීම වැළැක්වීමේ (antiulcer) හැකියා දරයි.

ශ්‍රී ලංකාවේ වෙළඳපොළෙහි කටු අනෝදා බහුලව දක්නට ලැබෙන්නේ නැවුම් පලතුරක් ලෙස වුවත්  ජෑම්, ජෙලි, පාන වර්ග සහ වයින් සෑදීමට ද මෙය භාවිතා කළ හැක.

එමෙන්ම වර්තමානය වන විට කටු අනෝදා හරිත තේ (Green tea), කටු අනෝදා පවුඩර් වැනි පත්‍ර ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම කටු අනෝදා තෙල් වැනි බීජ ආශ්‍රිත නිෂ්පාදන ද දැක ගත හැක.

කටු අනෝදා වගා කිරීම අවම වීමත්, මෙහි පෝෂණීය අගය පිළිබඳව පාරිභෝගිකයාගේ ඇති නොදැනුවත්භාවයත් මෙහි ඌන පරිභෝජනයට ප්‍රධාන වශයෙන් හේතු වේ.

ඉක්මනින් මෘදු වීම (softening)  සහ ඉදීම මඟින් විශාල පසු අස්වනු අපතේ යාමක් සිදු වීම ද කටු අනෝදා ඌන පරිභෝජනයට හේතු වේ.

වගාවට සුදුසු, වඩා හිතකර සහ වාසිදායක ලක්ෂණ සහිත ප්‍රභේද හදුන්වා දීමත්, කටු අනෝදා වගාව ප්‍රචලිත කිරීමත් තුළින් ඵලදාව ඉහළ නැංවිය හැකිය.

මීට අමතරව පෝෂණ අගය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් කිරීමත්, කටු අනෝදා භාවිතයෙන් නිපදවන අගය එක් කළ (value-added) නිෂ්පාදන (බේකරි නිෂ්පාදන සඳහා කටු අනෝදා puree, කටු අනෝදා රසැති ජෙලි ටොෆී) වෙළඳපොළට හදුන්වා දීමත් මඟින් කටු අනෝදා පරිභෝජනය ඉහළ නැංවිය හැකිවනු ඇත.

කටු අනෝදා භාවිතයෙන් නිපදවන සමහර නිෂ්පාදන අපනයන වෙළඳපොළ තුළ වඩා ප්‍රචලිත වුවත් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ බහුලව දක්නට නොලැබේ. නමුත් මෙහි පවතින ආවේණික රසය සහ පෝෂණ ගුණය හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ ද කටු අනෝදා නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ඉහළ විභවයක් ඇති බව නම් නොඅනුමානය.

Soursop; An Underrated Fruit from the Wild

Soursop ( 𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿.) is a tropical fruit from the Annonaceae family.

Though there are a lot of health benefits, soursop is still considered an underutilized fruit in Sri Lanka.

In Sri Lanka, soursop cultivars are mainly found in the intermediate and dry zones.

A 100g edible portion of soursop contains 17g carbohydrates, 1g protein, 0.7g fat, and 6g fibre.

This fruit is rich in Vitamin C. It is also a good source of potassium, phosphorus, calcium, zinc, sodium, magnesium and iron.

Soursop has several medicinal benefits including anticancer, antibacterial, antiviral, antidiabetic, antidiarrheal, and antiulcer properties.

Although soursop is mainly available as fresh fruit in the Sri Lankan market, it can be used to prepare jams, jellies, beverages, and wine as well.

Nowadays products from soursop leaves (Eg: soursop green tea, leaf powder, capsules) and seeds (Eg: soursop seed oil) are also available.

Lack of commercial cultivation and lack of awareness about the nutritional value are the main reasons that make soursop an underutilized fruit in the food industry.

Another reason for soursop being an underutilized fruit is its rapid softening and ripening which cause a huge post harvest loss.

The production of soursop can be increased by developing improved varieties with desirable traits and encouraging its cultivation.

The utilization of soursop can be increased by enhancing consumer awareness of the nutritional value and introducing value-added products (Eg: soursop puree for bakery products, soursop flavoured jelly candies) to the market.

Although some products are more popular in the export market, they are not commonly found in Sri Lankan market. But, because of the inherent flavour and nutritional quality, there is a high potential to popularize soursop and its products in the local market.

References:

• Optimization of Soursop (𝘈𝘯𝘯𝘰𝘯𝘢 𝘮𝘶𝘳𝘪𝘤𝘢𝘵𝘢 𝘓.) Puree Concentration

and Margarine on Quality of Muffins (online) available at:  https://pdfs.semanticscholar.org/.../90f092a183db09d06812... accessed on. 08.03.2023

• Comparative Physicochemical Properties and Antioxidant Activity of Dietary Soursop Milkshake (online) available at: https://doi.org/10.3390/beverages4020038 accessed on: 08.03.2023

• "Proximate composition and selected physicochemical properties of the seed, pulp and oil of sour sop(𝘈𝘯𝘯𝘰𝘯𝘢 𝘮𝘶𝘳𝘪𝘤𝘢𝘵𝘢 𝘓.)" (online) available  at:https://pubmed.ncbi.nlm.nih.gov/12049148/  accessed on 08.03.2023

•"Antioxidant Activity of Extracts of Soursop (𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿.) Leaves, Fruit Pulps, Peels, and Seeds" (online) available at: http://acikerisim.nku.edu.tr/xmlui/handle/20.500.11776/5492 accessed on: 08.03.2023

• "Nutritional, Organoleptic and Phytochemical Properties of Soursop (𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿.) Pulp and Juice after Postharvest Ripening" (online) available at: https://www.researchgate.net/.../349319369.../figures...  accessed on:08.03. 2023

• "Morphological, chemical and bioactive variation in selected Soursop" (online) available at: https://sljfa.sljol.info/.../sljfa.../galley/79/download/  accessed on: 08.03.2023

• "Pharmacological Activities of Soursop (𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿𝑖𝑛)" (Online) available at: https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8878098/

accessed on: 08.03.2023

• "The effect of malt, pectin, and gelatin concentrations on elasticity, color and sensory evaluation of soursop (𝐴𝑛𝑛𝑜𝑛𝑎 𝑚𝑢𝑟𝑖𝑐𝑎𝑡𝑎 𝐿.) jelly candy" (online) available  at: https://iopscience.iop.org/.../1757-899X/991/1/012013/meta accessed on:  08.03.2023

Article Written by - Prayomi Senarathna

Article Designed by - Aamir Shuhail


Article 04පෝෂණීය සහ ඖෂධීය ගුණ සපිරි කංකුං....

"The nutritious and medicinal leafy green...."


පෝෂණීය සහ ඖෂධීය ගුණ සපිරි කංකුං....


 කංකුං වල විද්‍යාත්මක නාමය 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎, වන අතර එහි ජන්ම භූමිය වනුයේ චීනයයි.


 කංකුං, චීනය, ඉන්දියාව, මැලේසියාව, අප්‍රිකාව, බ්‍රසීලය, බටහිර ඉන්දීය කොදෙව් සහ මධ්‍යම ඇමරිකාවේ ජනප්‍රිය එළවළුවකි.


 එනමුදු ශ්‍රී ලංකාව තුළ කංකුං ඌන පරිභෝජනයට ලක් වන ශාකයක් ලෙස සලකනු ලබයි. ඊට ප්‍රධාන හේතු සාධක ලෙස, මෙම ශාක, වාණිජමය බෝගයක් වශයෙන් මහා පරිමාණයෙන් වගා නොකිරීම, ස්වභාවිකව වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිනිසුන් විසින් වල් පැලෑටි හෝ ආක්‍රමණශීලී විශේෂ ලෙස සැලකීම, සහ එහි ඇති පෝෂණීය අගය සහ ඖෂධීය වටිනාකම පිළිබඳව ඇති නොදැනුවත් භාවය දැක්විය හැකිය.


 කංකුං ශාකයේ කඳේ, පත්‍රවල සහ මල් වල වර්ණය අනුව දම් සහ කොළ ලෙස වර්ග දෙකක් ඇත. ප්‍රශස්ත තත්ත්ව යටතේ 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎 හට මාස 9කදී හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 190,000 ක නැවුම් ජෛව ස්කන්ධයක් නිපදවිය හැක. උණුසුම් මාසවලදී එහි මල් හට ගන්නා අතර, සාමාන්‍යයෙන් ශාකයක් බීජ 175-245 ක් පමණ නිපදවීමට සමත් වේ.


 නැවුම් කංකුං වල 90.3% කට ආසන්න ප්‍රමාණයක් ජලය අඩංගු වේ. එමෙන්ම, ප්‍රෝ-විටමින් A, ප්‍රෝ-විටමින් C ෆෝලේට් (Folates), නියසින් (Niacin), පිරිඩොක්සින් (Pyridoxine), ඇතුළු තවත් විටමින් වර්ග වලින්ද කංකුං පොහොසත් වේ.


 එපමණක් නොව මෙහි පත්‍ර, බීටා කැරොටීන් (Beta Carotene), ලුටීන් (Lutein), සැන්තින් (Xanthine) සහ ක්‍රිප්ටොක්සැන්තින් (Cryptoxanthin) වැනි ෆීනෝලික ප්‍රතිඔක්සිකාරක බහුල මට්ටම් දරන අතර විවිධ ෆ්ලේවනොයිඩ් (Flavonoids) සහ ඇල්කලොයිඩ් (Alkaloids) වර්ග වලින්ද අනූනය.


 කංකුං අමු හෝ පිසූ පෝෂ්‍යදායී එළවළුවක් ලෙස භාවිතා වේ. මෙය විවිධ ආකාරයට පිසගත හැකි අතර, බැදීම, වාෂ්පයෙන් තැම්බීම, ජලය හෝ පොල් කිරි වලින් තැම්බීම, මද තෙලෙහි බැදීම හෝ ගම්මිරිස්, සුදුළූණු කලවම් කර මස්, මාළු හෝ ටෝෆු සමග සැකසීම ද සිදු කළ හැකිය.


 එමෙන්ම, කංකුං පත්‍ර වලින් ලබාගන්නා යුෂ භාවිතා කරමින් විවිධ පාන වර්ග සකසා ගැනීමද සිදු කළ හැකිය. මීට අමතරව, සුප්, ස්මූති, පෙස්ටෝ සහ චිප්ස් සකස් කිරීමට ද කංකුං යොදා ගනී.


 නැවුම්, ළපටි කංකුං රැගෙන, සෝදා, කපා, අව්වේ වියළා, පසුව වියලන ලද කොළ දුඹුරු පැහැ වන තුරු රත් කර සිහින් කුඩු බවට අඔරා ගැනීම සිදු කරනු ලබයි. මෙමගින් තේ වැනි පාන වර්ග ද සැකසිය හැක.


 කංකුං වල ඖෂධීය ගුණ බහුලව දැකිය හැකි අතර එබැවින්, ශාකයේ පත්‍ර, මල් සහ ඇතැම්විට සම්පූර්ණ ශාකයම ද දියවැඩියාව, වටපණු ආසාධන, උණ, අක්මාව සහ ඇස් ආශ්‍රිත රෝග ආදියට ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ.


 කංකුං හාවිතය ප්‍රචලිත කිරීම සඳහා එමගින් පාන වර්ග, සෝස් වර්ග, ස්ප්‍රෙඩ්ස් සහ ඖෂධීය අතිරේක (Herbal Supplements) වැනි අගය එකතු කළ නිෂ්පාදන හදුන්වා දීම දිරිමත් කිරීම මෙන්ම ආහාර සැකසීමේදී කංකුං අමුද්‍රව්‍යයක් හෝ එළවළුවක් ලෙස ඇතුළත් කිරීමට නව වට්ටෝරු සැකසීමද සිදු කළ හැකිය.


 මීට අමතරව කංකුං ශාකයේ පෝෂණීය අගය සහ ඖෂධීය වටිනාකම පිළිබඳව ජනතාව තුල ඇති දැනුවත්භාවය ඉහල නැංවීම තුළින්ද එහි පරිභෝජනය වැඩි කිරීමට අවකාශ සැලසෙනු ඇත.


Water Spinach ; The nutritious and medicinal leafy green....


 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎, also known as Water Spinach, is native to China.


 It is an extensively cultivated green leafy vegetable in China, India, Malaysia, Africa, Brazil, the West Indies, and Central America. However, in Sri Lanka water spinach is underutilized.


 These plants are not commercially grown on large scale and are often recognized as weeds or invasive species by people due to their natural fast spread; so that, the utilization is limited.


 There are two types of water spinach which are the purple type and the green type depending on the colour of the stem, leaves, and flowers of the plant.


 Under optimum conditions, 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎 can produce 190,000kg fresh weight biomass per ha in 9 months. It flowers in warm months and produces about 175-245 seeds per plant during the peak season.


 Nearly 90.3% of the fresh water spinach leaves consist of water, and it is rich in pro-vitamin A and pro-vitamin C. Also it consists of several other vitamins including folates, Niacin, pyridoxine, etc.


 Water Spinach leaves carry abundant levels alkaloids, flavonoids and phenolic antioxidants such as Beta Carotene, Lutein, Xanthine and Cryptoxanthin.


 Water spinach is used as a nutritious vegetable that is eaten either raw or cooked. It can be stir-fried, steamed, boiled (for a few minutes, with water or coconut milk), lightly fried in oil or mixed with hot peppers and garlic, and prepared with meat, fish or tofu.


 Juice extracted from Water Spinach leaves can be diluted, and sweetened to prepare drinks. Furthermore, water spinach can be used to prepare soups, smoothies, pesto, and chips.


 Fresh, young leaves of water spinach are washed, chopped, and dried in the sun and the dried leaves are heated on a pan until they turned into brown color and then ground into a fine powder. This powder can be used to prepare a beverage similar to tea.


 Leaves, buds, and sometimes the whole plant of water spinach is used to treat diabetes mellitus, ringworm infestation, fever, liver and eye diseases.


 Encouraging the development of more value-added products from water spinach, such as beverages, sauces, spreads, and herbal supplements, as well as developing and introducing new recipes to include water spinach as an ingredient or vegetable in meal preparation can increase the utilization of water spinach.


 In addition, improving the knowledge and awareness of the general public regarding the nutritional and medicinal value of Water Spinach (𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎) can also be a way to increase the utilization of this plant which has a large untapped potential as a food crop.


 Article by : Savindi Thathsarani


 Post designed by : Punsara Nirmal


 References


K. Nagendra Prasad, G. R. Shivamurthy, and S. M. Aradhya, “𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎, an underutilized green leafy vegetable: A review,” International Journal of Botany, vol. 4, no. 1. pp. 123–129, 2008, doi: 10.3923/ijb.2008.123.129.


“Convolvulaceae - 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎 Forssk.” Accessed: Nov. 19, 2022. [Online]. Available: http://publish.plantnet-project.org/.../inf.../details/IPOAQ


“Potentially Important Food Plants of Sri Lanka Solutions to Malnutrition and Food Security.” Accessed: Nov. 19, 2022. [Online]. Available: https://foodplantsolutions.org/.../Potentially-Important...


𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎 Forssk Accessed: Nov. 19, 2022. [Online]. Available: http://www.instituteofayurveda.org/.../plants_detail.php...


𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎 - Global invasive species database Accessed: Nov. 19, 2022. [Online]. Available: http://www.iucngisd.org/gisd/species.php?sc=477 See less 

Article 03-  අරුම ගුණ දෙන කදිම තුඹ කරවිල "Spine Gourd; an underrated vegetable from the woods"

අරුම ගුණ දෙන කදිම තුඹ කරවිල


තුඹ කරවිල (Momordica dioica) යනු “Cucurbitaceae” පවුලට අයත් එලවළුවකි.

ශ්‍රී ලංකාව තුල මෙය ඌන පරිභෝජනයට ලක්ව ඇති එලවළුවක් මෙන්ම ඖෂධීය ශාකයක් ලෙස සැලකේ.

දැනට මෙරට තුල 'තුම්බිකා', 'ගෝලිකා', 'විසල්', 'පැරකුම්', 'විෂ්ම' ආදී විවිධ තුඹ කරවිල ප්‍රභේද හමුවේ.

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපය මෙම බෝගය වගා කිරීම සදහා වඩාත් හිතකර වේ.

තුඹ කරවිල ඵලයෙහි  ආහාරයට ගත හැකි කොටසින් 100g ක් තුල කාබෝහයිඩ්ඩ්‍රේට 7.7g ක්, ප්‍රෝටීන 3.1g ක්, ලිපිඩ 3.1g ක්, තන්තු 3g ක්, සහ ඛනිජ ලවණ 1.1g ක් අඩංගු වන අතර සුළු  වශයෙන් ඇස්කෝබික් අම්ලය, කැරොටීන්, තයිමීන්, රයිබොෆ්ලෙවීන් සහ නියැසීන් වැනි පෝෂක අඩංගු වේ. 

ඉතා ඉහළ පෝෂණීය වටිනාකමක් ඇති මෙය ඖෂධීය වටිනාකමින්ද අනූනය.

තුඹ කරවිල වලට මූත්‍ර වර්ධක (diuretic) මෙන්ම විරේක (laxative) හැකියාවක් පවතී. තවද එය අක්මාවේ යහපැවැත්ම සඳහා උචිත  එළවළුවකි.  මීට අමතරව අධිරුධිරපීඩනය සමනය කිරීමේ (antihypertensive), ප්‍රදාහ සමනය කිරීමේ (anti-inflammatory) හා දියවැඩියාව දුරලීමේ හැකියාවක්ද තුඹ කරවිල සතුවේ.

තුඹ කරවිල ශාකයෙහි මුල්වලින් සාදාගන්නා යුෂ 50 ml ක ප්‍රමාණයක් හිස් බඩ පානය කිරීම දියවැඩියාවට ප්‍රතිකර්මයක් ලෙස භාවිත කල හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

තුඹ කරවිල දරුවන් මෙන්ම ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා වඩා පෝෂ්‍යදායි එළවළුවක් ලෙස සැලකේ. ඊට හේතුව ශරීරයේ ප්‍රතිශක්තිය නැංවීමට එයට ඇති හැකියාවයි.

වෙළඳපොළෙහි තුඹ කරවිල  නැවුම් එළවළුවක් ලෙස මෙන්ම, තුඹ කරවිල කුඩු (powder) ලෙසත්, වියළන ලද තුඹ කරවිල පෙති(slices) ලෙසත් දක්නට ලැබේ.

තුඹ කරවිල ඵලය ප්‍රමාණයෙන් කුඩා වීමත්, එම ශාකය මගින් ලබා දෙන අස්වැන්න අඩු වීමත්, මෙහි පෝෂණීය අගය පිළිබඳව පාරිභෝගිකයාගේ ඇති නොදැනුවත්භාවයත් එහි ඌන පරිභෝජනයට හේතු ලෙස දැක්විය හැක.

වගාවට සුදුසු, වඩා හිතකර සහ වාසිදායක ලක්ෂණ සහිත තුඹ කරවිල ප්‍රභේද හඳුන්වා දීමත්, තුඹ කරවිල වගාව ප්‍රචලිත කිරීමත්, තුඹ කරවිල භාවිතයෙන් නිපදවන අගය එක් කළ නිෂ්පාදන වැඩි වශයෙන් හඳුන්වා දීමත් මගින් එහි පරිභෝජනය ඉහල නැංවිය හැකි වනු ඇත.

මීට අමතරව වෙනත් ආහාර සැකසීමේදී තුඹ කරවිල අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගත හැකි ආහාර වට්ටෝරු හඳුන්වා දීම තුළින්ද  මෙහි භාවිතය වැඩි කල හැකිය.



Spine Gourd; an underrated vegetable from the woods

 

Spine Gourd (Momordica dioica) is a vegetable which belongs to the family “Cucurbitaceae”. 


This is considered as an underutilized vegetable and a medicinal plant in Sri Lanka. 

 

Several varieties of spine gourd such as 'Thumbika', 'Golika', 'Wisal', 'Parakum' and 'Wishma' are found in Sri Lanka. 

 

In Sri Lanka, lowland dry zone is the most suitable area for the cultivation of spine gourd. 

 

A 100g edible portion of spine gourd contains 7.7g of carbohydrates, 3.1g of protein, 3.1g of lipids, 3g of fiber, and 1.1g of minerals, along with trace amounts of ascorbic acid, carotene, thymine, riboflavin and niacin. 

 

In addition to its high nutritional value, spine gourd is considered as an excellent medicinal plant with many health benefits as well. 

 

Spine gourd is known to have diuretic, laxative, anti-inflammatory, antidiabetic, hepatoprotective, and antihypertensive properties.

 

Research has shown that the oral administration of 50 ml of spine gourd's root juice once a day with empty stomach, is helpful in beating diabetes. 

 

Spine gourd is considered as one of the most nutritious vegetables for children, pregnant and lactating women, since it has the ability to boost the immune system. 

 

In the market, spine gourd is available not only as a vegetable, but also in the form of powder and dried slices. 

 

Small size of the fruit, low yield and the lack of consumer awareness on the nutritional value are some of the reasons as to why spine gourd is considered as an underutilized vegetable. 

 

Developing improved varieties with more desirable traits, and encouraging the cultivation are some of the best strategies that could help in increasing the utilization of spine gourd.

 

Moreover, enhancing the consumer awareness on the nutritional value, and introducing value-added products to the market will also help in increasing the utilization of spine gourd. 

 

On the other hand, use of spine gourd as an ingredient in a variety of dishes can be promoted among the consumers as well. 

 


Article prepared by : Dilmi Ishanka

Post designed by : Savindu Sumuditha

 

References-

 

https://bfnsrilanka.org/vegetables/thumba-karavila

https://www.researchgate.net/publication/330497782_Spine_gourd_An_underutilized_Cucurbitaceous_vegetable

https://www.ijmfmap.in/pdf_vol7_2/vol_7_2_11.pdf

https://doa.gov.lk/hordi-crop-thumba-karawila/

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4145798/

Article 02- නිම් නැති ගුණැති රසඟුලාව නෙල්ලි "Nelli the divine taste from woods

නිම් නැති ගුණැති රසඟුලාව "නෙල්ලි"✨


👉නෙල්ලි (𝘗𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘶𝘴 𝘦𝘮𝘣𝘭𝘪𝘤𝘢), යනු ඉන්දියානු gooseberry නැතහොත් අම්ලා ලෙස හැඳින්වෙන, 𝘱𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘢𝘤𝘦𝘢𝘦 පවුලට අයත් පතනශීලී ශාකයකි.

👉මෙම නෙල්ලි, ශ්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ, ඌන පරිභෝජනයට ලක්වන පළතුරක් ලෙස සලකනු ලබයි. 

👉ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්‍රදේශ වල වනාන්තර තුළ ස්වාභාවික නෙල්ලි ව්‍යාප්තියන් දැකිය හැකිය. 

👉 ආයුර්වේදයේ හඳුනාගෙන ඇති පරිදි, පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, කහට රස ඇතුළු රස පහකින් සමන්විත අද්විතීය රසයක් නෙල්ලි සතු වේ.

👉 නෙල්ලි ගෙඩියක ආහාරයට ගත හැකි කොටසෙන් 100g ක ප්‍රමාණයක් තුළ 200 - 900 mg පමණ විටමින් C අන්තර්ගත වේ.

👉 එමෙන්ම නෙල්ලි, කාබෝහයිඩ්රේට, තන්තු සහ කැල්සියම් සහ යකඩ වැනි ඛනිජ වලින් පොහොසත් වන අතරම ඇමයිනෝ අම්ල ද අන්තර්ගත වන පළතුරකි.එලෙසම නෙල්ලි වල සැලකිය යුතු ජල ප්‍රමාණයක් ද අඩංගු වී ඇත. 

👉 නෙල්ලි ගෙඩියෙහි ඇති ෆීනෝලික් සංයෝග ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි. තවද, එහි ඇති ටැනින් (Tannins) වඩාත් ප්‍රමුඛ රසය වන කහට රසට දායක වේ. 

👉 ආයුර්වේදයේදී නෙල්ලි ශාකයේ පලතුරු, පොතු, පත්‍ර සහ මුල් විවිධ රොගී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගනී.  අර්ශස්, කැස්ස, ඇදුම, උදරාබාධ, දියවැඩියා රෝග, සමේ රෝග, හිසරදය, මානසික ආබාධ ඒ අතරින් ප්‍රධානය. 

👉 නෙල්ලි ආහාර භෝගයක් ලෙස ඌන පරිභෝජනයට ලක්ව ඇත්තේ, නිසි රෝපණ ද්‍රව්‍ය නොමැති කම, නිසි අස්වනු නෙලීමේ ක්‍රම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුම නොමැතිකම හේතුවෙනි.

👉ශ්‍රී ලංකාව තුළ නෙල්ලි වගා කිරීම අවම වීමත්, වෛද්‍ය ප්‍රතිකාර සදහා නෙල්ලි වලට ඉහළ ඉල්ලුමක් පැවතීමත් මෙයට තවදුරටත් හේතු වේ. 

👉 නෙල්ලි වල පරිභෝජනය ඉහළ නැංවීම උදෙසා රෝපණ ද්‍රව්‍ය, පසු අස්වනු කළමනාකරණය, සංරක්ෂණය සහ ගබඩා කිරීමේ ක්‍රම පිළිබඳව ගොවීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සිදු කළ යුතුය.

👉 ඊට අමතරව නෙල්ලි ශාකයේ විවිධත්වය සහ ව්‍යාප්තිය පිළිබදව පුළුල් අධ්‍යනයන් සිදු කිරීම, එය ඌන පරිභෝජන තත්ත්වයෙන් මුදවා ගැනීමට දායක වනු ඇත. 

👉 මීට සමගාමීව, වාණිජ මට්ටමින් සිදු කෙරෙන ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම ද සිදු කළ යුතුය. 

👉 වර්තමානයේ නෙල්ලි, jam, jelly,  චට්නි, අච්චාරු වැනි විවිධ නිෂ්පාදන සැකසීමට භාවිතා වේ. පැසුණු නෙල්ලි  ස්වභාවික පළතුරු යුෂ පානයන් සහ කෝඩියල් නිපදවීමට යොදාගන්නා අතර වියළන ලද නෙල්ලි රසකැවිලි (confectioneries) සෑදීමේදි යොදා ගැනේ. 

👉 තවදුරටත් නෙල්ලි ආශ්‍රිත නිෂ්පාදන පරාසය පුළුල් කිරීම සදහා, නෙල්ලි ආශ්‍රිත අගය එකතු කළ (value-added) නිෂ්පාදන වන, නෙල්ලි ක්‍රීම් (fruit cream), නෙල්ලි පවුඩර් (fruit powder) සහ ආහාර අතිරේක (dietary supplements) වැනි දෑ නිපදවිය හැකිය. 

නෙල්ලි වලට ආවේණික සුවිශේෂ රස සංකලනය නිසාම එය පාරිභෝගිකයාගේ රස නහර පුබුදුවන නවමු ආහාර නිෂ්පාදන නිපදවීමට භාවිතා කළ හැකි වනු ඇත. 


“Nelli” the divine taste from woods ✨


👉𝘗𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘶𝘴 𝘦𝘮𝘣𝘭𝘪𝘤𝘢, also known as indian gooseberry, "amla" or "Nelli" is a deciduous tree of the family 𝘱𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘢𝘤𝘦𝘢𝘦.

👉In Sri Lankan food industry, Nelli is considered as an underutilized fruit, as it is not being used in its highest possible capacity. 

👉Nelli cultivars are found naturally in the dry and intermediate zones of Sri Lanka, especially in the forests of Bibile, Badulla, Moneragala, Galoya, Buttala, Anuradhapura, Ratnapura and Polonnaruwa. 

👉Nelli has a distinct flavor profile that includes five flavors (as defined by Ayurveda): sweet, sour, bitter, pungent, and astringent.

👉Nelli fruit is considered one of the finest sources of Vitamin C. With 200–900 mg of Vitamin C per 100g of edible portion. 

👉These fruits are also high in carbohydrates, fiber, and other minerals, particularly calcium and iron. Moreover, the Nelli drupe is high in amino acids as well. 

👉Nelli fruit is primarily made up of water, making it an excellent source of both water and other nutrients.

👉Most importantly, some of the phenolic compounds found in Nelli drupe are antioxidants. 

👉Furthermore, the drupe's tannins contribute to the astringency, which is the most prominent flavor.

👉In Ayurveda, the fruits, bark, leaves, and roots of the Nelli plant are used in treating Hemorrhoids, Cough, Asthma, Abdominal Diseases, Diabetes mellitus, Skin Diseases, Headaches, and Mental Disorders. 

👉Unavailability of proper planting material and lack of knowledge in proper harvesting and storage methods of Nelli are some of the major obstacles to its ability to establish itself as a fruit crop. 

👉Lack of domestic production and high demand for medicinal purposes make Nelli an underutilized fruit in the food industry. 

👉For Improving utilization, the enhancement of farmers' knowledge in planting material, post-harvest management, preservation, and storage strategies of Nelli is important. 

👉In addition, initiating proper diversity mapping programs will facilitate the promotion of the Nelli crop from its underutilized status. 

👉In the interim, it is important to maximize the commercial production of Nelli-based food items. 

👉Currently, Nelli is used as an ingredient in manufacturing several processed food items such as Jam, Chutney, Jelly and Pickles. 

👉Fresh fruit juice and cordials can also be made from mature drupes, whereas the dried fruit is used for Confectionaries. 

👉Moreover, the range of Nelli-based food products can be broadened by encouraging the development of value-added products such as fruit cream, fruit powder, dietary supplements etc. 

 Given the unique flavor profile of the Nelli fruit,  much attention should be paid to develop innovative products to suit your taste buds. 


Written by : Sachini Wanigabadu

Post designed by: Savindu Sumuditha

References -

https://www.organicfacts.net/health-benefits/fruit/indian-gooseberry-amla.html(accessed May 11, 2022).

“(PDF) Genetic improvement of medicinal plant Phyllanthus emblica L. (V.Nelli) as a potential cash crop.” https://www.researchgate.net/publication/302472005_Genetic_improvement_of_

medicinal_plant_Phyllanthus_emblica_L_V_Nelli_as_a_potential_cash_crop

(accessed May 11, 2022).

Article 01-  කොස්: නිසි පැසසුම් නොලබන බත් ගසෙහි අරුම ඵලය "Jackfruit; An undervalued wonder fruit"

අතීතයේදී ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූවද  කොස් වර්තමානය වන විට ඌන පරිභෝජනයට ලක්ව ඇති (Underutilized) පළතුරකි.

සාමාන්‍ය තොරතුරු

සාමාන්‍ය  ව්‍යවහාරයේ කොස් ලෙස හඳුන්වන Artocarpus heterophyllus Lam. යනු Moraceae පවුලට අයත් නිවර්තන කලාපීය පළතුරකි. කොස් ගස් උණුසුම් හා තෙතමනය සහිත පරිසරවල  හොඳින් වර්ධනය වන අතර ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ සමහර ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. කොස් ගසෙහි ප්‍රචාරණය වැඩි වශයෙන් සිදු වන්නේ බීජ හරහා වන අතර එහි ඵල විකසන ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා සාමාන්‍යයෙන් පරාගණයේ සිට මාස තුනත් හතත් අතර කාලයක් ගත වේ. පළතුරු දිගටි, සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත වන අතර තනි පළතුරක බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2 සිට 20 දක්වා වේ. පළතුරක ඇතුළත මදුළු විශාල සංඛ්‍යාවක් පවතින අතර, විවිධ ප්‍රභේද අනුව, මදුළුවල වර්ණය ක්‍රීම් හෝ සුදු නැතහොත්  කහ හෝ  තැඹිලි වැනි වර්ණ පරාසයකට අයත් විය හැක. රවුම් හැඩයක් සහිත, ලා දුඹුරු පැහැයෙන් යුක්ත කොස් ඇට, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලින් පොහොසත් බව බොහෝ දෙනා දන්නා කරුණකි.


ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය 

ශ්‍රී ලංකාවේ කොස් ගස් වඩා හොඳින් වැවෙන්නේ තෙත් කලාපයේය . එසේ වූවද , දිගු කාලයක්  වියළි කාලගුණයට ඔරොත්තු දීමට ඇති හැකියාව නිසා, අතරමැදි සහ වියළි කලාපවලද කොස් ශාකයෙන් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලංකාවේ කොස් වාරය එළඹෙන්නේ මාර්තු සිට ජූනි දක්වා වන අතර, නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුලද සුළු වශයෙන් කොස් ගස් ඵල දැරීම සිදු විය හැක.

කොස් ඵලයෙහි පෝෂණීය  අගය 

කොස් ගෙඩියෙහි පෝෂක සංයුතිය ප්‍රභේදයෙන් ප්‍රභේදයට වෙනස් වේ. එහි කැලරි අන්තර්ගතය සැලකූ විට  කොස් ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 94ක් පමණය. ඉදුණු කොස් ග්‍රෑම් 100 ක, ආහාරයට ගත හැකි කොටසෙහි කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 16.0 - 25.4 ක් සහ ප්‍රෝටීන් ග්‍රෑම් 1.2 - 1.9 ක් පමණ අඩංගු වේ. Arginine, Cysteine, Histidine, Leucine, Lysine, Methionine, Threonine සහ Tryptophan යනු කොස් වල බහුලව අඩංගු ඇමයිනෝ අම්ල වේ. කොස්, පිරිඩොක්සීන් (B6), නියැසින්  (B3), රයිබොෆ්ලේවින් (B2) සහ ෆෝලික් අම්ලය (B9) වැනි B සංකීර්ණයට අයත් විටමින වලින් පොහොසත් වන අතර විටමින් C වලින්ද අනූනය. ඉදුණු කොස් වල කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම් සහ යකඩ වැනි ඛනිජ පෝෂකද අඩංගු වේ. තවද, කොස් යනු කැරොටිනොයිඩ්, ෆ්ලේවනොයිඩ්, අම්ල ස්ටෙරෝල් (Volatile acid sterols) සහ ටැනින් (Tanin) වැනි සංයෝග (Phytochemicals) වල ප්‍රභවයකි. කොස් මදුළුවල කහ - තැඹිලි වර්ණ ඇති වීමට කැරොටිනොයිඩ් දායක වන අතර එහි අන්තර්ගත එස්ටර (Esters) මගින්  ආවේනික රසය, සුවඳ ආදිය ලබා දේ.

කොස් ආහාරයට ගැනීම තුලින් ලැබිය හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ 

කොස් , එහි බැක්ටීරීයා සහ දිලීර නාශක ගුණය (Antibacterial and  Antifungal Properties), දියවැඩියාව නැසීමේ (Anti - Diabetic) හැකියාව,  ප්‍රදාහ සමනය කිරීමේ (Anti - Inflammatory) හැකියාව සහ ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය (Antioxidant activity) සඳහා ප්‍රසිද්ධය. කොස් වල ඇති කැරොටිනොයිඩ් වලට ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කළ හැකි අතර එමඟින් පටක සහ DNA වලට හානි සිදු කරන, ප්‍රෝටීන් ඔක්සිකරණය ප්‍රවර්ධනය කරන මුක්ත ඛණ්ඩවලට එරෙහිව ක්‍රියා කරයි. විවිධ අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ කොස් මදුළු වල  රසායනික ආරක්ෂණ ගුණ (Chemoprotective Properties) සහිත සංයෝග අඩංගු වන බවයි. එපමණක් නොව, කොස්වල ඇති පොටෑසියම් සහ කැල්සියම් රුධිර පීඩනය නියාමනය කිරීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ. මේ අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය සඳහා කොස් වල අඩංගු  කොපර් ද, රක්තහීනතාවය වැලැක්වීම සඳහා යකඩ ද ඉවහල් වේ. කොස්, විටමින් B6 බහුල ප්‍රභවයක් බැවින්, එය රුධිරයේ homocysteine ​​මට්ටම අඩු කිරීමට උපයෝගී වන අතර එමඟින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. තවද, කොස් වල ඇති විටමින් C ස්වභාවික වයසට යාමේ ක්‍රියාවලියේදී සහ දිගු කලක් හිරුට නිරාවරණය වීමේදී, සමට සිදුවන හානිය අවම කර සම ආරක්ෂා කරයි. කොස් වල පවතින තන්තු මගින් මල බද්ධය වැළැක්වීමට උපකාරී වේ. එසේම, උණ, තුවාල, චර්ම රෝග, වලිප්පුව, අක්ෂි රෝග සහ සර්ප දෂ්ට කිරීම් සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රයෝජනවත් වන සංයෝග රැසක් කොස්වල ඇති බව බොහෝ අධ්‍යයන මගින් පෙන්වා දී ඇත.

ආහාර කර්මාන්තයේ කොස් වල වත්මන් භාවිතය

කොස් මදුළු ඉදී ඇති ප්‍රමාණය අනුව, නැවුම්ව හෝ ටින් කළ පෙති (Canned Slices ) ලෙස හෝ වියලන ලද චිප්ස් (Dried Chips) ලෙස පරිභෝජනය කරයි. කොස් මදුළු පොඩි කර සාදා ගන්නා උකු ද්‍රාවණ (Puree) භාවිත කර, පානයන් (Juice), කෝඩියල් බේස් (Cordial Base), ජෑම්, මාමලේඩ්, ජෙලි, අයිස්ක්‍රීම්, Fruit Bars, Fruit Rolls, Candies සහ ළදරු ආහාර සකස් කිරීම ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේදී  සිදු කෙරේ. එපමණක්ද නොව, නොමේරූ කොස් භාවිතා කර අච්චාරු සැකසීමද  සිදු කරනු ලබයි.  වර්තමානයේ කොස් ඇට වලින් සදා ගන්නා ලද පිටි, බේකරි නිෂ්පාදන (පාන්, කේක්), එක්ස්ටෘෂන් ක්‍රමවේදය යොදා ගෙන සාදන නූඩ්ල්ස් වැනි නිෂ්පාදන (Extruded Products), රසකැවිලි (Confectionery), උදෑසන ධාන්‍යමය ආහාර (Breakfast Cereals) යනාදිය සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. කොස් ඇට පිටිවල ග්ලූටන් අන්තර්ගත නොවන නිසා  ග්ලූටන් ආහාරයට ගැනීමේ අපහසුතාව (Gluten Intolerance) ඇති පුද්ගලයින් සඳහා ආහාර නිෂ්පාදනයේදී එම පිටි, තිරිඟු පිටි සඳහා ආදේශකයක් ලෙස භාවිතා කළ හැක. ඉන්දියාවේ, නොමේරූ කොස් මදුළු සිහින් කුඩු බවට සකස් කරන අතර, මෙම කුඩු පකෝඩා (Pakoda) වැනි සම්ප්‍රදායික මෙන්ම, බිස්කට් සහ මෆින් (Muffin) වැනි වෙනත් ආහාර සැකසීමේදී ද භාවිතා කරයි.

වර්තමාන ආහාර කර්මාන්තයේදී, කොස් භාවිතයෙන් විවිධ නිෂ්පාදන සිදු කළද, නොයෙකුත් හේතූන් මත අමුද්‍රව්‍යයක් ලෙස කොස් මඟින් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජනය ලබා නොගැනීම කණගාටුවට කරුණකි. 

කොස් ඌන පරිභෝජනයට හේතු

කොස් ඉතා ඉක්මනින් නරක් වන සුළු අතර නිරතුරුවම රස සහ සුවඳ අහිමි වීම (Flavour Loss), කැපූ විට මතුපිට දුඹුරු පැහැයට හැරීම සහ පටක මෘදු භාවයට පත්වීම යනාදියට ලක්වේ. පටක මෘදු භාවයට පත් වීම නිසා තැලීම්, සීරීම් ආදී යාන්ත්‍රික හානිවලට ගොදුරු වීමට ඇති අවස්ථාවද ඉහළය. තවද පසු අස්වනු පිළිවෙත් පිළිබඳ නිසි දැනුමක් නොමැතිකම හේතුවෙන් සහ එම පිළිවෙත් නිසි ලෙස අනුගමනය නොකිරීම නිසා ඉදුණු කොස් ගෙඩි, ශාකයෙන් වෙන් කර ගත් පසු ඉතා ඉක්මනින් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වීමට අවකාශ පවතී. මේවා කොස් වාණිජ බෝගයක් ලෙස වර්ගීකරණය නොකිරීමට සහ කලාතුරකින් වගා කිරීමට හේතු කිහිපයක් වේ. කොස් ගෙඩියකින්  35% ක් පමණ ආහාරයට ගත හැකි අතර ඉතිරිය ආහාරයට ගත නොහැකි කොටස් වලින් සමන්විත වේ. කොස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තවලදී, මෙම ආහාරයට ගත නොහැකි කොටස් අපද්‍රව්‍ය ලෙස සලකනු ලබන අතර, එසේ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවීම නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළු ඇති විය හැකිය. එලෙසම, ආහාරයට ගත නොහැකි කොටස් ඉහළ ප්‍රතිශතයක් තිබීම, කොස් ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීමේදී මූල්‍යමය වශයෙන් අවම ලාභයක් ගෙන ඒමට හේතු වේ.

කොස් ගෙඩියෙහි පොත්ත ඉවත් කිරීම සේම එම පොත්තෙන් කොස් මදුළු වෙන් කිරීම මදක් දුෂ්කර හා ශ්‍රමය අධිකව වැය වන කාර්යයක් වන අතර ඒ හේතුවෙන්, කර්මාන්ත මට්ටමින් කොස් ආශ්‍රිත ආහාර නිෂ්පාදන සිදු කිරීම සීමා වී ඇත. එපමණක් නොව, පළතුරු වල ප්‍රමාණයේ හා හැඩයේ විවිධත්වය මත ඇසුරුම් නිර්මාණය ඉතා සංකීර්ණ වීමද මේ සඳහා බලපාන කරුණකි. මීට අමතරව කොස් අධික ලෙස ආහාරයට ගැනීම මගින් ආහාර දිරවීමේ ගැටළු ඇති කළ හැකි බවට පවතින පාරිභෝගික මතයද ඔවුනතර කොස් පරිභෝජනය අවම වීමට හේතු විය හැක.  

කෙසේ වෙතත් නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගනිමින් කොස් වල පරිභෝජනය ඉහළ නැංවීම සඳහා විව්ධ ක්‍රියාමාර්ග ගත හැක.                            

කොස් වල භාවිතය වැඩි කිරීමේ ක්‍රම

නිවැරදි පරිණතියට එළඹුණු විට පමණක් කොස් ඵල නෙලා ගැනීම සහ සුදුසු පසු අස්වනු පිළිවෙත්වලට අනුගත වීම හරහා කොස් වල පසු අස්වනු හානිය අවම කර ගැනීමට හැකි වන අතර එමඟින් එහි පරිභෝජනය වැඩි කර ගත හැක. එපමණක් නොව,  අවම වශයෙන් සැකසූ (minimally processed) කොස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා, Modified Atmospheric Packaging (MAP) වැනි නවීන ඇසුරුම් ක්‍රම යොදා ගන්නා අතරම, එම නිෂ්පාදන අඩු උෂ්ණත්වයක් යටතේ  ගබඩා කිරීම මගින් පරිභෝජනයට සුදුසු තත්වයේ  දිගු කාලයක් පවත්වා ගැනීමටත් එමඟින් නාස්තිය අවම කර ගත හැකි බව සොයාගෙන ඇත. කපන ලද (Pre-cut) කොස් කැබලි වල පරිභෝජනයට සුදුසු වන කාල සීමාව (Shelf Life)  දීර්ඝ කිරීමට, ආහාරයට ගත හැකි තුනී ආලේප ස්ථර (Edible Coatings) ගැල්වීම දායක වන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. නවීන මෙන්ම උසස් සැකසීමේ ක්‍රම වන Freeze Drying සහ Vacuum Frying යන ක්‍රමවේද සහ නවීන ආහාර ශීතන ක්‍රමයක් වන Cryogenic Freezing ක්‍රමවේදය යොදා ගනිමින් කොස් ආශ්‍රිත නව ආහාර නිෂ්පාදන හඳුන්වා දීම මේ වන විටත් සිදු වෙමින් පවතී. ප්‍රශස්ත පූර්ව-ප්‍රතිකාර තත්වයන් (Pre-treatment Conditions) පවත්වා ගනිමින්, ඊට සමගාමීව Freeze Drying  සහ Hot-air Drying යන ක්‍රම භාවිතයෙන්, වාණිජ පරිමාණයෙන්, කොස් මදුළු, පෙති වශයෙන් සකස් කිරීම (Production of Jack Bulb Slices) වඩාත් පහසුවෙන් සිදු කල හැකි බව සොයාගෙන ඇත. 

නාගරික ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා කොස් භාවිතා කරමින් ඍජුවම ආහාරයට ගත හැකි කොස් මදුළු (Ready-to-eat Jackfruit Bulbs) සහ බීම වර්ග (Ready - to - serve Beverages) වැනි අගය එකතු කළ නිෂ්පාදන සකස් කෙරේ. තවද, විජලනය කළ කොස් මදුළු කුඩු කර, එම කුඩු මෙන්ම, කොස් ඇට පිටිද විවිධ ආහාර ද්‍රව්‍ය සැකසීමේදී භාවිතා කල හැකි අමුද්‍රව්‍ය ලෙස ප්‍රවර්ධනය කළ හැකිය. විවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇති පරිදි කොස් ඇට වලින් ලබා ගන්නා පිෂ්ටය (Jackfruit Seed Starch), ආහාර නිෂ්පාදනයේදී  ස්ථායීකාරකයක් (Stabilizer), උකු භාවය ඉහළ නැංවිය හැකි ද්‍රව්‍යයක් (Thickener) සහ  බන්ධන කාරකයක් (Binding Agent) ලෙස යොදා ගැනීමට හැකියි.  තවද, කොස් ඇට, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන එතනෝල් නිෂ්පාදනය සඳහා, යොදා ගත හැකි අමුද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන ඇත. වර්තමානයේදී, කොස් ඵලයේ අපද්‍රව්‍යවලින්, ඉහල ගුණාත්මක භාවයෙන් යුතු පෙක්ටීන් (Pectin) නිෂ්පාදනය කිරීමට, අතිධ්වනි (Ultrasound) සහ අධි සංඛ්‍යාත මයික්‍රොවේව් (Ultrasonic Microwave) තරංග යොදාගන්නා උසස් තාක්ෂණික නිස්සාරණ ක්‍රම පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී. එමෙන්ම, සත්ත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තයේ යෙදවුමක් ලෙස කොස් ඵලයේ අපද්‍රව්‍ය භාවිතා කළ හැක. 

නවීන තාක්ෂණයන් සහ විවිධ අධ්‍යනයන් ඔස්සේ ඒකරාශී කරගත් යටකී දැනුම සහ සොයා ගැනීම් නැණවත් පරිදි භාවිත කිරීම තුළින් අපට එදා අපේ මුතුන් මිත්තන් “බත් ගස”  ලෙස හැඳින්වූ කොස් ගසෙන් ලබා ගන්නා එම වටිනා ඵලය හුදෙක් ඌන පරිභෝජනයට ලක්වීමට ඉඩ නොදී එයට ආහාරයක් ලෙස ඉහළ වාණිජමය වටිනාකමක් එකතු කිරීමට හැකි වනු නොඅනුමානය.




Jackfruit; An Undervalued Wonder Fruit

In good old days, even though jackfruit was widely consumed by Sri Lankans, nowadays it is considered underutilized.  

General Information

Artocarpus heterophyllus Lam., commonly known as jackfruit, is a tropical climacteric fruit belonging to the family Moraceae. Jackfruit trees thrive well in warm and moist environments and are commonly found in Asia, Africa, and some regions of South America. Propagation takes place mostly via seeds, and the complete fruit development process usually takes around three to seven months from the point of pollination. The fruit is oblong-cylindrical in shape, and the weight of an individual fruit is usually between 2 to 20 kilograms. There is a large number of bulbs inside the fruit, and depending on the variety, the color of the bulbs can be cream or white, or they can have shades of yellow and orange. Jackfruit seeds are round and light brown in color, and they are known to be rich in carbohydrates and proteins.

Distribution in Sri Lanka

Jackfruit trees grow well in the wet zone of Sri Lanka. However, since the trees can withstand long dry spells, they can give a good harvest in the intermediate and dry zones as well. The jackfruit season in Sri Lanka is from March to June, and in addition there is a minor season from November to January.

Nutritional Value of Jackfruit

The nutritional composition of jackfruit varies depending on the variety. The caloric content of jackfruit is low, where 100 grams of jackfruit contains only 94 calories. A 100-gram edible portion of ripe jackfruit contains 16.0 - 25.4 grams of carbohydrates and 1.2 - 1.9 grams of proteins. Arginine, cysteine, histidine, leucine, lysine, methionine, threonine, and tryptophan are the amino acids that are commonly found in jackfruit. Jackfruit is rich in B-complex vitamins such as pyridoxine (B6), niacin (B3), riboflavin (B2), and folic acid (B9), while it has good amounts of vitamin C as well. Ripe jackfruit contains mineral nutrients such as calcium, magnesium, phosphorus, potassium, sodium, and iron. Furthermore, jackfruit is a source of phytochemicals such as carotenoids, flavonoids, volatile acids sterols, and tannins. The yellow to orange shades in jackfruit is due to the presence of carotenoids, while the esters are responsible for imparting the desired flavor.



Potential Health Benefits of Jackfruit

Jackfruit is widely known for its antibacterial, antifungal, anti-diabetic, anti-inflammatory, and antioxidative activities. Carotenoids in jackfruit can act as antioxidants, which counteract the free radicals that promote tissue injury, protein oxidation, and DNA damage. Studies have shown that jackfruit flesh contains compounds with chemoprotective properties as well. Moreover, potassium and calcium in jackfruit help in regulating blood pressure and strengthening bones. Iron involves in preventing anemia, while copper is required for thyroid gland metabolism. Since jackfruit is a rich source of vitamin B6, it can be used to reduce homocysteine levels in blood, thereby lowering the risk of heart diseases. Moreover, vitamin C in jackfruit can protect the skin from damage due to the natural aging process and prolonged exposure to the sun, while dietary fiber aids in preventing constipation. Furthermore, studies have shown that jackfruit possesses compounds that are useful in treating fever, wounds, skin diseases, convulsions, ophthalmic disorders, and snake bites as well.

Current Utilization of Jackfruit in the Food Industry

The flesh of jackfruit at different stages of maturity is consumed fresh, as canned slices, or as dried chips. Processing pureed jackfruit into cordial base, juice, jam, marmalade, jelly, ice cream, fruit bars, fruit rolls, candies, and baby food is practiced in the food industry. Moreover, unripe jackfruit is used in the preparation of pickles as well. Nowadays, jackfruit seed flour is used as an ingredient in bakery products (bread, cakes), extruded products (noodles), confectionery, breakfast cereals, etc. This gluten-free jackfruit seed flour can be used as a substitute for wheat flour when manufacturing products for people having gluten intolerance. In India, bulbs of immature jackfruit are processed into bulb powder, and this powder is used in preparing traditional snack “Pakoda” and other food items like biscuits, and muffins. 

Even though jackfruit has certain applications in the current food industry, it is not utilized in its highest capacity pertaining to several reasons.

Reasons for Underutilization

Jackfruit flesh is highly perishable and often undergoes flavor loss, browning of cut surfaces, and tissue softening. Softening makes the fruit susceptible to bruising and mechanical injury. Moreover, following harvesting, ripe jackfruits are known to undergo rapid deterioration due to the lack of proper knowledge on postharvest practices. These are some of the reasons as to why jackfruit is not classified as a commercial crop and is rarely grown on a regular plantation scale. In jackfruit, only around 35% of the whole fruit is edible, and the rest consists of inedible parts. In jackfruit processing industries, these inedible parts are considered waste and may cause serious waste disposal issues. On the other hand, the presence of a higher percentage of inedible waste material makes jackfruit processing less cost-effective as well.

Peeling jackfruit and separating the bulbs from its rind are difficult and labor-intensive tasks, which make jackfruit processing somewhat industrially-unfriendly. Moreover, the inconsistency of the size and shape of the fruit makes the design of packaging very complicated. There is a widespread belief that excessive consumption of jackfruit can cause issues in digestion as well, which in return makes jackfruit unacceptable among consumers.

Despite the aforementioned reasons, there are many strategies that can be applied in order to increase the utilization of jackfruit, aligning with the novel technological advancements.

Methods of Increasing Utilization

Harvesting jackfruit at the correct level of maturity and adapting appropriate post-harvest practices can contribute to minimizing the post-harvest loss of jackfruit, thereby increasing its utilization. Moreover, it has been found that Modified Atmospheric Packaging along with low-temperature storage can successfully extend the shelf life of minimally processed jackfruit, thus reducing wastage. A study has revealed that the application of edible coatings also contributes to extending the shelf life of pre-cut jackfruit. Nowadays, advanced processing techniques including freeze-drying, vacuum frying, and cryogenic freezing are being used in developing new jackfruit-based food products. It has been found that the use of optimized pre-treatment conditions, together with freeze-drying and hot-air drying make commercial-scale processing of jackfruit bulb slices more convenient.

Value-added products such as ready-to-eat bulbs and ready-to-drink beverages are being processed from jackfruit in order to commercialize it among the urban population. Moreover, the use of dehydrated jackfruit bulbs in their powdered form and jackfruit seed flour as food ingredients can be promoted as well. Studies have also depicted the possibility of using jackfruit seed starch as a stabilizer, thickener, and binding agent in food. Furthermore, Jackfruit seeds have been identified as a raw material that can be used for ethanol production, which is a renewable source of energy. Currently, research is being conducted focusing on the production of high-quality pectin from jackfruit waste as well, using advanced techniques such as ultrasound-assisted extraction and ultrasonic-microwave-assisted extraction. In addition, jackfruit waste can be a raw material to the animal feed production industry. 

Commercial-scale utilization of the fruit of the jack tree, which was highly valued by our ancestors as “Bath Gasa” (බත් ගස) can be maximized through harmonizing these new technologies and findings.


Article prepared by : Asini Polwattage, Piumali Wijesekara

Post designed by : Punsara Nirmal


References

Ranasinghe RASN, Maduwanthi SDT, Marapana RAUJ (2019) Nutritional and Health Benefits of Jackfruit (Artocarpus heterophyllus Lam.): A Review. International Journal of Food Science. 2019:4327183. DOI: 10.1155/2019/4327183.

Baliga MS, Shivashankara AR, Haniadka R, Dsouza J, Bhat HP (2011) Phytochemistry, nutritional and pharmacological properties of Artocarpus heterophyllus Lam (jackfruit): A review. Food Research International. 44(7): 1800-1811. DOI: 10.1016/j.foodres.2011.02.035.

Mandave P, Bobade H, Patil S (2018) Jackfruit seed flour: Processing technologies and applications. International Journal of Agricultural Engineering. 11(Sp. Issue): 149-154. DOI: 10.15740/HAS/IJAE/11.Sp. Issue/149-154.

Artocarpus heterophyllus (Jackfruit). (2022, 03 06). Retrieved from CABI Invasive Species Compendium: https://www.cabi.org/isc/datasheet/1832#tosummaryOfInvasiveness

Jackfruit. (2022, 03 07). Retrieved from California Rare Fruit Growers: https://crfg.org/wiki/fruit/jackfruit/

Mia, P. M. (2022, 03 06). Jackfruit. Retrieved from Digital Herbarium of Crop Plants, Department of Crop Botany, Bangabandhu Sheikh Mujibur Rahman Agricultural University: https://dhcrop.bsmrau.net/moraceae/