රසායනාගාරවල වගා කරන මස් ගැන ඔබ අසා තිබෙනවාද?
රසායනාගාර තුළ වර්ධනය කරනු ලබන මස් ආහාර ක්ෂේත්‍රයේ පසුගිය දශක දෙකක කාලය තුළ නැගී එමින් පවතින සංකල්පයක් ලෙස දැක්විය හැක. මෙසේ සකසන මස්, Cultured meat/ cultivated meat/cell-based meat හෝ clean meat ලෙසද හඳුන්වනු ලැබේ. රසායනාගාරවල වැඩුණු මස්, ආහාර තාක්ෂණවේදීන් සහ මස් නිෂ්පාදකයින් අතර ජනප්‍රිය සංකල්පයක් වේ. එයට හේතු ලෙස මෙම නිෂ්පාදනය, ආහාරයක් ලෙස පරිභෝජනය කිරීමේ දී පවතින පහසු බව සහ සත්ත්ව ඝාතනයෙන් සපයන මස් සඳහා විකල්පයක් ලෙස භාවිතයට ඇති හැකියාව දැක්විය හැක.
රසායනාගාරවල වගා කරන මස් (cultured meat) යනු මොනවාද?
ආහාර තාක්ෂණවේදීන්, රසායනාගාරවල වැඩුණු මස්, සැබෑ සත්ත්ව මස් ලෙසටම සලකනු ලබයි. සරලව කිවහොත්, ඒවා නිපදවනු ලබන්නේ සත්ත්ව ශරීරයෙන් පිටත, රසායනාගාර පරිසරයක් තුළ සත්ත්ව සෛල වගා කිරීමෙනි. මෙහිදී , ස්වභාවික සත්ත්ව පටකයකින් ලබාගන්නා සෛල ප්‍රගුණනය කිරීම සිදු කරන අතර, එහිදී අප දිනපතා පරිභෝජනය කරන ස්වභාවික මස්වල පවතින සංවේදී සහ පෝෂණීය ගුණාත්මය (sensory and nutritional qualities) අනුකරණය කිරීම ද සිදු වේ. රසායනාගාර තුළ වර්ධනය කරන මස් නිෂ්පාදනයේදී, එම මස් වල වයනය, ස්වාභාවික මස් වල පවතින වයනයට සමාන වන අයුරින් පවත්වා ගනී. සාම්ප්‍රදායික මස් නිෂ්පාදනයේදී සිදු කරන, සතුන් බෝ කිරීම, හීලෑ කිරීම හා ඝාතනය කිරීම යනාදියෙන් වැළකී, පාරිභෝගිකයින් විසින් අපේක්ෂිත රසයම සහිතව කුකුළු මස් ඇතුළු මස් වර්ග, මාළු ෆිලට්, හැම්බර්ගර්, බේකන් වැනි මස් ආශ්‍රිත නිෂ්පාදන මෙම තාක්ෂණය තුළින් නිපදවිය හැකියි.
2013 වර්ෂයේදී ලන්දේසි ජාතික විද්‍යාඥ ‘Mark Post’ විසින් රසායනාගාරයක් තුළ වගා කර සකසන ලද බර්ගර්, ප්‍රථම වරට ලොවට හඳුන්වා දුන් අතර, වසර දෙකකට පසුව විද්‍යාගාරවල මස් නිෂ්පාදනය සඳහා ප්‍රථමවරට සමාගම් හතරක් ක්ෂේත්‍රයට පිවිසෙන ලදි. මේ වෙනවිට මහාද්වීප 6 ක සමාගම් 60 කට අධික සංඛ්‍යාවක් මෙම සංකල්පය, වාණිජමය වශයෙන් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ගනිමින් කටයුතු කරයි. සෛල වගා කිරීමේ විද්‍යාව (cell culture), පියවි සෛල ජීව විද්‍යාව (stem cell biology), පටක ඉංජිනේරු විද්‍යාව (tissue engineering) , පැසවීම (fermentation), රසායනික හා ජෛව ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව (chemical and bio process engineering) පිළිබඳ සියවස් ගණනාවක දැනුම, විද්‍යාගාරවල වැඩුණු මස් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවැත්මට සහ උන්නතියට දායක වෙමින් පවතී. ආහාර කර්මාන්තයේ මෙම විස්මිත නිපැයුම, නිෂ්පාදනය කිරීම සිදු වන්නේ සමාගම් සුළු සංඛ්‍යාවකින් වූවත්, ලොව පුරා සමාගම් සිය ගණනක් සහ අධ්‍යාපනික ආයතන හා අනුබද්ධිත රසායනාගාර රැසක්, එහි නිෂ්පාදනය පුළුල් කිරීම පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබයි.
රසායනාගාරවල මස් වගා කරන්නේ කෙසේද?
රසායනාගාරවල සකසන මස් නිෂ්පාදන ක්‍රියාවලියට සති 2-8 අතර කාලයක් ගතවන අතර, එම කාල පරාසය, අවසානයේ නිපදවෙන මස් වර්ගය මත රඳා පවතී. විද්‍යාගාරවල වැඩුණු මස් නිෂ්පාදනයේ පළමු පියවර වන්නේ සත්ත්වයෙකුගෙන් ප්‍රාථමික සෛල (බීජ සෛල) ලබාගැනීමයි. මෙය සිදු කරනු ලබන්නේ සජීවී සත්ත්වයෙකුගේ මාංශ පේශි සෛල කුඩා සංඛ්‍යාවක්, ප්‍රවේශමෙන් ඔවුන්ගේ සිරුරෙන් ඉවත් කර ගැනීමෙනි. පසුව, ලබාගත් සෛල, ජෛව ප්‍රතික්‍රියකාරක තුළදී (bio reactors) වර්ධනය කරවනු ලබයි. සත්ත්වයෙකුගේ ශරීරය තුළදී සැපයෙන අන්දමට සමාන වන අයුරින්, සෛල වර්ධනයට අවශ්‍ය මූලික පෝෂ්‍ය පදාර්ථ වලින් පෝෂණය වන, ඔක්සිජන් වලින් පොහොසත් සෛල වගා කරන මාධ්‍යයක් මෙහිදී භාවිතා වේ. එසේ සපයනු ලබන පෝෂ්‍ය පදාර්ථවලට, ඇමයිනෝ අම්ල, ග්ලූකෝස්, විටමින්, අකාබනික ලවණ, අතිරේක ප්‍රෝටීන සහ හෝමෝන වැනි වර්ධන සාධක ඇතුළත් වේ. අවසන් නිෂ්පාදනය මඟින්, ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂිත ස්වභාවික මස් වර්ගයේ ව්‍යූහය සහ සංයුතිය මත, වගා මාධ්‍යයේ සංයුතිය වෙනස් කිරීම සිදු වේ.
මීලඟ පියවර ලෙස සෛල ප්‍රගුණනයට ලක්කිරීම දැක්විය හැකියි. එහිදී බීජ සෛල මඟින්, සෛල විශාල සංඛ්‍යාවක් ලබා ගැනීම සිදු වේ. මෙම ක්‍රියාවලියේදී, pH අගය, ද්‍රාවිත ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, වැදගත් පෝෂක සහ පරිවෘත්තීය අපද්‍රව්‍ය සාන්ද්‍රණය අධීක්‍ෂණය කිරීම සිදු වේ. කෙසේ වෙතත්, මස් සඳහා පවතින වෙළඳපල ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය පරිමාණයෙන් සෛල නිපදවීම සඳහා, වර්තමාන රසායනාගාර වල පහසුකම් ප්‍රමාණවත් නොවන බව, බොහෝ ආහාර කර්මාන්තකරුවන්ගේ මතයයි.
ප්‍රගුණනය කිරීමෙන් අනතුරුව අනුගමනය කළ හැකි පියවරක් ලෙස, Scaffolding දැක්විය හැකියි. මෙහිදී, කොලැජන් සහ ස්වභාවික මස් වල දැකිය හැකි අනෙකුත් අභ්‍යන්තර ව්‍යුහයන් ප්‍රතිස්ථාපනය කිරීම සිදු වේ. මෙම ක්‍රියාවලිය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර, Scaffolding අවශ්‍ය නොවන බර්ගර්, නගට්ස් සහ සොසේජස් වැනි නිශ්චිත ව්‍යූහයක් නොමැති මස් (unstructured meat) දැනටමත් විද්‍යාගාර තුළ නිෂ්පාදනය වෙමින් පවතී. ස්වභාවික ස්වරූපයට ආසන්න, විවිධ වර්ගයේ මස් සෑදීම සඳහා, ආහාරයට ගත හැකි ත්‍රිමාණ (3D) Scaffolds නිර්මාණය කිරීම අභියෝගයක් වී ඇත. මේ වන විට භාවිතා වන Scaffolds, සත්ත්ව පටක වලින් ලබාගන්නා කොලැජන් සහ ජෙලටින් මත පදනම් වේ. මෙම Scaffolding භාවිතා කරමින්, නිෂ්පාදකයාට රසායනාගාරයේ වැඩුණු සෛල, steak හෝ සැමන් sashimi බවට වූවත් පරිවර්තනය කළ හැකිය. හොඳම ස්වභාවික පෙනුම පවතින Scaffolds හඳුන්වා දීම සඳහා නිවිති කොළ, artichokes, පිෂ්ඨය භාවිතයෙන් මුද්‍රිත ලෙගෝ කැබලි, ජෙලටින්, බිම්මල් මුල් සහ textured සෝයා ප්‍රෝටීන් භාවිතා කිරීම වැනි විවිධ ශිල්පීය ක්‍රම අනුගමනය කෙරේ.
මීළඟ ප්‍රධාන පියවර ලෙස, සෛල වැඩෙන මාධ්‍යවල සංයුතිය වෙනස් කරමින් එහි පවතින නොමේරූ සෛල, කංකාල පේශි, මේදය සහ සම්බන්ධක පටක වලට විශේෂණය කරවීම සිදු කරනු ලබයි. ස්වාභාවික මාංශ පේශි පටකයක් තුළ පවතින ලෙසට, එනම් පේශි තන්තු, මේද සෛල (adipocytes) හෝ අනෙකුත් පරිණත සෛල වර්ග වලට සෛල විශේෂණය මේ හරහා සිදු කළ හැකිය. රසායනාගාරයේ වැඩුණු මස් වල පේශී තන්තු වල දිග, විෂ්කම්භය සහ ප්‍රෝටීන් අන්තර්ගතය සෛල වර්ධනය වන මාධ්‍යයේ සංයුතිය සහ සපයනු ලබන තත්ත්ව මත රඳා පවතී. මේ අනුව, ස්වභාවික මස්වල අඩංගු මාංශ පේශි තන්තු වලට වඩා රසායනාගාර තුළ වැඩෙන මස් වල එම පරාමිතීන් බෙහෙවින් අඩු විය හැකිය. මෙසේ රසායනාගාරයක් තුළ විශේෂණය කරවූ පේශි පටක, මීළඟට molding, වර්ණ ගැන්වීම, රස ගැන්වීම, ප්‍රෝටීන් අතිරේක එක් කිරීම වැනි සම්ප්‍රදායික ආහාර සැකසුම් ක්‍රම මගින් අවසාන නිෂ්පාදන බවට පත් කෙරේ. අවසාන වශයෙන්, ඇසුරුම් කිරීම සිදු කරනු ලබයි.
වැදගත් කරුණ වන්නේ, පිසීම, ග්‍රිල් කිරීම, බේක් කිරීම හෝ බැදීම මඟින්, අප ප්‍රිය කරන, සුපුරුදු මස් ආශ්‍රිත ආහාර වර්ග සැකසීම සඳහා, මෙසේ රසායනාගාර වල සකසන ලද මස් නිෂ්පාදන භාවිතා කළ හැකි වීමයි.
රසායනාගාරවල වගා කරන ලද මස් ඇත්තෙන්ම මස් ද?
සරලව පැවසුව හොත්, පිළිතුර ඔව්! රසායනාගාරවල වැඩුණු මස් ඇත්තෙන්ම මස් ලෙස සැලකිය හැක්කේ එහි අඩංගු වන්නේ අප සම්ප්‍රදායිකව ‘මස්’ ලෙස අනුභව කරන සත්ත්වයෙකුගේම සෛල වන බැවිනි. මේ දෙක අතර ඇති එකම වෙනස නම්, වගා කළ මස් යනු සජීවී සතෙකුගෙන් ලබාගත් සෛල වන විට, සාම්ප්‍රදායික මස් වනුයේ මිනිස් පරිභෝජනය සඳහා මරා දමන සතුන්ගෙන් සෘජුවම ලබාගත් පේශී පටකය වීමයි . මෙසේ නිපදවෙන මස්, කර්මාන්ත ශාලාවක හෝ ගොවිපලක වෙනුවට, විද්‍යාගාරයක වගා කරන සැබෑ සත්ව මාංශ සෛල වන බැවින් ඒවා කෘත්‍රිම මස් ලෙස නම් කිරීම බොහෝ විද්‍යාඥයින් ප්‍රතික්ෂේප කරයි. මෙසේ වගා කරන ලද මස් සහ සාම්ප්‍රදායික මස් අතර ව්‍යුහාත්මක වෙනස්කම් තවදුරටත් අවම කරගනිමින්, පාරිභෝගිකයා විසින් අපේක්ෂිත නියම වයනය සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව පුරා පර්යේෂණ සිදු කරනු ලබයි.
රසායනාගාරවල වැඩුණු මස් ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?
රසායනාගාර තුළ මෙම මස් සැකසීමේදී, සෛල වගා කරන මාධ්‍යයේ සහ අවසාන නිෂ්පාදනයේ ඇති, සෞඛ්‍යයට අහිතකර සාධක අඩු කිරීමට හෝ ඉවත් කිරීමට නිෂ්පාදකයින්ට ඇති හැකියාව හේතුවෙන් මේවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ සාම්ප්‍රදායික මස්වලට වඩා වැඩි විය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි. නිදසුනක් ලෙස, අධික කොලෙස්ටරෝල් සහ සංතෘප්ත මේද ප්‍රමාණය නිසා මස් අනුභවය නිදන්ගත රෝග ඇතිවීමට හේතු විය හැකි බව බොහෝ දෙනා දන්නා කරුණක්. නමුත් රසායනාගාරවල වගා කළ මස් සැකසීමේදී අවශ්‍ය ලෙසට හානිකර කොලෙස්ටරෝල් සහ සංතෘප්ත මේද ප්‍රමාණයන් පාලනය කිරීමට හැකි බැවින්, එම ගැටළුවෙන් රසායනාගාරවල සකසන මස් නිදහස් වනු ඇති. එමෙන්ම, සත්ත්ව පාලන කර්මාන්තයේදී, ප්‍රතිජීවක බහුලව භාවිතා කරනු ලබන බැවින්, සාම්ප්‍රදායික මස් පරිභෝජනය ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධය (antibiotic resistance) පිළිබඳ ගැටළු පැන නංවමින් පවතී. එහෙත්, විද්‍යාගාරවල වැඩුණු මස්, බැක්ටීරියා වලට ඔරොත්තු දෙන බැවින්, එයට ප්‍රතිජීවක අවශ්‍ය නොවන තරම් ය. එසේම, සාම්ප්‍රදායික මස් නිෂ්පාදනයේදී සතුන්ගේ මල ද්‍රව්‍ය අවසන් නිෂ්පාදනයට එක් වීම ඉතා සැලකිල්ලට බඳුන් වන ගැටළුවකි. නමුත් රසායනාගාර වල මස් වගා කිරීමේදී එවැන්නක් සිදු නොවේ.
කෙසේ වෙතත්, රසායනාගාරවල වැඩුණු මස්, මිනිස් සෞඛ්‍යයට හානිදායක වීය හැකි අවස්ථා ද පවතී. පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ, වගා කළ මස් අපගේ ආහාර වේලට ජානමය වශයෙන් නිර්මාණය කරන ලද/ වෙනස් කරන ලද සෛල හඳුන්වා දෙන බවයි. මිනිස් සිරුර තුළ වේගයෙන් වර්ධනය විය හැකි මෙම ජානමය වශයෙන් විකරණය කරන ලද සෛල, ශරීරගත වීමේ බලපෑම් පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය වේ. මෙයට හේතුව නම්, මෙම ජානමය වශයෙන් විකරණය වූ සෛල, පිළිකා සෛලයක් මගින් ප්‍රදර්ශනය කරන ලක්ෂණ පෙන්නුම් කිරීමයි. මේ අනුව, tumors හෝ පිළිකා ඇති කරන සෛල නිර්මාණය කිරීමට මෙම මස් වලට ඇති හැකියාව, අනාගත පර්යේෂණ සඳහා සැලකිල්ලට ගත යුතුය. එසේම, සමහර පර්යේෂණයන් සොයාගෙන ඇත්තේ, රසායනගාර තුළ පියවි සෛල වගා කිරීමේදී, සෛල වර්ධනය හා බෙදීම පාලනය කිරීම සඳහා වගකිව යුතු, වැදගත් පිළිකා මර්දනකාරකයක් වන එක්තරා ජානයක විකෘති ඇති විය හැකි බවයි. තවත් ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් විය හැක්කේ, වගා කළ මස් සෛලවල ක්‍රියාකාරී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නොමැති බැවින්, ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීමක් සිදු වුවහොත්, බැක්ටීරියා සහ දිලීර වර්ධනය සහ අනෙකුත් ව්‍යාධිජනකයින්ගේ වර්ධනය සඳහා ඉහළ සම්භාවිතාවක් පැවතීමයි.
මෙම තාක්ෂණය සත්ව හිංසනය තුරන් කිරීමට විසඳුමක් ද?
සෑම වසරකම ගොඩබිම් සතුන් බිලියන 70කට අධික ප්‍රමාණයක් සහ සාගර ජීවීන් ට්‍රිලියන ගණනක් මිනිස් පරිභෝජනය සඳහා මරා දමනු ලැබේ. එසේ වුවද, මස් වල රසය, පෝෂණය සහ ආහාර සම්ප්‍රදායන් කෙරෙහි පාරිභෝගිකයන් ලබා දී ඇති වටිනාකම ඉතා ඉහළය. රසායනාගාර වල වගා කරන මස් , සාමාන්‍ය මස් සඳහා වන, සත්ත්ව හිංසනයෙන් තොර විකල්පයක් වන්නේ, එමඟින් ආහාර සඳහා සතුන් ඇති කිරීම සහ මරා දැමීම අනවශ්‍ය වන බැවිනි.
එහෙත්, සමහර විද්‍යාඥයන්ගේ අදහස නම්, ජීවී සතෙකුගෙන් නිස්සාරණය කරන බීජ සෛල, බයොප්සි ක්‍රමය මඟින් ලබා ගන්නා බැවින්, රසායනාගාර තුළ වගා කළ මස් 100% සත්ත්ව කෲරත්වයෙන් තොර නොවන බවයි. මෙම ක්‍රියාවලිය වේදනාකාරී වන අතර විශාල ඉඳිකටු භාවිතා කිරීම නිසා සතුන්ට අපහසුතාවයක්ද ඇති විය හැකිය. එසේ වුවද, ආහාර කර්මාන්තයේ නියැලෙන්නන්, සත්ත්වයින්ට මෙම වේදනාවෙන් සහනයක් ලබා දීම සඳහා, සාමාන්‍ය නිර්වින්දන ක්‍රම භාවිතා කරන අතර, එමඟින් සත්ත්වයාට අත්විඳින්නට වන්නේ තාවකාලික අපහසුතාවයක් පමණී.
වගා කළ මස් නිෂ්පාදනය සහ එහි අනාගතය
2020 දී, සිංගප්පූරුවේ පාරිභෝගිකයින්ට විද්‍යාගාරවල සකසන ලද කුකුළු මස් රස බැලීමට පළමු අවස්ථාව ලැබුණි. ඒ ඔවුන්ගේ රජය විද්‍යාගාරවල වැඩුණු මස් විකිණීම අනුමත කිරීමෙන් පසුවයි. "1880" නම් සිංගප්පූරු අවන්හල, ඉතිහාසයට එක් වුණේ, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය පදනම් කරගත් සමාගමක් වන Eat Just විසින් නිෂ්පාදනය කරන ලද රසායනාගාර වල සැකසූ කුකුල් මස්, ලොව ප්‍රථම වරට වාණිජ අලෙවිය සිදු කිරීමෙනි. ලොව පුරා සිටින සාම්ප්‍රදායික මස් නිෂ්පාදකයින්ගෙන් USDA (එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) සහ FDA (ආහාර හා ඖෂධ පරිපාලනය) වෙත “මස්” සඳහා වන නිර්වචනය වෙනස් කරන ලෙසට ඉල්ලා පෙත්සම් විශාල සංඛ්‍යාවක් පැන නැගීම හේතුවෙන්, තවමත් ඇමරිකාවේ සහ අනෙකුත් නිෂ්පාදන සමාගම් පවතින රටවල්වල, මෙසේ වගා කරන ලද මස් වාණීජ අලෙවියට පැමිණ නොමැත.
පෙර කී ප්‍රශ්නය සහ වගා කළ මස්වල සෞඛ්‍ය ගැටළු හැරුණු විට, මෙම කර්මාන්තය, විශාල පරිමාණයේ නිෂ්පාදනය සඳහා, සෛල මාධ්‍ය වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම, ජෛව ක්‍රියාවලි සැලසුම් කිරීම සහ Scaffolding වැනි ප්‍රධාන අභියෝග කිහිපයකට මුහුණ දෙයි. එසේම, නව සමාගම්වල අවශ්‍යතාවය, ආයෝජන සහ ආහාර විද්‍යාඥයින්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමද මේ සඳහා වැදගත් වේ.
සත්ත්ව හිංසනයෙන් තොර සහ පාරිභෝගිකයාට පවතින පහසුව සැලකූ විට, රසායනාගාරවල සකසන මස්, ආහාර විද්‍යාවේ විශිෂ්ට නවෝත්පාදනයන්ගෙන් එකක් වන අතර එය ආහාර ලෝකයේ දීප්තමත් අනාගතය මොනවට පිළිඹිබු කරයි.
Lab-grown meat: The future of food?
Lab-grown meat, which is also known as cultured meat/ cultivated meat/ cell-based meat or clean meat, is a concept emerging over the past two decades in the food world. Lab-grown meat is a popular concept among food technologists and meat producers due to its ability to act as an alternative for the disastrous meat slaughtering and production by livestock agriculture.
What is lab-grown meat?
Lab-grown meat is known as genuine animal meat among food technologists. In simple terms, they are produced by cultivating animal cells directly outside the animal body and inside a laboratory. They are produced by proliferating the cells, obtained from a particular natural animal tissue, encouraging the replication of sensory and nutritional profiles of conventional meat that we consume every day. Lab-grown meat is able to be shaped into cuts of meat with the same natural meat texture. Consumers are able to experience the same taste that they have known for years about poultry meat, fish filet, hamburger, bacon, without the need to breed, confine or slaughter animals to create real meat products.
In 2013, the first cultivated meat burger was revealed to the world by the Dutch scientist, Mark Post. Two years later, the world’s first ever four companies for lab-grown meat production were established. The cultivated meat industry is now grown worldwide, with over 60 companies in 6 continents, aiming the commercial production of lab-grown meat. The centuries of knowledge in cell culture, stem cell biology, tissue engineering, fermentation, chemical and bioprocess engineering has preceded in the field of lab-grown meat production. This novel product is currently manufactured only by a few companies, whilst hundreds of companies and academic laboratories worldwide are conducting research on broadening its production.
How is lab-grown meat made?
The process of lab-grown meat production is expected to take 2-8 weeks, which can depend on the final product type. The first step in lab-grown meat production is to acquire and bank stem cells from an animal. This is done by carefully removing a small number of muscle cells from a living animal. The acquired cells are then grown in bioreactors. The oxygen rich cell culture medium is fed with basic nutrients that are needed for the cell growth, similar to what the animal body offers. The nutrients include, amino acids, glucose, vitamins, inorganic salts, supplement proteins and growth factors like hormones. The composition of the cell culture media depends on the structure and chemical make-up of the natural meat, which is aimed to be replaced by the final product. Thus, scientists change the composition of the medium accordingly.
The next step is known as subjecting the cells to proliferation, where the seed cells are proliferated to achieve large cell numbers. During this process, pH, dissolved oxygen and carbon dioxide concentration, important nutrient and metabolic waste concentration are monitored. However, the current laboratory and manufacturing facilities do not meet the that is required to satisfy the market demand.
Scaffolding is a step that can be followed by proliferation, and it is done to mimic collagen and other internal structures of natural meat. This process is still under research, whilst “unstructured” lab-grown meat like burgers, nuggets and sausages, which do not need the scaffolds, are already in production. Creating scaffolds that are 3D and edible, in the best possible way, to make different types of realistic meat, has become a challenge. So far, the introduced scaffolds are based on collagen and gelatin, which are animal derived. Using these scaffoldings, the producer can transform the lab grown cells into steak or even to salmon sashimi. Companies and researchers practice the use of spinach leaves, artichokes, long threads of starch printed into Lego pieces, gelatin, mushroom roots, textured soy protein etc. in order to introduce the best natural-like scaffoldings to the meat product.
Changes in the composition of the culture media are done in order to trigger the differentiation of immature cells into skeletal muscle, fat and connective tissues that make up the final meat product. The cells are differentiated into myotubes, adipocytes or other mature cell types, just as in a natural muscle tissue. It is worth noting that the length, diameter and the protein content of the myofibers depend on the composition and the conditions of the culture media. Thus, these parameters might be much lower than that of the real muscle fibers. The differentiated cells are then turned into the final products by preparation through conventional food processing techniques such as molding, coloring, seasoning, supplementation of proteins etc., which is followed by packaging.
The final cultured meat product can be real cuts of meat which are ready to be marinated, breaded, grilled, baked or fried, in order to obtain the usual meat dish that we enjoy.
Is lab-grown meat actually meat?
In a simple form, the answer would be Yes! Lab-grown meat is real meat because it contains the exact same animal cells that we traditionally consider as ‘meat’ – the flesh of an animal. The only difference between the two is that the cultured meat are cells harvested from a living animal, while conventional meat directly comes from animals that are slaughtered for human consumption. We cannot designate Lab-grown meat as artificial meat, because they are real animal flesh which are grown in a lab instead of a factory or a farm. Further research is conducted in order to investigate the textural advancements that can be done to cultured meat, to achieve the exact texture of conventional meat.
Is lab-grown meat healthy to consume?
The scientists claim that the health benefits of lab-grown meat can be higher than that of the conventional meat, since the producer has the potential to reduce or remove negative health factors in the culture medium and the final product, through the process line. As it is a well-known factor that eating meat can lead to chronic diseases due to its high cholesterol and saturated fat content, cultured meat is out of that concern, since the food scientists can control the quantities of harmful cholesterol and saturated fat in each cut of meat. Moreover, conventional meat consumption has raised awareness in antibiotic resistance as well, because of the heavy use of antibiotics in livestock agriculture. But, since lab-grown meat is pretty resilient against bacteria on its own, it requires fewer or no antibiotics. Also, it is important to consider that cultured meat will not be contaminated with fecal matter of animals, which is a huge concern towards the conventional meat production lines.
However, lab-grown meat has few negative impacts on human health as well. Researchers have pointed out the fact that cultured meat is introducing genetically engineered cells into our diets. Further researches are needed to be conducted regarding the disastrous effects of them, such as, the safety of ingesting rapidly growing genetically modified cell lines inside the human body. This is due the fact that genetically modified cells exhibit the characteristics of a cancerous cell. Thus, the creation of oncogenic or cancer-causing cells must be taken into consideration for future research. Also, some research has found that stem cell lines growing in a lab can acquire mutations in a certain gene, which is an important tumor suppressor responsible for controlling cell growth and division. Another major health concern can be contamination. Since cultured meat cells do not have a functioning immune system, there is a high likelihood for bacterial and fungal growth, and other pathogenic growth.
Obliterating animal cruelty
Over 70 billion land animals and possibly trillions of marine creatures are killed for human consumption every year. However, people still give higher value to the taste and nutrition of meat dishes. Cultured meat is a cruelty-free alternative to meat, via which raising and killing of animals for food becomes unnecessary.
Still, some scientists suggest that cultured meat is not 100% cruelty-free, since the seed cells that are extracted from a living animal are obtained via biopsy. This process is painful and might be uncomfortable to the animals due to the use of large needles. Industrial personnel suggest the use of typical anesthesia to provide relief from pain, through which the animal will only experience a momentary twinge of discomfort.
Availability and Future of cultured meat
In 2020, consumers in Singapore got the first chance to taste lab-grown chicken, after their government approved the sale of lab-grown meat. The Singaporean restaurant “1880” was the first to mark the history as the first commercial sale of cultured chicken bite, which was produced by the California, USA based company Eat Just. Lab-grown meat is still to debut in the USA food shelves, due to the high number of petitions arising from conventional meat producers all over the world to the USDA (United States Department of Agriculture) and FDA (Food and Drug Administration) to change the definition of “meat”. This has been petitioned as an attempt to stall lab-grown meat’s regulatory gains.
Other than the aforesaid issue and health concerns of cultured meat, the production in a significantly larger scale faces few main challenges like, cell line and culture media material availability, bioprocess design and scaffolding. Also, the requirement of new companies, investments and more contributions by the food scientists is important to fulfill as well.
It is salient to note that, the animal cruelty-free and convenient meat products developed by the cultured meat technology is one of the significant innovations in the food industry, and will represent the future of the food world with no doubt.
Prepared by: Ushenya Peiris
Post designed by:
References :
Is lab grown meat healthy and safe to consume? Available at : https://www.centerforfoodsafety.org/blog/6458/is-lab-grown-meat-healthy-and-safe-to-consume [accessed on 05/04/2022]
Lab grown meat: What is cultured meat and how is it made? Available at: https://sentientmedia.org/lab-grown-meat/ [accessed on 05/04/2022]
Learn about the Science of Cultivated meat and the challenges that must be addressed for commercial production. Available at: https://gfi.org/science/the-science-of-cultivated-meat/ [accessed on: 04/04/2022]
Scaffolds for the manufacture of cultured meat. Available at : https://pubmed.ncbi.nlm.nih.gov/34151657/ [ accessed on 05/04/2022]
Trends and ideas in technology, regulation and public acceptance of cultured meat. Available at: https://reader.elsevier.com/reader/sd/pii/S2666833521000228?token=CD8E25B0A2E41A18B7861263441A05BF1023B78001505A921D8900FC7BEDB00D609EA66FE67F84DC1CE4C9FF303531C9&originRegion=eu-west-1&originCreation=20220405075659 [accessed on 05/04/2022]
What is lab-grown meat, and how is cultured meat made? Available at : https://thehumaneleague.org/article/lab-grown-meat [accessed on: 04/04/2022]