Food for life


This series mainly focuses on enhancing consumer awareness regarding various aspects of food science. In this series, prominence is given to the topics related to food and health, human nutrition, and the legislative framework governing food control in Sri Lanka. 

Article 46 - සාම්ප්‍රදායික ප්‍රෝටීන අභිබවමින් කරළියට එන "ක්ෂුද්‍ර ජීවී ප්‍රෝටීන"

Microbial Proteins : A sustainable alternative to animal-based proteins

සාම්ප්‍රදායික ප්‍රෝටීන අභිබවමින් කරළියට එන "ක්ෂුද්‍ර ජීවී ප්‍රෝටීන"

ප්‍රෝටීන මිනිසාගේ වර්ධනයට, ශක්තියට සහ ශාරීරික ක්‍රියාකාරකම්වලට අත්‍යවශ්‍ය  ජෛව අණුවකි. ප්‍රෝටීන, මිනිස් සිරුර විසින් සංස්ලේෂණය කළ නොහැකි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නවයක් සපයයි. සාමාන්‍යයෙන් මෙම අවශ්‍යතාව සපුරාලනු ලබන්නේ ශාක ප්‍රෝටීන සහ සත්ත්ව ප්‍රෝටීන මගිනි. පර්යේෂණවලින් පෙනී යන අන්දමට ඇමයිනෝ අම්ල අන්තර්ගතය, සල්ෆර් අන්තර්ගතය සහ ජීර්ණය කිරීමේ හැකියාව  අතින් සත්ත්ව ප්‍රෝටීන අනෙකුත් ප්‍රෝටීන වලට වඩා ඉදිරියෙන් සිටී.(Berrazaga et al., 2019).


කෙසේ වෙතත් සත්ත්ව ප්‍රෝටීන මත යැපීම මේ වන විට සැළකිය යුතු අභියෝගයක් බවට පත්ව ඇත. 2050 වන විට ගෝලීය ජනගහනය  බිලියන 9.7 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මස් පරිභෝජනයෙහි 80% ක වැඩිවීමක් ඇස්තමේන්තුගත කර ඇත. (Nadathur et al., 2017). මෙම ඉල්ලුම වැඩිවීම හරිතාගාර වායු විමෝචනය, ඉඩම් හිඟය, සහ අනෙකුත් සත්ත්ව පාලනයේ අහිතකර පාරිසරික බලපෑම් උග්‍ර කිරීමට හේතු වෙයි. (Jiang et al., 2020). මීට අමතරව Vegan සංකල්පයේ වර්ධනයද සත්ත්වමය ආහාර වලින් ඈත් වීමට හේතු වේ. මෙම සාධක පරිසර හිතකාමී, ගුණාත්මක විකල්ප ප්‍රෝටීන වල ඉහළ අවශ්‍යතාවය  ඉස්මතු කරන අතර ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන හෝ තනි සෛල ප්‍රෝටීන(SCPs) ගවේෂණයේ වැදගත්කම පෙන්නුම් කරයි.

ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන ප්‍රභවයන් ලෙස බැක්ටීරියා, යීස්ට්, දිලීර සහ ක්ෂුද්‍ර ඇල්ගී දැක්විය හැක. ක්ෂුද්‍ර ජීවීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ ඉහළ වර්ධන වේගය, අඛණ්ඩ වගා විභවය සහ විවිධ කාබන් උපස්ථර භාවිතා කරමින් ලබා දෙන ඉහළ අස්වැන්න යන කරුණු පාදක කොට ගනියි (Lähteenmäki-Uutela et al., 2021).

බැක්ටීරියාවන්ගේ දෙගුණ වීමේ කාලය මිනිත්තු 20-30 ක් වන අතර, යීස්ට් හා ඇල්ගීවල දෙගුණ වීමේ කාලය පැය 2-3ක් ද, දිලීරවල දෙගුණ වීමේ කාලය පැය 16ක් ද වන බැවින් දිලීර, යීස්ට් හා අල්ගී වලට සාපේක්ෂව බැක්ටීරියා විශේෂ කාර්යක්ෂමතාවයක් උසුලන බව හඳුනාගත හැකිය. (Kuhad et al., 2009). Cellulomonas සහ Alcaligenes වැනි විශේෂ SCP නිෂ්පාදනයේදී බහුලව භාවිතා වේ. (Bajić et al., 2022). Escherichia coli, Bacillus subtilis, Methylophilus methylotrophus සහ methanotropic යන බැක්ටීරියා වල ප්‍රෝටීන අන්තර්ගතය 46-75% පමණ වේ. එය මස් වල ප්‍රෝටීන අන්තර්ගතය මෙන් 2-2.5 ගුණයක් වේ (Ciani et al., 2021).

Saccharomyces කුලය යීස්ට් ප්‍රෝටීන් නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වේ. Quorn නිශ්පාදනයේදී භාවිතා වන Mycoproteins වල ඉහළ ජීර්ණ හැකියාවක් සහිත වන අතර අත්‍යවශ්‍ය  ඇමයිනෝ අම්ල වලින් ද පොහොසත් වේ(Salter සහ Lopez-Viso, 2021).

සයනොබැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍ර ඇල්ගී ඉහළ ජීර්ණ හැකියාවක් සහිත ප්‍රෝටීන නිපදවයි. Dunaliella salina, Chlorella vulgaris, Haemotococcus pluvialis සහ Arthrospira platensis (spirulina) වැනි විශේෂ ඔවුන්ගේ පවතින ඉහළ පෝෂණ ගුණය මගින් හඳුනාගෙන ඇත.

SCP නිෂ්පාදනයට පියවර කිහිපයක් ඇතුළත් වේ. එනම්, අමුද්‍රව්‍ය (උපස්ථර) තෝරා ගැනීම, සුදුසු වික්‍රියා තෝරා ගැනීම, පැසවීම, අස්වනු නෙලීම සහ පසු අස්වනු ප්‍රතිකාරයි. කාබන්-නයිට්‍රජන් අනුපාතය සහ ප්‍රශස්ත pH මට්ටම් ක්ෂුද්‍ර ජීවී විශේෂ අනුව වෙනස් වේ.(Nasseri et al., 2011). 

ක්ෂුද්‍ර ජීවී ප්‍රෝටීන සැළකූ විට, බැක්ටීරියා 65% කට වඩා, යීස්ට් 40-45% සහ ක්ෂුද්‍ර ඇල්ගී 30-40% ට වඩා ප්‍රෝටීන නිපදවයි. ඔවුන්ගේ Higher Digestible Indispensable Amino Acid Score(DIAAS) මගින් ප්‍රෝටීන වල ඉහළ ගුණාත්මක භාවය සහ ජීර්ණය වීමේ හැකියාව නිරූපණය කරයි.

මීට අමතරව, ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන නිෂ්පාදනය බොහෝ පරිසර හිතකාමී ප්‍රතිලාභ ලබා දෙයි. මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩකඩ, ජලය සහ ආහාර අවශ්‍යතාව සාම්ප්‍රදායික පශුසම්පත් කර්මාන්තයට වඩා පහළ අගයක් ගන්නා අතර හරිතාගාර වායු විමෝචනය, සුපෝෂණය, සාගර ආම්ලීකරණය, සහ භූගත ජල දූෂණය පහළ අගයක් ගනී. පිරිසිදු ජලය සහ සරුසාර පස සදහා තරඟ නොකරන බැවින්, ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන නිෂ්පාදනය නාගරික ප්‍රදේශවල පවා ක්‍රියාත්මක කළ හැක.

ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන නිෂ්පාදනයේ ඉහළ ගුණාත්මක බවක් පවතින්නා සේම ඊට බලපාන ගැටලු රාශියක්ද පවතී. පැසවීම සැලසුම් කරන විට, Rhizopus සහ Aspergillus වැනි දිලීර මඟින් mycotoxin මිශ්‍ර නොවීමට අවධානයෙන් ක්‍රියා කළ යුතුය. ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා නීතිමය අවශ්‍යතා දැඩි වෙමින් පවතින අතර, සියලුම හැසිරවීම්, සැකසීම් සහ අවදානම් තක්සේරු කිරීමේ පියවරයන් එමගින් ආවරණය කෙරේ. කෙසේ වෙතත්, ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන ආහාර කර්මාන්තය සඳහා විශාල වෙනස්කම් ඇති කළ හැකි බව රජය මගින් පිළිගෙන ඇති අතර පර්‍යේෂණ සඳහා රාජ්‍ය සහය සහ ආයෝජනයන් වර්ධනය වෙමින් පවතී.

සත්ත්ව ප්‍රෝටීන සඳහා තිරසාර හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ විකල්පයක් වන ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන, පාරිසරික වශයෙන් සහ පෝෂණමය වශයෙන් ද ප්‍රතිලාභ රැසක් ලබා දේ. මෙලෙස ඉහළ යමින් පවතින ගෝලීය ප්‍රෝටීන් ඉල්ලුම තිරසාර ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිලා ක්ෂුද්‍රජීවී ප්‍රෝටීන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට සූදානමින් සිටී.


Microbial Proteins: A sustainable alternative to animal-based proteins


Proteins are essential biomolecules crucial for human growth, development, bodily functions, and energy. They provide the nine essential amino acids not synthesized by the human body. Traditionally, these needs are met through plant-based and animal-based proteins. Research shows that animal-based proteins are superior due to their amino acid content, higher sulfur content, and digestibility (Berrazaga et al., 2019). 

However, the reliance on animal-based proteins poses significant challenges. The global population is projected to reach 9.7 billion by 2050, with an estimated 80% increase in meat consumption (Nadathur et al., 2017). This surge in demand exacerbates issues such as greenhouse gas emissions, land scarcity, and the environmental impact of livestock farming (Jiang et al., 2020). Additionally, growing vegan trends are driving a shift away from animal-based foods. These factors highlight the need for an eco-friendly, high-quality protein alternative, leading to the exploration of microbial proteins, or single-cell proteins (SCPs).

Microbial Proteins, derived from bacteria, yeast, fungi, and microalgae, offer a promising solution. These microorganisms are chosen for their high growth rates, continuous culture potential, and high yields on various carbon substrates (Lähteenmäki-Uutela et al., 2021).

Bacteria are particularly efficient, with a doubling time of 20-30 minutes, compared to 2-3 hours for yeast and algae, and 16 hours for fungi (Kuhad et al., 2009). Species like Cellulomonas and Alcaligenes are commonly used in SCP production (Bajić et al., 2022). Certain strains of Escherichia coli, Bacillus subtilis, Methylophilus methylotrophus, and methanotrophic bacteria boost protein content of 46-75%, 2-2.5 times that of meat (Ciani et al., 2021).

The genus Saccharomyces is prominent in yeast protein production. Mycoproteins, such as those used by the Quorn brand, are highly digestible and rich in essential amino acids (Salter and Lopez-Viso, 2021).

Microalgae, including cyanobacteria, produce highly digestible proteins. Species like Dunaliella salina, Chlorella vulgaris, Haemotococcus pluvialis, and Arthrospira platensis (spirulina) are recognized for their nutritional value.

SCP production involves several steps such as selecting raw materials (substrates), choosing suitable strains, fermentation, harvesting, and post-harvest treatments. The carbon-to-nitrogen ratios and optimal pH levels vary depending on the microorganism species (Nasseri et al., 2011).

Considering nutritional value, microbial proteins generally have higher nutrient content than animal-based proteins. Bacteria, yeast and microalgae produce more than 65% protein, 40-45% protein, and 30-40% protein respectively. Their higher Digestible Indispensable Amino Acid Score (DIAAS) indicates superior protein quality and digestibility.

Moreover, microbial protein production offers numerous environmental benefits. It requires less land, water, and feed than traditional livestock farming while reducing greenhouse gas emissions, eutrophication, ocean acidification, and aquifer contamination. Since it doesn't compete with fresh water and fertile soil, microbial protein production is viable even in urban areas.

Despite its potential, microbial protein production faces challenges. Fermentation must be meticulously planned to avoid hazards like mycotoxin contamination from molds such as Rhizopus and Aspergillus. Regulatory requirements for microbial protein production are strict, encompassing all handling, processing, and risk assessment steps. However, government support and investment in research and development are growing, recognizing microbial proteins as a game-changer for the food industry.

In conclusion, microbial proteins represent a sustainable, high-quality alternative to animal-based proteins, offering significant environmental and nutritional benefits. As the Research and Development sector continues to advance, microbial proteins are poised to play a crucial role in addressing the global protein demand sustainably.

References-

Bajić, B., Vučurović, D., Vasić, Đ., Jevtić-Mučibabić, R., Dodić, S., 2022. Biotechnological Production of Sustainable Microbial Proteins from Agro-Industrial Residues and By-Products. Foods 12, 107.  https://doi.org/10.3390/foods12010107

Berrazaga, I., Micard, V., Gueugneau, M., Walrand, S., 2019. The Role of the Anabolic Properties of Plant- versus Animal-Based Protein Sources in Supporting Muscle Mass Maintenance: A Critical Review. Nutrients 11, 1825.  https://doi.org/10.3390/nu11081825

Ciani, M., Lippolis, A., Fava, F., Rodolfi, L., Niccolai, A., Tredici, M.R., 2021. Microbes: Food for the Future. Foods 10, 971.  https://doi.org/10.3390/foods10050971

Jiang, G., Ameer, K., Kim, H., Lee, E.-J., Ramachandraiah, K., Hong, G.-P., 2020. Strategies for Sustainable Substitution of Livestock Meat. Foods 9, 1227. https://doi.org/10.3390/foods9091227

Kuhad, R.C., Singh, A., Tripathi, K.K., Saxena, R.K., Eriksson, K.-E.L., 2009. Microorganisms as an Alternative Source of Protein. Nutr. Rev. 55, 65–75. https://doi.org/10.1111/j.1753-4887.1997.tb01599.x

Lähteenmäki-Uutela, A., Rahikainen, M., Lonkila, A., Yang, B., 2021. Alternative proteins and EU food law. Food Control 130, 108336. https://doi.org/10.1016/j.foodcont.2021.108336

Nadathur, S.R., Wanasundara, J.P.D., Scanlin, L., 2017. Proteins in the Diet, in: Sustainable Protein Sources. Elsevier, pp. 1–19. https://doi.org/10.1016/B978-0-12-802778-3.00001-9

Nasseri, A.T., Rasoul-Amini, S., Morowvat, M.H., Ghasemi, Y., 2011. Single cell protein: production and process. Am. J. Food Technol. 6, 103–116.

Salter, A.M., Lopez-Viso, C., 2021. Role of novel protein sources in sustainably meeting future global requirements. Proc. Nutr. Soc. 80, 186–194. https://doi.org/10.1017/S0029665121000513

Written by: Shenali Wijerathne , Ishani Nipunika

Designed by: Yethmi Amanda

Article 45 - ආහාර රුචිය වඩවන "Mukbang"

The Rise of Mukbang : A Cultural Phenomenon and Its Impact on Food Consumption

මෑත කාලීනව සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමග, ආහාර අනුභව කරන වීඩියෝ පට හා සබැඳි අන්තර්ගතයේ නව රැල්ලක් මතුවී ඇත. මෙම වීඩියෝ පට විශේෂයෙන් තරුණ ආසියානුවන් අතර ජනප්‍රිය වී ඇති අතර, මේ වන විට බටහිර රටවල ප්‍රේක්ෂකයින් වෙතද මෙම වීඩියෝ පට නැරඹීමේ ප්‍රවණතාවය ළඟා වෙමින් පවතී. මෙම වීඩියෝ වල පුද්ගලයින් විශාල ආහාර ප්‍රමාණයක් පරිභෝජනය කරන බව ප්‍රේක්ෂකයාට දනවන අතර, නරඹන්නන් හට බොහෝ විට සමීප, උසස්  තත්වයේ ආහාර හැපීමේ හා ගිලීමේ ශ්‍රව්‍ය සංජානනයන් ඇති කිරීමට සමත්වේ. බොහෝ සමාගම් මෙම වීඩියෝ පට වල ජනප්‍රියත්වය, ව්ලෝගර්ස්(vloggrs) සමඟ හවුල් වීමට ස්වර්ණමය අවස්ථාවක් ලෙස භාවිතා කරයි. මෙම හවුල්කාරීත්වයන් හරහා ඔවුන් ඩිජිටල් අලෙවිකරණ ක්‍රම මඟින් ඔවුන්ගේ මුළුතැන්ගෙයි උපකරණ සහ  ආහාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට අවස්ථා සලසා ගනී. පර්යේෂණයන්ට අනුව මෙහි ඇති සිත් ඇදගන්නා සුළු කරුණ නම්, Junk foods වැනි ආහාර වර්ග අනුභව කිරීම දැක්වෙන මෙම වීඩියෝ පට නැරඹීම හරහා නරඹන්නන් යම් සතුටක් ලබන බවයි.

ආහාර, ආසියානු සංස්කෘතීන් තුළ පෝෂණයට පමණක් සීමා නොවූවකි. නිදසුනක් ලෙස, චීන ප්‍රජාව මිත්‍රත්වය ගොඩනගා ගැනීමට, සමාජ ස්ථාවරත්වය විදහා දැක්වීමට, සම්ප්‍රදායන් ජීවමානව පවත්වා ගැනීමට සහ විශේෂ අවස්ථා සැමරීමට බලවත් මෙවලමක් ලෙස මෙම ආහාර බෙදා ගැනීමේ සම්ප්‍රදාය භාවිතා කරයි. හුදකලා ආහාර අනුභවය විටෙක පාළුවක් හා තනිකමක් හඟවයි. එයට පිළියමක් ලෙස මෙම ආහාර අනුභව කිරීමේ වීඩියෝ පට කරළියට පැමිණ ඇත. බොහෝ පුද්ගලයින් විශේෂයෙන් තනිව ආහාර පරිභෝජනය කරන අතරතුර ඇතිවන හුදෙකලා හැඟීම් පලවා හැර ගැනීමට මෙවන් වීඩියෝ පට හරහා ගොඩනැගෙන "අතථ්‍ය ඇසුර" (virtual companionship) මනාව භාවිතා කරනු ලැබේ.

මෙම ආහාර අනුභව වීඩියෝ පට සඳහා කදිම නිදසුනක් ලෙස, දකුණු කොරියාවේ "Mukbang" නමින් හඳුන්වා දෙන ලද නව අන්තර්ජාල ආහාර ප්‍රවණතාව සැළකිය හැකිය. මෙම "Mukbang" අතරතුර සත්කාරකයා (The host) නරඹන්නන් සමඟ කතාබස් කරන අතර බොහෝ ආහාර අනුභව කරයි. එසේම, මෙම "Mukbang" යෙදුමෙහි අර්ථය වනුයේ , කොරියානු භාෂාවේ සහකාරිය යන වචනාර්ථයෙන් "ඔබ සමඟ පාන් අනුභව කරන්නෙක්" යන්නයි. "Mukbang" හි බොහෝ විට ASMR-Autonomous Sensory Meridian Response (ස්වයංක්‍රීය සංවේදක සංසිද්ධිය) හි මූලෝපාංග ඇතුළත් කර ඇති අතර එය නරඹන්නන් සඳහා උත්තේජක අත්දැකීමක් නිර්මාණය කරනු ලැබේ. මුල් කාලීනව කොරියානුවන් අතර ප්‍රචලිත වූ මෙම "Mukbang" ආහාර අනුභව කිරීමේ වීඩියෝ පට වර්තමානය වනවිට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී.

Mukbang වීඩියෝ, ASMR හි විවේකී බව  සහ යමෙකු රසවත් ආහාර වේලක් අනුභව කරන කෙනෙකු දෙස බලා සිටීමෙන් ලබාගන්නා සතුට ඒකාබද්ධ කරයි. ඒවා ප්‍රේක්ෂකයන්ට  විනෝදාස්වාදයට වඩා වැඩි යමක් ලබා දෙන අතර සහ මානසික පීඩනය  අඩු කිරීමට හැකි සංවේදී අත්දැකීමක් සපයයි. එලෙසම මෙම Mukbang වීඩියෝ සමාජ අන්තර්ක්‍රියා සඳහා ආදේශකයක් ලෙස ක්‍රියා කරන අතර සමාජයීය හෝ පුද්ගලික සීමාවන් නොමැතිව නිදහසේ ආහාර ගැනීමේ තෘප්තිය ළඟා කර ගනිමින් ආහාර වඩාත් සිත් ඇදගන්නාසුළු කිරීම සඳහා, සමීප ඡායාරූප සහ කටට කෙළ  උනන දර්ශන භාවිතා කරයි. 

ASMR සමඟින් Mukbang වීඩියෝ පුද්ගලයන් සන්සුන් කිරීම සහ මනෝභාවය වැඩි දියුණු කිරීම සිදුකරන  නමුත් යමෙකු කොපමණ ආහාර  ප්‍රමාණයක් අනුභව කරනවාද  යන්න පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම පිළිබඳ කනස්සල්ලක් ඇත. සැබෑ වශයෙන්ම මෙමඟින් ප්‍රේක්ෂකයන්ව වැඩිපුර ආහාර ගැනීමට පොළඹවන අතර ඔවුන්ගේ ආහාර පුරුදු වෙනස් කරයි. මෙය සෞඛ්‍යයට අහිතකර තේරීම්වලට, ආහාර ගැනීමේ අක්‍රමිකතාවලට පවා හේතු විය හැක. විශේෂයෙන් දරුවන් අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම කෙරෙහි මෙමඟින් බලපෑම් ඇති  කළ හැකිය. 

ප්‍රවාහ සේවා(Streaming services) අත්දැකීම් නිර්මාණය කිරීමට ශබ්ද සහ දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරන නමුත් Mukbang වලට සුවඳ සහ රසය පිළිබඳ සංවේදනයක් නොමැත. එබැවින් නිර්මාණකරුවන්ට, අනාගත පර්යේෂණ මඟින් මෙම වීඩියෝවල බලපෑම වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ආකෘතිවල විස්තර සහ වෙනත් සංවේදක විස්තර ඇතුළත් කළ හැකි ආකාරය ගවේෂණය කිරීමට අවස්ථාව විවර වේ.

In recent years with social media booming, food-eating videos have become a new wave of online content especially among young Asians. Also this trend is outreaching western audiences. These videos feature people who are consuming large amounts of food, often with close-up videos, high-quality audio capturing the sounds of chewing, crunching, and slurping. Companies perceive the popularity of these videos as a golden opportunity to partner up with these vloggers. These partnerships allow them to promote their kitchenware and food products through a form of digital marketing. Interestingly, research suggests that people find it enjoyable watching others eat, particularly when they are indulging in junk food or tackling massive portions.

In Asian cultures, food goes beyond sustenance. For example, people in China share meals with each other to strengthen friendships, social standing, and traditions, as well as to celebrate special occasions. Eating alone might seem quite lonely, and that is how the food-eating videos were originated. People watch these videos, especially while eating alone, because they provide a sense of virtual companionship, helping to chase away those lonely feelings.

In South Korea, a new online food trend called “mukbang” has emerged. During a mukbang, a host eats a lot of food while chatting with viewers. Interestingly, the Korean word for companion literally means “someone who eats bread with you.” Mukbangs often incorporate elements of Autonomous Sensory Meridian Response (ASMR), creating a stimulating experience for viewers. This trend, which was originated in Korea, is now gaining global popularity.

Mukbang videos combine the relaxation of ASMR with the joy of watching someone, eating a delicious meal. They offer viewers more than just entertainment since they provide a sensory experience, that has a calming effect, helping to alleviate stress. In a way, these videos act as a substitute for social interaction and the satisfaction of eating freely without social or personal restrictions. Mukbangs use close-up shots and mouthwatering visuals to make the food even more appealing which is known as ‘Food porn’. Eventhough, mukbang videos with ASMR has positive impacts to improve moods, there is a concern that focusing on controlling food intake of vloggers and effect of changing their eating habits. This can lead to consequences such as eating disorders, especially for children who might be influenced to overeat. Streaming services use sounds and visuals to create a sensory experience, mukbangs lack of the sense of smell and taste. Future researches might explore how creators can incorporate descriptions of textures and other sensory details for better understanding of these videos.

References:

Anjani, L., Mok, T., Tang, A., Oehlberg, L. and Goh, W.B., 2020, April. Why do people watch others eat food? An Empirical Study on the Motivations and Practices of Mukbang Viewers. In Proceedings of the 2020 CHI conference on human factors in computing systems (pp. 1-13).

Yin, Y. and Fan, C.F., 2023. The Effects of Mukbang Watching on Enteral Feeding Intolerance Among Critically Ill Patients: Study Protocol for a Randomized Controlled Trail. Patient preference and adherence, pp.2891-2897.

Chen, C., 2021. Does watching others eat in videos make you buy? Food eating videos and their relationships to food purchase (Doctoral dissertation, Concordia University).

Written by: Udiththara Devangani

                           Ravindu Madhushan

Article 44 - මනෝභාවය සහ යහපැවැත්ම සඳහා චොකලට් බලපාන්නේ කෙසේද?

Impact of chocolate on mood and wellness : Neurochemical insights

කුඩා චොකලට් කැබැල්ලකට පවා ඔබගේ දවස වෙනස් කළ හැකි බව ඔබ දන්නවා ද? චොකලට් ඉතිහාසය ආරම්භ වන්නේ මීට වසර 4000 කට පමණ පෙර වර්තමාන මෙක්සිකෝව (Mexico) වන මෙසෝඇමෙරිකාහිදී (Mesoamerica) ය . ඇස්ටෙක් (Aztec)  සහ මායා (Mayan) ශිෂ්ඨාචාරයන් කොකෝවා බීජ භාවිතා කර තිත්ත රසැති පානයක් සාදා ගත් අතර එය අද අප දන්නා චොකලට් බවට පරිණාමය වී ඇත. චොකලට් නිෂ්පාදනය කරනු ලබනුයේ කොකෝවා ශාක (Theobroma cacao) වලින් ලබා ගන්නා කොකෝවා බීජ වලිනි. මේවා බදින (roasted) ලද සහ අඹරන (ground) ලද කොකෝවා බීජ වලින් නිෂ්පාදනය කරනු ලබන රසවත් ආහාරයකි. අපට වර්තමාන වෙළඳපොලින් milk chocolate, white chocolate, dark chocolate, semisweet chocolate, bittersweet chocolate, unsweetened chocolate, couverture chocolate සහ ruby chocolate ලෙස වර්ග ගණනාවක් මිලදී ගත හැකිය. ලොව පුරා ප්‍රචලිත චොකලට්  වෙළඳ සන්නාමයන් ලෙස Lindet, Ghirardelli, Godiva, Hershey's සහ Cadbury ප්‍රමුඛත්වය දරයි. 

චොකලට් සතුව පවතින මැජික් ක්‍රියාකාරිත්වය අපගේ සතුට උද්දීපනය කිරීමට පොහොසත් වන අතරම එය පිටුපස විද්‍යාත්මක පැතිකඩක් ද පවතී. චොකලට් සතුව ආදරයේ ඖෂධය (Love drug) ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍ය සහ සංයෝග පවතින අතර ඒවා අපගේ මොළයේ සහ ශරීරයේ වෙනස්කම් ඇති කිරීමට සමත් වෙයි. ඒවා අපගේ ඉන්ද්‍රියන් මත ධනාත්මක ලෙස බලපෑම් ඇති කරයි. මෙම සංයෝග කුඩා ප්‍රමාණ වලින් තනි තනිව ගත් විට එය ඵලදායි නොවුන ද ඒවා එකට එක්ව ක්‍රියා කරමින් ප්‍රීතිමත් හැඟීම් ඇති කිරීමට සමත් වේ. 

චොකලට් වල රසායනික බලපෑම මෙන්ම එහි වූ සංවේදනය මගින් ද මිනිසුන්ට සතුට සහ සැනසීම ලබා දිය හැකිය.

චොකලට් සතුව ඇති බාහිර පෙනුම දුටු සැනින් වුවද චොකලට් ලෝලීන්ගේ සිත් සෑහීමකට පත් කළ හැකි බව නොරහසකි. එහි වූ දිළිසෙන නිමාව, (glossy finishing) විවිධ හැඩ සහිත වීම, දුඹුරු සහ සුදු වර්ණ වල සංකලනයන්ගෙන් ද සමන්විත වන අතර එහි වූ සංකීර්ණ සුවඳ සමග එක් වූ රසය ද මේ සදහා බලපෑම් ඇති කරයි. එක් චොකලට් කැබැල්ලක් සැළකූ විට එය ඝන තත්ත්වයේ පැවතිය ද මෘදු විය යුතුය. නමුත් චොකලට් කැබැල්ලක් ආහාරයට ගත් විට මුඛය තුළ දී එය දිය වීමත් සමඟම එහි මැජික් ක්‍රියාවලිය ආරම්භ වන්නේ මිනිසුන්ගේ සතුට සහ ආදරයේ හැඟීම් ඇති කිරීමට පොහොසත් සංයෝග සහ රසායනික ද්‍රව්‍ය නිදහස් කිරීමට පටන් ගැනීමෙනි. මෙම සංවේදනයන්ගේ සංයෝජනය අපගේ මොළය උත්තේජනය කර සතුට සඳහා බලපෑම් ඇති කළ හැකි හෝමෝන ස්‍රාවය සිදු කිරීමට උපකාරී වේ. 

මෙම රසායනික ද්‍රව්‍ය වලින් එකක් වන්නේ Phenylethylamine (PEA) වන අතර එය ආදරයේ ඖෂධය ලෙස හදුන්වනු ලබයි. මෙය ආදරයට සමාන හැඟීම් ඇති කරනු ලබන විශාදනාශකයකි (Anti-depressant). චොකලට් වල කුඩා ප්‍රමාණයන්ගෙන් අඩංගු මෙම රසායනිකය මොළයේ ස්නායු සම්ප්‍රේෂකයක් (Neurotransmitter) ලෙස ක්‍රියා කරමින් ස්නායු පද්ධතිය උත්තේජනය කරයි. මෙම ස්නායු සම්ප්‍රේෂකය මනෝභාවය සහ චිත්තවේග පාලනය කිරීමේ කාර්‍යභාරය ඉටු කරයි. මෙම රසායනිකයේ බලපෑම මිනිත්තු කීපයක සිට පැය කීපයක් දක්වා පවතී. එනම් මෙය චොකලට් ආහාරයට ගැනීමෙන් පසු අත්විඳින තාවකාලික සතුටක් හෝ ප්‍රීතියකි. අපගේ පරිවෘත්තිය, සංවේදීතාව සහ සමස්ථ මොළයේ රසායනය වැනි සාධක හේතුවෙන් අපගේ සතුට මත PEA බලපෑම වෙනස් විය හැකිය. 

තවත් සංයෝගයක් වන්නේ ශාක ලෝකයට අයත් නයිට්‍රජන් අඩංගු ඇල්කලොයිඩ වර්ගයක් වන තියෝබ්‍රොමීන් (Theobromine) ය. එය තේ, කෝපි සහ kola nuts වල ද හමුවන අතර එහි පොහොසත්ම ප්‍රභවය වන්නේ චොකලට්ය. තියෝබ්‍රොමීන් සහ කැෆේන් සමාන ප්‍රමාණ වලින් පරිභෝජනය කරන විට එමගින් මොළය මත ඇති කරන බලපෑම සමාන වන බව අධ්‍යයනය කර ඇත. Anandamide චොකලට් වල ඇති තවත් වැදගත් සංයෝගයකි. එය කංසා වල පවතින ප්‍රාථමික මනෝ ක්‍රියාකාරී සංයෝගය වන THC(tetrahydrocannabinol) ලෙසින් ම මොළයේ ක්‍රියාකාරිත්වයට බලපානු ලබන කැනබිනොයිඩ වර්ගයකි. Anandamide මිනිස් මොළයේ ස්වභාවිකවම කුඩා මාත්‍රාවලින් නිපදවෙන අතර චොකලට් වල ද දක්නට ඇත. මෙම රසායනිකයට කාංසාව(Anxiety) අඩු කිරීමට ද හැකියාව ඇත. 

අප චොකලට් ආහාරයට ගන්නා විට එන්ඩෝර්පින් (Endorphins), සෙරටොනීන් (Serotonin), ඩෝපැමීන් (Dopamine)සහ  ඔක්සිටොසීන් (Oxytocin) යන රසායනික ද්‍රව්‍ය මොළය විසින් නිදහස් කරන අතර ඒවා සතුට සහ සමස්ත යහපැවැත්ම සදහා බලපෑම් ඇති කරයි. මෙම රසායනික ද්‍රව්‍ය නියුරෝන මගින් ප්‍රීතිමත් හැඟීම් ඇති කිරීම සදහා එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට භාවිතා කරයි. එන්ඩෝර්පින් අපගේ මොළයේ ඇති ප්‍රතිග්‍රාහක සමග අන්තර්ක්‍රියා කර වේදනාව සමනය කිරීමට උපකාරී වන අතර චොකලට් ආහාරයට ගැනීම වැනි විනෝදජනක ක්‍රියාකාරකම්වල දී සතුට වැඩි කිරීමට ද දායක වෙයි. සෙරොටොනීන් සාමාන්‍යයෙන් සතුට සමඟ සබඳතා පවත්වයි. සෙරොටොනීන් අඩු මට්ටමක පැවතීම මානසික අවපීඩනය සහ කාංසාව ඇති කිරීමට හේතු සාධක වෙයි. නමුත් මෙම රසායනිකයට අපව සතුටු කිරීමට, අපගේ මනෝභාවය, තෘප්තිය සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කළ හැකිය. අප තුළ යහපත් හැඟීම් ඇති කිරීමට ඩෝපැමීන් හේතු වේ. මොළය ඩෝපැමින් මුදා හරින විට අපගේ මොළයේ වූ  pleasure centers ලෙස හැදින්වෙන කොටස් ක්‍රියාත්මක වන අතර එමගින් අපගේ ඇසෙහි කණිනිකාව ප්‍රසාරණය වේ. මෙය ආදරය සහ ආකර්ෂණය පිලිබඳ සංඥාවකි. ඔක්සිටොසීන් සමාජ සම්බන්ධතා සඳහා වැදගත් වේ. එනම් අප යමෙකු වැළඳ ගන්නා සෑම විටම ඇති වන බලපෑමට සමාන බලපෑමක් චොකලට් ආහාරයට ගැනීමෙන් ද ඇති වේ. 

නූතන යුගයේ දී චොකලට් ආදරයේ සංකේතයක් ලෙසට භාවිතා වේ. ආදරය සහ චොකලට් සියවස් ගණනාවක් පුරා එකට බැඳී ඇත.

හැරී පෝටර් චිත්‍රපටයක ලුපින් හැරීට චොකලට් බාර් එකක් දෙමින් පැවසුවේ "Eat, you'll feel better" ලෙස ය. මෙය ලොව පුරා බොහෝ දෙනා පිළිගත් කාරණයක් වන අතර සැබැවින්ම චොකලට් අපගේ සතුට හා යහපැවැත්ම ට සෘජුවම දායක වෙමින් අප තුළ යහපත් හැඟීම් ජනිත කිරීමට සමත් දිව්‍යමය ආහාරයකි.


Even a tiny piece of chocolate can turn your day around. The history of chocolate begins 4,000 years ago in Mesoamerica, which is Mexico present-day. The Aztec and Mayan civilizations used cocoa beans to make a bitter drink, and over time, it evolved into the chocolate that we consume today. Chocolate is derived from cocoa beans, the seeds of cocoa trees (Theobroma cacao). Chocolate is a beloved food product made from roasted and ground cocoa beans. We can afford different types of chocolate products in the market, such as milk chocolate, white chocolate, dark chocolate, semi-sweet chocolate, bittersweet chocolate, unsweetened chocolate, couverture chocolate, and ruby chocolate.

Chocolate works its magic on our happiness and has scientific evidence backing it up. Chocolate has compounds that are called the “love drug,” “happiness drug,” and “pleasure drug.” Chocolates contain many substances and chemicals which affect our body and brain. They can affect us positively in enjoyable ways. Small amounts of these chemicals are not individually effective but when the chemicals are packed together, that combination is responsible for producing happy feelings.

Beyond the chemical effect, the sensory experience of chocolate can also make people happy and feel comforted. We are all satisfied with the appearance of chocolate. Its glossy finish, different shapes, and lots of shades of brown and white are combined with complex aroma profiles, such as rich, bitter scents and sweet aromas that vary depending on the type of chocolate. When we get a bite of a piece, it should be smooth and solid. But in the mouth, it begins melting in a few seconds and starts to release the magical compounds and chemicals that make people happy and evoke feelings of love. The combination of the sensory experience helps secrete hormones by stimulating our brain.

One of these chemicals is Phenylethylamine (PEA), commonly referred to as the love drug. This is a natural anti-depressant that produces feelings similar to falling in love. This chemical, found in small amounts in chocolate, stimulates the nervous system by acting as a neurotransmitter in the brain. These neurotransmitters are known for their role in regulating mood and emotions. The effect of PEA lasts from a few minutes to a couple of hours. This is a temporary feeling of happiness or euphoria experienced after consuming chocolate. The effect of PEA on our happiness can vary depending on individuals due to factors such as metabolism, sensitivity, and overall brain chemistry.

Another compound is Theobromine, a nitrogen containing alkaloid that belongs to the plant world. It can also be found in tea, coffee, and kola nuts, but chocolate is the richest known source. Theobromine and caffeine have many of the same stimulant effects on the human brain when consumed in equal amounts.

Anandamide is another important compound in chocolate. It is a cannabinoid that affects the same functions of the brain as THC (tetrahydrocannabinol), the primary psychoactive compound found in cannabis. Anandamide is produced naturally in the human brain in small dosages and can also be found in chocolate. Anandamide can reduce anxiety as well.

When we eat chocolate, our brain releases chemicals such as endorphins, serotonin, dopamine, and oxytocin, which are associated with happiness and overall wellness. These chemicals are used by neurons to communicate with each other to produce happy feelings.

Endorphins interact with receptors in our brain to relieve pain naturally. They also boost pleasure during enjoyable activities.

Serotonin is commonly associated with happiness. This chemical can improve our mood, satisfaction, and overall well-being whereas, low levels of serotonin cause depression and anxiety.

Dopamine is responsible for making us feel good. When the brain releases dopamine, the parts of the brain called pleasure centers are activated, making our pupils dilated. This is a sign associated with love and attraction.

Oxytocin plays a role in social bonding, such as hugging someone and apparently when we eat chocolate. This hormone is associated with feelings of love.

According to these scenarios, chocolate can affect our happiness and well-being directly. In modern times, chocolate is significant as an expression of love and romance. Chocolate and love have been intertwined through the centuries.

There are many brand names associated with chocolate worldwide, including Lindt, Ghirardelli, Godiva, Hershey’s, and Cadbury.

“Eat, you’ll feel better,” said Lupin in one of the Harry Potter movies while handing a chocolate bar to Harry.

Let's all experience the irresistible allure of chocolate's enchanting power, a delightful food that brings joy and evokes wonderful feelings.


References:

 

 

 

 

 

 

 

 

 

 

 


Article 43-ජපන් කෑම මේසය රස ගන්වන වසාබි

The Fiery Condiment of Japan: Wasabi


ජපන් කෑම මේසය රස ගන්වන වසාබි

වසාබි(Wasabia japonica (Miq.) Matsum) හෙවත් ජපන් අශ්ව රාබු(Japanese Horse Raddish), Brassicaceae පවුලට අයත් ජපානයේ දේශීය කුළුබඩු භෝගයකි. වසාබි මුලින් හැඳින්වූයේ 'වල් ඉඟුරු' ලෙස වන අතර එය ඖෂධීය ශාකයක් ලෙස භාවිත කරන ලදි. පළමු ජපන් වෛද්‍ය විශ්වකෝෂය "Honzo-wamyo" අනුව, වසාබි හෝ වල් ඉඟුරු අවම වශයෙන් වසර දහසක පමණ සිට ජපානයේ වගා කර ඇති බවට සැළකේ. වසාබි වගාව ප්‍රථමයෙන් ආරම්භ වූයේ 1596-1615 වර්ෂවල ෂිසූකා(Shizuoka) ප්‍රාන්තයේ ඇබේ ගඟේ ඉහළ ප්‍රදේශයන්හිය. එහෙත් එකල පාලක පන්තියට පමණක්  වගාව සීමා විය.

අද ජපානයේ ස්වභාවික වසාබි ව්‍යාප්තිය උතුරු දෙසින් පිහිටි උතුරු හොකයිඩෝ(North of Hokkaido) දූපතේ සිට ජපානයේ දකුණු දෙසින් පිහිටි කියුෂු(Kyushu) දූපත දක්වා ව්‍යාප්ත වේ. වර්තමානයේ, ෂිමානේ(Shimane) කලාපය ජපානයේ වසාබි නිෂ්පාදනය සහ අභිජනන පර්යේෂණ සිදුකරන විශාලතම ප්‍රදේශය වේ. ජපානයට අමතරව නවසීලන්තය, තායිවානය, කොරියාව, ඊශ්‍රායලය, බ්‍රසීලය, තායිලන්තය, කොලොම්බියාව, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බොහෝ රටවල අද වන විට වසාබි වගාව සිදුකෙරේ. වසාබි ප්‍රභේද 17ක් වැඩිදියුණු කර ඇති අතර ඉන් 3ක් වඩාත් ප්‍රචලිත වේ. ඒවා නම් මසුමා(Mazuma), ඩරුමා(Daruma), සහ ෂිමානේ සන්ගෝ(Shimane Sango) වේ. වගාවන් සිදු කරන කලාපය වෙනස් වීම අනුව මේවායෙහි රසය සහ වර්ණයෙහි තීව්‍රතාවය වෙනස් වීමට හේතු වේ.

වසාබි එම පරිසරයට බෙහෙවින් අනුවර්තනය වී ඇති බැවින් කඳුකර ඇළවල්වල මෙන්ම බොරළු පාත්තිවල ද ස්වභාවිකව වර්ධනය වේ. වාණිජ වසාබි වගාව වගා ක්‍රම දෙකක් යටතේ සිදු කෙරේ. පළමු ක්‍රමය වන්නේ, උස්  ප්‍රදේශ හෝ පස භාවිත කරමින් වගා කරන වසාබි  වන අතර එහිදී ප්‍රධාන වශයෙන් පත්‍ර සහ පත්‍ර නටුව යොදා ගනිමින් කරනු ලබන නිෂ්පාදන සඳහා අස්වනු නෙළනු ලැබේ. දෙවන ක්‍රමය වන්නේ ජලයෙන් යට වූ ක්ෂේත්‍ර වගාව හෝ ජලයෙහි සිදු කරන  වගාවයි. එය ප්‍රධාන වශයෙන් හොඳින් වැඩුණු රයිසෝම අස්වනු ලෙස ලබා ගැනීම සඳහා භාවිත කරනු ලැබේ. වසාබි ශාකය භාවිතයෙන් සකසන ආහාර සඳහා භාවිතා කරන එකම කොටස එහි රයිසෝමය වේ.

පසෙහි වැඩෙන වසාබි සඳහා ප්‍රශස්ථ තත්ත්ව ලෙස  6-20 °C උෂ්ණත්වයක් සහ pH අගය 6-7 ක් සහිත පසක් අවශ්‍ය වේ. ජලයේ වැඩෙන වසාබි සඳහා උෂ්ණත්වය 8-18 °C සහිත පරිසරයක් අවශ්‍ය වේ. ආහාර නිෂ්පාදනය පිණිස වසාබි වගා කිරීමට බලපාන අනෙකුත් සාධක වන්නේ ජලයේ ස්ථායී උෂ්ණත්වය, පෝෂක බහුල වීම, හොඳින් වාතනය වී තිබීම, උදාසීන හෝ තරමක් ආම්ලික pH අගය, ඉහළ ජලද්‍රාව්‍ය ඔක්සිජන් මට්ටම සහ ගලා යන ජලය විශාල සැපයුමකින් යුක්ත වීමයි. 

වසාබි එහි ප්‍රබල හා තියුණු රසය සඳහා ප්‍රසිද්ධය. එය ජපන් ආහාරවල විවිධ කෑම වර්ග සමඟ කුළුබඩුවක් ලෙස භාවිතා කරයි. එහිදී රයිසෝමය කොළ පැහැති තැවරුමක් ලෙස සකසා කුළුබඩුවක් ලෙස භාවිතා කරයි. වසාබි සූෂි, සෂිමි සහ අනෙකුත් අමු මාළු භාවිතයෙන් සැකසූ ආහාර සමඟ ද භාවිතා කළ හැකිය. මන්ද, එය මාළු වල ආවේණික රසය සමතුලිත කිරීමට උපකාරී වේ. ජපන් ආහාර පිසීමේදී, වසාබි විවිධ සෝස් වර්ග සහ සලාද සදහා තැවරුමක් ලෙස මෙන්ම මැරිනේඩ්(Marinade) සඳහා ද භාවිතා වේ. තවද, වසාබි ආහාරයට ගනු ලබන්නේ හරක් මස් ස්ටීක්(Beef steak), අමු බිත්තර සහ බත් සමඟ මිශ්‍ර කරමිනි. අමු මාළු මගින් පිළියෙල කළ ආහාර වල සැරගතිය වැඩි කරමින් රසය තවදුරටත් වැඩි කිරීම සදහා ද වසාබි භාවිතා කරයි. වසාබි වල තියුණු රසය මගින් ඛේට ස්‍රාවය උත්තේජනය කරන අතර ආහාර ජීර්ණයට සහ ආහාර අවශෝෂණයට උපකාරී වේ.

ජපන් කුළුබඩුවක් වන වසාබි සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකට හේතු වේ. වඩාත්ම වැදගත් ප්‍රතිලාභය වන්නේ එහි අඩංගු අයිසොතයෝසයනේට්(ITCs) මගින් ඇතිකරන ප්‍රති-ඔක්සිකාරක ක්‍රියාවලියයි. වසාබි තුළ පිළිකා නාශක බලපෑම් ඇති අතර ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා වැළැක්වීමට දායක වේ. වසාබි හි ඇති සංඝටක, රුධිර සෛල කැටි ගැසීමට තුඩු දෙන රුධිර පට්ටිකා රුධිර ධාරාවට එකතු වීම අඩු කරයි. මෙමගින්  හෘදයාබාධ හා ආඝාත වළක්වා ගත හැකිය. තවද, වසාබි ප්‍රධාන වශයෙන් ආහාර මගින් පැතිරෙන රෝග කාරක ක්ෂුද්‍ර ජීවී(Foodborne Pathogens) බලපෑම් අවම කරයි. වසාබි අඩු කැලරි ප්‍රමාණයක් ඇති ආහාරයක් වන නමුත් එය තන්තු, විටමින් C, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වලින් ද ඉහළයි. මෙම පෝෂ්‍ය පදාර්ථ සමස්ත සෞඛ්‍යයට සහාය වන අතර එය ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය, ආහාර ජීර්ණය සහ රුධිර පීඩනය නියාමනය කිරීමට උපකාරී වේ.

මේ අනුව සූෂි වලට සරලව එකතු කිරීමට සීමා නොවී ආහාර පිසීමේ කලාවට නව මානයක් එක් කිරීමෙහිලා සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කරයි.

වසාබිවල ඇති ආවේණික රසය, නව සූපශාස්ත්‍ර අත්දැකීම් සොයන ගෝලීය ජනයාට නවමු අත්දැකීම්  සපයයි. එහි ප්‍රතිබැක්ටීරීයා(Antibacterial), ප්‍රති-ප්‍රදාහක ගුණාංග(Anti-inflammatory) සහ පිළිකානාශක ගුණාංග (Anti-cancer properties) නිසා, ගෝලීය අවධානය ඉහළ යමින් පවතින, වාසිදායක සෞඛ්‍ය බලපෑම් සහිත ක්‍රියාකාරී ආහාර(Functional food) සඳහා ද වසාබි ප්‍රයෝජනයට ගත හැකිය. ස්වාභාවික වසාබි වල අධික මිල සහ ඉක්මනින් නරක්වන ස්වභාවය (Perishable nature) වසාබි පරිභෝජනයට එල්ල වන අභියෝගයන් වේ. ඇතැම් අනුකරණවල තියුණු බව නිසා, එහි ලක්ෂණ ගැන හුරුපුරුදු නොවන පුද්ගලයින්ට ඒවා ස්වභාවික වසාබි බවට හැඟීමක් ඇති කළ හැකිය. වසාබිවල වල රස හඳුනන සූපවේදීන් හට අද්විතීය රස සංයෝජන නිර්මාණය කිරීම සඳහා මහාද්වීප පුරා ඇති අනෙකුත් අමුද්‍රව්‍ය සමඟ එය මුසු කරමින් නව්‍ය ආහාර ලොවට හඳුන්වා දීමට ද අවස්ථාවන් උදා වේ

Wasabi (Wasabia japonica (Miq.) Matsum), also known as Japanese Horse-radish is a native condiment crop of Japan that belongs to the Brassicaceae family. Wasabi was originally known as ‘wild ginger’ and was introduced as a medicinal plant. According to the first Japanese medical encyclopedia “Honzo-wamyo”, wasabi or wild ginger had been grown in Japan for at least a thousand years. Wasabi cultivation first began on the upper reaches of the Abe River in Shizuoka prefecture during the years of 1596-1615 A.D. Yet, the cultivation was limited only to the ruling class at that time.

Today, the natural distribution of wasabi in Japan spreads from the northernmost island (North of Hokkaido) to the southernmost island (Kyushu) of Japan. Currently, the Shimane region is the largest area of wasabi production and breeding research in Japan. Apart from Japan, wasabi is now grown in many countries around the world including New Zealand, Taiwan, Korea, Israel, Brazil, Thailand, Columbia, Canada, and the USA. Seventeen wasabi cultivars have been developed, where three of them are well known, namely, Mazuma, Daruma, and Shimane Sango. These differ depending on the region of cultivation thereby, causing variations in the intensity of flavor and color.

Wasabi grows naturally in gravel beds of mountain streams as they are highly adapted to that environment. There are two types of cultivation methods for commercial wasabi growing. The first method is upland or soil-grown wasabi, where they are harvested mainly for producing leaf and petiole products. The second method is flooded field cultivation or the water-grown cultivation method which are harvested primarily for their enlarged rhizome. The rhizome is the only plant part of wasabi used to make food products.

Soil-grown wasabi requires a temperature of 6-20° C and a soil of pH 6-7. Water-grown wasabi needs an air temperature of 8-18° C. The other factors affecting the growth of wasabi for food products are the stable water temperature, nutrient-rich water, well-aerated water, neutral or slightly acidic pH, high dissolved oxygen level, and a large supply of flowing water.

Wasabi is known for its strong, pungent flavor. It is used as a spice to accompany various dishes in Japanese cuisine. The rhizome is grated to obtain a green paste that serves as a condiment. Wasabi can be consumed along with Sushi, Sashimi, and other raw fish dishes as it helps to counterbalance the taste of fish. In Japanese cuisine, wasabi is also used in various sauces, dressings, and marinades. Furthermore, wasabi is consumed with beef steak and raw egg mixed with rice. Wasabi adds spiciness to the raw fish dishes to enhance the flavor. The pungent taste of wasabi stimulates the secretion of saliva and helps in digestion and food absorption.

The Japanese condiment wasabi has a wide array of health benefits. The most significant benefit is its anti-inflammatory activity due to the presence of isothiocyanates (ITCs). Wasabi has anti-cancer effects and can potentially contribute to cancer prevention mainly in the digestive system. Compounds in Wasabi help to reduce platelet aggregation, which involves in clumping of blood cells leading to clots. This can prevent heart attacks and strokes. Furthermore, wasabi has anti-microbial effects mainly against foodborne pathogens. Wasabi is low in calories but high in fibre, vitamins, and minerals such as vitamin C, Potassium, and Magnesium. These nutrients support overall health which helps in immune function, digestion, and blood pressure regulation.

Wasabi appears to have an outstanding future in the growing global cuisine scene, with the potential to become more than simply an addition to sushi. Wasabi has a unique heat different from the normal spiciness of chilies. This distinct freshness could appeal to the global population looking for novel culinary experiences. Due to its anti-bacterial, anti-inflammatory, and even anti-cancer properties, wasabi may benefit from the increasing interest in functional foods with beneficial health effects. Natural wasabi's high price and perishable nature can be obstacles. The sharpness of imitations may give the impression that they are natural wasabi to people who are not familiar with their characteristics. Chefs could be inspired by the characteristics of wasabi to create innovative fusion meals by integrating it with other ingredients from across continents to create unique flavor combinations.

 

References

Sultana, T. and Savage, G.P., 2008. Wasabi-Japanese Horseradish. Bangladesh Journal of Scientific and Industrial Research, 43(4), pp.433-448.

Yoshida, S., Hosoya, T., Inui, S., Masuda, H. and Kumazawa, S., 2015. Component analysis of Wasabi leaves and an evaluation of their anti-inflammatory activity. Food Science and Technology Research, 21(2), pp.247-253.

Morimitsu, Y., Hayashi, K., Nakagawa, Y., Fujii, H., Horio, F., Uchida, K. and Osawa, T., 2000. Antiplatelet and anticancer isothiocyanates in Japanese domestic horseradish, wasabi. Mechanisms of aging and development, 116(2-3), pp.125-134.

Krisha (2023). Wasabi - Japanese Popular Spice Condiment. [online] Food in Japan. Available at: https://www.foodinjapan.org/japan/wasabi/ [Accessed 12 Jun. 2024].

Wasabi Crop. (n.d.). Wasabi Health Archives. [online] Available at: https://wasabicrop.co.uk/wasabi-health/ [Accessed 12 Jun. 2024].

Depree, J.A., Howard, T.M. and Savage, G.P., 1998. Flavor and pharmaceutical properties of the volatile sulfur compounds of Wasabi (Wasabia japonica). Food Research International, 31(5), pp.329-337.

Miles, C.A. and Daniels, C.H., 2019. Growing wasabi in the Pacific Northwest.

 

Dos Santos Szewczyk, K., Skowrońska, W., Kruk, A., Makuch-Kocka, A., Bogucka-Kocka, A., Miazga-Karska, M., Grzywa-Celińska, A. and Granica, S., 2023. Chemical composition of extracts from leaves stems, and roots of wasabi (Eutrema japonicum) and their anti-cancer, anti-inflammatory and anti-microbial activities. Scientific Reports, 13(1), p.9142.

 

Written by: - Senuri Kandamulla and Hirushi Fernando

Article 42 - රස නහර පිනවන ක්ෂණික ආහාර

Fast Food : Exploring the impact on health and society

ක්ෂණික ආහාර යනු කෙටි කලක් තුළ පිළියෙල කර , පරිභෝජනය සඳහා ලබා දෙනු ලබන ආහාර වේ. මෙම ආහාර ප්‍රවාහනය අතරතුරදී (drive thru) , අවන්හලක් තුළදී රස විඳීමට මෙන්ම ඉන් පිටතට රැගෙන ගොස් රස විඳීමට හැකියාව පවතින අතර පාරිභෝජකයන් හට වෙළඳ සේවකයින් හරහා තම නිවසටම ගෙන්වාගෙන රස විඳීමේ හැකියාව පවතී. වර්තමානය වනවිට ක්ෂණික ආහාර පරිභෝජනය ඉහල ගොස් ඇති ප්‍රධාන හේතු සාධක වනුයේ මිලදී ගැනීමට ඇති පහසු හැකියාව , මෙම ආහාර වඩාත් ලාභදායී වීම හා මනා රසයකින් යුතු වීමයි. පීසා, බර්ගර් බනිස්, විවිධ මාදිලිවල ස්නැක්ස් හා බයිට් වර්ග (Junk food), ටාකෝස්(Tacos) මෙන්ම බදින ලද අර්තාපල් තීරු මෙම ක්ෂණික ආහාර සඳහා උදාහරණ කීපයකි. ක්ෂණික ආහාර තුළ ආහාර පරිරක්ෂකයක් ලෙස භාවිතා කරනු ලබන සෝඩියම් (ලුණු) ඉහළ ප්‍රමාණයකින් අන්තර්ගත වන අතර එමඟින් මෙම ආහාර වල රසෝද්දීපනය හා ඉහළ පරිභෝජන තෘප්තියක් ලබාදෙයි. එමෙන්ම කොලෙස්ටරෝල්, සන්තෘප්ත මේදය , එකතු කළ සීනි මෙන්ම පූර්ණ ධාන්‍ය(Whole grains) වලට සාපේක්ෂව පිරිපහදු කරන ලද ධාන්‍ය(Refined grains)වැඩි ප්‍රමාණයක් ක්ෂණික ආහාර තුළ අන්තර්ගත වේ. එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙම ක්ෂණික ආහාර විවිධ පාරිභාෂික වචන භාවිතයෙන් නිර්වචනය කරනු ලබන අතර රැගෙන යන ආහාර(take-away food), රැගෙන ගොස් පරිභෝජනය කරන ආහාර(take-out food)හා නිවසින් පිට පරිභෝජනය කරනු ලබන ආහාර(out-of-home food) ඉන් නාමකරණ කීපයකි.

සමහර ආහාර මානව යහ පැවැත්ම සඳහා වඩාත් යෝග්‍ය වන අතර කිසිඳු ආහාරයක් ස්වභාවයෙන් මානව පරිභෝජනය සඳහා අහිතකර නොවේ. එම ආහාර විවිධ අයුරින් අප ශරීර ක්‍රියාකාරකම් සඳහා දායක වුවද පොදුවේ අප ශරීරයට අවශ්‍ය ශක්තිය හා පෝෂ්‍ය පදාර්ථ සපයනු ලබයි. නිදර්ශනයක් ලෙස, පීසා සඳහා එක් කරනු ලබන ටොපින්(Topping) වර්ගය අනුව ඒවායෙහි කාබෝහයිඩ්‍රේට, මේද හා අනෙකුත් පෝෂණ සංඝටක අන්තර්ගත වේ. එමෙන්ම, සලාද සැරසුමක් සමඟ ග්‍රිල් කරන ලද කුකුල් මස්(A salad with grilled chicken and dressing)යනු තන්තුමය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, මේද , විටමින් A , විටමින් C සහ අනෙකුත් ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර ප්‍රභවයකි. ක්ෂණික ආහාර , ඒවා සතියක් තුළ හෝ මසක් තුළ පරිභෝජනය කරනු ලබන ප්‍රමාණය අනුව මානව සෞඛ්‍ය කෙරෙහි හිතකර හෝ අහිතකර ලෙස බලපානු ඇත.

ඇතැම් අධ්‍යයනයන්ට අනුව වැඩිහිටි තරබාරුකම, ඉන්සියුලින් ප්‍රතිරෝධය, සහ බර වැඩිවීම පෝෂණ දර්ශකයන්ගේ ඍණාත්මක අන්දමින් නිරූපණය වී ඇති අතර එය ක්ෂණික ආහාර පරිභෝජනය සමඟ සම්බන්ධ වී ඇති බව හඳුනා ගත හැකිය. ක්ෂණික ආහාරවල පිළිගන්වන ප්‍රමාණය විශාල වීම(Large portion), වැඩි කැලරි ඝනත්වය, අධික මේද ප්‍රමාණය සහ අඩු මිල, යන සාධක ද තරබාරුකම වැඩිවීම කෙරෙහි හේතු වන බව පෙනේ. තවද එය අධික බර හා තරබාරුකමේ සිට අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද පරිවෘත්තීය තත්ත්වයන් (Cardiometabolic conditions) වැනි පෝෂණය සම්බන්ධ බෝ නොවන රෝග වැඩි කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර වඩාත් සුලභ පිළිකා 13 ක් දක්වාද සහ මරණ අනුපාතය ඉහළ නැංවීම කෙරෙහිද බලපෑමක් ඇති කරන බව පෙනී යයි.

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, පාසල් සිසුන් යොදාගෙන සිදු කර ඇති පර්යේෂණවලට අනුව, “රෝල්ස්”, “වඩේ” සහ “පේස්ට්‍රීස්”, ප්‍රතිචාර දැක්වූවන් විසින් වැඩිපුරම පරිභෝජනය කරන ක්ෂණික ආහාර බව දැක්විය හැකිය.එසේම මෙම ආහාර වල මේදය, ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට ඉහළ ප්‍රමාණ වලින් අඩංගු වේ. සිසුන්ගෙන් සැලකිය යුතු කොටසක් (54%) දිනකට එක් වරකට වඩා ක්ෂණික ආහාර පරිභෝජනය කරනු ලබයි.

 ක්ෂණික ආහාර තෝරා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන නිර්ණායක දෙක වන්නේ මිල සහ රසයයි. පාසැල් සිසුන්ගෙන් සියයට හැත්තෑවකගේ පමණ සාමාන්‍ය BMI අගයන් පවතින අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. සාපේක්ෂව ගත් කළ පිරිමි සිසුන් විසින් ගැහැණු සිසුවියන්ට වඩා විශාල ක්ෂණික ආහාර ප්‍රමාණයක් අනුභව කරන බව නිරීක්ෂණය වී ඇත. එලෙසම පිරිමි සිසුන්, කාන්තා සිසුවියන්ට  වඩා ආහාර හා සම්බන්ධ බෝ නොවන රෝග (NCDs) වලින් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇත්තේද ඔවුන් අධික බරින් (over weight) යුක්ත වීම නිසා ය.


Food that has been pre prepared and served quickly is called fast food. It can be originated from drive-thru, sit-down, counter service, takeout, and delivery establishments, among other places. In the present, fast food is  consumed more due to the reasons such as convenience, better taste etc. Examples for fast food can be given as pizza, burgers, junk food, tacos, french fries etc. Fast food can be high in sodium (called salt), which is used as a preservative and gives meals greater flavor and satisfaction, and it can contain refined grains rather than whole grains, cholesterol, saturated fat, and added sugar. Take away, take-out and out-of-home food are the common terminologies that have been used by consumers in the UK and Australia for fast food.

While certain foods are better for you than others, no food is inherently “bad.” Though they may have varied functions, all foods give us the energy and nutrition our bodies require. As an illustration, pizza contains carbohydrates, fats and other nutrients depending on the toppings that are used for pizza. A salad with grilled chicken and dressing is a good source of fiber, protein, carbs, fat, and vitamins A and C, among other minerals. Depending on the portions that you consume for a week or a month, fast food can be unhealthy or healthy.

With rare exceptions, cross-sectional and longitudinal studies have connected adult obesity, insulin resistance, worsened nutritional indicators, and weight gain to fast food intake. Fast food's larger serving sizes, higher caloric density, high fat content, and low cost are thought to have a causal relationship with the rise in obesity rates. And it has been identified as a key cause of increasing nutrition-related non communicable diseases, ranging from overweight and obesity to hypertension, diabetes, cardiometabolic conditions, and 13 of the most common cancers, and even increased mortality. 

When it comes to Sri Lanka, according to the research that has been conducted, “Rolls”, “Wade” and “Pastries” are the mostly  consumed fast foods by respondents which contain high amounts of total fat, protein and carbohydrates. A significant portion of students (54%) eat fast food more than once a day.

The two main criteria utilized to choose a fast food are price and taste. Seventy percent of the students have normal BMIs and are in good health. Male students eat a disproportionately larger quantity of fast food than female students. Male students are more likely  to suffer from diet-related noncommunicable diseases (NCDs) than female students, because they are more likely to be overweight.

References : 

Moore, L.V., Diez Roux, A.V., Nettleton, J.A., Jacobs, D.R. and Franco, M., 2009. Fast-food consumption, diet quality, and neighborhood exposure to fast food: the multi-ethnic study of atherosclerosis. American journal of epidemiology, 170(1), pp.29-36.


Popkin, B.M., 2022. Does excessive fast-food consumption impair our health?. The American Journal of Clinical Nutrition, 116(1), pp.11-12.


Jayasinghe, J.M.J.K. and De Silva, L.P.U., 2014. Fast food consumption and health status of students of a university in Sri Lanka. Journal of Food and Agriculture, 7(1-2), p.38.


Janssen, H.G., Davies, I.G., Richardson, L.D. and Stevenson, L., 2018. Determinants of takeaway and fast food consumption: a narrative review. Nutrition research reviews, 31(1), pp.16-34.

Article 41- පෝෂණය නවමු මඟක් කරා ගෙනයන "Nutri-Genetix"

   "Empowering Your Health Journey Through Nutri-Genetix"

බ්‍රිතාන්‍යය මූලික කොට ගෙන ආරම්භ වූ NGX  (Nutri-Genetix), ශාක මත පදනම් වූ ආහාර සහ DNA විශ්ලේෂණය සමඟ ඒකාබද්ධ වෙමින්, ආහාර සහ යෝග්‍යතා ක්ශේත්‍ර තුළ විප්ලවීය වෙනසක් සිදුකළ නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම නිෂ්පාදනවල මූලික අරමුණ වන්නේ පාරිභෝගිකයන් ගේ යෝග්‍යතාවය සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වඩාත් ඔපනංවා ගැනීම පිණිස අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ, අවම කැලරි, මේදය සහ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් අන්තර්ගත කිරීමයි. 

NGX හි DNA මත පදනම් වූ පෝෂණ පරීක්ෂණය, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජාන සැකැස්ම විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ අද්විතීය පෝෂණ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ,  නිවසේදී සිදුකල හැකි  පරීක්ෂණයක් (At-home test) තුලින් ලබා දෙයි. එමඟින් එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවයන්ට අනුව සකස් කරන ලද (customized) වැලීන්, අයිසොලියුසීන්, ලියුසීන් සහ ලයිසීන් ඇතුළු අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල පරිපූර්ණ මිශ්‍රණයක්  ඔවුන් සදහා නිර්දේශ කරනු ලැබේ.

NGX හි ශාක මත පදනම් වූ උදෑසන ආහාරය සහ ස්නැක් ෂේක් නිර්මාණය කර ඇත්තේ ඕනෑම ජීවන රටාවකට පහසු සහ පෝෂ්‍යදායී එකතු කිරීමක් ලෙසය. පරිසර හිතකාමී අමුද්‍රව්‍ය පමණක් භාවිත කරමින් අපද්‍රව්‍ය අවම කිරීම හා කාබන් පියසටහන (carbon footprint) අඩු කිරීම තුලින්  තිරසාර අනාගතයක් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ඒවායේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ 30 ක් පමණ අඩංගු වන අතර වර්ණකාරක, ස්ථායිකාරක අවම වශයෙන් සහ එකතු කළ සීනි වලින්ද සම්පූර්ණයෙන්ම තොරව නිපදවා ඇත.

NGX ඔබේ දෛනික ආහාර වට්ටෝරුවට ඇතුළත් කර ගැනීමෙන් ප්‍රශස්ත පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම, මලල ක්‍රීඩා කාර්ය සාධනය වැඩිදියුණු වීම,සංජානන ක්‍රියාකාරිත්වය වැඩිදියුණු වීම, ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීම වැනි ප්‍රතිලාභ ලබා ගත හැකිය. NGX පිළිබඳව Corella et al. විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව හෘද පරිවෘත්තීය අවදානම සහ තරබාරුකම අඩු කිරීම සහ HDL මට්ටම් වැඩිදියුණු කිරීමද මෙහි ප්‍රතිලාභයන් ලෙස හඳුනාගෙන ඇත.

NGX, (Nutri-Genetix) which is a British startup, is revolutionizing the nutrition and fitness industry by combining DNA analysis with plant-based meal shakes. Their products focus on essential nutrients and minimal calories, fat, and carbohydrates, helping health-conscious customers to achieve their fitness goals and lead healthier lives. DNA-based nutrition testing of NGX allows customers to take an at-home test that analyzes their genetic makeup, providing insights into their unique nutritional needs. This information is then used to customize the perfect blend of essential nutrients, including valine, isoleucine, leucine, and lysine, tailored to each individual's requirements.

NGX's plant-based breakfast and snack shakes are designed to be a convenient and nutritious addition to any lifestyle. NGX's commitment to sustainability indicates, usage of only plant-based, eco-friendly ingredients in their products.  By sourcing their raw materials responsibly and minimizing waste, the startup aims to reduce its carbon footprint and promote a more sustainable future. They contain 30 essential nutrients, minimizing unnecessary ingredients (colorants, stabilizers, etc.) and all the products are completely free of added sugars. 

NGX's approach begins with a comprehensive genetic analysis of each customer's DNA. Using state-of-the-art technology, the startup can identify specific genetic markers that provide insights into an individual's unique nutritional requirements and metabolic profile. NGX's team of experts formulates a personalized blend of macro and micro-nutrients with the genetic data acquired. The startup is committed to analyze continuous improvements, customer feedbacks, and to conduct ongoing research. 

 Incorporating NGX's personalized nutrition into your daily routine with NGX's easy-to-use meal shakes, leads to many health benefits such as optimal nutrient intake, improved athletic performance, enhanced cognitive function, boosted immune system, optimal energy production, and recovery. A study conducted by Corella et al. demonstrated the potential benefits of genetically personalized nutrition such as reduction of cardiometabolic risk and obesity, and improvements in HDL levels. (Corella et al., 2017)

References:

Abrahams, M., Frewer, L.J., Bryant, E. and Stewart-Knox, B. (2017). Factors determining the integration of nutritional genomics into clinical practice by registered dietitians. Trends in Food Science & Technology , [online] 59, pp.139–147. doi:https://doi.org/10.1016/j.tifs.2016.11.005.

Horne, J., Gilliland, J., O’Connor, C., Seabrook, J. and Madill, J. (2020). Enhanced long-term dietary change and adherence in a nutrigenomics-guided lifestyle intervention compared to a population-based (GLB/DPP) lifestyle intervention for weight management: results from the NOW randomized controlled trial. BMJ Nutrition, Prevention  & Health , 3(1), pp.49–59. doi:https://doi.org/10.1136/bmjnph-2020-000073.

Vandeberg, R.L., Boon, W.P. Anticipating emerging genomics technologies: The role of patents and publication for research and policy strategies. Life Sci Soc Policy 5, 1 (2009). https://doi.org/10.1186/1746-5354-5-2-1

Corella, D., Coltell, O., Mattingley, G., Sorlí, J.V. and Ordovas, J.M. (2017). Utilizing nutritional genomics to tailor diets for the prevention of cardiovascular disease: a guide for upcoming studies and implementations. Expert review of molecular diagnostics , [online] 17(5), pp.495–513. doi https://doi.org/10.1080/14737159.2017.1311208.

Horne, Justine Rochelle, "The NOW Trial: A Pragmatic Randomized Controlled Trial of Personalized, Genetic-Based Lifestyle Advice" (2020). Electronic Thesis and Dissertation Repository. 6839. https://ir.lib.uwo.ca/etd/6839

Article 40 - ආහාර විජලන තාක්ෂණයේ වැදගත් භාවිතයන්

"The Essentials of Food Dehydration"


ආහාර විජලනය යනු, ආහාරයේ අඩංගු ජල මට්ටම අවම කිරීම මඟින් කල් තබා ගැනීමේ හැකියාව ඉහළ නංවන ක්‍රමවේදයකි. මෙය ආහාර කල්තබා ගැනීමට යොදාගන්නා පැරණිතම ක්‍රමයක් වන අතර මේ සඳහා විවිධ ශක්ති ආකාර යොදා ගැනේ.

"ආහාර විජලනය" ආහාර කල් තබා ගැනීමේදී කෙතරම් වැදගත් වුවද, ඇතැම් ආහාර වර්ග විජලනයට ලක් කිරීම එතරම් සුදුසු නොවේ. කෙසෙල්, බ්ලැක්බෙරි, සිට්‍රස් කුලයේ පළතුරු, චෙරි, මිදි, අඹ, පැපොල්, අන්නාසි, පීච් වැනි පළතුරු වර්ගද, බ්‍රොකොලි, බඩ ඉරිඟු, කැරට්, බෝංචි, පලා වර්ග, තක්කාලි වැනි එළවළු වර්ගද, මාළු වර්ග, ඉස්සන් වැනි මුහුදු ආහාරද විජලනයට ලක් කළ හැකිය. ආහාරයට නුසුදුසු ආකාරයේ රසයක් ලබා දීම (off flavor) සහ විශ සහිත අතුරුඵල සෑදීමට ඇති සම්භාවිතාව හේතුවෙන් මේදය අධික ආහාර විජලනය කර පරිභෝජනය කිරීම එතරම් සුදුසු නොවේ. ද්‍රවමය ආහාරද විජලනය සිදු නොකරයි.

ප්‍රධාන වශයෙන්ම ආහාර විජලනය සිදු කරන්නේ electric dehydrators, oven dehydrators, microwave තාක්ෂණය, සහ sun drying භාවිත කිරීම මඟිනි. ආහාර විජලන යන්ත්‍රයක් භාවිත කිරීමේදී අදාල ආහාරය තැටි (trays) මත තනි ලේයරයක් ලෙස ඇතිරීම මඟින් එය සිදු කරනු ලබයි.විවිධ ආහාර සඳහා විවිධ තාක්ෂණ ක්‍රම උපයෝගී කර ගන්නා අතර, ආහාරයේ අඩංගු ජල සහ මේද ප්‍රමාණය, ආහාරයේ ප්‍රමාණය, ඉන්ධන හෝ ශක්ති සැපයුම සහ පිරිවැය මත යොදා ගන්නා තාක්ෂණය තීරණය කරනු ලබයි.

ආහාර විජලනයේ වාසිදායක තත්ත්වයන් බොහොමයක් පවතී.එය ආහාර පරිරක්ෂණය සඳහා යොදා ගැනෙන පහසු ක්‍රියාවලියක් වන අතර ආහාරයේ ප්‍රමාණය අඩු කිරීම මඟින් ප්‍රවාහනයේ හා ගබඩා කිරීමේ පිරිවැය අවම කරනු ලබයි. රසායන ද්‍රව්‍ය භාවිත නොවන නිසා  සහ බොහෝ විටමින් වර්ග විනාශ නොවන බැවින්ද, ආහාර විජලනය සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිරක්ෂණ ක්‍රියා  පිළිවෙලක් ලෙස සඳහන් කළ හැකිය.

කෙසේ වුවද, ඉන්ධන වියදම අධික වීම, ආහාරයේ වර්ණය, වයනය හා රස වෙනස් වීම හා ඇතැම් විටමින් වර්ග (තාප අස්ථායි විටමින්) විනාශ වීම මෙම තාක්ෂණයේ අවාසිදායක තත්ත්වයන් වේ.

What is food dehydration?

Food dehydration is a method for improving shelf life of a food by reducing moisture of a food to a lower level. It is one of the oldest methods to preserve a food and in this process, energy is added to the food in different form/s.

What are the fruits that can be dehydrated?

Even Though, dehydration is a valuable method to preserve food, some food varieties are not suitable to be dehydrated. Basically, fruits like apple, banana, blackberry, citrus, cherry, grapes, mango, papaya, pineapple, peaches, vegetables like broccoli, corn, carrot, green beans, leafy vegetables, onion, tomato,meats, fish, prawns and other seafood can be dehydrated. Food with high fat content, are not suitable for dehydration due to the development of off flavors and poisons. Liquids are also not dehydrated due to its' unfeasibility.

What are the dehydration methods?

Using electric dehydrators, oven dehydrators and using microwave drying techniques, airdrying techniques and using sun drying methods,dehydration is done. When using dehydrators, food is loaded on to the trays in single layers. For different kinds of food, different relevant dehydration methods and techniques are used in food industry. The type of the food, moisture and fat content of food, size of the food, energy supply and the cost are the main concerns when choosing a proper dehydration method.

What are the advantages and disadvantages?

Dehydration is an easy method for preservation of food. It reduces the transportation and storage cost and facilitate transportation and storage by reducing size and saving space. Dehydrated food are healthy as  unacceptable preservatives and other chemicals are not used and also most of the vitamins are preserved while dehydrating. Higher energy cost, color and flavor mixing, time-consuming steps, different vitamin losses and textural changes are some of the disadvantages of food dehydration.

References:

What is dehydration of food: https://www.sciencedirect.com/topics/food-science/food-dehydration

Dehydration of fruits and vegetables: https://www.pubs.ext.vt.edu/348/348-597/348-597.html

Dehydration methods:https://extension.missouri.edu/publications/gh1562

Advantages and disadvantages: https://terradomilho.eu/2019/03/the-advantages-of-dehydrating-fruit-and-vegetables/

Advantages and disadvantages: https://www.leaf.tv/the-disadvantages-of-dehydrated-foods.html


Article 39 - ක්‍රීඩා පෝෂණ අතිරේක හා නවමු ප්‍රෝටීන ප්‍රභවයන්ගේ සබැඳියාව

"Unleashing the Potential of Novel Protein Sources in Sports Nutrition"

ක්‍රීඩා පෝෂණ අතිරේක, එසේ නොමැතිනම් supplement යනු වෙළඳපොල තුළ ක්‍රියාකාරී ආහාර සහ ආහාර අතිරේක යන කාණ්ඩයන්හි වේගයෙන්ම වර්ධනය වන අංගයක් වේ. වර්තමානය වන විට එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලෙන පුද්ගලයන්ගේ

අද්විතීය ආහාර අවශ්‍යතා කෙරෙහි මනා කාර්යයභාරයක් ඉටු කරයි.

ප්‍රෝටීන් අතිරේක මගින් මාංශ පේශී අලුත්වැඩියාව, වර්ධනය, ප්‍රතිසාධනය වැඩි දියුණු කිරීම සහ සමස්ත කාර්යයස්සාධනයේ වැඩි දියුණු කිරීම සිදු කරයි. මෙමගින් ක්‍රීඩා ක්‍රියාකාරකම්හි වැඩි දියුණුවට ආහාර ප්‍රෝටීනයන්හි වැදගත්කම  හා එහි අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

කෘමීන්, ශාක මත පදනම් වූ ප්‍රෝටීන, මයිකොප්‍රෝටීන, හයිඩ්‍රොලයිට් සහ පෙප්ටයිඩ ක්‍රීඩා පෝෂණ අතිරේකයන්හි නව ක්‍රමෝපායන් හා ප්‍රභවයන් වේ. Whey, isolates, casein ප්‍රෝටීන සහ බිත්තර සුදු මද ප්‍රෝටීන ආදී සත්ත්ව ප්‍රෝටීන් අතිරේක ක්‍රමවලට වඩා, තිරසාර හා හරිත ප්‍රෝටීන් අතිරේකයේ ප්‍රධාන අංග ලෙස ඉහත සඳහන් නවමු ප්‍රභවයන් සැළකිය හැක.

විවිධ ආහාර නිෂ්පාදනවලට ඇතුළත් කර ඇති සත්ත්ව  ප්‍රෝටීනවලින් වඩාත්ම පරිසර හිතකාමී ප්‍රභවයක් ලෙස කෘමි ප්‍රෝටීන සැලකිය හැකිය. කෘමි ප්‍රෝටීන් වලට උදාහරණ ලෙස Coleoptera (කුරුමිණියන්), Lepidoptera, Hymenoptera සහ Orthoptera වැනි විවිධ taxonomic වර්ගවලට අයත් විශේෂ දැක්විය හැක. මෙම කෘමීන් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයකින් සමන්විත වන අතර ඉහළ මට්ටමේ විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණයකින් මෙන්ම ඉහළ ඇමයිනෝ අම්ල සංයුතියකින්ද සමන්විත වේ. මෙම සංයුතිය මේද රහිත ස්කන්ධය සහ මාංශ පේශි ශක්තිය වැඩි කිරීමට ද මනා දායකත්වත් සපයයි.

සත්ත්ව-ව්‍යුත්පන්න ප්‍රෝටීන සඳහා තිරසාර හා පෝෂ්‍ය පදාර්ථ සහිත විකල්ප සැපයීමේදී ශාක මත පදනම් වූ ප්‍රෝටීන ක්‍රීඩා පෝෂණයට ඇතුළත් කිරීම සැලකිය යුතු කාර්ය‍යභාරයක් ඉටු කරයි. සෝයා බෝංචි, ඇට වර්ග, සීටන් සහ පරිප්පු වැනි ශාක ප්‍රෝටීන් ප්‍රභවයන් ඔක්සිකාරක ආතතිය අඩු කිරීම ප්‍රවර්ධනය කරයි. එය ක්‍රීඩා කාර්යය සාධනයෙන් පසු ක්‍රීඩකයින්ට සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් සාධකයකි. ශාක ප්‍රෝටීන් පොලිෆීනෝල් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග කිහිපයකින් සමන්විත වන අතර එමඟින් අස්ථි සහ මාංශ පේශිවල ග්ලූකෝස් අවශෝෂණය වැඩි දියුණු කිරීමෙන් ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය වැඩි දියුණු කිරීමට ධනාත්මක ලෙස දායක වේ. මෙම ශාක ප්‍රෝටීන්වල මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලට බලපෑම් කළ හැකි සැලකිය යුතු ප්‍රතිපෝෂක ප්‍රමාණයක් අඩංගුය.

පසුගිය වසර දහය තුළ, මයිකොප්‍රෝටීන් පරිසර හිතකාමී සහ ලාභ ප්‍රෝටීන් අතිරේකයක් ලෙස භාවිතා කර ඇත. මයිකොප්‍රෝටීන් මාංශ පේශි ප්‍රෝටීන් සංස්ලේෂණය පවත්වා ගැනීමට ද දායක වේ. එමෙන්ම මයිකොප්‍රෝටීන් කිරි වැනි සත්ත්ව ප්‍රෝටීන අඩංගු ආහාර සඳහා හොඳ ආදේශකයක් ලෙස ද දැක්වේ. Fusarum venenatum යනු ප්‍රෝටීන් අතිරේකයන් නිපදවීමට යොදාගන්නා ප්‍රධාන දිලීර විශේෂයයි.

ප්‍රෝටීන ජල විච්ඡේදක හා පෙප්ටයිඩ විවිධ පෝෂණ හා ක්‍රියාකාරී ප්‍රතිලාභ සහිත නිර්මිත විකල්ප ප්‍රෝටීන් ප්‍රභවයන් වන අතර ඒවා ක්‍රීඩා කාර්යය සාධනය සඳහා විශේෂ පිටුවහලක් සපයයි. මෙම  සංයෝග තාපය, අම්ල , හෝ එන්සයිම මඟින් උත්ප්‍රේරිත ප්‍රත්‍රික්‍රියා හරහා ප්‍රෝටීන ජල විච්ඡේදනය තුළින් නිර්මාණය වී ඇත. ක්‍රීඩක පෝෂණය පිළිබඳ සැලකූ විට මෙම ව්‍යුහ සාමාන්‍ය ප්‍රෝටීනමය සංයෝග වලට වඩා ශරීරගත වීමෙන් පසු මාංශ පේශි සඳහා වන පෙප්ටයිඩ කාණ්ඩ හා ඇමයිනෝ අම්ල අවශෝෂණ ප්‍රමාණය ඉහළ නංවයි. එයට හේතුව නම් ප්‍රෝටීන මෙහිදී සරල අණු ආකාරයෙන්ම ජල විච්ඡේදනය වී ඇති අතර ඉතා පහසුවෙන් ශරීරය විසින් ඒවා අවශෝෂණය කර ගැනීමයි. මීට අමතරව මෙම ප්‍රෝටීන ජල විච්ඡේදක රුධිර ගත ඇමයිනෝ අම්ල සාන්ද්‍රණය ඉහළ නැංවීම හරහා ශරීර ස්කන්ධයෙහි මේදමය බර අඩු කිරීමට මෙන්ම මාංශ පේශි පටක අළුත්වැඩියාව සඳහා ද මනා දායකත්වයක් ලබා දෙයි. සමහර ප්‍රෝටීන ජල විච්ඡේදක , ජෛව සක්‍රියක ලෙස ක්‍රියා කරමින් ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහමය ගුණ පෙන්නුම් කරන අතර එම ගුණාංග විශේෂයෙන් ක්‍රීඩා කාර්ය සාධන කටයුතු වලදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ප්‍රෝටීන් මිශ්‍රණ හෙවත් බහු ප්‍රෝටීන් ප්‍රභවයන් ඒකාබද්ධ කරන නිෂ්පාදන, වඩාත් සවිස්තරාත්මක ඇමයිනෝ අම්ල පැතිකඩක් සැපයීමට තනි මූලාශ්‍ර ප්‍රෝටීනවලට වඩා වාසි සහගත වේ. මේවා  තෙහෙට්ටුව අඩු කිරීමට, අඩු ශරීර ස්කන්ධ සහිත පුද්ගලයන්ගේ ශරීර ස්කන්ධය වැඩි කිරීමට, ශරීරයේ ඇමයිනෝ අම්ල  ලබා ගැනීමේ හැකියාව සහ රුධිර අධි ඇමයිනොඇසිඩෙමියාවට පෙලඹවීම වැනි කාර්යයන් සදහා දායක වේ.

ප්‍රෝටීන් පරිපූරකයේ විවිධ ප්‍රභවයන් ඔවුන්ගේ ආහාර වේලට ඇතුළත් කිරීමෙන්, ක්‍රීඩාවන්ට සම්බන්ධ පුද්ගලයින්ට තම ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන අතර, දිගුකාලීන සෞඛ්‍යමත් බව සහ පාරිසරික තිරසාරත්වය ලාභදායී ලෙස ප්‍රවර්ධනය කිරීමටද දායක වේ.

Sports nutrition is one of the fastest-growing aspects of the functional food and dietary supplement markets. It focuses on the unique dietary needs of athletes and individuals engaged in physical activity or sports performance.

Dietary proteins play an essential role in countless physiological processes such as muscle repair, growth, overall performance enhancement and recovery effects. This emphasizes the requirement for protein supplementation, which contributes positively to improving sports performance.

In light of novel strategies and sources for protein supplementation in sports nutrition, insects, plant-based proteins, mycoproteins, hydrolytes and peptides as well as protein blends, are identified as major elements in sustainable and greener protein supplementation. These options stand ahead of conventional animal protein supplementation methods such as whey isolates, casein proteins and egg white proteins.

Insect proteins can be considered as one of the most eco friendly sources of animal protein where species of different orders such as Coleoptera (beetles), Lepidoptera, Hymenoptera and Orthoptera are incorporated into various food products.These insects consist of high amount of protein content as well as high levels of vitamins and minerals.Insect protein isolate supplementation contributes to the increment of fat free mass and muscle strength and can be used as an ingredient for post-exercise recovery nutrition in sports products due to the high amino acid profile and digestibility.

Incorporating plant-based proteins into sports nutrition plays a significant role in providing  sustainable and nutrient-dense alternatives to animal-derived proteins.Plant protein sources like soybeans,nuts,seitan and lentils promote the reduction of inflammation and oxidative stress that can be indicated as a beneficial factor for athletes to maintain health status after sports performance.Proteins from plants consist of several bioactive compounds like polyphenols that could contribute positively to improve the performance in athletes by improving glucose uptake in skeletal muscle and maintaining of plasma glucose levels.However,these plant proteins contain significant amount of anti-nutrients that can affect the essential nutrients of the human body.

Over the past ten years,mycoproteins have been employed as an environmental friendly and cheap source of protein supplementation.Mycoproteins contain a significant anabolic effect in muscles and contribute to maintaining muscle protein synthesis. Moreover,these protein sources do not synthesize a waste and can be denoted as a good substituent for foods containing animal proteins such as milk. Fusarum venenatum is the main species of fungi that is associated with producing protein supplementation.

Protein hydrolysates and peptides offer a promising alternative protein source with various nutritional and functional benefits, making them increasingly popular in sports nutrition.These are formed by the cleavage of the structure of protein sources through  thermal, acidic or enzymatic treatment.In sports nutrition,hydrolysates and peptides provide a higher amounts of peptides and amino acids for the muscles after ingestion compared to native proteins. This is because hydrolysates and peptides are in the simple and pre digested form.Apart from that,hydrolysates involve in reducing fat mass by increasing levels of amino acid in bloodstream and generating muscle recovery effect.Some bio active peptides that consist of antioxidant and anti-inflammatory properties, could be especially useful to control sport performance.

Protein blends, which combine multiple protein sources into a single product, are designed to provide a more comprehensive amino acid profile and offer advantages over single-source proteins. These combinations contribute to reducing fatigue, enhancing lean body mass, increasing amino acid availability, and inducing blood hyperaminoacidemia.

By incorporating a variety of novel sources of protein supplementation into their diets, individuals involved in sports can meet their protein requirements while promoting long-term health and environmental sustainability in a cost-effective way.


References-

 López-Martínez, M. I., Miguel, M., & Garcés-Rimón, M. (2022). Protein and Sport: Alternative Sources and Strategies for Bioactive and Sustainable Sports Nutrition. Frontiers in nutrition, 9, 926043. https://doi.org/10.3389/fnut.2022.926043

 Cintineo, H. P., Arent, M. A., Antonio, J., & Arent, S. M. (2018). Effects of Protein Supplementation on Performance and Recovery in Resistance and Endurance Training. Frontiers in nutrition, 5, 83. 83 

 https://doi.org/10.3389/fnut.2018.000

Article 38 - අලුත් මුහුණුවරකින් පිඟානට එන ප්‍රෝටීන් - මයිකොප්‍රෝටීන් 

" Diversify Your Plate with Mycoprotein "


අලුත් මුහුණුවරකින් පිඟානට එන ප්‍රෝටීන් - මයිකොප්‍රෝටීන්


*මයිකොප්‍රෝටීන් (Mycoprotein) යනු Fusarium venenatum නම් දිලීර වර්ගය ස්වභාවිකව පැසවීමෙන් ලබාගන්නා පෝෂ්‍යදායී ප්‍රෝටීන් ප්‍රභවයකි. වැඩිවන ජනගහනයට සරිලන පරිදි ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා ආරක්ෂිත සහ විකල්ප ප්‍රභවයන් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස 1960 දී මයිකොප්‍රෝටීන් සොයා ගන්නා ලදී. පරීක්‍ෂණවලින් පසුව, 1984 දී එය ආහාර ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දීමට එක්සත් රාජධානියේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අනුමත කරන ලදී.

*මයිකොප්‍රෝටීන් නිෂ්පාදනය සඳහා සුවිශේෂී ක්‍රමයක් යොදා ගන්නා අතර එය පියවර කිහිපයකින් සමන්විත වේ.

පළමුව, fermenter (පැසවීම් ක්‍රියාවලිය සිදු කරනු ලබන යන්ත්‍රය) ජීවානුහරණය කර පසුව එය ජලය සහ ග්ලූකෝස් සාන්ද්‍ර ද්‍රාවණයෙන් (glucose syrup) පුරවනු ලැබේ.

ඉන්පසු Fusarium venenatum නමැති දිලීර විශේෂය පැසවීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා හඳුන්වා දෙනු ලැබේ.

දිලීර වර්ධනය වන විට ග්ලූකෝස්, ඇමෝනියා, ඔක්සිජන් සහ පොටෑසියම්, මැග්නීසියම් සහ පොස්පේට් වැනි අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ එකතු කරන අතර වගාව  28-30 °C උෂ්ණත්වයේ සහ pH 6  තබනු ලබයි.

එවිට දිලීර පැසවීම මඟින් ඝන තත්ත්වයේ පවතින මයිකොප්‍රෝටීන් සෑදෙන අතර මෙම ඝන ද්‍රව්‍ය පැය 5-6 පමණ කාල පරතරයකින් එකතු කර ගනු ලැබේ. මෙලෙස පැසවීම් ක්‍රියාවලිය අඛණ්ඩව සති 6 ක් පමණ සිදු කරනු ලබයි.

පසුව, මයිකොප්‍රෝටීන් විනාඩි 30-45ක් 68 °C දක්වා රත් කරනු ලැබේ. මෙහිදී න්‍යෂ්ටික අම්ල (RNA) අක්‍රිය කිරීම සිදු කරනු ලබන අතර එමඟින් යූරික් අම්ලය සංශ්ලේෂණය අඩු කිරීම සිදු කරයි. මෙය යූරික් අම්ලය වැඩි ප්‍රමාණ වලින් පරිභෝජනය කිරීමේදී ඇතිවන රක්තවාතය (ආතරයිටිස්) ඇතිවීමේ අවදානම අවම කරයි.

රත් කිරීමෙන් පසු, අර්ධ ඝන තත්ත්වයේ පවතින මයිකොප්‍රෝටීන් (Mycoprotein paste) නිස්සාරණය කිරීම සඳහා කේන්ද්‍රාපසාරීකරණය (centrifugation) සිදු කෙරේ.

*මයිකොප්‍රෝටීන්, මාංශ වලට සමාන වයනයක් සහිත නිෂ්පාදන සෑදීමට භාවිතා කළ හැකිය. මයිකොප්‍රෝටීන් වලින් ලබාගත් hyphae වල සත්ත්ව මාංශ පේශි වලට සමාන අභ්‍යන්තර ව්‍යුහයක් පවතී. Hyphae, බැදුම්කාරක (binders) සහ රසකාරක සමඟ මිශ්‍ර කර සොසේජස් සහ බර්ගර් පැටිස් වැනි මාංශ නිෂ්පාදන වලට නිර්මාංශ විකල්ප සෑදීම සඳහා යොදා ගත හැකිය.

*මයිකොප්‍රෝටීන් නිෂ්පාදනය ගව මස් සහ කුකුල් මස් නිෂ්පාදනයට වඩා අඩු කාබන් පියසටහනක් සහ ජල පියසටහනකින් සමන්විත වේ . එබැවින් මයිකොප්‍රෝටීන්, මාංශ නිෂ්පාදනය සඳහා තිරසාර විකල්පයක් ලෙස හැඳින්විය හැක.

*මයිකොප්‍රෝටීන් ප්‍රෝටීන් සහ තන්තු වලින් පොහොසත් වන අතර විටමින් B9 සහ විටමින් B12 වැනි විටමින් වර්ග සහ ඛනිජලවණ (Ca, P, Mg, Zn, Mn) ද අඩංගු වේ. එසේම සීනි, සෝඩියම් සහ සංතෘප්ත මේද වැනි මේදය අඩු ප්‍රමාණ වලින් අඩංගු වේ.

*මයිකොප්‍රෝටීන් 100g ක (තෙත් බර) ශක්තිය 85 kcal, ප්‍රෝටීන් 11g, සම්පූර්ණ මේද 2.9g, ආහාරමය තන්තු 6g ක් සහ කාබෝහයිඩ්‍රේට් 3g ක් පමණ අඩංගු වේ.

*ස්නායු සම්ප්‍රේෂක, නියුක්ලියෝටයිඩ, පටල ව්‍යුහයන් සහ ප්‍රෝටීන් නිපදවීමට අත්‍යවශ්‍ය වන ශරීරයට සංස්ලේෂණය කළ නොහැකි සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මයිකොප්‍රෝටීන් වල අඩංගු වේ. එසේම මෙය leucine වලින් මධ්‍යස්ථව පොහොසත් වන අතර එය මාංශ පේශි වර්ධනය සහ අලුත්වැඩියාව ප්‍රවර්ධනය කරන ශාඛනය වූ දාම ඇමයිනෝ අම්ල (branched chain amino acids) වලින් එකකි.

*ඉහළ තන්තු අන්තර්ගතයක් පවතින බැවින්,  මයිකොප්‍රෝටීන් පරිභෝජනය දේහයේ සම්පූර්ණ මේද හා රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වේ. එසේම අධික ලෙස ආහාර ගැනීම පාලනය කිරීම මඟින් ශරීර බර අඩු කිරීමට ද උපකාරී වේ. මයිකොප්‍රෝටීන් වල ඇති තන්තු, පහළ බඩවැල් වල prebiotic ලෙස ද ක්‍රියා කරයි.

*මයිකොප්‍රෝටීන් වල පවතින සෞඛ්‍ය සහ පාරිසරික ප්‍රතිලාභ හේතුවෙන්, මයිකොප්‍රෝටීන් නිෂ්පාදනය ලෝක ප්‍රෝටීන් ඉල්ලුමට සහ ආහාර සුරක්ෂිතතාවයට ඉහළ නැංවීමට හොඳ විසඳුමක් ලෙස යෝජනා කළ හැක.

Diversify Your Plate with Mycoprotein

*Mycoprotein is a nutritious protein source which is derived from the fermentation of naturally occurring fungi called Fusarium venenatum. Mycoprotein emerged in 1960 as a way of looking into safe and alternative sources of protein for the increasing population. After testing, in 1984 it was approved by the Ministry of Agriculture of the United Kingdom to sell as a food protein source.

*Production of mycoprotein has a unique method which consists of several steps.

First, the fermenter (a device that is used for the fermentation process using microorganisms) is sterilized and filled with water and glucose syrup.

Then fungal species of fusarium venenatum is introduced into the fermenter.

As fungus grow, more glucose, ammonia, oxygen and other nutrients like potassium, magnesium and phosphate are added. The culture is kept at a temperature of 28-30°C and a pH of 6.

Then mycoprotein solid is formed by aerobic fermentation of fungus and this solid is collected from the fermenter around 5-6 hours intervals. Continuous fermentation process is carried out for about 6 weeks.

After that, mycoprotein is heated to 68°C for 30-45 min to reduce the synthesis of uric acid by deactivating nucleic acids (RNA). Uric acid can increase the risk of gout (arthritis) if consumed in high amount

After heating, centrifugation is done to extract mycoprotein as a paste.

*Mycoproteins can be used to make products with a similar texture to meat. Hyphae derived from mycoprotein have an internal structure similar to animal muscle. Hyphae can be mixed with binders and flavours followed by heating to make vegetarian versions of meat products such as sausages and burger patties.

*Production of mycoprotein yields a lower carbon and water footprint than the production of beef and chicken. So mycoprotein is a sustainable alternative for meat production.

*Mycoproteins are rich in protein and fibre and contain vitamins like vitamin B9 and vitamin B12, and minerals like Ca, P, Mg, Zn and Mn. They are low in sugar, sodium and fats like saturated fats. 

*100 g of mycoprotein (wet weight) contains around 85 kcal of energy, 11 g of protein, 2.9 g of total fat, 6 g of dietary fibre and 3 g of carbohydrates.

*Mycoprotein contains all essential amino acids that the body cannot synthesise which are essential to produce neurotransmitters, nucleotides, membrane structures and protein. Mycoprotein is moderately rich in leucine, one of the branched-chain amino acids which promotes muscle growth and repair

*Due to the high fibre content, mycoprotein consumption is associated with reducing total fat and blood cholesterol levels in the body, and increased satiety which helps to control overeating and body weight. Also, fibre in mycoprotein acts as a prebiotic in the lower gut.

*With the potential health and environmental benefits, the production of mycoprotein can be suggested as a good way to meet the world protein demand and fight against food insecurity.

References :

https://www.researchgate.net/publication/333756098_Mycoprotein_The_Future_of_Nutritious_Nonmeat_Protein_a_Symposium_Review

https://assets.ctfassets.net/uexfe9h31g3m/42NIsYMOOAkioo6OwUoWCu/737474ac34ccc7188370336a1fa5078a/1_QUORN_-_GENERAL.pdf

https://www.ift.org/news-and-publications/food-technology-magazine/issues/2001/july/features/developing-food-product

https://sciencemeetsfood.org/mycoprotein/

https://www.frontiersin.org/articles/10.3389/fsufs.2021.581682/full

https://www.researchgate.net/publication/368575780_Role_of_mycoprotein_as_a_non-meat_protein_in_food_security_and_sustainability_a_review

Article 37- නිර්මාංශත්වය ගැන ඔබ දැනුවත්ද? 

''Are You Familiar with Vegetarianism?''


නිර්මාංශත්වය ගැන ඔබ දැනුවත් ද?

නිර්මාංශත්වය යනු ශාකමය අමුද්‍රව්‍ය වලින් සාදන ලද ආහාර අනුභව කිරීමේ ආහාර පිළිවෙතකි. අතීතයේ සිටම නිර්මාංශ ආහාර පිළිවෙත් පැවත ගෙන එන අතර ඒවා බොහෝ විට පැරණි ආගමික පද්ධති සමඟ සම්බන්ධ වී පවතී. පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ, නිර්මාංශ ආහාර අනුභව කිරීම ආරම්භ කර ඇත්තේ මාංශ පරිභෝජනය මඟින් පුනරුත්පත්තිය පහසු කරනු ඇතැයි යන විශ්වාසය මතය. මේ වන විට මාංශ පරිභෝජනය අඩු කිරීම මඟින්, සෞඛ්‍යමය ප්‍රතිලාභයන් ළඟා කර ගත හැකි බවට විද්‍යාත්මකව ද සොයා ගෙන ඇති අතර මෙම කරුණු ගෝලීය වශයෙන් නිර්මාංශත්වය ශක්තිමත් වීමටත් ඊට යොමුවන්නන්ගේ සංඛ්‍යාව වැඩි වීමටත් හේතු වී ඇත.

මේ වන විට නිර්මාංශ ආහාර වේල් කිහිපයක් හඳුනා ගෙන ඇති අතර ඒවා නම් lacto vegetarian diet, ovo-vegetarian diet, lacto-ovo-vegetarian diets, pestcatarian diets සහ vegan diets වේ. 

Lacto vegetarian ආහාර වේලකට කිරි, චීස්, යෝගට්, බටර් වැනි කිරි ආශ්‍රිත නිෂ්පාදන අයත් වන අතර මස්, මාළු, කුකුළු මස් (poultry) සහ බිත්තරද ඒවා අඩංගු ආහාරද ඇතුළත් නොවේ.

 Ovo-vegetarian ආහාර වේලකට බිත්තර ඇතුළත් නමුත්  මස්, කුකුළු මස්, මුහුදු ආහාර (sea food) සහ කිරි නිෂ්පාදන ඇතුළත් නොවේ. 

Lacto-ovo vegetarian ආහාර වේලකට කිරි නිෂ්පාදන සහ බිත්තර ඇතුළත් නමුත් මස්, මාළු සහ කුකුළු මස් වැනි ආහාර ඇතුළත් නොවේ.

 Pestcatarian ආහාර වේලකට මාළු ඇතුළත් නමුත් මස්, කුකුළු මස්, කිරි සහ බිත්තර ඇතුළත් නොවේ.

 Vegan ආහාර වේලකට මස්, කුකුළු මස්, මාළු, බිත්තර සහ කිරි නිෂ්පාදන මෙන්ම ඒවා අඩංගු ආහාර කිසිවක් ඇතුළත් නොවේ.


සාමාන්‍යයෙන් නිර්මාංශ ආහාර වේලෙහි ස්වභාවිකවම තන්තු බහුල රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග, පලතුරු, එළවළු, ඇට වර්ග, බීජ වැනි ආහාර අඩංගු වේ. අධික තන්තු අන්තර්ගතය නිර්මාංශිකයින් අතර හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව, වකුගඩු ගල් සහ සමහර පිළිකා වැළැක්වීමට උපකාරී වේ. ඊට අමතරව නිර්මාංශිකයින්, විශේෂයෙන් කාන්තාවන්, යකඩ ඌනතාවය ඇති වීම වළක්වා ගැනීම සඳහා සැලකිලිමත් විය යුතුය, මන්ද එය ඔවුන්ගේ සෞඛ්‍යයට බලපාන පෝෂණ ගැටලුවක් විය හැකි බැවිනි. සාමාන්‍යයෙන් ආහාර වල යකඩ වර්ග දෙකක් අඩංගු වේ. ඒවා හීම් කාණ්ඩක් රහිත යකඩ සහ හීම් කාණ්ඩයක් සහිත යකඩ වන අතර, හීම් කාණ්ඩයක් සහිත යකඩ යනු වඩාත් පහසුවෙන් අවශෝෂණය කළ හැකි යකඩ ආකාරයයි. තවද බොහෝ ශාක ආහාර වල යකඩ අඩංගු වන නමුත් ඒවා අඩු අවශෝෂණ හැකියාවකින් යුත් හිම් නොවන ආකාරයෙන් පවතී.

එම නිසා නිර්මාංශිකයින් ආහාර ගැනීමේදී යකඩ බහුල රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග, කොළ පැහැති එළවළු සහ ඇට වර්ග වැනි ආහාර සමඟ යකඩ අවශෝෂණය වැඩි කරන පැඟිරි, ස්ට්‍රෝබෙරි, තක්කාලි, මාළු මිරිස්, බ්‍රොකොලි, ගෝවා, නිවිති, වැනි විටමින් සී බහුල ආහාර තම ආහාර වේලට එක් කර ගැනීමට සැලකිලිමත් විය යුතුය. මන්ද, ඇස්කෝර්බික් අම්ලය (විටමින් C) ශාක ආහාර වල ඇති හීම් කාණ්ඩයක් රහිත යකඩ අවශෝෂණය වැඩි දියුණු කරන බව පෙන්වා දී ඇත.

එමෙන්ම රතු වයින්, කෝපි, කොකෝවා, තේ සහ පෙපර්මින්ට් තේ වැනි ශාකසාර තේ වල දක්නට ලැබෙන ශාක වල ඇති  පොලිෆීනෝල් කාණ්ඩයට අයත් ටැනින්, හීම් කාණ්ඩයක් රහිත යකඩ සමඟ සම්බන්ධ වීම මඟින් යකඩ අවශෝෂණය අඩු වීම සිදු වේ. ඒ නිසාම සෞඛ්‍යමය ප්‍රතිලාභ ඇතත්, නිර්මාංශිකයින් ආහාර ගැනීමේ දී ටැනින් හෝ පොලිෆීනෝල් අඩංගු තේ, රතු වයින්, කෝපි සහ කොකෝවා පානය කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ යුතුය. තවද, Ca සහ Zn වැනි ඛනිජ ලවණ අධික ලෙස ආහාරයට ගැනීම ද යකඩ අවශෝෂණය අඩු කිරීමට බලපායි.

සත්ත්ව ආහාර ප්‍රභවයන් වන මාංශ, මාළු, කිරි සහ බිත්තර වැනි ආහාර වල සෑම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක්ම අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු වේ. එබැවින් ඒවා සම්පූර්ණ ප්‍රෝටීන් ප්‍රභව ලෙස සැලකේ. කෙසේ වෙතත්, බොහෝ ශාක ප්‍රෝටීන් ප්‍රභවයන් වල මෙම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ලම අඩංගු නොවිය හැක. එම නිසා ඒවා අසම්පූර්ණ ප්‍රෝටීන් ප්‍රභවයන් ලෙස සැලකේ. නිර්මාංශ ප්‍රෝටීන් ප්‍රභවයන් අසම්පූර්ණ ප්‍රෝටීන වීමට වැඩි ඉඩක් තිබුණද, රනිල කුලයට අයත් බෝග, ධාන්‍ය, ඇට වර්ග සහ බීජ වැනි ප්‍රෝටීන් ප්‍රභවයන් මිශ්‍ර කර ගලපා ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය සියලුම ඇමයිනෝ අම්ල ලබා ගත හැක. එසේම එම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වල සමතුලිතතාවයක් පවත්වා ගැනීම වැදගත් වේ.

එම නිසා සියලුම වර්ග වල නිර්මාංශිකයින් ප්‍රෝටීන්, අත්‍යවශ්‍ය මේද අම්ල, ඛනිජ ලවණ (යකඩ, සින්ක්, අයඩින්, කැල්සියම්) සහ විටමින් (විටමින් D සහ B 12) ඇතුළුව ඔවුන්ට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම ඉතාමත් වැදගත් කරුණකි. නිර්මාංශිකයෙකු වීමේ ප්‍රධාන සෞඛ්‍යමය අවාසිය නම් පෝෂක ඌනතාවයන් ඇති වීමේ විභවයයි. එබැවින් හොඳින් සැලසුම් කල සමබල ආහාර වේලක් ගැනීම සහ අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන ආහාර වේලක් ලබා ගැනීම සඳහා ආහාර තෝරා ගැනීමේදී නිර්මාණශීලී වීම වඩාත් වැදගත් වේ.

Are You Familiar with Vegetarianism ?

•Vegetarianism is a dietary practice of eating foods that are made of plant sources.Vegetarian diets are frequently associated with ancient religious systems. Ancient Egyptian civilization have started consuming vegetarian diets based on the belief that meat consumption would facilitate reincarnation. At present it has scientifically discovered that there are several health benefits associated with the reduction in meat consumption. These factors have strengthened vegetarianism globally and drawn an increasing number of followers. 

•At the moment there are several types of vegetarian diets have been identified. They are lacto-vegetarian diets, ovo-vegetarian diets, lacto-ovo-vegetarian diets, pestcatarian diets and vegan diets. 

-Lacto-vegetarian diets are included dairy products, such as milk, cheese, yoghurt, butter and excluded meat, fish, poultry and eggs, as well as foods that contain them. 

-Ovo-vegetarian diets are included eggs but excluded meat, poultry, seafood and dairy products. 

-Lacto-ovo vegetarian diets are allowed dairy products and eggs but meat, fish and poultry are not allowed. 

-Pescatarian diets are allowed fish but meat and poultry, dairy, and eggs are not allowed. 

-Vegan diets are excluded meat, poultry, fish, eggs and dairy products, as well as foods that contain these products. 

•Generally vegetarian diets contain legumes, whole grains, fruits, vegetables, nuts, seeds and they are naturally high in fiber. The high fiber content has helped to prevent heart disease, type 2 diabetes, kidney stones and some cancers among vegetarians.Other than that vegetarians, especially women, may need to take extra precautions to prevent iron deficiency, because it can be a nutritional problem for their health. Generally food contains two types of iron, non-haem iron and haem iron and also haem iron is the more readily absorbable form of iron.And many plant foods also contain iron, but it is in the non-haem form which is less absorbable. 

•Because of that vegetarians should take care to combine plenty of iron-rich foods like legumes, wholegrain cereals, green vegetables and nuts, with the foods such as citrus fruits, strawberries, tomatoes, capsicum, broccoli, cabbage, spinach that enhance iron absorption in their diets. Because ascorbic acid (vitamin C) has been shown to enhance the absorption of the non-haem iron found in plant foods. 

•Tannins in plants that belong to the group of polyphenols, found in red wine, coffee, regular tea, and herbal teas like peppermint tea, can tie-up to the non-haem iron, by reducing its absorption. Because of that, even though they have health benefits, vegetarians should try to avoid drinking strong tea, red wine, coffee and cocoa which contain tannins or polyphenols at meal times. Excessive intake of Ca and Zn like minerals can also effect in reducing the absorption of iron. 

•Animal products like beef, fish, dairy, and eggs are rich in all essential amino acids. Thus, they're considered as complete proteins. Although, many plant sources of protein are lack of one or more essential amino acids. Because of that they're considered as incomplete protein sources. Even though vegetarian sources of protein are more likely to be incomplete proteins, mixing and matching of protein sources such as legumes, grains, nuts and seeds can help to get all the amino acids that human body needs. Maintaining a balance of those essential amino acids is a must. 

•The most important thing for all kind of vegetarians is to ensure that they are getting all the nutrients they need including protein, essential fatty acids, minerals( Fe, Zn, l, Ca ) and vitamins(vitamin  D and B12).

•The major health disadvantage being a vegetarian is a  potential of nutrient deficiencies. So it is important to maintain a well-planned balanced diet and being creative when eating to get all the nutrients needed.

References


https://sentientmedia.org/vegetarianism/ 

 https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8069426/ 

https://www.mayoclinic.org/healthy-lifestyle/nutrition-and-healthy-eating/indepth/vegetarian-diet/art-20046446 

Mariotti F, Gardner CD. Dietary Protein and Amino Acids in Vegetarian Diets-A Review. Nutrients. 2019 Nov 4;11(11):2661. doi: 10.3390/nu11112661. PMID: 31690027; PMCID: PMC6893534

https://www.depts.ttu.edu/hospitality/pdf/SmartChoices2011_Veg.pdf  

https://www.livestrong.com/article/85540-disadvantages-vegetarian-diet/



Article 27පාරම්පරික හාලේ අරුමැසිය (පළමු කොටස)

 "𝐓𝐡𝐞 𝐖𝐨𝐧𝐝𝐞𝐫 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐓𝐫𝐚𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐑𝐢𝐜𝐞 (𝐏𝐚𝐫𝐭 𝟏)"


පාරම්පරික හාලේ අරුමැසිය (පළමු කොටස)

සහල් (𝑂𝑟𝑦𝑧𝑎 𝑠𝑎𝑡𝑖𝑣𝑎) ශ්‍රී ලංකාවේ සහ තවත් බොහෝ රටවල ප්‍රධාන ආහාරය ලෙස සැලකේ. අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි බෝගයක් ලෙස සහල් වගා කරන අතර, එයිනුත් සාම්ප්‍රදායික සහල් සුවිශේෂී වේ. මෙරට සාම්ප්‍රදායික සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් වගා කරනු ලබනු අතර ලේඛනගත සාක්ෂි වලට අනුව, ශ්‍රී ලංකාවේ සහල් වගාවට ක්‍රිස්තු පූර්ව 800 තරම් ඈත අතීතයක් ඇත. ක්‍රිස්තු පූර්ව 377-367 අතර ඉදිකරන ලද දැවැන්ත වාරිමාර්ග ව්‍යුහයන් සහ අන්තර් සම්බන්ධිත ඇළ මාර්ග මඟින් මෙය තවදුරටත් පිළිබිඹු වේ. සහල් වගාව ආර්ථික කටයුත්තක් මෙන්ම මෙරට ජනතාවගේ ප්‍රධාන ජීවන මාර්ගයද විය.

පාරම්පරික සහල් වගාව සඳහා අඩු යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, රසායන පොහොර යෙදීමකින් තොරව කොම්පෝස්ට් පොහොර වැනි ස්වභාවික ප්‍රභවයන් යොදා ගනිමින් සාර්ථකව වගා කළ හැක. සාම්ප්‍රදායික සහල් සියල්ලම පාහේ අකාබනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් තොරව වගා කළ හැක, මන්ද මෙම ප්‍රභේද විශේෂිත රෝග හා පළිබෝධකයන්ට ප්‍රතිරෝධී වන බැවින් සාම්ප්‍රදායික සහල් වගාව පරිසර හිතකාමී ලෙස සැලකේ. එසේම නව සහල් වර්ග හා සසඳන විට, මෙම සාම්ප්‍රදායික සහල් ප්‍රභේද ස්වභාවික වරණය හේතුවෙන් නියඟය, අධික වර්ෂාව සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාස වලට වඩා ප්‍රතිරෝධී වේ. එසේම මේවා වසර ගණනාවක් පුරා විකාශනය වෙමින් පවතී.

බොහෝ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සහල් ප්‍රභේද වල ග්ලූටමික් අම්ලය වැඩි ප්‍රමාණයක් සහ විටමින් වර්ගයන් වැඩි සාන්ද්‍රණයක් පවතී. එසේම මෙම සහල් ආහාරමය තන්තු (dietary fibre) වලින් පොහොසත් වන අතර, මෙය මලබද්ධය වැනි රෝග අඩු කිරීම සඳහා උපකාරී වේ.ග්ලයිසමික් දර්ශකය(GI) යනු අප පරිභෝජනය කරන යම් ආහාරයක් කෙතරම් ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නැංවීමට හේතු වේද යන්න සොයන මිනුමකි. මෙය මිනුම් කරනු ලබන්නේ ආහාර 0 සිට 100 පරිමාණය දක්වා ශ්‍රේණිගත කිරීමෙනි. අඩු GI අගයන් (GI 55 හෝ ඊට අඩු) සහිත ආහාර සෞඛ්‍යයට යහපත් වන්නේ ඒවා සෙමෙන් ජීර්ණය වී අවශෝෂණය වන නිසා රුධිර සීනි මට්ටම මන්දගාමී හා කුඩා වැඩි වීමක් සඳහා හේතු වන බැවිනි. මෙම සහල් වල අඩු ග්ලයිසමික් දර්ශකයක් අඩංගු වේ (උදා: පච්චපෙරුමාල් GI <40, රත් සුවදැල් GI <48, සහ කළු හීනටි GI <55), මෙය දියවැඩියා රෝගීන්ට හිතකර වන අතර ඔවුන්ට ආහාර ගැනීමෙන් පසුව අඩු රුධිර සීනි මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වේ. මීට අමතරව සාම්ප්‍රදායික සහල් වර්ග වල 10-13% ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතින බවද වාර්තා වී ඇත.එසේම මෙම සහල් සුවිශේෂී සුවඳකින් සහ ඉහළ පෝෂණ ගුණයකින් සමන්විත වේ.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සහල් වල පවතින සුවිශේෂීම ලක්ෂණය වන්නේ ඔක්සිකාරක ප්‍රතික්‍රියා සිදු කිරීමට හේතු වන මුක්ත ඛණ්ඩ නිපදවීම නිෂේධනය කරන ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වීමයි. මේ අනුව පිළිකා වර්ධනය වීමේ අවදානම අඩු කිරීමේ හැකියාවක්ද තිබිය හැකිය. මෑත කාලයේදී සිදුකරන ලද පර්යේෂණ වලින් ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල්, විශේෂයෙන් රතු සහල් විවිධ නිදන්ගත රෝග (දියවැඩියා, පිළිකා, ප්‍රදාහ, ස්නායු රෝග සහ ඔක්සිකාරක ආතති) සඳහා ද හිතකර ඖෂධීය ගුණ ඇති බව තහවුරු කර ඇත. මේ අනුව මෙම වටිනා පාරම්පරික සහල් රට තුළ භාවිතා කිරීම ජනතාවගේ සෞඛ්‍යය සහ පෝෂණය වැඩිදියුණු කිරිමට හේතු වේ.

ජනප්‍රිය පාරම්පරික සහල් කිහිපයක් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහත දැක්වේ.

සුවදැල්

• සුවදැල් යනු ශ්‍රී ලංකාවේ දකුණු පහත් බිම් වලට උරුම වූ, වර්ෂාතනය සහ කාබනික වගා ක්‍රම යොදා ගනු ලබන සහල් ප්‍රභේදයකි. මේ හේතුව නිසාම අනෙකුත් සහල් වලට වඩා අස්වැන්න ලබා ගැනීම සඳහා වැඩි කාලයක් ගතවේ. ඒ සඳහා සාමාන්‍යයෙන් මාස 5-6ක් පමණ ගත වන අතර

මෙය අද්විතීය සුවඳක් සහ ක්‍රීම් රසයක් සහිත සුදු සහල් විශේෂයකි. සුවදැල් යන නමින් අදහස් කරන්නේ "සුවඳ" යන්නය. මෙම සුවඳ කෑම රුචිය වැඩි කිරීමට උපකාරී වේ.

• සුවදැල් වල පෝෂණ සංයුතිය සලකා බලන විට 90% කාබෝහයිඩ්‍රේට්, 7% සම්පූර්ණ ප්‍රෝටීන්, 0.7% සම්පූර්ණ මේදය, 0.1% සම්පූර්ණ තන්තු පවතින බව දැක ගත හැක. මෙහි අනෙකුත් සාමාන්‍ය සහල් වලට වඩා ග්ලූටමික් අම්ලය සහ ඉහළ විටමින් සාන්ද්‍රණයක් පවතී.

• එසේම මෙම සහල් සමේ වර්ණය වැඩි දියුණු කිරීමටත්, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත්, කටහඬ පැහැදිලි කිරීමටත් උපකාරී වේ. අඩු ග්ලයිසමික් දර්ශකයක් ඇති බැවින්, මෙම සහල් රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කරයි.

සුදු හීනටි

• මෙම සහල් ප්‍රභේදයට "සුදු හීනටි" යන නම ලැබීමට හේතුව වන්නේ ඒවායේ වී වල පවතින පිදුරු පැහැයයි. මෙය සාම්ප්‍රදායිකව වගා කරන රතු පැහැති ධාන්‍ය විශේෂයකි.

මෙම විශේෂය වැපිරීමෙන් පසු මාස 4කින් පමණ අස්වැන්න ලබා ගත හැකිය. වර්තමානයේ සුදු හීනටි ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ බහුලව වගා කෙරේ.

• මෙම සහල් විටමින් E, යකඩ (Fe), සින්ක්(Zn) සහ ස්වභාවිකව ඇති ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර මෙම පෝෂණීය සහ ඖෂධීය ගුණ ආරක්ෂා කර ගැනීම සඳහා නිවුඩ්ඩ සමඟ පරිභෝජනය කිරීම වැදගත් වේ.

• සුදු හීනටි වල ක්‍රියාකාරී සංඝටක මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර මලබද්ධයට පිළියමක් ලෙසද භාවිතා කරයි. මෙය ඉහළම පෝෂණීය සහ ඖෂධීය ගුණය පවතින සහල් ප්‍රභේදය බව සැලකෙන අතර ප්‍රදාහය, දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් සහ ඔක්සිකාරක ආතති වලට ප්‍රතිකාර කිරීම සඳහා මෙය සුදුසු බව ඔප්පු වී ඇත.

කුරුලු තුඩ

• කුරුලු තුඩ සහල් ප්‍රභේදය “කුරුලු හොට” යන අරුතින් නම් කර ඇති රසවත් සුවිශේෂී රතු සහල් ප්‍රභේදයකි. අස්වැන්න නෙලීමට මාස 5 කට හෝ 6 කට පෙර මෙම සහල් විශේෂය වගා කෙරේ.

• මෙම සහල් ප්‍රෝටීන සහ තන්තු වලින් පොහොසත් වේ. එසේම මෙය මූත්‍රාශයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වැඩි කිරිමට සහ බෙලහීනතාවය මඟහරවා ගැනීමටද උපකාරී වේ. මෙම සහල් අනෙකුත් සාමාන්‍ය සහල් වලට සාපේක්ෂව අඩු ග්ලයිසමික් දර්ශකයක් (GI) (25% - 30%) ඇති බව සොයාගෙන ඇත, එබැවින් දියවැඩියා රෝගීන්ට ප්‍රයෝජනවත් වන අතර කුඩා දරුවන්ගේ වර්ධනය වැඩි දියුණු කළ හැකිය.

සාම්ප්‍රදායික වී වගාවෙන් බොහෝ ආර්ථික වාසි ලබා ගත හැකිය. වෙළඳපොලේ සාම්ප්‍රදායික වී සඳහා ඉහළ වටිනාකමක් පවතී. ඒ අතරම වර්තමාන පාරිභෝගිකයන් තම සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමට පෙළඹී ඇති අතර නව සහල් වර්ග වලට වඩා සාම්ප්‍රදායික සහල් පරිභෝජනය කෙරෙහි නැඹුරුවක් දක්වයි. ඒවායෙහි ඉහළ ගුණ පැවතුනත්, කෘෂි රසායන භාවිතා කිරීමට අවශ්‍ය නැතත්, මෙම සාම්ප්‍රදායික සහල් වර්ග වල අස්වැන්න අඩුය. එබැවින් එය ගොවීන්ගේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකිය.

එසේම මෙම ප්‍රභේද තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා සෞඛ්‍ය හිමිකම් තක්සේරු කිරීම සහ පෝෂණ හා ඖෂධීය ගුණ පිළිබඳ සාක්ෂි සැපයීම සඳහා වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වන අතර, සම්ප්‍රදායික සහල් වල පවතින අතිවිශාල විවිධත්වය අනාගත සහල් අවශ්‍යතාව සපුරාලීමට තව දුරටත් වැඩිදියුණු කිරීම සහ සංරක්ෂණය කිරිම යෝග්‍ය වේ. එබැවින් ශ්‍රී ලංකාවට සම්පතක් වන සම්ප්‍රදායික සහල් ප්‍රභේද සුරැකීම වැදගත් වේ.

𝐓𝐡𝐞 𝐖𝐨𝐧𝐝𝐞𝐫 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐓𝐫𝐚𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐑𝐢𝐜𝐞 (𝐏𝐚𝐫𝐭 𝟏)

Rice (𝑂𝑟𝑦𝑧𝑎 𝑠𝑎𝑡𝑖𝑣𝑎) is considered as the staple food in Sri Lanka and many other countries. Rice has been grown as a staple crop in Sri Lanka since the past. More than 2000 varieties of traditional rice are grown in this country.According to documentary evidence, the cultivation of rice in Sri Lanka has a history as far back as 800 BC. This is further reflected by the huge irrigation structures and interconnected canals constructed between 377- 367 BC. Rice cultivation was an economic activity as well as the main livelihood of the people.

Traditional rice cultivation requires less inputs and can be grown successfully using natural sources such as compost without the use of chemical fertilizers. Almost all traditional rice can be grown without the use of inorganic fertilizers and agrochemicals because these varieties are resistant to particular diseases and pests, so traditional rice cultivation is considered as environmentally friendly. Also compared to the new rice varieties, these traditional rice varieties are more resistant to climate changes such as drought, heavy rains, and floods because of natural selection, and evolving years over many.

Many traditional Sri Lankan rice varieties are high in glutamic acid and vitamins. Also, this rice is rich in dietary fibre, which helps in reducing symptoms like constipation.

Glycaemic index (GI) is measure of how quickly a food causes our blood sugar levels to rise. The measure rank food on a scale of 0-100. Food with low GI values (GI of 55 or less) are good for health because they’re slowly digested and absorbed, causing a slower and smaller rise in blood sugar levels. These rice varieties have reported low glyceamic index (e.g., Pachchaperumal GI <40, Rath Suwandal GI <48, and Kalu Heenati GI <55), which is good for people with diabetes and helps them maintain lower blood sugar levels after meals. In addition, traditional rice varieties have reported 10-13% protein content. Also, this rice has a unique aroma and high nutritional value.

The most unique feature of traditional Sri Lankan rice is that it is rich in antioxidants that inhibit oxidation reactions producing free radicals. Thus, these may have a role in decrease the risk of developing cancer. Research evidence has indicated that Sri Lankan traditional red rice possess marked antioxidant properties and the consumption may play an important role in prevention of oxidative stress associated with chronic diseases. Further the bran of some traditional rice varieties have shown anti-hyperglycaemic activity. Thus, the use of this valuable traditional rice in the country will lead to improving the health and nutrition of the people.

A brief introduction of some popular traditional rice is given below.

Suwandel

• Suwandel is a variety cultivated organically with rain-fed methods inherited from the southern lowlands of Sri Lanka. For this reason, it takes more time to cultivate than other rice. It usually takes about 5-6 months to harvest. This rice is a type of white rice with a unique aroma and a creamy flavour. The name Suwandel means “fragrance”. This aroma helps to increase the appetite.

• In terms of the nutritional composition of Suwandel, it consists of 90% carbohydrates, 7% crude protein, 0.7% crude fat, 0.1% crude fibre. Suwandel is believed to have a higher concentration of glutamic acid and vitamins than other common rice.

• It is also believed that this rice helps to improve skin colour, improves the functioning of the digestive system, and the clarity of the voice. Since it has a low glycaemic index, this type of rice helps to control blood glucose levels.

Sudu Heenati

• This variety of rice got the name “Sudu Heenati” because of the straw colour of its paddy. This rice is a traditionally cultivated red grain. The yield can be harvested within 4 months after sowing. Currently, Sudu Heenati is widely cultivated in all parts of Sri Lanka.

• Sudu heenati is rich in vitamin E, iron, zinc and naturally occurring antioxidants. It is important to consume the rice with the bran in order to protect these nutritional and medicinal properties.

• Functional constituents in Sudu heenati helps to improve the human immune system and is also used as a remedy for constipation. The nutritional and medicinal value of Sudu Heenati is considered as the highest. It is proved that the variety is suitable for treating inflammations, diabetes, cancers, neurological diseases, high cholesterol levels and oxidative stress.

Kuruluthuda

• Kuruluthuda rice variety is a delicious and distinctive red rice variety named after “Bird’s beak”. This rice variety is cultivated 5 to 6 months before harvesting.

• This rice is rich in protein and fiber, which improves bladder function. It also helps to increase the sexual strength of men and avoid impotence. This rice has been found to have a lower glycemic index (GI) (by 25% to 30%) compared to other regular rice, so it is beneficial for people with diabetics and could improves the growth of small children.

Many economic benefits can be gained from traditional rice cultivation. There is a high value for traditional rice in the market. At the same time, today’s consumers are inclined to pay more attention to their health and tend to consume traditional rice rather than new types of rice. Though they have better qualities and don’t need to use agro chemicals, these traditional rice varieties are low in yield. Therefore it can be affected negatively for the economy of farmers.

Also, further research is required to evaluate health claims and provide evidence of nutritional and medicinal properties to popularize these varieties, and the vast diversity of traditional rice should be further improved and conserved to meet future rice requirements. Therefore, it is important to protect these traditional rice varieties which are an asset to Sri Lanka.

References :

Production and Marketing of Traditional Rice Varieties in Selected Districts In Sri Lanka: Present Status and Future Prospects(online), available at: http://libcat.lib.jfn.ac.lk , accessed on: 22/09/2023.

Traditional rice farming: back to practice(online),available at:https://www.researchgate.net/publication/355186545_ ,accessed on :22/09/2023.

Traditional rice varieties in Sri Lanka (online),available at:https://www.ceylondigest.com/traditional-rice-varieties.../, accessed on: 22/09/2023.

Heritage of Heirloom Rice varieties of Sri Lanka(online ), available at :https://drive.google.com/.../1HT9OpAn0dmektSZhxEP.../view... , accessed on :27/09/2023.

Article Written by- Geethika Athapattu

Post Designed by- Asaja Sunilrathna

All reactions:

51

You, Heshani Thilakasiri, Ruwini Dissanayaka and 48 others



Article 26ආහාර රැසකට රස මුසු කරන සව් "Sago; Beloved Delicacy across Numerous Food Cultures"


ආහාර රැසකට රස මුසු කරන සව්

සව් (Sago) යනු, මූලික වශයෙන් 𝘔𝘦𝘵𝘳𝘰𝘹𝘺𝘭𝘰𝘯 𝘴𝘢𝘨𝘶 (Sago palm plant) වැනි නිවර්තන කලාපයේ  වගා කෙරෙන තාල වර්ගයේ ශාක වල කඳන් වලින් ලබාගන්නා පිෂ්ටමය ආහාරයකි. මෙය කැලරිවලින් බහුල ආහාරයක් වුවද, එහි ප්‍රෝටීන්, මේදය, විටමින් සහ තන්තු අන්තර්ගතය සාපේක්ෂව අඩුය. නමුත් සව් ආශ්‍රිත ආහාර පිළියෙළ  කිරීමේදී පලතුරු, කිරි, පොල් කිරි වැනි වෙනත් අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් සමබල ආහාරයක් සකසා ගත හැකිය.

සව් යනු ග්ලූටන් රහිත ආහාරයකි. එබැවින්  සිලියැක් රෝගය (Celiac disease) සහ Gluten Intolerance යන තත්ත්ව සහිත පුද්ගලයින්ට එය උචිත වේ.

සව් ලබාගන්නා ශාක සාමාන්‍යයෙන්  ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල බහුලව වගා කරනු ලබන අතර එම රටවල ඇතැම් ජන කොටස් සව් ප්‍රධාන ආහාරයක් ලෙසද භාවිතා කරයි. ඉන්දුනීසියාව, මැලේසියාව, පැපුවා නිව්ගිනියාව එක්ව සැලකූ විට ලෝකයේ සමස්ත සව් නිෂ්පාදනයෙන් 94.6% ක් පමණ සැපයීමට සමත් වේ.

Sago පිෂ්ටය නිස්සාරණය කරනු ලබන්නේ පරිණත වූ Sago Palm ශාකයේ මජ්ජාව (Pith) භාවිතා කිරීමෙනි. පළමුව, ශාකයේ කඳ දිග අතට පලා, මජ්ජාව ඉවත් කරනු ලැබේ. පසුව එම මජ්ජාව කුඩා කැබලිවලට තලා, අඹරා ගනී. මීලඟට ඊට ජලය එකතු කර උකු පිෂ්ටමය ද්‍රාවණයක් (slurry)  සාදා ගනු ලබයි. ඉන්පසු, මෙම උකු ද්‍රාවණය එහි ඇති තන්තු ඉවත් කිරීම සඳහා කේන්ද්‍රාපසාරී පෙරනයක් (Centrifugal Sieve) හරහා යවනු ලැබේ. තන්තු ඉවත් කළ පසු, sago පිෂ්ටය ලබා ගන්නේ ඉතිරි වන කොටස් ජලයෙන් කිහිප වතාවක් සෝදා, අනතුරුව ජලය ඉවත් කිරීමෙන් සහ වියළීමෙනි. මෙසේ ලබාගන්නා පිෂ්ටය, තවත් සැකසුම් පියවර කිහිපයක් හරහා වෙළදපොලේ දැකිය හැකි සව් ඇට (sago pearls) බවට පත් කරනු ලැබේ.

ඇතැම් පාරිභෝගිකයින් වෙළදපොළේ පවතින Tapioca pearls නම් වූ නිෂ්පාදනය, සව් ඇට (sago pearls) ලෙස වරදවා වටහා ගනී. නමුත් Tapioca pearls නිපදවනු ලබන්නේ  මඤ්ඤොක්කා අලයෙන් ගන්නා පිෂ්ටයෙනි. කෙසේ වෙතත් මෙම Tapioca pearls සව් සදහා වන හොද ආදේශකයකි.

සව්, පෑන් කේක්, බිස්කට්, නූඩ්ල්ස්, පාන් සහ පුඩිං වැනි බොහෝ ආහාර වර්ග සඳහා යොදා ගැනේ. එසේම සව්, ජලය සමඟ මිශ්‍ර කර සාදා ගන්නා තලප ප්‍රධාන ආහාරයක් ලෙස ඇතැම් රටවල භාවිතා කරයි. බෲනායි හි ජනප්‍රිය ආහාරයක් වන "Ambuyat" සෑදීමට සව් භාවිතා කරයි. එසේම, මැලේසියාවේ සාම්ප්‍රදායික ආහාරයක් වන " Kerepok lekor " (මාළු සොසේජස්) සෑදීම සඳහාද  එය ප්‍රධාන අමුද්‍රව්‍යයක්  ලෙස යොදා ගනී. ලංකාවේ සව් කැඳ, සව් බොර, සව් අලුවා, සව් තලප වැනි ආහාර සෑදීමට සව් භාවිතා වේ. මීට අමතරව මධ්‍යසාර නොවන බීම සඳහා අවශ්‍ය ෆෲක්ටෝස් සිරප් (fructose syrup)  සෑදීමට ද , සත්ත්ව ආහාර, මෝල්ටෝ ඩෙක්ස්ට්‍රින් (maltodextrin), සයික්ලෝඩෙක්ස්ට්‍රින් (cyclodextrin) සහ  මොනෝ සෝඩියම්  ග්ලූටමේට් (mono sodium glutamate) සෑදීමට ද සව් උපයෝගී කර ගැනේ.

සව් කැලරි බහුල ආහාරයක් වන බැවින් එය ශරීර ශක්තිය ඉහල නැංවීමට සමත් වේ. සව් වල අන්තර්ගත  ප්‍රතිරෝධී පිෂ්ටය (Resistant starch) ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවයි. ඊට අමතරව සව් වල අඩංගු කැල්සියම් සහ යකඩ  අස්ථි සෞඛ්‍යය නංවාලීමටත්, රතු රුධිර සෛල ගණන වැඩි කිරීමටත් උපකාරී වේ. කෙසේ වෙතත් සව් ශරීර බර පාලනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට සුදුසු ආහාරයක් ලෙස නිර්දේශ නොකෙරේ.  අධික ලෙස සව් ආහාරයට ගැනීමෙන් බඩ පිපීම සහ මලබද්ධය වැනි තත්ත්ව වලට හේතු විය හැක.

Sago; Beloved Delicacy across Numerous Food Cultures

Sago is a starchy food, extracted mainly from tropical palm stems, especially 𝘔𝘦𝘵𝘳𝘰𝘹𝘺𝘭𝘰𝘯 𝘴𝘢𝘨𝘶 (Sago palm plant). Although this is a high calorie food, it is very low in protein, fat, vitamins and fiber. But when preparing a sago dish, by adding other ingredients such as fruits, milk, nuts and coconut milk, we can obtain a balanced diet. Sago is a gluten free food. Therefore, it is safe for patients with Celiac disease, and also for people who are suffering from Gluten intolerance.

Sago palm plants are widely grown in countries such as Indonesia, Papua New Guinea, Malaysia and Philippines. Sago is also as a staple food among some of the local communities of these countries. Indonesia, Malaysia and Papua New Guinea together account to approximately 94.6% of the world’s sago production. 

Sago starch is extracted from the soft core (pith) of the matured sago palm. First, the stem of the palm is split lengthwise and the pith is removed. Then the pith is crushed into small pieces and milled. Next, water is added to the milled pith, to form a starch slurry. After that, this slurry is sent through centrifugal sieves to remove the fibers. Once the fibers are removed, sago starch is obtained by washing the resulting residue few times with water, followed by dewatering and drying. Sago starch is further processed into granules which are known as sago pearls.

Sago pearls are often confused with Tapioca pearls, that are produced using starch extracted from cassava root. However, sago pearls and tapioca pearls can be interchangeably used in dishes.

Many types of foods like sago pan cake, biscuits, noodles, white bread and steamed pudding are made from sago starch. The paste made by mixing sago starch with water is used as a main staple food as well. Sago starch is used to make “Ambuyat”, a popular dish in Brunei. Also, it is used as a main ingredients to make “Kerepok lekor” (Fish sausage), a traditional food in Malaysia. In Sri Lanka, sago is used to make food like “Sawu Kanda” (සව් කැඳ), “Sawu Bora”(සව් බොර), “Sawu Aluwa” (සව් අලුවා), “Sawu Talapa” (සව් තලප). Apart from that, sago starch is used to make adhesives, high fructose syrup for non-alcoholic drinks, animal feed, maltodextrins, cyclodextrins and mono sodium glutamate as well.

Since sago is a calorie-rich food, it can be used as a source of energy. Resistant starch component in sago starch facilitates the digestion process in the body. In addition, there are small amounts of calcium and iron in sago as well. These minerals help in improving bone health, and increase the red blood cell count respectively. But, sago is not recommended as a weight loss diet, and excessive intake of sago may result in bloating and constipation.

Article written by : Geethma Jayanika

Post Designed by : Sithumini Perera

References

Sago [online], Available at : https://www.doc-developpement-durable.org/.../Sago.pdf  Accessed on : 26th Jun 2022,

Celiac Disease [online], Available at : https://und.edu/.../docs/fact-sheets/celiacdisease.pdf Accessed on : 26th Jun 2022

Naim H.M, Yaakub A.N, Hamdan D.A.A (2016), Commercialization of Sago through Estate Plantation Scheme in Sarawak: The Way Forward, International Journal of Agronomy, DOI : https://doi.org/10.1155/2016/8319542

Ratnayake, W.S., Jackson D.S., (2003), Encyclopedia of Food Sciences and Nutrition || STARCH | Sources and Processing.  5567–5572. doi:10.1016/B0-12-227055-X/01142-1


Article 25-  ආහාර රැසකට රස මුසු කරන සව් "Sago; Beloved Delicacy across Numerous Food Cultures"


ආහාර රැසකට රස මුසු කරන සව්

සව් (Sago) යනු, මූලික වශයෙන් 𝘔𝘦𝘵𝘳𝘰𝘹𝘺𝘭𝘰𝘯 𝘴𝘢𝘨𝘶 (Sago palm plant) වැනි නිවර්තන කලාපයේ  වගා කෙරෙන තාල වර්ගයේ ශාක වල කඳන් වලින් ලබාගන්නා පිෂ්ටමය ආහාරයකි. මෙය කැලරිවලින් බහුල ආහාරයක් වුවද, එහි ප්‍රෝටීන්, මේදය, විටමින් සහ තන්තු අන්තර්ගතය සාපේක්ෂව අඩුය. නමුත් සව් ආශ්‍රිත ආහාර පිළියෙළ  කිරීමේදී පලතුරු, කිරි, පොල් කිරි වැනි වෙනත් අමුද්‍රව්‍ය එකතු කිරීමෙන් සමබල ආහාරයක් සකසා ගත හැකිය.

සව් යනු ග්ලූටන් රහිත ආහාරයකි. එබැවින්  සිලියැක් රෝගය (Celiac disease) සහ Gluten Intolerance යන තත්ත්ව සහිත පුද්ගලයින්ට එය උචිත වේ.

සව් ලබාගන්නා ශාක සාමාන්‍යයෙන්  ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල බහුලව වගා කරනු ලබන අතර එම රටවල ඇතැම් ජන කොටස් සව් ප්‍රධාන ආහාරයක් ලෙසද භාවිතා කරයි. ඉන්දුනීසියාව, මැලේසියාව, පැපුවා නිව්ගිනියාව එක්ව සැලකූ විට ලෝකයේ සමස්ත සව් නිෂ්පාදනයෙන් 94.6% ක් පමණ සැපයීමට සමත් වේ.

Sago පිෂ්ටය නිස්සාරණය කරනු ලබන්නේ පරිණත වූ Sago Palm ශාකයේ මජ්ජාව (Pith) භාවිතා කිරීමෙනි. පළමුව, ශාකයේ කඳ දිග අතට පලා, මජ්ජාව ඉවත් කරනු ලැබේ. පසුව එම මජ්ජාව කුඩා කැබලිවලට තලා, අඹරා ගනී. මීලඟට ඊට ජලය එකතු කර උකු පිෂ්ටමය ද්‍රාවණයක් (slurry)  සාදා ගනු ලබයි. ඉන්පසු, මෙම උකු ද්‍රාවණය එහි ඇති තන්තු ඉවත් කිරීම සඳහා කේන්ද්‍රාපසාරී පෙරනයක් (Centrifugal Sieve) හරහා යවනු ලැබේ. තන්තු ඉවත් කළ පසු, sago පිෂ්ටය ලබා ගන්නේ ඉතිරි වන කොටස් ජලයෙන් කිහිප වතාවක් සෝදා, අනතුරුව ජලය ඉවත් කිරීමෙන් සහ වියළීමෙනි. මෙසේ ලබාගන්නා පිෂ්ටය, තවත් සැකසුම් පියවර කිහිපයක් හරහා වෙළදපොලේ දැකිය හැකි සව් ඇට (sago pearls) බවට පත් කරනු ලැබේ.

ඇතැම් පාරිභෝගිකයින් වෙළදපොළේ පවතින Tapioca pearls නම් වූ නිෂ්පාදනය, සව් ඇට (sago pearls) ලෙස වරදවා වටහා ගනී. නමුත් Tapioca pearls නිපදවනු ලබන්නේ  මඤ්ඤොක්කා අලයෙන් ගන්නා පිෂ්ටයෙනි. කෙසේ වෙතත් මෙම Tapioca pearls සව් සදහා වන හොද ආදේශකයකි.

සව්, පෑන් කේක්, බිස්කට්, නූඩ්ල්ස්, පාන් සහ පුඩිං වැනි බොහෝ ආහාර වර්ග සඳහා යොදා ගැනේ. එසේම සව්, ජලය සමඟ මිශ්‍ර කර සාදා ගන්නා තලප ප්‍රධාන ආහාරයක් ලෙස ඇතැම් රටවල භාවිතා කරයි. බෲනායි හි ජනප්‍රිය ආහාරයක් වන "Ambuyat" සෑදීමට සව් භාවිතා කරයි. එසේම, මැලේසියාවේ සාම්ප්‍රදායික ආහාරයක් වන " Kerepok lekor " (මාළු සොසේජස්) සෑදීම සඳහාද  එය ප්‍රධාන අමුද්‍රව්‍යයක්  ලෙස යොදා ගනී. ලංකාවේ සව් කැඳ, සව් බොර, සව් අලුවා, සව් තලප වැනි ආහාර සෑදීමට සව් භාවිතා වේ. මීට අමතරව මධ්‍යසාර නොවන බීම සඳහා අවශ්‍ය ෆෲක්ටෝස් සිරප් (fructose syrup)  සෑදීමට ද , සත්ත්ව ආහාර, මෝල්ටෝ ඩෙක්ස්ට්‍රින් (maltodextrin), සයික්ලෝඩෙක්ස්ට්‍රින් (cyclodextrin) සහ  මොනෝ සෝඩියම්  ග්ලූටමේට් (mono sodium glutamate) සෑදීමට ද සව් උපයෝගී කර ගැනේ.

සව් කැලරි බහුල ආහාරයක් වන බැවින් එය ශරීර ශක්තිය ඉහල නැංවීමට සමත් වේ. සව් වල අන්තර්ගත  ප්‍රතිරෝධී පිෂ්ටය (Resistant starch) ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවයි. ඊට අමතරව සව් වල අඩංගු කැල්සියම් සහ යකඩ  අස්ථි සෞඛ්‍යය නංවාලීමටත්, රතු රුධිර සෛල ගණන වැඩි කිරීමටත් උපකාරී වේ. කෙසේ වෙතත් සව් ශරීර බර පාලනය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට සුදුසු ආහාරයක් ලෙස නිර්දේශ නොකෙරේ.  අධික ලෙස සව් ආහාරයට ගැනීමෙන් බඩ පිපීම සහ මලබද්ධය වැනි තත්ත්ව වලට හේතු විය හැක.

Sago; Beloved Delicacy across Numerous Food Cultures

Sago is a starchy food, extracted mainly from tropical palm stems, especially 𝘔𝘦𝘵𝘳𝘰𝘹𝘺𝘭𝘰𝘯 𝘴𝘢𝘨𝘶 (Sago palm plant). Although this is a high calorie food, it is very low in protein, fat, vitamins and fiber. But when preparing a sago dish, by adding other ingredients such as fruits, milk, nuts and coconut milk, we can obtain a balanced diet. Sago is a gluten free food. Therefore, it is safe for patients with Celiac disease, and also for people who are suffering from Gluten intolerance.

Sago palm plants are widely grown in countries such as Indonesia, Papua New Guinea, Malaysia and Philippines. Sago is also as a staple food among some of the local communities of these countries. Indonesia, Malaysia and Papua New Guinea together account to approximately 94.6% of the world’s sago production. 

Sago starch is extracted from the soft core (pith) of the matured sago palm. First, the stem of the palm is split lengthwise and the pith is removed. Then the pith is crushed into small pieces and milled. Next, water is added to the milled pith, to form a starch slurry. After that, this slurry is sent through centrifugal sieves to remove the fibers. Once the fibers are removed, sago starch is obtained by washing the resulting residue few times with water, followed by dewatering and drying. Sago starch is further processed into granules which are known as sago pearls.

Sago pearls are often confused with Tapioca pearls, that are produced using starch extracted from cassava root. However, sago pearls and tapioca pearls can be interchangeably used in dishes.

Many types of foods like sago pan cake, biscuits, noodles, white bread and steamed pudding are made from sago starch. The paste made by mixing sago starch with water is used as a main staple food as well. Sago starch is used to make “Ambuyat”, a popular dish in Brunei. Also, it is used as a main ingredients to make “Kerepok lekor” (Fish sausage), a traditional food in Malaysia. In Sri Lanka, sago is used to make food like “Sawu Kanda” (සව් කැඳ), “Sawu Bora”(සව් බොර), “Sawu Aluwa” (සව් අලුවා), “Sawu Talapa” (සව් තලප). Apart from that, sago starch is used to make adhesives, high fructose syrup for non-alcoholic drinks, animal feed, maltodextrins, cyclodextrins and mono sodium glutamate as well.

Since sago is a calorie-rich food, it can be used as a source of energy. Resistant starch component in sago starch facilitates the digestion process in the body. In addition, there are small amounts of calcium and iron in sago as well. These minerals help in improving bone health, and increase the red blood cell count respectively. But, sago is not recommended as a weight loss diet, and excessive intake of sago may result in bloating and constipation.

Article written by : Geethma Jayanika

Post Designed by : Sithumini Perera

References

Sago [online], Available at : https://www.doc-developpement-durable.org/.../Sago.pdf  Accessed on : 26th Jun 2022,

Celiac Disease [online], Available at : https://und.edu/.../docs/fact-sheets/celiacdisease.pdf Accessed on : 26th Jun 2022

Naim H.M, Yaakub A.N, Hamdan D.A.A (2016), Commercialization of Sago through Estate Plantation Scheme in Sarawak: The Way Forward, International Journal of Agronomy, DOI : https://doi.org/10.1155/2016/8319542

Ratnayake, W.S., Jackson D.S., (2003), Encyclopedia of Food Sciences and Nutrition || STARCH | Sources and Processing.  5567–5572. doi:10.1016/B0-12-227055-X/01142-1


Article 24-   පරිභෝජනය සදහා යොදා ගැනෙන ප්‍රධාන පිටි වර්ග

"Flour types demanded for consumption"


සෑම මුළුතැන්ගෙයකම අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස පිටි සැලකිය හැක.

වෙනස් වර්ගයේ පිටි වලට විවිධ වූ ගුණාංග පිහිටා ඇත.

ශ්‍රී ලංකාවේ පරිභෝජනය සදහා යොදා ගැනෙන ප්‍රධාන පිටි වර්ග තුනකි.

තිරිඟු පිටි

සහල් පිටි

ඉරිඟු පිටි

තිරිඟු පිටි

බටහිර ලෝකයේ වඩාත් ජනප්‍රිය ධාන්‍ය වර්ගයක් වන තිරිඟු , පිටි නිෂ්පාදනය සදහා යොදා ගනියි.

තිරිඟු පිටි තිරිඟු ඇඹරීමෙන් සාදනු ලබයි.

තිරිඟු "නිවුඩු" සමග ඇඹරූ විට "ආටා පිටි" ලෙස හදුන්වයි.

ග්ලුටන් අන්තර්ගතය පදනම්ව තිරිඟු පිටි වර්ග දෙකක් වෙළඳපොලේ දැකිය හැක.

"මෘදු" තිරිඟු පිටි වල ග්ලුටන් අන්තර්ගතය අඩුවන අතර ඊට සාපේක්ෂව "දැඩි" තිරිඟු පිටි වල ග්ලුටන් අන්තර්ගතය වැඩි වේ.

දැඩි තිරිඟු පිටි මිශ්‍රණය ප්‍රත්‍යස්ථ බවකින් යුක්ත වන අතර එම නිසා පිළිස්සීමෙන් පසුව වුවද එහි හැඩය හොදින් පවත්වා ගනියි.

මෘදු තිරිඟු පිටි වල පවතින සාපේක්ෂ අඩු ග්ලුටන් ප්‍රමාණය නිසා ඒවායෙන් තැනෙන නිෂ්පාදන, සියුම් හා පහසුවෙන් කැඩී යන සුළු වයනයකින් යුක්ත වේ.

තිරිඟු පිටි අංශු වල ප්‍රමාණය (particle size) තිරිඟු පිටි නිෂ්පාදන වල ගුණාත්මකභාවයට දායක වෙයි.

නිවුඩ්ඩ සහිත තිරිගු පිටි ආශ්‍රිත ආහාර වර්ග පරිභෝජනය, රුධිරයේ කොලෙසටරෝල් මට්ටම මෙන්ම රැධිර පීඩනය හා ශරීරයේ බර පාලනයට ද දායක වේ. එසේම ඒවා ආහාර දිරවීමද පහසු කරයි.

ඇමරිකානු එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට (USDA) අනුව තිරිඟු පිටි වල සම්පූර්ණ ධාන්‍ය 120g ක කැලරි 398 ක් අඩංගු වෙයි. එයින් 2.4g ක් මේදය ද, 12g ක් ප්‍රෝටීන් ද, 89g ක් කාබෝහයිඩ්‍රේට් ද වේ. එම කාබොහයිඩ්‍රේට් අතරින් සීනි 1.2g ක්ද තන්තු 16g ක්ද අන්තර්ගත වන අතර ඉතිරිය සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වේ.

සහල් පිටි

සහල් සිහින්ව ඇඹරීමෙන් සහල් පිටි සකසනු ලබයි.

සහල් පිටි gluten free baking සදහා යොදා ගනියි.

තිරිඟු පිටි වලට ආදේශකයක් ලෙස භාවිතා වන සහල් පිටි නිෂ්පාදනයට සුදු සහල් හෝ රතු සහල් යොදා ගනියි.

පිටි නිපදවීමට පෙර වී වල පිටත පිහිටි වියළි ආවරණය ඉවත් කර කැකුළු හාල් ලබා ගනී. පසුව එය පිටි බවට පත් කරයි.

සහල් පිටි විවිධ ආහාර වර්ග සදහා ඝනීකාරකයක් (thickening agent) ලෙස භාවිතා කරයි.

මෙම පිටි වර්ගයේ ප්‍රසන්න මෘදු රසයක් පවතී.

සහල් පිටි වල ග්ලුටන් ප්‍රෝටීන් අන්තර්ගත නොවන නිසා ප්‍රත්‍යස්ථ බවින් යුක්ත මිශ්‍රණයක් ලබා ගත නොහැකි අතර වායු රදවා තබා ගැනීමක්ද සිදු නොවේ.

සහල් පිටි වල කාබෝහයිඩ්‍රේට්, තන්තු, ප්‍රෝටීන්, විටමින් E, විටමින් B3(නියැසීන්), විටමින් B9(ෆෝලේට්) හා ඛනිජ ලවණ (Ca, Se, Mg, P, K, Fe, Na, Cu, Zn) අඩංගු වේ.

රතු සහල් පිටි වල කැලරි ප්‍රමාණය සුදු සහල් පිටි වල කැලරි ප්‍රමාණයට වඩා සුළු වශයෙන් අඩු වන අතර එය අත්‍යවශ්‍ය ඛනිජ ලවණ වලින්ද පොහොසත් වේ.

ඉරිඟු පිටි

ඉරිඟු පිටි යනු වියලන ලද සම්පූර්ණ ඉරිඟු බීජ අඹරා සාදන ලද පිටි වර්ගයකි.

ඉරිඟු පිටිවල බඩ ඉරිඟු වල පිටත ආවරණය,  අංකුරය සහ භ්‍රෑණපෝෂය යන කොටස් අන්තර්ගත වන නිසා සම්පූර්ණ ධාන්‍ය පිටි ලෙස සැලකේ.

ඉරිඟු පිටි සාමාන්‍යයෙන් කහ පැහැයක් ගන්නා නමුත් භාවිතා කරන ඉරිඟු වර්ගය අනුව හෝ බීජයේ භාවිතා වන කොටස අනුව එහි වර්ණය සුදු හෝ නිල් විය හැක.

තිරිඟු පිටි වලට සමාන සිහින් හා සිනිදු වයනයක් ඉරිඟු පිටි වල ඇත.

ඉරිඟු පිටි සෝස් වර්ග සහ සුප් වර්ග උකු කිරීමට, ඉරිඟු සිරප් හා අනෙකුත් සීනි සෑදීමට භාවිතා කරයි.

ඉරිඟු පිටි ඉවුම් පිහුම් සදහා සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍යයක් ලෙස වැඩි වශයෙන් භාවිතා කළද සමහර කර්මාන්තවල රසායනික ආකලන ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමේ සිට ඇතැම් රෝග සදහා වෛද්‍ය ප්‍රතිකාර දක්වා වූ විවිධ අරමුණු සදහා ඉරිඟු පිටි යොදා ගැනේ.

Flour is an essential ingredient in every kitchen. Different flour types have their own specific characteristics. There are three major flour types that are commonly used in Sri Lanka.

Wheat flour

Rice flour

Corn flour

Wheat flour

Wheat is the most popular cereal in the western world that is used to produce flour for human consumption.

Wheat flour is made by grinding wheat.

When wheat is milled along with the "bran”, it results in "whole grain flour" or "Atta flour".

Depending on the gluten content, there are two types of wheat flour in the market.

"Soft" or "weak" wheat flour has a low gluten content, and in contrast, "hard" or "strong" wheat flour has a comparatively high amount of gluten.

Hard wheat dough has an elastic toughness which holds its shape well once baked.

Soft flour which is comparatively low in gluten content results in a loaf with a finer, crumbly texture.

The particle size of wheat flour contributes to the quality of wheat flour products.

Whole grain wheat flour is rich in fibre, vitamins and minerals. Whole grain foods help in controlling cholesterol levels, weight, and blood pressure. It aids in digestion as well.

According to United States Department of Agriculture (USDA), whole-grain wheat flour contains 398 calories per 120 g serving. This serving contains 2.4 g of total fat, 12 g of protein and 89 g of total carbohydrates. The latter is 1.2 g of sugar and 16 g of dietary fibre, the rest is complex carbohydrate.

Rice flour

Rice flour can be described as finely milled rice.

Rice flour is consistently used in gluten-free baking and also as a dusting powder in commercial scale baking operations.

Rice flour is used as a common substitute for wheat flour.

Rice flour can be made from either white rice or brown rice.

To make the flour, the husk of rice or paddy is removed and raw rice is obtained which is then ground into a flour.

Rice flour is used as a thickening agent in food that are needed to be refrigerated or frozen, since it inhibits liquid separation.

It has a pleasant mellow flavour, but does not contain gluten-forming proteins. Thus, rice flour cannot form a viscoelastic network and retain gas.  

Rice flour contains carbohydrates, fibres, protein, vitamin E, vitamin B3 (niacin), vitamin B9(folate),and and minerals (Ca, Se, Mg, P, K, Fe, Na, Cu, Zn).

The amount of calories in brown flour is slightly lower than that of in white rice flour. Brown rice flour is also loaded with essential minerals.

Corn flour

Corn flour is a type of flour milled from dried whole corn kernels.

It is considered as a whole grain flour since it contains the corn's hull, germ, and the endosperm.

Corn flour is usually yellow in colour, but it can also be white or blue, depending on the part of the kernel that is being processed, or the variety of corn used.

The texture is fine and smooth, similar to whole wheat flour.

Corn starch is a common food ingredient, often used to thicken sauces or soups, and to make corn syrup and other sugars.

Although mostly used for cooking and as a household item, corn starch is also used for many purposes in several other industries as well, ranging from its use as a chemical additive for certain products, to medical therapy for certain illnesses.

Written by : Dineshika Tharangani, Nuwan Sampath & Dilmika Madhurangi

Post designed by : Punsara Nirmal

References

https://www.nutritionvalue.org/Wheat_flour%2C_whole-grain...

https://fdc.nal.usda.gov/fdc-app.html...

https://www.mayoclinic.org/.../whole-grains/art-20047826


Article 23- ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය "Food waste management"

ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය 


👉 ආහාර අපද්‍රව්‍ය යනු ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වූ දාමය තුල ආහාර අලෙවි කිරීම සහ පරිභෝජනය යන පියවර තුළ දී නිපදවන, පරිභෝජනයට ගත නොහැකි හෝ නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් ඉවතලන ආහාර වේ. 


👉 වසරකට ගෝලීය වශයෙන් මිනිස් පරිභෝජනය සඳහා නිපදවන ආහාර ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් හෙවත් ටොන් බිලියන 1.3 කට අධික ප්‍රමාණයක් ආහාර අපද්‍රව්‍ය ලෙස ඉවත දමයි. මෙම ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට වසරකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 කට අධික මුදලක් වැය වේ.


👉 ආහාර අපද්‍රව්‍ය අධික ලෙස පරිසරයට මුදා හැරීම මගින් පාරිසරික මෙන්ම ආර්ථික හා සමාජීය වශයෙන් ද අහිතකර බලපෑම් ඇති වීමේ ඉඩ කඩ පවතියි. ආහාර අපද්‍රව්‍ය වියෝජනය වීම මගින් අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක්, මීතේන් සහ හරිතාගාර වායු පරිසරයට මුදාහරිනු ලබයි. එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ කාලගුණික විපර්යාස වලට මගපාදයි. ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධනය සහ ව්‍යාප්තිය නිසා රෝග පැතිරයාමේ හැකියාවක්ද පවතියි.


👉 සාමාන්‍යයෙන් ආහාර අපද්‍රව්‍ය වැඩි වශයෙන් එක් වන්නේ සංවර්ධිත රටවල සහ නාගරික ප්‍රදේශවලය. ඒ අතරින් චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය යන රටවල් පෙරමුණේ පසුවෙයි. සංවර්ධිත රටවල බොහෝ විට පාරිභෝගිකයන්ගේ ආහාර රටාවන් හේතුවෙන් පරිභෝජන අවස්ථා වලදී සිදු වන ආහාර අපද්‍රව්‍ය එක්වීම සාපේක්ෂව ඉහළ යයි.


👉 වර්තමානය වන විට ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ලොව පුරා රටවල් ප්‍රායෝගික ක්‍රම කිහිපයක් අනුගමනය කරයි. ඒ අතරින් වඩාත් ම සුදුසු ක්‍රමය ලෙස හඳුන්වනු ලබන්නේ ආහාර අපද්‍රව්‍ය නිපදවීමට ඇති ඉඩකඩ අඩු කිරීම හෝ වැළැක්වීමයි. මීට අමතරව ආහාර අතිරික්තයක් ඇත්නම් සහ, එම ආහාර මානව පරිභෝජනයට සුදුසු තත්ත්වයේ ඇත්නම්, ඒවා ආහාර අපද්‍රව්‍ය ලෙස ඉවත් නොකොට නැවතත් ජනතාව අතර බෙදා හැරීම සිදු කළ හැක. තවද සත්ත්ව පරිභෝජනය සඳහා සුදුසු ආහාර සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගත හැක. එමෙන්ම ආහාර අපද්‍රව්‍ය මගින් කොම්පෝස්ට්, ජීව වායු සහ ජීව ඩීසල් වැනි නිෂ්පාදන සිදු කර හැක.


👉 2021 වර්ෂය තුළදී එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් සිදුකල අධ්‍යනයකට අනුව ශ්‍රී ලංකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය වලින්  55% ක ප්‍රමාණයක් හෝටල්, ආහාර අලෙවි ස්ථාන සහ නිවාස වලින් ඉවතලන ආහාර අපද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත. වර්තමානය වන විට කොළඹ මහනගර සභාව මගින් දිනකට ටොන් 353 ක ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කය තුළින් එකතු කරනු ලබයි. 


👉 ශ්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සහ බැහැර කිරීමේ වගකීම අදාළ කොට්ඨාශවල මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වැනි පළාත් පාලන ආයතන වෙත පැවරී ඇත. ප්‍රධාන වශයෙන් නාගරික ව නිපදවන ආහාර අපද්‍රව්‍ය මහ නගර සභා මඟින් එකතු කර ප්‍රතිචක්‍රීකරණයට හෝ බිම් පිරවීම සඳහා යොදා ගනියි. එසේ වූවද ඇතැම් අපද්‍රව්‍ය නිසි කළමනාකරණයක් නොමැති ව විවිධ ප්‍රදේශවල ගොඩගසනු ලබයි. 


👉 දෛනිකව මෙම අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය වන අතර අපද්‍රව්‍ය ගොඩගසා තැබීම නිසා සමාජයීය සහ පාරිසරික ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇත. මීට අමතරව ග්‍රාමීය වශයෙන් සහ කර්මාන්ත වශයෙන් ඔවුන්ගේ ආහාර අපද්‍රව්‍ය කොම්පෝස්ට් සෑදීම, ජීව වායු නිපදවීම හෝ වෙනත් ආකාරවලට ප්‍රතිචක්‍රිකරණය කිරීම සිදු කරයි.


👉 ලොව රටවල් අතරින්  ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය හොඳින්ම පවත්වාගෙන යනු ලබනුයේ ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල්ය. ස්විට්සර්ලන්තය තුල නිපදවෙන ආහාර අපද්‍රව්‍ය වලින් 99% ක්ම ප්‍රතිචක්‍රීකරණය, කොම්පෝස්ට් නිපදවීම සහ බලශක්ති නිපදවීම සඳහා යොදා ගන්නා අතර බිම් පිරවීම් සඳහා යොදා නොගනී. 


👉 ස්වීඩනය සහ ඩෙන්මාර්කය තුලද අපද්‍රව්‍ය වලින් 99% ක්ම ප්‍රතිචක්‍රීකරණය කරනු ලබයි. තවද ඩෙන්මාර්කය තුල ආහාර අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් නිර්වායු ජීර්ණය හරහා ජීව වායු සහ බලශක්තිය නිපදවීමට යොදා ගන්නා අතර ඉතිරිය පොහොර ලෙස භාවිතා කරයි. 


👉 මීට අමතරව එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් තුල නිපදවෙන ආහාර අපද්‍රව්‍ය ඔවුන් සත්ත්ව ආහාර නිෂ්පාදනය, නිර්වායු ජීර්ණය, ජීව වායු, ජීව ඩීසල් නිෂ්පාදනය, කොම්පෝස්ට් නිපදවීම සහ පොහොර නිෂ්පාදනය යන ක්‍රම යටතේ කළමණාකරණය කරයි. 


👉 තවද වියට්නාමය, ඊජිප්තුව වැනි රටවල් අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සත්ත්ව ආහාර  නිෂ්පාදනයට යොදා ගනියි. බොහෝ විට ඌරන්ගේ ආහාර සඳහා මෙම අපද්‍රව්‍ය යොමු කරයි. 


👉 ශ්‍රී ලංකාව තුලද දැනට පවත්නා ක්‍රම වලට වඩා නිවැරදි සැලසුමකින් යුක්තව ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කිරීම මඟින් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කාර්යක්ෂම ලෙස සිදු කළ හැක.  මේ සඳහා තනි පුද්ගලයාගේ සිට මුළු සමාජයටම පැවරුණ සාමූහික වගකීමක් ඇත. 


👉 ක්‍රමවත් ආහාර අපද්‍රව්‍ය කළමනාකරණ සැලසුම් මගින් ආහාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වැයවන පිරිවැය අවම කරගත හැක. එසේ ගත හැකි ක්‍රියාමාර්ග සමහරක් පහතින් දැක්වේ. 


💡ආහාර අපද්‍රව්‍ය වැඩිපුර නිෂ්පාදනය වන ස්ථාන හඳුනාගෙන නිෂ්පාදනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. 

💡ආහාර අපද්‍රව්‍ය නිෂ්පාදනය නිපදවීම අවම කිරීම, කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.

💡නිවෙස් මට්ටමින්, කුඩා සහ මහා පරිමාණ කර්මාන්ත ශාලා මට්ටමින් ආහාර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම.

💡 ආහාර අපද්‍රව්‍ය නිසි ලෙස වර්ගීකරණය කිරීම. 

💡බිම් පිරවීම් සහ කසළ කඳු ගොඩ ගැසීම හැකිතාක් අවම කිරීම. 

💡ජීව වායු, ජීව ඩීසල් වැනි ප්‍රයෝජනවත් ද්‍රව්‍ය නිපදවීමට ආහාර අපද්‍රව්‍ය භාවිතා කිරීම. මෙමගින් සුලු පරිමාණ වශයෙන් හෝ බලශක්ති අර්බුදයට විසඳුමක් ලබාගත හැක. 

💡ආහාර අතිරික්තයක් පවතීනම් ඒවා භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්වීමට පෙර දිළිඳු හෝ අවශ්‍යතා සහිත පුද්ගලයන් ට බෙදා හැරීම.

💡ආහාර අපතේ යෑම වැළැක්වීමට අදාළ නීති සහ පනත් තවදුරටත් වැඩිදියුණු කිරීම.


👉 රට තුළ පවත්නා වර්තමාන අර්බුද තත්ත්වය පිළිබඳව සැලකීමේ දී ආහාර අපතේ නොයවා පරිභෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවගේ ආකල්ප දියුණු කිරීම ඉතා වැදගත් වේ.



Food waste management 


👉 Food waste is the decrease in the quantity or quality of food resulting from decisions and actions by retailers, food service providers, and consumers.


👉 One-third of the food produced in the world for human consumption gets lost or wasted every year. It is nearly 1.3 billion tons. Managing this food waste costs nearly US $2.6 trillion per year.


👉 Excessive release of food waste has several environmental, economical, and social impacts. 


👉 Decomposed food waste releases large amounts of carbondioxide, methane, and greenhouse gases into the environment.  It leads to global warming and climate change.  There is also a possibility of spreading diseases due to the growth of microbes.


👉 Normally, a high amount of food waste accumulates in developed countries and urban areas around the world. Among them, China, Australia, and the United States account to the highest amount of food waste. In developed countries, the accumulation of food waste at the point of consumption is relatively high due to the dietary patterns of the consumers. 


👉 Currently, countries around the world are adopting several methods for food waste management. Among them, the most suitable method is reducing or preventing the possibility of producing food waste. In addition, excess food can be redistributed among the people in need, rather than disposing them as waste. 


👉 Also, the food that is suitable for animal consumption can be used as animal feed. Food waste can also be used to make products such as compost, biogas, and biodiesel. 


👉 According to a study conducted by the United Nations Food and Agriculture Organization in the year 2021, 55% of Sri Lanka's municipal solid waste has been identified as food waste from hotels, food outlets, and homes. Currently, the Colombo Municipal Council collects 353 tons of food waste per day in Colombo district.


👉 In Sri Lanka, the responsibility of collecting and disposing the waste is assigned to Municipal Councils, Regional Councils, or local government bodies in the respective division. Mainly, municipal food waste is collected by municipalities and used for recycling or landfills. However, in certain areas, some amount of waste may be seen piled up without proper management. 


👉 A significant amount of money is spent on managing this waste daily. There are so many social and environmental problems due to the accumulation of waste. 


👉 Among the countries in the world, Switzerland, Sweden, and Denmark have the best food waste management systems. 99% of food waste produced in Switzerland is used for recycling, composting, and energy production.


👉 In Sweden and Denmark, 99% of waste is recycled. Most of the food waste in Denmark is used to produce biogas and energy through anaerobic digestion, and the rest is used as fertilizer.


👉 Food waste produced in countries like United States, South Korea and Japan is recycled through animal feed production, anaerobic digestion, biogas and biodiesel production, compost production, and fertilizer production.


👉 Countries like Vietnam and Egypt use a significant amount of waste to produce animal feed. This waste is often used for pig feed.


👉 If we can use an accurate plan for managing food waste than existing methods, the food waste can be recycled efficiently in Sri Lanka as well. For this, there is an equal responsibility assigned to each and every individual in the society.


👉 Effective food waste management plans can reduce the cost of food waste management. Some such measures include, 


💡Identifying hotspots for food waste production and taking actions to prevent or reduce food waste.

💡Increasing the awareness of the people about the reduction, management, and recycling of food waste.

💡Encouraging and providing facilities for recycling food waste in households, and industries.

💡Proper classification of food waste.

💡Minimizing landfills and piling up of waste as much as possible.

💡Using food waste to produce useful sources like biogas, biodiesel, and energy. This way, a solution to the energy crisis on a small scale can be provided.

💡Identifying the extra stocks of food and distribute them to poor or needy people before they become unfit for consumption.

💡Improving relevant laws and acts to mitigate food waste production. 


👉 Considering the current situation in our country, it is important to recreate the attitude of the people in order to minimize food waste at individual level. This will be one of the most effective solutions to overcome the prevailing food crisis.


✒️Article by : Sithumini Perera

🖥️ Post designed by : Asaja Sunilrathna

📚 References

https://www.ifst.org/resources/information-statements/food-waste 

https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.worldbiogasassociation.org/wp-content/uploads/2018/05/Global-Food-Waste-Management-Full-report-pdf.pdf&ved=2ahUKEwjcwti1mNf5AhVem1YBHYleBrY4ChAWegQIExAB&usg=AOvVaw0gQNut_O163-RUsXcfHKcB 

https://youtu.be/bI6Hy-wfHLk 

https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.unep.org/thinkeatsave/get-informed/worldwide-food-waste&ved=2ahUKEwiyqcqEmdf5AhVxqFYBHaZ5DLYQFnoECCgQAQ&usg=AOvVaw0CVhdaz33D735NhA23G9YI 

https://youtu.be/k9F954AtRy8 

Article

Article 22- ආහාර වල ගුණාත්මක භාවය බාල කිරීම නිවසේදී හඳුනා ගන්නේ කෙසේද? "How to identify food adulteration at home? "

ආහාර වල ගුණාත්මක භාවය බාල කිරීම (Food Adulteration) නිවසේදී හඳුනා ගන්නේ කෙසේද?

 

👉ආහාර වල තත්ත්වය බාල කිරීම යනු…

යම් ආහාරයක් සෞඛ්‍යයට හානිකර බවට පත් වන පරිදි හෝ යම් ආහාරයක ස්වභවය, වටිනාකම, සංයුතිය, ගුණය හෝ ප්‍රවේසම් සහිත භාවය කෙරෙහි බලපාන පරිදි හෝ මිශ්‍රණ ද්‍රව්‍යයක් එම ආහාරය පිළියෙළ කිරීමේදී එකතු කිරීම වේ. එමෙන්ම, එම ආහාරයෙන් යම් සංඝටකයක් ඉවත් කිරීම හෝ අඩු කිරීම ද ඊට ඇතුළත් වේ. 


👉ආහාර වල තත්ත්වය බාල කිරීම සිදු කරන්නේ ඇයි?

 මේ සදහා හේතු කිහිපයක් තිබේ.

• වඩා හොඳ ආදායමක් සහ ලාභයක් සඳහා ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස 

• වෙනත් ආහාර ද්‍රව්‍යයක් අනුකරණය කිරීම සඳහා 

• නිෂ්පාදනය සහ විකිණීම සඳහා ආහාර ද්‍රව්‍ය‌යේ ප්‍රමාණය වැඩි කිරීම.

•ආහාරයක ගුණාත්මක භාවයෙන් අඩුබව වසන් කිරීම සඳහා (masking) 

•ආහාර කල් තබා ගත හැකි කාලය දීර්ඝ කිරීම සඳහා 

ඇතැම් ආහාර ද්‍රව්‍ය වල තත්ත්වය බාල කර නිවසේදීම  සරල ක්‍රම මගින් අපට සොයා ගත හැක.

 

🥥පොල් තෙල් වලට වෙනත් ද්‍රව්‍ය එක් කර තිබේදැයි හඳුනා ගැනීම

විනාඩි 30 ක් පොල් තෙල් ශීතකිරීමෙන් අනතුරුව, වෙනත් ද්‍රව්‍යයක් මිදුණු පොල්තෙල් තට්ටුව මත වෙනම තට්ටුවක් ලෙස පවතී නම්, පොල්තෙල් වල තත්ත්වය බාල කිරීමක් සිදු කර ඇති බව අනුමාන කළ හැක. 


🥛කිරි වලට වෙනත් ද්‍රව්‍ය එක් කර තිබේදැයි හඳුනා ගැනීම

කිරි සහ ජලය කුඩා ප්‍රමාණයක් මිශ්‍ර කර එය සෙලවීමේදි වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වීමක් තිබේ නම් ද්‍රාවණය පෙණ දමනු ඇත.


🧂අයඩනීකෘත කළ ලුණු සමග අයඩනීකෘත නොකළ ලුණු කලවම් කර ඇත්දැයි සොයා බැලීම 

අර්තාපල් කෑල්ලක් කපා ලුණු ඉස මිනිත්තුවකට පසු අපට එයට ලෙමන් යුෂ බිංදු 2 ක් එකතු කළ හැකිය. අයඩනීකෘත කළ ලුණු සමග අයඩනීකෘත නොකළ ලුණු කලවම් කර ඇතිනම් එය නිල් පැහැයක් ගනී.


🧈බටර් වලට වෙනත් ද්‍රව්‍ය එක් කර තිබේදැයි හඳුනා ගැනීම

භාජනයකට බටර් තේ හැන්දක් ගෙන එයට සීනි ස්වල්පයක් එකතු කර වසා, බදුන තදින් සොලවන්න. එය විනාඩි කිහිපයක් තැබූ විට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වීමක් සිදුව ඇත්නම්, බඳුනේ පතුලේ රතු පැහැයක් දිස්වේ. 


🍯මී පැණි වලට වෙනත් ද්‍රව්‍ය එක් කර තිබේදැයි හඳුනා ගැනීම

මී පැණි මේස හැන්දක්, වතුර ස්වල්පයක්  සහ විනාකිරි බින්දු 2,3 ක් පමණ මිශ්‍ර කල විට පෙණ නඟින්නේ නම්, එමගින් වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වීමක් සිදු ව ඇති බව පෙන්නුම් කරයි.


☕තේ වලට වර්ණක එක් කර තිබේදැයි හඳුනා ගැනීම 

තේ වලට විවිධ වර්ණක පිටතින් එක් කර ඇත්නම්, තේ කොළ පෙරහන් කඩදාසියක් මත තබා, ජලය බිංදු කිහිපයක් ඉස යම් වේලාවකට පසුව,  ගලන ජලයට ඇල්ලූ විට, තද කහ- දුඹුරු පැහැති පැල්ලමක්  පෙරහන් කඩදාසිය මත දැකිය හැකි වනු ඇත. 


🫘Green Peas වලට වර්ණක එක් කර තිබේදැයි හඳුනා ගැනීම

Green peas ස්වල්පයක් විනිවිද පෙනෙන වීදුරුව කට දමා එයට වතුර එකතු කර හොඳින් මිශ්‍ර  කළ හැකිය.  ඉන්පසු එය විනාඩි 30ක් පමණ තැබීමෙන් අනතුරුව ජලයේ වර්ණය කොළ පැහැයට හැරේ නම්, වර්ණක මිශ්‍ර වී ඇති බව පෙන්නුම් කරයි.


🌶️මිරිස් කුඩු වලට කෘත්‍රිම වර්ණක හෝ වෙනත් ද්‍රව්‍ය එක් කර තිබේදැයි හඳුනා ගැනීම

වතුර වීදුරුවකට මිරිස් කුඩු තේ හැන්දක් එකතු කර කලවම් කරන්න.  දීප්තිමත් රතු පැහැති ද්‍රාවණයක් ලැබීමෙන් කෘත්‍රිම වර්ණයක් පවතින බව පෙන්නුම් කරයි. වීදුරු පතුලේ ඝන අවසාදිත තැන්පත් වීමෙන් කියත් දූවිලි හෝ ගඩොල් කුඩු පවතින බව පෙන්නුම් කරයි


How to identify food adulteration at home?


👉What is food adulteration?

Adulteration means the addition of a substance as an ingredient in the preparation of a food or, subtraction of any constituent from a food or, subjection of a food to any other process/treatment, so as to render the food injurious to health and affect its characteristics, value, composition, merit or safety. 


👉Why adulteration is done?

There are several reasons for adulterating food products.

• Part of business strategy for better revenue and profit.

• For imitation of another food item.

• To increase the quantity of the food item for production and sale.

• To mask the inferior qualities of the product.

• To increase the shelf life of certain food products (eg: Milk) 


How to identify food adulteration at home?

We can find out if certain food products are adulterated using some simple methods.


🥥Detection of adulteration in Coconut oil:

We can refrigerate coconut oil for 30 minutes. If it has any other added adulterants, they will come to the top of the oil as a separate layer. 


🥛Detection of adulteration in Milk: 

We can mix a small amount of milk and water. Then the solution should be shaken vigorously. If it has any other adulterants, the solution will form lather.


🧂Detection of Common Salt in Iodized Salt: 

We can check whether iodized salt is adulterated with common salt. For this, cut a piece of potato and sprinkle some salt onto it. Then after one minute, add 2 drops of lemon juice. If common salt is mixed, a blue colour will develop. 


🧈Detection of adulteration in Butter:

We can add a teaspoon of butter and a pinch of sugar into a container. Then, close the container and shake it vigorously. After few minutes, if a red colour appears at the bottom of the vessel, then the butter has been adulterated.


🍯Detection of adulteration in Honey:

We can mix a tablespoon of honey with a little amount of water, and about 2-3 drops of vinegar. If the mixture forms froth, it indicates possible

adulteration in honey.


☕Detection of artificial colourants in Tea:

Tea leaves can be checked for any added colourants. To do this, place some tea leaves over a filter paper, and wet the tea leaves with a little amount of water. After some time, remove the tea leaves and wash the filter paper. If a blackish brown colour stain is observed on this washed filter paper, then the tea leaves are adulterated with artificial colourants. 


🫘Detection of artificial colourants in Green Peas:

We can take a little amount of green peas into a transparent glass. Then add water to it and mix well. Let it stand for half an hour. The water turns green if the green peas are adulterated with artificial colourants. 


🌶️Detection of artificial colourants and saw dust/brick powder in Chili Powder:

We can add a teaspoon of chilli powder to a glass of water and stir it. A swirl of bright red colour indicates the presence of artificial colourants, while the settling of gritty sediment at the bottom of glass indicates the presence of saw dust/brick powder. 


🖊️Written by: Thilini Prasadika

🖍️Post designed by: Dineshika Tharangani 


📚References:

Food Act. Retrieved from https://eohfs.health.gov.lk/food/index.php?option=com_content&view=article&id=17&Itemid=158&lang=en

India, F. s. (n.d.). CHECK ADULTERATION AT HOME. Retrieved from Food safety and standards authority of India: CHECK ADULTERATION AT HOME

https://www.fssai.gov.in/cms/checkadulteration.php

Article 21- කාගෙත් ප්‍රියතම අයිස්ක්‍රීම් පිටුපස ඇති ආහාර විද්‍යාව "Science behind everyone’s favorite: Ice Cream"

කාගෙත් ප්‍රියතම අයිස්ක්‍රීම් පිටුපස ඇති ආහාර විද්‍යාව 


🍦අයිස්ක්‍රීම් නිවසේදී පහසුවෙන් සාදාගත හැකි වුවද එය ඇත්තෙන්ම සංකීර්ණ මිශ්‍රණයකි. මෙම ලිපිය හරහා අපි එය සාදන ආකාරය, එහි අන්තර්ගතය සහ අයිස් ක්‍රීම් පිටුපස ඇති විද්‍යාව පිළිබදව ඉගෙන ගනිමු.

🍦අයිස්ක්‍රීම් නිෂ්පාදනය සදහා කිරි, ක්‍රීම් සහ සීනි වැනි ද්‍රව්‍ය යොදාගන්නා බව ඔබ දැනටමත් දන්නා කරුණකි. නමුත් ඔබ නොසිතන, බැලූ බැල්මට දැකගත නොහැකි එක් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ඇත. එනම් වාතය (air) වේ.

🍦වාතය, අයිස්ක්‍රීම් මෘදු හා ක්‍රීම් කරන අතර එය අයිස්ක්‍රීම්වල මුළු පරිමාවෙන් 30% සිට 50% දක්වා ප්‍රමාණයක පවති.

🍦අයිස් ක්‍රීම් වලට වැඩි වායු ප්‍රමාණයක් එකතු කිරීමේ එක් අතුරු ප්‍රතිඵලයක් නම් එය අඩු වායු සහිත අයිස් ක්‍රීම් වලට වඩා ඉක්මනින් දිය වීමට නැඹුරු වීමයි.

🍦අයිස්ක්‍රීම් යනු ඇලෙන සුලු , ඉමල්ෂන් (emulsion) වර්ගයකි. ඉමල්ෂන් යනු සාමාන්‍යයෙන් එකට මිශ්‍ර නොවන ද්‍රව්‍ය දෙකක එකතුවකි. එනම් එහි එක් ද්‍රව්‍යයක් අනෙක් ද්‍රව්‍ය පුරා විසිරී ඇත. 

🍦අයිස්ක්‍රීම් වල, මේද අණු, ජල-සීනි-අයිස් ව්‍යුහයක් තුළ වායු බුබුලු සමඟ එකිනෙක අන්තර්ගතව පවතී. මෙහිදී වාතය තිබීම නිසා අයිස්ක්‍රීම් වලට පෙන සහිත ව්‍යූහයක් ලැබී ඇත.

🍦මේදය සහිත කිරි, මේදය රහිත කිරි , සීනි සහ වාතයට අමතරව අයිස්ක්‍රීම් වල වර්ණක, රසකාරක, ස්ථායීකාරක (stabilizers) සහ තෛලෝදකාරක (emulsifiers) අඩංගු වේ.

🍦තෛලෝදකාරක අයිස්ක්‍රීම් වඩාත් මෘදුව තබා ගැනීමට යොදාගන්නා අතරම මෙය ද්‍රාවණය(colloid solution) තුළ මේද අණු බෙදා හැරීමටද උපකාරී වේ. 

🍦අයිස්ක්‍රීම්හි මේද අන්තර්ගතය එහි මෘදු ස්වභාවයට  හේතු වේ. අඩු මේද සහිත අයිස්ක්‍රීම්, සාමාන්‍ය  අයිස්ක්‍රීම් වල අඩංගු වන රසය නොදක්වන අතර එහි ක්‍රීම් ස්වභාවද අවම වේ.

🍦සාමාන්‍ය කිරි පිළිබදව සැලකීමේදි, කිරි වල අඩංගු ප්‍රෝටීන අණු තෛලෝදකාරක ලෙස ක්‍රියා කළද අයිස් ක්‍රීම් සැලකීමේදි, වෙනත් විවිධ තෛලෝදකාරක පිටතින් එකතු කිරීම සිදු කරනු ලබයි. ඒ අයිස් ක්‍රීම් වලින් බලාපොරොත්තු වන විශේෂ ගුණයන් මතු කිරීම සදහා වේ. සාමාන්‍යයෙන් භාවිතා වන තෛලෝදකාරකය (emulsifiers) බිත්තර කහ මදය තුළ දක්නට ලැබෙන ලෙසිතින්(lecithin) වේ 

🍦බහුල වශයෙන් ජෙලටින් (gelatine) ස්ථායීකාරකයක් ලෙස භාවිතා කළද, xanthan gum, Guar gum වැනි ද්‍රව්‍යය ද මේ සදහා භාවිතා කළ හැකිය. මෙම  ස්ථායීකාරකයක, පෙණ සහිත ව්‍යුහය බිද දැමීමට ඉඩ නොදී අයිස්ක්‍රීම් වලට වඩා හොඳ වයනයක් ලබා දීමට උපකාරී වේ. ස්ථායීකාරක විශාල ස්ඵටික සෑදීම වළක්වන අතර, අයිස්ක්‍රීම් තුළ පවතින ද්‍රවමය කොටස් අවශෝෂණය කරමින් ස්ථායිබව පවත්වා ගැනීමට උපකාරී වේ. 

🍦අයිස්ක්‍රීම් වල පෙණ සහිත අන්වීක්ෂීය ව්‍යුහය පවත්වා ගැනීම සඳහා  ඊට thickening agents ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍ය එකතු කෙරේ.

🍦අවසාන වැදගත්ම සංඝටකය වන්නේ සීනි ය. එය අයිස්ක්‍රීම්වලට විශිෂ්ට රසයක් ලබා දෙන අතර අයිස්ක්‍රීම් වල හිමාංකය අඩු කරයි. 

🍦ඔබ මිශ්‍රණයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එකතු කළ පසු, අයිස්ක්‍රීම් සෑදීම සදහා මිශ්‍රණය ශීත කළ යුතුයි.


Science behind everyone’s favorite: Ice Cream


🍦Although ice cream can be easy to make at home, it is actually a very complex substance. In this article, we'll learn how it's made, what goes into it, and science behind ice cream.

🍦If you have ever made an ice cream, you already know what goes into it; ingredients such as milk, cream, and sugar. But, there is one main ingredient that you may not have thought about, probably because you can’t see it—air. 

🍦Air makes ice cream softer and creamier, and makes up to 30%-50% of the total volume of ice cream.

🍦One side effect of adding a lot of air to ice cream is that, it tends to melt more quickly than ice cream with less air.

🍦Ice cream is a colloid, a type of emulsion. An emulsion is a combination of two substances that don't normally mix together. Instead, one of the substances is dispersed throughout the other.

🍦In ice cream, molecules of fat are suspended in a water-sugar-ice structure along with air bubbles. The presence of air means that ice cream is also technically a foam.

🍦In addition to milk fat, non-fat milk solids, sugar, and air, ice cream also contains colourings, flavours, stabilizers and emulsifiers.

🍦Emulsifiers keep the ice cream smooth, and aid in the distribution of the fat molecules throughout the colloid.

🍦Fat content provides smoothness. Reduced fat ice cream does not taste as good as conventional ice cream, and tends to lack the creamy texture.

🍦Even though milk proteins act as emulsifiers in milk, when preparing ice cream, certain other emulsifiers are also added in order to bring out the desired attributes of ice cream. A common emulsifier used is lecithin, which is naturally found in egg yolks. 

🍦Although gelatine is originally used as a stabilizer, xanthan gum, guar gum can also be used, and it helps to hold the air bubble structure together, and give the ice cream a better texture.

Moreover, stabilizers prevent large crystal formation in ice cream as well, and act like a sponge by absorbing and locking into place, any liquid in the ice cream. 

🍦To help keep its foamy microscopic structure, ice cream contains chemical ingredients known as “thickening agents.”

🍦The final and arguably most important ingredient is sugar. It makes ice cream taste great and lower the freezing point as well. Therefore, higher temperature is responsible for a softer product.

🍦Once you get all of the ingredients together in a mixture, you need to freeze the mixture to form ice cream. 


Article prepared by : Tharushi Thavishka

Post designed by : Sithumini Perera

References: 

• https://www.acs.org/content/dam/acsorg/education/resources/highschool/chemmatters/archive/chemmatters-feb2014-ice-cream.pdf

• https://under-belly.org/ice-cream-emulsifiers/

Article 20- ආහාර සඳහා සුදුසු සහ නුසුදුසු ප්ලාස්ටික් " Are you aware of food grade plastics?"

*ආහාර සඳහා සුදුසු සහ නුසුදුසු ප්ලාස්ටික්*


🫙 වර්තමානයේ වෙළඳපොලේ ඇති බොහෝ ආහාර වර්ග ඇසුරුම් කොට ඇත්තේ ප්ලාස්ටික් ආශ්‍රිත ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. නිවෙස් තුළදීද,ආහාර ගබඩා කිරීමට මෙන්ම පිළියෙල කිරීමට ද ප්ලාස්ටික් බඳුන්, බෝතල් බහුලව භාවිතා කරනු ලබයි. කෙසේ වුවත්, ප්ලාස්ටික් බඳුන් වල ආහාර ගබඩා කිරීම හා එහි ඇති සෞඛ්‍යාරක්ෂිත බව පාරිභෝගිකයින් අතර නිරන්තරයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් වේ. 

🫙 ආහාර ගබඩා කිරීමට සහ ඇසිරීමට සුදුසු ප්ලාස්ටික් බඳුන්, food grade plastic ලෙස හඳුන්වනු ලබයි. කෙසේ වුවත්, පාරිභෝගිකයා තමා විසින් තෝරාගනු ලබන ප්ලාස්ටික් ඇසුරුම හෝ බඳුන ආහාර සැකසීමට හෝ ගබඩා කිරීමට කෙතරම් සුදුසු ද යන්න හා එහි ගබඩා කිරීමට සුදුසු සහ නොසුදුසු ආහාර පිළිබඳව දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.

🫙 ආහාර සඳහා ප්ලාස්ටික් බඳුනක් තෝරාගැනීමේදි හා භාවිතයේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකියි.


👉 ප්ලාස්ටික් අංකය (code) දැන සිටීම

මෙම අංකය ප්ලාස්ටික් බඳුන් හා ඇසුරුම් වල පහළ කෙළවර හෝ පතුලේ කුඩා ත්‍රිකෝණයක් තුළ දක්නට ලැබේ. මෙයින් අදහස් වනුයේ එම බඳුන සාදා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද යන්න හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව වැනි විවිධ තොරතුරු පෙන්නුම් කරනු ලබයි. 

ඊට අමතරව, අඩංගු වන රසායනික ද්‍රව්‍ය මඟින් සුදුසු නුසුදුසු ප්ලාස්ටික් වර්ග වෙන් කරගත හැකි වී ඇත. නිදසුනක් ලෙස, BPA අඩංගු ප්ලාස්ටික්, ළඳරු ආහාර ගබඩා කිරීමට සහ ළඳරු කිරි බෝතල් සෑදීමට භාවිතා කිරීම තහනම් කර ඇත. වර්තමානයේ ඇතැම් ප්ලාස්ටික් බෝතල් සහ ආහාර බඳුන් වල BPA-Free යනුවෙන් දැක්වීමට හේතුවද BPA අඩංගු ප්ලාස්ටික්  ආහාර ඇසුරුම්කරණයට නුසුදුසු වීමයි.


👉 සිසිල් බව රඳවා ගැනීම / අධික උෂ්ණත්වයන්ට ලක් කිරීම වැළකීම

ප්ලාස්ටික් දැඩි සහ කල්පවතින සුළු වුවද, කාලයත් සමග ඉහළ උෂ්ණත්වයන්ට ලක් වීම නිසා එහි අඩංගු වන පොලිකාබනේට දාම බිඳී යාමට ඉඩ පවතී. එසේ සමහර ප්ලාස්ටික් වර්ග, ඉහළ උෂ්ණත්වයන්ට ලක් කිරීම තුළින්, විවිධ විෂ රසායන ද්‍රව්‍ය ඉවත් ව යා හැකි බැවින්, ඒවා ආහාර වලට එක් විය හැකිය. උදාහරණයක් ලෙස, PET වර්ගයේ ප්ලාස්ටික් වර්ග අධි උෂ්ණත්වයන්හීදී, ඇන්ටිමනි වැනි විෂ සහිත ලෝහ ඉන් ඉවත් කරයි. 

එමෙන්ම, වෙළඳපොළේ ඇති, මයික්‍රොවේව් උදුනේ දමා පිසින ක්ෂණික ආහාර වර්ග, මයික්‍රොවේව් කිරීමෙන් පසුව, එහි ඇසුරුම හෝ බඳුන යළි භාවිතා නොකළ සිටීම අනුමත කරනු ලබයි. 


👉 අධික පරිභෝජනය අවම කිරීම

එකම ප්ලාස්ටික් බඳුන, දිගු කාලයක් තිස්සේ නැවත නැවත භාවිතය, පාරිභෝගික සෞඛ්‍යයට අහිතකර විය හැක. එයට හේතුව නම් යළි යළි භාවිතය තුළින්, බඳුන් වල සීරීම් හරහා ප්ලාස්ටික් බඳුනෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය ඉවත් ව ඒවා ආහාරයට එකතු වීමට ඇති සම්භාවිතාව ඉහළ විය හැකි බැවිනි. 


👉 ආහාර ආශ්‍රිත ප්ලාස්ටික් බඳුන් අතින් සේදිය යුතුයි.

කිසිවිටෙක බඳුන් සෝදන යන්ත්‍ර තුළට මෙවැනි ප්ලාස්ටික් බඳුන් නොදැමිය යුතුය. එයට හේතුව වනුයේ, ඉහළ සේදුම් ද්‍රව්‍ය (detergent) සාන්ද්‍රණය, ඉහළ උෂ්ණත්වය ප්ලාස්ටික් බඳුන් වලින් BPA රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමට හේතු විය හැකි බැවිනි.

මීට අමතරව, මෙම ප්ලාස්ටික් කෝඩ් අංකය, එම අදාළ ප්ලාස්ටික් ඇසුරුම හෝ බඳුනට දැමීමට සුදුසු ආහාර කවරේද යන්න ද පෙන්වා දේ.


🍶 Code 1 - බීම වර්ග, බෝතල් කළ පානීය ජලය, අච්චාරු වර්ග

මෙවැනි ප්ලාස්ටික් තුළ ගබඩා කරන ලද ආහාරයේ සුවඳ බඳුන පිරිසිදු කළද එය තුළ රැඳී තිබෙනු ඇත. 

🍶 Code 2 - කිරි බෝතල්

මෙම ප්ලාස්ටික් වර්ගයෙන් තනන ලද කිරි බෝතල් එක් වරක් භාවිතයෙන් පසු භාවිතා කිරීම අනුමත කරන්නේ නැත. එමෙන්ම ජලය පානය කිරීමට මෙම ප්ලාස්ටික් වර්ගයේ බෝතල් භාවිතා වුවහොත් ඒවා භාවිතයට සුදුසු වන්නේ එක් වරක් පමණි. 

🍶 Code 4 - අධිශීතනය කළ ආහාර, පැණි සහ අබ ක්‍රීම් සඳහා ඇති බෝතල්

මෙම ප්ලාස්ටික් දිගු කාලීන භාවිතය සඳහා සුදුසු ලෙස සැලකේ.

🍶 Code 5  - යෝගට්, මාගරින්, ශීතකරණය තුළ ඇති ආහාර ගබඩා කරන බඳුන්

🍶 Code 6 - බිත්තර රැඳවුම්, මස් දමන බඳුන්

🍶 Code 7 - නැවත භාවිතා කළ හැකි වතුර බෝතල්, සමහර සිට්‍රස් වර්ගයේ බීම වර්ග සදහා වන බෝතල්, සෝස් බෝතල්


ප්ලාස්ටික්, ආහාර සැකසීමේ හා ගබඩා කිරීමේ බඳුන් සදහා පාරිභෝගිකයා විසින් වර්ථමානයේ බහුල ලෙස භාවිතා කරයි. එබැවින්, නිසි පරිදි ආහාර සඳහා වෙන් වූ ප්ලාස්ටික් බඳුන් තෝරාගැනීම හා අනුමත කර ඇති ලෙසට එම බඳුන් භාවිතා කිරීම මඟින් ප්ලාස්ටික් හරහා ඇති විය හැකි සෞඛ්‍යය ආශ්‍රිත ගැටළු වලින් වැළකී සිටිය හැකි වනු ඇත.


*Are you aware of food grade plastics?*


🫙 For most of the food products available in the market today, plastic containers are used for storage and containment purposes. At home, storage of food is often done in plastic containers as well. However, the safety of plastic for food storage has always being a controversial topic around the food world and among the consumers.

🫙 Plastic containers that are safe to store food products are classified as food-grade plastic. Therefore, the consumers must be aware of few factors while choosing a plastic container for the storage of food. In the meantime, it is essential to learn about the durability and safety of specific plastic containers too. 

🫙 Some important facts that must be considered in selection and usage of food grade plastic material and containers are as follows:


👉 Know the code 

The ‘code’ implies the plastic material which the container is made out of. This code is known as the resin identification code, which is mentioned at the bottom of the food containers inside a tiny triangle.  This ranges from 1-7. This code implies details like the substances the container made out of and the recyclability of the material. 

As there are some substances in plastic which can be harmful for consumption, the resin identification code plays an important role in such cases. As an example, the use of BPA containing plastic has been banned in baby bottles, sippy cups and in packaging infant formulas. Not only baby food product containers, but also many other beverage and food containers available in the market are labelled as ‘BPA free’. 


👉 Keeping it cool 

Even though plastic is strong and long-lasting, over time, when exposed to high temperature, the polycarbonate chains that the plastic is made out of, can break down. Studies have found that certain chemicals can leach out from the plastic into the food or beverages even faster when the containers are exposed to heat. As an example, PET (code 01), can leach antimony, a toxic metalloid in the presence of heat. 

It is recommended that, plastic packages in microwaveable meals, must not be used again after its initial use. 


👉 Lessen the overuse

Use of the same plastic container for a prolonged period of time, might be not safe for the consumer health. Scientists have shown that the leaching possibility of chemicals can be increased over time if the container is used continuously. 


👉 Wash by hand 

Using a dishwasher is recommended only if the container comes with a ‘dishwasher safe’ label. Otherwise, the heat, high amount of detergents inside the dishwasher might accelerate leaching of chemical compounds like BPA. 


In addition, the code of plastic will determine the types of food and beverages that are recommended to be contained in a particular container. As examples, 


🍶 Code 1 - soft drinks, juices, bottled water, peanut butter, pickles and salad dressings

The scent of the contained food will remain in this type of plastic even after washing and cleaning.

🍶 Code 2 - milk bottles 

Code 2 bottles which originally contained milk are not recommended for reuse. Also, if drinking water was contained originally in this type of bottles, reuse of such bottles for drinking purpose is not recommended. 

🍶 Code 4 - frozen food, squeezable bottles for mustard, honey

Known as one of the best plastics for long term storage of food.

🍶 Code 5 - yogurt, margarine tubs, food storage refrigerator bins

🍶 Code 6 - egg cartons, meat trays 

🍶 Code 7 - reusable water bottles/ jugs, some citrus juice containers and ketchup bottles 


Plastic containers have always been one of the top choices of the consumer for the containment of food during preparation and storage. Therefore, the proper selection and recommended use of plastic food containers must be followed, in order to ensure that the food stored in them are safe to be consumed. 


✒️ Article Written by: Ushenya Peiris

🖥️ Post designed by: Punsara Nirmal


📚References:

https://www.canr.msu.edu/news/keeping_food_safe_choosing_food_storage_containers

https://www.excelsior-ltd.co.uk/blog/a-quick-guide-to-food-grade-plastic/

https://www.aap.org

Article 19- සුවබර දිවියකට මඟ කියන කෝපි "Coffee: a Healthy Refresher for Your Body & Mind"

සුවබර දිවියකට මඟ කියන කෝපි


කෝපි යනු ලොව පුරා පරිභෝජනය කරන වඩාත් රසවත් සහ ජනප්‍රිය පානයකි. මෙම කෝපි යනු කෝපි චෙරි (coffee cherry) ලෙස හැඳින්වෙන පලතුරක බීජ වේ. මේවා Coffea ලෙස විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන Rubiacea ශාක කුලයට අයත් වේ. මෙම ශාක බහුලව දකුණු අප්‍රිකානු රටවල සහ නිවර්තන ආසියානු රටවල් ආශ්‍රිතව දක්නට ලැබේ. කෝපි බීජ ප්‍රධාන වර්ග දෙකක් යටතේ වර්ග කරන අතර, ඒවා නම් Arabica සහ Robusta වේ. ලෝකයේ සමස්ත කෝපි නිෂ්පාදනයෙන් 60% ක් Arabica  විශේෂය වන අතර ඉතිරි 40% Robusta විශේෂය වේ.

 

තවද එදිනෙදා ජීවිතයේ දී කෝපි පරිභෝජනය කරනු ලබන ආකාර දෙකකි. ඒවා නම්, අප සාමාන්‍යයෙන් පානය කරන හරිස්චන්ද්‍ර වැනි කෝපි වර්ග සහ නෙස්කැෆේ,  Bru වැනි ක්ෂණික කෝපි වර්ග ලෙසයි. සාමාන්‍ය කෝපි, කෝපි බීජ වියලා, බැද, කුඩු කර සකසා ගනු ලබයි. ක්ෂණික කෝපි සෑදීමේදී කෝපි කුඩු වලින් වෙන් කර ගත් අධි සාන්ද්‍ර කෝපි සාරය (Coffee Extract) විසිර වියලීම (spray drying) හෝ  freeze drying යන ක්‍රමවේදයන් භාවිතා කර වියලා ගැනීම සිදු වේ.  සකසනු ලබන ක්‍රමවේදයට අමතරව සාමාන්‍ය කෝපි වල සහ ක්ෂණික කෝපි වන අන්තර්ගත කැෆේන් ප්‍රමාණයන් ද එකිනෙකටවෙනස් වේ.  

 

ලෝකය පුරා ප්‍රචලිත කෝපි පානයන් ලෙස Black coffee, Espresso, Latte, Cappuccino, Americano සහ Mocha දැක්විය හැකිය. මීට අමතරව Doppio, Cortado, Red eye, Gala, Lungo, Macchiato, Ristretto, Flat White, Affagato, Cafe au Lait සහ Irish යන පාන වර්ගත් කෝපි වලින් සාදන විවිධ පානයන්ට නිදසුන් වේ.

 

කෙසේ වෙතත් කෝපි පරිභෝජනය මිනිස් සෞඛ්‍යයට විවිධ බලපෑම් ඇති කරන බවට නිරීක්ෂණය කර ඇත. කෝපි වල, මිනිස් සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි සංරචක රාශියක් ඇතුළත් වේ. කැෆේන්, Cholorgenic අම්ලය සහ Diterpenes  කෝපි වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත සංඝටක වෙයි. මීට අමතරව කෝපි,  විටමින් B3, මැග්නීසියම් සහ පොටෑසියම් වලින් ද පොහොසත් වේ. 

 

කෝපි, ශරීරයේ ක්‍රියාශීලිත්වය වර්ධනය කරන බැවින් ශක්ති ජනක පානයක් ලෙස භාවිතා වේ.කෝපි අනවශ්‍ය මේදය දහනය කිරීමට උපකාර වන අතර, මානසික ඒකාග්‍රතාවය ඉහළ නැංවීමට, මෙන්ම විශාදය වැනි තත්ත්වයන් පාලනය කිරීමට ද වැදගත් වේ. පිළිකා,හෘදයාබාධ,පාකින්සන් වැනි ලෙඩ රෝග වල අවදානම අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක්ද කෝපි  සතුයි. 

 

පිළිකා  සෛලයක ආරම්භයේ සිට එහි මරණය දක්වා පිළිකාව වර්ධනය වන ආකාරය කෙරෙහි කෝපි බලපායි. එමෙන්ම කෝපි වල අන්තර්ගත කැෆේන් විසින් පිළිකා සෛල වර්ධනයට සහ පැතිරීමට බාධා ඇති කළ හැකි බව සොයා ගෙන ඇත. කැෆේන් පරිභෝජනයට ගැනීමෙන් කෙටිකාලීනව රුධිරයේ සීනි ප්‍රමාණය  වැඩි කළ හැකි වුව ද අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ පුරුද්දක් ලෙස කෝපි පානය කරන අයට, කෝපි පානය නොකරන අය වඩා, දියවැඩියාව (type 2 diabetes) වැළදීමේ අවධානම අඩු බවයි. කෝපි වල අන්තර්ගත polyphenols සහ මැග්නීසියම් ලවණ, ශරීරයේ ඉන්සියුලින් සහ ග්ලුකෝස් පරිවෘත්තිය ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

 

කෝපි වල අන්තර්ගත කැෆේන් හේතුවෙන්, කෙටි කාලසීමාවක් ඇතුළත අධිකව කෝපි පරිභෝජනය කිරීම ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ. කැෆේන් මධ්‍යස්ථ මාත්‍රාවක් (50-300mg පමණ) පරිභෝජනය කිරීම මගින් ශරීරයට අහිතකර බලපෑම් ඇති නොවුව ද, කැෆේන් වැඩි මාත්‍රාවක් මගින් කාංසාව (anxiety), නොසන්සුන්තාවය (restlessness), insomnia සහ හෘද ස්පන්දන වේගය වැඩි වීම වැනි අහිතකර බලපෑම් ඇති විය හැකිය. තවද කැෆේන් මගින් කළලයට බලපෑමක් ඇතිවිය හැකි නිසා ගර්භණී සමයේ දී කෝපි පරිභෝජනය අවම කිරීම වඩාත් සුදුසු වේ.

 

The Institute for Scientific Information on Coffee (ISIC) මගින් සිදු කළ නවතම අනාවරණය අනුව කෝපි මගින් ඇතැම් ආහාර ජීර්ණ ක්‍රියාවලි උත්තේජනය කරන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පොදු ගැටළු අවම කරන බවද සොයා ගෙන ඇත. මෙම අධ්‍යනයේදී, කැෆේන්, ආහාර ජීර්ණයට අත්‍යවශ්‍ය ගැස්ට්‍රීන් සහ හයිඩ්‍රක්ලෝරික් අම්ලය නිෂ්පාදනය හා cholecystokinin හෝමෝනය ස්‍රාවය උත්තේජනයටත් දායක වන බව හෙලි වී ඇත.

 

මේ අනුව පෙනී යන්නේ කෝපි පානය කිරීම සෞඛ්‍යමත් දිවියකට මඟ කියන බවයි. කෙසේ වෙතත් මේ සඳහා ශරීරයට අහිතකර නොවන නිසි ප්‍රමාණවලින් කෝපි පරිභෝජනය කිරීම ඉතා වැදගත් වන බව ඔබත් සිහි තබා ගන්න.

 

 


Coffee; a healthy refresher for your body and mind

Coffee is one of the most favourite and popular beverages consumed around the world. These coffee beans are the seeds of a fruit called coffee cherry. This coffee plant belongs to the genus Rubiaceae, and it is scientifically known as Coffea. Coffee plants are commonly found in South African and tropical Asian countries. Coffee seeds are classified into two main types: Arabica and Robusta. About 60% of the world's coffee production is Arabica and the remaining 40% is Robusta.

In day to day life, coffee is consumed as both ordinary coffee and instant coffee. Some popular Sri Lankan regular/ordinary coffee brands include “Harischandra” and “Island.” “Nescafe” and “Bru” are world-renowned instant coffee brands. In preparation of regular/ordinary coffee, coffee beans are dried, roasted and, ground. Instant coffee is prepared by the dehydration of a liquid coffee concentrate/extract either by spray drying or freeze-drying. In addition to the method of preparation, the amount of caffeine in regular coffee and instant coffee can vary.

Black coffee, Espresso, Latte, Cappuccino, Americano, and Mocha are widely consumed in many parts of the world. Furthermore, Doppio, Cortado, Red eye, Gala, Lungo, Macchiato, Ristretto, Flat White, Affagato, Cafe au Lait, and Irish are examples of different coffee drinks.

It has been observed that coffee consumption has significant impacts on human health. Coffee contains many components that can affect human health. Caffeine, chlorogenic acid, and diterpenes are the main constituents of coffee. In addition, coffee is rich in vitamin B3, magnesium, and potassium as well.

Coffee makes our body active, and thus, can be used as an energy drink. It helps to burn unwanted body fat, improves concentration, and helps to control stress and depression. The life cycle of cancer cells is affected by coffee, where it can inhibit the growth and spread of cancer cells. Although caffeine intake may increase blood sugar levels in short term, studies have shown that regular coffee drinkers have a lower risk of developing type 2 diabetes than non-coffee drinkers. The polyphenols and magnesium in coffee help to improve the efficiency of insulin and glucose metabolism in the body.

Due to the caffeine content, excessive coffee consumption over a short period can lead to adverse conditions in the body. Although a moderate dose of caffeine (50-300mg) does not cause adverse effects on the body, high doses of caffeine can cause anxiety, restlessness, insomnia, and increased heart rate. It is also advisable to reduce coffee consumption during pregnancy as caffeine can affect the fetus.

A recent study by The Institute for Scientific Information on Coffee (ISIC) found that coffee stimulates certain digestive processes and reduces common problems with the digestive system. This study revealed that caffeine contributes to the production of essential gastrin and hydrochloric acid, which stimulate digestion and the secretion of the hormone cholecystokinin.

Given all these facts, we can conclude that drinking coffee can lead to a healthy life. But keep in your mind that consuming the right amount of coffee is always important.


Article prepared by: Sachini Ranathunga

Post designed by: Punsara Nirmal


References:

Coffee The Nutrition Source Available at: 

https://www.hsph.harvard.edu/nutritionsource/food-features/coffee/#:~:text=The%20bottom%20line%3A%20A%20large,risk%20of%20several%20chronic%20diseases [ accessed on 12/04/2022]

Coffee and Health Available at: https://www.coffeeandhealth.org/ [accessed on 12/04/2022]

Coffee and Health: A review of Recent Human Research Available at: https://www.tandfonline.com/doi/full/10.1080/10408390500400009 [accessed on 12/04/2022]

The impact of coffee on health Available at: https://www.sciencedirect.com/science/article/abs/pii/S0378512213000479[ accessed on 12/04/2022]

Article 18- ආහාර ඇසුරුමේ එන Traffic Light ලේබලය ගැන ඔබ දැනුවත් ද?  "Traffic Light Labelling System in Foods"

ආහාර ඇසුරුමේ එන Traffic Light ලේබලය ගැන ඔබ දැනුවත් ද?


1. Traffic Light Labelling යනු කුමක්ද?


Traffic light labelling යනු පෙර ඇසුරුම් කරන ආහාර සහ පානවල අඩංගු සීනි, ලුණු සහ මේද මට්ටම් පිළිබඳව තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රමවේදයකි. බොහෝ පර්යේෂණයන්ට අනුව, එය ආහාර ලේබල් කිරීමේ ඵලදායි ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර,එමඟින්, සීනි, ලුණු හෝ මේද අන්තර්ගතය ඉහළ, මධ්‍යම හෝ අඩුද යන්න තීරණය කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසා දෙනු ලබයි. ඉහත සඳහන් කරන ලද අන්තර්ගතයන් ඉහළ මට්ටමින් පවතී නම් එම ඇසුරුමේ රතු පැහැයෙන් ද, මධ්‍යම මට්ටමින් නම්  ඇම්බර් වර්ණයෙන් ද, අඩු මට්ටමින් නම් කොළ පැහැයෙන්ද ලාංජනයක් දක්වනු ලබයි.


2006 වර්ෂයේ දී එක්සත් රාජධානියේ, Food Standards Agency  (FSA) හරහා පාරිභෝගිකයින්ට පෝෂණ තොරතුරු අවබෝධ කර ගැනීමට සහ ඇසුරුම් කරන ලද ආහාර මිලදී ගැනීමේදී ඒ ආශ්‍රිත තීරණ ගැනීමට සහාය වීම සඳහා, ආහාර ආශ්‍රිත කර්මාන්ත මගින් ස්වේච්ඡා පියවරක් ලෙස අනුගමනය කල හැකි අයුරින් මෙම සැලැස්ම පළමු වරට ක්‍රියාත්මක කර ඇත. එහි පවතින සරල බව සහ අන්තර්ගතයන්හි මට්ටම් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි වර්ණ කේත ක්‍රමවේදයක් යොදාගැනීම නිසා  නිසා,Nutrition Traffic Light Label (NTLL) ලෝකයේ වඩාත්ම බහුලව භාවිතා වන ඇසුරුම් ලේබල් වලින් එකක් බවට පත්ව ඇත. 


 2. ශ්‍රී ලංකාවේ භාවිතා වන Traffic Light Labelling ක්‍රමවේදය.


ශ්‍රී ලංකාවේ, සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ 2016 ආහාර(සීනි මට්ටම සදහා වර්ණ සංකේතවත් කිරීමේ) නියෝග යනුවෙන් රෙගුලාසියක් පනවා ඇති අතර, එමඟින්  කාබනීකෘත බීම, කිරි පදනම් කරගත් නිෂ්පාදන හැර, බීමට සූදානම් කර ඇති ක්ෂණික පාන, පළතුරු නෙක්ටා සහ පළතුරු යුෂවල අඩංගු සීනි ප්‍රමාණය දැක්වීමට  නියෝග පනවා ඇත. ඒ අනුව, නිෂ්පාදනයේ මිලි ලීටර් 100 කට සීනි ග්‍රෑම් 11 ට වඩා අඩංගු ආහාර සදහා එම ඇසුරුමෙහි රතු පැහැති ලාංජනයක් ද, නිෂ්පාදනයේ මිලි ලීටර් 100 කට සීනි ග්‍රෑම් 2 සිට ග්‍රෑම් 11 දක්වා අඩංගු නම් ඇම්බර් වර්ණයෙන් ලාංජනයක් ද, නිෂ්පාදනයේ මිලි ලීටර් 100 කට සීනි ග්‍රෑම් 2 ට අඩු ප්‍රමාණයක් පවතී නම් කොළ පැහැති ලාංජනයක් ද සදහන් කළ යුතු වේ. 


 එමෙන්ම, 2019 වසරේ, ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ, 2019 ආහාර (සීනි, ලුණු සහ මේදය සඳහා වර්ණ සංකේතවත් කිරීමේ) නියෝග ලෙස නව රෙගුලාසියක් ක්‍රියාත්මක කර ඇත. එය ක්‍රියාත්මක වනු ලබන්නේ ඝන හෝ අර්ධ ඝන ආහාර සදහා වන අතර  ඒවායේ අඩංගු, සීනි, ලුණු සහ මේද ප්‍රමාණයන්  ඊට අනුරූප වර්ණ ලාංඡනයන් මඟින් දැක්විය යුතුය.  එහිදී Traffic Light Labelling ක්‍රමවේදය භාවිතා කරනු ලබයි. රතු පැහැ ලාංඡනය මඟින් ඉහළ සීනි, ලුණු සහ මේදය මට්ටම් ද, ඇම්බර් වර්ණයේ ලාංඡනය මඟින් මධ්‍යස්ථ සීනි, ලුණු සහ මේද මට්ටම් ද නිරූපණය කරනු ලබයි. කොළ වර්ණයේ ලාංඡනය මඟින් අඩු සීනි, ලුණු සහ මේද මට්ටම් නිරූපණය කරනු ලබයි. ඒ අනුව අදාළ නිෂ්පාදන වල  100g හෝ 100ml ප්‍රමාණයන් සදහා මෙම දත්ත සැපයිය හැකිය.  


මෙම නියෝගවලට අනුව සියලුම ඝන සහ අර්ධ ඝන ආහාර ලේබල් කිරීම අනිවාර්ය වේ. නිෂ්පාදනයේ  ග්‍රෑම් 100කට සීනි ග්‍රෑම් 22ට වැඩි ඝන හෝ අර්ධ ඝණ ආහාර අඩංගු ඇසුරුම් වල රතු වර්ණ ලාංඡනය ද, සීනි ග්‍රෑම් 5 සිට ග්‍රෑම් 22 දක්වා ඇති ඒවායේ ඇම්බර් වර්ණ ලාංඡනය ද, සීනි ග්‍රෑම් 5ට අඩු ඒවායේ කොළ වර්ණ ලාංඡනය ද සදහන් කරනු ලබයි.  නිෂ්පාදනයේ ග්‍රෑම් 100 කට ලුණු ග්‍රෑම් 1.25 ට වැඩි ප්‍රමාණයක් අඩංගු නම් රතු ලාංඡනය ද, ලුණු ග්‍රෑම් 0.25 සිට ග්‍රෑම් 1.25 දක්වා අන්තර්ගත නම් එම ඇසුරුමේ ඇම්බර් ලාංඡනය ද, ලුණු ග්‍රෑම් 0.25 ට අඩු ප්‍රමාණයක් අන්තර්ගත නම් කොළ පැහැ  ලාංඡනයද සඳහන් කරනු ලබයි. මේද ප්‍රමාණය සම්බන්ධයෙන් ගත් කල, නිෂ්පාදනයේ  ග්‍රෑම් 100කට ග්‍රෑම් 17.5ට වැඩි මේදය අන්තර්ගත ආහාර සදහා එම ඇසුරුමේ රතු පැහැ ලාංඡනය ද, ග්‍රෑම් 3 සිට ග්‍රෑම් 17.5 දක්වා මේද අන්තර්ගත නම් එම ඇසුරුමේ ඇම්බර් වර්ණ ලාංඡනයද, ග්‍රෑම් 3ට වඩා අඩුවෙන් මේද අන්තර්ගත නම් කොළ පැහැ ලාංඡනය ද දක්වනු ලබයි.



 3. Traffic light Labelling ක්‍රමවේදයේ වැදගත්කම.


සාම්ප්‍රදායිකව ආහාර බහාලුම් සහ අසුරුම් වල භාවිතා වන  පෝෂණ දත්ත සහිත ලේබල් මඟින් ආහාරයේ අඩංගු පෝෂණ සංඝටක මෙන්ම ඒවායේ ප්‍රමාණයන් පිළිබඳවද පුළුල් තොරතුරු ලබා දෙනු ලබයි. එසේ වූවද, ඇතැම් පාරිභෝගිකයින්ට මෙම සෑම පෝෂණ දත්තයක්ම අවබෝධ කර ගැනීම අපහසු වේ.  එබැවින්, සරලව සහ ක්‍රමානුකූලව පෝෂණ තොරතුරු වඩාත් ඵලදායී ලෙස ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වේ.  Traffic light labelling ක්‍රමවේදය ඒ සඳහා හොඳ ප්‍රවේශයකි.  මක්නිසාද යත්, traffic light labelling ක්‍රමවේදය මගින් ආහාරයේ සෞඛ්‍යය සම්පන්න බව, සංඛ්‍යාත්මක දත්ත භාවිතයෙන් දක්වනවාට වඩා සරලව මෙන්ම ඵලදායී ලෙස දැක්විය හැකි නිසාවෙනි.  එමෙන්ම නිෂ්පාදනයක අන්තර්ගත  සීනි, ලුණූ  සහ මේදය ප්‍රමාණය එම නිෂ්පාදනයේ සෞඛ්‍යය සම්පන්න බව තක්සේරු කරන දර්ශකයක් ලෙස සැලකිය හැක.  


2016 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු වලට අනුව, ලෝක ජනගහනයෙන්  වැඩිහිටියන්ගෙන් 39% ක් අධි බර වන අතර 13%  තරබාරු අය වේ. ඒ අනුව පෙනී යන්නේ, ලොව ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් සඳහා  හෘද රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා වර්ග  වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවයි. එලෙසම ශ්‍රී ලංකාව තුළ ද හෘද රෝග, දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග (NCDs) ඉහළ යමින් පවතී.  අධික සීනි, ලුණු සහ මේදය ආහාරයට ගැනීම එම සෞඛ්‍යය ගැටලු සඳහා බලපාන ප්‍රධාන සාධක වේ.  එමනිසා, traffic light  labelling ක්‍රමවේදය රෝගීන්ට මෙන්ම බෝ නොවන රෝග ගැන සැලකිලිමත් වන ඕනෑම අයෙකුට ඔවුන්ගේ ආහාර වේලෙහි අන්තර්ගත සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පිළිබද අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේ.  එහි ප්‍රතිඵලයක් ලෙස එය සාමාන්‍ය ජනතාව අතර සෞඛ්‍යය සම්පන්න ආහාර රටා ප්‍රවර්ධනය කරනු ලබයි.


වර්ණ මත පදනම් වූ තොරතුරු මගින් පාරිභෝගිකයින් හට ඉහළ බලපෑමක් ඇති කළ හැකි අතර, එමඟින් වඩා හොඳ, සෞඛ්‍යයට හිතකර නිෂ්පාදන තෝරා ගැනීමට ඔවුන්ට සහාය විය හැක.  අනෙකුත් ලේබල් කිරීමේ ක්‍රමවේදයන් හා සසඳන විට, traffic light labelling ක්‍රමවේදය සෞඛ්‍යය සම්පන්න ලෙස ආහාර පරිභෝජනයට මිනිසුන් යොමු කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස දැක්විය හැකියි.  එමෙන්ම, ආහාරවල අන්තර්ගතය සහ ලක්ෂණ පිළිබඳව පැහැදිලි, නිරවද්‍ය තොරතුරු ලබා දීම මගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මිලදී ගැනීම් සහ පරිභෝජනය පිළිබඳ වඩාත් දැනුවත්භාවයකින් යුතුව තීරණ ගැනීමට අවශ්‍ය අවකාශය සලසා දෙයි.  


සැකසීම: ශෙහාන් තුන්මුදුන,  සුජානි කෞමදී 


Traffic Light Labelling System in Foods


1. What is Traffic Light Labelling?

Traffic light labelling is a system that can be applied to pre-packaged food and beverages to display nutritional information on sugar, salt, and fat levels. According to researches, it is an effective food labeling system which facilitates consumers in deciding whether the sugar, salt, or fat levels in a particular food product are high, medium, or low. A high level of a given nutrient is shown by red, a medium level by amber, and a low level by green. 

The United Kingdom was the pioneer to implement this concept in 2006, through the Food Standards Agency (FSA), as a voluntary measure for the food industry. The concept was implemented in order to support customers in understanding the nutritional information in a given food product, thereby assisting them in making better purchasing decisions. Because of its simple and easy-to-understand graphical design, the Nutritional Traffic Light Label (NTLL) has become one of the most widely used Front of Package labels (FOP's) around the world.   


2. Colour Coding System in Sri Lanka. 

In Sri Lanka, the Ministry of Health has introduced a regulation under the section 32 of the Food Act No. 26 of 1980, known as the “Colour Coding for Sugar levels” Regulations 2016. It provides guidelines to indicate the sugar content in carbonated beverages, ready to serve beverages other than milk-based products, fruit nectar, and fruit juices. According to this regulation, products that contain more than 11g of sugar per 100ml of drink should be given a red label, 2g to 11g of sugar per 100ml of drink an amber label, while drinks having a sugar content less than 2g per 100ml should be given a green label. 

In 2019, the Ministry of Health introduced a new regulation under the section 32 of the Food Act No. 26 of 1980, which is the Food (Colour Coding for Sugar, Salt and Fat) Regulations 2019. It has an extended scope, where guidelines are provided to indicate the sugar, salt, and fat content in a given solid or a semi-solid food. A "traffic light" coding system is used for this purpose, with red colour indicating a high level of sugar, salt, and fat in each serving, amber showing a moderate level of sugar, salt, and fat, and green representing a healthy level of sugar, salt, and fat in each serving. The information can be provided per 100g/100ml of product, per portion or both. 

According to this regulation, it is mandatory to label all solid and semi-solid food.  Solid or semi-solid food having more than 22g of sugar per 100g should be labeled in red, those with 5g to 22g in amber, while the food with less than 5g of sugar per 100g should be labelled in green. Solid or semi-solid food having more than 1.25g of salt per 100g should be labeled in red, those with 0.25g to 1.25 g in amber, and the food with less than 0.25g of salt per 100g should be labeled in green. When it comes to indicating the fat content in a solid or a semi-solid food, food with more than 17.5g of fat per 100g should be labeled in red, those with 3g to 17.5g in amber, and the food having a fat content less than 3g per 100g should be labelled in green. 


3. Importance of the Traffic Light Labelling System.

The conventional Nutrition Facts Label in a food product conveys an expanded amount of information on a food's nutritional value. However, some customers find it challenging to understand each and every nutritional fact provided under a Nutrition Facts Label. This promoted the requirement of establishing a more effective, simple and a systematic way of displaying nutritional information of a food product. Traffic light labelling system can be identified as a good approach for this. The colored traffic light labels can express the nutritional value of a food product more effectively than numerical information. Moreover, this labelling system enables convenient determination of the healthfulness of a food product as well, since the label clearly indicates the amount of sugar, fat or salt in the particular food. 

According to the World Health Organization, in 2016, 39% of adults aged 18 years and above were overweight, while 13% were obese. This shows that a considerable percentage of the world population is at a higher risk of developing cardiovascular disease, diabetes, and some types of cancer. Meanwhile, non-communicable diseases (NCDs) are on the rise in Sri Lanka as well. High sugar, salt, and fat intake are the main contributing dietary factors for these health issues. Therefore, traffic light labelling system will assist patients or anyone concerned about NCDs in reducing their sugar, salt, and fat intake, and thereby aligning with the recommended levels. This will promote healthier dietary patterns among the general public.

Colour-based nutritional information have a higher influence on customers, assisting them in making better and healthier product choices. In comparison to other labeling systems, the Nutritional Traffic Light Label (NTLL) system has been identified as one of the most effective techniques for orienting people towards healthy food consumption. Ultimately, this system allows the consumers to make informed decisions about their purchases, by providing clear, precise, and non-misleading information about the nutritional content and characteristics of a food product.


Article prepared by: Shehan Thunmuduna , Sujani Kaumadi


Read more through, 

“Food (Colour Coding for Sugar, Salt and Fat) Regulations 2019.” http://eohfs.health.gov.lk/food/images/pdf/regulations/Colour-coding-solids-English.pdf  (accessed Feb. 20, 2022).

“Food (Colour Coding for Sugar levels) Regulations - 2016.” http://eohfs.health.gov.lk/food/images/pdf/regulations/food_colour_coding_for_sugar_levels_regulations_en.pdf  (accessed Feb. 20, 2022).

Kunz, S., Haasova, S., Rieß, J., & Florack, A. (2020). Beyond Healthiness: The Impact of Traffic Light Labels on Taste Expectations and Purchase Intentions. Foods (Basel, Switzerland), 9(2), 134. https://doi.org/10.3390/foods9020134

Temple, N.J. (2014). Re: Food labels: A critical assessment. Nutrition [online], 30(10), pp.1217–1218.

Teran, S., Hernandez, I., Freire, W., Leon, B. and Teran, E. (2019). Use, knowledge, and effectiveness of nutritional traffic light label in an urban population from Ecuador: A pilot study. Globalization and Health, 15(1).



Article 17තල ඇටවල සැඟවුණු තතු

"𝐓𝐡𝐞 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐅𝐚𝐜𝐭𝐬 𝐨𝐟 𝐒𝐞𝐬𝐚𝐦𝐞 𝐒𝐞𝐞𝐝𝐬"


තල ඇටවල සැඟවුණු තතු

තල (𝑺𝒆𝒔𝒂𝒎𝒖𝒎 𝒊𝒏𝒅𝒊𝒄𝒖𝒎 𝑳.) යනු ලෝකයේ වටිනා තෙල් නිස්සාරණය කළ හැකි භෝගයකි. තල ඇට, තල තෙල් සහ තල පිටි එහි අලෙවි කළ හැකි ප්‍රධාන නිෂ්පාදන වේ. සුදු තල, කළු තල සහ කහ තල ලෙස තල වර්ග කිහිපයක් පවතින අතර, කළු සහ සුදු තල වඩාත් සුලභ හා බහුල ව වගා කරනු ලබයි. තල ඇට කුළුබඩුවක් ලෙසත් තෙල් ප්‍රභවයක් ලෙසත් භාවිතා කරයි.

සෝයා බෝංචි, කැනෝලා, සූරියකාන්ත බීජ සහ කපු ඇට වැනි බොහෝ තෙල් බීජ (oil seeds) වලට වඩා තල ඇටවල ඉහළ තෙල් අන්තර්ගතයක් (50% ක් පමණ) ඇත. තලවල ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ඉහළ ප්‍රමාණයක් අඩංගු නිසා තල තෙල් මුඩු වීමට සුවිශේෂී ලෙස ප්‍රතිරෝධයක් දක්වයි. තල ඇට අසංතෘප්ත මේද අම්ල වලින් පොහොසත් වුව ද, එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මේද අම්ල ඔක්සිකරණයට එරෙහි ආරක්ෂාව සපයන නිසා සාපේක්ෂව ස්ථායී ආහාරයක් ලෙස සැලකිය හැක. එම නිසා මෙය සාමාන්‍යයෙන් උසස් තත්ත්වයේ තෙල් වර්ගයක් ලෙස සැලකේ.

තල ඇටවලින් තල තෙල් ලබා ගන්නා ආකාරය ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස් වේ. තෙල් නිස්සාරණය සඳහා  කළු තල ඇට ප්‍රධාන වශයෙන් යොදා ගනී. තල තෙල් නිපදවීමේ ක්‍රියාවලියේ ප්‍රධාන වෙනස්කම් වන්නේ බීජ ආවරණය ඉවත් කර තිබේද සහ බීජය පුළුස්සා (roast) තිබේද යන්නයි. ලොව පුරා නිපදවන තල තෙල් ප්‍රධාන වර්ග තුනක් ඇත. එනම්,

• පිරිපහදු කළ තල තෙල් - බීජාවරණය සමඟ හෝ බීජාවරණය රහිතව තල ඇට වලින් නිෂ්පාදනය කෙරේ.

•බදින ලද තල තෙල් - බදින ලද තල ඇට වලින් නිෂ්පාදන කෙරේ.

•කුඩා පරිමාණයේ මෝල් වලින් නිපදවන තල තෙල් - බදින ලද පොත්ත ඉවත් කළ තල ඇට වලින් නිෂ්පාදනය කෙරේ.

අමු තල ඇට වල ටර්ෆිනොයිඩ, සැපොනින්, ඇල්කලොයිඩ, ටැනින් සහ ෆ්ලේවනොයිඩ වැනි බොහෝ ශාක රසායන අඩංගු වේ. Foam capacity සහ ස්ථායීතාවය, තෙල් හා ජල අවශෝෂණය, නයිට්‍රජන් ද්‍රාව්‍යතාව, emulsion capacity  සහ ස්ථායීතාවය වැනි විශිෂ්ට ක්‍රියාකාරී ගුණාංගවලින් සම්පූර්ණ මේදය සහිත තල ඇට සමන්විත වේ. තල ඇට වල මේදය ඉවත් කිරීමෙන් පසු ලබා ගන්නා ඉතිරි ඝන ද්‍රව්‍ය (cake) වල සමතුලිත ඇමයිනෝ අම්ල අන්තර්ගතයක් පවතින අතර එබැවින් උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත.

තල පිටි එසේ නැතහොත් sesame meal හෝ sesame seeds meal ලෙස ද හඳුන්වනු ලබන්නේ තල ඇට සිහින් කුඩු බවට අඹරා සාදන ලද නිෂ්පාදනයක් වන අතර, එහි පොලිෆීනෝල් සහ ෆයිටේට් පොස්පරස් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ.

තල ඇටවල සෙසමින් සහ සෙසමොලින් අඩංගු වන අතර තෙරපීමේ ක්‍රියාවලියේ දී ඒවා සෙසමෝල් සහ සෙසමිනෝල් යන ප්‍රතිඔක්සිකාරක බවට පත්වේ.  මෙම ද්‍රව්‍ය ලිග්නන් වන අතර කොලෙස්ටරෝල් අඩු කිරීමට, අධි රුධිර පීඩනය වැලැක්වීමට සහ සතුන් තුළ විටමින් E වැඩි කිරීමේ  හැකියාව ඇත. එසේ ම, කිරිවලට සාපේක්ෂව තල වල තුන් ගුණයකින් පමණ වැඩි කැල්සියම් ප්‍රමාණයක් ඇත. තව ද, තල ඇට පිළිකා නාශක ගුණ ද පෙන්නුම් කරන බව ඔප්පු වී ඇත.

තල ඇට සහ තල තෙල්, කුකීස් සහ පාන් සඳහා topping එකක් ලෙස හෝ තැවරුමක් ලෙස (spreading) භාවිතා කරයි. පැණි බෝල (honey balls), සලාද සහ salad dressings ඇතුළු අතුරුපස වැනි විවිධ නිෂ්පාදන සඳහා තල ඇට පේස්ට් භාවිතා කරයි. පුළුස්සන ලද තල, බදින ලද ආහාරවල (fried foods) රසය වැඩි කිරීමට භාවිතා කරයි. ආසියානු රටවල සහ විශේෂයෙන් අප්‍රිකාවේ ආහාර රසවත් කිරීම සඳහා (seasoning) තල ඇට භාවිතා කරයි. තල  තෙල්, මස් සහ එළවළු බැදීමට සහ විවිධ රසකැවිලි කර්මාන්ත සඳහා යොදා ගන්නා අතර යුරෝපීය රටවල ඔලිව් තෙල් සඳහා විකල්පයක් ලෙස ද භාවිතා කරයි. තව ද, තල තෙල් ඖෂධ, සබන්, ලිහිසි තෙල් (lubricant) සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා අමුද්‍රව්‍ය ලෙස ද භාවිතා කරයි. තල ඇටවල විවිධ ප්‍රතිලාභ ඇතත්, සමහර පුද්ගලයින්ට ආසාත්මිකතා ඇති විය හැකි අතර අධික ලෙස පරිභෝජනය කිරීමෙන් ආහාර ජීර්ණ ගැටළු ඇති විය හැක.

𝐓𝐡𝐞 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐅𝐚𝐜𝐭𝐬 𝐨𝐟 𝐒𝐞𝐬𝐚𝐦𝐞 𝐒𝐞𝐞𝐝𝐬

Sesame (𝑺𝒆𝒔𝒂𝒎𝒖𝒎 𝒊𝒏𝒅𝒊𝒄𝒖𝒎 𝑳.) is one of the world's valuable oil crops. Its main marketable products are whole sesame seeds, sesame seed oil and sesame flour. Sesame types can be classified as white sesame, black sesame and yellow sesame, and black and white sesame are the most common and widely grown. Sesame seeds are used as a spice and as a source of oil.

Sesame seeds have a higher oil content (about 50%) than most known oil seeds such as soybean, canola, sunflower seed and cottonseed. They have a relatively high concentration of natural antioxidants, which provide exceptional resistance to oil rancidity. Although sesame seeds are rich in unsaturated fatty acids, it is one of the most stable foods as its antioxidants provide some protection against oxidation. Therefore, sesame oil is generally considered as a high quality oil.

The processing of sesame seeds to obtain sesame oil varies from region to region of the world. Black sesame seeds are mainly used for oil extraction.The main differences in processing are whether the seed coat is removed and whether the seed is roasted. There are three main types of sesame oil produced worldwide,

• Refined sesame oil- produced from sesame seeds with or without seed coat

• Roasted sesame oil - produced from roasted sesame seeds,

• Sesame oil from small-scale mills- produced from roasted dehulled sesame seeds.

Raw sesame seeds contain many phytochemicals such as terpenoids, saponins, alkaloids, tannins and flavonoids. Whole fat sesame seeds have excellent functional properties such as foam capacity and stability, oil and water absorption, nitrogen solubility, emulsion capacity and stability. Defatted sesame cake contains significant amounts of high-quality protein with a balanced amino acid profile.

Sesame flour also called sesame meal or sesame seeds meal is a product made by grinding sesame seeds into a fine powder, and exhibits a substantial amount of bioactive compounds such as polyphenol and phytate phosphorus.

Sesame seeds contain sesamin and sesamolin, and during the pressing process, they convert into two antioxidants, sesamol and sesaminol.These substances are lignans and can lower cholesterol, prevent high blood pressure and boost vitamin E in animals. Also, sesame seeds have three times more calcium compared to an equivalent amount of milk. Sesame seeds have also been proven to exhibit anti-cancer properties.

Sesame seeds and oil are used for various applications like topping and spreading on cookies and bread. Sesame seed paste is used for various products like honey balls, salads and salad dressings. Moreover, roasted sesame seeds further enhance the flavour of fried products. In Asian countries and especially in Africa, sesame seeds are used as a seasoning. Sesame oil is used for frying meat and vegetables and in various confectionery industries. It is used as an alternative to olive oil in European countries. Also, sesame oil is used as an ingredient in medicines, soaps, lubricants and cosmetics.  Although sesame seeds have various benefits, some people may be allergic and consuming too much can cause digestive problems.

References:

Nutritional and Therapeutic Potential of Sesame Seeds(online ), available at: https://doi.org/10.1155/2022/6163753, accessed on: 24/08/2023.

Sesame (𝑺𝒆𝒔𝒂𝒎𝒖𝒎 𝒊𝒏𝒅𝒊𝒄𝒖𝒎 𝑳.): A Comprehensive Review of Nutritional Value, Phytochemical Composition, Health Benefits, Development of Food, and Industrial Applications(online ), available at: https://doi.org/10.3390/nu14194079 , accessed on: 24/08/2023.

Article Written by Geethika Athapattu

Post Designed by Sithumini Perera


Article 16-  නිර්මාංශ ආහාර කලාවට එක් වූ නවතම යෝගට්

"𝐕𝐞𝐠𝐚𝐧-𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐥𝐲 𝐏𝐥𝐚𝐧𝐭 𝐁𝐚𝐬𝐞𝐝 𝐘𝐨𝐠𝐡𝐮𝐫𝐭"


නිර්මාංශ ආහාර කලාවට එක් වූ නවතම යෝගට්

යෝගට් වල පවතින ආවේණික රස සහ සෞඛ්‍ය වාසි හේතුවෙන් එය කලක සිට බොහෝ දෙනා අතර ජනප්‍රියතාවයක් උසුලයි. සත්ත්ව කිරි වලින් නිපදවන යෝගට් ලොව පුරා බොහෝ මිනිසුන්ගේ ආහාර වේලෙහි ප්‍රධාන කොටසක් ලෙස භාවිතා වේ. කෙසේ වෙතත්, ශාක පදනම් වූ ආහාර ජනප්‍රිය වීමත්, සත්ත්ව නිෂ්පාදන සඳහා ඇති ආදේශක වලට වැඩි ඉල්ලුමක් ඇති වීමත්, ශාක පදනම් වූ යෝගට් කදිම විකල්පයක් බවට පත්වීමට හේතු වී ඇත.

ශාක පදනම් වූ යෝගට් ස්වාභාවිකවම ලැක්ටෝස් වලින් තොර වීම හේතුවෙන් lactose intolerance ඇති පුද්ගලයන්ට භාවිතා කල හැක. නිර්මාංශ (vegan) ආහාර රටාවක් ගත කරන පුද්ගලයන්ට වුවද ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම උදෙසා මෙම යෝගට් සුදුසු වේ. එමෙන්ම මෙම යෝගට්, එදිනෙදා ආහාර වේලෙන් ලබා ගන්නා කොලෙස්ටරෝල් අන්තර්ගය අවම කර ගැනීමට හොඳ විකල්පයක් ලෙස හඳුනා ගත හැකිය. ශාක ප්‍රභවයන්හි පවතින phytosterols මඟින් රුධිරයෙහි පවතින LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බැවින් එමගින් හෘද රෝග අවම කර ගැනීමටද හැකියාව ලැබේ. බොහෝ නිෂ්පාදකයින් පාරිභෝගිකයාගේ රුචිකත්වය මත විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරමින් සීනි රහිත ශාක පදනම් වූ යෝගට් ද නිෂ්පාදනය කරනු ලබයි.

මෙම යෝගට් වල පෝෂ්‍ය පදාර්ථ අගයන් ශාක ප්‍රභවයන් මත වෙනස් වේ. සාමාන්‍යයෙන් අනෙකුත් ශාක පදනම් වූ යෝගට් අතර, සෝයා යෝගට් වල ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතයක් පවතින අතර ආමන්ඩ් සහ පොල් වැනි ශාක ප්‍රභවයන් යොදා ගනිමින් සාදන ලද යෝගට් වල ඉහළ මේද අන්තර්ගතයක් පවතී. කෙසේ වෙතත් ශාක ආශ්‍රිත යෝගට් යනු සත්ත්ව කිරි ආශ්‍රිත යෝගට් සඳහා විකල්ප නිෂ්පාදනයක් වේ.එවිට මෙම යෝගට් වලද කිරි ආශ්‍රිත යෝගට් වලට සමාන ප්‍රෝටීන ප්‍රමාණයක් හා අනෙකුත් පෝෂණ අන්තර්ගතක් අඩංගු විය යුතුය. එම නිසා බොහෝ ශාක පදනම් වූ යෝගට් නිෂ්පාදන වලට එම පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා විවිධ අමුද්‍රව්‍යයන් ඇතුළත් කරනු ලැබේ.මෙම යෝගට් වල තන්තු බහුල වන අතර පීනෝල් සංයෝගද යම් ප්‍රමාණයක් පවතී.

ශාක පදනම් වූ යෝගට් වල රසයන් සහ වයනයන් පුළුල් පරාසයක පවතී. ආමන්ඩ් ,පොල්, කජු, ඕට්ස් සහ සහල්, මෙම යෝගට් නිෂ්පාදනය සඳහා ප්‍රමුඛ ශාක ප්‍රභවයන් වේ. මෙම සෑම ප්‍රභවයක්ම එකිනෙකට වෙනස් රසයක් හා වයනයක් ලබා දේ.

ශාක පදනම් වූ යෝගට් සෑදීමේදී, ප්‍රථමයෙන් ශාක මත පදනම් වූ කිරි සමජාතීය (homogenize) කෙරේ. ඉන්පසු කිරි පැස්චරීකරණය කර සිසිල් (40°C) කරනු ලැබේ. ඉන්පසු කිරි vegan යෝගට් මුහුම් සමඟ මිශ්‍ර කෙරේ. පසුව මිශ්‍රණය incubate කරනු ලැබේ. අවසානයේදී, යෝගට් ඝන වීම සඳහා ශීතකරණයේ තබනු ලැබේ. 𝑳𝒂𝒄𝒕𝒐𝒃𝒂𝒄𝒊𝒍𝒍𝒖𝒔 𝒃𝒖𝒍𝒈𝒂𝒓𝒊𝒄𝒖𝒔 සහ 𝑺𝒕𝒓𝒆𝒑𝒕𝒐𝒄𝒐𝒄𝒄𝒖𝒔  𝒕𝒉𝒆𝒓𝒎𝒐𝒑𝒉𝒊𝒍𝒖𝒔 යන බැක්ටීරියා විශේෂ, ශාක පදනම් වූ යෝගට් නිෂ්පාදනය සඳහා නිතර භාවිතා වේ. මෙම ක්ෂුද්‍ර ජීවීන් ශාක පදනම් වූ කිරි පැසවීමට උපකාරී වන අතර එය යෝගට් බවට පත් කර එහි ආවේණික රසය සහ වයනය ඇති කරයි.

පරිසර හා සත්ත්ව සුභ සාධනය සඳහා වැඩි සැලකිල්ලක් දැක්වීම ශාක පදනම් වූ යෝගට් පරිභෝජනය ඉහළ යාමට ප්‍රධාන හේතුවකි. සාමාන්‍ය යෝගට් වලට වඩා ශාක පදනම් වූ යෝගට් වල කාබන් පිය සටහන (carbon footprint) අඩු වේ. මේ හේතුවෙන් ඒවා පරිසර හිතකාමී නිෂ්පාදනයන් ලෙස සැලකේ.

ශාක මත පදනම් වූ යෝගට් සත්ත්ව කිරි ආශ්‍රයෙන් පරිබාහිරයට ගොස්, යෝගට් ලෝලීන්ට රසවත් හා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලබා දීමට සමත් වී ඇත. මෙම යෝගට් නිර්මාංශික පුද්ගලයින්ට, ආහාර සඳහා සීමාවන් පවතින හෝ විවිධ රසයන් රස විඳීමට කැමති පුද්ගලයින්ට ජනප්‍රිය අතුරුපසක් ලබා ගැනීම සඳහා රසවත් සහ තිරසාර ක්‍රමයකි. එබැවින් මෙම ශාක පදනම් වූ යෝගට්, රසය, සෞඛ්‍යයට හිතකර බව සහ සදාචාරාත්මක බව යන කරුණු එකට කැටි කොටගත් නවමු නිපැයුමක් ලෙස හඳුනා ගත හැකිය.

𝐕𝐞𝐠𝐚𝐧-𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐥𝐲 𝐏𝐥𝐚𝐧𝐭 𝐁𝐚𝐬𝐞𝐝 𝐘𝐨𝐠𝐡𝐮𝐫𝐭

Yoghurt has long been admired for its sour flavour and variety of health advantages. Yoghurt, traditionally manufactured from milk, is a large part of many people's diets all around the world. However, as plant-based diets become more popular and there's a greater demand for substitutes for animal products, plant-based yoghurts have become an attractive and delicious alternative.

Plant-based yoghurts have several health benefits, making them a popular choice for dairy replacements. The starters are naturally lactose-free, therefore acceptable for people who are having lactose intolerance or those who lead a vegan lifestyle. Furthermore, these yoghurts are recommended as a good alternative to reduce the cholesterol intake from the diet. Plant sources have phytosterols that reduce the LDL cholesterol in blood, which benefits cardiovascular health. Many manufacturers also offer unsweetened alternatives for people looking for less sugar or wanting to customize their ingredients.

Depending on the plant sources nutrients of plant-based yoghurts vary. Normally among other plant-based yoghurts, soy yoghurt has a high protein content while almond and coconut like yoghurts have high fat content. However, to be a proper alternative, these yoghurts should contain similar protein profiles and other nutritional profiles with dairy yoghurts. Because of that most productions incorporate relevant ingredients to fulfill the nutritional requirements. High concentrations of fibres and some amounts of phenolic compounds are also present in plant-based yoghurts.

Plant-based yoghurts are available in a variety of flavours and textures. Soy, almond, coconut, cashew, oat, and rice are some prominent plant sources for yoghurt manufacture. Each of these sources contributes to different unique flavours and textures.

When making plant-based yoghurts, the plant-based milk is first homogenized. Then milk is pasteurised and cooled to a desired temperature (40°C). After that, milk is combined with vegan yoghurt starter. Then the mixture is incubated. Finally, the yoghurt is refrigerated for thickening. Bacteria, specifically the species 𝑳𝒂𝒄𝒕𝒐𝒃𝒂𝒄𝒊𝒍𝒍𝒖𝒔 𝒃𝒖𝒍𝒈𝒂𝒓𝒊𝒄𝒖𝒔 and 𝑺𝒕𝒓𝒆𝒑𝒕𝒐𝒄𝒐𝒄𝒄𝒖𝒔 𝒕𝒉𝒆𝒓𝒎𝒐𝒑𝒉𝒊𝒍𝒖𝒔, are frequently used in the production of plant-based yoghurts.These microorganisms help in the fermentation of plant-based milk, turning it into yoghurt and adding to its distinct texture and flavour.

The increased concern for the

environment and animal welfare is one of the main causes for the rise in the consumption of plant-based yoghurt. Plant-based yoghurts have a lower carbon footprint than dairy yoghurts making them an environmentally friendly choice.

Plant-based yoghurts have transformed the dairy path, offering yoghurt lovers a delectable and a healthy option. Plant -based yoghurts are a great choice, whether you live a vegan lifestyle, have dietary limitations, or simply enjoy trying different flavours. Appreciate the new version of yoghurt, where flavour, health, and ethical concerns synchronize together.

References:

https://doi.org/10.3390%2Ffoods10020316

https://doi.org/10.1016/j.foodqual.2023.104820

https://doi.org/10.1016/j.tifs.2020.07.021

https://doi.org/x10.3390%2Ffoods10020316

https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7913558/&ved=2ahUKEwiArKSymt3-AhUf4DgGHTDJDo8QFnoECDwQAQ&usg=AOvVaw2KoEP2_1Y9Gx_vnWuhV4Xw

Article Written by - Shashi Halaliya

Post Designed by - Asaja Sunilrathna


Article 15-  පවස නිවන ගුණ ගෙනෙන කප්රුකේ සුමිහිරි පානය:පොල් වතුර

"𝗖𝗼𝗰𝗼𝗻𝘂𝘁 𝗪𝗮𝘁𝗲𝗿: 𝗔 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗘𝗹𝗶𝘅𝗶𝗿 𝗳𝗼𝗿 𝗛𝘆𝗱𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗮𝗻𝗱 𝗪𝗲𝗹𝗹𝗻𝗲𝘀𝘀"


පවස නිවන ගුණ ගෙනෙන කප්රුකේ සුමිහිරි පානය:පොල් වතුර

පොල් (𝘊𝘰𝘤𝘰𝘴 𝘯𝘶𝘤𝘪𝘧𝘦𝘳𝘢 𝘓.) යනු ලෝකයේ නිවර්තන කලාපීය රටවල බහුල ව දක්නට ලැබෙන ප්‍රයෝජන රැසකින් යුත් තාල වර්ගයට අයත් බහුවාර්ෂික බෝගයකි. පොල් ගස "ජීවය සඳහා අවශ්‍ය සියලු දේ සපයන ශාකය" යන අරුතින් "කල්ප වෘක්ෂය" ලෙස ද හැඳින් වේ. ළපටි පොල් (කුරුම්බා) ගෙඩියේ, බීජය තුළ ඇති ද්‍රවමය භ්‍රෑණපෝෂය "පොල් වතුර" හෝ "කුරුම්බා වතුර" ලෙස හඳුන්වන අතර එය සිරුර ප්‍රබෝධමත් කරවන ස්වභාවික පානයක් ලෙස ලොව පුරා ප්‍රචලිත වී ඇත.

පොල් ප්‍රධාන වශයෙන් ම භාවිතා වන්නේ පොල් කිරි සහ තෙල් වැනි දෑ ලබා ගැනීම සඳහා බැවින් ඒවා වැඩි ප්‍රමාණයක් නෙලා ගන්නේ පරිණත වූ පසුව වන අතර පානය සඳහා ළපටි අවදියේ දී නෙලා ගන්නේ සුළු ප්‍රමාණයක් පමණි. ළපටි පොල් ගෙඩිය තුළ පවතින මෙම අවර්ණ පැහැදිලි දියරය මෘදු පැණි රස මිශ්‍ර ආම්ලික රසයකින් (pH 5-6) යුක්ත වන අතර සම්පූර්ණ ගෙඩියේ බරින් 25% ක් පමණ වේ. එක් ළපටි ගෙඩියක් තුළ ඇති පොල් වතුර ප්‍රමාණය 300 ml ක් පමණ වන අතර එම පරිමාවෙන් 94% ක් ම අඩංගු වන්නේ ජලය යි.

පොල් වතුරේ පොටෑසියම් බහුල ව අඩංගු වන අතර ඊට අමතර ව සෝඩියම්, මැග්නීසියම්, සහ කැල්සියම් වැනි ඛනිජ ලවණ වර්ග ද පවතී. ඉහත විද්‍යුත් විච්ඡේද්‍ය සංඝටක වල සංයුතිය දේහ තරලයේ සංයුතියට බෙහෙවින් සමාන වේ. පොල් වතුරේ ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C ද බහුල ව අඩංගු ය. තව ද ඇමයිනෝ අම්ල (alanine, arginine, cysteine, serine) සහ සමහර B විටමින (B1, B2, B3, B5, B6) ද අඩංගු වේ. පොල් වතුරේ අඩු සීනි ප්‍රමාණයක් අඩංගු වන අතර මේද අඩංගු නොවේ. එම නිසා එහි කැලරි ප්‍රමාණය ද අඩු ය.

පොල් වතුර පිපාසය සංසිඳුවා ගැනීමට මෙන් ම ව්‍යායාම කිරීමට පෙර සහ අතරතුර දී පානය කිරීමට ඉතා සුදුසු වන අතර ශරීරය සජලනය කිරීමටත් තෙහෙට්ටුව මඟ හැරවීමටත් දායක වේ. මෙය කෘත්‍රිම sports drinks වෙනුවට භාවිත කළ හැකි ස්වභාවික පානයක් ලෙස මළල ක්‍රීඩකයන් අතර ප්‍රචලිත වී ඇත. මෙය අධික සීනි අඩංගු පාන වර්ග වලට විකල්පයක් ලෙස ද හඳුනා ගත හැක. පොල් වතුර රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය අඩු කිරීම, කුරුලෑ සහ වකුගඩු ගල් ඇති වීම වැළැක්වීමට ද දායක වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී මූත්‍රා දැවිල්ල, මූත්‍රා අඩස්සිය, ගැස්ට්‍රයිටිස්, ඇස් දැවිල්ල සහ ආහාර අජීර්ණය වැනි රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලෙස ද පොල් වතුර භාවිතා කරනු ලැබේ.

පානය සඳහා වන ළපටි පොල් (කුරුම්බා) වෙළෙඳපොලේ සාමාන්‍යයෙන් පවතින්නේ සම්පූර්ණ ගෙඩිය වශයෙන් වන අතර සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ ඒවායේ ආයු කාලය සතියක් පමණ වේ. නමුත් අද වන විට දේශීය ව මෙන් ම විදේශීය ව ද පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් පොල් වතුර සැකසුම් සහ පරිරක්ෂණ ක්‍රම සඳහා අවධානය යොමු වී තිබේ. පොල් වතුර ස්වභාවික ව පවතින්නේ බීජය තුළ, එනම්, වායුරෝධිත කුහරයක් තුළ ස්වභාවික ව ම ජීවාණුහරණය වූ දියරයක් ලෙසයි. නමුත් එයින් ඉවතට ගත් පසු, එන්සයිමවල ක්‍රියාව (උදා: peroxidase, polyphenol oxidase), ක්ෂුද්‍ර ජීවීන් (උදා: 𝘌𝘴𝘤𝘩𝘦𝘳𝘪𝘤𝘩𝘪𝘢 𝘤𝘰𝘭𝘪, 𝘒𝘭𝘦𝘣𝘴𝘪𝘦𝘭𝘭𝘢 𝘱𝘯𝘦𝘶𝘮𝘰𝘯𝘪𝘢𝘦), බාහිරින් එකතු විය හැකි දූෂක සහ ගබඩා තත්ත්ව වැනි හේතු නිසා ඉක්මනින් ගුණාත්මක බව හානි වීම (රසෙහි සහ වර්ණයෙහි වෙනස්කම්, පෝෂක හානි) මෙන් ම ආරක්ෂිත බවට ද ඍණාත්මක ලෙස බල පෑ හැක. ඉහත ගැටලු වලට පිළියමක් ලෙස පොල් වතුර බෝතල් කර රසය මෙන් ම පෝෂණ ගුණය ද ආරක්ෂා කර ගනිමින් වැඩි කාලයක් කල් තබා ගැනීමට යොමු වී ඇත.

පොල් වතුර පරිරක්ෂණය කිරීම සඳහා වර්තමානයේ පැස්චරීකරණය, HTST වැනි තාප ප්‍රතිකාර සහ රසායනික පරිරක්ෂක (උදා: L-ascorbic අම්ලය, SMS) භාවිත කරනු ලබයි. නමුත් සාම්ප්‍රදායික අධි-උෂ්ණත්ව ප්‍රතිකාර ක්‍රම මඟින් පොල් වතුරෙහි පෝෂණ ගුණයට මෙන් ම සංවේදක ගුණයන්ට ද සිදු විය හැකි හානි වැළැක්වීමට, නවීන තාප සහ තාපමය නොවන ප්‍රතිකාර ක්‍රම (උදා: අතිධ්වනි තරංග, පාරජම්බුල කිරණ, අධි පීඩන ක්‍රම) සහ කඩුළු තාක්ෂණය (hurdle technology) වැනි ක්‍රම පිළිබඳව ද පර්යේෂණ සිදු කරමින් පවතී.

පොල් වතුර ප්‍රධාන වශයෙන් නැවුම් පානයක් ලෙස භාවිතා වුවත් එය සලාද, salsas, smoothies සහ කේක් වැනි ආහාර වලට ද එකතු කර ගැනීමෙන් ඒවායේ රසය මෙන්ම පෝෂණ ගුණය ද වැඩි කර ගත හැක. පොල් වතුර පැසීමට ලක් කිරීමෙන් විනාකිරි, වයින් වර්ග සහ Nata de Coco වැනි ආහාරමය නිෂ්පාදන සාදා ගනු ලබයි.

ළපටි පොල් වතුර, එනම් කුරුම්බා වතුර මිනිසුන් අතර බොහෝ ප්‍රචලිත වුවත් පරිණත පොල් ගෙඩිවල වතුර බොහෝ විට නිවෙස් වලින් මෙන් ම පොල් කර්මාන්ත ශාලා වලින් ද ඉවත දමනු දක්නට ලැබේ. නමුත් මේවා ද smoothies, කාබනීකෘත පාන වර්ග සහ පැසීමට ලක් කළ ආහාර පාන වැනි අගය එක් කළ (value-added) ආහාර නිෂ්පාදන සැකසීමේ දී යොදා ගත හැක.

තැඹිලි (king coconut) යනු ශ්‍රී ලංකාවට ආවේණික තවත් පොල් ප්‍රභේදයකි. තැඹිලි ගෙඩියේ පිටත පොත්තේ පවතින තැඹිලි පැහැය හේතුවෙන් කොළ පැහැති කුරුම්බා වලින් වෙන් කර හඳුනා ගත හැකි ය. පොල් මෙන් නොව තැඹිලි ප්‍රධාන වශයෙන් ම භාවිත කරන්නේ පානය සඳහා බැවින් සියලු ගෙඩි ළපටි අවදියේ දී නෙලා ගනු ලබයි. තැඹිලි වතුර කුරුම්බා වතුරට වඩා රසයෙන් වැඩි අතර දේශීය වෙළෙඳපොලේ කුරුම්බා වලට වඩා වැඩි වශයෙන් අලෙවි වේ.

ඕනෑ ම අනෙකුත් ආහාරයක් මෙන් ම පොල් වතුර ද පමණ ඉක්මවා පානය කිරීම සුදුසු නොවේ. එයට හේතුව එමඟින් ශරීරය තුළ පවතින විද්‍යුත් විච්ඡේද්‍ය සංඝටකවල අසමතුලිතතාවක් ඇති විය හැකි වීමයි. වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයේ පවතින රෝගීන් ද පොල් වතුර පානය කිරීම සුදුසු නොවේ. හේතුව නම් ඔවුන්ගේ වකුගඩු මඟින් සිරුරේ වැඩිපුර ඇති පොටෑසියම් ඉවත් කිරීමට නොහැකි වීමයි. අධි රුධිර පීඩනය සඳහා ඖෂධ ලබා ගන්නා රෝගීන් ද පොල් වතුර පානය නොකළ යුත්තේ එමඟින් ඔවුන්ගේ රුධිර පීඩන මට්ටම තව දුරටත් පහළ යා හැකි බැවිනි. රුධිර පීඩන මට්ටමෙහි වෙනස්කම් සිදු විය හැකි බැවින් ශල්‍යකර්මයක් සඳහා සූදානම් වන පුද්ගලයෙක් සති 2 ක පමණ කාලයක සිටවත් පොල් වතුර පානය නොකර සිටිය යුතුය. Cystic fibrosis රෝගයෙන් පෙළෙන පුද්ගලයින් ද පොල් වතුර පානය කිරීමෙන් වැළකී සිටිය යුත්තේ එමඟින් ඔවුන්ගේ සිරුරේ සෝඩියම්-පොටෑසියම් මට්ටම් වල අසමතුලිතතාවක් ඇති විය හැකි නිසාවෙනි.

පොල් වතුරේ පවතින සුමිහිරි ආවේණික රසය මෙන් ම විවිධ වූ සෞඛ්‍ය ප්‍රතිලාභ නිසාවෙන් ම නූතනය වන විට එය ලොව පුරා බොහෝ ප්‍රචලිත වී ඇත. සිරුර ප්‍රබෝධමත් කරවන පානයක් අවැසි මොහොතක ස්වභාවික, නැවුම් රසයෙන් යුත්, සෞඛ්‍ය සම්පන්න පානයක් වන පොල් වතුර ඉතා කදිම තේරීමක් වනු ඇත.

𝗖𝗼𝗰𝗼𝗻𝘂𝘁 𝗪𝗮𝘁𝗲𝗿: 𝗔 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗘𝗹𝗶𝘅𝗶𝗿 𝗳𝗼𝗿 𝗛𝘆𝗱𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗮𝗻𝗱 𝗪𝗲𝗹𝗹𝗻𝗲𝘀𝘀

Coconut (𝘊𝘰𝘤𝘰𝘴 𝘯𝘶𝘤𝘪𝘧𝘦𝘳𝘢 𝘓.) is a multipurpose perennial crop of the palm family widely grown in the tropical areas of the world. Coconut  tree is also called as "Kalpa Wruksha" which means "the tree which provides all the necessities of life". The liquid endosperm of the green coconuts is called as "coconut water", and popular around the globe as a refreshing natural beverage.

Coconuts are mainly harvested at mature stage for their prominent uses as coconut milk and oil etc. and only a small amount is harvested at younger stage for drink. This colourless clear liquid inside the young green coconuts has a mildly sweet and acidic flavour (pH 5-6) and accounts for about 25% by weight of the whole nut. The amount of coconut water inside one green nut is about 300 ml. About 94% of the above volume is water, which makes it a super hydrating beverage.

Coconut water is a good source of potassium. It also contains sodium, magnesium and calcium, and the composition of the above electrolytes in coconut water makes it a natural isotonic drink. It is also rich in vitamin C, which is an antioxidant. Some of the other nutrients in coconut water include amino acids (alanine, arginine, cysteine, serine etc.) and some B vitamins (B1, B2, B3, B5, B6). It is low in sugars and free of fats, therefore low in calories.

Coconut water is a great choice to clench thirst and drink during and after workouts. It helps keep the body hydrated and prevent fatigue. It is a natural alternative to artificial sports drinks with added sugars and flavours therefore has become more popular among athletes. In addition, the less sugar content makes it a better replacement for surgary drinks. Some of the other benefits of coconut water include reducing blood sugar levels and  blood pressure, preventing acne and kidney stones . Coconut water is traditionally prescribed for burning pain during urination, dysuria, gastritis, burning pain of the eyes and indigestion in ayurvedic medicine.

Coconut water is generally sold with the outer husk (whole) in the local market and has a low shelf-life of about a week in a ambient storage conditions . But, because of the increasing consumer demand both locally and internationally, processing and preservation of coconut water are of prime importance. In natural form, coconut water is present in a hermetic cavity and is sterile in nature. But once the water is separated from the inner cavity, it deteriorates quickly due to the activity of enzymes (eg: peroxidase, polyphenol oxidase), microorganisms (eg: 𝘌𝘴𝘤𝘩𝘦𝘳𝘪𝘤𝘩𝘪𝘢 𝘤𝘰𝘭𝘪, 𝘒𝘭𝘦𝘣𝘴𝘪𝘦𝘭𝘭𝘢 𝘱𝘯𝘦𝘶𝘮𝘰𝘯𝘪𝘢𝘦), physical contaminants and storage conditions. These can affect negatively on both the quality (off-flavour, turbidity changes, nutrient losses, discolouration) and safety parameters.To overcome these issues , methods have been developed to process and preserve coconut water with extended shelf-life in bottles while maintaining the nutritional and sensory properties.

Preservation of coconut water by thermal treatments (eg: pasteurization, HTST) along with the use of chemical preservatives (eg: L-ascorbic acid, SMS etc.) is already being used in the industries.Currently,  novel thermal and non-thermal preservation methods like ultrasound, ultraviolet, high-pressure processing and hurdle technology are also being tested to reduce the effect of traditional thermal processing methods on the sensory and nutritional quality of coconut water.

Coconut water is mainly consumed as a fresh beverage, but it can be added to salad dressings, salsas, smoothies and cakes to increase both the sweetness and the nutritional value. Vinegar, wines and Nata de Coco are some fermented coconut water products available in the market.

Although water from young coconuts is widely consumed, water from mature coconuts is discarded both at household and industry levels in large quantities. Mature coconut water also can be used for the production of value-added products like smoothies, carbonated beverages, and fermented foods and beverages.

King coconut is a variety of coconut native to Sri Lanka. They can be distinguished from green coconuts as their skin has a bright orange hue. Unlike coconut, king coconuts are mainly harvested at young stage as they are only grown for their use of water. King coconut water is sweeter and more popular in the local market than green coconut water.

Coconut water also shouldn't be consumed in excess amounts as it can lead to electrolyte imbalance in the body. People who suffer from kidney failure should avoid coconut water as their kidneys cannot remove excess potassium from the body. People who take medications for high blood pressure should not drink coconut water as it can further reduce their blood pressure levels. Also it is advisable not to drink coconut water for about two weeks before a surgery as it interferes with the regulation of blood pressure. People who are suffering from cystic fibrosis also should avoid coconut water as it can cause an imbalance in sodium-potassium levels in the body.

With its sweet nutty flavour and numerous benefits, there's no wonder that coconut water has gained popularity in recent years. So next time you are looking for a refreshing drink, consider reaching for this healthy natural isotonic beverage.

References

• Coconut water uses, composition and properties: a review (online) available at http://dx.doi.org/10.1051/fruits/2012002 accessed on 12.04.2023

• Coconut water preservation and processing: a review (online) available at http://dx.doi.org/10.1051/fruits/2012009 accessed on 12.04.2023

• Tender coconut water: A Review on Recent Advances in Processing and Preservation (online) available at https://doi.org/10.1080/87559129.2020.1785489 accessed on 12.04.2023

• King Coconut: The golden nut of Sri Lanka(online) available at http://doi.org/10.4038/sljfa.v7i1.90 accessed on 13.04.2023

• All you need to know about Tender Coconut Water: Health benefits (online) available at https://vims.ac.in/vims.../coconut-water-health-benefits/

accessed on 13.04.2023

Article written by: Ayesha Wickramasinghe

Article Designed by: Aamir Shuhail

All reactions:

32

You, Isuruni Umanda, Ayesha Wickramasinghe and 29 others



Article 14-  වතුර බොන්නට අලුත් ක්‍රමයක් - Detox water

"Detox Water - A new way to drink water"


වතුර බොන්නට අලුත් ක්‍රමයක් - Detox water

Detox ජලය යනු විවිධ පලතුරු, එළවළු සහ ඖෂධ පැළෑටි ජලයේ පොඟවා ගැනීමෙන් නිපදවා ගනු ලබන ජලයයි. එය infused water හෝ flavoured water ලෙස ද හැඳින්වේ. මේ සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය මත පදනම්ව, නිවසේදී detox ජලය සකස් කර ගැනීමට බොහෝ ක්‍රම පවතී.

පුද්ගලයින්ගේ රුචි අරුචිකම් මත විවිධ අමුද්‍රව්‍ය, උණුසුම් හෝ සිසිල් ජලයට එකතු කර පහසුවෙන් මෙය සකසා ගත හැකිය. එසේ එකතු කළ හැකි පොදු අමුද්‍රව්‍ය සංයෝජන කිහිපයක් නම්,

  - ඉඟුරු සහ දෙහි

  - මින්ට් සහ පිපිඤ්ඤා

  - ඇපල් සහ කුරුඳු

  - දොඩම් සහ බෙරි වර්ග

  - බෙරි වර්ග සහ දෙළුම්

  - අඹ, අන්නාසි සහ දෙහි

Detox ජලයෙහි ඉතා අවම කැලරි ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ප්‍රති ඔක්සිකාරක සහ ශාක රසායනික ද්‍රව්‍ය (phytochemicals) වලින් සමන්විත වේ. ප්‍රධාන වශයෙන් මෙහි ෆ්ලේවනොයිඩ් (උදා: quercetin, kaempferol), ෆීනෝලික් අම්ල (උදා: chlorogenic අම්ලය, kaempferol අම්ලය) සහ කැරොටිනොයිඩ්  (උදා: lutein, zeaxanthin) වැනි විවිධ ජෛව ක්‍රියාකාරී සංයෝග (bioactive compounds) අඩංගු වේ. ඊට අමතරව විටමින් (විටමින් A,C සහ B විටමින්), ඛනිජ ලවණ සහ තන්තු ද අන්තර්ගත වේ.

ශාක රසායනික ද්‍රව්‍ය යනු රෝග වැළැක්වීම මඟින් මිනිස් සෞඛ්‍යයට හිතකර බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇති ජෛව ක්‍රියාකාරී සංයෝග වේ. Detox ජලයේ ඇති මෙම සංයෝග ප්‍රති ඔක්සිකාරක ලෙස ක්‍රියා කරමින් ඔක්සිකාරක ආතතිය (oxidative stress) නිසා ඇති වන පිළිකා, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග (auto-immune diseases) වැනි රෝගී තත්ත්ව වැළැක්වීම සඳහා උපකාරී වේ.

ආයු කාලය දීර්ඝ කිරීම, මානසික හා හෘද වාහිනී සෞඛ්‍ය වැඩි දියුණු කිරීම, පිළිකා වැළැක්වීම සහ දේහ බර පාලනය වැනි පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන් ලබා දෙන සෞඛ්‍ය ප්‍රතිලාභයන් detox ජලය මඟින් ද ලබා ගත හැක.

අප කවුරුත් දන්නා පරිදි සෛල ක්‍රියාකාරිත්වය සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. එම නිසා, එදිනෙදා කටයුතු වලදී අහිමි වන ජල පරිමාව නැවත ප්‍රතිස්ථාපනය වැදගත් වේ. සාමාන්‍ය ජලය පානය කිරීමට සාපේක්ෂව බොහෝ දෙනා පලතුරු රසය එක් කළ ජලය පානය කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඒ අනුව දෛනික ජල පරිභෝජනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සදහා detox ජලය හොඳම ක්‍රමයක් ලෙස දැක්විය හැක. ප්‍රමාණවත් ජල පරිභෝජනය සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකට මග සලසයි. ඒවා කිහිපයක් නම්,

  - ශරීර බර අඩුවීම

  - සම නිරෝගී කිරීම

  - නිතිපතා බඩවැල් චලනයන් නියාමනය කිරීම

  - මාංශ පේශි ලිහිසි කිරීම

  - තෙහෙට්ටුව සමනය කිරීම

  - මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම

  - ශරීර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගෙන යාම

  - ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ත ලෙස පවත්වා ගෙන යාම

Detox ජලය කුසගින්න මැඩ පැවැත්වීමට උපකාරී වන අතර අධික සීනි සහිත බීම (sugary drinks) වෙනුවට detox ජලය පානය කිරීමෙන් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කර ගත හැකිය. අන්නාසි, ඇපල්, දොඩම් සහ පිපිඤ්ඤා වැනි කෙඳි සහිත පලතුරු සහ එළවළු ද, කුසගින්න ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වේ. Detox ජලය විශාල වීදුරුවක් දිනපතා පරිභෝජනය කිරීම දවස පුරා අනවශ්‍ය ආහාර ගැනීම් අඩු කිරීමට උපකාරී වේ. මෙය ශරීර බර අඩු කර ගැනීමටත් නිරෝගී දිවි පැවැත්මක් ගත කිරීමටත්  උපකාරී වේ.

තවද මේවා ප්‍රති ඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහ (anti-inflammatory) ගුණාංග ලබා දීමෙන් ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ. අධ්‍යයනයන්ට අනුව, ඉඟුරු වැනි ඇතැම් අමුද්‍රව්‍ය  ප්‍රති-වෛරස්, ප්‍රති-බැක්ටීරීයා වැනි ගුණාංග ද පෙන්නුම් කරයි. ආරක්ෂිතව සහ නිසි ලෙස පරිභෝජනය කරන විට, ඒවායින් කිසිදු හානියක් සිදු නොවන අතර අතුරු ආබාධ ඇති වීම නොගිනිය හැකි තරම් වේ.

පාරිභෝගික ඉල්ලුම ඉහළ යාමත් සමඟ detox පානයන්හි වාණිජමය නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇත. ඒවාහි පවතින ඉහළ නිෂ්පාදන පරාසය හේතුවෙන් පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් මත විවිධ නිෂ්පාදනයන් තෝරා ගැනීමට හැකියාව ලැබී ඇත. නැවුම් ලෙමනේඩ් , බීට් සහ ඉඟුරු මිශ්‍ර detox යුෂ , ginger shots සහ fruit infused turmeric tea වැනි detox පාන වර්ග ඉහළ පාරිභෝගික ඉල්ලුමක් පවතින පාන වලට නිදසුන් වේ. වර්තමානය වන විට මෙම නිෂ්පාදනයන් ශ්‍රී ලංකාව තුළ ද ප්‍රචලිත වෙමින් පවතී.

නිරෝගිමත් දිවි පැවැත්මක් අපේක්ෂා කරන්නන් සඳහා detox ජලය යනු තවත් එක් කදිම තෝරා ගැනීමක් ලෙස දැක්විය හැකි අතර මෙයින් ලැබෙන විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභයන් හේතුවෙන් අනාගතයේ දී මෙය තවදුරටත් ප්‍රචලිත වනු නොඅනුමානය.

Detox Water - A new way to drink water

Detox water is water produced by soaking various fruits, vegetables and herbs in plain water. It is also known as infused water or flavoured water. Depending on the ingredients, there are numerous ways to prepare detox water at home.

Making detox water is relatively simple. Different combinations of ingredients can be added to either hot or cold water based on personal preference. Some common combinations of ingredients are,

  - Ginger and lemon

  - Mint and cucumber

  - Apple and cinnamon

  - Orange and berries

  - Berries and pomegranate

  - Mango, pineapple and lemon

Detox water is low in calories, and packed with antioxidants and phytochemicals. Mainly it consists of various bioactive compounds like flavonoids (eg: quercetin, kaempferol), phenolic acids (eg: chlorogenic acid, caffeic acid), and carotenoids (eg: lutein, zeaxanthin). Also it contains vitamins (vitamin A, C and B vitamins), minerals and fibres.

Phytochemicals are bioactive compounds that have been found to have beneficial effects on human health by preventing diseases. These compounds in detox water act as antioxidants to prevent diseases caused by oxidative stress, such as cancers and auto-immune diseases.

Detox water is a way to get the health benefits from fruits and vegetables, including prolonging a person's life, enhancing mental and cardiovascular health, preventing cancer and aiding in weight management.

As we all know, water is essential for cellular function. Therefore, it is important to replenish the water lost in daily activities. So many people find it easier to drink more water throughout the day when it tastes like infused fruits. Accordingly, detox water is one of the best ways to maintain an optimal level of daily water intake. There are several health benefits of drinking sufficient amount of water. They are,

  - Losing weight

  - Making skin healthier

  - Regulating regular bowel movements

  - Lubricating muscles

  - Alleviating fatigue

  - Improving brain function

  - Regulating body temperature

  - Boosting immune system

Detox water can help suppress hunger pangs and replacing sugary drinks with detox water can reduce calorie intake. Fruits and vegetables high in fibre, such as pineapple, apple, orange or cucumber, can also prevent hunger pangs. Daily consumption of a large glass of detox water can help decrease unnecessary snacking throughout the day. This helps in losing weight and leading a healthy life.

In addition, they help in boosting immunity by providing antioxidant and anti-inflammatory properties. According to the studies, ingredients such as ginger, give antiviral and antibacterial properties. When consumed detox water safely and appropriately, they don't elicit any harm and have minimal side effects, if any.

Commercial production of detox drinks has increased because of the rising consumer demand. They are available in different flavours providing consumers with a wide range of selection. Detox drinks such as fresh squeezed lemonades, beet ginger detox juices, ginger shots & fruit infused turmeric tea are popularly requested by consumers. Currently, these products are becoming popular even in Sri Lanka.

With its numerous health benefits, detox water will become more popular in the future. For a person who wish to have a healthy life, detox water is one of the best choices.

References

• Antioxidative potential and phytochemical content of detox water (online) available at https://doi.org/10.21467/ajgr.10.1.41-50 accessed on 11.04.2023

Article Written by- Kalpani Nayanathara

Article Designed by - Sithumini Perera


Article 13-  ආහාර හැඩ කරන ගුණ ගෙනෙන 𝐌𝐢𝐜𝐫𝐨𝐠𝐫𝐞𝐞𝐧𝐬

"𝐌𝐢𝐜𝐫𝐨𝐠𝐫𝐞𝐞𝐧𝐬 𝐭𝐡𝐚𝐭 𝐌𝐚𝐤𝐞 𝐘𝐨𝐮𝐫 𝐋𝐢𝐟𝐞 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐢𝐞𝐫"


ආහාර හැඩ කරන ගුණ ගෙනෙන 𝐌𝐢𝐜𝐫𝐨𝐠𝐫𝐞𝐞𝐧𝐬

වර්තමානයේදී පවතින ආර්ථික තත්ත්වය සහ විවිධ ආහාර රටාවන් හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව පෝෂණ ගැටලු රැසකට මුහුණ පා සිටිති. එය සමහර නිධන්ගත රෝග ඇති කිරීමට පවා හේතු වේ. ක්ෂුද්‍ර හරිතයන් (Microgreens) මේ සියලු ගැටලු සඳහා විසඳුමක් ලෙස  හඳුනා ගත හැකිය.

Microgreens  "Vegitable confetti" ලෙස ද හැඳින්වේ.  ඒවා එළවළු, ධාන්‍ය හෝ ඖෂධ පැළෑටි වල බීජ වලින් ප්‍රරෝහණය කරන ලද නොමේරූ අංකුර වේ. ඒවා අඟල් 1-3 ක් පමණ උසකින් යුක්ත වේ. Microgreens වල ආහාරයට ගත හැකි කොටස් ලෙස සත්‍ය පත්‍ර, කඳ සහ බීජ පත්‍ර (seed leaves) යුගල දැක ගත හැක. සාමාන්‍යයෙන් බීජ වැපිරීමෙන් දින 7-14 කට පමණ පසුව එනම්, පළමු සත්‍ය පත්‍ර යුගල නිරීක්ෂණය වන විට අස්වනු නෙලීම සිදු කරයි. නමුත් සමහර බෝග සාපේක්ෂව අඩු වර්ධන වේගයක් පෙන්නුම් කරයි. එබැවින් අස්වනු නෙලීමේ කාලය microgreens වර්ගය මත රඳා පවතින බව හඳුනා ගත හැක. උදාහරණ ලෙස,

දින 7-14   - ගෝවා, රාබු

දින 15-25 - බීට්රූට්, කැරට්

දින 15-30 - basil, parsley

Microgreens,  baby greens සහ sprouts වලට වඩා වෙනස් ය. Sprouts කුඩාම අවධිය වන අතර ඉන්පසුව එළඹෙන්නේ microgreens අවධියයි. Microgreens, sprouts වලට වඩා විශාල වන අතර baby greens වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. අස්වනු නෙලීමේදී මුල්(roots) නොමැතිව  microgreens ලබා ගනී. ඉහත දැක්වූ කරුණු හේතුවෙන්  අස්වනු නෙලීමේ කාලය සහ තාක්ෂණික ක්‍රම පිළිබඳ මනා දැනුමක් තිබීම වැදගත් වේ.

බීට්රූට්, සැල්දිරි, කැරට්, සලාද, ගෝවා, රාබු, parsley, broccoli, cress, kale සහ basil වැනි ශාක වල බීජ microgreens නිෂ්පාදනය සඳහා භාවිතා කරයි.

Microgreens පොටෑසියම් වලින් පොහොසත් ය. එසේම, එහි වෙනත් ඛනිජ ලවණ (Cu, Zn, Fe, Mn, Se..), සමහර විටමින් (K, C, E), තන්තු සහ phytochemicals  (කැරොටිනොයිඩ්, ෆීනෝලික් සංයෝග, ප්‍රතිඔක්සිකාරක) අඩංගු වන නමුත් අඩු කැලරි ප්‍රමාණයක් (20.22 - 53.43 kcal/100g) සහ මේද අන්තර්ගතයක් (0.15g- 0.66g/100g) පවතී. මෙම පෝෂක ප්‍රමාණයන් microgreens වර්ග මත රඳා පවතී. විටමින්, ඛනිජ ලවණ සහ කැරොටිනොයිඩ වැනි ඇතැම් පෝෂක බෝගයක පරිණත අවධියට වඩා microgreens අවස්ථාවේ දී ඉහළ ප්‍රමාණවලින් අන්තර්ගත වේ.

සම සහ අක්ෂි සෞඛ්‍යය, ශරීරයේ හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට සහ නිදන්ගත රෝග වන තරබාරුකම, දියවැඩියාව මෙන්ම හෘද රෝග සහ ඇතැම් පිළිකා වැනි රෝග වළක්වා ගැනීම සඳහා microgreens  ප්‍රයෝජනවත් වේ.

එය ගෘහස්ථව, එළිමහනේ හෝ ආරක්ෂිත තත්ත්වයන් යටතේ වගා කළ හැකිය.ගෘහස්ථ පරිභෝජනය සඳහා microgreens වගා කිරීම පහසු නමුත් මහා පරිමාණයෙන් වගා කිරීම තරමක් අපහසුය. මේ සඳහා නිවසේදී  2" - 3 1/2" ගැඹුරු බහාලුමක් සහ මාධ්‍ය ලෙස පොල් කෙඳි, vermiculite, පීට් පාසි(peat moss) හෝ ඒවායේ මිශ්‍රණයක්  භාවිතා කළ හැකිය.

Microgreens සලාද සඳහා මෙන්ම සැන්ඩ්විච්, සුප්, ව්‍යෑංජන, පැස්ටා, පීසා වැනි ආහාර වල ආහාර සැරසුම් සඳහා (garnishes) බහුලව යොදා ගනී. එසේම ඒවා පාන වර්ග ලෙස සහ ඕනෑම ප්‍රධාන ආහාර වේලක side dish එකක් ලෙස ද භාවිතා කළ හැක. Microgreens වල වර්ණය, වයනය, රසය සහ රසය වැඩි දියුණු කිරීම වැනි ගුණාංග මේවා ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේ දී වැදගත් වේ. එය පිසීමෙන් තොරව සහ නැවුම් ලෙස ආහාරයට ගැනීම වඩාත් සුදුසුය.

ගම්මිරිස්, අල, බටු සහ තක්කාලි වැනි බෝග microgreens ලෙස පරිභෝජනය කිරීමට සුදුසු නොවේ. මෙම බෝගවල microgreens අවස්ථාවේදී  ඇල්කලොයිඩ් (alkaloids) මට්ටම ඉහළ අගයක පවතී. එය මිනිසුන්ට විෂ විය හැක.

Microgreens අස්වැන්න නෙලීමෙන් පසු ඉක්මනින්  නරක් වීම ප්‍රධාන ගැටලුවක් ලෙස දැක ගත හැක. පරිසර උෂ්ණත්වයේ දී එහි ආයු කාලය දින 3-5 ක් පමණ වේ. ඉහළ ශ්වසන වේගය හේතුවෙන් එය පහසුවෙන් හැකිලීම, විනාශ වීම සහ ඇතැම් පෝෂ්‍ය පදාර්ථ හානි වීම සිදු විය හැක. පෙර අස්වනු සහ පසු අස්වනු ප්‍රතිකාර, විවිධ ඇසුරුම් ද්‍රව්‍ය සහ නවීකරණය කරන ලද වායුගෝලීය ඇසුරුම්කරණය (modified atmosphere packaging) වැනි ක්‍රියාමාර්ගයන් භාවිතය මඟින් microgreens හි ආයු කාලය වැඩි කර ගත හැක.

එසේම දූෂිත බීජ හා වාරි ජලය හේතුවෙන් එය  සැල්මොනෙල්ලා  සහ ලිස්‍ටීරියා මඟින් දූෂණය වීම ද සිදු විය හැක. මෙය වැළැක්වීම සඳහා නිසි පාරිසරික තත්ත්ව සැපයීම, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීම සහ පරිසරය සහ උපකරණ පිරිසිදුව තබා ගැනීම වැදගත් වේ.

මේ වන විට microgreens  වෙනත් රටවල ඉතා ජනප්‍රිය ආහාරයක් වන නමුත් ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවේ. Microgreens වගා කිරීම සඳහා අවශ්‍ය දැනුම ගොවීන්ට ලබා දීම මඟින් ඒවායේ නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි අතර පෝෂණ ගුණය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම මඟින් microgreens පරිභෝජනය ඉහළ නැංවීම සිදු කළ හැක. ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ශ්‍රී ලංකාවේ microgreens නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමට දායක වනු ඇත.

𝐌𝐢𝐜𝐫𝐨𝐠𝐫𝐞𝐞𝐧𝐬 𝐭𝐡𝐚𝐭 𝐌𝐚𝐤𝐞 𝐘𝐨𝐮𝐫 𝐋𝐢𝐟𝐞 𝐇𝐞𝐚𝐥𝐭𝐡𝐢𝐞𝐫

At present, Sri Lankan people face many nutritional problems due to the economic situation and diet patterns. They can lead to certain chronic diseases as well. Microgreens can be identified as a solution for these problems.

Microgreens are called as "vegetable confetti". They are immature shoots germinated from seeds of vegetables, grains or herbs. Mostly they are 1-3 inches in height. They have 3 edible components as true leaves, stems and pairs of cotyledon leaves. Normally harvesting is done after 7-14 days of seeding when the first pair of true leaves are observed, but some crops show a comparatively slow growth. Because of the above reason, harvesting period depends on the variety of microgreens. For example,

 7-14 days - cabbage, radish

 15-25 days - beetroot, carrot

 15-30 days - basil, parsley

Baby greens and sprouts are different from microgreens. Sprouts are the smallest greens. Then the next stage is microgreens, they are larger than sprouts but smaller than baby greens. Microgreens are harvested without roots. So when harvesting, it is important to have a proper konwledge on harvesting period and harvesting techniques.

Seeds which can be used for the production of microgreens include beetroot, celery, carrot, lettuce, cabbage, radish, parsley, cress, broccoli, kale and basil.

Microgreens are rich in potassium. They contain some other minerals (Cu, Zn, Fe, Mn, Se, etc.), several vitamins (K, C, E), fiber and phytochemicals (carotenoids, phenolic compounds, antioxidants), but they have a low amount of calorie (20.22 - 53.43 kcal 100/g) and fat content (0.15 g - 0.66 g 100/g ). This nutrient amounts depend on the variety of microgreens. The amount of some nutrients in microgreens such as vitamins, minerals and carotenoids are higher than in mature greens.

Microgreens are good for skin and eye health, hormonal balance of the body and prevention of chronic diseases such as obesity, diabetes, cardiovascular diseases and certain cancers.

It can be cultivated in indoors, outdoors or protected conditions. Microgreens cultivation for home consumption is easy, but cultivating on a large scale is little bit difficult. At home, 2" - 3 1/2" deep containers and a media of coconut fiber, vermiculite, peat moss or a mixture of them can be used to cultivate microgreens.

Microgreens are widely used as salad dressings and garnishes in sandwiches, soups, curries, pasta and pizza. And also, they can be used as a juice and a side dish to any main dish. Their unique colour, texture, taste and flavour-enhancing properties are important to use them in these food products. It is best when consumed raw and fresh.

Crops like pepper, potato, eggplant and tomato are not suitable for consumption as microgreens. There is a high level of alkaloids in microgreens of these crops. That level can be toxic for humans.

Rapid deterioration after harvesting is a major problem for microgreens.Their shelf-life is about 3-5 days at ambient temperature. Due to the high respiration rate, they can easily shrivel, decay and lose certain nutrients rapidly. Methods like pre-harvest and post-harvest treatments, different packaging materials and modified atmosphere packaging (MAP) can be used to increase the shelf-life of microgreens.

And also Salmonella and Listeria contamination can be happened due to contaminated seeds and irrigation water. Providing a proper environment, following good agricultural practices (GAP) and keeping the environment and equipment clean are important to prevent Salmonella and Listeria contamination.

At present, microgreens have become a popular food in other countries but not so popular in Sri Lanka. Production of microgreens can be increased by providing the necessary knowledge to farmers and the utilization can be increased by making people aware of the nutritional value and health benefits of microgreens. These steps will help promote both the production and utilization of microgreens in Sri Lanka.

Reference

Microgreens: A Nutritional Food (online) available at https://www.researchgate.net/publication/355158324 accessed on 2023.03.27

Nutritional quality and health benefits of microgreens,

a crop of modern agriculture (online) available at (http://creativecommons.org/licenses/by-nc-nd/4.0/ accessed on 2023.03.27

Plant-Microbe and Abiotic Factors Influencing Salmonella Survival and Growth on Alfalfa Sprouts and Swiss Chard Microgreens (online) available at https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5930314/ accessed on 2023.03.27

The Science behind Microgreens as an Exciting New Food for the

21st Century (online) available at https://pubs.acs.org/doi/10.1021/acs.jafc.8b03096  accessed on 2023.03.27

Micro-scale vegetable production and the rise of microgreens(online) available at http://dx.doi.org/10.1016/j.tifs.2016.09.005 accessed on 2023.03.27

Microgreens: A Super Food for Nutritional

Security in the 21st Century-A Review (online) available at https://www.researchgate.net/.../Microgreens-A-Super-Food... accessed on 2023.03.27

Nutritional characterization and shelf-life of packaged microgreens (online) available at https://pubs.rsc.org/.../articlehtml/2018/fo/c8fo01182f accessed on 2023.03.28.

Bioactive Composition and Nutritional Profile of Microgreens

Cultivated in Thailand (online) available at https://doi.org/10.3390/app11177981 accessed on 2023.03.28

Microgreen nutrition, food safety, and shelf life:

A review (online) available at https://ift.onlinelibrary.wiley.com/.../1750-3841.15049 accessed on 2023.03.28

Commercial Microgreens: Production and Best Practices (online) available at https://www1.agric.gov.ab.ca/.../$file/268_18-1.pdf... accessed on 2023.03.29

Article Written by- Geethma Jayanika

Post Designed by- Aamir Shuhail


Article 18- ගර්භණී සමයේ ගත යුතු ආහාර " Diet during pregnancy"

ගර්භණී සමයේ ගත යුතු ආහාර

ගැබිණි මව ගර්භණී අවධිය තුල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම මව සහ බිළිඳා යන දෙදෙනාටම අත්‍යවශ්‍ය කරුණකි. ගර්භණී කාල සීමාව තුල මව ගන්නා ආහාර, දරුවාගේ වර්ධනයට හා විකසනයට ඍජුවම බලපානු ලබනු අතර නිවැරදි සෞඛ්‍ය සම්පන්න  ආහාර පුරුදු මඟින් මවට ගර්භණී කාලයේදි නිරෝගීව සිටීමටත්, සාර්ථක දරු ප්‍රසුතියක් සඳහා  සිරුර සූදානම් කර ගැනීමටත් හැකියාව ලැබේ. 


ගර්භණී කාල සීමාව තුල බිළිඳාගේ නීරෝගී වර්ධනය සඳහා ආහාර වේලෙහි ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ඛනිජ සහ මේද ප්‍රමාණය අතර සමතුලිතතාවයක් තිබිය යුතුය. ගර්භණී සමයේදී ශාක හා සත්ත්ව ප්‍රෝටීනමය ආහාර, පලතුරු, ධාන්‍ය වර්ග සහ එළවළු ඇතුළු පෝෂ්‍ය පදාර්ථ අනූන සමබල ආහාර වේලක් ලබා ගැනීම වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් නිර්දේශ කරයි. සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් මඟින් ගර්භණී සමයේ ඇති විය හැකි ඔක්කාරය සහ මල බද්ධය වැනි තත්ත්ව අවම කර ගත හැකිය. 


ගර්භණී කාන්තාවන් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්


ගර්භණී සමයේදී කාන්තාවන් ලබා ගන්නා අහාරපාන ඇගේ දරුවාගේ ප්‍රධාන පෝෂණ ප්‍රභවය වන බැවින් සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීම ඉතා වැදගත් වේ. පහත සඳහන් ආහාර මවගේ සෞඛ්‍යයට සහ කළලයේ වර්ධනයට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ;


පලතුරු: නැවුම් පලතුරුවල අත්‍යවශ්‍ය විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වන අතර ඒවා තන්තු වලින් අනූන ප්‍රභවයන් වේ. දොඩම්, අඹ, පෙයාර්ස්, කෙසෙල්, අලිගැටපේර සහ රතු හෝ රෝස පැහැති මිදි වැනි පලතුරු ගර්භණී සමයේදී ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වේ.


එළවළු: ගර්භණී සමයේ දෙවන සහ තෙවන ත්‍රෛමාසික කාලය තුළ කැරට්, බතල, වට්ටක්කා, නිවිති සහ තක්කාලි වැනි එළවළු රැසක් ඇතුළත් වන සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වේ.


කිරි ආහාර: පුරුද්දක් වශයෙන් කිරි පානය කිරීමට යොමු වීමත් ඊට අමතරව චීස් සහ යෝගට් හෝ කැල්සියම් වලින් පොහොසත් සහ අඩු මේද වර්ග සහිත වෙනත් විකල්පමය ආහාර වර්ග එකතු කරගැනීමටත් යොමු විය හැකිය.


ධාන්‍ය සහ ධාන්‍යමය ආහාර: යකඩ සහ ෆෝලික් අම්ලය ලබා ගැනීම සඳහා ධාන්‍ය වර්ග සුදුසු වේ. මෙම ආහාර සිරුරට ශක්තිය ලබා ගැනීම සඳහා වැදගත් ප්‍රභවයන් වන අතර, ඒවා තන්තු, යකඩ සහ විටමින් B ද සැපයීම සිදු කරයි.


ප්‍රෝටීනමය ආහාර: දරුවාගේ වර්ධනයට රුකුලක් වීම සඳහා සෑම ආහාර වේලකම නිසි ප්‍රෝටීන් ප්‍රභවයන් ඇතුළත් විය යුතුය. ප්‍රෝටීන් බහුල ආහාර අතර මස්, මාළු, බිත්තර, බෝංචි, ටෝෆු, චීස්, කිරි, ඇට වර්ග (nuts) සහ බීජ ඇතුළත් වේ.


දියර: යුෂ වර්ග සහ සුප් වල ඇති තරල වලට අමතරව දිනකට වතුර වීදුරු කිහිපයක් පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය දියර ප්‍රමාණය නොඅඩුව ලබා ගත හැකිය. ගර්භණී සමයේදී විජලනයට ලක් වීම, බිළිඳාගේ මොළය සහ සුෂුම්නාව ආශ්‍රිත ආබාධ (Neural Tube Defects) සහ මව්කිරි නිෂ්පාදනය අඩු කිරීම වැනි සංකූලතා ඇති වීමට හේතු විය හැකිය. 


ෆෝලික් අම්ලයේ වැගත්කම


ආහාරවල ඇති විට ෆෝලේට් ලෙසද හැඳින්වන ෆෝලික් අම්ලය විවිධ ආහාරවල අන්තර්ගත B කාණ්ඩයේ විටමින් වර්ගයකි. ෆෝලික් අම්ලයද ඉහත සඳහන් කළ Neural Tube Defects වළක්වා ගැනීම සඳහා උපකාරී වන අතර එබැවින්, ගර්භනී කාන්තාවන් මෙම විටමින් වර්ගය ප්‍රමාණවත් තරම් ලබා ගැනීම අතිශය වැදගත් වේ.


දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකු ප්‍රමාණවත් තරම් ෆෝලික් අම්ලය ආහාර මඟින් ලබා ගන්නා බවට පැහැදිලි සහතිකයක් නොමැති බැවින් ගර්භණීභාවයට පෙර සහ ගර්භණී සමය මුළුල්ලේ ෆෝලික් අම්ලය අතිරේකයක් (Supplement) ලෙස ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. දරුවෙකු ලැබීමට සැලසුම් කරන කාන්තාවන් සඳහා සහ ගර්භණී අවධියේ පළමු මාස ​​3 තුල පසු වන කාන්තාවන් සඳහා, දිනපතා ෆෝලික් අම්ලය මයික්‍රොග්‍රෑම් 400 (0.4 mg) ලබා ගැනීම සුදුසු බවට නිර්දේශ කර ඇත. ෆෝලික් අම්ලය යනු නිවිති, ලීක්ස් සහ ගෝවා වැනි එළවළු ද, පලා වර්ග සහ, නිවුඩ්ඩ සහිත ධාන්‍ය වර්ග, fortified හෝ enriched ධාන්‍ය වර්ග මෙන්ම පැඟිරි කුලයේ පලතුරු වල බහුලව දක්නට ලැබෙනා පෝෂකයකි.


ගර්භණී සමයේ යකඩවල වැදගත්කම


යකඩ, රතු රුධිරාණු වල ඇති ඔක්සිජන් පරිවහනයට දායක වන වර්ණකයක් සහ ප්‍රධාන ප්‍රෝටීනයක් වන හිමොග්ලොබින් වල මූලික සංඝටකයකි. ගර්භණී සමයේදී කාන්තාවකගේ යකඩ සඳහා අවශ්‍යතාවය වැඩි වේ. ගර්භණී කාන්තාවකට ඇති විය හැකි යකඩ ඌනතාවයන්, රක්තහීනතාවයට හේතු විය හැකි අතර, නොමේරූ දරු උපත් ඇති වීම, අඩු බර සහිත බිළිඳුන් බිහි වීම, පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය වැනි සංකූලතා ඇතිවීමේ අවදානමද වැඩි කරයි.


ගර්භණී සමයේදී, කාන්තාව තවදුරටත් ඔසප් නොවීම හේතුවෙන් ශරීරයෙන් යකඩ අහිමි වීම ස්වභාවිකව අඩු වේ. කෙසේ නමුත්, වර්ධනය වන කළලයේ අවශ්‍යතාවය සඳහා සඳහා එය ප්‍රමාණවත් නොවේ. එබැවින් ගැබිණි කාන්තාවන් දෛනිකව මස්, බිත්තර, මුහුදු ආහාර, පරිප්පු, බෝංචි සහ පලා වර්ග වැනි යකඩ බහුල ආහාර ලබා ගැනීම වැදගත් වේ. මිනිස් සිරුර ශාක ප්‍රභවයන්ගෙන් ලැබෙන යකඩවලට වඩා සත්ව නිෂ්පාදන වලින් ලැබෙන යකඩ වඩාත් කාර්යක්ෂමව අවශෝෂණය කරයි. එසේ නමුත්, මෙම ආහාර විටමින් C වලින් අනූන ආහාර හෝ විටමින් C අතිරේක සමඟ අනුභව කරන විට යකඩ අවශෝෂණය තවදුරටත් ඉහළ නංවයි.

ගර්භණී සමයේදී නිර්දේශිත දෛනික යකඩ ප්‍රමාණය මිලිග්‍රෑම් 27 (mg) කි. යකඩ ඌනතාවය ශ්‍රී ලංකාව තුල බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක් වන බැවින් ගර්භණී කාන්තාවන්ට යකඩ අතිරේක ලබා දෙනු ලැබේ.


කැල්සියම් වල වැදගත්කම


කැල්සියම් දරුවාගේ අස්ථි සහ දත් සෑදීමට උපකාරී වන අතර මාංශ පේශි, ස්නායු සහ රුධිර සංසරණ පද්ධතිය මනාව ක්‍රියාත්මක වීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. කැල්සියම් බහුල ආහාරවලට කිරි ආහාර (කිරි, යෝගට්, පැස්ටරීකරණය කරන ලද චීස්), බිත්තර, ටෝෆු, සාඩින් සහ සැමන් (කටු සහිත) ඇතුළත් වේ.ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ Food and Agriculture Organization මඟින් ගර්භණී කාන්තාවන් සඳහා දිනකට 1200 mg කැල්සියම් ප්‍රමාණයක් ලබා ගත යුතු බවට නිර්දේශ කර ඇත. ගර්භණී කාන්තාවක් ප්‍රමාණවත් තරම් කැල්සියම් පරිභෝජනය නොකරන්නේ නම්, දරුවාගේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලන්නේ, මවගේ අස්ථි වල සංචිත කැල්සියම් මඟිනි. එබැවින් ගර්භණී සමයේදී සහ මව්කිරි ලබා දෙන කාල සීමාව තුලදී මව විසින් ප්‍රමාණවත් තරම් කැල්සියම් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.



ගර්භණී සමය තුල බර වැඩි වීම


ගර්භණී සමයේදී ශරීරයේ බර වැඩිවීම සාමාන්‍ය දෙයක් වන අතර මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය තත්වය සඳහා එය වැදගත් වේ. කෙසේ වෙතත්, අධික ලෙස බර  වැඩි වීම වලක්වා ගැනීම වැදගත් වන්නේ, එය ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියාව (Gestational Diabetes), අධි රුධිර පීඩනය ඇතුළු ඇතැම් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කරන බැවිනි. එබැවින් ගර්භණී සමයේදී, ලබා ගන්නා කැලරි ප්‍රමාණය වැඩි කරනවාට වඩා නිර්දේශිත පෝෂ්‍ය පදාර්ථ ආහාරයට ඇතුළත් කර ගැනීම වඩා වැදගත් වේ. ගර්භණී කාන්තාවකගේ බර නියමිත අගයේ තිබේ දැයි නිර්ණය කිරීම සඳහා ශරීර ස්කන්ධ දර්ශකය (BMI) භාවිතා කළ හැක. එම අගය 18.5 හෝ ඊට අඩු නම් බර ප්‍රමාණවත් නොවන අතර 25ට වඩා වැඩි නම් අධි බර ලෙසට සලකනු ලබයි.


ගර්භණී සමයේ නොගත යුතු ආහාර


ගර්භණී සමයේදී රෝග සහ වෙනත් සංකූලතා ඇති වීම වලක්වා ගැනීම සඳහා සමහර ආහාර පරිභෝජනය කිරීමෙන් වැළකී සිටිය යුතුය. නිදසුන් ලෙස පැස්චරීකරණය නොකළ කිරි සහ පැස්චරීකරණය නොකළ කිරිවලින් සකසන ලද ආහාර, අමු සහ නොපිසූ මස්, අමු මුහුදු ආහාර (අමු මාළුවලින් සාදන ලද සුෂි ආහාරයට ගැනීමෙන් වැලකී සිටීම වඩාත් සුදුසුය), අමු බිත්තර, මෝර මාළු, තලපත් මාළු ඇතුළු රසදිය අන්තර්ගත විය හැකි මාළු වර්ග ආහාරයට ගැනීමෙන් වැලකී සිටීම සුදුසු වේ. මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන් වැලකී සිටීම  ගැබිණි මවකට වඩාත් සුදුසු වේ. සෑම වර්ගයකම මධ්‍යසාර ගර්භණී මව්වරුන් සඳහා හානිකර විය හැකි අතර එමඟින් ගබ්සාවීම්, මල දරු උපත් ආදිය ඇතිවිය හැක. මීට අමතරව ගර්භනී කාන්තාවන් සීමිත ප්‍රමාණවලින් පමණක් කැෆේන් පරිභෝජනය කිරීම වඩාත් සුදුසු වේ.


ගර්භණී කාල සීමාවේ ගත යුතු ආහාර පිළිබඳ ඇති මිත්‍යා මත


ගර්භණී සමයේදී ගන්නා ආහාර පිළිබඳව මව්වරුන්ට බොහෝ විට අසන්නට ලැබෙන මිථ්‍යාමත කිහිපයක් තිබේ. ගර්භණී කාන්තාවක්, පුද්ගලයන් දෙදෙනෙකුට සෑහෙන ලෙස ආහාර ගත යුතු බවට පොදු දුර්මතයක් පවතී. නමුත් මෙම මිථ්‍යාව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති අතර පළමු ත්‍රෛමාසිකය තුළ කිසිදු අමතර කැලරි සඳහා අවශ්‍යතාවයක් මවට නොමැත. ගර්භණී කාන්තාවකට දෙවන ත්‍රෛමාසිකය සඳහා දිනකට අමතර 340 kCal කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන අතර තෙවන ත්‍රෛමාසිකයේදී එය  452 kCal ක් වේ. මීට අමතරව, සමහර ගර්භණී කාන්තාවන් කිරි සහ ඇට වර්ග (nuts) ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරනුයේ ඒවා පරිභෝජනය කිරීමෙන් දරුවාට Lactose Intolerance තත්වයක් හෝ ආසාත්මිකතාවයක් ඇති කළ හැකි බවට උපකල්පනය කිරීමෙනි. නමුත් දැනට සිදු කර ඇති පර්යේෂණ මඟින් මෙම මතය සනාථ වී නොමැත. විද්‍යාත්මකව මෙම ආහාර ප්‍රෝටීන වලින් බහුල වන අතර දරුවාගේ සහ මවගේ සෞඛ්‍යය දිරිමත් කිරීමට ඉවහල් විය හැකිය. තවද පැපොල්, වියළි පලතුරු, අන්නාසි, දොඩම් සහ කිරි වැනි ආහාර ගබ්සා වීමට හේතු විය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන නමුත් එය මිත්‍යාවකි. සත්‍යය නම්, මෙම ආහාර, ඒවායේ පවතින ඉහළ පෝෂණ ගුණය නිසා ගර්භණී මව්වරුන්ට වඩාත් පෝෂ්‍යදායි වන බවයි.


Diet during pregnancy 


Having a healthy diet is vital for both the mother and the baby during pregnancy. It will aid in the proper growth and development of the baby while maintaining mother’s health and preparing her body for a successful delivery. 


The diet during pregnancy should include a balance of proteins, carbohydrates, minerals, and fats to encourage the healthy growth of the baby. Medical professionals recommend having a balanced diet rich in nutrient-dense food, including a variety of plant and animal-based proteins, fruits, grains, and vegetables during pregnancy. A healthy, well-balanced diet can help in reducing nausea and constipation during pregnancy.


Healthy eating for pregnant women


Making healthful food choices is crucial for a pregnant woman since the food that she consumes is the main source of nourishment for her baby. The following foods are considered to be good for the health of a pregnant woman as well as for fetal development. 


Fruits: Fresh fruits contain lots of essential vitamins and nutrients and are a good source of fiber as well. Oranges, mangoes, pears, bananas, avocados, and red or pink grapefruit are some of the best fruits to consume during pregnancy.


Vegetables: A healthy pregnancy diet should include lots of vegetables, particularly during the second and third trimesters. Vegetables such as carrots, sweet potatoes, pumpkin, spinach, tomatoes, and red sweet peppers are recommended. 


Dairy: Adding milk to the diet can be practiced as a habit by pregnant women. Consumption of 

hard cheese and yogurt, or other calcium-enriched alternatives is acceptable. Reduced-fat varieties are much more suitable. 


Grains and cereal food: They are important sources of energy, fiber, iron, and B vitamins such as folic acid. 


Proteins: In every meal, pregnant women should include good protein sources to support the baby's growth. Protein-rich food includes meat, fish, eggs, beans, tofu, cheese, milk, nuts, and seeds.


Fluids: Fluid intake can be regulated by drinking several glasses of water each day, in addition to the fluids in the form of juices and soups. Dehydration during pregnancy can lead to complications such as neural tube defects in the baby and reduced breast milk production. 


The importance of folic acid 


Folic acid, also known as folate, is a B-group vitamin found in a variety of food. Folic acid is crucial to prevent birth defects in the baby's brain and spinal cord, known as neural tube defects. Therefore, pregnant women need to ensure that their folic acid intake is sufficient. 


It is important to take a folic acid supplement before and throughout the pregnancy since there is no guarantee that the folic acid from food sources alone can meet the daily requirement. 

For women who are planning to have a baby, and also for women who are at their first 3 months of pregnancy, having a daily folic acid supplementation of 400 micrograms (0.4 mg) is recommended. Green leafy vegetables, whole grains, fortified or enriched cereals, beans, cabbage, and citrus fruits are good dietary sources of folic acid.


Importance of iron during pregnancy


During pregnancy, a woman’s requirement for iron increases. Iron makes up a significant part of haemoglobin which is an oxygen-carrying pigment, and it is the main protein in red blood cells. Iron deficiency during pregnancy can lead to anemia, which increases the risk of complications such as premature birth, low birth weight, and postpartum depression.


During pregnancy, the iron loss is naturally reduced since the woman is no longer menstruating. However, that is not enough to offset the requirements of the developing fetus. Pregnant women need to eat iron-rich food every day, such as meat, eggs, seafood, beans, and green leafy vegetables. The body absorbs iron from animal products more efficiently than from plant-based sources. Moreover, iron absorption can be enhanced when food is consumed together with Vitamin C enriched food or Vitamin C supplements.

The recommended daily iron intake during pregnancy is 27 milligrams (mg). Iron deficiency is common in Sri Lanka, thus, iron supplements are given to pregnant women.


The importance of Calcium


Calcium helps in the formation of a baby's bones and teeth, and also plays a vital role in the smooth running of muscles, nerves, and the circulatory system. Calcium-rich foods include dairy products (milk, yogurt, pasteurized cheese), eggs, tofu, sardines, and salmon (with bones). The World Health Organization and the Food and Agriculture Organization of United Nations recommend a dietary intake of 1200 mg of calcium per day for pregnant women. If a pregnant woman does not consume enough calcium, the calcium requirement of the baby will be fulfilled by drawing the mineral from the mother's bones. Therefore, it is necessary to consume enough calcium during pregnancy and also during breastfeeding, in order to meet the extra calcium demand. 


Weight gain during pregnancy


Steady weight gain during pregnancy is normal, and it is important for the health of the mother and the baby. However, excessive weight gain is not favorable as it can increase the risk of certain health issues including gestational diabetes and high blood pressure. Therefore it is important to include the recommended nutrients in the diet, rather than increasing the calorie intake during pregnancy. The weight of a pregnant woman can be assessed by using the Body Mass Index (BMI). If the BMI value is 18.5 or less, the weight is not sufficient and if it is more than 25, she is considered to be overweight. 


Food to avoid during pregnancy


To help prevent illnesses and other complications during pregnancy, it is recommended to avoid the consumption of certain food. Some such foods are unpasteurized milk and food made with unpasteurized milk, raw and uncooked meat, raw seafood (better to avoid sushi made with raw fish), raw eggs, and fish with high levels of mercury, including swordfish and shark. It is safe not to consume alcohol during pregnancy. All types of alcohol can be harmful and may cause miscarriages, stillbirths, and fetal alcohol spectrum disorders (FASDs). Additionally, caffeine consumption too should be kept at a minimum level by pregnant women. 


Myths about the diet during pregnancy 


There are certain myths about diet that are often heard by mothers during pregnancy. A common misconception is that a pregnant woman should eat for two. There’s no evidence to prove this myth. In fact, pregnant women actually do not need to consume any extra calories in the first trimester. During the second trimester, the need for extra calories per day is 340 kcal, while in the third trimester, it is 452 kcal per day. In addition, some pregnant women refuse to have milk and nuts, because they assume that consuming them would lead to lactose intolerance or a nut allergy in the baby. But, scientific research done so far does not provide any proof to support this myth. Milk and nuts are high in protein, thus, can have a positive impact on the health of both the baby and the mother. Moreover, there is a belief that food such as papaya, dry fruits, pineapples, oranges, and curd, can cause miscarriages. This is not true as well. In fact, consuming fruits is essential for pregnant women given their high nutritional value.  


Article prepared by: Sakuni Dantanarayana 

Post designed by: 


References 


*H. Danielewicz, G. Myszczyszyn, [...], and L. Hirnle (2017) European Journal of Pediatrics:  Diet in pregnancy—more than food available at 

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5682869/

[Accessed 08 march 2022]


Willemse, J.P.M.M., Meertens, L.J.E., Scheepers, H.C.J. et al. Calcium intake from diet and supplement use during early pregnancy: the Expect study I. Eur J Nutr 59, 167–174 (2020). https://doi.org/10.1007/s00394-019-01896-8


*Anon.,2021.better health[online] available at https://www.betterhealth.vic.gov.au/health/healthyliving/pregnancy-and-diet#rpl-skip-link

[Accessed 09 march 2022]


*Anon.,n.d.[online]available at

 https://www-hopkinsmedicine org.cdn.ampproject.org/v/s/www.hopkinsmedicine.org/health/wellness-and-prevention/nutrition-during-pregnancy?amp_js_v=a6&amp_gsa=1&amp=true&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16464749767009&referrer=https%3A%2F%2Fwww.google.com&amp_tf=From%20%251%24s&ampshare=https%3A%2F%2Fwww.hopkinsmedicine.org%2Fhealth%2Fwellness-and-prevention%2Fnutrition-during-pregnancy

[Accessed 08 march 2022]


*Anon.,2020.Pregnancy,birth and baby[online] available at

https://www.pregnancybirthbaby.org.au/amp/article/healthy-diet-during-pregnancy

[Accessed 08 march 2022]

Article 12-  කුරුලෑ ඇති වීමට ආහාර බලපානවද? "Diet and Acne"


කුරුලෑ ඇති වීමට ආහාර බලපානවද?

කුරුලෑ යනු සමට යටින් ඇති රෝම කූප අවහිර වීම නිසා සුලබ ව ඇතිවන සමේ රෝගයකි. සමේ ඇති මිය ගිය සෛල සහ සීබම් (සම වියළීමෙන් ආරක්ෂා කරන තෙල් සහිත තරලය) මගින් සමේ ඇති සිදුරු අවහිර කරන අතර ඒවා සම මත තුවාල ඇති කරයි. බොහෝ විට මෙම තුවාල කුරුලෑ ලෙස හැඳින්වේ.

කුරුලෑ ඇති වීමට ප්‍රධාන හේතු 3 කි. එනම්, සමේ සිදුරු තුළ සීබම් අතිරික්තයක් හෝ අධික නිෂ්පාදනයක් සිදු වීම, සිදුරු තුළ මිය ගිය සමේ සෛල එකතු වීම සහ සිදුරු තුළ බැක්ටීරියා වර්ධනය වීමයි. මීට අමතරව හෝමෝන වෙනස්කම්, පවුල් ඉතිහාසය, ඇතැම් ඖෂධ, වයස, ආතතිය සහ ආහාර රටාව  වැනි හේතූන් ද කුරුලෑ ඇති වීමට බල පෑ හැකි ය.

තවමත් ආහාර සහ කුරුලෑ ඇති වීම අතර සම්බන්ධය එතරම් පැහැදිලි නොවන අතර එය විවාදයට ලක්ව ඇත. නමුත් මෑත කාලීන පර්යේෂණ මඟින් පෝෂණය සහ කුරුලෑ අතර තරමක් ඍජු  සම්බන්ධයක් ඇති බව පෙන්නුම් කරයි.

අධික ග්ලයිසෙමික් අගයක් සහිත ආහාර පාන වැඩිපුර පරිභෝජනය කිරීමෙන් රුධිර ගත සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහළ නැංවේ. රුධිරගත සීනි මට්ටම ඉහළ යන විට ශරීරය තුළ ප්‍රදාහය හෙවත් දැවිල්ල (inflammation) ඇති වන අතර සීබම් නිපදවීම ද වැඩි වේ. ප්‍රදාහය සහ අධික සීබම් මඟින් කුරුලෑ ඇති වීම වැඩි කරයි. අධික ග්ලයිසෙමික් අගයක් සහිත  ආහාර සඳහා උදාහරණ ලෙස සුදු සහල් (white rice), පාන් (white bread), corn flakes, අර්තාපල් (white potato) හෝ බදින ලද අර්තාපල් සහ පේස්ට්‍රි වැනි ආහාර වර්ග ද මිල්ක් ෂේක් වැනි බීම වර්ග ද දැක්විය හැක.

මීට අමතරව, එළකිරිවල අඩු ග්ලයිසෙමික් දර්ශකයක් තිබුණ ද එය ද  කුරුලෑ ඇති වීමට හේතු විය හැකි බව සමහර පර්යේෂණ මඟින්  පෙන්වා දී ඇත. මෙම පර්යේෂණවලට අනුව සියලු ම එළකිරි වර්ග: සම්පූර්ණ යොදය සහිත කිරි (whole milk), අඩු මේද සහිත කිරි (low-fat milk) සහ මේද රහිත කිරි (skim milk) වලට කුරුලෑ ඇති කිරීමේ හැකියාව ඇත. නමුත් එළකිරි මඟින් කුරුලෑ වැඩි වීමට හේතුව තවමත් පැහැදිලිව සොයාගෙන නොමැත. එක් අදහසක් වන්නේ කිරි වල ඇති ඇතැම් හෝමෝන ශරීරයේ අභ්‍යන්තර ප්‍රදාහයට (internal inflammation) හේතු විය හැකි බවත් එමගින් කුරුලෑ ඇති විය හැකි බවත් ය.

නූතන පර්යේෂණයන්හි ප්‍රතිඵල වලට අනුව පෙනී යන්නේ අඩු ග්ලයිසෙමික් අගයක් සහිත ආහාර රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම වළක්වන බැවින් එය කුරුලෑ අඩු කිරීමට හේතුවන බවයි. බොහොමයක් නැවුම් එළවළු, සමහර නැවුම් පලතුරු, රනිල කුලයට අයත් බෝග සහ ඕට්ස් (steel-cut oats) අඩු ග්ලයිසෙමික් අගයක් සහිත ආහාර සඳහා උදාහරණ වේ.

මේද සහිත ආහාර සහ කුරුලෑ ඇති වීම අතර සෘජු සම්බන්ධයක් පර්යේෂණ මඟින් පෙන්නුම් නොකළ ද ශරීරයේ අත්‍යවශ්‍ය මේද අම්ලවල සායනික අසමතුලිතතාව කුරුලෑ ඇති කිරීමට හේතු විය හැක. අත්‍යවශ්‍ය මේද අම්ල වන Omega-3 අඩංගු ආහාර (උදා: මේද සහිත මාළු, මුහුදු පැලෑටි) සහ Omega-6 අඩංගු ආහාර (උදා: එළවළු තෙල්, ඇට වර්ග සහ බීජ) මගින් ශරීරය තුළ ප්‍රදාහය අඩු කිරීමෙන් සහ සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමෙන් කුරුලෑ ඇති වීම වැළැක්වීමට ධනාත්මක බලපෑමක් ඇති කරයි.

මිල්ක් චොකලට් සහ වයිට් චොකලට් කුරුලෑ ඇති වීමට හේතු විය හැකි නමුත් ඩාර්ක් චොකලට් මඟින් එලෙස බලපෑමක් නොපෙන්වයි. මෙලෙස කුරුලෑ වැඩි වීමට හේතුව චොකලට් වල අඩංගු කිරි සහ සීනි වැනි අමුද්‍රව්‍ය විය හැකි අතර කොකෝවා සහ කුරුලෑ ඇති වීම අතර සම්බන්ධයක් තවමත් සොයාගෙන නොමැත. නමුත් අධික කුරුලෑ සමක් සහිත පුද්ගලයන් ඩාර්ක් චොකලට් වුව ද වැඩිපුර පරිභෝජනය කිරීම කුරුලෑ ඇති වීම කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

කුරුලෑ ඇතිවීමට බලපාන සාධක 3 ටම පිළිතුරු සපයන එකම ඖෂධය ලෙස 13-cis-retinoic අම්ලය(RA) හැඳින්විය හැකි අතර එය සීබම් නිෂ්පාදනය අඩු කිරීම සඳහා ද වඩාත් ඵලදායීව  ක්‍රියා කරයි. මීට අමතරව සමේ නීරෝගී පැවැත්ම සදහා අත්‍යවශ්‍ය වන  විටමින් A, D සහ E වැනි විටමින් වර්ග ද කුරුලෑ ඇති කිරීම අඩු කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

ආහාර රටාව පමණක් ම කුරුලෑ ඇති වීම පාලනය කිරීමට ප්‍රමාණවත් නොවිය හැකි නමුත් නිවැරදි පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් ගැනීම කුරුලෑ ඇති වීම අඩු කිරීමට උපකාරී විය හැක.

Diet and Acne

Acne is a frequent skin disorder, due to clogged hair follicles beneath the skin. Dead skin cells and sebum (an oil that helps prevent skin from drying out) clog the pores, causing lesions and they are often known as pimples or zits.

There are three basic causes of acne; excess or high production of oil in the pores, build up of dead skin cells in the pores and growth of bacteria in the pores. Further, several other factors such as hormone changes, family history, medications, age, stress and diet can also trigger or worsen acne.

Currently it's unclear and up for debate how diet and acne are related. But recent researches indicate a rather direct link between nutrition and acne.

High-glycemic foods and drinks can quickly spike the blood sugar level, if they are consumed in excess amounts. When the blood sugar level rises, the entire body experiences an inflammation and also body produces more sebum. Both the inflammation and too much sebum lead to acne. Several examples for high-glycemic foods and beverages are as follows: white rice, white bread, corn flakes, white potatoes or fries, pastries and sweet beverages like milkshakes.

In addition to that, even though cow's milk has a low glycemic index, some researches indicate that consuming it may cause more acne outbreaks. According to these researches all varieties of cow's milk (whole milk, low-fat milk and skim milk) have the ability to support the occurrence of acne. But still it's unclear why cow's milk increases or worsens acne. One idea holds that certain hormones found in milk can lead to internal inflammation and thereby acne.

Results from modest researches indicate that, eating a low-glycemic diet may help having less acne due to the fact that a low-glycemic diet prevents blood sugar spikes. Most fresh vegetables, certain fresh fruits, legumes, and steel-cut oats are examples of low-glycemic foods.

No research indicates a direct link between fats and acne. However, clinical imbalances of essential fatty acids in the body could result in acne. Foods rich in essential fatty acids like Omega-3 (eg: fatty fish, seaweeds) and Omega-6 (eg: vegetable oils, nuts and seeds) can have a positive effect on preventing acne by reducing inflammation and improving skin health.

Milk chocolate and white chocolate can increase acne but not dark chocolate. The reason can be the ingredients in chocolate like milk and sugar, but the relationship between cocoa and acne is yet to be discovered. Even dark chocolate can worsen acne in people with acne-prone skin if consumed in excess amounts.

The only medication that addresses all three acne-causing factors and is the most effective at reducing sebum production is 13-cis-retinoic acid (RA). Additionally, some vitamins such as vitamin A, Vitamin D and vitamin E which are possibly essential for skin health play a significant role in getting rid of acne.

Perhaps it may not be possible to control acne only with nutrition. But certainly, a proper diet may help reduce the severity of acne.

References

Causes of acne (online) available at:  https://www.niams.nih.gov/health-topics/acne... accessed on 09.03.2023

Glycemic index and acne (online) available at: https://www.aad.org/public/diseases/acne/causes/diet... accessed on 10.03.2023

Relationship of diet and acne (online) available at:  https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2836431 accessed on 12.03.2023

Does greasy food cause acne? (online) available at: https://www.yalescientific.org/.../does-greasy-food.../

accessed on 30.03.2023

Is it the sugar, the milk, or the cocoa in chocolate causing acne? (online) available at: https://nutritionfacts.org/.../is-it-the-sugar-the-milk.../ accessed on 30.03. 2023

Article Written by - Tharusha Menik

Post Designed by - Asaja Sunilrathna

All reactions:

24

You, Ayesha Wickramasinghe, Ushenya Peiris and 21 others