සාම්ප්‍රදායික ටෝෆු, සෝයා බෝංචි වලින් සකසා ගන්නා ආහාරයකි. ඒවා අඩු කැලරිමය මෙන්ම නිර්මාංශික අහාරයක් වීම නිසා ලොව පුරා ප්‍රචලිත වී ඇත.
ටෝෆු වල ආරම්භය චීනයේ ක්‍රි.පූ 202 සිට ක්‍රි.ව. 8 දක්වා පැවති බටහිර හන් රාඡවංශ සමයේ අහඹු සිදුවීමක ප්‍රථිඵලයක් ලෙස සැලකේ.
සාම්ප්‍රදායික ටෝෆු නිෂ්පාදනයේ මූලික පියවර වන්නේ නැවුම් සෝයා බෝංචි පොගවා ගැනීම, අඹරා ගැනීම, එසේ තනා ගනු ලබන උකු ද්‍රාවණය රත් කිරීම, පෙරීම, කැටි ගැසීමට සැලැස්වීම සහ ඇසුරුම් කිරීම වේ. මෙම සෑම පියවරකටම ටෝෆු වල ගුණාත්මකභාවයට බලපෑම් ඇති කළ හැක.
ටෝෆු ඍජුව ආහාරයට ගත හැකි අතර, ඊට අමතරව මද තෙලේ හෝ ගැඹුරු තෙලේ බැදීම, savory හෝ sweet සෝස් වර්ගවල දවටා ගැනීම වැනි ක්‍රම මගින් විවිධ රසවත් ආහාර වර්ග පිසගත හැක.
ටෝෆු සැකසීමේ පරමාර්ථය වනුයේ තාපය සැපයීම මගින් සෝයා බෝංචි වල අඩංගු ප්‍රෝටීන වල ගුණ හානකරළණයට ලක් කිරීම (protein denaturation) සහ කැටිකාරක (coagulants) ආධාරයෙන් සංයුක්ත ඡාල ව්‍යුහයක් සහිත ටෝෆු නිර්මාණ කිරීමයි. එබැවින් ටෝෆු සෑදීම සදහා සෝයා බෝංචි වල gelation ක්‍රියාවලිය දිරිමත් කළ හැකි ඕනෑම තාක්ෂණයක් භාවිතා කල හැකිය. එසේ භාවිතා වන තාක්ෂණය මත ටෝෆු සැකසීමේ ක්‍රියාවලිය වෙනස් විය හැක.
සාම්ප්‍රදායික ටෝෆු වල ආයු කාලය දින 2-4ක් පමණ වේ. කෙසේවෙතත් ටෝෆු ඇසුරුම් කිරීමේදි ජීවානුහරණ (sterilization) ක්‍රියාවලියට භාජනය කිරීමෙන් ටෝෆු දිගු කාලක් තබා ගැනීමට හැකි වේ.
ටෝෆු නිෂ්පාදනයේ ප්‍රධාන අතුරු නිෂ්පාදනයක් වන 'okara' (සෝයා බෝංචි වල අද්‍රාව්‍ය කොටස් සහිත පල්පයක්) ආහාර කර්මාන්තයේ විවිධ භාවිතයන් සදහා යොදා ගනී.
කාර්මිකව ටෝෆු නිෂ්පාදනය කිරීමේදි ටෝෆු වලට මිනිස් සෞඛ්‍යයට අහිතකර විවිධ ද්‍රව්‍ය එක් වීමට ඉඩ කඩ පවතී. ටෝෆු වලට ක්ෂුද්‍ර ඡීවින්, විශේෂයෙන් සෝයා බෝංචි වල නිතර දක්නට ලැබෙන බීඡාණු සාදන බැක්ටීරියා එක් වීමේ සම්භාවිතාව අවම කිරීම සදහා, නිෂ්පාදනයේදී විවිධ පියවර අනුගමනය කළ හැක. මූලික පියවරක් වශයෙන් සෝයා බෝංචි හොදින් සෝදා හරිනු ලැබේ. දෙවනුව තාප සංවේදී බැක්ටීරියාව අක්‍රිය කිරීමට සහ නිෂ්පාදනයේ ආයු කාලය වැඩි කිරීමට, ටෝෆු ඇසුරුම් කිරීමේදි ජීවානුහරණය කරනු ලැබේ. අවසාන වශයෙන්, ටෝෆුවල නැවුම් බව පවත්වා ගැනීමට සහ ක්ෂුද්‍රඡීවී ක්‍රියාකාරීත්වය වැළැක්වීමට ආහාර පරිරක්ෂක (preservatives) අඩංගු ඡලීය ද්‍රාවණයක ඒවා බහාලනු ලබයි.
ටෝෆු වල පවතින අධික ප්‍රෝටීන සහ ජල අන්තර්ගතය නිසා එය මත ක්ෂුද්‍ර ජීවීන් පහසුවෙන් වර්ධනය වීමේ සම්භාවිතාවයක් දක්වයි. Clostridium botulinum , Staphylococcus aureus, Salmonella typhyimurium සහ වෙනත් රෝග කාරක මගින් ඇති කරන ආහාර මගින් බෝවන රෝග වල අන්තරාය සීමා කිරීම සදහා, ටෝෆු එහි නිර්දේශිත රාක්ක ආයු කාලය (shelf life) තුල පරිභෝජනය කළ යුතු අතර එමි ඇසුරුම විවෘත කළ පසුව භාවිතා කරන කාලය තුළ ශීතකරණයක තැබිය යුතුය.
වයනය, සුවද සහ pH හි ඇතිවන වෙනසකම් මගින් නරක් වූ ටෝෆු හදුනා ගත හැක.
ටෝෆු ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය, ධමනි සිහින් වීම, කිරීටක හෘද රෝග, පියයුරු පිළිකා සහ වෙනත් රෝග ගණනාවක් ඇතිවීමේ අවදානම අඩු කරන බව වාර්තා වී ඇත . ටෝෆු හොඳම ශාක ප්‍රෝටීන් ප්‍රභවයන්ගෙන් එකක් වන අතර සෞඛ්‍ය සම්පන්න මේද, විටමින් සහ ඛනිජ ලවණ මෙන්ම අයිසොෆ්ලවෝන්, සෝයා සැපොනින් සහ වෙනත් ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍යවල (bio active substances) හොඳ ප්‍රභවයකි.
ඇතැමෙකුට සෝයා බෝංචි අසාත්මික විය හැකි හෙයින්, සෝයා බෝංචි වලින් තැනුන ටෝෆු සමේ කැසීම, rashes සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි අසාත්මිකතා ප්‍රතික්‍රියා සදහා හේතු විය හැක. එමෙන්ම ආහාර ජීර්ණ සහ බඩවැල් ආශ්‍රිත ආබාධ ද ඇති විය හැක. තවද මලබද්ධය, බඩ පිපීම සහ ඔක්කාරය සමහර පුද්ගලයින්ට ඇති විය හැකි රෝග ලක්ෂණ වේ.
කෙසේ වෙතත් ටෝෆු ශාකමය ආහාර පමණක් අනුභව කරන (vegan සහ vegetarian) පුද්ගලයින් සදහා ඉතා හොද ප්‍රෝටීන ප්‍රභවයක් වේ.
Traditional tofu, which is mostly derived from soybeans, has gained popularity around the world as a result of its inclusion in vegetarian, vegan, and hypocaloric diets.
The original tofu, also known as bean curd, was accidentally created in China during the Western Han Dynasty, which lasted from 202 BC to 8 AD.
The primary steps in producing traditional tofu include pretreating raw soybean seeds, soaking and grinding the seeds, boiling the slurry resulted from grinding, followed by filtering and solidifying it with coagulants. Next, the solidified slurry is pressed and packaged to form tofu. Each of these activities have the potential to affect the final quality of tofu.
Raw tofu can be eaten right-off the packaging. Also, it can be cooked by pan searing the sides, or by stir-frying, deep-frying, or by coating a savory or a sweet sauce. These are some of the best ways to eat tofu.
The objective of tofu processing is to thermally denature the soybean proteins and, with the aid of a coagulant, create tofu with a compact network structure. Hence, any technique that can encourage the gelation of soybean proteins can be employed to make tofu. As a result, the ways that tofu is processed vary widely.
The qualities of the finished tofu are influenced by the attributes of the soybean seeds, the soaking and heating conditions, the type and the concentration of the coagulant, and other variables.
Traditional tofu has not been industrialized due to its short shelf life (2-4 days). Sterilization is a crucial procedure to perform after packing tofu if a longer shelf life is intended.
The main by-product of tofu production, okara (a pulp consisting of insoluble parts of soy bean), offers a variety of possible uses in the food sector.
Along the industrial production cycle, there are numerous chances for tofu contamination. To minimize the chance of tofu becoming contaminated by microorganisms, particularly the spore-forming bacteria that are frequently found on soybeans, several steps can be taken during manufacturing of tofu. To lessen surface contamination, the soybeans are first thoroughly washed. Moreover, tofu can be aseptically packaged using UHT (Ultra High Temperature) sterilization. This will increase the product's shelf life as well. Furthermore, tofu can be packaged in an aqueous solution containing a combination of preservatives. This maintains freshness of the product, while preventing any contaminations.
Due to the high protein and moisture content of tofu, microorganisms have the ability to flourish, making careful preservation even more crucial. To limit the danger of foodborne disease brought on by Clostridium botulinum, Staphylococcus aureus, Salmonella typhimurium, and other pathogens, tofu should be consumed within the indicated shelf-life listed on the container, and it should be kept refrigerated. A change in texture, aroma, and pH are signs of spoiled tofu.
It has been widely reported that eating tofu reduces the risk of a number of diseases, including hypertension, hyperlipidemia, hypercholesterolemia, arteriosclerosis, coronary heart disease, breast cancer, etc. Tofu is one of the best plant protein sources and is also a good source of healthy fats, vitamins, and minerals, as well as other bioactive substances, including isoflavones and soyasaponin.
Because it is made from soy beans, which some people may be allergic to, tofu might result in allergic reactions like rashes, itching, and difficulty in breathing. Tofu can have mild digestive and intestinal side effects as well, such as constipation, bloating, and nausea.
Nevertheless, tofu has been a popular vegan delicacy, given to its protein-rich nutritional profile.
References:
Tofu products: A review of their raw materials, processing conditions, and packaging [online] Available at https://ift.onlinelibrary.wiley.com/.../1541-4337.12640 accessed on 16th Feb 2023
Changes of Soybean Protein during Tofu Processing [online] Available at https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC8306988/ accessed on 16th Feb 2023
Tofu: technological and nutritional potential [Online] Available at https://www.researchgate.net/.../323676422_Tofu... accessed on 16th Feb 2023
Tofu: A Popular Food with High Nutritional and Health Benefits [online] https://www.researchgate.net/.../332343856_Tofu_A_Popular... accessed on 16th Feb 2023
Influence of soybean variety and method of processing on tofu manufacturing, quality and consumer acceptability [online] Available at https://core.ac.uk/download/pdf/38897176.pdf accessed on 16th Feb 2023
Article prepared by : Sachini Ranathunga
Post designed by : Asaja Sunilratna
All reactions:
29
You, Kalpani Nayanathara Jayathilake, Heshani Thilakasiri and 26 others