Special Days
ලෝක දියවැඩියා දිනය - නොවැම්බර් 14 "World Diabetes Day - November 14"
ලෝක දියවැඩියා දිනය
දියවැඩියාව අපට ආගන්තුක රෝගයක් නොවේ. ඔබ පවුලේ සාමාජිකයෙකු, හිතවතෙකු එසේත් නැතිනම් ඔබ වුවද දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නෙකු විය හැක. ඒ මක්නිසාද යත් දියවැඩියාව රෝගය එතරම්ම සුලබ, බෝ නොවන රෝගයක් වන බැවිනි.
ලෝක දියවැඩියා දිනය 1991 වර්ෂයේදී ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් දියවැඩියාව නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජනය ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නිර්මාණය කරන ලද්දකි. මෙය 2006 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ නිල දිනයක් බවට පත්වූ අතර ඉන්සියුලින් සොයාගන්නට දායක වූ ශ්‍රීමත් ෆ්‍රෙඩ්රික් බැන්ටිංගේ ජන්ම දිනය සැලකිල්ලට ගනිමින් ඔහුට උපහාරයක් වශයෙන් නොවැම්බර් 14 වන දිනය ලෝක දියවැඩියා දිනය ලෙස නම් කරන ලදී.
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීමේ ලොව විශාලතම වැඩසටහන මෙය වන අතර රටවල් 160 කට අධික සංඛ්‍යාවක වූ බිලියනයකට අධික ජනතාවක් උදෙසා මෙය ක්‍රියාත්මක වේ. "දියවැඩියා ප්‍රතිකාර සඳහා ප්‍රවේශය" යන්න 2021-2023 වර්ෂ සඳහා තේමාව වී ඇත. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය සහාය, තාක්ෂණය සහ රැකවරණය ලබාදීම, දියවැඩියාව වැළඳීම මර්දනය කිරීම සහ ප්‍රතිකාර සඳහා රජයේ ආයෝජන වැඩිකිරීම මඟින් දියවැඩියාවෙන් පෙළෙන මිලියන 460 කට අධික ජනතාවට අර්ථවත් වෙනසක් ඇතිකිරීම මෙවර අරමුණ වී තිබේ.
දියවැඩියාව යනු ඔබේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස්(සීනි) ප්‍රමාණය පැවතිය යුතු මට්ටමින් වෙනස් වු විට ඇතිවන රෝගී තත්ත්වයකි. දියවැඩියාවේ ආකාර කිහිපයක් දැකිය හැකි අතර ඒවා,
1) පලමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes)
2) දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes)
3) ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව ලෙස වර්ග කල හැක. නිරෝගී නිරාහාර පුද්ගලයෙකුගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 100mg/dl නොවැඩි ලෙස පැවතිය යුතු අතර එම මට්ටම දිගින් දිගටම ඉක්මවා යෑමෙන් ඔබත් දියවැඩියාවට ගොදුරු විය හැක. දියවැඩියාව වැළඳීමේ අවදානම ස්ත්‍රී පුරුෂ භාවය, වයස, උස, බර, දේහ ස්කන්ධ දර්ශක අගය සහ පාරම්පරික සාධක මත වෙනස් වන අතර විශේෂයෙන් අපගේ එදිනෙදා ආහාර රටාව විශාල වශයෙන් බලපෑමක් ඇතිකරයි.
සෞඛ්‍ය සම්පන්න පෝෂණයක් ලබාගැනීම සහ ක්‍රියාශීලි ජීවන රටාව දියවැඩියාව රෝගී තත්ත්වය ඇතිවීමෙන් වැළකීමට මහත් සේ උපකාරී වන බව තහවුරු වී ඇත.
ඒ සඳහා නිසි පෝෂණය ලබාගැනීමට අප සමබල ආහාර වේලක් වෙත යොමුවිය යුතු බව ඔබට දැනටමත් අවබෝධ වී තිබිය යුතුය. ඒ සඳහා ඔබ හැකිතාක් පැණිරස සහ තෙල් සහිත ආහාර පාන වලින් වැලකී සිටීම යහපත් වන අතර තන්තු සහිත එළවළු, පලතුරු, පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් බොහෝදුරට දියවැඩියාව වැළඳීමේ අවදානම මැඩපවත්වාගත හැක. නිරෝගී පුද්ගලයෙකුට එම ආහාර රටාව ප්‍රමාණවත් වුවත් දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේල සුලු වශයෙන් මීට වෙනස් වේ. ඔවුන් සියලුම පැණිරස වර්ගයේ ආහාර (ටොෆි, චොක්ලට්, අයිස්ක්‍රීම්, හකුරු) වලින් වැලකී සිටිය යුතු අතර අඹ, අන්නාසි, දූරියන්, රට ඉඳි වැනි පලතුරුද ඔවුන්ට අහිතකර වේ. නමුත් පලතුරු ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කිරීම අවශ්‍ය නොවේ. නමුත් සීමා කල යුතුය. එසේම සීමිත ප්‍රමාණයන්ගෙන් පිටි සහිත ආහාර ලබා ගත යුතුය. පාහින ලද සහල් භාවිතය අවම කල යුතු අතර නිවුඩු සහල් වලට අවධානය යොමුකල යුතුය. කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග හිතකර වන අතර තන්තුමය එළවළු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගත යුතුය.
කුකුල් මස්, බිත්තර සුදු මදය, මාළු වැනි මාංශ ආහාර සහ අර්තාපල්, බතල, කොස්, දෙල් වැනි අල වර්ග මධ්‍යස්ථ ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීම සුදුසුය. එසේම ලුණු භාවිතය හැකිතාක් අවම කල යුතුය. ඒ මන්ද යත් දියවැඩියා රෝගීන් හෘද රෝග, අධි රුධිර පීඩනය ආදී තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බැවිනි.
පෝෂ්‍යදායී ආහාර රටාවට අමතරව ව්‍යායාම සහිත ක්‍රියාශීලි ජීවන රටාවකට යොමුවීම වඩාත් වැදගත් වේ. එය සිරුරේ තැන්පත්ව පවතින අතිරික්ත ප්‍රෝටීන සහ මේදය බිඳ දමා නියමිත දේහ බර පවත්වාගැනීමට උපකාරී වේ.
එසේම නිසි පරිදි ඖෂධ භාවිතයද, අනවශ්‍ය අවිවේකී බවෙන් මිදීම සහ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමද ඉතා වැදගත් වේ.
මෙලෙස ඔබ අප සියලුදෙනා පෝෂ්‍යදායී ආහාර රටාවකට යොමුවීම සහ ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරීම මඟින් දියවැඩියා මාරයාගෙන් ජීවිතය බේරාගැනීමට නිරන්තරයෙන් උත්සුක වෙමු.
World Diabetes Day
Diabetes is not a foreign disease to us. Your friend, family member or you may have diagnosed with diabetes. Diabetes is a very common, non-communicable disease.
World Diabetes Day was established in 1991 by the IDF ( International Diabetes Federation) and the World Health Organization with the focus on the increasing health risk of diabetes.
It became an official United Nations day in 2006, and November 14 was designated as World Diabetes Day in honour of Sir Frederick Banting who contributed to the discovery of insulin, because 14th of November is his birthday.
World Diabetes Day is the world's largest diabetes awareness programme and it functions in more than 160 countries for more than one billion people. The theme for the year 2021-2023 is " Access to Diabetes Care". The aim is to make a meaningful difference to the more than 460 million people with diabetes by providing them with much needed support, technology and care, controlling diabetes and increasing government investment in treatments.
Diabetes is a condition which occurs due to the changes in blood glucose (sugar) level with respect to its normal level. There are several types of diabetes and they are classified as
1) Type 1 diabetes
2) Type 2 diabetes
3) Gestational diabetes.
The blood glucose level of a healthy fasting person should not exceed 100mg / dl and if you continue to exceed that level you may also develop diabetes. The risk of developing diabetes varies depending on gender, age, height, weight, body mass index value, genetic factors, and especially our daily diet.
It has been proven that, having a diet with proper nutrition and active lifestyle help to prevent from diabetes. A balanced diet has to be consumed, in order to get proper nutrition. For that, avoiding sugary and oily foods as much as possible is important and eating more fiber-rich vegetables, fruits and herbs also help to reduce the risk of developing diabetes. Though this diet may sufficient for a healthy person, the diet of a diabetic patient may vary slightly. They should avoid all sugary foods (toffee, chocolate, ice cream, jaggery) and fruits like mango, pineapple, durian, and date fruits. But it is not necessary to stop eating fruits completely. But should be limited. Also, you should get limited amounts of floury foods. Consumption of ground rice should be minimized and your attention should be paid to plain rice. Cereals like cowpeas and chickpeas are good and fiber should be added to the diet.
Meat dishes such as chicken, egg whites, fish and starchy food such as potatoes, sweet potatoes, jackfruit and bread should be taken in moderation. Also the usage of salt should be minimized as much as possible. This is because diabetics are at higher risk for heart disease and high blood pressure.
In addition to a nutritious diet, it is important to lead an active lifestyle with exercises. It helps to break down excess protein and fat stored in the body and maintain a proper body weight.
Proper medication, getting rid of unnecessary restlessness, and maintaining a good mental health are also very important.
Thus, we all strive to save our lives from diabetes by adopting a nutritious diet and an active lifestyle.
Written and English translation by - Dulsha Rupasinghe
References
ලෝක විටමින් D දිනය - නොවැම්බර් 02 "World Vitamin D Day - November 02"
ලෝක විටමින් D දිනය*
විටමින් D යන සැනින් අප මතකයට නැගෙන්නේ හිරු කිරණයි. කිමද යත් සූර්ය කිරණ සමෙහි විටමින් D නිපදවන බව කුඩා කාලයේ සිට ම දැන සිටින නිසායි. නමුත් ලෝකයේ විවිධ කලාප වල පුද්ගලයන් විශාල ප්‍රමාණයක් විටමින් D ඌනතාවයෙන් පෙලෙන බව ඔබ දැන සිටියාද? රුධිර විටමින් D අවශ්‍ය ප්‍රමාණය නොමැති ලෝක ජනගහනය බිලියනයක් පමණ වේ. මේ හේතුව නිසාම නොවැම්බර් මස දෙවනිදා ලෝක විටමින් D දිනය ලෙස නම් කර තිබේ.
විටමින් D නැතහොත් කැල්සිෆෙරෝල් අප ශරීරයට ලැබෙන ක්‍රම කිහිපයක් ම පවති. උදෑසන සූර්ය කිරණට නිරාවරණය වීමෙන්, එදිනෙදා ගන්නා ආහාර මඟින් ( සැමන් , සාඩින් වැනි මාලු , විටමින් D වලින් ශක්තිමත් කරන ලද දොඩම් යුෂ (fortified orange juices), බිත්තර කහ මද, විටමින් D වලින් ශක්තිමත් කරන ලද ධාන්‍ය ) හා පෝෂණ අතිරේකයන් (nutritional supplements) මඟින් විටමින් D ශරීරයට එකතු කරගත හැක.
එමෙන්ම මෙම විටමින් D මඟින් අප ශරීරයෙහි අස්ථි පද්ධතිය ගොඩ නැංවීම, පිළිකා සෛල වර්ධනය අවම කිරීම, කැල්සියම් අවශෝෂණය මෙන්ම පැරාතයිරොයිඩ ග්‍රන්ථි සමඟ එක්ව රැධිර කැල්සියම් මට්ටම යාමනය කිරීම ද සිදුකරයි.
විටමින් D අවශ්‍ය පමණට නොලැබීම නිසා හෘද රෝග සහ අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආසාදන හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධ, මහා බඩවැලේ, පුරස්ථි ග්‍රන්ථියේ සහ පියයුරු පිළිකා වැනි සමහර පිළිකා වර්ග ඇති වීමේ අවදානමක් ද පවතී.
*World Vitamin D Day*
When we talk about 'Vitamin D', sunlight always comes into our mind. It is because, since childhood we have known that sunlight produces vitamin D in our skin. But, did you know that people in different parts of the world suffer from large amounts of vitamin D deficiency? The population without the required blood vitamin D is about one billion. For this reason, November 2 is designated as World Vitamin D Day.
There are several ways in which vitamin D or Calciferol gets into our body. These include exposure to sunlight in the morning, daily meals (fish such as salmon, sardines, orange juice fortified with vitamin D, egg yolks, whole grains fortified with vitamin D), and nutritional supplements.
Vitamin D also helps in building the skeletal system of the body, reducing the growth of cancer cells, absorbing calcium as well as regulating blood calcium levels along with the parathyroid gland.
Lack of vitamin D increases the risk of heart disease and high blood pressure, diabetes, infections and disorders of the immune system, colon, prostate and breast cancers.
Article written by - Dineth Randula
English Translation by- Dewmi Raveesha
References
https://www.nhs.uk/conditions/vitamins-and-minerals/vitamin-d/ https://my.clevelandclinic.org/health/articles/15050-vitamin-d--vitamin-d-deficiency https://www.hsph.harvard.edu/nutritionsource/vitamin-d/ https://www.grassrootshealth.net/world-vitamin-d-day-november-2nd-stop-vitamin-d-deficiency/
ලෝක නිර්මාංශික දිනය - නොවැම්බර් 01 "World Vegan Day - November 01"
World Vegan Day
මෑත කාලයේ මුළුමනින්ම සත්ත්ව හෝ සත්ත්ව අතුරු නිෂ්පාදන වලින් තොර වූ නිර්මාංශ ආහාර, එසේ නැත්නම් Vegan diet වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී. වාර්ෂිකව නොවැම්බර් පළමුවනදා නිර්මාංශිකයින් විසින් ලෝක නිර්මාංශික දිනය (the world vegan day) සමරනු ලබයි. 1994 දී, එවකට එක්සත් රාජධානියේ නිර්මාංශික සමාජයේ (the vegan society) සභාපති වූ ලුයිස් වොලිස් විසින් ලෝක නිර්මාංශ දිනය ස්ථාපිත කරන ලදී. ලෝක නිර්මාංශික දිනය සැමරීමේ අදහස නිර්මාංශික ආහාර වේලක සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ නිර්මාංශික ආහාර ප්‍රවර්ධනය කිරීම ය. එසේම එය සත්ත්ව අයිතිවාසිකම් අවධාරණය කරන වැදගත් දිනයකි.
Vegan diet යනු නිර්මාංශ ආහාර වේල්, එසේ නැත්නම් vegetarian diet වර්ගයක් වේ. මෙම නිර්මාංශ ආහාර වේල් වර්ගය මුළුමනින්ම පදනම් වී ඇත්තේ පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, රනිල කුලයට අයත් ඇට වර්ග, ඇට සහ බීජ වැනි විවිධ වර්ග වල ශාක ආහාර මත ය. මෙම ආහාර වේලක මස්, කුකුළු මස්, මාළු හෝ බිත්තර, කිරි නිෂ්පාදන, ජෙලටින් සහ මී පැණි ඇතුළු සතුන්ගෙන් ලබා ගන්නා කිසිදු නිෂ්පාදනයක් අඩංගු නොවේ. තවද, චීස් නිෂ්පාදනයේදී භාවිතා කරන රෙනට් (rennet), අතුරුපස වල ජෙලටින්, සමහර ඊ අංක (E numbers) වන රතු ආහාර වර්ණක cochineal (E120) වැනි සත්ත්ව අතුරු නිෂ්පාදන ද ඇතුළත් නොවේ. එබැවින් vegan diet යනු මුළුමනින්ම සත්ත්ව ආහාර වලින් තොර වූ නිර්මාංශ ආහාර වේලක් ය.
Vegan diet තනිකරම ශාක ආහාර මත පදනම් වී ඇති බැවින් මෙම ආහාර වල තන්තු බහුල වන අතර අඩු කොලෙස්ටරෝල් ඇත. මෙම ආහාර වල සෞඛ්‍ය ප්‍රතිලාභ ඒවායේ ඉහළ තන්තු, ෆෝලික් අම්ලය, විටමින් C සහ E, පොටෑසියම්, මැග්නීසියම් සහ බොහෝ ෆයිටෝ රසායනික ද්‍රව්‍ය වල (phytochemicals) අන්තර්ගතය සමඟ සම්බන්ධ වේ. තවද vegan diet වල අන්තර්ගත මේද බොහෝ විට අසංතෘප්තය. ආහාරයේ තන්තු බහුල වීම තෘප්තිමත් බව වැඩි කරන අතර සීනි, කොලෙස්ටරෝල් සහ පිළිකා කාරක අවශෝෂණ වේගය අඩු කරයි. තවද, මලබද්ධය අවම කිරීම සහ මහා බඩවැලේ පිළිකා ඇතිවීම අවම කිරීම සඳහා තන්තු උපකාරී වේ. කොලෙස්ටරෝල් අඩු වීම හෝ නොවීම සමහර හෘද වාහිනී රෝග සහ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි. මෙම ආහාර වල අඩංගු විටමින් A, C, E, සහ සෙලේනියම් වැනි සමහර විටමින් සහ ඛනිජ ලවණ ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන අතර ආඝාතය, හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා, ඇදුම, දැවිල්ල ඇති වන සන්ධි රෝග සහ ආතරයිටිස් ඇතුළු බොහෝ රෝග වලක්වා ගැනීමට උපකාරී වේ. ඒ වගේම නිර්මාංශ ආහාර වල, අඩු ශක්ති ඝනත්වය තරබාරුව වැළැක්වීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, Vegan diet වල කිසිදු සත්ත්ව නිෂ්පාදනයක් අඩංගු නොවන හෙයින් පෝෂණ ඌනතාවයන් වර්ධනය වීමේ වැඩි ඉඩක් ඇත. අනෙකුත් නිර්මාංශ ආහාර සමඟ සංසන්දනය කිරීමේදී Vegan diet සාමාන්‍යයෙන් ශක්තියෙන් අඩු ය. ශාක පදනම් කරගත් ප්‍රෝටීන් ප්‍රභවයන් බොහොමයක අවම වශයෙන් එක් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් හෝ අඩු බැවින් උසස් ප්‍රමිතියෙන් යුත් ප්‍රෝටීන් ප්‍රමාණවත් නොවීම තවත් පෝෂණ ඌනතාවයකි. Vegan diet වල Eicosapentaenoic acid (EPA) and Docosahexaenoic acid (DHA) වැනි ඔමේගා-3 (Omega 3) මේද අම්ල අඩු වේ. නිර්මාංශ ආහාර වල කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වන විටමින් D හිඟ වේ. රතු රුධිර සෛල සාමාන්‍ය මේරීමට සහ ස්නායු පටක වල නිසි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන විටමින් B12 ඌනතාවයේ අවදානම නිර්මාංශිකයින්ට ඇත. එසේම, නිර්මාංශ ආහාර වල විටමින් B2 ඌනතාවයක් ඇත. යකඩ සහ සින්ක් වැනි සෞඛ්‍යය සඳහා අත්‍යවශ්‍ය ඛනිජ ලවණ සීමිතව ලබා ගත හැකි වීම Vegan diet වලට සම්බන්ධ තවත් සෞඛ්‍ය අවදානමකි.
එබැවින් නිර්මාංශිකයින් (vegans) දිනපතා ආහාර වේලට විවිධ ආහාර ඇතුළත් කළ යුතුය. එසේ නොමැති නම්, සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ලබා ගැනීම සහතික කිරීම සඳහා ඔවුන් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් (fortified) ආහාර හෝ සුදුසු අතිරේකයන් (supplements) පරිභෝජනය කළ යුතුය.
World vegan day
Vegan diets are becoming more and more popular in recent times. Annually, world vegan day is celebrated on the first of November by vegans worldwide. In 1994, world vegan day was established by Louise Wallis, the chair of the vegan society in the United Kingdom. World vegan day is celebrated to aware people of the health benefits of a vegan diet and to promote the vegan diet. And also it is an important day that emphasis animal rights.
A vegan diet is a type of vegetarian diet. A vegan diet is completely based on a wide variety of whole plants foods such as fruits, vegetables, whole grains, legumes, nuts, and seeds. A vegan diet does not contain meat, poultry or fish, or any products derived from animals including eggs, dairy products, gelatin, and bee honey. Furthermore, a vegan diet also excludes animal by-products like rennet used in cheese making, gelatin in desserts, certain E numbers including the red food dye cochineal (E120). Therefore, vegans are total vegetarians.
Vegan diets are solely plant-based since the diets are high in fiber and low in cholesterol. The health benefits of vegan diets are associated with their higher content of fiber, folic acid, vitamins C and E, potassium, magnesium, and many phytochemicals. And also, their fat content is more unsaturated. The high dietary fiber content increases satiety and reduces the rate of absorption of sugars, cholesterol, and carcinogens. Furthermore, fiber provides bulk to stool minimizing constipation and the development of colonic cancer. The low or no content of cholesterol reduces the risk of certain cardiovascular diseases and cancers. Some vitamins and minerals in such diets like vitamin A, C, E, and Selenium act as antioxidants and help in the prevention of many diseases including stroke, heart disease, high blood pressure, diabetes, cancer, asthma, inflammatory joint disease, and arthritis. And also vegan diets help in the prevention of obesity because of their low energy density.
However, there is a higher chance of developing nutritional deficiencies since vegan diets do not contain any animal products. Vegan diets are generally lower in energy when comparing with the other types of vegetarian diets. The inadequate intake of high-quality protein is another nutritional deficiency since most of the plant-based protein sources are lacking in at least one essential amino acid. Vegan diets are low in Omega 3 fatty acids that include eicosapentaenoic acid (EPA) and docosahexaenoic acid (DHA). Vegan diets are lacking in vitamin D which aids in the absorption of Calcium. Vegans are at a risk of vitamin B12 deficiency which is essential for the normal maturation of red blood cells and the proper functioning of nerve tissues. And also, vegan diets are lacking in vitamin B2. The limited bioavailability of essential minerals for health such as iron and zinc is another health risk related to the vegan diet.
Therefore, vegans should include a wide variety of foods into their daily diet. Otherwise, they need to consume foods that are fortified with the nutrients or appropriate supplements in order to ensure the intake of all the essential nutrients for health.
உலக சைவ உணவாளர்கள் தினம்
சமீப காலமாக சைவ உணவு முறைகள் மிகவும் பிரபலமாகி வருகின்றன. உலக சைவ உணவாளர்கள் தினமானது நவம்பர் மாதம் முதலாம் திகதி உலகெங்கிலும் கொண்டாடப்படுகிறது. இத்தினம் 1994 ஆம் ஆண்டு ஐக்கிய ராச்சியத்தின் சைவ சங்கத்தின் தலைவரான லூயிஸ் வலீஸ் என்பவரால் ஆரம்பித்து வைக்கப்பட்டது. சைவ உணவு தொடர்பான விழிப்புணர்வை மக்களிடையே ஏற்படுத்தல், சைவ உணவை ஊக்குவித்தல் போன்ற நோக்கங்களுக்காக இத்தினம் கொண்டாடப்படுகிறது. மேலும் இது விலங்கு உரிமைகளை வலியுறுத்தும் ஒரு முக்கியமான நாளாகும்.
முழுத்தாவர உணவானது சைவ உணவின் ஒரு வகையாகும். இவ்வுணவு முற்றிலும் பழங்கள், காய்கறிகள், முழு தானியங்கள், பருப்பு வகைகள், கொட்டைகள் மற்றும் விதைகள் போன்ற பல்வேறு வகையான முழு தாவர உணவுகளை அடிப்படையாகக் கொண்டது. இறைச்சி, கோழி, மீன், முட்டை, பால் பொருட்கள், ஜெலட்டின் மற்றும் தேன் உள்ளிட்ட விலங்குகளிலிருந்து பெறப்பட்ட பொருட்கள் இவ்வுணவில் உள்ளடங்காது. மேலும் முழுத்தாவர உணவானது, சீஸ் தயாரிப்பில் பயன்படுத்தப்படும் ரென்னெட், இனிப்புகளிலுள்ள ஜெலட்டின், சிவப்பு உணவு சாய கோச்சினல் (E120) உள்ளிட்ட சில E எண்கள் போன்ற விலங்குகளின் துணை தயாரிப்புகளையும் உள்ளடக்காது.
முழுத்தாவர உணவு முற்றிலும் தாவரத்தை அடிப்படையாகக் கொண்டது. ஏனெனில் இவ்வுணவுகள் அதிகளவு நார்ச்சத்து மற்றும் குறைந்தளவு கொலஸ்ட்ரோலைக் கொண்டது. இவ்வுணவு அதிகளவு நார்ச்சத்து, போலிக்கமிலம், விற்றமின் C மற்றும் E, பொட்டாசியம் மற்றும் பல பைட்டோ கெமிக்கல்களை உள்ளடக்கியது. மேலும் நிரம்பாத கொழுப்பு அதிகளவில் காணப்படும். அதிக நார்ச்சத்து திருப்தி நிலையை அதிகரித்தல், சீனி, கொலஸ்ட்ரால், நச்சுப்பொருட்கள் அகத்துறிஞ்சலைக் குறைத்தல், மலச்சிக்கலைக் குறைத்தல், பெருங்குடல் புற்றுநோய் வளர்ச்சியைக் குறைத்தல் போன்றவற்றிற்கு உதவுகிறது. குறைந்தளவு காணப்படும் கொலஸ்ட்ரால், சில இருதய நோய்கள் மற்றும் புற்றுநோய்களின் அபாயத்தைக் குறைக்கிறது. விற்றமின் A, C, E மற்றும் செலினியம் போன்ற உணவுகளில் உள்ள சில விற்றமின்கள் மற்றும் தாதுக்கள் ஆக்ஸிஜனேற்றிகளாக செயல்படுகின்றன. மேலும் பக்கவாதம், இதய நோய், உயர் இரத்த அழுத்தம், நீரிழிவு, புற்றுநோய், ஆஸ்துமா, அழற்சி மூட்டு நோய் மற்றும் கீல்வாதம் உள்ளிட்ட பல நோய்களைத் தடுக்க உதவுகின்றன. இவ்வுணவில் அடர்த்தி குறைவாக இருப்பதால் உடற்பருமன் குறைப்பதிலும் உதவுகின்றன.
முழுத்தாவர உணவு விலங்கு உணவுப் பொருட்களை உள்ளடக்காததால் ஊட்டச்சத்து குறைபாடுகள் ஏற்படலாம். மற்ற சைவ உணவுகளுடன் ஒப்பிடும் போது முழுத்தாவர உணவில் குறைந்தளவு சக்தி காணப்படும். புரதச்சத்து குறைபாடு மற்றுமொரு முக்கிய பிரச்சினையாகும். இதற்கு முக்கிய காரணம் தாவர உணவுகளில் பொதுவாகவே அத்தியாவசிய அமினோ அமிலங்கள் குறைவாகக் காணப்படலாகும். முழுத்தாவர உணவில் EPA, DHA போன்ற ஒமேகா 3 கொழுப்பமிலங்கள் குறைவாகக் காணப்படும். இவ்வுணவில் கல்சியத்தை உறிஞ்சுவதற்கு உதவும் விற்றமின் D குறைவாக உள்ளது. முழுத்தாவர உணவு உண்பவர்களுக்கு விற்றமின் B12 குறைபாடு ஏற்படும் அபாயம் உள்ளது. இது இரத்த சிவப்பணுக்களின் இயல்பான முதிர்ச்சி மற்றும் நரம்பு திசுக்களின் சரியான செயல்பாட்டிற்கு அவசியமாகும். விற்றமின் B2, இரும்பு, zinc போன்றனவும் மிகக்குறைந்த அளவில் காணப்படுகின்றன.
எனவே, முழுத்தாவர உணவு உண்பவர்கள் தங்கள் அன்றாட உணவில் பலவகையான உணவுகளை சேர்த்துக்கொள்ள வேண்டும். இல்லையெனில், அவர்கள் ஆரோக்கியத்திற்கு தேவையான அனைத்து ஊட்டச்சத்துக்களையும் உட்கொள்வதை உறுதி செய்வதற்காக ஊட்டச்சத்துக்கள் அல்லது பொருத்தமான சப்ளிமெண்ட்ஸுடன் (supplements) வலுவூட்டப்பட்ட உணவுகளை உட்கொள்ள வேண்டும்.
Written and English translation by - Viraji Senanayake
Tamil translation by - Shalomi Christopher
References
World Vegan Day – November 1, 2020
https://happydays365.org/world-vegan-day/world-vegan-day-november/
World Vegan Day – Small steps to make a BIG impact!
https://blogs.tcv.org.uk/health/2019/11/01/world-vegan-day-small-steps-to-make-a-big-impact/
ලෝක පාස්ටා දිනය - ඔක්තෝබර් 25 "World Pasta Day - October 25"
ලෝක පාස්ටා දිනය
පාස්ටා පරිභෝජනයට ඔබේ ඇති රුචිකත්වය කෙසේද? ඔබ එක් වරක් හෝ පාස්ටා ආහාරයට ගෙන ඇත්නම් එය රස නහර පිනවන ඉතා රසවත් ආහාරයක් බව ඔබේ මතකයට නැගෙනු ඇති. කොතෙක් පාස්ටා පරිභෝජනය කලද පාස්ටා වෙනුවෙන් වසරක එක් දිනයක්ම වෙන් කර ඇති බව ඔබ දැන සිටියාද?
පාස්ටා මානව වර්ගයා දන්නා හැඩතල 600 කට අධික ප්‍රමාණයකින් පැමිණේ. ඒවායේ නම් සාමාන්‍යයෙන් ඉතාලි වචන වන අතර එම නම් මඟින් ඒවායේ හැඩයන් ප්‍රියජනක ලෙස විස්තර කරයි. ස්පැගටි ('ලණුව'), වර්මිසෙලි ('කුඩා පණුවන්'), රොටිනි ('සර්පිලාකාර'), ෆුසිල්ලි ('දඟර'), ටොර්ටෙලිනි ('කුඩා කේක්'), භාෂා ('කුඩා දිව'), කොන්කිග්ලි ('කටු') ), fettuccine ('කුඩා රිබන්'), penne ('quills') සහ capellini ('sine hairs'). ඉතාලි ආහාර මඟින් පාස්ටා ප්‍රසිද්ධියට පත් කළ අතර, එය පාස්ටා ලොවට විවිර වීමට දොරටුවක් විය. චයිනීස් චව් මේන් සහ ජර්මන් ස්පෙට්ස්ල් යනු ලෝකයට පාස්ටා හඳුන්වා දී එයට ආදරය කිරීමට ලෝකයා හුරු කල පුරෝගාමීන් දෙදෙනෙකි. ලෝක පාස්ටා දිනය, පාස්ටා වලය ආදරය කරන සැමට එය සැමරීමට ඇති කදිම අවස්ථාවකි!
ලෝක පාස්ටා දිනයෙහි ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී එය 1995 ඔක්තෝම්බර් 25 දින ලෝක පාස්ටා සම්මේලනයේ කොටසක් ලෙස ප්‍රථම වරට ක්‍රියාත්මක විය. ලොව පුරා විශේෂඥයින් එකතු වී නූඩ්ල්ස් හි විවිධ පැතිකඩ පිළිබඳ සාකච්ඡා කළ අතර පාස්ටා පරිභෝජනය පිළිබඳ ලෝකය පුරා දැනුම ව්‍යාප්ත කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. මෙම සංවිධානය පාස්ටා වල සංස්කෘතික හා සූපශාස්ත්‍ර වැදගත්කම ගෙනහැර දක්වමින් පාස්ටා ආහාරයට ගැනීම ප්‍රවර්ධනය කිරීමට ලෝක පාස්ටා දිනය භාවිතා කරයි.
ලෝක පාස්ටා සම්මේලනය මඟින් පාරිභෝගිකයින්ට නව පාස්ටා වර්ග ලබා දීම, ඒවා පරිභෝජනය දිරි ගැන්වීම සහ අතිශය ජනප්‍රිය වන මෙම ආහාර ගැන, ආයතනවලට වැදගත් තොරතුරු ලබා දීම සහ ප්‍රවර්‍ධනය කිරීම දක්වා සෑම කාර්යයකම නිරත වේ. මෙම සංවිධානය මඟින්, සංවිධානයේ නිල ලාංඡනය බෙදා ගනිමින් සහ ලෝක පාස්ටා දිනයේ ගෝලීය උපාය මාර්ගයයන් යොදා ගනිමින් සෑම රටක්ම තමන්ගේම ආකාරයෙන් ලෝක පාස්ටා දිනය සැමරීමට දිරිමත් කරනු ලැබේ.
World Pasta Day
Is pasta one of your favourite foods? If you have ever eaten pasta, you will remember that it is a very delicious and mouth watering food. Did you know that no matter how much pasta you consume, one day a year is set aside for pasta?
Pasta comes in more than 600 shapes known to humans and their names are usually Italian words that are splendidly descriptive of their shapes. Those are, Spaghetti (‘cord’), vermicelli (‘little worms’), rotini (‘spirals’), fusilli (‘spindles’), tortellini (‘little cakes’), linguini (‘little tongues’), conchiglie (‘shells’), fettuccine (‘small ribbons’), penne (‘quills’) and capellini (‘fine hairs’).
Italian food made pasta famous and in fact, it was a gateway to the world of pasta. The Chinese Chow Main and the German Spetsl were two pioneers who introduced pasta to the world and taught the world to love it. World Pasta Day is a great opportunity for everyone who loves pasta rings to celebrate it!
The history of World Pasta Day dates back to October 25, 1995 as part of the World Pasta Conference. Experts from around the world came together to discuss the various aspects of noodles and emphasize the importance of spreading the knowledge about pasta consumption around the world. The organization uses World Pasta Day to promote pasta consumption, highlighting the cultural and culinary importance of pasta.
The World Pasta Congress is involved in everything from providing new pasta varieties to consumers and encouraging their consumption and providing important information to companies about pasta and promoting these highly popular foods. This organization encourages each country to celebrate World Pasta Day in its own way, by sharing the organization's logo and using global Pasta Day strategies.
Written and English translation by - Kanishka Chathurani
References
World Pasta Day (25th October) – Days Of The Year https://www.daysoftheyear.com/days/world-pasta-day/
ලෝක ආහාර දිනය - ඔක්තෝබර් 16 "World Food Day - October 16"
ලෝක ආහාර දිනය
ලෝක ආහාර දිනය ඔක්තෝම්බර් මස 16 වන දිනට යෙදී ඇත. වර්ෂ 1979 නොවැම්බරයේදී පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) විසිවන මහ සමුළුවේදී ලෝක ආහාර දිනය ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ සඳහා යොදා ගැනුනේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ආරම්භ කල දිනයයි (1945 ඔක්තෝම්බර් 16). ආහාර හා කෘෂිකර්ම සංවිධානය යනු සාගින්න පරාජය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රයත්නයන් මෙහෙයවන එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයකි. ප්‍රථම ලෝක ආහාර දින සැමරුම 1980 වසරේදී සිදු කෙරිණි. ලෝක ආහාර දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රධානතම අරමුණ ලෝකයේ ආහාර ගැටලු පිලිබඳ ජනතාවගේ දැනුවත්භාවය ඉහල නැංවීම, කුසගින්න, මන්දපෝෂණය හා දුප්පත්කමට එරෙහි අරගලයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමයි.
ආහාර යනු පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. වර්තමානය වන විට ලොවපුරා බිලියන තුනකට අධික ජනතාවකට (ලෝක ජනගහනයෙන් 40%ක් පමණ) ආරක්ෂිත, පෝෂ්‍යදායී හා ප්‍රමාණවත් ආහාර සඳහා නිතිපතා ප්‍රවේශයක් නොමැත. මන්දපෝෂණය ද ගෝලීය මහජන සෞඛ්‍යයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති අතර වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණ වලින් 45%ක් පමණ නිසි පෝෂණයක් නොලැබීම නිසා සිදුවේ. අද වන විට ලොව සෑම පුද්ගලයන් නව දෙනෙකුගෙන් එක් අයෙක් කුසගින්නෙන් පෙලෙන්නෙකු බවද සොයා ගෙන ඇත. ප්‍රමාණවත් ආහාර නොලැබීම හේතුවෙන් පුද්ගලයින් මිය යාම අවම කිරීම, ආහාර වල තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම, සුරක්ෂිත ආහාර එනම් ශරීරයට අහිතකර / විෂ ද්‍රව්‍ය වලින් තොර ආහාර භාවිතය හා නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය, ආහාර වල පෝෂණ ගුණය පිලිබඳ පුද්ගල දැනුවත්භාවය වැඩි කිරීම, ආහාර වීරයින් (Food heroes) ඇගයීම ආදී විශාල කාර්යභාරයක් ඉටු කරන වැඩසටහන් රාශියක් ලෝක ආහාර දිනයට සමගාමීව සෑම වසරකම ලොව පුරා ක්‍රියාත්මක වේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් 1981 සිට සෑම වසරකදීම ලෝක ආහාර දිනය වෙනුවෙන් වෙනස් වූ තේමාවක් ප්‍රකාශයට පත් කරයි. මෑත වසර වලදී මෙම වාර්ෂික සැමරුම් දිනය භාවිතා කරමින් ධීවර ප්‍රජාවන්, දේශගුණික විපර්යාස හා ජෛව විවිධත්වය ඇතුලු ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තයේ විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කර ඇත. 2015 වසරේදී - 'කෘෂිකර්මාන්තය සහ සමාජ ආරක්ෂාව : ග්‍රාමීය දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීම' තේමාව යටතේද, 2016 වසරේදී - 'දේශගුණය වෙනස්වෙමින් පවතියි. ආහාර හා කෘෂිකර්මාන්තයද වෙනස් කල යුතුය' තේමාව යටතේද, 2017 වසරේදී - 'සංක්‍රමණයේ අනාගතය වෙනස් කරන්න; ආහාර සුරක්ෂිතතාව හා ග්‍රාමීය සංවර්ධනය සඳහා ආයෝජනය කරන්න' තේමාව යටතේද, 2018 හා 2019 වසර වලදී 'අපගේ ක්‍රියාකාරකම් අපගේ අනාගතයයි' යන්න මූලික කරගෙන පිලිවෙලින් '2030 වන විට ලෝක සාගින්න අවසන් කල හැකි දෙයකි' හා 'කුසගින්නෙන් තොර ලොවක් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්' යන කරුණු ද තේමා කරගෙන ආහාර දින සැමරීම් සිදුවිය. පසුගිය වසර එනම් 2020 සඳහා 'වැඩෙන්න, පෝෂණය කරන්න, පවත්වාගන්න ; සැවොම එක්ව' යන්න තේමාව විය. 2021 වසර සඳහා 'අපගේ ක්‍රියාකාරකම් අපගේ අනාගතයයි' යන්න මූලික කරගෙන 'යහපත් නිෂ්පාදනයක්, යහපත් පෝෂණයක්, යහපත් පරිසරයක් හා යහපත් ජීවිතයක්' යන්න තේමාව වේ.
සෑම වසරකම ලෝක ආහාර දිනය සැමරීම සඳහා ලොවපුරා රටවල් 150ක පමණ මැරතන් හා සාගත පෙලපාලි, ප්‍රදර්ශන, සමුළු, සංවාද, සංස්කෘතික සංදර්ශන, තරඟ හා ප්‍රසංග වැනි ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සංවිධානය කෙරේ. විවිධ තේමාවන්ට අනුව ලෝක ආහාර දිනය සැමරීම සිදු වුවද එහි ප්‍රධාන අභිප්‍රාය ආරක්ෂිත, ප්‍රමාණවත් හා උසස් තත්ත්වයේ ආහාර සෑම පුද්ගලයෙකුටම නිතිපතා ලැබීම තහවුරු කිරීමයි. ආහාර අවැසි අයෙකුට, දෛනිකව ආහාර සපයාගැනීම අපහසු අයෙකු/ පවුලක් සඳහා පරිභෝජනයට සුදුසු තත්ත්වයේ ඇති ආහාර ප්‍රදානය කිරීම තුලින් වුවද සෑම තනි පුද්ගලයෙකුටම ලෝක ආහාර දිනය අර්ථාන්විත කිරීම සඳහා දායක විය හැකිය.
World Food Day
World Food Day falls on 16th of October. It was established at the 20th general conference of Food and Agriculture Organization of the UN (FAO) in 1979. They named October 16th as the world food day in order to mark the anniversary of the founding of FAO. The Food and Agriculture Organization (FAO) was found in 16th of October 1945 and it is a specialized agency of the United Nations that leads international efforts to defeat hunger. The first world food day was celebrated in 1980. The purpose of declaring a world food day is to increase public awareness of world food problems and strengthen solidarity in the struggle against hunger, malnutrition and poverty.
Food is a basic need of a person. According to FAO, more than three billion people (almost 40% of the world’s population) still don’t have regular access to safe, nutritious and sufficient food. Malnutrition has become a critical global public health problem. Poor nutrition causes 45% of deaths in children under the age of five. It has been found that one in every nine people in the world is hungry. A number of different events are held around the world each year to coincide with World Food Day and those events do a great service. Those are; awareness on safe food consumption and production, reducing the number of deaths due to malnutrition, promoting sustainable use of food, raising the personal awareness about the nutritional value of food, Appreciating food heroes, etc.
Since 1981, Food and Agriculture organization gives a new different theme for the world food day in every year. In recent years, world food day has focused on different aspects of food security and agriculture including fishing communities, climate change and biodiversity. In 2015 world food day theme was; ‘Social Protection and Agriculture: Breaking the cycle of rural poverty’, in 2016 – ‘Climate is changing. Food and agriculture must too’, in 2017 – ‘Change the future of migration. Invest in food security and rural development’, in 2018 – ‘Our actions are our future, Ending world hunger by 2030 is possible’, in 2019 – ‘Our actions are our future, Healthy diets for a zero hunger world’ in 2020 – ‘Grow, Nourish, Sustain. Together’. The world food day is celebrated in 2021 with the theme of ‘Our actions are our future- Better production, better nutrition, a better environment and a better life’.
Every year, a large number of events are organized like marathons, hunger marches, exhibitions, conferences, cultural performances, contests and concerts etc. in around 150 countries across the world to celebrate world food day. Although there are different themes for the celebration of World Food Day in different years, the aim of each year is to ensure that everyone has a regular access to safe, adequate and quality food. Each and every person can contribute to make the world food day a success by donating foods for a person/ family who is in need.
Written and english translation by - Isuri Subhashani
References
https://www.fao.org/world-food-day/about/en
https://globaldimension.org.uk/events/world-food-day/2021-10-16/
https://nationaldaycalendar.com/world-food-day-october-16/
https://www.daysoftheyear.com/days/world-food-day/
ලෝක බිත්තර දිනය - ඔක්තෝබර් 07 "World Egg Day - October 07"
ලෝක බිත්තර දිනය
පෝෂ්‍යදායී ආහාර වේලක් කියූ සැනින් බිත්තර යනු අපට අමතක කල නොහැකි ආහාරයකි. එහි පෝෂ්‍යදායී බව කෙතරම්ද යත් එහි පෝෂ්‍ය ගුණය සිහිකිරීම සඳහා දිනයක් පවා වෙන්කොට ඇත. වර්ෂ 1996 වියානාහිදී බිත්තර වල ගුණාත්මකභාවය සමරනු වස් ලෝක බිත්තර දිනය ස්ථාපිත කර ඇත. සෑම වසරකම ඔක්තෝම්බර් මස දෙවැනි සිකුරාදා දින බිත්තර ලෝලීන් විසින් මෙම ඇදහිය නොහැකි තරම් වූ පෝෂ්‍යදායී බලාගාරයක් බඳු වූ බිත්තර විවිධාකාර ලෙස පිලියෙළ කරමින් එම දිනය සමරනු ලබයි. මෙම වසරේ ඔක්තෝම්බර් 8 වන සිකුරාදා දිනට ලෝක බිත්තර දිනය යෙදී ඇති අතර මෙවර එය සමරනු ලබන්නේ 25 වන වරටයි.
බිත්තර යනු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ප්‍රෝටීන, අත්‍යවශ්‍ය විටමින සහ ඛනිජ ලවණ වලින් පිරිපුන් ආහාරයකි. බිත්තර මඟින් කැලරි ප්‍රමාණයට සමානුපාතිකව දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 12%ක් සහ විටමින් A, B6, B12, D, Choline, Lutein, Folate, Iron, Phosphorus සහ Zinc වැනි අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් සපුරාලන බැවින් බිත්තර පෝෂණ ඝනත්වයෙන් ඉහළ ආහාරයකි. බිත්තර ප්‍රෝටීන වල ගුණාත්මකභාවය කෙතරම්ද යත් විද්‍යාඥයින් බොහෝවිට අනෙකුත් ආහාරවල ප්‍රෝටීන ප්‍රමාණය මනිනු ලබන සම්මතයක් ලෙස බිත්තර යොදා ගැනේ.
බිත්තර වල පෝෂණ ගුණය සලකා බලනවිට බිත්තර කහ මදය මිනිස් සෞඛ්‍යයට අත්‍යවශ්‍ය යැයි සැලකෙන පෝෂ්‍ය පදාර්ථයක් වන Choline වලින් පිරිපුන් ප්‍රභවයකි. මොළයේ පටක සාමාන්‍ය ලෙස සෑදීමට හා මතකය සඳහා මෙන්ම හෘද රෝග වලින් වැළකීම සඳහා ද Choline උපකාරී වේ. මෙම අතිරේක පෝෂ්‍ය පදාර්ථ නිසා බිත්තර කහ මදයේ අඩංගු 200g පමණ අඩංගු වන කොලෙස්ටරෝල් වලින් වන හානිය තරමක් දුරට අවම කරයි. බිත්තර වල අඩංගු Lutein සහ Zeaxanthin හේතුවෙන් බිත්තර ක්‍රියාකාරී ආහාර එසේත් නොමැතිනම් Functional Food කාණ්ඩයට ඇතුලත් කර ඇත. නවතම අධ්‍යයනයන්ට අනුව මෙම සංඝටක මඟින් වයස අවුරුදු 65ට ඉහළ පුද්ගලයන්ගේ අන්ධභාවය සඳහා හේතුවන Age-related Macular Degeneration (AMD) අවදානම අඩු කරයි. එසේම බර අඩු කරගැනීමට උනන්දුවක් දක්වන අය අතර ජනප්‍රිය ආහාරයක් වන බිත්තර වල අඩංගු ඉහළ ප්‍රෝටීන හා අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය මඟින් රුධිර සීනි මට්ටම ස්ථාවර කරන අතර එමඟින් ප්‍රධාන ආහාර වේල් අතර අමතර ආහාර ගැනීම අඩු කරයි. කෙසේ වෙතත් සෞඛ්‍යමත් පුද්ගලයෙකු දිනකට එක් බිත්තරයක් පමණක් පරිභෝජනය කිරීම සුදුසු බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් කර ඇත.
World Egg Day
Eggs are considered as one of the most nutritious foods. They are very nutritious that even a day has been set aside to remember its nutritional value. World Egg Day was established in Vienna in 1996 to celebrate the nutritional value of eggs. This day is celebrated on the second Friday of October in every year. Egg lovers celebrate this day by preparing eggs in various ways to honour this incredibly nutritious powerhouse. This year it falls on Friday 8th October and this time it is celebrated for the 25th time.
Eggs are a good source of protein, essential vitamins and minerals that are essential for a healthy diet and a healthy life. Eggs have a high nutrient density because, in proportion to their calorie count, they provide 12% of the daily value of protein and a wide variety of other nutrients such as vitamin A, B6, B12, D, Choline, Lutein, Folate, Iron, Phosphorus, and Zinc. Egg protein quality is very high that scientists often use eggs as the standard by which the protein quality of other foods are measured.
Considering the nutritional value of eggs, egg yolk is a rich source of Choline, a nutrient that is considered essential for human health. Choline is required for the normal formation of brain tissues and memory, as well as to prevent heart diseases. These extra nutrients reduce the effect of cholesterol, which is about 200g in egg yolk. Eggs are included in the category of functional foods because of the Lutein and Zeaxanthin found in eggs. Recent studies have shown that these ingredients reduce the risk of Age-related Macular Degeneration (AMD) in people over the age of 65. Eggs are a popular food among the people who are interested in losing their weight. Also, the high protein and low carbohydrate content of eggs stabilizes blood sugar levels, which helps to reduce the between-meal snacking.
However, SriLankan health guideline clearly mentions that healthy individuals can consume one egg per day.
Written and English translation by - Hansani Perera
References
World Egg Day [online] available at https://www.ncegg.org
Egg Nutrition | American Egg Board [online] available at https://www incredibleegg.org
Are eggs good for you or not? | American Heart Association [online] available at https://www.heart.org
ලෝක නිර්මාංශ දිනය - ඔක්තෝබර් 01 "World Vegetarian Day - October 01"
ලෝක නිර්මාංශ දිනය
ඔබත් නිර්මාංශිකද? ලොව පුරා දස දෙනෙකුගෙන් එක් අයෙක් නිර්මාංශික බව ඔබ මින් පෙර දැන සිටියාද? මෙම නිර්මාංශිකයින් වෙනුවෙන් අද දිනය වන ඔක්තෝබර් 1 වෙන් කර ඇත.ඔක්තෝබර් යනු ලෝක නිර්මාංශිකයින් වෙනුවෙන් වෙන් කර ඇති මාසය වන අතර ඔක්තෝබර් 1 දා ලෝක නිර්මාංශ දිනය සමරනු ලබයි. ලෝක නිර්මාංශ දිනය 1977 දී උතුරු ඇමරිකානු නිර්මාංශ සමිතිය (NAVS) විසින් ආරම්භ කරන ලද අතර 1978 දී ජාත්‍යන්තර නිර්මාංශ සංගමය විසින් එය අනුමත කරන ලදී.
නිර්මාංශ ආහාර වේලක් සැළකූ විට මිනිසුන් සාමාන්‍යයෙන් සිතන්නේ මස්, කුකුළු මස් හෝ මාළු ඇතුළත් නොවන ආහාරයක් ගැනය. නමුත් නිර්මාංශ ආහාර වේල් ඒවායේ ඇතුළත් වන ආහාර අනූව එකිනෙකට වෙනස් වේ. ඒ අනුව නිර්මාංශ ආහාර වේල් ආකාර කිහිපයක් හඳුනා ගත හැකිය.
Lacto vegetarian diets: මෙම නිර්මාංශ ආහාර වේලට මස්, මාළු, කුකුළු මස් සහ බිත්තර මෙන්ම ඒවා අඩංගු ආහාර ද ඇතුළත් නොවේ. ශාක ආහාර වලට අමතරව කිරි, චීස්, යෝගට් සහ බටර් වැනි කිරි නිෂ්පාදන ඇතුළත් වේ.
Ovo vegetarian diets: මෙම නිර්මාංශ ආහාර වේලට මස්, කුකුළු මස්, මුහුදු ආහාර සහ කිරි නිෂ්පාදන ඇතුළත් නොවන නමුත් ශාක ආහාර වලට අමතරව බිත්තර ඇතුළත් වේ.
Lacto-ovo vegitarian diets: මෙම නිර්මාංශ ආහාර වේලට මස්, මාළු සහ කුකුළු ආහාර ඇතුළත් නොවන නමුත් ශාක ආහාර වලට අමතරව කිරි නිෂ්පාදන සහ බිත්තර ඇතුළත් වේ .
Pescatarian diets (semi vegitarian diets): මෙම ආහාර වේල් වලින් මස් සහ කුකුළු මස්, කිරි සහ බිත්තර බැහැර කළ හැකි නමුත් ශාක ආහාර වලට අමතරව මසුන් ඇතුළත් වේ.
Vegan diets (total vegitarian diets): මෙම නිර්මාංශ ආහාර වේලට මස්, කුකුළු මස්, මාළු, බිත්තර සහ කිරි නිෂ්පාදන සහ මෙම නිෂ්පාදන අඩංගු ආහාර ඇතුළත් නොවේ. පලතුරු, එළවළු, ධාන්‍ය, රනිල කුලයට අයත් ඇට, ඇට සහ බීජ වැනි විවිධ වර්ග වල මුළු ආහාර වර්‍ගය පදනම් කරගත් ආහාර වේලකි.
මෑතකදී නිර්මාංශ ආහාර ජනප්‍රිය වීම වැඩි වෙමින් පවතී. නිර්මාංශ ආහාර වේලක් සැළකූ විට එහි තන්තු, ෆෝලික් ඇසිඩ්, විටමින් C සහ E, පොටෑසියම්, මැග්නීසියම් සහ බොහෝ ෆයිටෝ රසායනික ද්‍රව්‍ය සහ අසංතෘප්ත මේද ප්‍රමාණය වැඩි නිසා බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත් කර දෙයි. අනෙකුත් ආහාර රටාවන් සමඟ සසඳන විට මෙම නිර්මාංශ ආහාර වේලවල සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් අඩු ප්‍රමාණයක් අඩංගු වන අතර ආහාරමය තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. මෙම හේතූන් නිසා නිර්මාංශිකයින්ගේ සිරුර සිහින් වීම, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු වීම සහ රුධිර පීඩනය අඩු වීම නිසා හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරයි.කෙසේ වෙතත්, සියලුම සත්ත්ව නිෂ්පාදන ආහාරයෙන් ඉවත් කිරීම සමහර පෝෂණ ඌනතාවයන් ඇතිවීමේ අවදානම වැඩි කරයි. විශේෂයෙන් ක්ෂුද්‍ර පෝෂක වලට අයත් වන විටමින් B -12 සහ D, කැල්සියම් සහ දිගු දාම ඔමේගා -3 මේද අම්ල ඌනතාවයන් ඇතුළත් වේ. නිර්මාංශිකයින් මෙම පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් ආහාර නිතිපතා පරිභෝජනය නොකරන්නේ නම්, ඒ සඳහා අතිරේක ආහාර ලබා ගත යුතුය. සමහර අවස්ථා වලදී, නිර්මාංශිකයින්ගේ යකඩ හා සින්ක් ඌනතා තත්ත්වයන්ද ඇති විය හැකිය.
බොහෝ හේතූන් නිසා මිනිසුන් නිර්මාංශිකයින් බවට පත්වේ. ආගමික විශ්වාසයන්, පවුල් පසුබිම,දරන පිරිවැය, සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු, සතුන් කෙරෙහි ඇති අනුකම්පාව, රසයට අකමැති වීම, සතුන්ගේ සුභසාධනය ගැන සැලකිලිමත් වීම හෝ පශු සම්පත් සඳහා ප්‍රතිජීවක සහ හෝමෝන භාවිතය හෝ පාරිසරික සම්පත් අධික ලෙස භාවිතා කිරීමෙන් වැළකීම එම හේතූන් අතර වේ. එමෙන්ම සමහර අය මස් කෑමට නොහැකි නිසා විශාල වශයෙන් නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරති. නිර්මාංශිකයෙකු වීම වඩාත් ආකර්ෂණීය හා ප්‍රවේශ විය හැකි කරුණක් වන්නේ වසර පුරා නැවුම් නිෂ්පාදන ලබා ගැනීමට හැකි වීම්, නිර්මාංශ ආහාර ගැනීමේ විකල්ප සහ බොහෝ දුරට ශාක පදනම් කරගත් ආහාර සමඟ වැඩෙන සූපශාස්ත්‍ර සංස්කෘතීන්හි
බලපෑම නිසාය. ප්‍රධාන වශයෙන් විය හැකි පෝෂණ ඌනතාවයන් කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායිකව නිර්මාංශ ආහාර ගැන පර්යේෂණ සිදු කර ඇති නමුත් මෑත වසරවලදී අධ්‍යයන මඟින් මස් රහිත ආහාර ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තහවුරු කෙරේ. වර්තමානයේ පැලෑටි පදනම් කරගත් ආහාර ගැනීම පෝෂණ ගුණයෙන් පමණක් නොව බොහෝ නිදන්ගත රෝග සඳහා ඇති අවදානම අවම කිරීමේ ක්‍රමයක් ලෙස ද පිළිගැනේ. ඇමරිකානු ආහාර පාලන සංගමයට අනුව, " නිර්මාංශ ආහාර ඇතුළත් නිසි ලෙස සැලසුම් කළ නිර්මාංශ ආහාර වේලක් සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී ආහාර වේලක් වන අතර සමහර රෝග වැළැක්වීමේ සහ ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දිය දේ."
World Vegetarian Day
Are you vegetarian? Did you know that one in ten people around the world is vegetarian? Today, October 1, is set aside for these vegetarians. October is World Vegetarian Month and World Vegetarian Day is celebrated on October 1. World Vegetarian Day was founded in 1977 by the North American Vegetarian Association (NAVS) and endorsed in 1978 by the International Vegetarian Association.
When it comes to a vegetarian diet, people usually think of a diet that does not include meat, chicken or fish. But vegetarian diets vary according to the foods they contain. Accordingly, several types of vegetarian meals can be identified.
Lacto vegetarian diets: This vegetarian diet does not include meat, fish, poultry and eggs as well as foods containing them but includes dairy products include milk, cheese, yogurt and butter in addition to plant foods.
Ovo vegetarian diets: This vegetarian diet does not include meat, poultry, seafood and dairy products but includes eggs in addition to plant foods.
Lacto-ovo vegitarian diets: This vegetarian diet does not include meat, fish or poultry, but includes dairy products and eggs in addition to plant foos.
Pescatarian diets (semi vegetarian diets): These meals may exclude meat and poultry, milk and eggs but include fish.
Vegan diets (total vegetarian diets) : This vegetarian diet does not include meat, poultry, fish, eggs and dairy products and foods containing these products. A diet based on a wide variety of whole plant foods such as fruits, vegetables, whole grains, legumes, nuts and seeds.
Recently, the popularity of vegetarian food has been on the rise. A vegetarian diet has many health benefits due to its high content of fiber, folic acid, vitamins C and E, potassium, magnesium and many phytochemicals and unsaturated fats. Compared to other diets, these vegetarian diets are low in saturated fat and cholesterol and high in dietary fiber. For these reasons, vegetarians have a lower risk of heart disease due to thinning, lower blood cholesterol, and lower blood pressure. However, eliminating all animal products from the diet increases the risk of certain nutritional deficiencies. Micronutrients in particular include vitamin B-12 and D, calcium and long-chain omega-3 fatty acid deficiencies. If vegetarians do not regularly consume foods rich in these nutrients, they should include dietary supplement into diet. In some cases, vegetarians may also have iron and zinc deficiencies
People become vegetarians for many reasons. These include religious beliefs, family background (parental influence), cost incurred, health related issues, compassion, dislike of tastes, concern for animal welfare, or the use of antibiotics and hormones for livestock, or the overuse of environmental resources. Also, some people follow a largely vegetarian diet because they cannot eat meat. Year-round availability of fresh produce, vegetarian food options, and culinary cultures that grow with plant-based foods make vegetarianism fascinating and accessible. Although research on traditional vegetarian diets has focused on potential nutritional deficiencies, in recent years studies have confirmed the health benefits of a non-vegetarian diet. Today, plant-based diets are recognized not only for their nutritional value but also as a way to reduce the risk of many chronic diseases. According to the American Dietetic Association, "a properly planned vegetarian diet, including vegetarian or vegan diets, is a healthy, nutritious diet that can provide health benefits in the prevention and treatment of certain diseases."
Article written by: Ranmini Rajapaksha
Post designed by: Lakshini Jayasooriya
References:
https://worldvegetarianday.navs-online.org/
https://www.health.harvard.edu/stay.../becoming-a-vegetarian
https://www.mayoclinic.org/.../vegetarian-diet/art-20046446
ජාත්‍යන්තර කෝපි දිනය - ඔක්තෝබර් 01 "World Coffee Day - October 01"
ජාත්‍යන්තර කෝපි දිනය
සෑම වසරකම ඔක්තෝබර් 1 දා ජාත්‍යන්තර කෝපි සංවිධානය (ICO) සහ ලොව පුරා කෝපි සංගම් රැසක් එකතුව කෝපි පානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර කෝපි දිනය සමරති. ICO විසින් 2014 දී ජාත්‍යන්තර කෝපි දිනය නම් කරන ලද අතර 2015 දී මිලානෝහිදී පළමු නිල කෝපි දිනය ආරම්භ කරන ලදී. ICOහි සාමාජික රජයන් විසින් ලෝක කෝපි නිෂ්පාදනයෙන් 97% ක් සිදු කරන අතර ලෝක පරිභෝජනයෙන් 67% ක කෝපි පරිභෝජනයක් සිදු කරයි. එසේ වුවද, විවිධ රටවල් තමන් විසින්ම යොදාගත් වසරේ විවිධ දිනවල ජාතික කෝපි දිනයන් සමරති. වර්ෂ 2009 දී ප්‍රථම නිව් ඕර්ලන්ස් කෝපි උළෙල නිවේදනය කරන අවස්ථාවේදී Southern Food and Beverage කෞතුකාගාරය විසින් 'ජාත්‍යන්තර කෝපි දිනය' යන යෙදුම භාවිතා කිරීම ආරම්භ කරන ලදී. ජාත්‍යන්තර කෝපි දිනයේ ප්‍රධාන පරමාර්ථය වනුයේ කෝපි කර්මාන්තය හා සම්බන්ධව වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ගේ උත්සාහයන්, කෝපි වල ඉතිහාසය, ප්‍රතිලාභ සහ කෝපි වල ඇති ජනප්‍රියතාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. මිනිසුන් මෙම දිනය සමරන්නේ විවිධ කෝපි වර්ග සහ කෝපි ඇට වලින් සාදන ලද කෑම වර්ග රස විදීමෙන් සහ කෝපි හල් වල විවිධ උත්සව සංවිධානය කිරීමෙනි.
කෝපි වල මූලාරම්භය ලෙස Coffea කුලය සැලකේ. දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ කෝපි පැළ විශේෂ 25 - 100 පමණ ප්‍රමාණයක් පවතී. කෝපි ප්‍රධාන වශයෙන් කැෆේන්, විටමින් B2 (රයිබොෆ්ලැවින්), මැග්නීසියම් සහ පොලිෆිනෝල් වැනි ශාක රසායනික ද්‍රව්‍ය වල ප්‍රභවයකි. කෝපි කඩයකින් ඔබ ඇණවුම් කරන කෝපි කෝප්පය භාවිතා කරන කෝපි ඇට වර්ගය, එය පිළිස්සූ ආකාරය, ඇඹරීමේ ප්‍රමාණය සහ එය පෙරන ආකාරය නිසා, ඔබ නිවසේදී පිළියෙල කරන කෝපි කෝප්පයට වඩා වෙනස් විය හැකිය. Espresso, doppio, ristretto, long black, short macchiato, long macchiato, mezzo mezzo (piccolo), cappuccino, latte, flat white, mocha, affogato, batch brew, cold drip සහ cold brew යනු විවිධ කෝපි පාන වර්ගයන් වේ.
කැෆේන් ප්‍රමාණය ගත් විට කෝපි මිලි ලීටර් 240 ක කැෆේන් මිලිග්‍රෑම් 102-200 අතර ප්‍රමාණයක් අඩංගු වේ. කැෆේන් අඩු හෝ මධ්‍යස්ථ මාත්‍රාවකින්(50-300 mg) ලබාගත් අවස්ථා වලදී ශක්තිය, සුපරීක්ෂාකාරී බව සහ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි වීමක් සිදු වන නමුත් කැෆේන් වැඩි මාත්‍රාවකින් ලබාගැනීමෙන් සාංකාව, නින්ද නොයාම, නොසන්සුන්කම සහ හෘද ස්පන්දන වේගය වැඩි වීම වැනි අහිතකර බලපෑම් ඇති විය හැක. කෝපි බොහෝ පිළිකා සඳහා අවදානම් සාධකයක් වන ප්‍රදාහ (inflammation) තත්වයන් ඇතිවීම අවම කරයි. කැෆේන් මඟින් පිළිකා සෛල වර්ධනය හා ව්‍යාප්තියට බාධා ඇති වේ. කෝපි වල අඩංගු විවිධ පොලිෆිනෝල් සත්වයන් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යනවලදී පිළිකා සෛල වර්ධනය වීම වළක්වන බව සොයාගෙන ඇති අතර කෝපි වල ස්වාභාවිකව ඇති පොලිෆිනෝල් වලට ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කළ හැකිය. කැෆේන් ආහාරයට ගැනීමෙන් කෙටිකාලීනව රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි කළ හැකි නමුත් දිගු කාලීනව කෝපි පානය කරන පුද්ගලයින්ට type 2 diabetes වැළඳීමේ අවදානම අඩු බව වාර්තා වේ. පෙරීම සිදු නොකරන ලද කෝපි වල diterpenes අඩංගු වන අතර එමඟින් අහිතකර LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණ ඉහළ දැමිය හැකිය. නමුත් පෙරන ලද කෝපි සහ ක්ෂණික කෝපි වල diterpenes නොමැති තරම්ය. කෝපි නිතිපතා පානය කිරීමෙන් හෘද රෝග හා අංශභාගය ඇතිවීමේ අවදානම අඩු කළ හැකි බව සමහර පර්යේෂණ වාර්තා වලින් කියවේ.
කෝපි යනු ශ්‍රී ලංකාවේ අපනයන බෝගයක් වන අතර එය ලොව පුරා ඉතාමත් ජනප්‍රිය පානයකි. ලොව පුරා සිටින බොහෝ දෙනෙකු තම දවස උණුසුම් කෝපි කෝප්පයකින් ආරම්භ කිරීමට පුරුදු වී සිටියි. එනිසා මෙම පානය සඳහා දිනයක්ම වෙන් කිරීම පුදුමයක් නොවේ.
International Coffee Day
Every year on October 1st, the International Coffee Organization (ICO) and dozens of coffee associations around the world celebrate International Coffee Day to promote coffee as a beverage. The ICO assigned International Coffee Day in 2014 and started the first official Coffee Day in Milan in 2015. ICO Member Governments are producing the 97% of world coffee production and also responsible for 67% of world coffee consumption. Even so, different countries commemorate national coffee days at different dates in the year by themselves. The term 'International Coffee Day' was started to be used by the Southern Food and Beverage Museum in 2009 during the announcement of the first New Orleans Coffee Festival. The main aim of International Coffee Day is to educate people about the hard work and efforts of those who are associated with the coffee industry and the history, benefits, and popularity of coffee. People celebrate this day by trying various types of coffee and dishes made out of its beans and by organizing various events in coffee shops.
The genus, Coffea, is identified as the origin of coffee. It is estimated that there are about 25 to 100 species of coffee plants. Coffee is mainly a source of caffeine, vitamin B2 (riboflavin), magnesium and plant chemicals as polyphenols. The cup of coffee you order from a coffee shop is likely different from the coffee you prepare at home due to the type of coffee beans used, the way it is roasted, the degree of grinding, and how it is brewed. Espresso, doppio, ristretto, long black, short macchiato, long macchiato, mezzo-mezzo (piccolo), cappuccino, latte, flat white, mocha, affogato, batch brew, cold drip and cold brew are some coffee beverages.
The amount of caffeine in 240ml of coffee ranges from 102-200 mg. Caffeine in low to moderate doses (50–300 mg) may cause increased energy, alertness, and ability to concentrate, but higher doses may have adverse effects such as anxiety, insomnia, restlessness, and increased heart rate. Coffee lowers inflammation, a risk factor for many cancers. Growth and spread of cancer cells are interfered by caffeine. Different polyphenols in coffee have been shown to inhibit cancer cell growth in animal studies, and naturally occurring polyphenols in coffee can act as antioxidants. Although ingestion of caffeine can increase blood sugar in the short-term, in the long term, habitual coffee drinkers have a lower risk of developing type 2 diabetes. Unfiltered coffee, contains diterpenes, that can raise bad LDL cholesterol and triglycerides. But there are almost no diterpenes in filtered coffee and instant coffee. Some evidence suggests that drinking coffee regularly may reduce the risk of heart disease and stroke.
Coffee is an export crop in Sri Lanka and one of the most loved beverages worldwide. Most people around the world kick-start their day with a cup of hot coffee. It is not at all surprising to dedicate an entire day to this beverage.
சர்வதேச கோப்பி தினம்
ஒவ்வொரு ஆண்டும் ஒக்டோபர் மாதம் 1 ஆம் திகதி சர்வதேச கோப்பி அமைப்பு (ICO) மற்றும் உலகெங்கிலுமுள்ள பல்வேறு கோப்பி அமைப்புகளினால் கோப்பியை ஒரு பானமாக ஊக்குவிக்கும் முகமாக சர்வதேச கோப்பி தினம் கொண்டாடப்படுகிறது. சர்வதேச கோப்பி அமைப்பினால் 2014 ஆம் ஆண்டு இத்தினம் உருவாக்கப்பட்டு 2015 ஆம் ஆண்டு முதன்முதலில் மிலான் நகரில் ஆரம்பித்துவைக்கப்பட்டது. ICO உறுப்புடைமை அரசுகள் உலகளாவிய ரீதியில் ஏறத்தாழ 97% கோப்பியை உற்பத்தி செய்வதுடன் 67% ஆன பாவனையிலும் பங்கெடுக்கின்றன. சில நாடுகள் இத்தினத்தை வேறு நாட்களில் கொண்டாடுகின்றன. இத்தினம் கொண்டாடப்படுவதன் முக்கிய நோக்கம் கோப்பி துறையில் உள்ளவர்களின் கடின உழைப்பு மற்றும் முயற்சி தொடர்பான விழிப்புணர்வை ஏற்படுத்துவதாகும். பல்வேறு வகையான கோப்பி பானங்களை அருந்துதல், பல்வேறு நிகழ்ச்சிகளை ஏற்பாடு செய்தல் மூலம் இத்தினம் கொண்டாடப்படுகிறது.
Coffea இனம் கோப்பியின் தோற்றமாக அடையாளம் காணப்பட்டுள்ளது. ஏறத்தாழ 25 - 100 வகையான கோப்பிப் பயிர்கள் அடையாளம் காணப்பட்டுள்ளன. கோப்பியானது caffeine, விற்றமின் B2, மக்னீசியம், polyphenols என்பவற்றின் முக்கிய மூலமாகும். Espresso, doppio, ristretto, long black, short macchiato, long macchiato, mezzo-mezzo, cappuccino, latte, flat white, mocha, affogato, batch brew, cold drip, cold brew போன்றன ஒரு சில கோப்பி வகைகளாகும்.
240 ml கோப்பியில் ஏறத்தாழ 102-200 mg caffeine காணப்படும். குறைந்தளவு அல்லது மிதமான அளவில் (50-300 mg) caffeine காணப்படும் போது அதிகரித்த ஆற்றல், விழிப்புணர்வு, கவனம் செலுத்தும் திறன் என்பவற்றிற்கு வழிவகுக்கும். எனினும் அதிகளவு caffeine பாதகமான விளைவுகளான கவலை, தூக்கமின்மை, அமைதியற்ற தன்மை, அதிகரித்த இதய துடிப்பு போன்றவற்றிற்கு வழிவகுக்கும். கோப்பியானது அநேகமான புற்றுநோய்களுக்கு முக்கிய காரணியான வீக்கத்தை (inflammation) குறைக்கிறது. புற்றுநோய்க் கலங்களின் வளர்ச்சி மற்றும் பரவலை caffeine தடுக்கிறது. கோப்பியில் காணப்படும் polyphenols புற்றுநோய்க் கலங்களின் வளர்ச்சியைத் தடுப்பதோடு antioxidant ஆகவும் காணப்படுகிறது. Caffeine ஆனது குருதியிலுள்ள சீனியின் அளவை அதிகரிப்பினும், வழக்கமாக கோப்பி அருந்துபவர்களுக்கு வகை 2 நீரிழிவு ஏற்படுவதற்கான வாய்ப்பு மிகக் குறைவாகும். வடிகட்டப்படாத கோப்பி diterpenes ஐக் கொண்டிருப்பதால் LDL கொலஸ்திரோல் மற்றும் triglycerides இன் அளவை அதிகரிக்கிறது. எனினும் வடிகட்டப்பட்ட கோப்பி மற்றும் instant கோப்பியில் diterpenes காணப்படாது. சில ஆய்வுகள், தவறாமல் கோப்பி அருந்துவதால் இதய நோய் மற்றும் பக்கவாதம் ஏற்படுவதைக் குறைப்பதாகக் குறிப்பிடுகிறது.
கோப்பியானது இலங்கையின் ஏற்றுமதி பயிராகக் காணப்படுவதுடன் உலகெங்கிலும் அதிகளவு விரும்பப்படும் பானமாகவும் காணப்படுகிறது. ஒரு தினத்தை இப்பானத்திற்காக அர்ப்பணிப்பது ஆச்சரியமான ஒரு விடயமல்ல.
Written and english translation by - Chankey Meedum
Tamil translation by - Shalomi Christopher
References
https://www.ico.org/international-coffee-day.asp
https://www.indiatoday.in/.../international-coffee-day...
https://www.hsph.harvard.edu/nutrit.../food-features/coffee/
https://www.ncausa.org/About-Coffee/What-is-Coffee
https://www.merlo.com.au/.../different-types-of-coffee...
https://www.mayoclinic.org/.../in.../caffeine/art-20049372
ආහාර හානිය හා නාස්තිය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතත්‍යන්තර දිනය - සැප්තැම්බර් 29 " International Day of Awareness of Food Loss and Waste- September 29"
*ආහාර හානිය හා නාස්තිය පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය*
වර්තමාන ලෝකය තුළ ආහාර හානිය හා නාස්තිය අවම කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්ද යත් කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2014 වසරේ සිට ක්‍රම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ආහාර ද්‍රව්‍ය ටොන් ගණනක් අපතේ යාමද සිදුවන බැවිනි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සැප්තැම්බර් 29වන දින ආහාර හානිය හා නාස්තිය පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් මෙම දිනය සැමරීමට පහසුකම් සලසන අතර එදින සිදු කරන විවිධ අංග සංවිධානය කරනු ලබන්නේ ද මෙම සංවිධාන දෙකෙනි.
මෙම දිනය සැමරීමේ අරමුණ වනුයේ, ආහාර හානිය හා නාස්තිය යන ගැටලුවේ වැදගත්කම සහ සෑම මට්ටමක දී ම එයට ගත හැකි විසඳුම් පිළිබඳව දැනුවත් කිරීමයි. තවද, 2030 වන විට සිල්ලර හා පාරිභෝගික මට්ටමින් ඒක පුද්ගල ආහාර නාස්තිය අඩකින් අඩු කිරීමටත්, ආහාර නිෂ්පාදන හා සැපයුම් දාමය තුළ දී සිදුවන ආහාර හානිය අවම කර ගැනීමටත් ඉලක්ක කරගත් තිරසාර සංවර්ධන ඉලක්කය සපුරාලීම සඳහා වූ ගෝලීය උත්සාහයන් සහ සාමූහික ක්‍රියාමාර්ග ප්‍රවර්‍ධනය කිරීමයි.
2021 සැප්තැම්බර් 29වන දින ආහාර හානිය හා නාස්තිය පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනයෙහි දෙවන සැමරීම සිදු කරයි. ආහාර හානිය සහ නාස්තිය අවම කිරීම සඳහා, FAO මඟින් "call to action" ක්‍රියාමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික යන දෙ අංශයට හා තනි පුද්ගලයන්ට ද හඳුන්වා දෙන ලදි. නව සොයාගැනීම් සමඟින් ඉදිරියට යමින්, ක්‍රියාවන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ආහාර නාස්තිය හා හානිය අවම කරගැනීමට හා වඩා හොඳ මෙන්ම ඔරොත්තු දීමට සූදානම් ආහාර පද්ධතියක් නැවත ගොඩනඟා ගැනීමට මෙමඟින් හැකිවේ. මේ වසරේ දී මෙම දිනය සමරන්නේ ගෝලීය COVID-19 වසංගතය අතරතුර, අප ආහාර නිපදවන හා පරිභෝජනය කරන ආකාරය, වෙනස් කිරීමේ හා සමබර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ගෝලීය වශයෙන් පිබිදීමක් ඇති කරමිනි.
ආහාර හානිය හා නාස්තිය යන ගැටලුව විසඳීම සඳහා වූ අපගේ ගෝලීය උත්සාහයන් ප්‍රවර්‍ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා, වෙන කවරදාටත් වඩා ආහාර හානිය හා නාස්තිය පිළිබඳ ගැටලුවේ වැදගත්කම පිළිබඳව අපි දැනුවත් විය යුතුය.
International Day of Awareness of Food Loss and Waste
In today's world, reducing food loss and wastage is essential because the number of people in hunger has been rising gradually since 2014 and tons of food is wasted. The United Nations General Assembly designated 29th of September as the International Day of Awareness of Food Loss and Waste (IDAFLW).The Food and Agriculture Organization of the UN (FAO) and the UN Environment Programme (UNEP) are collaborating in facilitating the observance of the day and the day's events are led jointly by the two organizations.
The goal of this day is to raise awareness about the importance of the problem and its possible solutions at all levels. And also to promote global efforts and collective action towards meeting the Sustainable Development Goal Target, which targets to halve per capita food waste at the retail and consumer level by 2030, and reduce food losses along the food production and supply chains.
In 2021, IDAFLW is celebrated for the second time. FAO issued a "call to action" for both the public and private sectors, as well as individuals, to prioritize actions and move ahead with innovation to reduce food loss and waste towards restoring and building back better and resilient- ready, food system. This year it comes during the global COVID-19 pandemic that has brought about a global wake-up on the need to transform and rebalance the way our food is produced and consumed.
We need to be aware of the importance of the issue of food loss and waste, now more than ever in order to promote and implement our global efforts towards resolving it.
Written and English translation by - Madhuri Dilushika
References:
http://www.fao.org/platform-food-loss-waste/news/detail/en/c/1415582/
https://sdg.iisd.org/events/international-day-of-awareness-of-food-loss-and-waste-2021/
ලෝක පොල් දිනය- සැප්තැම්බර් 02 "World Coconut Day - September 02"
ලෝක පොල් දිනය
ආසියානු පැසිෆික් පොල් සභාව පිහිටුවීම සැමරීම සඳහා 2009 දී ලෝක පොල් දිනය ප්‍රථම වරට පවත්වන ලදී. ලොව පොල් වගා කරන ප්‍රධාන රටවල් සියල්ලම පාහේ මෙම ආසියානු පැසිෆික් පොල් සභාවෙහි සාමාජිකයන් වේ. පොල් යනු ලොව සෞඛ්‍ය සම්පන්නම ආහාර අතරින් එකක් වන අතර එහි භාවිතයන් හා වැදගත්කම ප්‍රවර්‍ධනය කරමින් සැප්තැම්බර් 2 දින ලෝක පොල් දිනය සමරනු ලබයි.
පොල් යනු ප්‍රධාන වශයෙන් ඝර්ම කලාපීය ප්‍රදේශ වල සිටුවනු ලබන ඩෲප් පවුලට අයත් වන ශාකයකි. එය මාංසලමය පලතුරක් වන අතර ඉලෙක්ට්‍රෝලයිට් (විද්‍යුත් අයන / ආරෝපණ) සහ ලෝරික් අම්ලයෙන් පොහොසත් ප්‍රභවයකි. පොල් වල ප්‍රතිඔක්සිකාරක සංඝටක සහ ප්‍රතිබැක්ටීරීයා / බැක්ටීරියා වලට ප්‍රතිරෝධී, දිලීර නාශක / දිලීර ප්‍රතිරෝධී සහ ප්‍රතිවෛරස් සංයෝග බොහෝමයක් අඩංගු වේ. ලොව පුරා රටවල් 80 කට වැඩි ගණනක පොල් වගා කෙරේ. 2019 වන විට පොල් නිෂ්පාදනය කරන රටවල් අතරින් ලොව සිව්වන විශාලතම පොල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ සිදු වන බවත් ඉන්දුනීසියාව එහි ප්‍රමුඛස්ථානයක් හිමි කරගත් බවත් සඳහන් වේ.
පොල් යනු ස්වභාව ධර්මය විසින් දායාද කරන ලද බහුකාර්ය ශාක වලින් එකකි. පොල්, පොල් තෙල් සහ පොල් කිරි ප්‍රධාන වශයෙන් සූපශාස්ත්‍ර කටයුතු සඳහා භාවිතා වේ. එය තරබාරු බව අඩු කිරීමට, රුධිර සීනි මට්ටම නියමිත අගයේ පවත්වා ගැනීමට සහ ආහාර දිරවීම ප්‍රවර්‍ධනය කිරීමට උපකාරී වේ. පොල් වතුර ඉතාමත් හොඳ ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයක් වන අතර හෘද රෝග වැළැක්වීම, රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දෙන බව සොයාගෙන ඇත. එපමණක් නොව එය ඉතා රසවත් සජලන ප්‍රභවයක් ලෙසද භාවිතා වේ.
කොසු, කූඩ, පැදුරු සහ වෙනත් බොහෝ ආහාරමය නොවන නිෂ්පාදන පොල් කොළ භාවිතා කිරීමෙන් නිෂ්පාදනය කරනු ලබයි. පොල් ගෙඩියෙන් ලබා ගන්නා කොහු ස්වාභාවික ප්‍රත්‍යාස්ථ තන්තු ආකාරයක් වන අතර ඒවා ලණු, නූල්, පැදුරු ආදිය සෑදීමට හා මෙට්ට සඳහා පිරවුම් ද්‍රව්‍යක් ලෙසද යොදාගත හැකිය. පොල් කටු සහ පොල් ලෙලි හොඳ කාබන් (චාකෝල්) ප්‍රභවයක් වන බැවින් ඒවා ඉන්ධන ලෙස භාවිතා කළ හැකිය. පොල් යනු විවිධාකාර ස්වරූප වලින් විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍යයකි. පොල් බටර් සහ පොල් ක්‍රීම් රූපලාවණ්‍ය කර්මාන්තයේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන පොල් වල අතුරු නිෂ්පාදන කිහිපයකි. පොල් මඟින් සපයනු ලබන පුළුල් පරාසයක නිෂ්පාදන සහ ප්‍රතිලාභ හේතුවෙන් එය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලය, පොල් පර්යේෂණායතනය සමඟ එක්ව ලෝක පොල් දිනය සැමරීම සඳහා විවිධ අංග සංවිධානය කරයි. මෙය සැප්තැම්බර් 2 දින ප්‍රධාන වශයෙන් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේදී පවත්වනු ලබයි. එම අංග අතරින් පොල් පර්යේෂණායතනය මඟින් නිෂ්පාදනය කරන ලද වැඩි දියුණු කළ දෙමුහුන් පොල් ප්‍රභේද හඳුන්වාදීම සහ කෘමි විකර්ෂක හඳුන්වා දීම වැදගත්ම අංගයන් වේ. මීට සමගාමීව ගොවීන් සඳහා පොල් වගා කිරීමේ සංවර්ධන කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන්, ජංගම පොල් පැළ අලෙවි කිරීමේ වැඩසටහන්, ගොවි රැස්වීම් සහ ක්ෂේත්‍ර වැඩසටහන් ද සංවිධානය කෙරේ.
World Coconut Day
World Coconut Day was first observed in 2009 to commemorate the establishment of the Asian Pacific Coconut Community (APCC). All major coconut growing countries in the world are members of APCC. Coconut is one of the nature's healthiest foods consumed in the world and it is celebrated on September 2 promoting its uses and importance.
Coconut is a tree which belongs to the drupe family that has been planted mainly in tropical regions. It is a fleshy fruit and a rich source of electrolytes and lauric acid. Coconuts contain many antioxidants and antibacterial, anti-fungal, and antiviral compounds. Coconuts are grown in more than 80 countries around the world.By 2019, Sri Lanka was the fourth largest coconut producer in the world with Indonesia at the top.
Coconut is one of the most versatile plants gifted by nature. Coconut, coconut oil and coconut milk are used mainly for culinary purposes. It helps to reduce obesity, to stabilize blood sugar level and to promote digestion. Coconut water is a good source of antioxidants and has many health benefits including prevention of heart diseases, lowering blood sugar level. It is also a delicious source of hydration.
Brooms, baskets, mats and many other non-food products are made using coconut leaves. The coir that is obtained from the coconut is a sort of natural elastic fiber and they can be used to make ropes, strings, mats, stuffing for mattress, etc. Coconut shells and husks can be used as fuel because they are a good source of charcoal. Coconut is one of the prime ingredients utilized in various cosmetic products. Coconut butter and coconut cream are a few staple byproducts used in the cosmetics industry. Due to the vast range of products and benefits that are provided by coconut, it is considered as a powerhouse.
In Sri Lanka, the Coconut Development Board (CDB) combined with the Coconut Research Institute, organize various events mainly at the Lunuwila Coconut Research Institute on 2nd September celebrating the World Coconut Day. Among them, the introduction of the improved hybrid coconut varieties and insect repellents produced by the Coconut Research Institute are the most important events. Simultaneously, the coconut cultivation development programs for farmers, mobile coconut sapling marketing programs, farmer meetings and field programs are usually organized.
Written and translated by Chethya Rajakaruna
References
World leading coconut producers (online) available at https://www.statista.com
World coconut day (online) available at https://www.business-standard.com
ජාත්‍යන්තර අර්තාපල් දිනය- අගෝස්තු 19 "International Potato Day- August 19"
ජාත්‍යන්තර අර්තාපල් දිනය
ජාත්‍යන්තර අර්තාපල් දිනය සෑම වසරකම අගෝස්තු මස 19 වන දින ලොව පුරා සිටින අර්තාපල් වලට ආදරය කරන ජනතාව විසින් තම අර්තාපල් රුචිය පිළිබිඹු කිරීමේ අරමුණින් සමරනු ලබයි. අර්තාපල් දිනය සමරනු ලබන්නේ මෙම අපූර්ව අල වර්ගය හා අර්තාපල් ඇතුළත් කරමින් පිළියෙල කරන ලද ආහාර පරිභෝජනය කිරීම මඟිනි.
අර්තාපල් වල ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී, දකුණු පේරු හා බොලිවියාවේ වයඹ දිග ප්‍රදේශ වල අර්තාපල් මුල්වරට වගාකල බව සඳහන් වේ. එතැන් සිට අර්තාපල් ලොව පුරා ව්‍යාප්ත වී ඇති අතර, එය බොහෝ සංස්කෘතීන්හි ප්‍රධාන ආහාර බෝගයක් බවට පත්ව ඇත.
අර්තාපල් යනු Solanum tuberosum ශාකයේ මුල් මත වැඩෙන භූගත අලයකි. මෙය වර්ධක ප්‍රචාරණය මඟින් ප්‍රචාරණය වේ. එයින් අදහස් කරනුයේ අර්තාපල් අල හෝ අල කැබලි වලින් නව පැලයක් වගා කළ හැකි බවයි. ලොව පුරා බිලියනයකට වැඩි ජනතාවක් අර්තාපල් අනුභව කරන අතර ගෝලීය සමස්ත බෝග නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 300 ඉක්මවයි. අර්තාපල් බහුලව දක්නට ලැබෙන ඇන්ඩීස් හි දේශීය අර්තාපල් ප්‍රභේද 4,000 කට වඩා තිබේ. ඒවා විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණවලින් යුක්තයි. Wild අර්තාපල් විශේෂ 180 කට වඩා තිබේ.
අර්තාපල් මිනිසාගේ ආහාර වේල් සඳහා එකතු කර ගැනීමට හේතු කිහිපයක් පවතී. අර්තාපල් වල අඩංගු පුළුල් පරාසයක වූ රසායනික සංයෝග හේතුවෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකුත් පෝෂ්‍ය ගුණයත් ලැබේ. අර්තාපල් වල විටමින් C අන්තර්ගත වන අතර එය යකඩ අවශෝෂණය ප්‍රවර්ධනය කිරීමට දායක වේ. තවද, අර්තාපල් විටමින් B1, B3 , B6, රයිබොෆ්ලේවින්, ෆෝලේට්, පැන්ටොතෙනික් අම්ලය සහ පොටෑසියම්, පොස්පරස් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වල හොඳ ප්‍රභවයක් වේ. අර්තාපල් වල අඩංගු රසායනික සංයෝග මානව ශරීරයේ විවිධ ආකාරයෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට දායක වේ. අර්තාපල්වල ආහාරමය ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් හෘද රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා වැනි නිදන්ගත රෝග ඇති වීමේ අවදානම අඩුකළ හැකිය. තවද රුධිර සීනි පාලනය වැඩි දියුණු කිරීම, ආහාර දිරවීමේ හැකියාව වැඩි දියුණු කිරීම, cholecystokinin වැනි හෝමෝන වල මට්ටම ඉහළ නැංවීම, සහ තවත් බොහෝ ප්‍රතිලාභ ඇත.
International Potato Day
International potato day is celebrated on 19th August every year by the potato lovers all around the world with the purpose of showing affection for their favourite vegetable. Potato Day is celebrated by consuming this wonderful tuber and food prepared with the inclusion of potatoes.
In the study of the history of potatoes, they were first cultivated by man in Southern Peru and the Northwest regions of Bolivia. From that point onward it has spreaded all over the globe to become one of the primary staple crops of many cultures.
Potato is an underground tuber that grows on the roots of the Solanum tuberosum plant. Potato is vegetatively propagated, meaning that a new plant can be grown from a potato or a piece of potato. More than a billion people worldwide eat potato, and total global crop production exceeds 300 million metric tons. There are more than 4000 varieties of native potatoes, mostly found in the Andes. They come in many sizes and shapes. Also there are over 180 wild potato species.
There are several reasons to include potato in human diet. It gives a lot of health benefits and nutritional values because of the wide variety of chemical compounds in potato. Potatoes contain vitamin C, which promotes iron absorption. Furthermore, it is a good source of vitamin B1, B3, B6, riboflavin, folate, pantothenic acid and minerals such as potassium, phosphorus and magnesium. Potatoes accomplish a huge task in various different ways in human body. Potatoes are a good source of antioxidants, which may reduce the risk of chronic diseases like heart disease, diabetes and certain cancers. Furthermore, this can help to control blood sugar levels, improve digestive health, increase the levels of fullness hormones, such as Cholecystokinin and many more.
Written and English Translation by - Bismi Yeshandi
ලෝක චොක්ලට් දිනය - ජුලි 07 "World Chocolate Day - July 07"
ලෝක චොකලට් දිනය
ලෝක චොකලට් දිනය යෙදී ඇත්තේ ජූලි 7 වැනි දිනටය. මෙලෙස ලෝක චොකලට් දිනය ලෙස සැලකෙන්නේ වර්ෂ 1550 දී යුරෝපයට ප්‍රථම වරට චොකලට් ගෙන ආ දිනයයි. පළමු ලෝක චොකලට් දිනය සමරනු ලැබුවේ 2009 වර්ෂයේ වන අතර එතැන් සිට අද දක්වා සෑම වසරකම පාහේ චොකලට් ලෝලීන් විසින් මෙම දිනය සමරනු ලැබේ.
චොකලට් යනු ලොව පුරා බොහෝ දෙනා ඉතාම ප්‍රිය කරන ආහාරයක් වන අතර සෑම පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් 9 දෙනෙකුම චොකලට් වලට ප්‍රිය බව සොයාගෙන ඇත. එමෙන්ම දිනකට ආසන්න වශයෙන් බිලියනයක පමණ ජනතාවක් චොකලට් අනුභව කරන බවද සොයාගෙන ඇත.
චොකලට් සෑදීමට යොදාගන්නේ Theobroma cacao ගස් වල පළතුර ය. මෙම පළතුරෙන් ලබාගන්න කොකෝවා බීජ පැසවීම (fermentation)හා බැදීම (roasting) වැනි ක්‍රියාවලි රැසකින් පසුව ඔබ ප්‍රිය කරන චොකලට් බවට පත්වේ. Cocoa nibs යනු කොකෝවා බීජ වල වියලූ කොටස වන අතර චොකලට් සෑදීමට භාවිතා කරන බීජ වල එකම කොටස එය වේ. කොකෝවා බීජ බැදීමෙන් පසු පිටත කවචය ඉවත් කිරීමෙන් කොකෝවා සහ කොකෝවා බටර් වෙන් කරන අතර ඉන්පසු චොකලට් සෑදීම සිදු කරයි.
කොකෝවා බීජ වලින් පටන් ගෙන විවිධ පරිවර්තන ක්‍රියාවලීන් තුලින් ආහාර කර්මාන්තය තුල විවිධ වර්ගයේ චොකලට් නිෂ්පාදන සිදු කෙරේ. Dark chocolate තුල මුළු බරෙන් 80%ක් පමණම cocoa bean solids සහ cocoa butter අන්තර්ගත වේ. ඒවායෙහි ගුණාත්මකභාවය රඳා පවතින්නේ කොකෝවා ප්‍රතිශතය මතයි. චොකලට් පරිභෝජනය නිසා ඇතිවන සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලැබෙන්නේ මෙම Dark chocolate පරිභෝජනයෙනි. Gianduja chocolate යනු කොකෝවා සහ සීනි වල එකතුවෙන් සාදන ලද්දක් වන අතර එය දුඹුරු පැහයක් ගනී. Milk chocolate හි කොකෝවා 20% ට අඩු ප්‍රමාණයක්ද, ඊට අමතරව කොකෝවා බටර්, සීනි, කිරිපිටි, ලෙසිතින් ආදිය ද අඩංගු කර නිපදවා ඇත. White chocolate ගත් කල එහි කොකෝවා බටර්, කිරි සහ සීනි අඩංගු වුවද cocoa solids අඩංගු වන්නේ නැත.
කොකෝවා තුල alkaloids, proteins, beta-carotene, leucine, linoleic, lipase, lysine සහ theobromine වැනි ශාරීරික සහ මානසික සෞඛ්‍ය වඩවන සංඝටක රැසක් අඩංගු වේ. මීට අමතරව කොකෝවා වල ඇති අනෙකුත් සංඝටක මඟින් රුධිර පීඩනය අඩු කිරීම, රුධිර නාල වල විස්තාරණය සහ ශක්තිය වැඩි කිරීමෙන් රුධිර සංසරණය ක්‍රමවත් කිරීම වැනි දෑ ද සිදු කරයි. තවදුරටත් කොකෝවා තුල magnesium, calcium, sulfur, zinc, iron, copper, potassium වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණද, ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත flavonoids ද, විටමින් B1, B2, B3, B5, B9, E ආදිය ද, හෘද සෞඛ්‍යට බලපාන oleic මේද අම්ලය ද, ප්‍රෝටීන් සහ තන්තු (fiber) ආදිය ද අඩංගු වේ.
චොකලට් වල කොකෝවා වලට අමතරව අධික ප්‍රමාණ වලින් සීනි සහ සංතෘප්ත මේදය වැනි දෑ අඩංගු වන නිසා මේ අමුද්‍රව්‍ය සියල්ලගේම බලපෑම සලකා බැලිය යුතුය. මෙම චොකලට් වල අඩංගු අනෙකුත් අමුද්‍රව්‍ය නිසා එය අධි ශක්ති ( අධික කැලරි සහිත) ආහාරයක් වන අතර අධික ලෙස බර වැඩි වීම සිදුවිය හැකි අතර හෘද රෝග සඳහා අවදානම් සාධකයක් ලෙස ද ක්‍රියා කරයි.
සියලු සාධක සලකා බැලීමේදී චොකලට් වල අඩංගු වන කොකෝවා ප්‍රතිශතය වැඩි වන විට එමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ ද වැඩිවේ. ඒ අනුව ගත් විට ආහාරයට වඩාත් සුදුසු වන්නේ dark chocolate ය. ඒවායෙහි සීනි ප්‍රමාණය සහ මේද ප්‍රමාණයද සාපේක්ශව අඩු අගයක් ගැනීම විශේෂත්වයකි. එමනිසා ඔබ චොකලට් මිලදී ගැනීමේදි ආහාර ලේබලය දෙස බලා කොකෝවා ප්‍රතිශතය වැඩි චොකලට් මිලදී ගැනීමෙන් ඔබටන් සෞඛ්‍යමය වාසි රැසක් අත් කර ගත හැක.
World Chocolate Day
World Chocolate Day falls on 7th of July. It's the day when chocolate was first introduced to Europe in the year 1550. The first world chocolate day was celebrated in 2009 and it has been celebrated by chocolate lovers almost every year since then.
Chocolate is one of the most popular foods in the world and it has been found 9 out of every 10 people like to eat chocolate. It has also been found that approximately one billion people eat chocolate in a day. The fruit of the Theobroma cocao tree is used to make chocolate. The cocoa beans obtained from this fruit are converted to chocolate after several processing steps like fermentation and roasting. Cocoa nibs are the dried part of the cocoa beans and that is the only part of the beans used to make chocolate. After the roasting step of cocoa beans, the outer shell is removed and cocoa butter and cocoa is obtained for chocolate making.
Different types of chocolate products are made in the food industry through different transformation processes starting from cocoa beans. In dark chocolate, approximately 80% of the total weight is from cocoa bean solids and cocoa butter. Their quality depends on the percentage of cocoa. Many of the health benefits of chocolate come from consuming dark chocolate. Gianduja chocolate is made from a combination of cocoa and sugar and it is brown in color. Milk chocolates contains less than 20% cocoa and also contains cocoa butter, sugar, milk powder and lecithin. White chocolate contains cocoa butter, milk and sugar but does not contain cocoa solids.
Cocoa contains number of physical and mental health promoting ingredients such as alkaloids, proteins, beta-carotene, leucine, linoleic, lipase, lysine and theobromine. In addition, other ingredients in cocoa can lower blood pressure and can regulate blood circulation by dilating and increasing the strength of blood vessels. Cocoa also contains essential minerals such as magnesium, calcium, sulfur, zinc, iron, copper, potassium and flavonoids with antioxidant properties and Vitamins like Vitamin B1, B2, B3, B5, B9, E and oleic fatty acid and proteins which affect heart health and also contains fiber.
Other than cocoa, chocolates contain high amounts of sugar and saturated fats. Therefore the effect of all these ingredients should be considered. Due to other ingredients in chocolate, it is a high-energy food (high calorie) that can cause weight gain and act as a risk factor for heart diseases.
The higher the percentage of cocoa in chocolate, higher the health benefits. Therefore when considering all the types of chocolates, dark chocolate is the most suitable type for consumption. Dark chocolate also have a relatively low sugar and fat content. Therefore when you are buying chocolates, make sure to read the label and choose a chocolate with a higher cocoa percentage.
Written and English translation by - Praveeni Manodya
References
https://www.canr.msu.edu/.../chocolate_science_history...
ලෝක ප්‍රතීතන දිනය - ජුනි 08 "World Accreditation Day - June 08"
ප්‍රතීතනය යනු කුමක්ද?
ප්‍රතීතනය යනු විධිමත් හා ස්වාධීන ක්‍රියාවලියක් වන අතර එමඟින් වැඩසටහනක් හෝ ආයතනයක් ස්ථාපිත ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලන බව සහතික කරයි. පරීක්ෂණ, පරීක්ෂණ ක්‍රමාංකනය, සහතික කිරීම සහ ප්‍රවීණතා පරීක්ෂණ වලින් සමන්විත නිශ්චිත අනුකූලතා තක්සේරු කිරීමේ කාර්යයන් ඉටු කිරීමට ද එයට හැකියාව ඇත.
ප්‍රතීතනයේ වැදගත්කම හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රතීතන සංසදය (IAF) සහ ජාත්‍යන්තර රසායනාගාර ප්‍රතීතන සහයෝගීතාව (ILAC) ජුනි 9 වන දින “ලෝක ප්‍රතීතන දිනය” ලෙස ආරම්භ කරන ලද අතර එහි පළමු සැමරුම 2008 දී විය. ලෝක ප්‍රතීතන දිනය ආරම්භ කිරීමේ අරමුණ ප්‍රතීතනය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම ය.
ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය යනු දේශීය හා අපනයන වෙළඳපල සඳහා භාණ්ඩ හා සේවා සැපයීමේදී අනුකූලතා තක්සේරු කිරීමට පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රතීතන සේවා සැපයීම සඳහා සහ ප්‍රතීතන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ජාතික ප්‍රතීතන අධිකාරියයි.
ආහාර ආරක්ෂිතතාව සහතික කිරීමේදී ප්‍රතීතනයේ වැදගත්කම
ප්‍රතීතනයේ ප්‍රධාන සේවාවක් වන්නේ ආහාර ආරක්ෂිතතාව වැඩි දියුණු කිරීමයි. සරලවම අපට ආහාර ආරක්ෂිතතාව “උපද්‍රව වලින් තොර” ලෙස අර්ථ දැක්විය හැකිය. ආරක්ෂිත ආහාර පරිභෝජනය පාරිභෝගිකයින්ගේ අයිතියක් වන්නේ එය ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සමඟ අන්තර් සම්බන්ධ වී ඇති බැවිනි. ගොවිතැනේ සිට පාරිභෝගිකයා දක්වා ආහාර දාමයට වගා කිරීම, අස්වනු නෙලීම, ප්‍රවාහනය, ආහාර ගබඩා කිරීම, සැකසීම වැනි විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වේ. ආහාර ආරක්‍ෂිතතාවයට අදාළ වගකීම් මෙම එක් ක්‍රියාකාරකමකට රාමු කළ නොහැක. එයට හේතුව ආහාර ආරක්‍ෂිතතාවය සමස්ත ආහාර දාමයේම පොදු වගකීමක් වන බැවිනි. ප්‍රතීතනය ආහාර ආරක්ෂිතතාව සහතික කිරීමට දායක වන වැදගත් සාධකයකි.
පිළිගත හැකි මට්ටමට වඩා උපද්‍රව වලින් ආහාර අපවිත්‍ර වූ විට එය පාරිභෝගිකයින්ට අවදානමක් ඇති කරයි. එම උපද්‍රව ජීව විද්‍යාත්මක, රසායනික හෝ භෞතික විය හැකිය. ආහාර දාමයේ ඕනෑම අදියරකදී ආහාර උපද්‍රව වලින් දූෂණය කළ හැකිය. හානිකර බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් හෝ රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත වූ අනාරක්ෂිත ආහාර පරිභෝජනය කිරීම පාචනය සිට පිළිකා දක්වා රෝග 200 කට අධික සංඛ්‍යාවක් ඇති කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව, අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් මිලියන 600 ක ජනතාවක් (පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු) රෝගාතුර වේ. සෑම වසරකම පුද්ගලයින් 420 000 ක් මිය යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සම්පන්න ජීවිත කාලය මිලියන 33 කින් අහිමි වේ.
ප්‍රතීතනය මගින් සිදු කරනු ලබන අනුකූලතා තක්සේරු කිරීමේ කාර්යයන් ආහාර ආරක්ෂිතතාව සහතික කිරීම සහ ආහාර ආරක්‍ෂිතතා ගැටලු පාලනය කිරීම සහ වැළැක්වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජාත්‍යන්තර ප්‍රතීතන සංසදය යනු ප්‍රතීතන ආයතන සම්බන්ධ කිරීමේ සංගමය වන අතර එය ප්‍රතීතන ආයතන සමාලෝචනය කරයි. ප්‍රතීතන ආයතන විසින් සහතික කිරීමේ ආයතන, රසායනාගාර, පරීක්ෂණ ආයතන සහ අනුකූලතා තක්සේරු කිරීමේ කාර්යයන් සඳහා සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් ප්‍රතීතනය කරනු ලැබේ. ප්‍රතීතනය ලත් සහතික කිරීමේ ආයතන ආහාර ආරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා ආරම්භ කර ඇති අදාළ ප්‍රමිතීන්ට අනුකූලව ආහාර නිෂ්පාදනවල අනුකූලතාවය තහවුරු කරයි. යම් නිෂ්පාදනයක් අදාළ ප්‍රමිතියේ සඳහන් අවශ්‍යතා සපුරාලන්නේ නම්, එම ආහාරය එහි අපේක්ෂිත අරමුණු සඳහා සුදුසු වේ. ප්‍රතීතනය ලත් රසායනාගාර විසින් ප්‍රමිතීන්හි සඳහන් විධිමත් ක්‍රමයට අනුව රසායනික, ක්ෂුද්‍රජීව විද්‍යාත්මක, සංවේදක හෝ වෙනත් ආහාර ආශ්‍රිත පරීක්ෂණ සිදු කරනු ලැබේ. මෙම සියලු ප්‍රතීතනය ලත් ආයතන ඇතුළුව ආහාර ආරක්ෂිතතාව සහතික කරන විශාල දායකත්වයක් පෙන්නුම් කරයි. එබැවින් ප්‍රතීතනය ඉතා බලයලත්, නෛතික හා හොඳින් ස්ථාපිත ක්‍රියාවලියක් ලෙස පෙන්වා දිය හැකියි.
ප්‍රතීතනය තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ අන්තර් සම්බන්ධතාවයක් ඇති අතර මේ වසරේ ලෝක ප්‍රතීතන දිනයේ තේමාව මඟින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා ප්‍රතීතනය භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. වෙළඳාම වැඩි කිරීම, පරිසරය ආමන්ත්‍රණය කිරීම, සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳ ගැටළු සහ කිසියම් ආර්ථිකයක සාමාන්‍ය සමස්ත ගුණාත්මක නිමැවුම වැඩිදියුණු කිරීම වැනි අරමුණු සපුරාලීම සඳහා ප්‍රතීතනය යොදා ගත හැකි ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්වකරුවන්, නියාමකයින් සහ පාරිභෝගිකයින් සමඟ උදාහරණ බෙදා ගැනීමට ILAC සහ IAF සාමාජිකයින්ට මේ හරහා අවස්ථාවක් ලැබී තිබේ. මෙම වසරේ ලෝක ප්‍රතීතන දිනය වෙනුවෙන් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමට සහාය දැක්වීමේදී ප්‍රතීතනයේ වැදගත්කම IAF සහ ILAC හි සභාපතිවරු හඳුන්වා දී ඇත.
World Accreditation Day
What is Accreditation?
Accreditation is a formal and independent process which ensure that a program or an institution meets established quality standards. As well as it is capable to carry out specific conformity assessment tasks which consist of testing, inspection, calibration, certification and proficiency testing.
Due to the importance of accreditation, the International Accreditation Forum (IAF) and International Laboratory Accreditation Cooperation (ILAC) initiated 9th of June as the “World Accreditation Day” and its’ first celebration was in 2008. The aim of initiating the World Accreditation Day was to raise awareness of the importance of accreditation-related activities.
Sri Lanka Accreditation Board is the national accreditation authority established in Sri Lanka to promote accreditation activities and provide the necessary accreditation services to facilitate conformity assessments in the provision of goods and services for domestic and export markets.
Importance of accreditation in ensuring food safety
One of main service of accreditation is improving the food safety. Simply we can define food safety as “free from hazards”. Having safe foods is a right of consumers because it has interconnected with their health and wellbeing. Food chain from farm to consumer includes various activities such as cultivation, harvesting, transportation, storage of foods, processing etc. Responsibilities related to food safety can’t be framed to one of these activities because food safety is a shared responsibility of the whole food chain. Accreditation is one of the important factors which contribute to ensure food safety.
When foods are contaminated by hazards than the acceptable level, it makes a risk to consumers. Those hazards may be biological, chemical or physical. Foods can be contaminated with hazards in any stage of the food chain. Consumption of unsafe food contaminated with harmful bacteria, viruses, parasites or chemical substances causes more than 200 diseases, ranging from diarrhea to cancers. According to the estimations of World Health Organization, 600 million people (1 in 10 people) fall ill due to consumption of unsafe foods. As well as 420 000 people die every year, resulting in the loss of 33 million healthy life years.
Conformity assessment tasks which are carried by the accreditation play a main role ensuring food safety and controlling and preventing food safety concerns. International Accreditation Forum is the association of accreditation bodies and it peer reviews the accreditation bodies. Accreditation bodies accredit certification bodies, laboratories, inspection bodies and many other parties involved with conformity assessment tasks. Accredited certification bodies verify the conformity of food products to relevant standards which are initiated to ensure food safety. If a product fulfills the requirements mentioned in the relevant standard, that food is fit for its’ intended purpose. Accredited laboratories are performing chemical, microbiological, sensory or many other food related tests according to formal manner mentioned in standards. Including those all accredited bodies show a large contribution ensuring food safety. Therefore the final conclusion of this can be presented as accreditation is a very authorized, legal and well established process.
Accreditation has an interrelationship with Sustainable Development Goals and this year’s theme of World Accreditation Day has focused on the use of accreditation in supporting the implementation of the United Nation Sustainable Development Goals. ILAC and IAF members have gained an opportunity through this to share examples with different stakeholders, regulators, and consumers regarding how accreditation may be applied to meet objectives such as increasing trade, addressing environment, health and safety concerns, and improving the general overall quality output in an economy. Chairs of IAF and ILAC have introduced the importance of accreditation in supporting the implementation of the SDGs through a joint statement released by them for this year’s World Accreditation Day.
Article and english translation by - Upeksha Gunawardana
References
1. “World Accreditation Day 2021”
https://ilac.org/news-and.../world-accreditation-day-2021/
2. “World Accreditation Day was observed on 9th June”
https://www.sakshieducation.com/.../World-Accreditation...
ලෝක Cider දිනය - ජුනි 03 "World Cider Day - June 03"
World Cider Day
ලොව පුරා වෙසෙන Cider ලෝලීන් විසින් සෑම වසරකම ජුනි මස 03 වන දින එකට එක්කාසු වෙමින් සවුදිය පුරන්නේ ලෝක Cider දිනය සැමරීම සඳහායි. මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ Cider නිෂ්පාදන සඳහා මිනිසුන් අතර රුචිකත්වයක් ඇතිකරමින් ප්‍රසිද්ධියක් ලබා දීමය. ලෝක Cider දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ මීට වසර අටකට පෙර 2013 වර්ෂයේ දී ජර්මනියේ හෙස්හි Association of Apple Wine and Fruit Juice Press Houses හි සාමාජිකයින් විසිනි.
Cider යනු ඇපල් යුෂ මධ්‍යසාර පැසීමට ලක් කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන අඩු මධ්‍යසාර මට්ටමක් සහිත පානයකි.ඇපල් වල අඩංගු අඩු සීනි ප්‍රමාණය නිසා එය පැසවීමෙන් අඩු මධ්‍යසාර ප්‍රමාණයක් නිපදවේ. Cider වල පවතින මධ්‍යසාර ප්‍රමාණය මත එය Soft Cider (1-5%) හෝ Hard Cider (6-7%) ලෙස හඳුන්වයි. පැසවීමට ලක් කරන ලද ඇපල් යුෂ බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ රටවල් පොදුවේ 'Cider' ලෙස හැඳින්වුව ද ඇතැම් රටවල් මේ සඳහා විවිධ නම් භාවිතා කරයි. ඇමරිකාවේ නිෂ්පාදනය කරනු ලබන Cider, 'Hard Cider' ලෙස හඳුන්වනු ලබන්නේ පෙර සඳහන් කල පරිදි එහි සාපේක්ශව ඉහල මධ්‍යසාර ප්‍රමානයක් අඩංගු වීම නිසයි. ඊට අමතරව ඉතාලිය 'Sidre' ලෙසත්, ස්පාඤ්ඤය 'Sidra' ලෙසත්,ජර්මනිය සහ ස්විට්සර්ලන්තය 'Applewein' ලෙසත් Cider හඳුන්වනු ලබයි.
ක්‍රි.පූ. 55 දී පමණ රෝමානුවන් එංගලන්තය ආක්‍රමණය කරන විටත් කෙල්ට්වරුන් (බටහිර යුරෝපීය ජනවර්ගයක්) අතර Cider ඉතාම ජනප්‍රිය පානයක් විය. ඒ වන විටත් යුරෝපය සහ ආසියාව පුරා ඇපල් වගාව හොඳින් ස්ථාපිතව තිබූ අතර, දකුණු එංගලන්තය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය පලතුරු පැසවීමේ ක්‍රියවලියේ ඒ වන විටත් නිරත විය. නමුත් එංගලන්තයේ වාණිජ වශයෙන් Cider නිෂ්පාදනය ආරම්භ කරනු ලැබුවේ 19 වන සියවසේ අගභාගයේදීයි. 19 වන සියවසේ මුල් භාගයේ දී ඇමරිකාවේ ඇපල් වගාව ස්ථාපිත කිරීමත් සමඟ ඇමරිකාවේ Cider නිෂ්පාදනය ආරම්භ විය. වර්තමානයේ එක්සත් රාජධානියේ ඇපල් නිෂ්පාදනයෙන් 16% ක්ම Cider නිෂ්පාදනය සඳහා යොදාගනී. දෙවන ලෝක යුද්ධය වන තෙක් Cider යනු ප්‍රංශයේ දෙවනියට වැඩිපුරම පරිභෝජනය කරන ලද පානයක් වන අතර යුද්ධයත් සමඟ ප්‍රංශය පුරා ව්‍යාප්තව තිබූ ඇපල් වගාව විනාශ වීම නිසා Cider නිෂ්පාදනය අඩාල විය. නමුත් වර්තමානය වනවිටත් ලොව විශාලතම Cider නිෂ්පාදකයා වන්නේ ප්‍රංශයයි. ඊට අමතරව ආජන්ටිනාව, ඔස්ට්‍රියාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, චීනය, ෆින්ලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය ඇතුළු බොහෝ රටවල් වාණිජ වශයෙන් Cider නිෂ්පාදනය කරයි.
World Cider Day
Cider lovers from all over the world come together and make a toast on 3rd of June every year to celebrate World Cider day. The main purpose of celebrating this day is to create awareness among the people about various cider products. World Cider Day was established in 2013 by the members of the Association of Apple Wine and Fruit Juice Press Houses in Hess, Germany.
Cider is a low-alcoholic beverage produced by the fermentation of apple juice. Due to the low sugar content of apples, it produces less alcohol after fermentation. Depending on the amount of alcohol present in the cider, it is called Soft Cider (1-5%) or Hard Cider (6-7%). Fermented apple juice is commonly referred to as 'Cider' in many countries, including Britain, but some countries use different names for it. American-made cider is known as 'Hard Cider' because, as mentioned earlier, it has a relatively high alcohol content. In addition, Cider is known as 'Sidre' in Italy, 'Sidra' in Spain, and 'Applewein' in Germany and Switzerland.
At the time when Romans invaded England aroud 55 BCE, Cider was a popular drink among the Celts (Western Europeans). By then, apple cultivation was well established throughout Europe and Asia. Southern England, France, and Spain were already engaged in fruit fermentation. However, commercial cider production in England was begun in the late 19th century. Cider production in the United States begun in the early 19th century with the establishment of apple cultivation in the United States. Cider currently accounts for 16% of Apple's production in the UK. Until World War II, cider was the second most widely consumed beverage in France. But France is still the world's largest producer of cider. In addition, many countries produce cider commercially, including Argentina, Austria, Australia, Belgium, Canada, China, Finland, New Zealand, South Africa, Sweden, Italy, Spain, Germany, and Switzerland.
World Cider Day
உலகமெங்கிலுமுள்ள Cider பிரியர்களால் ஆண்டு தோறும் ஜுன் மாதம் 3 ஆம் திகதி உலக Cider தினமாகக் கொண்டாடப்படுகிறது. இதன் பிரதான நோக்கம் பல்வேறு வகையான Cider தயாரிப்புகள் தொடர்பாக மக்களிடையே விழிப்புணர்வை ஏற்படுத்துவதாகும். 2013 ஆம் ஆண்டு ஜேர்மனியின் ஹேஸ் நகரில் உள்ள Association of Apple wine and fruit juice press houses இனால் உலக Cider தினம் முதன்முதலில் கொண்டாடப்பட்டது.
Cider என்பது அப்பிள் பழச்சாறை நொதிக்கச்செய்வதன் மூலம் உற்பத்தி செய்யப்படும் குறைந்தளவு அற்ககோலைக் கொண்ட பானமாகும். அப்பிளில் குறைந்தளவு சீனி இருப்பதால் நொதித்த பின்பு குறைந்தளவு அற்ககோல் உற்பத்தி செய்யப்படுகிறது. Cider இல் காணப்படும் அற்ககோல் அளவிற்கேற்ப அவை Soft Cider (1-5%) அல்லது Hard Cider (6-7%) என அழைக்கப்படுகிறது. நொதிக்கப்பட்ட அப்பிள் சாறு பிரித்தானியா உட்பட பல நாடுகளால் 'Cider' என அழைக்கப்பட்டாலும், சில நாடுகள் வேறு பல பெயர்களைப் பயன்படுத்துகின்றன. அமெரிக்காவினால் தயாரிக்கப்படும் Cider 'Hard Cider' என அழைக்கப்படுகிறது. ஏனெனில் முன்னர் குறிப்பிட்டபடி இது ஒப்பீட்டளவில் அதிக அற்ககோலைக் கொண்டது. இதற்கு மேலதிகமாக, Cider ஆனது இத்தாலியில் 'Sidre', ஸ்பெயினில் 'Sidra', ஜெர்மனி மற்றும் சுவிட்சர்லாந்தில் 'Applewein' எனவும் அழைக்கப்படுகிறது.
ஏறத்தாழ கி.மு. 55 இல், ரோமானியர்கள் இங்கிலாந்தை ஆக்கிரமித்த காலத்தில், Cider ஆனது Celts (மேற்கு ஐரோப்பியர்கள்) மத்தியில் பிரபல்யமான பானமாக இருந்தது. அக்காலகட்டத்தில் அப்பிள் பயிர்ச்செய்கையானது ஐரோப்பா மற்றும் ஆசியா முழுவதும் நன்கு வியாபித்திருந்தது. தெற்கு இங்கிலாந்து, பிரான்ஸ் மற்றும் ஸ்பெயின் போன்ற நாடுகள் ஏற்கனவே பழ நொதித்தலில் ஈடுபட்டிருந்தன. எனினும் இங்கிலாந்தில் 19 ஆம் நூற்றாண்டின் பிற்பகுதியிலேயே Cider உற்பத்தி வணிக முறையில் தொடங்கப்பட்டது. 19 ஆம் நூற்றாண்டின் முற்பகுதியில் அமெரிக்காவில் அப்பிள் பயிர் செய்யப்பட்டதுடன் Cider உற்பத்தியும் ஆரம்பிக்கப்பட்டது. தற்போது ஐக்கிய இராச்சியத்தின் அப்பிள் உற்பத்தியில் Cider ஆனது 16% பங்கைக் கொண்டுள்ளது. இரண்டாம் உலகப் போர் வரை, Cider ஆனது பிரான்சில் இரண்டாவது அதிகமாக நுகரப்பட்ட பானமாகும். ஆனால் பிரான்ஸ் இன்றும் உலகின் மிகப்பெரிய Cider உற்பத்தியாளராக உள்ளது. இதற்கு மேலதிகமாக ஆர்ஜென்டினா, ஆஸ்திரியா, ஆஸ்திரேலியா, பெல்ஜியம், கனடா, சீனா, பின்லாந்து, நியூசிலாந்து, தென்னாப்பிரிக்கா, சுவீடன், இத்தாலி, ஸ்பெயின், ஜெர்மனி மற்றும் சுவிட்சர்லாந்து உள்ளிட்ட பல நாடுகள் Cider ஐ வணிக ரீதியாக உற்பத்தி செய்கின்றன.
Written and English translation by - Hansani Perera
Tamil translation by - Shalomi Christopher
References
It's World Cider Day on June 3rd [online], available at https://www.worldciderday.com
The Science of cidermaking Part 1 - Introduction [online], available at https://www.cider.org
World Cider Day | inCiderJapan [online], available at https://www.inciderjapan.com
ලෝක කිරි දිනය - ජුනි 01 "World Milk Day - June 01"
ලෝක කිරි දිනය
ගෝලීය ආහාරයක් ලෙස කිරිවල ඇති වැදගත්කම හඳුනා ගැනීම සහ කිරි කර්මාන්තය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් 2001 වසරේ දී ලෝක කිරි දිනය ආරම්භ කරන ලදී.සෑම වර්ෂයකම ලෝක කිරි දිනය ජුනි මස 1 වැනි දින ලොව පුරා සමරනු ලබයි. බිලියනයක ජනතාවගේ ජීවනෝපායන් සඳහා කිරි දායක වන ආකාරය ඇතුළුව ලොව පුරා සෑම වසරකම කිරි සහ කිරි නිෂ්පාදන වල ප්‍රතිලාභ සක්‍රීයව ප්‍රවර්ධනය කරනු ඇත.එමගින් ඔවුන් කිරි ගොවිතැන නැවත ලොවට හඳුන්වා දෙනු ඇත.
මේ වසරේ ලෝක කිරි දිනයේ තේමාව වනුයේ කිරි කර්මාන්තයේ තිරසාරභාවය මෙන්ම පරිසරය, පෝෂණය සහ සමාජ ආර්ථික විද්‍යාව සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.
කිරි යනු ක්ෂීරපායීන්ගේ ක්ෂීරධර ග්‍රන්ථි මඟින් ස්‍රාවය වන පෝෂ්‍ය පදාර්ථ සහිත සුදු පැහැති තරලයකි. එය බොහෝ දුරට ජලය, මේදය, ලැක්ටෝස්, ප්‍රෝටීන් සහ ඛනිජ ද්‍රව්‍ය වලින් සමන්විත වේ. පොදුවේ ගත් කල, එක්සත් ජනපදයේ එළකිරි වල දළ සංයුතිය ජලය 87.7%, ලැක්ටෝස් (කාබෝහයිඩ්‍රේට්) 4.9%, මේදය 3.4%, ප්‍රෝටීන් 3.3% සහ ඛනිජ 0.7% (අළු ලෙස හැඳින්වේ) වේ. විශේෂය (ගව, එළු, බැටළු), අභිජනනය (හොල්ස්ටයින්, ජර්සි), සත්ව ආහාර සහ කිරි ලබාදෙන අවධිය අනුව කිරි වල සංයුතිය එකිනෙකට වෙනස් වේ.කිරි යනු මිනිස් ආහාර වේලෙහි වැදගත්ම ආහාරයකි, මන්දයත් වර්ධනයට සහ යහපැවැත්මට අත්‍යවශ්‍ය බොහෝ සංඝටක ඉතා සුළු ප්‍රමාණයන්ගෙන් එහි අඩංගු වන බැවිනි. කෙසේ වෙතත්, එහි සාපේක්ෂව ඉහළ සංතෘප්ත මේද අනුපාතය හෘද වාහිනී පද්ධතියට අහිතකර බලපෑම් පිළිබඳ ගැටළු මතු කරයි. ලොව පුරා ක්‍රීම්, බටර්, යෝගට්, කෙෆීර් සහ චීස් වැනි විවිධ කිරි නිෂ්පාදන කිරි භාවිතා කර නිෂ්පාදනය කරනු ලැබේ.
World Milk Day
In 2001, World Milk Day was established by the Food and Agriculture Organization of United Nations to recognize the importance of milk as a global food, and to celebrate the dairy sector. World Milk Day is celebrated around the world on 1st of June every year. Each year since, benefits of milk and dairy products have been actively promoted around the world, including how dairy supports the livelihoods of one billion people.
This year, theme of milk day focuses on the Sustainability in the dairy sector along with empowering the environment, nutrition and socio-economics. In doing this, they will re- introduce dairy farming to the world.
Milk is a nutrient rich white fluid that come from mammary glands of mammals. It consists largely water, milk fat, lactose or milk sugar, protein and mineral matter. In general, the gross composition of cow's milk in the U.S. is 87.7% water, 4.9% lactose (carbohydrate), 3.4% fat, 3.3% protein, and 0.7% minerals (referred to as ash). Milk composition varies depending on the species (cow, goat, sheep), breed (Holstein, Jersey), the animal's feed, and the stage of lactation. Milk is one of the most important foods in the human diet because it has many components present in very small quantities that are essential for the growth and well- being. However, its relatively high saturated fat content raises issues on the cardiovascular system. Different dairy products are produced in the world using milk, such as cream, butter, yogurt, kefir and cheese.
உலக பால் தினம்
ஐக்கிய நாடுகள் சபையின் உணவு மற்றும் விவசாய அமைப்பினால், உலகளாவிய ஆகாரமான பாலின் முக்கியத்துவத்தை அடையாளப்படுத்தல் மற்றும் பாற்பண்ணைத்துறையை கொண்டாடுதல் போன்றவற்றை நோக்கமாக கொண்டு, உலக பால் தினமானது 2001ம் ஆண்டு அறிமுகப்படுத்தப்பட்டது.இது ஒவ்வொரு வருடமும் ஜூன் மாதம் முதலாம் திகதி கொண்டாடப்படுகிறது. பில்லியன் கணக்காண மக்களின் ஜீவனோபாயமாக பால் துறையானது பங்களிப்பு செய்வதனால், ஒவ்வொரு ஆண்டும் பால் மற்றும் பால் உற்பத்திப் பொருட்களின் உற்பத்தி, அனுகூலம் தொடர்பான விளம்பரப்படுத்தல் தீவிரமாக நடைபெறுகிறது.
இவ்வருடம் உலக பால் தினத்தின்ஆய்வுப்பொருள் யாதெனில் பாற்பண்ணைத்துறையின் நிலைத்தன்மையை பேணுவதோடு சுற்றுச்சூழல்,போசணை,சமூக பொருளாதாரம் என்பவற்றை மேம்படுத்தல் ஆகும். இதன் மூலம் பாற்பண்ணை விவசாயத்தை மீளக்கட்டியெழுப்ப எதிர்பார்க்கப்படுகிறது.
பாலானது முலையூட்டிகளின் பாற்சுரப்பிகளால் சுரக்கப்படும் போசணை செறிந்த வெள்ளை நிற திரவமாகும்.இது அதிகளவு நீர்,கொழுப்பு,லக்டோசு,புரதம் மற்றும் கனியுப்புக்களை உள்ளடக்கியுள்ளது.பொதுவாக அமெரிக்க நாடுகளில் பாலின் மொத்த கட்டமைப்பானது 87.7% நீர் , 4.9%லக்டோசு(காபோவைதரேற்று),3.4%கொழுப்பு,புரதம் மற்றும் 0.7%கனியுப்பு என்பவற்றை உள்ளடக்கியுள்ளது. பாலின் கட்டமைப்பானது ,முலையூட்டி இனம்(பசு,ஆடு,செம்மறி ஆடு),அவற்றின் வகைகள்(Holstein,Jersey),விலங்கு தீவன வகைகள்,பாலூட்டலின் நிலை என்பவற்றுக்கு ஏற்றவாறு மாறுபடும்.மனித வளர்ச்சி மற்றும் ஆரோக்கியமான வாழ்வு என்பவற்றுக்கு தேவையான அனைத்து போசணைப்பதார்த்தங்களையும்,சிறு கனவளவு பால் கொண்டிருப்பதால் இது மனித உணவின் முக்கிய உணவாக உள்ளது.இருப்பினும் அதன் அதிக நிறைவுற்ற கொழுப்பானது இருதய நோய்களை தோற்றுவிப்பதில் பிரதான காரணியாகும். பாலை பயன்படுத்தி cream ,butter, yoghurt, kefir மற்றும் cheese போன்ற பல உணவுப்பொருட்கள் உற்பத்தி செய்யப்படுகிறது.
Written and English translation - Madhuri Dilushika
Tamil translation - F.S.L.Mohamed
References
World Milk Day (online ) available at http://www.fao.org
World Milk Day (online) available at https://worldmilkday.org
Composition of Milk (online) available at http://www.milkfacts.info/.../Milk%20Composition%20Page.htm
ජාත්‍යන්තර තේ දිනය - මැයි 21 "International Tea Day - May 21 "
තේ හා බැඳුණු සංස්කෘතික හා වාණිජමය වටිනාකම සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැයි 21 ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කරන ලද අතර, ප්‍රථම වරට 2020 වර්ෂයේ දී ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබිණි. ජාත්‍යන්තර තේ දිනයේ මෙවර තේමාව වන්නේ tea:resilient sustainable and healthy from field to cup යන්නයි.
තේ මගින් ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරමින්, තේ නිෂ්පාදන ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීමත් ඒ හා බැඳුණු සංස්කෘතික උරුමයන් සෞඛ්‍යමය හා ආර්ථිකමය වටිනාකම් ඇගයීම අරමුණු කරගනිමින් මෙවර ජාත්‍යන්තර තේ දිනය සමරනු ලැබේ.
Camellia sinesis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ පැළෑටියෙන් නෙළාගන්නා තේ දළු මඟින් නිපදවන තේ, ජලයට පසුව ලොව වැඩිම පිරිසක් රසවිදින පානයයි.නිෂ්පාදන ක්‍රියාවලියේ දී යොදා ගන්නා වූ ඔක්සිකරණ හා පැසීමේ ක්‍රියාවලින්ට අනුව green tea(හරිත තේ ) ,black tea ,oolong tea ලෙස විවිධ වර්ගයේ තේ පානයන් වෙළඳපොලේ දක්නට ලැබේ. තේ මෙතරම් ජනප්‍රිය පානයක් වීමට එක් හේතුවක් ලෙස එහි ඖෂධීය ගුණයෙන් යුත් සංඝටක අඩංගු වීම හැඳින්විය හැක. Catechin වැනි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් පොලිෆීනෝල, ශරීරය නිපදවන විෂ සහිත මුක්ත ඛණ්ඩක වල බලපෑම අවම කරන අතර, එමගින් පිළිකා ඇතිවීමේ අවදානම අවම කරයි. ඊට අමතරව සිරුරේ බර පාලනය, හෘද සෞඛ්‍ය පවත්වා ගැනීම, දියවැඩියාව, පාකින්සන් රෝග වැළඳීමේ අවදානම අවම කිරීම වැනි ප්‍රතිලාභ තේ පානයෙන් ලබාගත හැක.මීට අමතරව තේවල අඩංගු කැෆේන් උත්තේජකයක් ලෙස ක්‍රියා කර සිරුර ප්‍රබෝධවත් කරන අතර, අවධානය, මතකය ඇතුළු මොලේ ක්‍රියාකාරීත්වයන් දියුණු කිරීම සිදු කරයි.
එසේම තේ ශ්‍රී ලංකාව ඇතුළුව බොහෝ දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකය කෙරෙහි ඉතා විශාල වූ බලපෑමක් ඇති කරන අපනයන බෝගයක් ලෙස හැඳින්විය හැකි අතර, තේ නිෂ්පාදන කර්මාන්තය ලොව පුරා බිලියන 13කට අධික ජනතාවගේ දිවි සරිකරන්නට කරන්නට සමත් වී ඇත.තේ වගාව වර්ෂාපතනය, උෂ්ණත්වය වැනි දේශගුණික සාධක වලට ඉතා සංවේදී වීම හේතුවෙන් තේ වගාව ඉතා සීමිත වූ රටවල් ප්‍රමාණයක සිදුකරයි. වර්තමානයේ ශ්‍රී ලංකාව, චීනය ,කෙන්යාව ඇතුළු රටවල් 35කට අධික සංඛ්‍යාවක තේ වගාවකිරීම සිදු කරයි.
🛑උපුටාගැනීම තහනම්.🚫
International Tea Day
Recognizing the cultural and economic value of tea, the United Nations has designated May 21 as International Tea Day. The first international tea day celebration was held in 2020. The theme for the year 2021 is “tea: resilient sustainable and healthy from the field to cup.”
International Tea Day is considered as an opportunity to celebrate cultural heritage, health benefits and economic importance of tea while making its production sustainable “from field to cup” ensuring its benefits for people, cultures and the environment.
Tea is made from the plant named Camellia sinesis and it is the world’s most consumed drink after water. Depending on the oxidation and fermentation processes used in the production process, different types of tea products such as green tea, black tea, oolong tea are available in the market. Health benefits of tea is one of the major reasons for tea to become so popular. Polyphenols with antioxidant properties, such as catechin, reduce the effects of free radicals produced in the body, thereby reduce the risk of cancer. In addition, tea helps in weight control, maintaining heart health, and it reduces the risk of diabetes and Parkinson's disease.
Tea is an export crop which is a main source of income for many developing countries, including Sri Lanka. Also, the tea industry has been providing a livelihood for over 13 billion people around the world .Tea production is highly sensitive to changes in growing conditions and because of that ,tea is cultivated in a limited number of countries. Currently tea is grown in more than 35 countries, including countries like Sri Lanka, China and Kenya.
🛑Please do not copy without prior permission.🚫
உலக தேயிலை தினம்
தேயிலையின் கலாச்சார மற்றும் பொருளாதார பெறுமதியை உணர்ந்த ஐக்கிய நாடுகள் சபை மே மாதம் 21 ஆம் திகதியை உலக தேயிலை தினமாக பிரகடனப்படுத்தியது. முதன்முதலில் உலக தேயிலை தினமானது 2020 இலேயே கொண்டாடப்பட்டது. 2021 இல் இந்நிகழ்வின் கருப்பொருளானது "தேயிலை: நிலையாக மற்றும் ஆரோக்கியமாக, தோட்டத்திலிருந்து கோப்பைக்கு" என்பதாகும். உலக தேயிலை தினமானது கலாச்சார பாரம்பரியம், சுகாதார நலன்கள் மற்றும் பொருளாதார முக்கியத்துவத்தை கொண்டாடும் ஓர் வாய்ப்பாக அமைவதோடு அதன் உற்பத்தியை நிலையானதாக "தோட்டத்திலிருந்து கோப்பைக்கு" பேணுதல் மூலம் மக்கள், கலாச்சாரம் மற்றும் சுற்றாடலுக்கு கிடைக்கும் நலன்களை உறுதிப்படுத்தலாகும்.
தேயிலையானது Camellia sinesis எனும் தாவரத்திலிருந்து உற்பத்தியாக்கப்படுவதுடன் உலகிலேயே நீருக்கு அடுத்தபடியாக மக்களால் அதிகம் நுகரப்படுகிறது. அதன் உற்பத்தியில் பயன்படுத்தப்படும் ஒட்சியேற்றம் மற்றும் நொதித்தல் செயன்முறையினால் வெவ்வேறு விதமான தேயிலை உற்பத்திகள் மேற்கொள்ளப்படுகிறது. உதாரணமாக green tea, black tea, oolong tea போன்றவை சந்தையில் காணப்படுகின்றன. தேயிலையில் காணப்படும் சுகாதார நலன்களே அவை அதிகம் பிரசித்தி பெற காரணமாக அமைகிறது. Polyphenols இல் உள்ள antioxidant காரணிகள், அதாவது catechin போன்றவை உடலிலிருந்து உருவாகும் சுயாதீன மூலிகத்தின் விளைவுகளை குறைக்கும். இதனால் புற்றுநோய் உண்டாவதற்கான வாய்ப்பும் குறைகிறது. இதற்கு மேலதிகமாக உடற்பருமன் கட்டுப்படுத்தல், சீரான இதய தொழிற்பாடு, உடலில் நீரிழிவு ஏற்படுவதற்கான வாய்ப்பை குறைத்தல், Parkinson's நோய் ஏற்படுவதை குறைத்தல் போன்றவற்றில் ஈடுபடும்.
இலங்கை உட்பட பெருமளவு வளர்ந்து வரும் நாடுகளில் பிரதான வருமானத்தை ஈட்டும் துறையாக தேயிலை ஏற்றுமதி காணப்படுகிறது. தேயிலை துறையானது, உலகளாவிய ரீதியில் ஏறக்குறைய 13 பில்லியன் மக்களின் வாழ்வாதார துறையாக அமைந்துள்ளது. தேயிலை வளர்ப்பிற்கான காரணிகள் மட்டுப்படுத்தப்பட்டுள்ளதால் வரையறைக்குட்பட்ட சில நாடுகளிலேயே இப் பயிர்ச்செய்கை இடம்பெறுகிறது. தற்போது தேயிலையானது 35 இற்கும் மேற்பட்ட நாடுகளில் பயிரிடப்படுகிறது. இலங்கை, சீனா, கென்யா போன்ற நாடுகளும் இதில் உள்ளடங்கும்.
🛑 பிரதி எடுக்க தடை🚫
Written and English translation by - Kavindi Nagasinghe
Tamil translation by - Shalomi Christopher
References:
International Tea Day (online) available at https://www.un.org
International Tea Day (online) available at http://www.fao.org
Tea and Health: Studies in Humans (online) available at m.nih.gowww.ncbi.nlv
ජාත්‍යන්තර මී මැසි දිනය - මැයි 20 "World Bee Day - May 20"
මී මැස්සන්ටත් දවසක් තියෙනවාද??? ඔබට මුලින්ම සිතෙන්න ඇත්තේ එයයි.
එක්සත් ජාතීන් විසින් සෑම වර්ෂයකම මැයි 20 දිනය ලෝක මී මැසි දිනය ලෙස නම් කර ඇති අතර පළමු ලෝක මී මැසි දිනය 2018 වසරේ මැයි 20 වන දින සමරනු ලැබීය. මෙවර 2021 වර්ෂයේ සමරනු ලබන්නේ එහි සිව්වන සැමරුමයි. Anton Janša, නවීන මීමැසි පාලන ශිල්පීය ක්‍රමවේදයන් සඳහා පුරෝගාමිවරයා වූ, ඔහුගේ උපන්දිනය (20 May 1734 in Slovenia) සිහි කිරීම සඳහා ලෝක මී මැසි දිනය මැයි 20 වන දිනට යොදා ගෙන ඇත. මෙවර 2021 වර්ෂයේ ලෝක මී මැසි දින තේමාව වන්නේ “Bee engaged: Build Back Better for Bees” යන්නයි. පරිසර පද්ධතිය තුල මී මැස්සන් මෙන්ම අනෙකුත් පරාගවාහකයන්ගේ භූමිකාව, ආර්ථිකයේ තිරසාර සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන තර්ජන වලින් ඔවුන්ව ආරක්ෂා කිරීමත් අරමුණු කරගෙන මෙවර මෙම සැමරුම FAO (Food and agriculture organization) මගින් සංවිධානය කරනු ලබයි.
ආහාර හා ජීවයේ පැවැත්මට මී මැස්සන් මෙතරම් වැදගත් ද???
“මී මැස්සන් පෘථිවියේ සිට අතුරුදහන් වුවහොත් මිනිසාට ජීවත් වීමට ඉතිරිව ඇත්තේ වසර හතරක් පමණි.” මෙම ප්‍රසිද්ධ කියමන එහි වැදගත්කම මොනවට විදහාපායි. මේ පිළිබඳව තවමත් පර්යේෂණ සිදු කරමින් පැවැතියද මී මැස්සා පෘථිවි ජීවයට ඍජුව ම බලපාන බව අද වනවිට ලෝකයම පිළිගනිමින් සිටී.පෘථිවි පරිසර පද්ධතිය තුළ ආහාර දාමයන් සහ ආහාර ජාල තුළ මී මැස්සන්ගේ වැදගත්කම,ජෛව විවිධත්වයට ඔවුන් දක්වන දායකත්වය සහ පරාගණය මගින් ආහාර නිෂ්පාදනයට මී මැස්සන්ගේ දායකත්වය මිල කළ නොහැකි ය. පරාගණය යනු අපගේ පරිසර පද්ධතිවල පැවැත්ම සඳහා වන මූලික ක්‍රියාවලියකි. පරාග එක් මලක සිට තවත් මලකට ගෙන යාමෙන් මී මැස්සන් සහ අනෙකුත් පරාගවාහකයන් පලතුරු සහ බීජ වර්ග බහුල ලෙස නිෂ්පාදනය කිරීමට දායකත්වය ලබා දෙයි. ලෝකයේ සපුෂ්ප ශාක විශේෂවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් සත්ව පරාගණය මත රඳා පවතින අතර ලෝකයේ ආහාර බෝග වලින් 75% කට වඩා සහ ගෝලීය කෘෂිකාර්මික භූමියෙන් 35% කට වඩා වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ එය මතයි. මීට අමතරව, මී මැස්සන් නිෂ්පාදනය කරන මී පැණි යනු වඩාත්ම වාසිදායක හා ආර්ථිකමය වශයෙන් වැදගත් නිෂ්පාදනයකි.
මෑතකදී, මී මැස්සන් සහ අනෙකුත් පරාගවාහකයන් වැඩි වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් වලින් තර්ජනයට ලක්ව ඇත. ලෝකයේ විවිධ මී මැස්සන් විශේෂ 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වේ.එක්සත් ජනපද ජාතික කෘෂිකාර්මික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 1947 දී මීවද මිලියන 6 සිට 2008 දී මී වද මිලියන 2.4 දක්වා 60% ප්‍රතිශතයකින් අඩුවී ඇති බවයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසස්ථාන අහිමිවීම, පළිබෝධනාශක භාවිතය, විවිධ බැක්ටීරියා රෝග සහ දේශගුණික විපර්යාස ඇතුළු සාධක රාශියක් සෘජුව හා වක්‍රව මෙලෙස මී මැස්සන් වඳ වීමේ අවදානමට හේතු කාරක වෙයි. මේ නිසා, මිනිස්සුන් ගේ මෙන්ම ලෝකවාසී සියලු ජීවීන්ගේ සාගින්න නිවීම ප්‍රමුඛ කොට ගෙන ගෝලීය ආහාර සැපයුම පවත්වා ගැනීමත් සහ වඩාත් වැදගත්ම වශයෙන් පෘථිවි ජීවය තවදුරටත් පවත්වා ගැනීම උදෙසා සොබාදහම හා පරාග කාරකයන් සමඟ අප සම්බන්ධ වන්නේ කෙසේද යන්නත්, පරාග වාහකයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ත් යළි සිතා බලා කටයුතු කිරීමට පෘථිවි වාසීන් සඳහා කාලය උදා වී ඇත.
World Bee Day
Do bees have a day too ??? That's what you might have thought at first.
The United Nations declares 20th May of each year as World Bee Day, and the first World Bee Day was celebrated on May 20, 2018. This is the fourth anniversary of the year 2021. May 20 is World Bee Day to commemorate the birthday of Anton Janša, the pioneer of modern beekeeping techniques (20 May 1734 in Slovenia). The theme of this year's World Bee Day 2021 is "Bee engaged: Build Back Better for Bees". The event is organized by the FAO (Food and Agriculture Organization) to raise awareness on the significant role of bees as well as other pollinators in the ecosystem, their contribution to the sustainable development of the economy and to educate people about protecting them from threats.
Are bees so important for food and survival ???
“If the bee disappeared off the face of the Earth, man would only have four years left to live.” This famous saying illustrates its importance. Although research are still being done on this, the world is now acknowledging that bees have an impact on life on Earth. Pollination is a basic process for the survival of our ecosystem. By transporting pollen from one flower to another, bees and other pollinators contribute to the abundant production of fruits and seeds. Nearly 90% of the world's flowering plant species depend entirely or partially on animal pollination, and more than 75% of the world's food crops and more than 35% of the world's agricultural land depend on it. In addition, bee honey and bee wax are profitable and economically important products.
Recently, declining the numbers of different species of bees have been widely concerned among people all over the world. Bees and other pollinators have become increasingly threatened by human activities. The Earth is home to nearly 20,000 different species of bees. The U.S. National Agricultural Statistics show a honey bee decline from about 6 million hives in 1947 to 2.4 million hives in 2008, a 60 percent reduction. Habitat loss due to various farming practices and activities, usage of pesticides, various bacterial diseases and climate changes are some of the factors that directly and indirectly influencing to the risk of bee extinction. Therefore, it is important to rethink how we interact with nature and pollinators to maintain a global food supply and most importantly, to sustain life on Earth. These fantastic fuzzy creatures help to keep our planet alive. Thus, the time has come for the inhabitants of the earth to act.
Written and English translation by - Niromi Shalika Jagodaarachchi
References
https://www.un.org › observancesWorld Bee Day | United Nations
http://www.fao.org › world-bee-day
World Bee Day | FAO | Food and Agriculture Organization
https://www.worldbeeday.org › ...Welcome - Celebrate World Bee Day
ලෝක සෞඛ්‍ය දිනය - අප්‍රේල් 07 "World Health Day - April 07"
අපගේ ජීවිතයේ විවිධ අරමුණු, අපේක්ෂාවන් හා ජයග්‍රහණ බොහොමයක් පැවතියත්, මෙලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුගේම මූලික බලාපොරොත්තුව වන්නේ සතුට සාමය පිරි සෞඛ්‍යවත් ජීවිතයක් ගත කිරීමයි. 'සෞඛ්‍යය' යන වචනය හුදෙක් මතුපිට අර්ථයට වඩා, සැඟවුණු ගැඹුරු අර්ථයක් දරයි.
1948 අප්‍රේල් 7 වන දින ලෝක සෞඛ්‍යය සංවිධානය (World Health Organization - WHO) පිහිටුවීමත් සමඟ මෙම වැදගත් දිනය සිහිපත් කිරීම සඳහා සෑම වසරකම අප්‍රේල් 7 වන දිනය ලෝක සෞඛ්‍යය දිනය (World Health Day) වශයෙන් සමරනු ලැබේ. විශේෂයෙන්ම කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබාගත් අත්දැකීම් හා බලපෑම් ද සමඟ අපගේ සෞඛ්‍යය පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමු කරමින්, "වඩා යහපත් සෞඛ්‍යය සම්පන්න ලෝකයක් ගොඩනගමු" (Building a Fairer, Healthier World) යන තේමාව යටතේ මෙවර ලෝක සෞඛ්‍යය දිනය සමරනු ලැබේ.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිර්වචනයට අනුව, සෞඛ්‍යය යනු හුදෙක් ලෙඩ රෝග හා දුබලතාවයන්ගෙන් තොරවීම පමණක් නොව, පරිපූර්ණ ශාරීරික, මානසික හා සමාජයීය යහපැවැත්මයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බලපාන ප්‍රධාන අංග වන්නේ ශාරීරික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික ස්ථාවරත්වයයි. පසුගිය දශක පහක කාලය තුළ දේශගුණික විපර්යාස, තරබාරුකම, මානසික අවපීඩනය, ළමා රැකවරණය වැනි ලෝක අර්බුද සඳහා විසඳුම් ලබා දීමට ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් සෞඛ්‍යය දිනය යොදාගෙන තිබේ. 2015 වර්ෂයේ තේමාව වූයේ "ගොවිපල සිට පිඟාන දක්වා ආහාර" (Foods from farm to plate) යන්නයි. ලෝක සෞඛ්‍යය දිනය සැමරීමට යොදාගන්නා ලද මෙම තේමාවන් පිළිබඳ සැලකීමේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය විසින්, මානව හා ලෝක සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සියලු අංශයන් ආවරණය වන පරිදි ඒවා තෝරා ගෙන ඇති බව පැහැදිලි වේ.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්ෂික වාර්තාවලට අනුව ඔවුන් හඳුනාගෙන ඇති ප්‍රධාන ගැටලුව වන්නේ විවිධාකාර ලෙඩ රෝග වර්ග පැවතීමයි. ලෝක සෞඛ්‍යය සංවිධානය මෙන්ම ලෝකයේ සියලුම රටවල් තම අරමුදල් වලින් වැඩි ප්‍රමාණයක් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා යොදවා ඇත. බෝවන රෝග හා බෝ-නොවන රෝග වශයෙන් රෝග ප්‍රධාන කාණ්ඩ දෙකකට අයත් වේ. මේ අතරින් බෝ-නොවන රෝග වේගයෙන් ඉහළ යමින් පවතින අතර, වඩාත් හානිකර බවද හඳුනාගෙන ඇත.
කෝවිඩ් 19, ඩෙංගු, මැලේරියාව වැනි බෝවන රෝග වාතය, ජලය, ආහාර හා සතුන් හරහා ව්‍යාප්ත වේ. බෝ-නොවන රෝග ප්‍රධාන වශයෙන් අයහපත් ආහාර පුරුදු, ප්‍රමාණවත් ව්‍යායාම නොමැති වීම වැනි කරුණු නිසා හටගනී.
2015 වර්ෂයේ ලෝක සෞඛ්‍යය දින සැමරුම් තේමාව ආහාර මත පදනම් විය. මෙයට හේතුව වූයේ ආහාර, ලෝක ප්‍රජාව අතර බොහොමයක් බෝවන හා බෝ-නොවන රෝග ඇති කිරීමට හේතුවන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන තිබීමයි. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, සෑම පුද්ගලයෙකුම ආහාර මඟින් ඇතිවන රෝගවලට ගොදුරු වීමේ අවධානමක පසුවන අතර, අලුතෙන් මතුවන ආහාර සුරක්ෂිතතා තර්ජන හා ආහාර දාම ගෝලීයකරණය වීමත් සමඟ ආහාර සුරක්ෂිතතාව දිනෙන් දින ප්‍රජා සෞඛ්‍යය ගැටලුවක් බවට පත් වෙමින් ඇත.
දියවැඩියාව, පිළිකා, හෘද හා පෙනහළු ආශ්‍රිත රෝග වැනි බොහොමයක් රෝග සෘජුවම සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පරිභෝජනය නිසා හටගන්නා බව හඳුනා ගෙන ඇත. මේ නිසා සෑම දෙනෙක්ම එදිනෙදා පරිභෝජනය කරන ආහාර, ගොවිපලේ සිට තම පරිභෝජනය දක්වා පැමිණීමේ ක්‍රියාවලියේ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සැලකිලිමත් විය යුතුව ඇත. මන්ද සමබල, පෝෂ්‍යදායී ආහාර රටාවකට යොමු වීම, ප්‍රීතිමත්, සෞඛ්‍ය සම්පන්න හා අඩු අවදානම් සහිත ජීවිතයක් ගොඩනගා ගැනීමේ හා පවත්වාගෙන යාමේ මූලික පදනම වන බැවිනි.
අප අප්‍රේල් 7 ලෝක සෞඛ්‍යය දිනය විවිධ තේමාවන් යටතේ නොයෙක් සැමරුම් හා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් සමරනු ලැබුවත්, ලෝක ප්‍රජාවෙන් බහුතරයක් සෞඛ්‍යයේ වටිනාකම අවබෝධ කරගැනීම සඳහා ප්‍රමාණවත් දැනුමක්, වටිනාකමක් හෝ යහපත් පරිසරයක් නොමැති වීමෙන් පීඩා විඳියි. ප්‍රමාණවත් යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් ඔවුන්ට තම ජීවිතය පවත්වා ගෙන යාම උදෙසා දිනපතා නොනවතින අරගලයක නිරත වීමට සිදුව ඇත.
එබැවින් පෞද්ගලික මෙන්ම ගෝලීය හා ප්‍රජා සෞඛ්‍යය පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් වශයෙන් වඩා යහපත් ලෝකයක් ගොඩනැගීම සඳහා නිසි සෞඛ්‍යය මාර්ගෝපදේශ පිළිපදිමින් සෞඛ්‍යය සම්පන්න පුද්ගලයෙකු වීමේ වටිනාකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අප සැමගේ යුතුකමක් වේ.
World Health Day
Out of all our goals, anticipations, and achievements in life, what should be our ultimate reward? Everyone living in this world prefers a life which is comprised of happiness, peace and health. The word “Health” is bearing a hidden worth than it is displaying.
The World Health Organization was established on the 7th of April 1948. In order to memorize that valuable day which gave a sign of responsibility in health of the world community, 7th of April is celebrated as the World Health Day every year. In this year, we are celebrating the World Health Day under the theme “Building a fairer, healthier world”, by concerning more and more on our health with the lessons and influences that have been granted by the Covid-19 pandemic crisis.
According to the WHO definition, health means a state of complete physical, mental and social well-being and not merely the absence of diseases or infirmity. As mentioned in the definition, the four main areas which impact on a healthy life are physical, mental, social, and spiritual stability. In 2020, we have celebrated this day with the theme of “Year of the Nurses and Midwives” and 2015 theme was “Foods from farm to plate”. If we consider the thematic areas that were adopted to celebrate world health day, it is obvious that the WHO has chosen those by covering all the sectors in human and world health. Over the past five decades, by highlighting this valuable day, WHO has been able to make some solutions to control certain world crisis such as climatic changes, obesity, depression, child care, etc.
According to the annual reports of WHO, the main problem that they have identified is the presence of several types of diseases. The organization, as well as all the countries in the world allocate a majority of their funds to control the spreading of diseases. There are two main categories of diseases which we could easily identify, and they are infectious diseases and non-infectious diseases. Out of those two, non-infectious diseases are rapidly increasing and are identified as more harmful.
Infectious diseases like Covid - 19, Dengi and Malaria spread among the world community through air, water, food, and animals. Non-infectious diseases are mainly coming up with bad food habits, lack of exercises, etc.
In the 2015 world health day celebration, the main theme was adopted based on food. This is because the world community has identified food as the main factor which causes many infectious and non-infectious diseases. WHO says that everybody is at the risk of facing food-borne diseases and with newly emerging food safety threats and with increased globalization of the food chain, food safety is becoming an increasing public health concern. There are many harmful diseases like diabetics, cancers, cardio and pulmonary diseases; all of which are directly caused by the consumption of unhealthy food. This is the reason why everyone should pay more attention on their daily meals from farm to plate, because a balanced and a nutritious diet is the main foundation of building and continuing a happy, healthy and a less risky life.
Though we are celebrating 7th of April by conducting many kinds of campaigns and awareness programs under different thematic areas, a majority of the world community do not have enough knowledge, worth and good environment to understand the value of health. They are suffering from lack of infrastructures and other sanitary facilities which are intended to keep them safe. They are struggling every single day to continue their lives.
Therefore, as people who are responsible of our personal health as well as of the global and community health, it is our duty to make people aware about the worth of being a healthy person while following the proper health guidelines in order to make a better world.
Written by - Kusal Senarath Bandara
References
https://www.who.int/westernp.../news/events/world-health-day
https://www.who.int/.../from-farm-to-to-plate-make-food-safe
ජාත්‍යන්තර කැරට් දිනය - අප්‍රේල් 04 "International Carrot Day - April 04"
ජාත්‍යන්තර කැරට් දිනය සෑම වසරක ම අප්‍රේල් මස 4 වන දින ලොව පුරා සිටින කැරට් වලට ආදරය කරන ජනතාව විසින් තම කැරට් රුචිය පිළිඹිබු කිරීමේ අරමුණින් සමරනු ලැබේ. එය කැරට් සාද සහ වෙනත් උත්සව පැවත්වීම මගින් කැරට් නැමැති එළවළුව සිහිපත් කිරීමේ දිනය ලෙසට වෙන් කෙරේ.
ජාත්‍යන්තර කැරට් දිනය මුල් වරට හඳුන්වා දෙන ලද්දේ 2003 වසරේදී ය. ඒ කැරට් පිළිබද දැනුම හා ඒවායේ විශේෂිත ලක්ෂණ ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙනි. මෙම දිනයේ නිර්මාතෘවරයා අඥාත ය. එක් මිනිසුන් කණ්ඩායමක් විශ්වාස කරන පරිදි කැරට් දිනයක් හඳුන්වා දීමේ අරමුණ වී ඇත්තේ කැරට් නිෂ්පාදන අතිරික්තයක් සදහා සරිලන ඉල්ලුමක් සපයා ගැනීමට අවශ්‍යතාවයක් ඇති වීමයි.
කැරට් යනු මුලෙහි ආහාර තැන්පත් කරන බහුලව ම තැඹිලි පැහැයෙන් දක්නට ලැබෙන එළවළුව කි.ලොව පුරා වසරකට කැරට් ටොන් මිලියන 35 ක් පමණ නිෂ්පාදනය කෙරේ. මෙම එළවළුව පර්සියාවෙන් සම්භවය වූ බවත් මූලිකව ම පත්‍ර සහ බීජ සදහා වගා කළ බවත් සදහන් වේ. පැළෑටියේ මුදුන් මුල ආහාරයට ගනු ලබන අතර පත්‍ර ද ඇතැම් විට ආහාර ලෙස යොදා ගනී. තැඹිලි පැහැයට අමතරව කහ, සුදු, රතු, දම් හා කලු වර්ණ වලින් යුත් කැරට් දක්නට ලැබේ. කැරට් ප්‍රධාන වශයෙන් බටහිර හා නැගෙනහිර වශයෙන් වර්ග දෙකක් දක්නට ලැබේ. තැඹිලි, කහ සහ සුදු පැහැති කැරට් වර්ග බටහිර කාණ්ඩයට අයත් වන අතර ඒවා පොදුවේ 𝘋𝘢𝘶𝘤𝘶𝘴 𝘤𝘢𝘳𝘰𝘵𝘢 ssp. 𝘴𝘢𝘵𝘪𝘷𝘶𝘴 නමින් හැඳින් වේ. සෙසු වර්ණ වන රතු, දම් හා කලු පැහැති කැරට් වර්ග නැගෙනහිර කාණ්ඩයට අයත් වන අතර ඒවා නමින් 𝘋𝘢𝘶𝘤𝘶𝘴 𝘤𝘢𝘳𝘰𝘵𝘢 ssp. 𝘢𝘵𝘳𝘰𝘳𝘶𝘣𝘦𝘯𝘴 නම් වේ.
කැරට් මිනිසාගේ ආහාර වේලක් සඳහා එකතු කර ගැනීමට හේතු කිහිපයක් පවතී. කැරට් වල අඩංගු පුළුල් පරාසයක වූ රසායනික සංයෝග හේතුවෙන් සෞඛ්‍යය ප්‍රතිලාභ රැසකුත් පෝෂ්‍ය ගුණයත් ලැබේ.කැරට් වල ඇල්ෆා කැරොටීන් සහ බීටා කැරොටීන් ද නියමිත ප්‍රමාණ වලින් විටමින් K හා විටමින් B6 ද අඩංගු වේ. මීට අමතරව ඇල්කොලොයිඩ, කැරොටිනොයිඩ, ෆ්ලෙවොනොයිඩ, ශාකසාරමය තෙල්, ෆෝලික් අම්ලය, පැන්ටොතෙනික් අම්ලය, ඛණිජ ලවණ, ලෙඩරෝග වලට පිළියම් කළ හැකි සංයෝග සහ තවත් බොහෝමයක් රසායනික සංයෝග ද අඩංගු වේ.කැරට් වල අඩංගු රසායනික සංයෝග මානව ශරීරයේ විවිධ ආකාරයෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වේ. ශරීරයේ බර අඩු කිරීම, දෘෂ්ටිය වැඩි දියුණු කිරීම, පිළිකා වලින් වැළැක්වීම, නිරෝගී සමක් වර්ධනය කිරීම, වකුගඩු ආරක්ෂා කිරීම, සෛල වලට හානි කළ හැකි මුක්තඛණ්ඩක වලට එරෙහිව ආරක්ෂාව සැපයීම, කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම, මානව ශරීරය තුළ ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිබැක්ටීරියා ලෙස ක්‍රියා කිරීම සහ තවත් බොහොමයක් ප්‍රතිලාභ ඇත.
INTERNATIONAL CARROT DAY
International carrot day is celebrated on 4th April in every year by the carrot lovers in all around the world with the purpose of showing affection for their favorite vegetable. It is the day that carrot is celebrated through carrot parties and other festivities.
International carrot day was declared in 2003 with the intention of spreading the knowledge about carrot and its specific characteristics around the world. The creator of the day is unknown. A group of people believe that the objective of introducing an International carrot day was to increase the demand for the vegetable which had a massive production.
Carrot is a root crop which can be mostly found in orange color. Across the globe over 35 million tons of carrots are produced in each year. It is believed to be originated from Persia and was initially cultivated for leaves and seeds. Taproot of the plant is considered to be the edible part although the greens are also sometimes eaten. In addition to the orange colour, yellow, white, red, purple and black color carrots are available. Carrots come in two main categories and they are Western and Eastern. The orange, yellow and white carrots are coming under western category which is named as 𝘋𝘢𝘶𝘤𝘶𝘴 𝘤𝘢𝘳𝘰𝘵𝘢 ssp. 𝘴𝘢𝘵𝘪𝘷𝘶𝘴 while red, purple and black carrots are included in Eastern category which is named as 𝘋𝘢𝘶𝘤𝘶𝘴 𝘤𝘢𝘳𝘰𝘵𝘢 ssp. 𝘢𝘵𝘳𝘰𝘳𝘶𝘣𝘦𝘯𝘴.
There are several reasons to include carrot in human diet. It gives a lot of health benefits and nutritional values because of the wide variety of chemical compounds including in carrots. Carrots contain Alpha carotene, Beta carotene and also right amount of vitamin K, Vitamin B6. In addition to that alkaloids, carotenoids, flavonoids, essential oils, folic acid, pantothenic acid, minerals, other compounds that are important for treating diseases and many more useful chemical compounds are included. Carrots accomplish a huge task in various different ways in human body such as weight loss, improving vision, preventing cancers, for a healthier skin, protecting kidneys, providing protection against free radicals that damage body cells, reducing cholesterol, working as antioxidants and antibacterial in human body and many more.
Written by – Nayomi Sanjalika Bandara
References
https://happydays365.org/.../international-carrot-day.../...
https://www.rspcaassured.org.uk/.../international-carrot.../
ලෝක ජල දිනය - මාර්තු 22 "World Water Day - March 22"
සෑම වසරකම මාර්තු මස 22 වන දිනට යෙදී ඇති ලෝක ජල දිනය මේ වසරේදී සමරනු ලබන්නේ 'ජලයේ වටිනාකම තක්සේරු කිරීම (Valuing water)' යන තේමාව යටතේයි.
මූලිකවම මෙහිදී, ලොව පුරා වෙසෙන සුරක්ෂිත ජලය නොමැතිව ජීවත් වන, බිලියන 2.2 ක ජනතාව පිළිබඳව අවධානය යොමු කිරීම සිදු වේ. මෙය, ගෝලීය ජල අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තබනු ලබන සාර්ථක පියවරක් ලෙස සැලකිය හැකිය. ලෝක ජල දිනයේ ප්‍රධානම අරමුණ වන්නේ "තිරසාර සංවර්ධන ඉලක්කය (sustainable development goal) 6 : 2030 වර්ෂය වන විට සැමට ජලය සහ සනීපාරක්ෂාව" යන්න සාක්ෂාත් කර ගැනීම සදහා සහය වීමයි.එමෙන්ම, ජලය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් සැපයීම සහ ජල සම්පත් සංරක්ෂණය සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ලොව පුරා සිටින ජනයා පොළඹවා ගැනීමද මෙලෙස ලෝක ජල දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අභිප්‍රායන් වේ.
ජලයේ වටිනාකම මිල කල නොහැකිය. World Water Vision වාර්තාවේ සදහන් වී ඇත්තේ “අද ගෝලීය ජල අර්බුදයක් පවතී. නමුත් මෙම අර්බුදය හටගෙන ඇත්තේ අපගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම නිසා නොවේ. එය ජලය කළමනාකරණය කිරීමේ ගැටළුවක් වන අතර බිලියන ගණනාවක් ජනතාව සහ පරිසරය මේ නිසා පීඩාවට පත්ව සිටී. ” ලෙසයි.
ජලය යනු, පෘථිවිය මත පවතින ජීවයට අත්‍යවශ්‍යම දෙය වන අතර එය වැදගත් වන්නේ පිපාසය සංසිඳවීමට හෝ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට පමණක්ම නොවේ. රැකියා උත්පාදනය කරමින් ආර්ථික, සමාජීය හා මානව සංවර්ධනය සදහා දායක වීම, නිවෙස් වල වැඩ කටයුතු , ආහාර, සංස්කෘතිය, අධ්‍යාපනය සහ අපගේ ස්වාභාවික පරිසරයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහාද ජලය ඉතා වැදගත් වේ.
"ලෝක ජල දිනය" ලෙස දිනයක් ගෝලීය වශයෙන් ප්‍රකාශයට පත් කර, වසරකට වරක් සැමරීමක් සිදු කලද ආරක්ෂිත ජලය සඳහා ගෝලීය අවශ්‍යතාවය වසරේ සෑම දිනකම පවතී. දිළිඳුකමින් පෙළෙන ජනතාවට අපහසුතාවයකින් තොරව ආරක්ෂිත ජලය ලබා ගත හැකි පරිදි ඔවුන් සවිබල ගැන්වීමෙන් අපට සෑම දිනක්ම ජල දිනයක් බවට පත් කළ හැකිය.
තිරසාර ජල ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහා කරැණු ඇතුළත් නව ලෝක ජල සංවර්ධන වාර්තාවක්(world water development report )සෑම වසරකම ලෝක ජල දිනයේ හෝ ඊට ආසන්නව නිකුත් කරනු ලැබේ. ලෝක ජල දිනය සඳහා වාර්ෂික තේමාව මෙම වාර්තාවේ අරමුණ සමඟ බැදී පවතී.ජාත්‍යන්තර ජල දිනයේ මූලාරම්භය 1993 වර්ෂය දක්වා දිව යයි. 1993 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (United Nations General Assembly) විසින් මාර්තු මස 22 වන දින පළමු ලෝක ජල දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
World Water Day
World Water Day is celebrated every year throughout the world on 22nd March and in the year 2021 it is expected to focus on the theme, 'Valuing Water'.
As a step towards tackling the global water crisis, world water day raises awareness of the 2.2 billion people living without access to safe water. Supporting to achieve the “Sustainable Development Goal (SDG) 6: water and sanitation for all by 2030” is a core focus of World Water Day. World Water Day provides a platform to inspire people around the world to share ideas about water-related issues and take some actions in terms of preservation and conservation of water resources.
Water means different things to different people and the value of water is about much more than its price. World Water Vision Report has pointed out that "There is a water crisis today. But the crisis is not about having too little water to satisfy our needs. It is a crisis of managing water so badly that billions of people - and the environment - suffer badly."
There is nothing more essential to life on Earth than water and it is not only to quench thirst or protect health. Water is vital for creating jobs and supporting economic, social, and human development, households, food, culture, education, and the integrity of our natural environment. This year, World Water Day will focus on these different values of water.
Although a global celebration of water happens once a year on World Water Day, the global necessity for safe water to wash hands, drink, and keep families healthy exists every day. Together we can make every day, water day by empowering people living in poverty with affordable access to the safe water.
A new World Water Development Report which includes tools to formulate and implement sustainable water policies is released each year for policy makers on or near World Water Day. The annual theme for World Water Day is aligned with the focus of the report. The idea for this international day goes back to 1993. In 1993, the United Nations General Assembly designated 22 March as the first World Water Day.
Article written by: Chathubhani Hettiarachchi
References :
https://www.worldwaterday.org/
https://www.un.org/en/observances/water-day
ලෝක ස්ථූලතා දිනය - මාර්තු 04 "World Obesity Day - March 04"
සෑම වසරකම මාර්තු 4 වන දිනය ලෝක ස්ථූලතා දිනය ලෙස සමරනු ලැබේ. මෙවර 2021 වසරේ ස්ථූලතා දිනය සඳහා තේමාව වන්නේ “සෑම ශරීරයකටම සෑම කෙනෙකුම අවශ්‍යයි” යන්නයි. මෙය 2015 වසරේදී ප්‍රථම වරට ස්ථූලතාව වැඩිවීම හා ඒ හා සම්බන්ධ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳව ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලදී.
එතැන් සිට මෙම දිනය වාර්ෂිකව සෞඛ්‍ය සම්පන්න බරක් ළඟා කර ගැනීමට සහ එය පවත්වා ගැනීමටත්, ස්ථූලතාව මග හැරවීමට මිනිසුන්ට උපකාර කළ හැකි ක්‍රියාවන් උත්තේජනය කිරීමට සහාය දීමත් අරමුණු කර ගෝලීය මට්ටමින් දියත් කරනු ලබයි.
ලෝක ස්ථුලතා දිනයේ ඉලක්කය වන්නේ ස්ථූලතාව පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමයි. එමගින් ස්ථූලතාවයෙන් මිදීමට සහ එමගින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මිනිසුන්ට උත්තේජනයක් දීම අපේක්ශා කෙරෙයි.
ශරීර ස්කන්ධ දර්ශකය (BMI), 30 හෝ ඊට වැඩි BMI අගයක් සහිත පුද්ගලයෙකු සාමාන්‍යයෙන් ස්ථූල අයකු ලෙස සැලකේ. ස්ථූලතාවය යනු ලොව පුරා බිලියන දෙකකට වඩා වැඩි පිරිසකට බලපාන නිදන්ගත රෝගයක් වන අතරම එය තවත් නිදන්ගත රෝග කිහිපයක අවදානම වැඩි කරයි. ස්ථූලතාවය ලොව පුරා ඇති බරපතලම සෞඛ්‍ය ගැටලුවක් ලෙස සලකයි. ස්ථූලතාව වැළැක්වීම, ඒ සදහා ප්‍රතිකාර කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළු ක්ෂේත්‍ර සදහා නව විසඳුම් සමාජය තුළින්ම සොයාගත යුතුය.
ස්ථූලතාවයට ප්‍රධාන හේතුව ලෙස අධික ලෙස ආහාර ගැනීම සහ සිරුරට අවශ්‍ය ක්‍රියාකාරීත්වයන් නිසියාකාරව පවත්වා නොගෙන සිටීම දක්වා ඇත.
ඔබගේ දිනක කැලරි පරිභෝජනය ස්ථූලතාව සඳහා ඇති අවදානමට බලපෑම් කරයි. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ශාරීරිකව ක්‍රියාශීලී පිරිමියෙකුට දිනකට කැලරි 2500 ක් සහ කාන්තාවන්ට කැලරි 2000 ක් අවශ්‍ය බව ජාතික සෞඛ්‍ය සේවය පවසයි. ස්ථූලතාවය වළක්වා ගැනීම සඳහා මෙම කැලරි, සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික හා නිවසේ සැකසූ ආහාර වලින් පරිපූර්න කළ යුතුය. අධික ලෙස ක්ෂණික ආහාර පරිභෝජනය කිරීමෙන් ඔබ ස්ථූල වීමේ අවදානම ඉහළ දමනු ඇත. එසේම, ඔබ නිතරම විශාල ප්‍රමාණ වලින් ආහාර අනුභවයට ගන්නේ නම්ද, ව්‍යායාම නොමැතිකම සහ ශාරීරික ක්‍රියාකාරකම් මද බවද ඔබේ අවදානම වැඩි කරයි. ඔබ ප්‍රමාණවත් ලෙස ක්‍රියාකාරී නොවන විට, ඔබ ගන්නා ආහාර මගින් සපයන ශක්තිය භාවිතා කිරීමට ඔබට නොහැකි වේ.
එලෙසම ජානමය සබඳතා මගින් පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවටද මෙම රෝග තත්ත්වය සම්ප්‍රේෂණය විය හැක. ඔබට ස්ථූලවීම පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබේ නම්, එය ඔබටද අවදානමක් ඇති කරනු ඇත.
මන්ද තයිරොයිඩතාව යනු තයිරොයිඩ් ග්‍රන්ථිවල අක්‍රමිකතා නිසා ඇතිවන තත්වයක් වන අතර එය ස්ථූලවීමට හේතු විය හැකි තවත් එක් සාධකයකි. හෝමෝන අසමතුලිතතාවයද මේ සදහා අත්වැල සපයයි.
කාලයක සිට පවතින මානසික ආතතියද නොදැනුවත්වම බර වැඩිවීමට හා ස්ථූලවීමට හේතු වේ. මානසික ආතතීන් මඟින් ඔබේ බර අඩු කර ගැනීමේ ඉලක්ක වලට බාධා ඇති විය හැකි අතර බර අඩු කර ගැනීම ඔබට වඩාත් අපහසු වනු ඇත.
1975 වසරේ සිට ස්ථූලතාවය තුන් ගුණයකින් වැඩි වී ඇති අතර ළමුන් හා නව යොවුන් වියේ දරුවන් අතර මෙය පස් ගුණයකින් වැඩි වී ඇත.මෙය සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය නොවන රටවල සියලුම සමාජ කණ්ඩායම්වල සියලුම වයස්වල පුද්ගලයින්ට බලපායි.
වර්තමානය වනවිට ස්ථූලතාවය ශ්‍රී ලංකාවේ ද නැගී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ඇස්තමේන්තු කර ඇති පරිදි වැඩිහිටියන්ගෙන් 7.3% ක් (වයස අවුරුදු 18 සහ ඊට වැඩි) කාන්තාවන් සහ වැඩිහිටි පිරිමින්ගෙන් 2.9% ක් ස්ථූලතාවයෙන් පෙළෙති. මුල් අවධියේදීම මෙම ගැටළුව පාලනය කිරීමට සෞඛ්‍ය අංශයේ මැදිහත්වීම අවශ්‍ය බව පෙනීයන කරුණක් වේ.
World Obesity Day
Every year 4th March is observed as the World Obesity Day. The theme for world obesity day 2021 is ''every body needs everybody''.
It was launched in the year 2015 in order to spread awareness about the rising problem of obesity and the health hazards associated with it.
The day is essentially an annual campaign that aims at stimulating and supporting actions that can help people achieve and maintain a healthy weight and reverse obesity crisis going on at a global level.
On World Obesity Day, the goal is to make more people aware about the issue of obesity and encourage people to share their experiences. This will help people get rid of obesity and thereby living a healthy life. A person with a BMI of 30 or more is generally considered obese.
Obesity is a chronic disease affecting more than two billion people around the world and it increases the risk of several chronic diseases. Obesity is viewed as the most serious health problems worldwide. As a social responsibility, radical solutions should be found to fight obesity including prevention, treatment and paying attention to a healthy lifestyle.
The top cause of obesity is eating too much and moving too less. How many calories you consume in a day can also influence your risk of being obese. On an average, a physically active man needs around 2,500 and women need 2000 calories in a day to maintain a healthy weight, according to National Health Service. In order to avoid obesity, these calories should be taken from healthy, natural and homemade food.
Consumption of junk food in excess can put you at risk of obesity. Also, the risk is more if you eat foods in large portions and eat too frequently.
Lack of exercise and physical activity can increase your risk. When you are not active enough, you are unable to use energy provided by the food you eat.
your genetics may also be responsible for obesity. If you have a family history of obesity, it might put you at risk of it as well.
Hypothyroidism is a condition caused by underactive thyroid gland. It is a condition which can lead to obesity. Poor lifestyle is the one of the main causes of hypothyroidism and obesity. Hormonal imbalance may also be blamed.
Being chronically stressed can lead to unintentional weight gain and obesity. Stress can hamper your weight loss goals and make it more difficult for you to lose weight.
Obesity rates have nearly have tripled since 1975 and have increased almost five times in children and adolescents, affecting people of all ages from all social groups in both developing and non developing countries.
Obesity has become an emerging public health problem in Sri Lanka as well .
The country has shown estimated 7.3% of adult (aged 18 years and over) women and 2.9% of adult men living with obesity.
Urgent public health interventions are needed to control the problem at an early stage.
Article and English translation by - Keshika Hansani
Reference -
1. https://www.google.com/url?sa=t&source=web&rct=j...
2. https://pubmed.ncbi.nlm.nih.gov/20406417/
Prevalence of overweight and obesity
3. https://globalnutritionreport.org/.../southern.../sri-lanka/
Country Nutrition Profiles
ලෝක මාෂ බෝග දිනය - පෙබරවාරි 10 "World Pulses Day - February 10"
සෑම වසරකම පෙබරවාරි මස 10 වන දිනට යෙදී ඇති ලෝක මාෂ බෝග දිනයේ මෙවර තේමාව වන්නේ, “සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් උදෙසා මාෂ බෝග භාවිතය සහ, තිරසාර ආහාර පද්ධති සහ සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් සඳහා මාෂ බෝගවල දායකත්වය හඳුනා ගැනීමත්, ඒ පිළිබඳව ඇති දැනුවත්භාවය වැඩි දියුණු කිරීමත් ය”.
රනිල කුලයට අයත් ශාක වල ආහාරයට ගත හැකි බීජ “මාෂ බෝග” ලෙස හඳුන්වනු ලැබේ. අප එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිතයට ගන්නා මාෂ බෝග වර්ග වනුයේ පරිප්පු, බෝංචි, මුං ඇට,කව්පි, කඩල, රටකජු,සෝයා බෝංචි ආදියයි.මාෂ බෝග, පෝෂණ ගුණයෙන් ඉතා පොහොසත් වන අතර, ප්‍රෝටීන් හා ක්ෂුද්‍ර පෝෂක (micronutrients) බහුලව අඩංගු ප්‍රභවයකි. විශේෂයෙන්ම මාෂ බෝග යකඩ සහ පොටෑසියම් යන ක්ෂුද්‍රපෝෂක බහුල වශයෙන් දරන අතර, ඒවායේ අන්තර්ගත සෝඩියම් ප්‍රමාණය අඩු අගයක් ගනී. තව ද ඒවා අඩු මේද ප්‍රමාණයක් දරන අතර කොලෙස්ටරෝල් අඩංගු වන්නේ නැත.
එබැවින් ඒවා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
එසේම මස්,කිරි ආහාර, මාලු වැනි සත්ව ආහාර මිලට ගැනීමට අපහසු දිළිදු, ආර්ථික අපහසුතා සහිත පවුල් සදහාද, ආදේශකයක් ලෙස මාෂ බෝග යොදාගත හැක. තවද මෙම මාෂ බෝග දීර්ඝ කාලීනව , නරක් වීමකින් තොරව ගබඩාකර තබාගැනීමට හැකිවීම යන හේතූන් නිසාම මාෂ බෝග ආහාර සුරක්ශිතතාව උදෙසා විශාල කාර්යයභාරයක් ඉටු කරයි.
එසේම මෙම රනිල කුලයට අයත් ශාක වර්ග වල විශේෂත්වය වන්නේ,ඒවායේ මූල ගැටිති තුළ වෙසෙන සහජීවී රයිසෝබියම් බැක්ටීරියා වලට ඇති නයිට්රජන් තිර කිරීමේ හැකියාවයි. එනිසා මෙම මාෂ බෝග හා රනිල කුලයට අයත් ශාක වර්ග,පසේ සෞඛ්‍ය තත්වය නඩත්තු කිරීමටත් එසේම තවදුරටත් එය වැඩිදියුණු කිරීමටත් දායක වේ.ඒ අනුව දරිද්‍රතාවය, ආහාර සුරක්ෂිතතාව, පසේ සෞඛ්‍ය තත්වය සහ දේශගුණික විපර්යාස වැනි විවිධ අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙම මාෂ බෝග තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
2013 දෙසැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද සමුළුවේදී 2016 වර්ෂය "ජාත්‍යන්තර මාෂබෝග වර්ෂය" (International Year of Pulses) ලෙස නම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නායකත්වයෙන් පැවැත්වූ මෙම සැමරුම, තිරසාර ආහාර නිෂ්පාදනයේ කොටසක් වන මාෂ බෝග වල පෝෂණ ගුණය හා පාරිසරික ප්‍රතිලාභ පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීමට සමත් විය. 2019 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පෙබරවාරි 10 "ලෝක මාෂ බෝග දිනය" (World Pulses Day) ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
World Pulses Day
The world pulses day falls on 10th of February. The theme for the year 2021 is, "Love pulses for a healthy diet and planet will be an opportunity to raise awareness and recognize the contribution of pulses to sustainable food system and healthy diets".
Pulses are the edible seeds of plants which belong to the legume family. The most commonly consumed legumes are lentils, beans, green grams, cowpeas, chickpeas, peanuts, soybeans, etc. Pulses are rich in nutrients and also they are considered as a good source of protein and micronutrients. Specially pulses are rich in iron and potassium and low in sodium. Also they contain a less amount of fat and contain no cholesterol. Therefore, they play a vital role in a healthy diet.
Pulses are a very good substitute for the families which have financial issues and cannot afford money for animal foods like fish, meat, milk, etc. Also pulses can be stored for a long time without spoiling. Due to these reasons, pulses are considered as one of the foods which immensely support the food security.
The uniqueness of these legumes is their ability of nitrogen fixation with the help of Rhizobium bacteria that live in the root nodules. Therefore, pulses and legumes contribute to maintain and enhance the soil fertility. As a result of that, these pulses play a crucial role in dealing with the challenges such as poverty, food security, soil fertility and climatic changes.
On 20th December 2013, the United Nations General Assembly proclaimed that 2016 as the "International Year of Pulses". The celebration of this event in the year 2016, which was lead by the Food and Agriculture Organization of the United Nations (FAO), increased the public awareness about the nutritional value and environmental benefits of pulses as a part of sustainable food production. In 2019, the United Nations General Assembly proclaimed February 10 as the "World Pulses Day".
Article and English translation by – Madara Pallemulla
Reference:
World Pulses Day [online] available at