Food for Life
Article 16- සුව දිවියට මග සලසන Nutraceuticals "Nutraceuticals :The Vital Components for a Healthy Life"
සුව දිවියට මග සලසන :Nutraceuticals
Nutraceuticals යන වරණය ගොඩනැගී ඇත්තේ ‘Nutrition’ (පෝෂණය) හා ‘Pharmaceuticals’ (ඖෂධ) යන වචන දෙකෙහි සංකලනයෙනි. Nutraceuticals යනු ආහාර මගින් ලබා දෙන මූලික පෝෂණ අගයෙන් ඔබ්බට ශරීරයට අමතර සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන, විශේෂිත ආහාරයකින් හුදකලා වූ ආහාරයක් හෝ සංඝටකයක් ලෙස අර්ථ දැක්විය හැකිය. Nutraceuticals භාවිතය වර්තමානයේ වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇත්තේ ඒවා ශරීරයට වැදගත් පෝෂ්‍යමය, ආරක්ෂාකාරී හා චිකිත්සක ප්‍රතිලාභ ලබා දෙන බැවිනි. හෘද රෝග, කොලෙස්ටරොල්, ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස්, පිළිකා හා දියවැඩියාව වැනි රෝග වැළැක්වීම සහ / හෝ ප්‍රතිකාර කිරීම සඳහා මෙම ආහාරමය ක්‍රියාකාරී සංයෝග බහුලව භාවිතා වේ. විශේෂයෙන් ම බොහෝ එළවළු සහ පලතුරුවල අඩංගු මෙම සංයෝග කොලෙස්ටරොල්, අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැනි රෝග සුව කිරීමට හා/හෝ ඒ සම්බන්ධ අවදානම අඩු කිරීමට උපකාරී වේ. තවද, nutraceuticals, ප්‍රබෝධමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාරී වීම, කාංසාව සමනය, ගුණාත්මක සහ ප්‍රමාණවත් නින්දක් ලැබීමට උපකාරී වීම, ආයු අපේක්ෂාව වැඩි කිරීම හා වයස්ගතවීම ප්‍රමාද කිරීම යන අමතර ප්‍රතිලාභයන්ට ද හේතු වේ. සමස්තයක් ලෙස ගත් කල, මෙම සංයෝග මිනිසාගේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සදහා කායික මෙන්ම මානසික වශයෙන් ද වැදගත් මෙහෙයක් ඉටු කරන අතරම ශරීර කෘත්‍යයන් යාමනයට ද වැදගත් වේ. ඒ අනුව, විද්‍යාත්මකව තහවුරු කරන ලද ඉහත සාධක සැලකූ විට nutraceuticals යනු දෛනිකව අපගේ ආහාර වේලට අනිවාර්‍යයෙන්ම එක්කර ගත යුතු අත්‍යාවශ්‍ය සංයෝග බව සැලකිය හැකි ය.
Nutraceuticals විවිධ ආකාරවලින් වර්ග කළ හැකි නමුත් වඩාත් පොදු ක්‍රමය වන්නේ ඒවා ස්වාභාවික හා කෘත්‍රිම ලෙස වර්ගීකරණය කිරීමයි. ස්වාභාවික Nutraceuticals ස්වාභාවික ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා අතර ආහාරමය තන්තු (Dietary fiber), ප්‍රෝබයෝටික් (Probiotics), ප්‍රීබයෝටික් (Prebiotics), බහු අසංතෘප්ත මේද අම්ල (Polyunsaturated Fatty Acids), ප්‍රතිඔක්සිකාරක (Antioxidants), පොලිෆීනෝල (Polyphenols) සහ කුළුබඩු (Spices) මෙම ගණයට අයිති වේ. කෘත්‍රිම Nutraceuticals ගණයට අයත් වන්නේ Fortify කරන ලද හෝ ප්‍රතිසංයෝජක Nutraceuticals වේ.
ආහාරමය තන්තු යනු කුඩා අන්ත්‍රය තුළ ජීර්ණය හෝ අවශෝෂණය නොවන ශාක පදනම් කරගත් කාබෝහයිඩ්‍රේට වන අතර ඒවා සාපේක්ෂ වශයෙන් නොවෙනස්ව මහාන්ත්‍රය කරා ළඟා වේ. තන්තු, ද්‍රාව්‍ය තන්තු සහ අද්‍රාව්‍ය තන්තු ලෙස වර්ග කළ හැකිය. ද්‍රාව්‍ය තන්තු ජලයේ දිය වූ විට ජෙල් වැනි ද්‍රව්‍යයක් සාදන අතර අද්‍රාව්‍ය තන්තු ජලයේ දිය නොවේ. එබැවින් අද්‍රාව්‍ය තන්තු ආමාශ-ආන්ත්‍රික මාර්ගය තුල ද්‍රව්‍ය පරිවහනය ප්‍රවර්ධනය කරයි. ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු, රනිල කුලයට අයත් ශාක හා බෝංචි තන්තු වලින් පොහොසත් ආහාර වර්ග වේ. ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක් දිනපතා පරිභෝජනය කිරීම කිරීටක හෘද රෝග, ආඝාතය, අධිරුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුකම වැනි තත්ත්ව, මලබද්ධය, hemorrhoids හා gastroesophageal flux disease වැනි ඇතැම් ආමාශ-ආන්ත්‍රික රෝග අවදානමද සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වෙයි. තන්තු පරිභෝජනය වැඩි කිරීම මඟින් රුධිර පීඩනය හා serum cholesterol මට්ටම අඩු කරන බව තහවුරු කර ඇත.
ප්‍රීබයෝටික් තවත් Nutraceutical කාණ්ඩයක් ලෙස හඳුනාගත හැක. ප්‍රීබයෝටික් ජීර්ණය කළ නොහැකි ආහාර සංඝටක ලෙස අර්ථ දැක්විය හැකි අතර ඒවා මහා බඩවැලේ ඇති බැක්ටීරියා වර්ග එකක හෝ සීමිත සංඛ්‍යාවක වර්ධනය හා / හෝ ක්‍රියාකාරිත්වය වරණීයව උත්තේජනය කරයි. එම ක්‍රියාවලිය ධාරකයාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමට උපකාරී වේ. බඩවැල් තුළ ජීවත්වන ක්ෂුද්‍ර ජීවීන් ඔවුන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගන්නේ ප්‍රීබයෝටික් වල ඇති ජීර්ණය කළ නොහැකි බන්ධන බිඳීමෙනි. ප්‍රධාන ප්‍රීබයෝටික් කාණ්ඩ වන්නේ ෆ්රක්ටො-ඔලිගෝසැකරයිඩ (FOS), ගැලැක්ටෝ-ඔලිගෝසැකරයිඩ (GOS) සහ ට්‍රාන්ස්ගලැක්ටෝ-ඔලිගෝසැකරයිඩ (TOS) ය. ප්‍රිබයෝටික් වලින් පොහොසත් ප්‍රභවයන් අතර චිකෝරි මුල්, ඕට්ස්, තිරිඟු නිවුඩ්ඩ, ළූණු, ආටිචෝක්, කෙසෙල්, බාර්ලි සහ ඇපල් ඇතුළත් වේ. ප්‍රිබයෝටික් ආන්ත්‍රික ක්ෂුද්‍රජීවී ගහණය, රුධිර ග්ලූකෝස් මට්ටම සහ ඉන්සියුලින් ස්‍රාවය යාමනය කිරීම සඳහා සම්බන්ධ වේ. මීට අමතරව මේවා ඛනිජ අවශෝෂණය ප්‍රවර්ධනය කරන අතර මහාන්ත්‍ර පිළිකා සහ ආන්ත්‍රික ආසාදන ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වේ.
ප්‍රෝබයෝටික් යනු පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ධාරකයාට සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙනු ලබන සජීවී බැක්ටීරියා සහ යීස්ට් වර්ග වේ. වඩාත් සුලබ ප්‍රෝබයෝටික් වර්ග ලෙස ලැක්ටොබැසිලස් (Lactobacillus) සහ බිෆිඩොබැක්ටීරියම් (Bifidobacterium) ජනක වලට අයත් බැක්ටීරියා හඳුනාගත හැක. Saccharomyces boulardii යනු ප්‍රෝබයෝටික් යීස්ට් වර්ගයකි. ප්‍රෝබයෝටික් වලින් පොහොසත් ආහාර ප්‍රභවයන් ලෙස යෝගට්, කිම්චි, ටෙම්පේ, කෙෆීර්, කොම්බුචා, අච්චාරු, මයිසූර්, ගෝවා, සහ සමහර චීස් වර්ග ගත හැක. පාචනය, වණ, දද, IBS (Irritable Bowel Syndrome), මුත්‍රා ආසාදන, යෝනි ආසාදන සහ මුත්‍රාශයේ පිළිකා නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රෝබයෝටික් බෙහෙවින් උපකාරී වේ.
බහු අසංතෘප්ත මේද අම්ල යනුවෙන් හඳුන්වනු ලබන, කාබෝහයිඩ්‍රේට දාමයේ ද්විත්ව බන්ධන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩංගු වන කාබොක්සිලික් අම්ල ද තවත් වැදගත් Nutraceutical වර්ගයකි. ද්විත්ව බන්ධනයේ පිහිටීම සැලකිල්ලට ගනිමින් මෙම මේද අම්ල "ඔමෙගා 3" (omega 3) හා "ඔමෙගා 6" (omega 6) ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ හඳුනා ගත හැක. මෙම බහු අසංතෘප්ත මේද අම්ල, ඒවායේ පවතින විශේෂිත ව්‍යුහීය සාධක උපයෝගී කර ගනිමින් රුධිර පීඩනය හා රුධිර කැටි ගැසීම යාමනය, ස්නායු පද්ධතියේ වර්ධනය සහ ශරීර ප්‍රතිශක්තීකරණය යාමනය වැනි ඉතා වැදගත් ජෛවීය ක්‍රියාවලි සඳහා සක්‍රීයව දායක වේ. ඉරිඟු, සූරියකාන්ත, සෝයා බෝංචි හා මේදමය මත්ස්‍ය විශේෂ බහු අසංතෘප්ත මේද අම්ල වලින් පොහොසත් ආහාර ද්‍රව්‍ය වන අතරම මේවා ආහාරයට එක් කර ගැනීමෙන් මානව දේහයේ නිපදවිය නොහැකි අත්‍යවශ්‍ය මේද අම්ලවල අවශ්‍යතාවයද සපුරා ගත හැක. මෙම බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු ආහාර ද්‍රව්‍ය තම දෛනික ආහාර රටාව හා බද්ධ කර ගැනීම මගින් හෘද රෝග ඇතුලු බොහෝ රෝගාබාධ ඇතිවීම වළක්වා ගත හැක. උදාහරණ ලෙස omega 6 මේද අම්ල රුධිරයේ අඩු ඝණත්ව ලිපොප්‍රෝටීන මට්ටම සැලකිය යුතු ලෙස පහත හෙලීම මගින් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන අතර omega 3 මේද අම්ල පිළිකාකාරකවල ක්‍රියාව නිශේධනය කරයි. කෙසේවෙතත් මෙම සංයෝග අධිපරිභෝජනයෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්ව මගහරවා ගැනීම පිණිස ආහාර හා පෝෂණ මණ්ඩලය විසින් කාන්තාවන් හා පුරුෂයින් සඳහා omega 6 මේද අම්ල පිළිවෙලින් ග්‍රෑම් 12 හා 17 බැගින්ද omega 3 මේද අම්ල ග්‍රෑම් 0.25 ක්ද දෛනිකව පරිභෝජනය සුදුසු බවට නිර්දේශ කර ඇත.
"මානව දේහ ක්‍රියාකාරීත්වයේදී ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් සහිත හෝ නයිට්‍රජනීය සංයෝග හෝ මෙම දෙවර්ගයම මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කරන, ආහාරවල අඩංගු සංයෝග" ලෙස නිර්වචනය කර ඇති "ප්‍රතිඔක්සිකාරක", තවත් Nutraceutical වර්ගයකි. මේවා මුක්ත කණ්ඩක මගින් සිදුවිය හැකි හානිවලින් දේහ සෛල ආරක්ෂා කරයි. එමගින් හෘද රෝග, දියවැඩියාව සහ සමහර පිළිකා වර්ග වැනි, මුක්ත කණ්ඩක එක් රැස් වීම නිසා ඇතිවන, ඔක්සිකාරක ආතතිය හේතුවෙන් හටගන්නා ලෙඩරෝග ඇතිවීමේ අවදානම අවම කරයි. සෞඛ්‍යමයත් දිවියකට මග පාදන ප්‍රතිඔක්සිකාරක සංයෝග බහුලව අඩංගු ආහාර වර්ග ලෙස Dark chocolate, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, රතු ගෝවා, බෝංචි සහ නිවිති දැක්විය හැකි ය.
පොලිෆීනෝල, ශාකමය ආහාරවල අඩංගු වන, ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරන Nutraceutical කාණ්ඩයක් වන අතර මෙම සංයෝග ආහාර ජීරණය ප්‍රවර්ධනයටත් මොළය වර්ධනයට හා එහි සෞඛ්‍යමත් පැවැත්මටත් වැදගත් වේ. මීට අමතරව පොලිෆීනෝල, ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කරමින් රුධිරගත සීනි මට්ටම පහත හෙලන අතර එමගින් දියවැඩියා අවධානම අඩු කරයි. ඒ අතරම මෙම සංයෝග හෘදරෝග සහ පිළිකා වැනි රෝගාබාධ වලින් ආරක්ෂා වීමටද උපකාරී වන්නේ මේවායේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණාංග හේතුවෙනි. Dark chocolate, Berry වර්ග (ස්‍ට්‍රෝබෙරි, බ්ලූබෙරි), Red wine සහ තේ පොලිෆීනෝල බහුලව අඩංගු ආහාර වේ.
ඈත අතීතයේ සිටම ආහාරවල රසය හා සුවඳ තීව්‍ර කිරීමට කුළුබඩු යොදා ගැනුනි. ඒ නමුත් කුළුබඩුවල සෞඛ්‍යමය වටිනාකම හා ඒවා නිරෝගී පැවැත්මකට මග පාදන ආකාරය පිළිබඳව විද්‍යාත්මකව හඳුනාගන්නා ලද්දේ ඉතාම මෑතකදී ය. මින් සමහර කුළුබඩු වර්ග ප්‍රතිඔක්සිකාරක, දියවැඩියා විරෝධී සාධක, පිළිකා නාශක සහ ප්‍රති ප්‍රදාහ සාධක ලෙස ක්‍රියා කරන අතර, තවත් සමහරක් ආහාර ජීර්ණය උත්තේජනය සඳහාත් LDL - අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන මට්ටම පහත හෙලීම සඳහාත් දායක වේ. කුරුඳු, කහ, ඉඟුරු, කරාබු නැටි, උලුහාල් ආදිය බහුලවම භාවිතාවන කුළුබඩු වර්ග වේ. මේවායේ පවතින විශබීජ නාශක ගුණ හේතුවෙන් මේවා සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී බහුල වශයෙන් යොදා ගැනේ.
ඒ අනුව, මෙම Nutraceutical වර්ග නිරෝගීමත් හා ක්‍රියාශීලී දිවියකට මග පාදන, ස්වභාවිකව සහ පහසුවෙන් සපයා ගත හැකි සංයෝග වේ. කෙසේ නමුත් ඒවා නිසි ප්‍රමාණවලින්, සුදුසු ආකාරයකට පරිභෝජනය කිරීම ඉතා වැදගත් වන්නේ එසේ නොමැති වුවහොත් මේවායින් තම සෞඛ්‍යයට යම් යම් අහිතකර බලපෑම්ද ඇතිවිය හැකි බැවිනි. උදාහරණ ලෙස, මෙම සංයෝග නිරෝගී පැවැත්මකට ඉතාම හිතකර බැවින් ආහාරයට එක් කර ගැනීම අත්‍යවශ්‍ය වන නමුත් ඒවා ආහාර අතිරේක ලෙස නිතිපතා භාවිතයට ගැනීම අහිතකර සෞඛ්‍ය තත්ත්ව ඇතිවීමට මග පාදයි. එබැවින්, සෑම විටම මෙම සංයෝග නිසි ප්‍රමාණවලින්, ස්වභාවිකව අපගේ දෛනික ආහාර රටාව හා බද්ධ කර ගනිමින් ලෙඩරෝග වලින් තොර සුවපත් දිවියක් කරා අදම පියවර තබමු.
Nutraceuticals: The Vital Components for a Healthy Life
The term “nutraceutical” has been coined using the two terms “nutrition” and “pharmaceutical”. A nutraceutical can be defined as a food or a component isolated from a particular food, which provides extra health benefits to the body, beyond the basic nutritional value given through food. The use of nutraceuticals has been increasingly popularized nowadays because they involve in imposing beneficial nutritional, safety and therapeutic effects on human health. These dietary active compounds have been identified as potential sources of providing protection against chronic diseases such as cardiovascular diseases, high cholesterol, cancer, osteoporosis, arthritis and diabetes. Especially, the nutraceuticals found in many fruits and vegetables are linked with curing or reducing the risk factors of high cholesterol, high blood pressure and diabetes. Moreover, nutraceuticals are attributed to many other potential benefits such as boosting energy, relieving anxiety, improving mental clarity, enhancing sleeping quality and quantity, increasing life expectancy and delaying the aging process as well. Therefore, it is evident that nutraceuticals have the potential to treat a wide array of illnesses and ailments, thus, are vital components to be included in the diet. In general, they help in improving the overall health of the consumer; both physiologically and psychologically, and support the regulation of bodily functions.
Nutraceuticals can be classified in several different ways, but the most common way is classifying them as natural nutraceuticals and artificial nutraceuticals. Natural nutraceuticals are obtained from natural sources and include Dietary fiber, Probiotics, Prebiotics, Polyunsaturated fatty acids (PUFA), Antioxidants, Polyphenols and Spices. Artificial nutraceuticals are fortified or recombinant nutraceuticals.
Dietary fibers are plant-based carbohydrates which do not get digested or absorbed in the small intestine, thus, reach the large intestine without relative intact. Dietary fiber can be classified as soluble fiber and insoluble fiber. Soluble fiber dissolves in water to form a gel-like material and insoluble fiber does not dissolve in water, hence, involve in promoting the movement of material through the gastrointestinal track and adding bulk to the stool. Grains, cereals, fruits, vegetables, legumes and beans are rich sources of dietary fiber. Daily consumption of an adequate amount of fiber significantly lowers the risk of coronary heart disease, stroke, hypertension, diabetes, obesity, and certain gastrointestinal diseases such as constipation, hemorrhoids and gastroesophageal flux disease. Increased fiber intake has been found to lower blood pressure and serum cholesterol levels as well.
Another type of nutraceuticals is Prebiotics. A prebiotic can be defined as a non-digestible dietary component which selectively stimulates the growth and/or activity of one or a limited number of bacteria in the colon, which in return improves the host health. Beneficial intestinal microbes obtain energy for their survival by degrading the indigestible binds of prebiotics. The main types of prebiotics are Fructo- oligosaccharides (FOS), Galacto-oligosaccharides (GOS) and Transgalacto-oligosaccharides (TOS). Rich sources of prebiotics include chicory roots, oats, wheat bran, asparagus, onions, artichokes, bananas, barley, and apples. Prebiotics involve in modulating gut microbiota, blood glucose levels and insulin profiles. They promote mineral absorption and are very helpful in preventing the risk of occurring colon cancer and intestinal infections as well.
Probiotics are live bacteria and yeast who would render health benefits to the consumer upon consumption. The most common probiotics are the bacteria who belong to the genera Lactobacillus and Bifidobacterium. Saccharomyces boulardii is a probiotic yeast. Food sources which are rich in probiotics include yogurt, kimchi, tempeh, kefir, kombucha, pickles, miso, sauerkraut, sourdough bread and some cheeses. Probiotics can be used in treatment and prevention of diarrhoea, ulcers, eczema, irritable bowel syndrome, infections in urinary tract, vaginal infections and recurrence of bladder cancer.
Polyunsaturated fatty acids are another type of nutraceuticals. They are carboxylic acids which contain two or more double bonds in their hydrocarbon chains. PUFAs can be identified in two families, as “Omega 3” and “Omega 6” fatty acids, based on the position of double bonds in the molecule. Depending on their structures, PUFAs involve in many important biological activities, including regulation of blood pressure and blood clotting, development of nervous system and immune regulation. Corn, Sunflower, Soy bean and fatty fish are important sources of PUFAs that are also rich in essential fatty acids which cannot be synthesized in the human body. The intake of PUFAs modulates the risks of cardiovascular disease as well. Omega 6 fatty acids play a vital role in reducing the risks of heart diseases by lowering the Low Density Lipoprotein (LDL) level significantly while Omega 3 fatty acids inhibit carcinogenesis. However, to prevent over consumption, daily intake of 0.25g of Omega 3 fatty acids and 17g and 12g of Omega 6 fatty acids; for men and women respectively, is recommended by the Food and Nutrition Board, Institute of Medicine.
Antioxidants, defined as, “A substance in food that significantly decreases the adverse effects of reactive oxygen species, reactive nitrogen species or both in normal physiological function in human”, are another type of nutraceuticals. They defend the body cells from damage caused by free radicals; thus, reduce the risk of Heart Disease, Cancers, type 2 Diabetes and other chronic diseases caused by the oxidative stress, promoted by accumulation of free radicals. Dark chocolate, Strawberries, Blueberries, Artichokes, Red cabbage, Beans and Spinach are loaded with antioxidants which are advantageous in maintaining a healthy life.
Polyphenols are plant based nutraceuticals, which predominantly act as antioxidants. Polyphenols promote digestion, brain health and provide protection against many diseases such as, Heart Diseases, type 2 Diabetes and certain cancers. They help in lowering the blood sugar levels and stimulating insulin secretion, and thereby, contribute in lowering the risk of type 2 Diabetes. Their antioxidant properties are the keys for reducing the risk of heart diseases. Dark chocolate, Berries, Tea and Red wine are rich sources of polyphenols.
Since a long period of time, spices have been used to enhance the sensory quality of food. However, the ability to use spices as nutraceuticals to bring about potential health benefits was discovered recently. Some spices are popular for their anti-diabetic, anti-cancer, anti-inflammatory and antioxidant properties. Some involve in stimulating digestion and lowering LDL cholesterol levels as well. Spices are commonly used in traditional medicine because they have the ability to act against harmful microbial activities. Commonly used spices include Cinnamon, Turmeric, Cloves, Fenugreek and Garlic.
Thus, there are many beneficial health attributes in nutraceuticals, which would help the consumers to lead a healthy and an active life. Most of the nutraceuticals are commonly available and therefore, it is easy to gain all the above mentioned health benefits by consuming an adequate amount of them in an appropriate manner. Though they provide huge aid in maintaining health when consumed as food, regular consumption of nutraceutical supplements is not recommended, because high quantities of nutraceuticals could affect human health in a bad way. Thus, other than using supplements, we should try our maximum to incorporate food rich in nutraceuticals in our diets and ultimately prove the fact that “Prevention is better than cure”.
Article and translation by : W.C. Bavanthi and Asini Polwattage
References:
1. Garima Verma et al.;a review on nutraceutical classification and its role in various diseases, International Journal of Pharmacy & Therapeutics, 7(4), 2016, 152-160
2. Santini A.; Novellino E. To Nutraceuticals and Back: Rethinking a Concept; Foods 2017, 6, 74.
3. Nasri H.; Baradaran A.; Shirzad H.; Rafieian-Kopaei M. New Concepts in Nutraceuticals as Alternative for Pharmaceuticals; International Journal of Preventive Medicine, 2014 Dec; 5(12): 1487–1499.
Article 15- විශ්මිත ගුණ ඇති කුරුඳු"Cinnamon"
කුරුඳු වල පවතින ආවේණික රසය සහ සුවඳ හේතුවෙන් බොහෝ නිවෙස් වල ප්‍රධාන කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කරයි. කුරුඳු යනු බොහෝ කාලයක සිට භාවිතා කරන කුළුබඩු වර්ගයකි. ක්‍රි.පූ. 2000 පමණ කාලයේ පැරණි ඊජීප්තු වැසියන් විසින් මෙය විවිධ කටයුතු සඳහා බහුලව භාවිතා කර ඇති බව සඳහන් වේ. වර්තමානය වන විට ඇමෙරිකාවේ සහ යුරෝපා රටවල ගම්මිරිස් වලට පසුව ජනප්‍රියත්වයෙන් දෙවැනි ස්ථානය ලබා ඇති කුළුබඩු වර්ගය වන්නේ කුරුඳු ය. ඒ අතරින් සිලෝන් කුරුඳු හෙවත් ලංකාවට ආවේණික කුරුඳු විශේෂයේ පවතින සුවිශේෂී ගුණාංග නිසා ලෝක වෙළඳපොල තුල එය විශාල කීර්තිනාමයක් ලබා ඇත.
පාරිභෝගිකයන් සඳහා කුරුඳු නිෂ්පාදන කුරුඳු තෙල්, කුඩු හෝ කුරුඳු පොතු ආදී ආකාර වලින් ලබා ගත හැක. ආහාර රසකාරකයක් ලෙස භාවිතයට අමතරව කුරුඳු නිෂ්පාදන වෛද්‍ය විද්‍යාව, සිසිල් බීම නිෂ්පාදනය, සුවඳ විලවුන් නිෂ්පාදනය වැනි විවිධ කටයුතු සඳහා යොදා ගනී.
කුරුඳු වර්ග
ලෝකයේ කුරුඳු විශේෂ සිය ගණනක් පැවතියත් වාණිජමය වටිනාකමක් ඇත්තේ කුරුඳු විශේෂ හතරකට පමණ ය. එයට Cinnamomum zeylanicum හෙවත් සිලෝන් කුරුඳු, කැෂියා ලෙස හැඳින්වෙන චීන කුරුඳු (Cinnamomum aromaticum), ඉන්දුනීසියානු කුරුඳු (Cinnamomum burmanni), වියට්නාම කුරුඳු (Cinnamomum loureiroi) යන ඒවා අයත් වේ. ලෝක වෙළදපොලේ කුරුඳු අවශ්‍යතාවෙන් 88% ක් ම සපුරන්නේ මේ කුරුඳු විශේෂ හතර ය. එසේ වුව ද සිලෝන් කුරුඳු නැතිනම් අපේ රටේ කුරුඳු වලට වෙළඳපොලේදී ලැබෙනා වටිනාකම අනෙක් විශේෂ තුන හා සැසඳීමේදී ඉතා ඉහළ අගයකි. එම වටිනාකමේ අගය කුරුඳු වෙනුවෙන් ලෝක වෙළදපොලේදී ලැබෙනා අගයෙන් ⅓ කටත් වඩා වැඩිය.
ශ්‍රී ලංකාවට ආවේණික කුරුඳු වල විශේෂත්වය
සිලෝන් කුරුඳු අනෙකුත් කුරුඳු විශේෂ වලට වඩා වෙනස් වේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කුරුඳුවල පවතින අද්විතීය කාබනික ගුණාංග හේතුවෙන් එය විශාල වැදගත්කමක් උසුලයි.
අනෙකුත් කුරුඳු ප්‍රභේද සමඟ සසඳන විට එයට සුවිශේෂී හැඩයක් , ලා පැහැයක්, ප්‍රණීත රසයක් සහ හොඳ සුවඳක් ඇත. මෑත කාලීන අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ කැෂියා කුරුඳු වල අධික ලෙස අක්මාවට විෂ සහිත හා පිළිකා කාරක වන coumarin අන්තර්ගත බවයි. මිල අධික වූවත්, ලොව පුරා වෙසෙන සියල්ලන් සිලෝන් කුරුඳු සඳහා කැමැත්තක් දක්වන්නේ එහි ඉතා අඩු coumarin මට්ටම සහ සියුම් රසය නිසා ය. තවද සිලෝන් කුරුඳුවල ඖෂධීය වටිනාකම් රැසකට තුඩු දෙන ගුණාංග රාශියක් පවතී.
කුරුඳු වල ගුණාංග
කුරුඳු වල සිනමැල්ඩිහයිඩ් ,සිනැමික් අම්ලය, ඉයුජිනෝල් සහ සිනැමේට් ඇතුළුව රසායනික සංයෝග 80 කට වඩා ඇත. ඇතැම් අධ්‍යයනයන් මඟින් පෙන්වා ඇත්තේ මෙම සක්‍රීය සංයෝගවල ප්‍රතිඔක්සිකාරක ගුණ, ප්‍රදාහයන් ඇති වීම වළක්වන ගුණාංග, ප්‍රති ක්ෂුද්‍රජීවී ලක්ෂණ සහ තවත් ගුණාංග පවතින බවයි. මීට අමතරව කුරුඳු විවිධ රෝග ආබාධ ආදිය සෑදීමේ බලපෑම වළක්වා සෞඛ්‍යමය වාසි රැසක් සපයයි. මෙහිදී හෘද වාහිනී ආශ්‍රිත රෝග, දියවැඩියාව, පිළිකා, ආහාර ජීර්ණය හා සම්බන්ධ රෝග සහ ස්නායු ආබාධ වැනි විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට කුරුඳු වාසිදායකව ක්‍රියා කරයි.
කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ
කුරුඳු වල සෞඛ්‍යමය වාසි ගණනාවක් ඇති බවට විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. කුරුඳු මඟින් පිළිකා සෑදීමේ අවදානම අඩු කරයි. මේවා ප්‍රදාහයන් ඇති වීම වළක්වන ගුණයෙන් සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් වන අතර කුරුඳු වල ඇති පොලිෆීනෝල් ශරීරයේ පවතින එන්සයිම වල විෂ ඉවත් කිරීමේ ප්‍රබල සක්‍රීයකාරකයක් ලෙස ක්‍රියා කරමින් පිළිකා සෛල වල ඉදිරි වර්ධනය වළක්වා ආරක්ෂාව සපයයි.
කුරුඳු වල ඇති විවිධ සංයෝග හෘද වාහිනී පද්ධතියට ප්‍රයෝජනවත් වේ. නිදසුනක් ලෙස සිනමැල්ඩිහයිඩ් රුධිර පීඩනය අඩු කරයි. එමෙන්ම දියවැඩියාව සඳහා විකල්ප ප්‍රතිකාරයක් ලෙස කුරුඳු සැලකේ. ඉන්සියුලින් සඳහා ඇති සංවේදිතාව වැඩි කිරීමෙන් සිලෝන් කුරුඳු රුධිරගත සීනි මට්ටම අඩු කරයි. මීට අමතරව ඔක්කාරය, පාචනය, ආහාර අරුචිය ඇතුළු උදරාබාධ ගණනාවක් සමනය කරගැනීම සඳහා කුරුඳු භාවිතා කරනු දැකිය හැක.
අතුරු ආබාධ
කුරුඳු නිෂ්පාදනයන් නිසි ප්‍රමාණයෙන් පරිභෝජනය කිරීමේදී එය බොහෝ දෙනෙකුට ආරක්ෂිත විය යුතුය. සිලෝන් කුරුඳු සහ කැෂියා කුරුඳු යන දෙකෙහිම කූමරින් අඩංගු වේ. කූමරින් අධික මාත්‍රාවලින් පරිභෝජනය කරන විට එය භයානක අතුරු ආබාධ ඇති කරයි. එනම් මෙය විශාල ප්‍රමාණයක් ගැනීමෙන් හෝ දිගු වේලාවක් ගැනීමෙන් අක්මාවට විෂ වීම සහ පිළිකාකාරක විය හැක. මෙහිදී කැසියා කුරුඳු වල ඉහළ කූමරින් ප්‍රමාණයක් අඩංගු වේ. සිලෝන් කුරුඳු තුළ කූමරින් කුඩා ප්‍රමාණයක් අඩංගු වන අතර එමඟින් එය වඩාත් ආරක්ෂිත වේ.
Cinnamon
Cinnamon, due to its exotic flavor and aroma, is a key ingredient in almost every household.
Cinnamon has been in use from ancient times. From the beginning of its use since 2000 BC in ancient Egypt our ancestors used cinnamon for various purposes. It is now the second most popular spice, after black pepper, in the United States and Europe. Out of them Ceylon Cinnamon maintains a strong reputation in the world market due to its unique functional properties.
Cinnamon is delivered to the consumer in various forms such as oils, powder form or whole, as pieces of bark. Other than a flavor ingredient in food preparation, Cinnamon products are used for various activities involving medicinal purposes, soft drink production, perfume production etc.
Types of cinnamon
There are hundreds of types of Cinnamon with only four of them being used for commercial purposes. Ceylon cinnamon, also known as true cinnamon (Cinnamomum zeylanicum), Chinese cinnamon commonly known as cassia (Cinnamomum cassia), Indonesian cinnamon (Cinnamomum burmanni), Vietnamese cinnamon (Cinnamomum loureiroi) are the most common. These four species of cinnamon meet 88% of the world's cinnamon demand. However, the market value of ceylon cinnamon is very high compared to the other three varieties. That value is more than ⅓ of the value of cinnamon in the world market.
Uniqueness of Ceylon Cinnamon
Ceylon cinnamon is different from other varieties.The cinnamon spice grown in Sri Lanka has unique advantages due to its organoleptic properties. Compared to the other cinnamon varieties, it has a distinctive shape, lighter colour, delicate taste and nice odor. And recent studies show that cassia cinnamon has been the cause of exposure to coumarin which is highly hepatotoxic and carcinogenic. Even though very expensive, Ceylon cinnamon is preferred by the whole world due to its ultra-low coumarin levels and the mild delicate taste. It also has properties that contribute to many health benefits.
Properties of Cinnamon compounds
More than 80 chemical compounds can be found in Cinnamon including Cinnamaldehyde, Cinnamic acid, Eugenol and cinnamate. Some studies have shown that the active components in cinnamon have antioxidant, anti-inflammatory, antimicrobial and other properties. In addition cinnamon has health benefits as it supports in avoiding the risks of getting diseases, and disorders. The functional properties could act beneficially for the treatment of different diseases including cardiovascular diseases, cancer, diabetes, digestive issues and neurological disorders.
Cinnamon and it's health benefits
Scientists have found evidence of many possible health benefits of cinnamon. Cinnamon lowers the risk of cancer. Cinnamon is rich with anti-inflammatory and antioxidant qualities, the polyphenols in Cinnamon acts as a strong activator of detoxifying enzymes in the body destroying prevailing cancer cells and providing protection against future growth of cancer cells.
Various compounds in cinnamon benefit the cardiovascular system. For example, Cinnemaldehyde lowers the blood pressure. And also cinnamon is considered as an alternative treatment for diabetes. By increasing insulin sensitivity, ceylon cinnamon lowers blood sugar levels. In addition cinnamon can be used to relieve nausea, diarrhea, and loss of appetite.
Side effects
Cinnamon supplements should be safe for most people when properly dosed. Both Ceylon and Cassia cinnamon contain coumarin. When coumarin is consumed in extremely high doses, it may cause some dangerous side effects. That means this can be toxic to the liver if it is taken in large amounts or over a long time. Cassia cinnamon contains high coumarin level than ceylon cinnamon. Ceylon cinnamon has a smaller amount of coumarin in it, which makes it safer.
Written and English translation by - Sakuni Dantanarayana
References
Yvette Brazier ( 2020 January 3 ), retrieved from, Cinnamon : health benefits and Nutrition, [Online ], Available at
https://www.medicalnewstoday.com/articles/266069
Pallavi Kawatra and Rathai Rajagopalan, retrieved from,Cinnamon: Mystic powers of a minute ingredient [ online ] Available at,
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4466762/
Kathryn Watson ( 2017 april 18 ),retrieved from Ceylon cinnamon: Health benefits, uses, and more, Available at,
https://www.medicalnewstoday.com/articles/318386
Article 14- ආහාර පිසීමේදී පෝෂණ ගුණය නැති වෙනවාද?"Effect of cooking and processing on nutritional value of food "
ආහාර පිසිනකොට පෝෂණ ගුණය නැතිවෙනවා ද?*
පිළිතුර ඔව්!
අපි නිතර ආහාරයට ගන්නා බත් ගැන සිතා බලමු. බත් පිසීමට පෙර, හාල් සෝදන විට, හාල් වල අඩංගු වන විටමින් B සෝදන ජලයට එකතු වීමක් වන අතර එවිට අපි ආහාරයට ගන්නා බත් වල එම විටමින් ප්‍රමාණය අඩුවනු ඇති.
අපි හැමෝම දන්නා පරිදි, ආහාර වල අඩංගු විවිධ පෝෂක වන විටමින්, ඛණිජ ලවණ, කාබොහයිඩ්‍රේට, ප්‍රෝටීන හා ලිපිඩ අපේ ශරීරය වර්ධනයට වගේම අපේ පෝෂණ අවශ්‍යතාවය සපුරාගැනීමටත් වැදගත් වේ. නමුත් ආහාර සැකසීමේ හා පිසීමේ විවිධ ක්‍රම වලදී ආහාර වල අන්තර්ගතව තිබූ පෝෂණ ගුණය අඩු වීමක් හෝ ආහාරයේ පෙනුම, වර්ණය වගේ ලක්ෂණ වල වෙනස්කම් වුනත් සිදුවීමේ හැකියාවක් පවතී.
ධාන්‍ය ඇඹරීම බොහෝ ධාන්‍ය ආශ්‍රිත ආහාරවලට භාවිතා කරන සැකසුම් ක්‍රමයකි . මෙහිදී ප්‍රධාන වශයෙන් B කාණ්ඩයට අයත් විටමින් හා ඛණිජ ලවණ වලට හානිවීමක් සිදු වේ. සුදු පාන් (white bread) වල පවතින පෝෂක ගුණය, තිරිඟු පාන් වැනි ධාන්‍යමය පාන් වලට සාපේක්ෂව අඩු වීමට හේතුව එයයි. කෘත්‍රිමව සුදු පාන් වලට පෝෂක එකතු කිරීමක් (fortification) සිදු වූවද, බොහෝ පෝෂක පාන් සෑදීමේදී සිදු කරන ධාන්‍ය ඇඹරීමේදී හානි වීම සිදු වේ.
ආහාර සැකසීමේදී වියළීම හෝ විජලනය සිදු කරන අවස්ථාවන් පවතී. රයිබොෆ්ලේවින් වැනි විටමින් වර්ග, එසේ වියැළීමේදී සංතෘප්ත වීමක් හා ඉන්පසුව අවක්ෂේප වීමක් සිදු වේ. මේ නිසා ඉතා කුඩා ප්‍රමාණවලින් විටමින් අහිමි වීමක් සිදු විය හැකියි. එමෙන්ම ද්‍රව කිරි වලින් කිරිපිටි සෑදීමේදී භාවිතා වන සමහර වියළීමේ ක්‍රම වලදී කිරි වල අඩංගු සමහර ප්‍රෝටීන විනාශ වීමක් සිදුවීමේ හැකියාවක් තිබේ. මේ නිසා එම කිරිපිටි වල ද්‍රාව්‍යතාවයේ අඩුවක් හා කැටිගැසීමේ හැකියාවේ අඩුවක් ඇති විය හැකියි.
පැස්ටරීකරණය, බොහෝ ද්‍රවමය ආහාර පරිරක්ෂණය කිරීමට යොදා ගන්නා ක්‍රමයකි. කිරි, පළතුරු බීම, මද්‍යසාර ආශ්‍රිත බීම වර්ග නිෂ්පාදනයේදී පැස්ටරීකරණය භාවිතා කරනු ලැබේ. මෙහිදී පළතුරු බීම පැස්ටරීකරණය කිරීමේදී , එහි පවතින විටමින් C ඉවත් වීමක් හා හානි වීමක් සිදු වේ. කිරි පැස්ටරීකරණයේදී පෝෂක හානිවීමක් සිදු වෙන බවට තවම සාක්ෂි ලැබී නැතත් සමහර පෝෂණවේදීන් සඳහන් කරන්නේ, කිරි වල අඩංගු සමහර විටමින් වර්ග වන B 12, B 6, A, D හා කැල්සියම් වැනි ඛණිජ ලවණ ශරීරයට අවශෝෂණය කිරීමට වැදගත් වන එන්සයිම වර්ග කිරි පැස්ටරීකරණයේදී විනාශ වෙන බවයි.
ටින් කිරීම තවත් පරිරක්ෂණ ක්‍රමයකි. මෙහිදී තාපය භාවිතා කරමින්, අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමක් සිදු කරනු ලබයි. මෙහි පවතින එක් අවාසියක් වන්නේ, සමහර විටමින් වර්ග, විටමින් A, C, තයමින් හා රයිබොෆ්ලේවින් ඉතා කුඩා ප්‍රමාණ වලින් විනාශ වීමක් සිදු වීමයි. නමුත් කාබොහයිඩ්‍රේට, ප්‍රෝටීන හා ලිපිඩ වලට බලපෑමක් නැති බව විද්‍යාඥයින් අදහස වේ.
ශීත කිරීමෙන් බොහෝ පෝෂක වර්ග ආරක්ෂා කිරීම මෙන්ම, ආහාර නරක් වීම වැළැක්වීම සිදු කරනු ලබයි. නමුත් සමහර පර්යේෂණ වලට අනුව ආහාර අවුරුද්දකට වඩා වැඩි කාලයක් ශීත කිරීම තුළින්, එම ආහාර වල පවතින පෝෂණ ගුණය අඩු වෙන බව සොයාගෙන ඇත. එමෙන්ම ඉදුනු පළතුරු ශීත කිරීමෙන් (refrigeration) ඉතා කුඩා ප්‍රමාණ වලින් විටමින් C ඉවත් වීමක් සිදු වේ. එමෙන්ම සමහර එළවළු වැඩි දින ගණනක් ශීත කිරීමෙන්, ඒවායේ තිබෙන ප්‍රතිඔක්සිකාරක හානි වීමක් සිදු වෙන බව සමහර පර්යේෂණ වලින් සොයාගෙන ඇත. මෙහිදී වැදගත් කරුණක් වන්නේ, මේ හානි වීම් හෝ විනාශ වීම් සිදුවන්නේ, ගණනයට ගත නොහැකි තරම් ඉතා කුඩා ප්‍රමාණ වලින් වීමයි.
පළතුරු, එළවළු කැපීමේදි , පොතු ගැසීමේදී (peeling) විවිධ පෝෂක හානි විය හැකියි. බහුලවම මෙලෙස හානි වන්නේ විටමින් C වන අතර ඊට අමතරව සමහර විටක විටමින් A, E ද හානි විය හැකියි. විටමින් C හි ජල ද්‍රාව්‍යතාවය නිසා පළතුරු, එළවළු කපා සේදීමේදී, එම සේදුම් ජලය සමග විටමින ඉවත් වී යාමක් සිදු වේ. එමෙන්ම කපන ලද එළවළු පිසීමට පෙර වැඩි වෙලාවක් වාතයට විවෘතව තැබීම නිසාද විටමින් C වැනි විටමින විනාශ වීම සිදු විය හැකියි.
ආහාර සැකසීමේදී අනුගමනය කරන මිශ්‍ර කිරීමේ ක්‍රම වලදී පෝෂක වල අඩු වීමක් සිදු නොවුනත්, ආහාරයේ වයනය වැනි සමහර ලක්ෂණ වෙනස් වීමක් සිදු වේ. මිශ්‍ර කිරීමේ ක්‍රම වලදී දැනගත යුතු වැදගත් කරුණක් වන්නේ, මිශ්‍ර කිරීම සිදු කළ වහාම සැකසීමේ හෝ පිසීමේ ඊලග පියවරට යා යුතු වීමයි. නැතහොත් ඔක්සිකරණය හේතුවෙන් පෝෂක හානි වීමේ හැකියාවක් ඇත.
පිළිස්සීම, කර කිරීම ආහාර පිසින ක්‍රියාවලි වල ඉතා ඉහළ තාපයක් භාවිතා කරනු ලබන ක්‍රම අතර ප්‍රධාන තැනක් ගනී. බහුලවම පිළිස්සීම සිදු කරන ආහාර වන්නේ මස් වර්ග හා එළවළු වේ. මෙහිදී තාපයට ඔරොත්තු නොදෙන තයමින් වැනි විටමින් වර්ග ඉතා විශාල ප්‍රමාණ වලින් විනාශ වීමක් සිදු වේ. පිළිස්සීමේදි ඛණිජ ලවණ වලට සිදුවන හානිය ඉතාම අවමයි. ඊට අමතරව මස් වැනි ප්‍රෝටීන බහුල ආහාර පිළිස්සීමේදී ඒවායේ අඩංගු ප්‍රෝටීන කැටි ගැසීම හා වෙනස් වීම සිදු වීම බහුලවම සිදු වේ. මෙසේ කැටි ගැසෙන ප්‍රෝටීන තව තවත් තාපයට ලක් වීම නිසා මස් වර්ග වල අඩංගු තෙතමනය නැති වී වියළි හා රබර් ආකාරයේ ඇදෙනසුළු බවට පත්වීම සිදු වේ. මේ නිසා මෙවැනි මස් වර්ග ජීර්ණයටද අපහසු විය හැකියි. මේදය අඩංගු ආහාර තාපයට නිරාවරණය වීමේදී මේද තට්ටු ආහාරයෙන් වෙන් වීමේ සම්භාවිතාවයක් පවතී. මෙය ආහාරයේ පෙනුමට සිදුවන බලාපොරොත්තු නොවන ආකාරයේ වෙනසක් විය හැකියි.
කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර තාපයට නිරාවරණය වීමේදී පෝෂණ ගුණය අඩු වී යා හැකියි. එයට හේතුව වන්නේ ඉහළ උෂ්ණත්ව වලදී කාබොහයිඩ්‍රේට් වල සිදු වන එන්සයිමීය නොවන වෙනත් රසායනික ක්‍රම මඟින් සිදුවන දුඹුරු ගැන්වීමේ ක්‍රියාවලි (browning) වේ. කැරමල් සෑදීම හා Maillard ප්‍රතික්‍රියා එලෙස සිදු වන ක්‍රියාවලි වේ. මෙහිදී බලපොරොත්තු නොවන ආකාරයේ වර්ණයේ, රසයේ, වයනයේ වෙනස්කම් මෙන්ම අඩංගු පෝෂක වල අඩු වීමක්ද සිදු විය හැකියි. බොහෝ විට මේ ක්‍රියාවලි ආහාර බැදිමේදී, ග්‍රිල් කිරීමේදී, ආහාර පිළිස්සීමේදී(roasting), කේක්, පාන් පිළිස්සීමේදී (baking) සිදු විය හැකියි. එමෙන්ම ඇපල්, කෙසෙල්, වම්බටු වැනි පළතුරු, එළවළු කපා මද වේලාවක් හෝ වාතයට නිරාවරණය වූ විට දුඹුරු වීමට හේතු වන්නේ එන්සයිම මඟින් සිදුවන කහට පිපීමේ ක්‍රියාවලියයි.
එලෙසම එළවළු හා පළතුරු වල පවතින විටමින් වල ජල ද්‍රාව්‍යතාවය, භාෂ්මික ද්‍රාවණවලට දක්වන සංවේදීතාවය වැනි කරුණු නිසා එවැනි ආහාර වල පවතින විටමින් බහුලව ඉවත්ව යාමක් සිදු වේ. උදාහරණයක් ලෙස, විටමින් C වැනි විටමින් වර්ග අඩංගු ආහාර සේදීමේදී ජලය සමග ඉවත්ව යාමක් මෙන්ම ක්ෂාරීය ද්‍රාවණ (baking soda) සමග ඉවත්ව යාමක් සිදු විය හැකියි. එමෙන්ම විටමින් B බහුල ආහාර baking soda සමග පිසීමේදී විටමින් B විනාශ වීමද සිදු වේ.
ඉහළ උෂ්ණත්ව වල ආහාර බැදීමේදි, කබොලක් සෑදීම හා ආහාරයේ මතුපිට තද වීමක් වැනි දෑ සිදු විය හැක. මේ නිසා ආහාරයේ ඇතුළතට සිදුවන වෙනස්කම් හා පෝෂක හානිවීම අවම වුවද විටමින් A අඩංගු ආහාර තෙල් වල බැදීමේදී එම විටමින් තෙල් වලට එක් වී ඉවත්ව යාමක් සිදු විය හැකියි.
ආහාර ග්‍රිල් කිරීමේදී ඉහළ උෂ්ණත්ව වල ඉක්මනින් ආහාරය පිසීමට ලක්වීම සිදු වේ. මෙහිදී විටමින් වර්ග වැනි සමහර තාපයට ඔරොත්තු නොදෙන පෝෂක හානි වීමක් සිදුවේ. එමෙන්ම ආහාරයේ අඩංගු ප්‍රෝටීන විනාශ වීම හෝ වෙනස් වීම සිදු විය හැකියි. මස් වර්ග ග්‍රිල් කිරීමේදී, විශාල ප්‍රමාණයේ මස් කැබලි භාවිතා කලහොත් පිසීමට ගතවන කාලය ඉහළ යාමත් සමඟ එම මස් කැබලි වල සිදුවන පෝෂක ප්‍රමාණය අඩුවීමත් ඉහළ යනු යයි.
හාල්, පාස්ටා, එළවළු හා ධාන්‍ය වර්ග තැම්බීමට සිදුකරන ආහාර වලට උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙහිදී තැම්බීමට භාවිතා වන ජලයට විටමින හ ඛණිජ ලවණ එකතු වීම නිසා අවසන ලැබෙන ආහාරයේ එම පෝෂක වල අඩුවක් ඇති වේ. උදාහරණයක් ලෙස අල තැම්බීමේදී අලවල අඩංගු විටමින් B, C වලින් බහුතරය එම ජලය සමඟ ඉවත්ව යයි. ඛණිජ ලවණ වලට තාපයෙන් එතරම් බලපෑමක් ඇති නොවුනද, රත්වූ ජලයේ එනම්, ආහාරයක් තම්බන විටදී ජලයට එම ආහාරයේ අඩංගු ඛණිජ ලවණ ඉවත්ව යාමක් සිදු විය හැකියි.
ආහාර හුමාලයේ තැම්බීම මාළු හා එළවළු පිසීමේ ඉතා පෝෂ්‍යදායී ක්‍රමයක් වේ. එයට හේතුව මෙහිදී සිදුවන විටමින හා ඛණිජ ලවණ වල හානිය ඉතා අවම වීමයි. නමුත් ඉතා කුඩා ප්‍රමාණවලින් විටමින හා ඛණිජ ලවණ හානි වීම, සමහර වර්ණක විනාශ වීම, ප්‍රෝටීන වල වෙනස්කම්, සමහර කාබොහයිඩ්‍රේට අණුවල වෙනස්කම් ඇති විය හැකියි. මෙවැනි වෙනස්කම් නිසා වර්ණය, වයනය හා රසය වෙනස්වීම් හා අල්ප වශයෙන් පෝෂක අඩුවීමද සිදු වේ.
බ්ලාන්ච් කිරීම එළවළු පිසීමේදී භාවිතා වන තවත් ප්‍රධාන ක්‍රමයකි . බ්ලාන්ච් කිරීමේදී, මේද ද්‍රාව්‍ය විටමින ආරක්ෂා වුවද, එළවළු වල පවතින ජල ද්‍රාව්‍ය හා තාපයට ඔරොත්තු නොදෙන විටමින් C හා තයමින් වැනි විටමින පහසුවෙන් විනාශ වීම හා ඉවත් වීම සිදු විය හැකියි. එමෙන්ම සමහර විටක කාබොහයිඩ්‍රේට, මේදය හා ජල ද්‍රාව්‍ය ප්‍රෝටීන වල විනාශ වීම නිසා ඒවායේ ප්‍රමාණවල අඩු වීමක්ද සිදු විය හැක. උදාහරණයක් ලෙස, ග්‍රීන් පීස් බ්ලාන්ච් කිරීමේදී ඒවායේ අඩංගු ඉතා වැදගත් ප්‍රෝටීනයක් වන ඇල්බියුමින් ප්‍රෝටීන හා සමහර ඇමයිනෝ අම්ල විනාශ වීම සිදු විය හැකියි.
මයික්‍රොවේව් කිරීම ඉතා පහසු ආහාර පිසීමේ නවීන ක්‍රමයක් වන අතර මෙහිදී බොහෝ පෝෂක ආරක්ෂා වීම සිදු වේ. 20-30% ක් අතර විටමින් ප්‍රමාණයක් මෙහිදී විනාශ වුවද, අනෙක් ආහාර පිසීමේ ක්‍රම වලට සාපේක්ෂව මයික්‍රොවේව් පිසීම මඟින් ආහාරයේ පෝෂණ ගුණය ආරක්ෂා කර ගත හැකියි.
මේ ආකාරයට අපි ආහාර සැකසීමේදී හා පිසීමේදී, විවිධ ක්‍රම අනුගමනය කරනු ලබයි. නමුත් එහිදී අප බලාපොරොත්තු නොවන පෝෂක ඉවත්වීමක්, ආහාරයේ පෙනුම, රසය වෙනස් වීම් සිදුවිය හැකියි. අප ආහාර ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ, අප ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාගැනීමයි. එබැවින් ආහාර පිසීමේදී, ඒවයේ පෝෂණ ගුණය ආරක්ෂා වන පරිදි පිසීම වැදගත් වේ.
එළවළු තැම්බීමේදී අවම ජල ප්‍රමාණයක් භාවිතය මෙන්ම එසේ තැම්බීමට භාවිතා කරන ජලය ඉවත් නොකොට වෙනත් ආහාර පිසීමේදී භාවිතයට ගැනීම සිදු කල හැකියි. කෙසේ වුවත් එළවළු වාෂ්පයෙන් තැම්බීමේදී සිදුවන පෝෂක හානිය ජලයේ තැම්බීමේදී සිදුවන හානියට වඩා බොහෝ අඩු බැවින්, වාෂ්පයෙන් තැම්බීම වඩා සුදුසු වේ. එළවළු පොතු ගැසීම සැලකීමේදී, හැකි තරම් අවම ලෙස එය සිදු කල යුතු වන්නේ, එළවළු වල පවතින විටමින් හා ඛණිජ ලවණ පොතු ඉවත් කිරීමේදී හානි වීම වැළැක්වීමටයි. එළවළු පිසීමෙන් දින 2-3 ක් අතර කාලයකදී ආහාරයට ගැනීමෙන්, ආහාරයේ සිදුවන පෝෂක හානිය අවම කරගත හැකිය. එළවළු පිසීමේදී ඒවායේ වර්ණය ආරක්ෂා කිරීමට බේකින් සෝඩා භාවිත කළද එය එතරම් සුදුසු නොවේ. එළවළු පිසීමේදී අවම මිනිත්තු ප්‍රමාණයක් තුළ පිසීම වැදගත්. නැතහොත් වැඩි කාලයක් තාපයට නිරාවරණය වීමේදී බොහෝ පෝෂක විනාශ විය හැකියි.
මස්, මාළු සැලකීමේදී, සෞඛ්‍යමත් බව පවත්වා ගනිමින් අවම කාලයකදී පිසීම සිදුකළ යුතු වේ. එමඟින් ඒවායේ අඩංගු පෝෂක විනාශ වීම අවම කර ගත හැකියි. එමෙන්ම මස් වර්ග රෝස්ට් කිරීමේදී ඒවායෙන් බේරී ඉවත් වන, තෙල් හා යුෂ වර්ග ඉවත නොදමා ආහාරයට එකතු කර ගැනීමත් වැදගත් වේ.
හැකි සෑම විටකදීම ආහාර පිසීමේදී, පිසීමට ලක් කළ පසුව ආහාර කැපීම යෝග්‍ය වන්නේ එවිට එම එළවළු හෝ මස් වර්ග වල අවම වර්ගඵලයක් තාපයට හා ජලයට විවෘත වන නිසාය.
ආහාර පිසින විට හෝ සකසන විට ආහාරයෙන් හානි විය හැකි පෝෂක හා සිදුවිය හැකි වෙනස්කම් ගැන දැනුවත් වීම, ඒවා අවම කිරීමට හෝ වැළක්වීමට සුදුසු ක්‍රම භාවිතය ඉතා වැදගත්ය. එයින් තත්ත්වයෙන් උසස් හා පෝෂ්‍ය තත්ත්වයෙන් ඉහළ ආහාර ලබා ගත හකි වනු ඇති.
*Effect of cooking and processing on nutritional value of food*
The answer is yes.
If we take our main dish, rice as an example, rice is washed before cooking where Vitamin B which is available in rice, goes out into the water. So, the water that is discarded contains the vitamin. Like-wise there are instances where foods lose their nutritive value and sensory characteristics.
As we all know, vitamins, minerals and other macronutrients like carbohydrates, proteins and lipids are really important to ensure a healthy life. But during different types of processing and cooking techniques of food, nutrient losses and sensory characteristic changes can take place.
Milling of grains results in major losses of B-group vitamins and minerals. That is why products such as white bread are less nutritious than whole grain varieties, even if they have been artificially fortified with some of the nutrients that were lost after milling.
Vitamins have different solubilities in water and as drying proceeds, some (for example riboflavin) become supersaturated and precipitate from solution, so losses are small. Milk proteins are partially denatured during drum drying, and this results in a reduction in solubility of the milk powder and loss of clotting ability, but spray drying does not affect the biological value of milk proteins.
The nutrient that is mostly lost in cut fruits and vegetables is Vitamin C, although some vitamin A and vitamin E get lost as well. Vitamin C is highly water-soluble, which is why it is easier for it to leak out in fluids released after cutting or in water used to rinse the cut produce. Vitamin C is also lost when exposing cut vegetables to air for long periods before cooking.
Pasteurization is done in different types of food as a preservation technique. Milk, fruit juices, alcohol are few products that are pasteurized. During pasteurization of beverages like fruit juices, Vitamin C can be destroyed. Even though there are not much evidence found for the nutrient loss in milk during pasteurization, some food scientists claim that, some enzymes that are important in absorbing vitamins like B 12, B6, A, D and minerals like calcium, are being destroyed during pasteurization.
Canning is another preservative technique. During canning heat treatment is used to kill any microorganism that has a safety risk. Due to this heat treatment vitamins like vitamin A, C, thiamin and riboflavin can be destroyed in small percentages. The canning does not affect on carbohydrates, proteins and fats, rather they are preserved.
Freezing usually retain the nutrients of the frozen foods. According to the studies , foods that are frozen over a year might have some nutirient loses due to the frozen nature. In some soft fruits which are already ripened, a little amount of vitamin C can be lost a during refrigeration. Some studies claim that antioxidant losses can occur during freezing of vegetables. Still, these losses are in small amounts compared to the benefits of freezing.
During techniques like mixing and foaming of foods, no losses of nutrients that take place. But some sensory characteristics can change including the texture of the product. Something to ensure in regards to mixing and foaming is that the output product of mixing and foaming must be consumed or used as soon as possible. Otherwise, if oxidation take place,which is acceleted by mixing and forming, it will result in loss of nutrients.
Roasting is the application of conducted dry heat to a food which is usually use of higher temperatures compared to baking. Typically, a roasted dish comprises meat or vegetables. Roasted foods are generally basted with a fatty substance to prevent leaching of juices. However, juices are lost (as with baking) and heat-labile (easily destroyed by heating) vitamins (thiamine) are destroyed in large amounts. Minerals remain intact with roasting. On heating of foods which contains protein such as meat, the muscle tissue protein coagulates and is denatured. If the coagulated protein is further heated, it will lose moisture and becomes dry and rubbery. They also become difficult to digest. When fat containing food are heated, the fat has the tendency to separate from the food.If carbohydrates are also included with the food, an additional loss of nutritive value in the food occurs at high temperatures due to non-enzymatic browning. Non- enzymatic browning is a process that produces the brown pigmentation in foods, without the activity of enzymes. The two main forms of non-enzymatic browning are caramelization and the Maillard reaction. By these reactions undesirable changes of the color, flavor, texture and the nutritional composition can take place. These reactions take place during frying, baking, grilling and roasting. The browning of apple, banana and brinjal when they are exposed into air after being cut is another example for browning. Here the reason is enzymatic browning.
A great deal of vitamins in fruits and vegetables may be lost due to them being heat labile, water soluble or sensitive to alkaline cooking liquids (baking soda). Vitamin C particularly can be lost in these ways. Vitamin B in foods can be destroyed by cooking with baking soda.
High oil temperatures produce rapid crust formation and seal the food surface. This reduces the extent of changes to the bulk of the food, and therefore retains a high proportion of the nutrients. But, when vitamin A containing foods are fried in oil, vitamin A comes out from the food and goes into oil.
During grilling food is generally cooked very quickly, but at very high heat, heat-labile nutrients can be lost. Barbecuing, cooking over hot charcoals are all considered as variations of grilling. Also, grilling can result in protein denaturation. With larger cuts of meat, cooking time is lengthened, resulting in additional nutrient loss.
Boiling is done in rice, pasta, vegetables and pulses. Boiling process can reduce most of the vitamins and minerals through migration of them in to the water. As an example, when potatoes are boiled for cooking purposes, much of the B and C vitamins are migrated into the boiling water resulting the potato with a low amount of those vitamins because the water will be discarded. Heating itself doesn’t affect mineral levels but usually minerals are leached if cooked in boiling water.
Steaming is one of the most nutritional way of cooking fish and vegetables since the amount of vitamin and mineral loss during steaming is really low. Still, a little amount of vitamin and mineral loss may happen. Also, some pigmentation loss, protein denaturation and polysaccharide degradation can take place. This will affect on the color, texture and the flavor of the food as well.
Blanching is a cooking technique mainly used on vegetables. During blanching the fat-soluble vitamins are preserved but water soluble and heat labile vitamins like, vitamin C and thiamin are easily destroyed and removed from the food. And also, in some instances the amount of carbohydrates, fat and water-soluble proteins in the vegetables can be decreased. In an example during the blanching of green peas, albumin which is an important protein and also some amino acids can be removed.
Microwaving is an easy and convenient method of modern cooking which preserve most of the nutrients in food. Even though, about 20-30% of the vitamin C is lost during microwaving, it is less than most cooking methods.
Like-wise we use different ways of processing and cooking techniques in preparing foods. But undesirable removal of nutrients and changes of the food’s sensory characteristics can take place during processing and cooking.It has to be controlled or stopped by using different protective methods in preparing food.
Considering the ways to reduce these nutrient losses and sensory changes in processing and cooking of vegetables, it is better to use water as little as possible when boiling. Instead of discarding we can use the remaining water, to make other dishes. At the meantime, steaming preserves much nutrients than boiling. Therefore, steaming is much preferred. It is better to hardly peel the vegetables whenever it’s possible, to maximize their fiber and nutrient density. Also, we should try to eat cooked vegetables within a day or two of preparation. It’s not advisable to use baking soda when cooking vegetables although it helps to maintain color. It is because baking soda can remove some vitamins. When roasting of meat and fish, juices from meat that drip into the pan while roasting, can be added back in to the final dish without removing them. We can take steps to cook vegetables and meat for a really less time whenever possible, to reduce the time that the food will be exposed to heat. otherwise it will result in many nutrient losses and undesirable browning reactions. About meat and fish, when cooking them, it is better to use the shortest cooking time that is required for safe consumption.
If possible, we can cut food after the cooking process, rather than before, because when food is cooked whole, less of it is exposed to heat and water.
Therefore, during food processing and cooking, we have to be careful and take necessary steps to reduce the nutrient losses and the sensory characteristic changes in food to ensure nutritious and quality food.
Prepared and translated by- Ushenya Peiris, Gayathma Sathsarani
References
https://agritech.tnau.ac.in/nutrition/nutri_cookingtips_nutrientloss.html
https://www.betterhealth.vic.gov.au/health/healthyliving/food-processing-and-nutrition
https://www.eufic.org/en/food-safety/article/the-why-how-and-consequences-of-cooking-our-food
Article 13- කොවිඩ් සමයේ ඔබේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව දැනුවත්ද?"Covid -19 and nutrition"
කොවිඩ් සමයේ ඔබේ පෝෂණ අවශ්‍යතා ගැන සැලකිලිමත් ද?
කොවිඩ්-19 වසංගතය වර්තමානයේ ගෝලීය අභියෝගයක් වී ඇත. මෙය මූලික වශයෙන් මිනිසුන්ගේ සෞඛ්‍යයට හා ජීවන රටාවට බලපා ඇති අතර ඔවුන්ගේ ආහාර පුරුදු වලද දැඩි වෙනසක් සිදු කර ඇත. මෙම වෛරසය වැළැක්වීම සඳහා ඵලදායී ක්‍රමයක් ලෙස යෝජනා කර ඇති සමාජ හුදෙකලාව මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට බෙහෙවින් බලපාන අතර එය මඟින් ඔවුන්ගේ ආහාර ගැනීමේ රටාවේ ද වෙනස්කම් ඇතිවිය හැකිය.
මිනිසුන්ගේ ආහාර පුරුදු වල මෙම වෙනස්කම් ඔවුන්ගේ පෝෂණ තත්ත්වයට අහිතකර ලෙස බලපෑ හැකිය. ශරීරයේ පෝෂණ තත්ත්වය යනු යම් ආසාදනයකට එරෙහිව ශරීරයේ ඔරොත්තු දීමේ හැකියාව මනින දර්ශකයකි. වසංගතය නිසා ව්‍යාපාර ස්ථාන තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මිනිසුන්ට නැවුම් ආහාර ලබා ගැනීමට ඇති හැකියාව සීමා වී ඇති අතර එම නිසාද ඔවුන්ගේ පැවතගෙන ආ ආහාර පුරුදු වලට බාධා ඇති වී තිබේ. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් මිනිසුන් අධික ලෙස සැකසූ ආහාර වලට හා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිවැරදි අනුපාතයකින් නොමැති දුර්වල ආහාර වේල් අනුගමනය කිරීමට යොමුවී ඇත.
එලෙස සමබරව පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සිදු නොවූ විට තරබාරුකම ඇතිවීම හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සිදු විය හැක. මෙලෙස නිසි පෝෂණයක් නොමැතිකම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදනය වීමෙන් දැඩි සංකූලතා ඇතිවිය හැකිය.
නිරෝධායනය වන කාලය තුළ, උදාසීන ජීවන රටාව හා සාමාන්‍ය බර පාලන ක්‍රියාකාරකම් වල වෙනස් වීම් නිසා පුද්ගලයින් අධික ලුණු, සීනි සහ මේද ප්‍රමාණ අඩංගු සැකසූ ආහාර වැඩි වශයෙන් පරිභෝජනයට පෙළඹේ. ආහාර හිඟයක් ඇතිවේ යැයි සිතා වැඩි වශයෙන් ආහාර මිලදී ගැනීම නිසාද පුද්ගලයින් අධික ආහාර පරිභෝජනයට යොමුවේ. මෙවැනි අක්‍රමවත් ආහාර පරිභෝජන රටාවන් නිසා තරබාරුකම, අධි රුධිර පීඩනය වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි වන අතර එවැනි පුද්ගලයින්ට කොවිඩ් 19 වැළඳීමේදී බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් වසංගත කාලය තුළ නිසි හා ප්‍රමාණවත් පෝෂණයක් ලබා ගැනීම ඉතා වැදගත් බව හොඳින් පැහැදිලිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද උපදෙස් වලට අනුව, වසංගතය අතරතුර යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ධාන්‍ය, රනිල කුලයට අයත් බෝග, එළවළු, පළතුරු, ඇට වර්ග සහ සත්ත්ව ප්‍රභව ආහාර වලින් සමන්විත සමබල ආහාර වේලක් ලබාගත යුතුය. මෙම කාලයේදී නියමිත ප්‍රමාණ වලින් නැවුම් පළතුරු සහ එළවළු පරිභෝජනය කිරීම වැදගත් වන්නේ ඒවායෙහි විටමින් A, C, D, E, B ඇතුළු විටමින් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය සින්ක් සහ සෙලේනියම් ඇතුළු ඛනිජ ලවණද අඩංගු වන බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ දෛනිකව අවම වශයෙන් පළතුරු සහ එළවළු ග්‍රෑම් 400ක් ලබාගැනීමටයි. මේ සමඟම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත්, තන්තු බහුල ආහාර වර්ග පරිභෝජනය කිරීමත් කොවිඩ් 19 අවදානම් සාධක වන තරබාරුකම සහ අධි රුධිර පීඩනය වැළැක්වීමට සාමූහිකව ක්‍රියා කරයි. මේ ආකාරයෙන් අවශ්‍ය සියළුම පෝෂ්‍ය පදාර්ථ ආහාර වේලට ඇතුළත් කරන අතරම, ඒවා සමබරව පරිභෝජනය කිරීමද වැදගත්ය.
ආහාරයට ගනු ලබන ලුණු, සීනි සහ සංතෘප්ත මේද ප්‍රමාණය අඩු කිරීමද ඉතා වැදගත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව දිනකට ලබාගත යුත්තේ ලුණු ග්‍රෑම් 5ක් වන අතර මෙය ලුණු රහිත හෝ අඩු ලුණු ප්‍රමාණ සහිත ආහාර තෝරාගැනීමෙන් සාක්ෂාත් කරගත හැකිය. ටින් කරන ලද ආහාර වල සාමාන්‍යයෙන් ලුණු අධිකව අඩංගු වන නිසා ටින් කරන ලද එළවළු ආදිය පරිභෝජනය කරන්නේ නම් වැඩිපුර අඩංගු වන ලුණු සෝදා හැරිය යුතුය. මීට අමතරව අසංතෘප්ත මේද ආකාර වන ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල් සහ අඩු මේද සහිත කිරි ආහාර පරිභෝජනයටද නිර්දේශ කරනු ලැබේ. අවම වශයෙන් සැකසූ ආහාර හා පාන වර්ග සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස සැලකේ. මෙම කාලයේදී මත්පැන් පානය කිරීම කිසිසේත්ම සුදුසු නොවන්නේ එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරමින් ආසාදනයන්ට ගොදුරු වීමේ හැකියාව වැඩි කරන බැවිනි. එපමණක් නොව, මත්පැන් සමහර ඖෂධ වල ක්‍රියාකාරිත්වයට බලපෑම් කරන අතර ඇතැම් අවස්ථාවලදී ඒවා විෂ සහිතද විය හැක. එම නිසා විශේෂයෙන් කොවිඩ් 19 වසංගත කාලය තුලදී මත්පැන් පානය කිරීම නුසුදුසුය.
ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ලබාගැනීමට නම් ආහාර සමඟ ක්ෂුද්‍ර පෝෂක නිවැරදි අනුපාතයකින් ගත යුතුයි. මන්ද ඇතැම් විටමින්, ඛනිජ ලවණ, ඇතැම් මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් ආසාදන අවදානම අවම මට්ටමක පවත්වාගැනීමට දායක වන නිසාය. මෙහිදී සින්ක්, යකඩ සහ විටමින් A, B12, B6, C සහ E ප්‍රමාණවත් ලෙස අන්තර්ගත වීම ඉතා වැදගත් වේ. මූලික වශයෙන්, ජලයේ ද්‍රාව්‍ය විටමිනයක් වන විටමින් C, කෙනෙකුගේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එය, සහජ ප්‍රතිශක්තිය (Innate Immunity) සහ අනුවර්තීය ප්‍රතිශක්තිය (Adaptive Immunity) සඳහා දායක වන විවිධ සෛලීය ක්‍රියාකාරකම් වලට සහාය වේ. ආහාර මඟින් ලබාගැනීමට නිර්දේශිත විටමින් C ප්‍රමාණය වැඩිහිටි පිරිමින් සඳහා දිනකට මිලිග්‍රෑම් 90ක් ද වැඩිහිටි කාන්තාවන් සඳහා දිනකට මිලිග්‍රෑම් 75ක් ද වේ.
ප්‍රතිශක්තිකරණ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන විට විටමින් D ද ඉතා වැදගත් වේ. එයට සහජ ප්‍රතිශක්තිය සහ අනුවර්තීය ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමේ හැකියාව ඇති අතර විටමින් D ඌනතාවයක් පවතින විට ආසාදන වලට ගොදුරු වීමේ අවදානම වැඩිවේ. එම නිසා, කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා ආහාර වේලෙන් විටමින් D ප්‍රමාණවත් ලෙස ගැනීම වැදගත් වේ. මේ සඳහා මාළු අක්මාවේ තෙල්, බිත්තර කහ මදය සහ චීස් වැනි විටමින් D බහුල ආහාර, විටමින් D එකතු කරන ලද ආහාර (fortified) සහ විටමින් D අතිරේකයන් (supplements) ආහාරයට එකතු කර ගත යුතුය.
නිසි ආහාර පුරුදු අනුගමනය කිරීමට අමතරව, ආහාර ආරක්ෂිත උපදෙස් පිළිපැදීමද කොවිඩ් 19 ආසාදනය වීම වැළැක්වීමේ ප්‍රධාන පියවරක් ලෙස අවධාරණය කළ යුතුය. කොවිඩ් 19 වෛරසය ආහාර ඇසුරුම් හෝ ආහාර මඟින් සම්ප්‍රේෂණය නොවන බව දැනට පවතින සාක්ෂි වලින් පෙන්නුම් කරන නමුත්, ඒ සමඟ ඇති අවදානම අවම කිරීම සඳහා නිවැරදි ආහාර සනීපාරක්ෂක ක්‍රම පිළිපැදිය යුතුය. ආහාරයක ඇසුරුම් කිහිපයක් ඇති අවස්ථාවකදී එම අනවශ්‍ය ඇසුරුම් ඉවත් කර ආරක්ෂිතව බැහැර කළ යුතු අතර වෙනත් අවස්ථාවලදී සුදුසු විෂබීජ නාශකයක් භාවිතයෙන් ඇසුරුම් හොඳින් පිස දැමිය යුතුය. පරිසරයට නිරාවරණය වන පළතුරු සහ එළවළු වැනි ඇසුරුම් නොකළ ආහාර ජලයෙන් සේදිය යුතුය. මීට අමතරව ආහාර හැසිරවීමේදී සහ පිසීමේදී පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීමෙන් ආහාර අපවිත්‍ර වීම වළක්වා ගත යුතුය.
මෙම තොරතුරු වලට අනුව, කොවිඩ් 19 අවදානම පාලනය කිරීමට හා එමඟින් ඇතිවන සංකූලතා අවම කරගැනීමට නම් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක යන පෝෂක වර්ග දෙවර්ගයම නිසි ප්‍රමාණ වලින් අඩංගු සමබල ආහාර වේල් ලබාගැනීමත්, නිසි සනීපාරක්ෂක පිළිවෙත් වල යෙදීමත්, පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීමත් ඉතා වැදගත් වේ.
Covid-19 and Nutrition
The Covid-19 pandemic has become a global challenge, primarily affecting the health and lifestyles of people, causing drastic changes in their nutritional intake and dietary habits. Social isolation, which has been suggested as an effective preventive method for this virus, greatly affects the psychological and emotional wellbeing of people, possibly causing changes and disruptions in their eating patterns.
These changes in dietary habits of people may have detrimental effects on one’s nutritional status, which is an indicator of the body’s resilience towards an infection. Moreover, due to businesses being temporarily closed during the pandemic, people have limited access to fresh food and therefore, their regular food-related practices maybe interrupted. Due to such circumstances people are more likely to resort to highly processed foods or following poor diets lacking most of the essential nutrients in correct proportions.
Compromising of the balanced intake of nutrients in such ways can lead to obesity or weakening of the immune system due to the lack of necessary nutrients in the diet, which in turn can bring about severe complications in an individual upon a Covid-19 infection.
During quarantine and self-isolation, the sedentary lifestyles and changes in usual weight control activities most often lead to over-eating or consumption of highly processed food with high salt, sugar and fat content. Panic-buying may also cause over-consumption of food. These factors pose an increased risk of obesity and hypertension among people and it is observed that a high risk of hospitalization and development of severe symptoms is associated among people with such conditions. Therefore, it is well evident that proper and adequate nutrition is crucial during a pandemic.
According to the guidelines provided by the World Health Organization, a balanced diet consisting of whole grains, legumes, vegetables, fruits, nuts and animal source foods is recommended to maintain good health during the pandemic. Consuming a healthy proportion of fresh fruits and vegetables is especially important as it provides several vitamins and minerals, including vitamin A, C, D, E, and B complex, as well as zinc and selenium which are essential to strengthen and maintain immune functions. The WHO recommends a minimum daily intake of 400g of fruits and vegetables. Proper hydration and including adequate proportions of fibre in the diet is also important as they all collectively play an important role in preventing obesity and hypertension which are particularly identified as high-risk conditions during a Covid-19 infection. While including all necessary nutrients in the diet, it is equally important to consume them in balanced proportions.
It is also highly advised to lower the intake of salt, sugar and saturated fats. According to WHO recommendations, the salt intake should be 5g/day and this can be achieved by opting for salt-free or low-salt options of food. In the case of canned food which usually contain a comparatively higher amount of salt, food such as canned vegetables can be rinsed to remove some of the excess salt. Consumption of unsaturated fats such as olive oil, sunflower oil and low-fat dairy foods are recommended. In general, minimally processed foods and beverages are promoted as healthier alternative. Alcohol intake is also discouraged and is recommended to be discontinued as it may deplete the immune strength of the body, increasing the susceptibility to an infection. Moreover, alcohol may have negative interaction with certain medications and at certain instances, may even be toxic. Therefore, the consumption of alcohol is not advised, especially during the Covid-19 pandemic.
Intake of correct proportions of micronutrients is very important as several vitamins, minerals, certain fatty acids and amino acids are essential in strengthening the immune system and reducing risk of infections. In this case, including adequate levels of zinc, iron, and vitamins A, B12, B6, C, and E is crucial. Primarily, vitamin C, which is a water-soluble vitamin, plays a major role in strengthening one’s immunity. It supports various cellular functions that contribute to both innate and adaptive immunity. The recommended dietary allowance for vitamin C is 90mg per day for adult males and 75mg per day for adult females.
Vitamin D is also of much significance when immune health is concerned. It is capable of moderating innate and adaptive immunity while it's deficiency can cause increase in autoimmunity and vulnerability to infections. Therefore, the adequate intake of vitamin D in the diet is vital in maintaining a strengthened immune system against the covid-19 virus. Foods rich in vitamin D, such as fish liver oils, egg yolks and cheese, vitamin D-fortified foods or vitamin D supplements can be added to the diet.
Apart from proper dietary practices, following food safety guidelines should also be highlighted as a major precautionary measure against Covid-19 infection. Although evidences show that the Covid-19 virus does not necessarily transmit via food packaging or food, correct food sanitary practices are encouraged to minimize any associated risks. Unnecessary packaging can be removed and safely discarded and on other instances, packaging can be wiped clean using a suitable disinfectant. Unpackaged foods, such as fruits and vegetables, which are exposed to the surrounding can be washed with water. In addition to such sanitary practices, personal hygiene should also be paid close attention to, in order to avoid potential contamination when handling food.
It is evident that the balanced intake of nutrients including both macronutrients and micronutrients in the diet, engaging in proper sanitary practices and maintaining personal hygiene is key to developing and maintaining a strengthened immune system which will control or minimize the risk and health complications associated with Covid-19.
Article written by - Kavindi Lokuruge
Sinhala translation by - Praveeni Manodya
REFERENCES
• How Nutrition can help to fight against COVID-19 Pandemic
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7306972/
• Dietary Recommendations During the COVID-19 Pandemic: An Extract
https://www.karger.com/Article/FullText/513449
• Vitamin D and the Immune System
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3166406/
• Easy, affordable and healthy eating tips during COVID-19
https://www.unicef.org/.../easy-affordable-and-healthy...
• Vitamin C and Immune Function
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5707683/
• Food and nutrition tips during self-quarantine
https://www.euro.who.int/.../food-and-nutrition-tips...
• Coronavirus disease (COVID-19): Food safety and nutrition
https://www.who.int/.../coronavirus-disease-covid-19-food...
• Coronavirus Disease 2019 (COVID-19) and Nutritional Status
https://pubmed.ncbi.nlm.nih.gov/32975565/
Article 12- සෞඛ්‍යමත් දිවියකට මග කියන "Functional Foods"
සෞඛ්‍යමත් දිවියකට මග කියන Functional Foods
Functional food නමින් හැඳින්වෙන්නේ, විටමින් සහ ඛනිජ ලවණ වැනි විවිධ පෝෂක ද්‍රව්‍ය එකතු කර ඇති සාමාන්‍ය ආහාරයකි. මෙම ආහාර මූලික පෝෂණයට අමතරව සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කළ හැකි ආහාර වේ. ආහාර පිලිබඳ පර්යේෂකයින් කියා සිටින්නේ, පුද්ගලයින්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමටත් රෝග අවදානම අඩු කර ගැනීමටත් මෙම ආහාර මහත් රුකුලක් වන බවයි.
ආහාරයේ ප්‍රධාන කාර්යයක් වන්නේ පුද්ගලයාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබා දීමයි. වර්තමානයේ, ආහාර සහ සෞඛ්‍ය අතර සම්බන්ධය පිළිබඳ පාරිභෝගිකයින්ගේ දැනුවත්භාවය ඉහළය. සමාජ හා ආර්ථික ප්‍රවණතා හේතුවෙන්, අතිරේක සෞඛ්‍ය ප්‍රතිලාභ සහිත ආහාරවලට වැදගත් ස්ථානයක් හිමිවී ඇත. එබැවින්, functional food මූලික පෝෂණයෙන් ඔබ්බට විවිධ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට වැදගත් වේ. උදාහරණයක් ලෙස ඔමේගා -3 මේද අම්ල සහිත බිත්තර දැක්විය හැක. ඔමේගා -3 මේද අම්ල සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරී වන විශේෂ ජෛව ක්‍රියාකාරී ද්‍රව්‍යයකි.
Functional food සැකසීම සදහා මූලික ක්‍රම පහක් භාවිතා කළ හැකිය:
1. අහිතකර බලපෑම් ඇති අංගයක් ආහාරයෙන් ඉවත් කිරීම.
2. සාමාන්‍යයෙන් ආහාරයේ නොමැති සංරචකයක් එකතු කිරීම.
3. ආහාරයේ අඩංගු අනවශ්‍ය පෝෂකයක් වාසිදායක බලපෑමක් ඇති අංගයක් සමඟ ප්‍රතිස්ථාපනය කිරීම.
4.පුද්ගලයින් බහුලව පරිභෝජනය කරන ආහාර වල අඩංගු ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි සමහර මහා පෝෂක (උදා: මේද) වාසිදායක බලපෑම් ඇති සංඝටක මඟින් ප්‍රතිස්ථාපනය කිරීම.
5. තෝරාගත් සංරචකයක ජෛව උපයෝගීතාව හෝ ස්ථායිතාව වැඩි කිරීම.
ඛනිජ ලවණ, විටමින්, මේද අම්ල, තන්තු, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝබයෝටික් වැනි ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී සංයෝග අඩංගු ආහාර functional food සඳහා උදාහරණ වේ. මිනිස් සෞඛ්‍යයට වඩාත් උපකාරී වන ආහාර ලෙස පිළිගත් ආහාර දහයක් පහත දැක්වේ. බ්‍රෝකලී, මාළු / මාළු තෙල්, පලා වර්ග, කෙසෙල්, කැරට්, සුදුළූණු, කිරි, තක්කාලි සහ ඕට්ස් යන මේවා පෝෂ්‍ය පදාර්ථ සුලභ ප්‍රභවයන් වේ. සෑම ආහාරයකම යම් පෝෂණීය ගුණයක් හා ඒවාට අදාල කාර්‍යයක් ඇත. කෙසේ වෙතත්, functional food සැලකිල්ලට ගැනීමේදී එහි සාමාන්‍ය ආහාරවලට වඩා හඳුනාගත් පෝෂණ ප්‍රතිලාභ ඇත.
Functional food සංකල්පය මුලින්ම භාවිතා කළේ 1980 ගණන් වල මැද භාගයේදී ජපානයේ වන අතර එතැන් සිට මෙම ආහාර කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මෙම සංකල්පයෙන් ඇඟවෙන්නේ ආහාර සහ ආහාර සංරචකවලට ශරීරයේ ක්‍රියාකාරිත්වයට හිතකර ලෙස බලපෑම් කිරීමේ හැකියාව සහ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ රෝග අවදානම අඩු කිරීමට හැකියාව ඇති බවයි. මෙම ආහාර සංරචක ස්වාභාවිකවම ආහාර අමුද්‍රව්‍යවල වල අඩංගු විය හැක. එසේත් නැතිනම් නිෂ්පාදන ක්‍රියාවලිය මඟින් නිෂ්පාදනය කර හෝ වැඩි දියුණු කර ඇත.
Fortified food සහ enriched food, functional food ලෙස සැලකේ. මන්ද, අතිරේක ක්ෂුද්‍ර පෝෂක එකතු කිරීමෙන් හෝ ආහාර සැකසීමේදී අහිමි වන ක්ෂුද්‍ර පෝෂක ආහාර වලට එකතු කිරීමෙන්, එම ආහාර පෝෂ්‍ය පදාර්ථ වලින් පරිපූර්ණ කර තිබෙන නිසාය. Fortified food සහ enriched food යනු, functional foodවල ප්‍රධාන කාණ්ඩ දෙකකි. ඉහත කාණ්ඩ දෙකෙහි නිෂ්පාදන ක්‍රියාවලියන් වන food fortification සහ food enrichment පිළිබඳව දැන් සලකා බලමු.
Food fortification යනු කුමක්ද?
මෙය ආහාරයේ ස්වාභාවිකව නොමැති, ආහාර සඳහා අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක (විටමින් සහ ඛනිජ ලවණ) එකතු කිරීමේ ක්‍රියාවලියකි. Fortification මගින් ආහාරයේ පෝෂණ ගුණය වැඩි කළ හැකිය. විටමින්A, විටමින් D, අයඩීන්, සින්ක්, යකඩ, ෆෝලික් අම්ලය, ආහාර වලට එකතු කලහැකි සමහර ක්ෂුද්‍ර පෝෂක වේ. මෙම ක්‍රියාවලිය ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන් මගහරවා ගැනීම සඳහා යොදාගත හැකි, ලාභදායී සහ යහපත් බලපෑම් සහිත විසඳුමකි. විටමින් D එකතුකල කිරි, අයඩින් මිශ්‍ර ලුණු, කැල්සියම් සහිත පළතුරු යුෂ, යකඩ/ විටමින් සහ ඛනිජ ලවණ සහිත පාන් සහ ඔමේගා-3 සහිත බිත්තර fortified food සඳහා නිදසුන් වේ.
කිරි වල ස්වාභාවිකව දක්නට නොලැබෙන අතිරේක විටමින් සහ ඛනිජ ලවණ අඩංගු එළකිරි, fortified milk ලෙස හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් එකතු කරන පෝෂ්‍ය පදාර්ථ වන්නේ විටමින් A සහ විටමින් Dය. විටමින් D මිනිස් සිරුරේ කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය කාර්‍යක්ෂ්ම කිරීමට උපකාරි වන විටමිනයකි . එම නිසා ළමුන් තුළ විටමින් D ඌනතාවය නිසා ඇතිවන Rickets සහ වැඩිහිටියන් තුළ ඇතිවන Osteomalacia වැනි විටමින් D ඌනතා රෝගවලින් වැළකීමට fortified milk උපකාරී වේ.
අයඩීනිකෘත ලුණු යනු, මේස ලුණු වර්ගයකි. සාමාන්‍ය ලුණු වලට අයඩීන් අනුමත අනුපාතයන්ගෙන් එකතුකිරීමෙන් ඒවා සාදාගනු ලැබේ. අයඩීන් යනු අපේ තයිරොයිඩ් ග්‍රන්ථියේ විවිධ හෝමෝන නිපදවීමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයකි. අයඩින් ඌනතාවය ගලගණ්ඩය වැනි රෝගී තත්වයන්ට හේතුවේ. එම නිසා, අපේ ශරීරයේ අයඩීන් ප්‍රමාණය නිවැරදි මට්ටමක පවත්වා ගැනීමට fortified salt උපකාරී වේ.
ඔමේගා -3 මේද අම්ල සහිත බිත්තර, පෝෂණ අධික ආහාර නිෂ්පාදනයක් ලෙස සැලකේ. විවිධ ඔමේගා -3 මේද අම්ල ආකාර මගින් fortified බිත්තර නිපදවිය හැක. Docosahexaenoic acid (DHA) සහ Alpha-Linolenic acid (ALA) ඔමෙගා- 3 මේද අම්ල සදහා නිදසුන් වේ. සැමන්, සාඩින් වැනි මාළු වල DHA බහුලව දක්නට ලැබේ. මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට සහ හෘද රෝග වැළැක්වීමට එය වැදගත් ය. හණ බීජ( flaxseed ), චියා බීජ (chia seeds) සහ සෝයා වල ALA දක්නට ලැබේ. ALA හෘද රෝග වලින් ආරක්ෂා වීමට ද උපකාරී වේ. හණ බීජ ආහාර ලෙස සපයා කිකිළියන් පෝෂණය කිරීමෙන් මෙම බිත්තර සාදනු ලබන අතර ඒවා ජීර්ණය වූ විට සමහර ALA, DHA වලට කැඩී මේද අම්ල දෙකම කහ මදයට ගමන් කරයි. කිකිළියන්ගේ ආහාර සදහා මාළු තෙල් (fish oil) එකතු කිරීමෙන්ද පෝෂ්‍යදායි බිත්තර සෑදිය හැකිය.
Food enrichment යනු කුමක්ද?
Food enrichment , food fortification වලට වඩා වෙනස් ය. ඉහත සඳහන් කළ පරිදි food fortification ආහාරයට අතිරේක පෝෂ්‍ය පදාර්ථ එකතු කරන නමුත් food enrichment යන්නෙන් අදහස් කරන්නේ ආහාර සැකසීමේදී අහිමි වන ක්ෂුද්‍ර පෝෂක නැවත ආහාරයට එකතු කිරීමයි. ආහාර සැකසීමේදී විටමින් සහ ඛනිජ ලවණ වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ ඇතැම්විට අහිමි වේ. මෙම ක්‍රියාවලියේදී අහිමි වූ පෝෂ්‍ය පදාර්ථ නැවත ආහාරයට එකතු කිරීමෙන් ආහාරයේ පෝෂණ ගුණය නැවත ලබා ගත හැක.
Enriched food සඳහා උදාහරණ සලකා බලමු. ධාන්‍ය පිරිපහදු කිරීමේදි තන්තු, යකඩ, තයමින්, රයිබොෆ්ලැවින්, නියැසින් සහ ෆෝලික් අම්ලය වැනි පෝෂක ධාන්‍ය වලින් ඉවත් වීම සිදුවේ. මේ හේතුවෙන් පිරිපහදු ක්‍රියාවලියෙන් පසු බොහෝ ධාන්‍ය enrichment ක්‍රියාවලියට භාජනය කෙරේ. පිරිපහදු කළ ධාන්‍ය නිෂ්පාදන සඳහා උදාහරණ නම්, සුදු පාන්, සුදු සහල් යනාදියයි. Enrichment හේතුවෙන් මෙම ආහාර සහ ආහාර නිෂ්පාදන වල මුල් පෝෂණ ගුණය නැවත ලබාගත හැක.
Functional food වල වාසි සහ අවාසි මොනවාද?
Functional food මඟින් රෝග අවදානම අවම කිරීමට සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට හැකියාව ලැබේ. මෙම ආහාර පරිභෝජනය හා සම්බන්ධ සෞඛ්‍යමය ප්‍රතිලාභ රෝග විද්‍යා පර්යේෂණ සහ ලෝකයේ විවිධ මට්ටමින් සිදු කරන ලද අහඹු සායනික අත්හදා බැලීම් වලදී පෙන්නුම් කර ඇත. පෝෂණ ඌනතාවයන් වැළැක්වීමේ කාර්යක්ෂමතාව, හෘද රෝග, පිළිකා, දියවැඩියාව, තරබාරුව, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ වැනි රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව functional food සතුව ඇත. තවද මෙම ආහාර දරුවන්ගේ හා ළදරුවන්ගේ නිසි වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පෝෂක සපයයි. මිනිසුන් ඉහළ ආයු අපේක්ෂාවක් සමඟ යහපත් ජීවන තත්ත්වයක් ළඟා කරගැනීමට කැමැත්තක් දක්වයි. එබැවින් functional food, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සමඟ සංයෝජනය කිරීමෙන් සෞඛ්‍ය හා යහපැවැත්ම සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ හැකිය.මෙම ආහාර පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි කිරීමටත්, පෝෂණ හිඟකම් පුරවා ගැනීමටත්, සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ.
Functional food මඟින් සමහර අවාසි ද ඇති විය හැකිය. පාරිභෝගිකයින් තමන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ආහාර කිහිපයක් මත යැපෙන හෙයින්, ඔවුන්ගේ ආහාර විවිධාංගීකරණය අඩු වියහැකි අතර මෙම ආහාර අධික ප්‍රමාණයක් ගැනීමෙන් වෙනත් සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවට පෝෂණවේදීන් අවධාරණය කරයි.
ආහාර වේලක් යනු ප්‍රශස්ත සෞඛ්‍යයක් සඳහා වූ පුළුල් ප්‍රවේශයක එක් අංගයක් පමණි. දිනපතා ව්‍යායාම කිරීම, දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, මානසික ආතතිය අවම කිරීම සහ අනෙකුත් යහපත් සෞඛ්‍ය හැසිරීම්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට වැදගත් වේ. Functional food, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළගා කරගැනීමට සහ රෝග අවදානම අවම කිරීම සඳහා වූ ඵලදායි ප්‍රවේශයේ කොටසක් බවට පත්වන්නේ මේ සියලු ගැටලු වලට පිළියම් යොදන විට පමණි. එම නිසා සෞඛ්‍ය විද්‍යාත්මක සාධක පදනම් කරගෙන functional food පරිභෝජනය කිරීමෙන් එකී ප්‍රතිලාභ අත්විඳිය හැක.
Functional foods; path to a healthy life
A functional food is, by definition, a typical food that has various nutrients added to it, such as vitamins and minerals, to accomplish a precise purpose. Functional foods are foods which, beyond basic nutrition, have a potentially positive impact on health. Functional food proponents claim that they encourage good well-being and help reduce the risk of diseases.
Main function of the diet is to provide enough nutrients to accomplish the person’s nutritional needs. Today the link between food and health has captivated the awareness of consumers. Foods with additional health benefits are also becoming more important as a result of social and economic trends. Therefore, functional foods need to meet various nutritional requirements beyond the basic nutrition. For an example, eggs with omega-3 fatty acids. Omega-3 fatty acids are a special bioactive ingredient which helps to improve health.
Following five methods can be used to make food functional:
1. Removing a component from food that has adverse effects.
2. Adding a component to the food that isn't usually present.
3. Replacing an unnecessary macronutrient in food with a component that has beneficial effects.
4. Replacing a component, usually a macronutrient (eg:fats) , whose intake is often excessive and therefore has negative impacts, with a component which have beneficial effects.
5. Increasing the bioavailability or stability of a recognized component in the food.
Foods containing minerals, vitamins, fatty acids, dietary fiber, and foods containing biologically active compounds such as antioxidants and probiotics are examples of functional foods. The below are the top ten foods that have been recognized as helpful to human health: broccoli, fish / fish oil, green vegetables, bananas, carrots, garlic, fiber, milk, tomatoes, and oats are all good sources of these nutrients. There are some roles and certain nutritious benefit of all foods. Yet functional foods have more precise and focused nutritional benefit than others for physiological purpose.
The concept of functional food was first used in Japan in the mid-1980s, and the functional food industry has grown steadily since then. This concept indicates that foods and food components have the ability to beneficially influence body functions and help improve the state of well-being and health and reduce the risk of diseases. These food components are present in the raw materials or produced or enhanced by the manufacturing process.
Fortified foods and enriched foods are considered as functional foods. Because, food become rich in nutrients by adding extra micro nutrients or by adding the micro nutrients that are lost during processing to foods. Therefore, fortified foods and enriched foods are two main categories of functional foods. Let’s consider about food fortification and food enrichment which are the processes of above two categories.
What is Food Fortification?
This is a process of adding extra essential micro nutrients (vitamins & minerals) to food that are not naturally present in the food. Fortification can improve the nutritional quality of the food. Vitamin A, Vitamin D, iodine, zinc, iron, folic acid, are some micro nutrients which are added to foods. This process is a proven, sustainable, cost- effective and high- impact solution to address micro nutrient deficiencies. There are so many fortified food products. Milk with Vitamin D, salt with iodine, fruit juice with calcium, bread with iron/ vitamins & minerals, eggs with Omega 3 and flour with folic acid are some examples for fortified food products.
Fortified milk is cow’s milk that contains extra vitamins and minerals that are not naturally found in milk. Usually added nutrients are Vitamin A & D. Vitamin D can improve the absorption of Calcium and Phosphorus in human body. Therefore, fortified milk helps to prevent Vitamin D deficiency diseases like Rickets in children and osteomalacia in adults.
Iodized salt is a type of table salt. They are made by spraying tiny amount of iodine to the regular salt. Iodine is an important nutrient that our thyroid needs to produce certain hormones. Inadequate levels of iodine leads to problems such as an enlarged thyroid gland and abnormally low level of thyroid hormones. Therefore, fortified salt can help to maintain the correct level of iodine in our body.
Eggs with omega-3 fatty acids are considered as a nutritional food product. Eggs can be fortified with two different omega-3 fatty acids: Docosahexaenoic acid (DHA) and Alpha-Linolenic acid (ALA). DHA is found in oily fish like salmon, sardines, and trout; it’s vital for proper development and maintenance of brain function and prevent heart diseases. ALA is found in flaxseeds, chia seeds, hemp seeds and walnuts. ALA also helps to protect against heart disease. These eggs are made by feeding hens with flaxseeds and when they’re digested some of the ALA is broken down into DHA and both fatty acids get transferred to the yolk. Fortified eggs can also be made by adding fish oils to the feed.
What is Enrichment of food?
Enrichment of food is different from Food Fortification. As mentioned above food fortification is adding extra nutrients to food. But enrichment of food is defined as addition of micro nutrients to a food which are lost during food processing. When foods are processed, they often lose some of the important nutrients such as vitamins and minerals. In this process those lost nutrients are added back to food and the original nutritional value of food is regained.
Let’s consider examples for enriched food products. When grains are refined, dietary fiber, iron and B Vitamins such as thiamine, riboflavin, niacin, folic acid are removed from the grains. Therefore, many refined grains are enriched after processing. Examples for refined grain products are white flour, white bread, white rice etc. These foods and food products can regain their original nutritional value due to enrichment.
What are the Advantages and disadvantages of functional foods?
Functional foods offer potential to lower disease risk and improve wellbeing with minimum health professional engagement. Several health consequences associated to functional food consumption have been shown or at least indicated in epidemiological research and randomized clinical trials conducted in various parts of the world. They have the efficiency of preventing nutrient deficiencies, protect against diseases like heart diseases, cancer, diabetes, obesity, digestive disorders and immune responses. And functional foods provide essential nutrients to proper growth and development in children and infants. People seek for a better quality of life along with a high life expectancy. Therefore, Functional foods, when combined with a healthy lifestyle, can significantly improve health and well-being. Functional foods can help to boost the nutrient intake that is needed, fill up any nutritional gaps, and improve the overall health.
Some disadvantages of consuming functional foods may occur as well. As consumers rely on a fewer number of foods to satisfy their nutritional needs, they may be diminishing diet diversification and dieticians are concerned that eating high amounts of functional foods could exacerbate other health issues.
Diet is just one component of a comprehensive approach to optimal health. Regular exercise, tobacco avoidance, stress reduction, maintaining a healthy body weight, and other positive health behaviors are also important for healthy lifestyle. Functional foods can only become part of an effective approach to maximize health and minimize disease risk if all of these concerns are addressed. Therefore, scientific evidences should be used to correlate the consumption of functional foods on health claims.
Article written by: Thilini Wickramasinghe, Sujani Kaumadi
References
Anon., 2021. food facts for healthy choices. [Online]
Available at: https://www.eufic.org/en/
[Accessed 08 february 2021].
Anon., 2021. Functional Foods: Opportunities & Challenges. [Online] Available at: https://www.ift.org/
Anon., 2021. nutrition international. [Online] Available at: https://www.nutritionintl.org/
Anon., n.d. [Online] Available at: https://www.mayoclinic.org/healthy-lifestyle/nutrition-and-healthy-eating/expert-answers/functional-foods/faq-20057816
Anon., n.d. [Online] Available at: https://www.ift.org/career-development/learn-about-food-science/food-facts/what-is-a-functional-food
Article 11- මොනවද මේ space foods(Part 02) ? "What are these space foods?-Part 02 "
මොනවද මේ space foods?
පෘථිවි හා අභ්‍යවකාශ ආහාර එක හා සමාන ද?
අභ්‍යවකාශ තරණය ආරම්භයේ සිටම ආහාර වේල් හා නිසි පෝෂණය, ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයන්, ආහාර ඇසුරුම් වර්ග, ආහාර සැකසීමේ ක්‍රම යනාදිය විශාල වශයෙන් විකාශනය වී ඇත. මෙම ලිපිය මඟින් ඉතිහාසයේ සිට ආහාර පද්ධති පරිණාමය වී ඇති ආකාරය,වර්තමානයේ අභ්‍යවකාශ ගතවන ගගනගාමීන් හා සම්බන්ධ ආහාර රටා සහ අනාගත ගවේෂකයින් සඳහා මෙම ආහාර රටා කෙසේ දියුණු විය හැකිද යන්න සාරාංශ ගත කර ඇත.
මුලින්ම project Mercury පිළිබඳව අපි අනිවාර්යයෙන් කතා කළ යුතු වන්නේ ඊට සම්බන්ධ වූ ගගනගාමීන් අභ්‍යවකාශ ආහාර වල අතීතයේ සිට මේ දක්වා සිදුවූ සංවර්ධනයට මූලිකවම දායක වී ඇති හෙයිනි. මෙම ගගනගාමීන් ඇලුමිනියම් වලින් සාදන ලද, දන්තාලේප ඇසුරුම් වලට සමාන ටියුබ් වල ඇසුරුම් කරන ලද, කුඩා ප්‍රමාණයේ කැට ආකාරයට සැකසූ වියළි ආහාර සහ අර්ධ ද්‍රව ආහාර අනුභව කළහ. මෙම ටියුබ් වල ඇසුරුම් කළ ආහාර අනුභව කිරීමේදී බොහෝ අභියෝග වලට මුහුණ පෑමට සිදුවිය. ඒ නිසාම නව ආහාර සංවර්ධනයට සහ නව ආහාර ඇසුරුම් සැකසීම කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. බොහෝවිට මෙම ආහාර අප්‍රසන්න වූ අතර, ශීත කර වියළන ලද (freeze dried) ආහාර නැවත සජලනය කිරීමට උත්සාහ කිරීමේදී ගැටළු ඇති විය. එමනිසා පසුකාලීනව, පෙර තිබූ කුඩා කැට ආකාරයට සැකසූ වියළි ආහාර, හපන විට මුඛයෙන් ස්‍රාවය වන ලවණ මඟින් එම ආහාර සජලනය කර ගතහැකි වන අයුරින් වැඩි දියුණු කිරීමද සිදුවිය. ඉන්පසුව,ටියුබ් වලින් ආහාර ඉවත් කිරීමේ ක්‍රමයක් අවශ්‍ය විය. ඇසුරුමේ ඇති විවරයට කුඩා බීම බටයක් (straw) දමා එමඟින් නලයේ අන්තර්ගතය සීරුවට මිරිකා ගනිමින් කෙලින්ම ඔවුන්ගේ මුඛය තුළට ගැනීමට ගගනගාමීන්ට සිදුවිය. මෙම ආහාර ඒවායේ බහාලුම් තුළට vacuum packed කර ඇති අතර එමඟින් තෙතමනය, රසය නැතිවීම සහ නරක් වීම වළක්වාලයි. නමුත් මෙම ඇලුමිනියම් ඇසුරුම් බොහෝ විට එහි අඩංගු ආහාරයට වඩා බරින් යුක්ත වේ. මේ නිසා අනාගත ගුවන් ගමන් සඳහා සැහැල්ලු ප්ලාස්ටික් බහාලුම් සකස් කිරීමට යෝජනා කරන ලදී. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයකදී ආහාර පාවෙන නිසා උපකරණවලට එමඟින් හානි විය හැකිය. එමනිසා මෙම ආහාර කැබලි කිරීම පාවී යාම වැළැක්වීමට ඒ වටා ආහාරයට ගත හැකි (edible) ජෙලටින් ආලේප කර තිබීමද විශේෂත්වයකි.
Project Gemini දියත් වූ කාලය තුළ space food වල සිදුවූ ප්‍රධාන දියුණුව වූයේ වඩා විවිධත්වයෙන් යුත් ආහාර සහ වැඩිදියුණු කළ ඇසුරුම් ය. මෙහිදී දීර්ඝ අභ්‍යවකාශ පියාසර කිරීම් සඳහා ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් සෞඛ්‍යයට වැදගත්ය යන්න බොහෝ සැළකිල්ලට ගැණුනි.සෑම කාර්ය
මණ්ඩලයකටම දිනකට ආහාර කිලෝග්‍රෑම් 0.58 ක් ලබා දෙන ලදී. Gemini මෙහෙයුමේ grape and orange drinks, cinnamon toasted bread cubes, fruit cocktail, chocalate cubes, turkey bites, apple sauce, cream of chicken soup, shrimp cocktail, beef stew, chicken and rice, turkey and gravy වඩාත් ජනප්‍රිය ආහාර ලෙස හඳුන්වා දිය හැක. ප්‍රධාන වශයෙන් මෙම ආහාර freeze drying techniques භාවිතා කර පරිරක්ෂණය කර ඇත. Freeze dry කළ වියළි ආහාර නැවත සජලනය කිරීම සඳහා water gun එකක් යොදාගන්නා අතර එහි ඇති විශේෂ nozzle එකක් හරහා ජලය ඇසුරුමට එන්නත් කරයි. ඇසුරුමේ අනෙක් කෙළවරේ විවරයක් ඇති අතර
එමඟින් ආහාර ගගනගාමීන්ට ඔවුන්ගේ මුඛයට ලබා ගත හැකිය. ආහාර වේලක් ගෙන අවසන් වූ පසු, ඉතිරිව ඇති කොටස්වල ක්ෂුද්‍රජීවී වර්ධනය වැළැක්වීම සඳහා හිස් ඇසුරුම තුළට විෂබීජ නාශක පෙති (germicidal tablets) තැන්පත් කරයි. Freeze dry කළ වියළි ආහාරවල වාසි වන්නේ ඒවායේ ජලය ඉවත් කර ඇති නිසා ආහාර සැහැල්ලු ය. ආහාර වලට දිගු ආයු කාලයක් ඇති අතර කාමර උෂ්ණත්වයේ ගබඩා කළ හැකිය. එසේම මුල් නැවුම් ආහාර ද්‍රව්‍යවලට වඩාත් සමීප රසයන් හා වයනයන් මෙම ආහාර වලටද ලැබීමෙන් ගගනගාමීන්ගේ ආහාර රුචිකත්වයට ද ඉන් බාධාවක් ඇති නොවේ.
Mercury සහ Gemini මෙහෙයුම් මඟින් අනාගත අභ්‍යවකාශ ගුවන් ගමන් සඳහා ආහාර පිළියෙල කිරීම, හැසිරවීම සහ පරිභෝජනය කිරීම, ආහාර තවදුරටත් සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර වලට අදාලව වටිනා අත්දැකීම් ලබාගනීමට හැකියාව ලැබුණි. Project Apollo හි project Gemini වලට සමාන ආහාර ඇසුරුම් භාවිතා කළ නමුත් විවිධ ආහාර වර්ග සැලකිය යුතු ලෙස වැඩි විය. ඇපලෝ හි පරිභෝජනය කරන ලද සමහර ආහාර නම් coffee, bacon squares, cornflakes, srambled eggs, cheese crackers, beef sandwiches, chocolate pudding, tuna salad, peanut butter, beef pot roast, spaghetti, frankfurters වේ. නැවත සජලනය කළ හැකි ආහාර spoon bowl ලෙස හඳුන්වන ප්ලාස්ටික් භාජනයක ඇසුරුම් කර ඇත. මෙහිදීද ජලය water gun එකක nozzle එක ආධාරයෙන් පැකේජයට එන්නත් කරන අතර ආහාර සජලනය කිරීමෙන් පසුව pressure-type plastic zipper එකක් විවෘත වී ආහාර හැන්දක් ද සමග ඉවත්ට පැමිනේ. සජලනය කිරීමෙන් ලැබුණු තෙතමනය නිසා අන්තර්ගත ආහාර හැන්ද සමඟින් හොඳින් ආශක්තව පවතී. මෙම අලුතින් හඳුන්වා දුන් ඇසුරුම නිසා ගගනගාමීන්ට පෘථිවියේදී මෙන්ම තම ආහාරය ලබා ගැනීමේ හැකියාව ලැබුණි. එසේම තවත් නව ආහාර ඇසුරුමක් ලෙස wet pack/ thermostabilized flexible pouch හඳුන්වා දුන් අතර එයට ආහාරයේ ජල අන්තර්ගතය රඳවා තබාගැනීමට හැකි නිසා නැවත සජලනය කිරීමක් අවශ්‍ය නොවීය. මෙම ඇසුරුම් aluminium සහ plastic foil laminate වලින් සැකසූ නම්‍යශීලී ඇසුරුම් ලෙස හා full panel pullout lid එකක් සහිත කෑන් ලෙස ආකාර දෙකකින්ද හඳුන්වා දෙනු ලැබීය. ටින් කළ නිෂ්පාදනවල අවාසියක් වූයේ එමඟින් එකතු කළ අමතර බරයි. මෙම නව ඇසුරුම් යුගල සමඟ, Apollo ගගනගාමීන්ට ඔවුන්ගේ ආහාරය දැකීමට හා සුවඳ දැනීමට මෙන්ම අභ්‍යවකාශයේ පළමු වරට හැන්දකින් ආහාර ගැනීමටද හැකියාව ලැබුණි.
Skylab හි භෝජන අත්දැකීම වෙනත් අභ්‍යවකාශ ගුවන් ගමන් වලට වඩා වෙනස් විය. Skylab රසායනාගාරයේ අධිශීතකරණයක්, ශීතකරණයක්, උණුසුම් තැටි (warming trays) සහ මේසයක් තිබුණි. Skylab හි ආහාර වේලක් ගැනීම ගගනගාමීන්ට නිවසේදී ආහාර ගැනීමකට සමානම අත්දැකීමක් ලබාදෙනු ලැබීය. ඔවුන්ගේ ආහාර වේල් Ham, chilli, mashed potatoes, ice cream, steak සහ asparagus වැනි නිෂ්පාදන වලින් රසවත් විය. ගගනගාමීන් තිදෙනෙකුට ආසන්න වශයෙන් දින 112 ක් පරිභෝජනය කිරීම සඳහා යානය තුළ ගබඩා කළ ආහාර කොටස ප්‍රමාණවත් විය. වයස, ශරීර බර සහ අපේක්ෂිත ක්‍රියාකාරකම් මත පදනම්ව එක් එක් ගගනගාමීන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ආහාර වේල් නිර්මාණය කර ඇති අතර එක් එක් ගගනගාමීන්ගේ කැලරි ප්‍රමාණය ආසන්නව දිනකට කැලරි 2,800 කි.
Skylab ආහාර විශේෂිත බහාලුම්වල ඇසුරුම් කරන ලදී. සජලනය කළ හැකි බීම වර්ග ඇකිළිය හැකි accordion එකක් වැනි beverage dispensers තුළ ඇසුරුම් කරන ලදී. අනෙකුත් සියලුම ආහාර විවිධ ප්‍රමාණවල ඇලුමිනියම් කෑන්වල හෝ සජලනය කළ හැකි ඇසුරුම්වල ඇසුරුම් කරන ලදී. ආහාර පිළියෙළ කිරීම සඳහා Skylab ගගනගාමීන් විසින් අවශ්‍ය ආහාර, ආහාර උණුසුම් කරන තැටියට (food warmer tray) දැමීම සිදු කල හ. අභ්‍යවකාශ පියාසර කිරීමේදී ආහාර රත් කළ හැකිවන ලෙස යොදාගැනුණු පළමු උපාංගය මෙයයි.
Space Shuttle වැඩසටහන සඳහා, පෙර භාවිතා කළ ආහාර ඇසුරුම් සහ දෘඩාංග අයිතම යාවත්කාලීන කිරීමෙන් පෘථිවියට සමාන ආහාර ප්‍රවේශයක් නිර්මාණය කරන ලදී. යොදා ගැණුනු ආහාර ප්‍රභේද විවිධ වර්ගයේ ආහාර 74 ක් සහ පාන වර්ග 20 ක් දක්වා ව්‍යාප්ත විය. සාමාන්‍යයෙන් මෙහි එක ආහාර වේලක් නිර්මාණය කර ඇත්තේ දින 7 ක සාමාන්‍ය මෙහෙයුමක් සඳහා ය. ගගනගාමීන්ට අනුමත කරන ලද ආහාර ලැයිස්තුවෙන් ඔවුන්ගේ රුචි අරුචිකම් වලට සරිලන සේ ආහාර වේලක් සැලසුම් කිරීමට පවා අවස්ථාව හිමි වූ නමුත් එසේ නිර්මාණය කරන ලද ආහාර වේල් මඟින් සමතුලිත පෝෂ්‍ය පදාර්ථ සැපයුමක් ලබා දෙන බවට සහතික කිරීම සඳහා ආහාරවේදීන් විසින් පරීක්ෂා කිරීම සිදුකරනු ලැබීය. Space Shuttle හි දෘඩ හතරැස් සජලනය කළ හැකි ඇසුරුම් භාවිතා කරමින් සිටි නමුත් දිගු මෙහෙයුම් වලදී ඒවා ගැටළු සහගත විය. එමනිසා සැහැල්ලු නම්‍යශීලී ප්ලාස්ටික් වලින් සාදන ලද ඇසුරුම් සංවර්ධනය කරන ලද අතර එහි ජලය ඇතුළු කිරීම සඳහා කපාටයක්ද ඇත. ඊට අමතරව, එකතු වන කුණු ප්‍රමාණය අඩු කිරීම සඳහා trash compactor නැමති උපකරණයක් සකස් කරන ලදී. ෂටලය මත ආහාර පිළියෙල කරනු ලබන්නේ විශේෂයෙන් සකසන ලද galley එකක ය. මෙම ඒකකය water dispenser එකකින් හා උඳුනකින් යුක්ත වේ. Water dispenser එක මඟින් උණුසුම්, සිසිල් හෝ සාමාන්‍ය ජලය බෙදා හැරිය හැකි අතර එම ජලය ආහාර සජලනය කිරීම සඳහා භාවිතා කරන අතර එහි ඇති උඳුන ආහාර නිසි උෂ්ණත්වයට උණුසුම් කිරීමට භාවිතා කරයි. කෑම තැටියක් (meal tray) කෑම පිඟානක් ලෙස භාවිතා කරන අතර එය ගගනගාමීන්ගේ උකුලට පටියකින් ඇලවීම හෝ බිත්තියට සවිකිරීම කළ හැකිය. ආහාර ගැනීමේදී අවශ්‍ය වන පිහියක්, ගෑරුප්පුවක් , හැන්දක් සහ කතුරක් ද ඊට සවි කර තිබීම විශේෂත්වයකි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Inernational Space Station) අභ්‍යවකාශය තුළ පූර්ණ කාලීනව ක්‍රියාත්මක වන මෙහෙයුමකි. බහුකාර්ය ලොජිස්ටික් මොඩියුලය( Multi-Purpose Logistics Module) විසින් සෑම දින 90 කට වරක් ආහාර සහ අනෙකුත් සැපයුම් නැවත සපයනු ලැබේ. මේ සඳහා සැලසුම් කර ඇති බොහෝ ආහාර ශීත කළ, අධි ශීත කළ හෝ තාප ස්ථායීකරණය කළ ආහාර වේ. Space Shuttle හි මෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ද බීම වර්ග සඳහා යොදාගන්නා ඇසුරුම් ලෝහමය සහ ප්ලාස්ටික් ලැමිෙන්ට් වලින් සාදා ඇති අතර එය නිෂ්පාදනයට දිගු ආයු කාලයක් ලබා දෙයි. ඇසුරුමේ ඇති බීම කුඩු (drink powder) සමඟ ජලය මිශ්‍ර වීම ඇඩැප්ටරයක් හරහා සිදුවන අතර ඒ හරහාම යොදා ඇති බීම බටයක් (straw) හරහා පානය කිරීමද සිදුකරයි.අනෙකුත් ආහාර ඇසුරුම් මයික්‍රෝවේව් කළ හැකි ද්‍රව්‍යයකින් සාදා ඇත. ඇසුරුමේ ඉහළ කොටස කතුරකින් කපා ඉවත් කර එහි අන්තර්ගතය ගෑරුප්පුවකින් හෝ හැන්දකින් අනුභව කරනු ලැබේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ, ගගනගාමීන් ආහාර පිළියෙළ කිරීමේදී හා ආහාර ගැනීමේදී ඒවා රඳවා තබා ගැනීමට විශේෂ තැටි භාවිතා කරන අතර එය ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයේ බලපෑම යම්තාක් මගහරවා ගැනීමට උපකාරී වී ඇත.මෙම විශේෂ තැටිය Space Shuttle හි යොදාගත් food tray එකෙන් වෙනස් වන්නේ මෙහිදී එය තබා ගැනීමට විශේෂ මේසයක් පැවතීම නිසයි.
අභ්‍යවකාශ ආහාර වල අනාගතය කුමක්දැයි සිතීමේදී බොහෝ විට සංක්‍රාන්ති ආහාර පද්ධතිය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ආහාර පද්ධතියට සමාන වනු ඇති අතර, අවුරුදු තුනක් හෝ පහක ආයු කාලයක් සහිත නිෂ්පාදන අවශ්‍ය වනු ඇත. එසේම ආහාර පැකේජ වලින් ආහාර ගැනීම සහ ආහාර ද්‍රව්‍ය උණුසුම් කිරීම දැන් අභ්‍යවකාශ මෙහෙයුම් වලදී සිදුවන අයුරින්ම සිදුවනු ඇත. ගගනගාමීන් මතුපිටට පැමිණ වාසස්ථාන පිහිටුවා ගත් පසු ඔවුන්ට බෝග වගා කිරීම ආරම්භ කළ හැකිය. වගා කළ හැකි හා අස්වැන්න නෙළා ගත හැකි බෝග අතර අර්තාපල්, සෝයා බෝංචි, තිරිඟු, රටකජු, වියළි බෝංචි, සලාද කොළ, නිවිති, තක්කාලි, බෙහෙත් පැළෑටි, කැරට්, රාබු, ගෝවා සහ සහල් ඇතුළත් වේ. එවිට ආහාර නිර්මාංශ ආහාරයකට සමාන වනු ඇති අතර කිරි නිෂ්පාදන අඩුවෙන් භාවිතා කරනු ඇත.මෙම බෝග ආහාරයට ගත හැකි ද්‍රව්‍ය බවට සැකසූ පසු, අභ්‍යවකාශ යානයේ galley පෙදෙසේ ආහාර පිසීම සිදුකරනු ඇත. Progress vehicles නොමැති බැවින් භාවිතා කළ ආහාර ඇසුරුම් බැහැර කිරීම ගැටළුවක් වනු ඇත. එබැවින් අඩු ස්කන්ධ සහිත,ඔක්සිජන් හා ජලයට බාධක
ගුණ ඇති ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරනු ඇත.
මෙසේ ආහාර විද්‍යාව හා තාක්ෂණයේ දිනෙන් දින සිදුවන නව සොයාගැනීම් සමඟ ඉදිරියට අභ්‍යවකාශ ආහාර ද ගගනගාමීන්ට පෘථිවියේදී හා සමාන ආහාර අත්දැකීමක් ලැබෙන අයුරින් තව දුරටත් වෙනස් වනු නොඅනුමානය.
From the beginning of space travel, diets and nutrition, food preservation methods, food packaging methods, food processing methods etc. have evolved greatly. This article summarizes how food systems have evolved from history, current situation and how this can be developed for future explorations.
In the early days of the space programs, Project Mercury became more important as the Mercury astronauts contributed to the development of space food. They tested the physiology of chewing, drinking, and swallowing of solid and liquid foods in a microgravity environment. These astronauts found themselves eating bite-sized cubes, freeze-dried foods, and semi-liquids in aluminum toothpaste-type tubes. The tube foods offered many challenges to new food developments and new food packaging. The food was unappetizing, and there were problems when they tried to rehydrate the freeze-dried foods. First, a method of removing the food from the tube was needed. A small straw was placed into the opening. This allowed the astronauts to squeeze the contents from the tube directly into their mouths. This aluminum tube packaging often weighed more than the food it contained. Because of this, a lightweight plastic container was developed for future flights. During the later Mercury test flights, bite-sized foods were developed and tested where the cubes could be rehydrated by saliva secreted in the mouth as food was chewed. Also the cubes were coated with an edible gelatin to reduce crumbling. These foods were vacuum-packed into individual serving-sized containers of clear, four-ply, laminated plastic films for storage. This packaging provided protection against moisture, loss of flavor, and spoilage.
The major advancements in food items during the Gemini period were more variety and improved packaging. Adequate nutrient intake became a health concern with extended space flights in the Gemini program. Each crew member was supplied with 0.58 kilograms of food per day. Some examples of the food flown on Gemini missions included grape and orange drinks, cinnamon toasted bread cubes, fruit cocktail, chocolate cubes, turkey bites, apple-sauce, cream of chicken soup, shrimp cocktail, beef stew, chicken and rice, and turkey and gravy. Mainly freeze-drying techniques were used. To rehydrate the freeze-dried food, water was injected into the package through the nozzle of a water gun. The other end of the package had an opening in which the food could be squeezed out of the package into the astronauts’ mouth. After the meal is completed, germicidal tablets were placed inside the empty package to inhibit microbial growth on any leftovers. The advantages of freeze-dried foods were having similarities in appearance (including color, taste, shape, and texture) to the original food item, lightweight, longer shelf life and ability to store at room temperature.
The preparation, handling, and consumption of space foods during the Mercury and Gemini missions provided valuable experience for the further development of space foods for future space flights. The Apollo program used food packages similar to those used on Gemini, but the varieties of foods were considerably different. Some of the foods consumed on Apollo were coffee, bacon squares, cornflakes, scrambled eggs, cheese crackers, beef sandwiches, chocolate pudding, tuna salad, peanut butter, beef pot roast, spaghetti, and frankfurters. Rehydratable foods were encased in a plastic container referred to as the spoon bowl. Water was injected into the package through the nozzle of a water gun. After the food was rehydrated, a pressure-type plastic zipper was opened, and the food was removed with a spoon. The moisture content allowed the food to cling to the spoon, making eating more like that on Earth. Another new package, the wet pack or thermostabilized flexible pouch, required no water for rehydration because water content was retained in the food. There were two types of thermostabilized containers: a flexible pouch of a plastic and aluminum foil laminate and a can with a full panel pullout lid. A disadvantage of the canned products was the added weight, which was approximately four times that of rehydratable food. With these new pack-ages, Apollo astronauts could see and smell what they were eating as well as eat with a spoon for the first time in space.
The dining experience on Skylab was unlike any other space flight. The Skylab laboratory had a freezer, refrigerator, warming trays, and a table. Eating a meal on Skylab was more like eating a meal at home. Foods consisted of products such as ham, chili, mashed potatoes, ice cream, steak and asparagus. The supply of food onboard was sufficient to feed three astronauts for approximately 112 days. The menu was designed to meet each individual astronauts daily nutritional requirements based on age, body weight, and anticipated activity and each astronauts’ caloric intake was 2,800 calories a day. Skylab foods were packaged in specialized containers. The rehydratable beverages were packaged in a collapsible accordion-like beverage dispenser. All other foods were packaged in aluminum cans of various sizes or rehydratable packages. To prepare meals, the Skylab crew placed desired food packages into the food warmer tray. This was the first device capable of heating foods during space flight.
For the Space Shuttle program, a more Earth-like feeding approach was designed by updating previous food package designs and hardware items. Food variety expanded to 74 different kinds of food and 20 kinds of beverages. A standard Shuttle menu is designed around a typical 7-day Shuttle mission. Astronauts may substitute items from the approved food list to accommodate their own tastes or even design their own menus, but these astronaut-designed menus are checked by dietitians to ensure that they provide a balanced supply of nutrients. Rigid square rehydratable packages were being used but they became problematic on longer missions. Packages made of a lighter flexible material were developed then which is made of flexible plastic and have a valve for inserting water. In addition, a trash compactor was developed to reduce the volume of the trash. On the Shuttle, food is prepared at a galley. This modular unit contains a water dispenser and an oven. The water dispenser which can dispense hot, chilled, or ambient water is used for rehydrating foods, and the galley oven is used to warm foods to the proper serving temperature. A meal tray is used as a dinner plate. The tray attaches to the astronaut’s lap by a strap or can be attached to the wall. Eating utensils consist of a knife, a fork, a spoon, and a pair of scissors to open food packages.
The International Space Station (ISS) becomes operational on a full-time basis. Food and other supplies are re-supplied every 90 days by the Multi-Purpose Logistics Module (MPLM). Most of the food planned for the ISS are frozen, refrigerated, or thermostabilized. Similar to the Space Shuttle, the ISS beverage package is made from a foil and plastic laminate to provide a longer product shelf life. Water mixes with the drink powder already in the package through an adapter which is used to add water and it also holds the drinking straw for the astronauts. The food package is made from a microwaveable material. The top of the package is cut off with a pair of scissors, and the contents are eaten with a fork or spoon. The astronauts use a special tray to hold their food during preparation and eating. These trays are different from those used on the Space Shuttle because they (ISS) have a table available; the Space Shuttle does not.
When talk about the future of space foods, the transit food system will be similar to the International Space Station food system with the exception that products with three- to five-year shelf lives will be needed. Once crewmembers arrive on the surface and establish living quarters, they can start growing crops. Possible crops that could be grown and harvested include potatoes, soybeans, wheat, peanuts, dried beans, lettuce, spinach, tomatoes, herbs, carrots, radishes, cabbage and rice. Once the crops are processed into edible ingredients, cooking will be done in the spacecraft’s galley to make the food items and most of the diets will become vegetarian without the dairy products. Disposal of used food packaging will be an issue since there will be no Progress vehicles. So Packaging materials will be used that have less mass but sufficient barrier properties for oxygen and water.
Thus, with the day to day breakthroughs in food science and technology, space foods are bound to change further, giving astronauts a similar food experience to Earth.
Written and English translation by - Lashini Ketakumbura
References
https://www.nasa.gov/.../143163main_Space.Food.and...
https://www.frontiersin.org/.../full&ved...
https://www.discoverspace.org/.../&ved...
https://spacecenter.org/.../&ved...
Article 10- මොනවද මේ space foods(Part 01) ? "What are these space foods?-Part 01 "
මොනවද මේ space foods?
පෘථිවි හා අභ්‍යවකාශ ආහාර එක හා සමාන ද?
මිනිසා අභ්‍යවකාශ තරණය ආරම්භ කළ දා පටන්ම ඒ හා බැඳී පවතින වැදගත් අංගයක් ලෙස space foods හෙවත් අභ්‍යවකාශ ආහාර හඳුන්වා දිය හැකිය. මන්ද යත්, ආහාර සියලු ජීවීන්ගේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනි. Space foods යනු අභ්‍යවකාශ ගතවන ගගනගාමීන්ගේ පරිභෝජනය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ආහාර වේ. මෙම ආහාර space foods ලෙස හැඳින්වුව ද ඒවාද පෘථිවියේ පිළියෙල කරන ආහාර වර්ග වලටම සමානවේ. Space foods වල ඒවාටම ආවේණික වූ ලක්ෂණ කිහිපයක් ඇත. ඒ අතර පෝෂ්‍යදායී වීම, සැහල්ලු වීම, පහසුවෙන් ජීර්ණය වීම, රසවත් වීම, හොඳින් ඇසුරුම් කර තිබීම, පිළිගැන්වීම හා පිරිසිදු කිරීම පහසු වීම, අවම සූදානමකින් පිළියෙල කරගත හැකිවීම යනාදිය ප්‍රධාන වේ.
ප්‍රධාන වශයෙන් space foods කාණ්ඩ අටක් හඳුනාගත හැක.
• Rehydratable foods
Rehydratable කාණ්ඩයේ ආහාර වල ඇති ජලය ඇසුරුම් කිරීමේ පහසුව තකා ඉවත් කර ඇති අතර ආහාර අනුභව කිරීමට පෙර එම ආහාර නැවත සජලනය කරගත හැකිය. Rehydratable foods යටතට ප්‍රධාන වශයෙන් විවිධ පාන වර්ග, oatmeal වැනි ධාන්‍ය වර්ග ඇතුළත් වේ. Space foods අතර වඩාත් ප්‍රචලිත වී ඇත්තේ මෙම වර්ගයේ ආහාර වේ.
•Thermostabilized foods
මෙම තාප ස්ථායී ආහාර කාමර උෂ්ණත්වයේ ගබඩා කල හැකිය. කෑන් වල අසුරා ඇති බොහෝ පලතුරු සහ මාළු (ටූනා මාළු) හා ප්ලාස්ටික් කෝප්ප වල ඇසුරුම් කර ඇති පුඩිං වර්ග මේ ගණයට අයත් වේ.
•Intermediate Moisture Foods
මෙම ආහාර පරිරක්ෂණය කරනු ලබන්නේ නිෂ්පාදනයෙන් ජලය කොටසක් ඉවතට ගෙන, මෘදු වයනය (soft texture) පවත්වා ගැනීමට ප්‍රමාණවත් ලෙස ජලය එහි ඉතිරි කිරීමෙනි. එවිට එය කිසිදු සූදානමකින් තොරව අනුභව කල හැකිය. මෙම ආහාර වලට dried peaches, pears, apricots, beef jerky ඇතුළත් වේ.
•Natural Form Foods
මේවා ready-to-eat ආහාර ගණයට අයත් වන අතර, නම්‍යශීලී මලු වල ඇසුරුම් කර ඇත. උදාහරණ ලෙස nuts, granola bars, cookies ඇතුළත් වේ.
•Irradiated Foods
සාමාන්‍යයෙන් භාවිතා කරන බහුලම ප්‍රකිරණ නිෂ්පාදන වන්නේ beef steak හා smoked turkey වේ. මෙම නිෂ්පාදන පිසීමෙන් අනතුරුව නම්‍යශීලී foil කවර වල ඇසුරුම් කර ඇත.
•Frozen Foods
මෙම ආහාර ඉක්මන් ශීත කිරීමකට (quick freeze) භාජනය කර ඇති අතර එමඟින් විශාල අයිස් ස්ඵටික සෑදීම වළක්වා ඇත. මෙය ආහාරයේ මුල් වයනය පවත්වා ගැනීමට හා එහි නැවුම් පවත්වා ගැනීමට උපකාරී වේ. උදාහරණ ලෙස quiches, casseroles, chicken pot pie යනාදිය දැක්විය හැක.
•Fresh Foods
මෙම ආහාර සැකසීමට හෝ කෘත්‍රිමව පරිරක්ෂණය කිරීමකට ලක් කර නැත. උදාහරණ ලෙස ඇපල් හා කෙසෙල් දැක්විය හැක.
•Refrigerated Foods
මෙම ආහාර නරක් වීම වැළැක්වීම සඳහා සිසිල් උෂ්ණත්වයක් අවශ්‍ය වන අතර උදාහරණ ලෙස cream cheese හා sour cream දැක්විය හැක.
අභ්‍යවකාශ යානයක් පෘථිවිය වටා කක්ශ ගතවන විට ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයේ (micro gravity environment) බලපෑමට ලක්වේ. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයක් යනු ගුරුත්වාකර්ෂණ බලපෑම් විශාල වශයෙන් අඩු පරිසරයක් වන අතර එහිදී අභ්‍යවකාශ යානය තුල ඇති සියලුම අන්තර්ගතයන් නිදහස් පාවෙන තත්ත්වයක පවතී. මෙවන් පසුබිමක ගවේෂකයන්ට ඔවුන්ගේ ගමන් බිමන් සඳහා ප්‍රමාණවත් ආහාර රැගෙන යන්නේ කෙසේද, සීමිත ගබඩා අවකාශයක එම ආහාර ගබඩා කරන්නේ කෙසේද, ගමන පුරාම ආහාරයට ගත හැකි ලෙස නරක් නොවී ආහාර පරිරක්ෂණය කරගන්නේ කෙසේද, අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අයුරින් ආහාර වේලක් ලබාගන්නේ කෙසේද, පහසුවෙන් හා ඉක්මනින් ආහාර පිළියෙල කරන්නේ කෙසේද යන ගැටලුවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවිය. එමනිසා මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා ආහාර සැකසීම (food processing ), ආහාර ඇසුරුම් කිරීම (food packaging), ආහාර තෝරා ගැනීම (food selection), ආහාර පරිරක්ෂණය කිරීම (food preservation), පෝෂණය (nutrition), ආහාර ගබඩා කිරීම (food storing) යන ක්ෂේත්‍ර ඔස්සේ විශේෂ ක්‍රියා පටිපාටි අත්හදාබැලීම හා සකස් කිරීම සිදුකරන ලදි.
ටෙක්සාස් හි හූස්ටන් හි පිහිටි ජාතික ගුවන් හා අභ්‍යවකාශ පරිපාලන මධ්‍යස්ථානයේ-National Aeronautics and Space Administration (NASA) 'ආහාර පද්ධති ඉංජිනේරු ඒකකය' (Foods Systems Engineering Facility) තුල ගගනගාමීන් සඳහා වන මෙම ආහාර ගැන පර්යේෂණ කර සංවර්ධනය කරනු ලැබේ. පෝෂණ ගුණය, ආයු කාලය, ගබඩා කිරීම සහ ඇසුරුම් කිරීමේ ක්‍රියාවලිය යනාදී විවිධ සාධක පදනම් කරගෙන ආහාර පරීක්ෂා කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම ආහාරයේ සංවේදක ගුණාංග (sensory properties) ගගනගාමීන්ගේ සහය ඇතිව, පෙනුම, වර්ණය, ගන්ධය, රසය සහ වයනය වැනි සංවේදක ලක්ෂණ (sensory attributes) මත පදනම්ව විශ්ලේෂණය කිරීම සිදුකරනු ලැබේ.
අභ්‍යවකාශ ගවේෂණයකදී ගගනගාමීන්ගේ පෝෂණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මන්ද යත්, එය දිගුකාලීන අභ්‍යවකාශ ගමන් වලදී නිසි සෞඛ්‍යය මට්ටමක් පවත්වා ගැනීමට හා ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයෙන් ඇතිවන බලපෑම් මගහරවා ගැනීමට ද ඉවහල් වන බැවිනි. අභ්‍යවකාශ පියාසර කිරීම් වලදී ප්‍රමාණවත් පෝෂණයක් පවත්වා ගැනීම ගගනගාමීන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, මිනිස් සිරුරට ඇතිවන අහිතකර බලපෑම් වලට ප්‍රතිරෝධය දැක්වීමටත්, ස්කර්වි වැනි ඌනතා රෝග වළක්වා ගැනීමටත් වැදගත්‌වේ. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා ගගනගාමීන්ගේ කැල්සියම්, නයිට්‍රජන් සහ පොස්පරස් මට්ටම අඩු විය හැකිය. එමනිසා, මෙම නැතිවූ පෝෂ්‍ය පදාර්ථ ආහාර මඟින් නැවත ලබා ගැනීම සිදුකළ යුතුය. එබැවින් සෑම ගවේෂකයෙකුටම නිර්දේශිත ආහාර ප්‍රමාණ නිසි අයුරින් ලබා දීමට හැකිවන අන්දමට විවිධ ආහාර වට්ටෝරු සැලසුම් කර ඇත.
ආහාර ඇසුරුම් කිරීමේදී ද අවකාශයේ ඇති ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එසේ නොවුනහොත් රැගෙන යන ආහාර යානයේ එහා මෙහා චලනය වීමෙන් කුඩා ආහාර කැබලි හා ද්‍රව ආහාර උපකරණවලට හානි කිරීමක් හෝ ගගනගාමීන්‌ට ආශ්වාස වීමක් සිදුවිය හැකිය. බොහෝ ආහාර ද්‍රවයක් සමඟ ඇසුරුම් කර ඇත. එවිට ද්‍රවයන් ආහාර එකට තබාගෙන එකිනෙකට ආශක්තව බැඳ තබා ගන්නා නිසා ආහාර වලින් සිදුවිය හැකි හානිය අවම වේ. අභ්‍යවකාශ තරණයේදී රැගෙන යා හැකි ද්‍රව්‍යවල බර හා පරිමාවට ද සීමාවන් ඇත. එබැවින් යොදාගන්නා ඇසුරුම බරින් අඩු විය යුතු අතර ඇසුරුමේ බර එහි අඩංගු ආහාරයට වඩා වැඩි නොවිය යුතුය. ආහාර ද්‍රව්‍යවල ජීව කාලය වැඩිදියුණු කිරීම සඳහා නව්‍ය ඇසුරුම් ද්‍රව්‍ය සහ ශිල්පීය ක්‍රම ද යොදා ගනී. උපරිම ආයු කාලය සහතික කිරීම සඳහා, ආහාර සහ පාන වර්ග බොහොමයක් තනි තනිව ඇසුරුම් කර ඇත.
අභ්‍යවකාශයේදී අත්විඳීමට සිදුවන ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් ආහාර පිළියෙල කිරීමට සහ ආහාර අනුභව කරන ක්‍රමයට ද බලපායි. ඔවුන් ආහාර පිළියෙල කිරීමට විශේෂයෙන් සකසා ඇති පෙදෙස් යොදා ගන්නා අතර, ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ආහාරය ගැනීමට ප්‍රථම ඊට ජලය එකතු කිරීමෙන් එම ආහාර නැවත සජලනය කරගැනීම සිදුකරයි. දියර පානය කිරීම සඳහා විශේෂ බීම බට (straws) භාවිතා කරනු ලැබේ. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය නිසා භෝජනය සඳහා භාවිතා කරන භාජන පාවී යා හැකිය. එමනිසා පිහි, ගෑරුප්පු, හැදි සහ කතුරු යනාදිය භාවිතා නොකරන විට ආහාර තැටියේ (food tray) ඇති චුම්බක වලට සවිකර ඇත. පාවිච්චි කරන ලද ඇසුරුම්, බෑගයකට දමා progress vehicle එකේ තැන්පත් කර ඇති අතර එය යානය පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වූ විට දැවී යයි.
ඉතිහාසයේ මුල් අවධියේදී, ආහාර සංරක්ෂණයට ලක් වූයේ හිරු එළිය යටතේ ආහාර විජලනය කිරීමෙන්, ආහාර ලුණු වතුරේ හෝ මී පැණිවල පොඟවා ගැනීමෙන්, සිසිල් වියළි ස්ථානවල ආහාර ගබඩා කිරීම ආදියෙන් ය. පසුකාලීනව ආහාර පිසීම, සැකසීම සහ මුද්‍රා තැබූ බහාලුම්වල (sealed containers) ආහාර ගබඩා කිරීම, පැස්චරීකරණය, canning යන ක්‍රමවේදයන් සකස් කරන ලදී. වඩාත් මෑතකදී , ආහාර රසය හා පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කිරීමට සහ නරක් වීම වැළැක්වීමට freeze drying techniques භාවිතා කිරීමට පෙළඹී ඇත. නමුත් මෙම පරිරක්ෂණ ක්‍රම සියල්ලම සෑමවිටම අභ්‍යවකාශ ගමන් වලදී රැගෙන යන ආහාර සඳහා සුදුසු නොවේ. එහිදී භාවිතා කරන ප්‍රචලිත පරිරක්ෂණ ක්‍රම අතරට freeze dehydration, thermostabilization, irradiation, freezing සහ moisture adjustment යනාදිය ඇතුළත් වේ.
එක් එක් අභ්‍යවකාශ තරණ වලදී යොදාගන්නා ආහාර පරිරක්ෂණ ක්‍රමවේදයන්, ආහාර ඇසුරුම් වර්ග, ආහාර සැකසීමේ ක්‍රම යනාදිය විවිධ මෙහෙයුම් අවස්ථාවන් සහ අභ්‍යවකාශ යානා සැලසුම් අනුව වෙනස් වන අතර බොහෝවිට ඒවා සකසා ඇත්තේ එම එක් එක් ගමනේ අරමුණු සපුරාලීම සඳහා වේ. විවිධ අභ්‍යවකාශ තරණයන් වලදී මෙම ක්ෂේත්‍ර වල සිදුවූ දියුණුව හා යොදාගැනුණු තාක්ෂණික ක්‍රමශිල්ප විස්තරාත්මකව සිත්ගන්නාසුලු කරුණු රැසක් සමඟින් පැහැදිලි කිරීමට අභ්‍යවකාශ ආහාර පිළිබඳ ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වේ.
Space Food
From the beginning of human space travel, food has played an important role. Space foods are different food products, especially created and processed for consumption by astronauts in outer space. These are same as the food we consume on Earth. Space foods are usually nutritious, light weighted, compact, easily digestible, palatable, physiologically appropriate, well packed, quick to serve, easy to clean-up and have a high acceptability with minimum preparation.
There are eight categories of space food.
Rehydratable Food:
The water is removed from foods to make them easier to store. Water is added to foods before they are eaten. Rehydratable items include beverages as well as cereals such as oatmeal.
Thermostabilized Food:
Thermostabilized foods are heat-processed so they can be stored at room temperature. Most of the fruits and fish (tuna fish) are thermostabilized in cans and puddings are packaged in plastic cups.
Intermediate Moisture Food:
Intermediate moisture foods are preserved by taking some water out of the product while leaving enough in to maintain the soft texture. This way, it can be eaten without any preparation. These foods include dried peaches, pears, apricots, and beef jerky.
Natural Form Food:
These foods are ready-to-eat foods and are packaged in flexible pouches. Examples include nuts, granola bars, and cookies.
Irradiated Food:
Beef steak and smoked turkey are the only irradiated products that are being used at this time. These products are cooked and packaged in flexible foil pouches and sterilized by ionizing radiation.
Frozen Food:
These foods are quick-frozen to prevent the buildup of large ice crystals. This maintains the original texture of the food and helps the food to taste fresh. Examples include quiches, casseroles, and chicken pot pie.
Fresh Food:
These foods are neither processed nor artificially preserved. Examples include apples and bananas.
Refrigerated Food:
These foods require cold or cool temperatures to prevent spoilage. Examples include cream cheese and sour cream.
Explorers have always faced problems like how to carry enough food for their journeys, how to store foods in a limited storage space, how to keep food edible throughout the voyage, how to provide all the nutrients required and how to prepare foods under a microgravity environment. A microgravity environment is an environment where gravity’s effects are greatly reduced. Microgravity occurs when a spacecraft orbits Earth and at that stage all the contents in the spacecraft are in a state of free-fall. To meet these challenges caused by the enormous impact of microgravity, special procedures for food preparation, food packaging, food selection, food preservation and storing of food for space flights were developed.
Space foods are researched and developed in the 'Food Systems Engineering Facility' at National Aeronautics and Space Administration (NASA) in Houston, Texas. Foods are tested for nutritional value, shelf life, how well they freeze dried, the storage and packaging process, and also the sensory properties by asking astronauts to taste test food items. The taste is analyzed basically on sensory attributes such as appearance, color, odor, flavor and texture using a numbering system. 'The Food Systems Engineering Facility' uses astronauts’ ratings to design better space foods.
Nutrition has played a critical role throughout the history of space explorations. Space nutrition is the process of providing or obtaining the food necessary for health and growth in space. Long-duration spaceflights require the right amount of nutrient requirements for maintenance of health and protection against the effects of microgravity. Sustaining adequate nutrient intake during space flight is important not only to meet nutrient needs of astronauts, but also to help counteract negative effects of space flight on the human body and to avoid deficiency diseases such as scurvy. Also calcium, nitrogen and phosphorus levels of astronauts can be loosen due to microgravity. Therefore, these lost nutrients are needed to be gained back through food. So the diets are designed to supply each crew member with all the recommended dietary allowances of vitamins and minerals necessary to perform in the environment of space.
How foods are packaged have been greatly affected by the unique microgravity environment of space. Foods have to be packaged and served to prevent from moving. Otherwise crumbs and liquids could damage equipment or be inhaled by astronauts. Many of the foods are packaged with liquids. Liquids hold foods together by cohesion. There are also limitations to weight and volume when traveling. Therefore, the package should be less in weight and the weight should not be more than the food it contained. Innovative packaging materials and techniques are also used to enhance the shelf stability of food items. To ensure maximum shelf life, most of the food and beverages are individually packaged.
The microgravity conditions experienced in space also affect food preparation and the way of eating foods. The food preparation areas are used to prepare meals. Once the astronauts are ready for a meal, they rehydrate the food if necessary by adding the required amount of water. Special straws are used to consume liquid foods. Microgravity also causes the utensils used for dining to float away. The knife, fork, spoon, and scissors are secured witj magnets on the food tray when they are not being used. Used packaging is bagged and placed in a Progress vehicle, which is eventually jettisoned and burns up upon re-entry into the Earth’s atmosphere.
Early in history, food preservation was achieved by dehydrating foods under sunlight, rubbing foods with salt or soaking them in salt water or honey, storing foods in cooled dry places, etc. Later techniques were developed for cooking, processing, preserving, and storing food in sealed containers. With the developments of pasteurization and canning, a much larger variety of foods could be stored and carried on long journeys. More recently, refrigeration and quick-freezing have been used to preserve food flavor and nutrients and to prevent spoilage. While all these forms of packaged food products are fine for travel on Earth, they are not always suitable for the usage on space flights. The preservation techniques used in space flight include freeze-dehydration, thermostabilazation, irradiation, freezing and moisture adjustment.
The type of food preservation methodologies, type of food packaging, food preparation techniques etc. vary in different mission scenarios and space craft designs in order to meet required mission objectives.
More interesting facts are going to be explained in the next article on space foods.
Written and English Translation by - Lashini Ketakumbura
Post Designed by - Lakshini Jayasooriya
References
https://www.nasa.gov/.../143163main_Space.Food.and...
https://www.frontiersin.org/.../full&ved...
https://www.discoverspace.org/.../&ved...
https://spacecenter.org/.../&ved...
Article 09- පරිපූර්ණ ආහාරයක් ලෙස කිරි "Milk as a wholesome food"
පරිපූර්ණ ආහාරයක් ලෙස කිරි
වත්මන් ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී ආහාරයක් වන කිරි, සොබාදහමේ පවතින පරිපූර්ණ ආහාර වලින් එකකි. පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත සමබල ආහාරයක් ලෙස කිරි හැඳින්විය හැක. එළකිරි, ඔටුකිරි, එළුකිරි ලෙස විවිධ ආකාර පැවතුනද ශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය කරනු ලබන්නේ එළකිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයි.
කිරි වල සංයුතිය කුමක්ද?
කිරි යනු ක්ෂීරපායින්ගේ ස්ථන ග්‍රන්ථි වලින් ස්‍රාවය වන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ද්‍රවමය ආහාරයකි. එළකිරි වල 87.7% ජලයද, 4.9% ලැක්ටෝස් කාබෝහයිඩ්‍රේටද, 3.4% මේදයද, 3.3% ප්‍රෝටීනද, 0.7% ඛනිජ ලවණද අඩංගු වේ. කිරිවල සමස්ථ ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 18% පමණ "වේ ප්‍රෝටීන" (whey proteins) අඩංගු වන අතර සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අන්තර්ගත කේසීන් ප්‍රෝටීනය කිරිවල පමණක් දැකිය හැකි වීම විශේෂත්වයකි. කිරිවල අඩංගු මේදය අතරින් 98% පමණ සංතෘප්ත මේදය වේ. දේහ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් වැදගත්වන විටමින් A, D, B1, B6, B12, රයිබොෆ්ලෙවින් අන්තර්ගත ප්‍රධාන ප්‍රභවයක් ලෙස කිරි හැඳින්විය හැක. එලෙසම එළකිරි වල පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් වැනි ඛනිජ ලවණ ද සුළු ප්‍රමාණවලින් දැකිය හැක. කිරි වල සංයුතිය සත්ත්ව විශේෂය අනුව, ලබාදෙන සත්ත්ව ආහාර අනුව සහ කිරි ලබා දෙන අවධිය අනුව වෙනස් වේ.
කිරි පානය කිරීමෙන් අපට ලැබෙන වාසි මොනවාද?
පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත ආහාරයක් වන කිරි මඟින් මිනිස් සිරුරේ මනා ක්‍රියාකාරිත්වයට විශාල දායකත්වයක් සපයයි. කිරි ශරීරයට ස්වභාවික පැහැය , දිදුලන බව හා නීරෝගී බව ලබා දෙයි. දේහ පටක ගොඩනැගීමට මෙන්ම ප්‍රතිදේහජනක වලට විරුද්ධව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවීමට කිරිවල අඩංගු ප්‍රෝටීන වැදගත් වේ.
කිරිවල අන්තර්ගත කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ. ළදරුවන්ගේ සහ අවුරුදු 13- 19 වයසේ දරුවන්ගේ අස්ථි වර්ධනය සඳහා කිරි මනා පිටිවහලක් සපයයි. එමෙන්ම කැල්සියම් වැඩිහිටියන්ට හා විශේෂයෙන් ගර්භනී කාන්තාවන්ට ද ප්‍රයෝජනවත් වේ. කැල්සියම් දත් කුහර හා දත් දිරායාමට එරෙහිව ස්වාභාවික ආවරණයක් සපයයි. කැල්සියම් අවශෝෂණය හා භාවිතය සඳහා පොස්පරස් දායක වේ. අස්ථි ශක්තිමත් කිරීමට සහ ශක්තිය ජනනය කිරීමට උපකාරී වන පොස්පරස් කිරි වල අඩංගු වේ.
කිරි යනු විටමින් වර්ග වලින් අනූන ආහාරයකි. විටමින් B12 රතු රුධිරාණු සහ ස්නායු පටක නීරෝගීව තබා ගැනීමට උපකාරී වේ. විටමින් D අස්ථි හා දත් සවීවීමට අවශ්‍ය කැල්සියම් දේහයට සක්‍රීය අවශෝෂණය සඳහා මහත් වූ කාර්භාර්යයක් ඉටු කරන අතරම, මෙම විටමින් පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමටද සහාය වේ. විවිධ අධ්‍යයනයන් මඟින් පෙන්නුම් කරනුයේ කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීම අධි රුධිර පීඩනය, ඇතැම් පිළිකා සහ හෘද රෝග ඇති වීමේ අවධානම අඩු කරන බවයි.
කිරි පිළිබඳ ඇති මිථ්‍යා මත මොනවාද?
කිරි පරිභෝජනය හේතුවෙන් ශ්ලේශ්මල තදබදය හෙවත් සෙම් රෝග ඇතිවන බව බොහෝ දෙනා අතර පවතින මිථ්‍යා මතයකි. නමුත් පර්යේෂණවලින් එලෙස ශ්ලේශ්මල නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාවක් කිරිවල පවතින බව තහවුරු වී නොමැත. තවද , බොහෝ දෙනා lactose intolerance තත්ත්වයක් පෙන්නුම් කරන බවටද මතයක් පවතී. Lactose intolerance යනු කිරිවල ඇති ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය වන ලැක්ටෝස් සීනි ජීරණය කිරීමට ඇති නොහැකියාව නිසා ඇති වන ආහාර ජීර්ණ ආබාධයකි. එහි රෝග ලක්ෂණ ලෙස උදරාබාධය, පාචනය ඇති විය හැක. නවතම පර්යේෂණවලින් පෙනී යන්නේ ලෝක ජනගහනයෙන් 68% මෙම තත්ත්වය අත් විඳින බවයි. මෙම තත්ත්වය රටින් රටට වෙනස් වන බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ.
කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මොනවාද?
වෙළෙඳපොලෙහිදී අපට නැවුම් කිරි, යොදය රහිත කිරි, රස කල කිරි, ටින් කල කිරි සහ පිටි කල කිරි ආදී ලෙස විවිධාකාරයෙන් කිරි නිෂ්පාදන දැකිය හැකිය. කිරිවල පෝෂ්‍යදායී බව හේතුවෙන් එය අනෙකුත් ආහාර වර්ග වලට සාපේක්ෂව සමබල ආහාරයක් ලෙස සැලකේ. මේ හේතුවෙන් බොහෝ සංස්කෘතීන්වල දෛනික ආහාර වේලෙහි තේ හා කෝපි කෝප්පයක් ලෙස හෝ ෂේක්, ස්මූති සහ අයිස්ක්‍රීම් ආදියෙහි කිරි භාවිතා කෙරේ.
ලොව පුරා ක්‍රීම්, බටර්, යෝගට්, සහ චීස් වැනි විවිධ කිරි නිෂ්පාදන, කිරි භාවිතා කර නිපදවනු ලැබේ. මෙම ආහාර වර්ග රසවත්, ගුණදායක නිෂ්පාදන වේ.
කිරි වල අහිතකර බලපෑම් මොනවාද?
ඕනෑම ආහාරයක් පමණට වඩා පරිභෝජනය කිරීමෙන් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. කිරි කෙතරම් පෝෂ්‍යදායී සමබල ආහාරයක් වුවද පමණට වඩා ගැනීම නිසා තරබාරුකම, හෘද රෝග හා දියවැඩියාව (Type 2 Diabetes) ඇතිවීමට හේතුවේ. කිරි නිෂ්පාදන වල සමස්ත වශයෙන් සංතෘප්ත මේදය (saturated fat), කැලරි හා කොලෙස්ටරෝල් අන්තර්ගත වීම මීට හේතු සාධක වේ.
එසේම තවත් අධ්‍යයනයකින්, පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හා ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂ පිළිකා සමඟ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වල ඇති සම්බන්ධතාව පෙන්වාදී ඇත. කිරි ඉතාමත් හොඳ කැල්සියම් ප්‍රභවයක් ලෙස සැලකුව ද , කිරි වල ඇති සත්ත්ව ප්‍රෝටීන වලට මානව අස්ථි වලින් කැල්සියම් කාන්දු කිරීමේ බලපෑමක් ඇති කළ හැකිය. මේ නිසාවෙන් පර්යේෂකයන් අස්ථි සෞඛ්‍යයට කිරිවල ඇති බලපෑම පිළිබඳ නැවත ඇගයීමට ලක් කර ඇත. එසේ ඇගයීමේදී, ස්වීඩන් අධ්‍යයනයකින් හෙළි වූයේ කිරි අඩුවෙන් පානය කළ කාන්තාවන් හෝ කිරි පානය නොකරන කාන්තාවන්ට සාපේක්ෂව කිරි පානය කරන කාන්තාවන් ට අස්ථි බිඳීම සිදුවිය හැකි බවයි.
එසේම ගැහැනු මෙන්ම පිරිමි ළමුන්ගේ කුරුලෑ ඇතිවීමේ ප්‍රවණතාවයටද එළකිරි පරිභෝජනයේ බලපෑමක් ඇති බව අමතර අධ්‍යයන වලින් පෙන්වා දී ඇත.
කිරි පරිභෝජනය අත්‍යාවශ්‍යද?
ඇත්තෙන්ම කිරි බොහෝ පෝෂක අඩංගු සමබල ආහාරයක් වුවද සියලු පෝෂ්‍ය පදාර්ථ සපයන එකම ආහාරය මෙය නොවේ. එබැවින් යම් පුද්ගලයෙකුට සමහර අවස්ථාවලදී එළකිරි ආසාත්මිකතාවයක් , lactose intolerance තත්ත්වයක් ඇතිවේ නම් හෝ කිරි පානයට අකමැති අයෙකු වේ නම් ඔවුන්ට තද කොළ පැහැති පලාවර්ග, බෝංචි, පිසූ බ්‍රොකොලි, Greek යෝගට් හා tofu ඉතා හොඳ විකල්ප ලෙස භාවිතා කළ හැකිවේ.
Milk as a wholesome food
Milk is one of the most nutritious food is the world. Also milk is a natural wholesome food. Milk can be considered as a well-balanced diet which contains a lot of nutrients. Although there are different types of milk such as cow’s milk, camel’s milk and goat’s milk, what Sri Lankans consume the most is cow's milk.
What is the composition of milk?
Milk is a nutritious liquid which is secreted from mammary glands of mammals. Cow’s milk contains 87.7% of water, 4.9 % of lactose, 3.4% of fat ,3.3% of proteins and 0.7% of minerals. 18 % of total protein consist of whey proteins and the casein protein which contains all the essential amino acids can be only seen in milk. About 98% of the fat in milk are saturated. Milk is a main source of vitamin A, D, B1, B6, B12, riboflavin which help in body functioning. Milk consists of minerals such as potassium, magnesium, calcium in small amounts. Composition of milk varies according to the breed, animal feed and stage of lactation.
What are the benefits of drinking milk?
Milk truly is a potent and a powerful food that contains a lot of nutrients and makes a huge contribution in proper functioning of human body. Milk provides natural glow to the skin, radiance and a healthy body. Proteins in milk are important in building body tissues and in production of antibodies to combat against infections.
Calcium contained in milk is easily absorbed by the body. Calcium is a very important nutrient for bone growth of infants and children in between 13-19 years. It is beneficial for adults and especially for pregnant women. It also provides a natural shield against tooth cavities and tooth decay. Phosphorus plays a role in the absorption and utilization of calcium. Milk contains phosphorus which helps in strengthening bones and generating energy.
Milk is also a very good source of vitamins. Vitamin B12 helps in maintaining healthy red blood cells and nerve tissues. Vitamin D plays a major role in active absorption of calcium into the bones and teeth, and most importantly these vitamins help to fight against cancer. Some research projects have shown that consuming dairy products reduce the risk of high blood pressure, some cancers and heart diseases.
Are the myths about milk true?
Consumption of milk can cause mucus or congestion is one of the myths popular among public. But scientific researches held so far, do not provide any proof to support this rumour. Furthermore, there is a myth that, most people are lactose intolerant. Lactose intolerance is a digestive disorder caused due to the inability in digestion of lactose sugar, which is the main carbohydrate in milk. It causes abdominal cramps and diarrhea as symptoms. A recent research shows that 68% of the world population experience this condition. This condition differ from country to country.
What are the different types of milk and other related dairy products?
Fresh milk, skimmed milk, flavoured milk, canned milk and powdered milk are different types of milk present in the market. Milk is considered as a well balanced diet than any other food, due to its nutritional value. Therefore, in many cultures milk is used in a cup of tea and coffee or in shakes, smoothies and ice cream in daily diet.
Different dairy products such as cream, butter, yoghurt, and cheese are produced using milk. These products are delicious and nutritious.
What are the adverse effects of consumption of milk?
Excessive consumption of any food might have negative effects. Obesity, heart diseases, and type 2 diabetes all cab be caused by excessive milk consumption, regardless of how nutritious and balanced the diet is. This is because dairy products are high in saturated fat, calories, and cholesterol. Other studies show that milk has a relationship with prostate and ovarian cancer in men and women. Despite the fact that milk is a rich source of calcium, animal proteins in milk can have an effect on calcium leaching from bones. As a result, scientists are re-evaluating the impact of milk on bone health. A Swedish study discovered that women who drink milk had a higher risk of fractures than women who drink little or no milk. Further research shows the correlation between consumption of cow's milk and acne formation in girls and boys.
Is milk consumption essential?
Although milk is a well-balanced diet, it is not the only food that supply every nutrient. If a person suffers from cow's milk allergy, lactose intolerance, or simply dislike drinking milk, dark green leafy vegetables, beans, cooked broccoli, Greek yogurt, and tofu can be used as excellent substitutes.
Written and English Translation by - Maneeshi Medagama
Sakuni Dantanarayana
Savindi Thathsarani
References
•https://www.houstonmethodist.org/.../how-important-is.../
•https://www.kqed.org/.../is-milk-good-or-bad-for-you...
•https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5122229/
•https://www.health.harvard.edu/.../dairy-health-food-or...
•https://milk.co.uk/is-milk-bad-for-you/
Article 08- ආහාර සුරක්ෂිතතාවය "Food security"
ආහාර සුරක්ෂිතතාවය
වර්තමානයවන විට COVID-19 වසංගතය ලොව පුරා සිටින මිලියන
කට අධික ජනතාවකගේ ආහාර
සුරක්ෂිතතාවයට හා පෝෂණයට තර්ජනයක් වූ සෞඛ්‍යමය, මානව සහ ආර්ථිකමය
අර්බුදයක් බවට පත්වී
හමාරය. මෙම බලපෑම දුප්පත් රටවල ආහාර සුරක්ෂිතතාවයට බරපතල තර්ජනයක් වී තිබේ. වෛරසය වැළඳීමට පෙර සිටම මිලියන ගණනක ජනතාව දරිද්‍රතාවයෙන්, කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් පීඩා විඳි අතර ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් නොගතහොත් අපට අනාගතයේදී ගෝලීය වශයෙන් ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුවනු ඇත.
ආහාර සුරක්ෂිතතාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්වචනය කර ඇති පරිදි ආහාර සුරක්ෂිතතාව යන්නෙන් අදහස් කරන්නේ,“සෑම පුද්ගලයෙකුටම, සෑමවිටම, ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම උදෙසා ඔවුන්ගේ ආහාර අභිරුචිය සහ ආහාරමය අවශ්‍යතාවයන් සපුරාලීමට හැකියාව ඇති ප්‍රමාණවත්, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර සඳහා භෞතික, සමාජීය හා ආර්ථිකමය වශයෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාවයි."
Food and Agriculture Organization (FAO) වාර්තා වලට අනුව, covid-19 වසංගතයට පෙර ලෝක ජනගහනයෙන් 8.9% ක් එනම් මිලියන 690ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. එසේම ඔවුන් විසින් සිදුකරන ලද සමීක්ෂණයට අනුව මෙම වසංගතයත් සමග, ලෝකයේ මුළු මන්දපෝෂණයෙන් පෙලෙන ජනතාව අතරට තවදුරටත් මිලියන 83 - 132 ත් අතර ජනතාවක් අලුතින් එකතු වී ඇත. මෙම වසංගතය ඇතිවීමට පෙර සිදුකළ සමීක්ෂණ වල දත්ත වලට අනුව, ශ්‍රී ලංකාව Global Food Security Index (GFSI) - 2019 හි ලෝකයේ රටවල් 113ක් අතරින් 66 වන ස්ථානයට පත්වී ඇත. එම වර්ග කිරීමේදී food availability, affordability, quality සහ safety of foods යන සාධක සලකා බලන ලදී.
ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම
ආහාර අප සැමටම අවශ්‍ය වන මුලික අවශ්‍යතාවයන්ගෙන් එකක් වන අතර එය රටක සංවර්ධනය කෙරෙහි බොහෝ දුරට බලපාන සාධකයකි. එබැවින් එය සෑමදෙනාටම පරිභෝජනය කිරීම සඳහා ප්‍රමාණවත් විය යුතුය. ආහාර, ජනතාවගේ ස්වාධීනත්වයේ මූලික අංගයක් ලෙසද සලකන අතර ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍යයේ පදනම ලෙස ක්‍රියාකරයි. ආහාර සුරක්ෂිතතාව, රටක ඵලදායිතාව ඉහළ නැංවීමටත්, ආහාර අඛණ්ඩව නිෂ්පාදනය කිරීමටත්, ආදායම් උත්පාදනය කිරීම සඳහාත් උපකාරී වේ. වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල ආහාර සුරක්‍ෂිතතාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් ඇත. බොහෝ රටවල ජනතාව ආහාර අර්බුදයකට මුහුණ දී සිටින අතර එමගින් ඔවුන්ගේ ආර්ථිකයට වඩාත් අයහපත් බලපෑම් ඇති කරයි. එනිසා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇත.
ආහාර සුරක්ෂිතතාව සමඟ බැඳී ඇති ප්‍රධාන සංරචක.
ආහාර සුරක්ෂිතතාව සමග අන්තර් සම්බන්ධිත ප්‍රධාන සංරචක හතරක් පවතී. ඒවානම් availability, access, utilization සහ stability වේ.
Availability යන්නෙන් අදහස් කරනුයේ ආහාර වල භෞතික පැවැත්මයි. එනම් ආහාර සැපයුම සහ වෙළඳාමයි. මෙහිදී සළකනු ලබන්නේ ප්‍රමාණය පමණක් නොව ආහාරවල ගුණාත්මකභාවය සහ ආහාර වල ඇති විවිධත්වය පිළිබඳවයි. මෙය වැඩි දියුණු කිරීම සඳහා තිරසාර ඵලදායී වගා පද්ධති (farming systems), ඉතා හොඳින් කළමනාකරණය කළ ස්වාභාවික සම්පත් සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ද වැදගත් වේ.
Access යන්නෙන් අදහස් කරනුයේ ආහාර සඳහා ආර්ථිකමය හා භෞතිකමය වශයෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාවයි. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා සුදුසු සම්පත් කරා ළඟා වීමට පුද්ගලයින්ට ඇති හැකියාව මෙහිදී සලකා බලයි. ආදායම්, වියදම්, වෙළඳපල සහ මිල යන සාධක ප්‍රමාණවත් නොවන ආහාර වේලකට මඟපාදයි.
Utilization යන්නෙන් අදහස් කරනුයේ ආහාර වල අඩංගු විවිධ පෝෂ්‍ය පදාර්ථ වලින් ශරීරය උපරිම ප්‍රයෝජන ගැනීමයි. පෝෂණීය යහපැවැත්මකට ළඟාවීම උදෙසා ප්‍රමාණවත් ආහාරවේලක්, පිරිසිදු ජලය, සනීපාරක්ෂාව තහවුරු කල සෞඛ්‍යමත් ආහාර භාවිතා කල යුතුයි. පුද්ගලයෙක්ට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ සහ ශක්තිය ලබා ගැනීම සඳහා පෝෂණ පිළිවෙත් (feeding practices), ආහාර පිළියෙල කිරීම, ආහාරවේලේ ඇති විවිධත්වය සහ ගෘහස්ථය තුළ ආහාර බෙදී යාම වැදගත් වේ.
Stability යන්නෙන් අදහස් වන්නේ සෑම විටම ආහාර වලින් සුරක්ෂිතව සිටීමයි. ආහාර වලින් සුරක්ෂිත වීමට නම්, ජනගහනයකට, ගෘහයකට හෝ පුද්ගලයකුට සෑමවිටම ප්‍රමාණවත් තරම් ආහාර සඳහා ප්‍රවේශ වීමේ හැකියාව පැවතිය යුතුයි. Stability යන සංකල්පය හැදෑරීමේදී, ආහාර සුරක්ෂිතතාවය සමග බැඳී පවතින අනෙක් සංරචක වන availability සහ access යන සංකල්පයන්ද සඳහන් වේ.
ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීමට ඇති අභියෝග
•ගෝලීය ජනගහනයේ සිදු වන වර්ධනය
• ආහාර සඳහා ඇති ඉල්ලුම වැඩි වීම
• ආහාර වල මිල සැළකිය යුතු ලෙස ඉහළ යාම
• දේශගුණික රටාවන් වෙනස් වීම
• නේවාසික හා කාර්මික සංවර්ධනයට කෘෂිකාර්මික ඉඩම් යොදාගැනීම නිසා වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය අවම වීම
• විවිධ කෘෂිකාර්මික ශාක විශේෂ අතුරුදහන් වීම
• විරැකියාව ඉහළ යාම
• වැටුප් හා ආදායම් පහත වැටීම
• ආහාර නාස්තිය සහ හානිය
• ජල හිඟය ඇති ප්‍රදේශයන් වැඩි වීම
• යුධ ගැටුම්
• දේශපාලනමය අස්ථාවරත්වයන්
ආහාර අනාරක්ෂිතතාව (Food insecurity)
ආහාර සුරක්ෂිතතාව සමඟ ආහාර අනාරක්ෂිතතාව පිලිබඳ සංකල්පයද එකට බැඳී පවතී. ආහාර අනාරක්‍ෂිතතාව යන්නෙන් අදහස් වනුයේ මුදල් හෝ වෙනත් සම්පත් සීමිත වීම නිසා පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හා පෝෂණයට ගැටළු ඇති කරමින් ප්‍රමාණවත් තරම් ආහාර ලබා ගැනීමට නොහැකි වන තත්වයකි.
ආහාර සුරක්ෂිතතා විශ්ලේෂකයින් විසින් ආහාර අනාරක්‍ෂිතතා වර්ග දෙකක් අර්ථ දක්වා ඇත. එනම් chronic food insecurity සහ transitory food insecurity වේ.
Chronic food insecurity දිගු කාලීන හෝ අඛණ්ඩව ඇතිවන තත්වයකි. මෙය ඇතිවන්නේ තිරසාර කාල සීමාවක් තුළ ජනතාවට ඔවුන්ගේ අවම ආහාර අවශ්‍යතාවය වුවද සපුරා ගැනීමට නොහැකි වූ විටයි. මෙයට හේතුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දිළිඳුකම, වත්කම් වල පවතින හිඟය සහ ඵලදායී හෝ මූල්‍ය සම්පත් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති වීම යනාදියයි.
Transitory food insecurity කෙටිකාලීන හා තාවකාලිකව ඇතිවන තත්වයකි. මෙය ඇතිවන්නේ හොඳ පෝෂණ තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීමට හෝ ඒ සඳහා ප්‍රවේශ වීමට ඇති හැකියාව හදිසියේම නැති වී ගිය විටයි. මෙම තත්ත්වය ඇති වන්නේ ආහාර ලබා ගැනීමට ඇති හැකියාවේ (food availability) සහ ආහාර වෙත ප්‍රවේශයේ (food access) ඇති වන වෙනස්වීම් නිසාය. ගෘහස්ථ ආහාර නිෂ්පාදනයේ, ආහාර මිලෙහි සහ ගෘහ ආදායමෙහි වසරින් වසර සිදුවන වෙනස්වීම්ද මෙයට ඇතුළත් වේ.
කුසගින්න, මන්දපෝෂණය සහ දරිද්‍රතාවය
කුසගින්න යන්නෙන් අදහස් කරනුයේ සාමාන්‍යයෙන් ආහාර ප්‍රමාණවත් නොවන පරිදි පරිභෝජනය කිරීම හේතුවෙන් ඇතිවන අපහසු හෝ පීඩාකාරී සංවේදනයයි. සරලව ගතහොත් කුසගින්නෙන් පෙළෙන සියලු දෙනා ආහාර අනාරක්ෂිතතාවයට අයිති වන නමුත් සියලු ආහාර අනාරක්‍ෂිත පුද්ගලයින් කුසගින්නෙන් පෙළෙන අය නොවේ. මන්දයත් ආහාර අනාරක්ෂිතතාවයට, ප්‍රමාණවත් නොවන පරිදි ක්ෂුද්‍ර පෝෂක (micronutrients) පරිභෝජනය වැනි අනෙකුත් හේතුසාධක ද බලපාන නිසාය.
මන්දපෝෂණය ඇතිවන්නේ මහා පෝෂක (macronutrients) සහ ක්ෂුද්‍ර පෝෂක (micronutrients) පරිභෝජනයේ පවතින ඌනතාවයන්, අතිරික්තයන් හෝ අසමතුලිතතාවයන් නිසාය. මන්දපෝෂණය ආහාර අනාරක්ෂිතතාවයේ ප්‍රතිඵලයක් විය හැකිය. එලෙසම එය ළමුන්ව ප්‍රමාණවත් වන පරිදි පෝෂණය නොකිරීම, ප්‍රමාණවත් නොවන සෞඛ්‍ය සේවාවන් සහ සෞඛ්‍ය සම්පන්න නොවන පරිසරයන් වැනි සාධක නිසාද ඇතිවිය හැකිය.
දරිද්‍රතාව නිසැකවම කුසගින්න ඇතිවීම සඳහා හේතුවක් වන අතර ප්‍රමාණවත්, නිසි පෝෂණයක් නොමැතිකම ද දරිද්‍රතාවයට මූලික හේතුවකි.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අතරෙහිලා ප්‍රමුඛස්ථානයක් උසුලන කුසගින්න තුරන් කිරීම කෙරෙහි වර්තමානය වන විට ලෝකයේ අවධානය යොමුවෙමින් පවතී. එම අරමුණ අනාගතයේදී සාක්ෂාත් කරගැනීමට නම් ආහාර නාස්තිය අවම කරගනිමින් අතිරික්තය වුවද ඵලදායීව භාවිතා කිරීම සිදු කල යුතුය. එසේම තිරසාරභාවය, ආහාර සුරක්ෂිතතාවය හා ආහාර ආරක්ෂිතතාවය යන සංකල්ප කෙරෙහිද අවබෝධයකින් යුතුව කටයුතු කිරීම සිදු කල යුතුය. එබැවින් ආහාර සුරක්ෂිතතාවයෙන් පිරි හෙට දිනයක් බලාපොරොත්තු වෙමු.
Food Security
The COVID-19 pandemic has become a health, human, and economic crisis that affect the food security and nutrition of more than one million people worldwide. This impact has become a significant threat to food security in poorer countries. Millions of people have been suffering from poverty, hunger and malnutrition since before the covid-19 outbreak and if we do not take necessary actions as soon as possible, we will have to face a global food crisis in future.
What is food security?
As defined by the United Nations' Committee, food security means “all people, at all times, have physical, social and economic access to sufficient, safe, and nutritious food that meets their food preferences and dietary needs for an active and healthy life. ”
According to the Food and Agriculture Organization (FAO), before the covid-19 pandemic situation 8.9% of the world's population, approximately 690 million people, were malnourished. According to a survey conducted by FAO, with this pandemic situation, another 83-113 million people were newly added to the total number of malnourished people in the world. Prior to the outbreak, Sri Lanka was ranked 66th out of 113 countries in the Global Food Security Index (GFSI) - 2019. In that classification, food availability, affordability, quality, and safety of foods were considered.
Importance of food security
Food is one of the basic needs for us and it greatly affects the development of a country. Everyone should have enough food for consumption. Food is the basic component of community self-reliance and nutritious food is the basis of health. Food security helps to increase a country's productivity, continuous food production and generate income. In most of the countries, the problem of not implementing food security in a proper way has become critical. People are facing a food crisis in many countries, which will impact negatively on country's economy. Therefore, ensuring food security has become a global challenge.
Main dimensions of food security
There are four main interrelated components of food security. They are availability, access, utilization and stability.
Availability means the physical existence of food. That is food supply and trade. It is not just the quantity but also the quality and the diversity of foods. To improve this, availability, sustainable productive farming systems, well-managed natural resources and policies to increase the productivity are important.
Access means the economic and physical access to food. It considers the ability of individuals to access adequate resources to obtain appropriate food that is suitable for a nutritious diet. Factors like income, expenditure, market and price lead to an inadequate diet.
Utilization means that the body makes the most of the various nutrients contained in food. Adequate diet, clean water and hygienic healthy foods should be used to achieve a nutritious well-being. For a person to have sufficient nutrition and energy, feeding practices, food preparation, diversity of the diet and distribution of food in household are very important.
Stability means always being secure from food. To be food secure, a population, household or an individual must always have access to adequate food. The study of the concept of stability also mentions the concepts of availability and access, which are other components associated with food security.
Challenges for achieving food security
•Global population growth
•Increased demand for food
•Rise in food prices
•Climatic changes
•Reduction of arable land due to the use of agricultural lands for residential and industrial development
•Disappearing of various agricultural plant species
•Rise in unemployment
•Decline in wages and income
•Food waste and food loss
•Increased areas with water scarcity
•Wars/conflicts
•Political instability
Food insecurity
The food security and food insecurity are two interrelated concepts. Food insecurity is a condition in which people are unable to get enough food due to lack of money or other resources while causing problems to their health and nutrition.
Food security analysts have defined two types of food insecurity. They are chronic food insecurity and transitory food insecurity.
Chronic food insecurity is a long-term or persistent condition. This is caused when people are unable to meet even their minimum food requirements in a sustainable period of time. This happens due to prolonged period of poverty, lack of assets and inadequate access to financial resources.
Transitory food insecurity is a short-term and temporary condition. This occurs when the ability to produce or access enough food to maintain a good nutrition suddenly drops. This is caused by short-term shocks and fluctuations in food availability and food access. This includes year-to-year variations in domestic food production, food prices and household incomes.
Hunger, malnutrition and poverty
Hunger usually refers to the uncomfortable or painful sensation which is caused by the insufficient food consumption. Everyone suffering from hunger is food insecure, but not all food insecure people are hungry. The reason for that is, there are other factors that contribute to food insecurity such as inadequate micronutrient consumption.
Malnutrition is caused by deficiencies, excesses or imbalances in the consumption of macronutrients and micronutrients. Malnutrition can be a result of food insecurity. It can also be caused by factors such as inadequate feeding practices for children, insufficient health services and unhealthy environments.
Poverty is certainly a cause of hunger and lack of adequate, proper nutrition is a major cause of poverty.
At present, the world is focusing on eradicating hunger, which is at the forefront of the United Nations Sustainable Development Goals. To achieve that goal in near future, food waste should be minimized and excess food should be used effectively. For that, we need to be aware of the concepts of sustainability, food security and food safety. So let's look forward to a better food security tomorrow.
Written by – Madara Pallemulla
Post designed by - Lakshini Jayasooriya
References
https://www.ifpri.org/topic/food-security....
https://www.ifpri.org/.../covid-19-and-global-food-security
http://www.fao.org/.../resources-details/en/c/1287907/
http://www.fao.org/3/y5061e/y5061e08.htm....
http://www.fao.org/3/al936e/al936e.pdf
https://aifsc.aciar.gov.au/food-security-and-why-it...
https://www.frontiersin.org/.../10.../fsufs.2020.00016/full
Article 07- ඔබ මිලදී ගන්නේ හොඳම ප්‍රමිතියේ මාංශ නිෂ්පාදන ද ? "How to purchase best quality meat?"
මිනිසාගේ එදිනෙදා ආහාර රටාව සැලකූ විට මාංශ යනු ප්‍රෝටීන් සහ තවත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත ආහාර ප්‍රභවයකි. එමෙන්ම වටිනා පශු සම්පත් (livestock) නිශ්පාදනයක් වන මාංශ, Codex Alimentarius විසින් අර්ථ දක්වා ඇත්තේ "මිනිස් පරිභෝජනය සඳහා සුදුසු සහ ආරක්ෂිත යැයි විනිශ්චය කර ඇති සතෙකුගේ සියලුම කොටස්"("All parts of an animal that are intended for, or have been judged as safe and suitable for, human consumption.") ලෙසිනි.
ශ්‍රී ලංකාවේ මාංශ පාරිභෝගිකයන් ගැන සලකා බැලීමේදී කුකුළු මස් බහුලවම පරිභෝජනය කරන සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවය වන අතර, අනෙක් වඩාත්ම පරිභෝජනය වන මාංශ වර්ග වන්නේ ඌරු මස්(pork), එළු මස් (Mutton) සහ හරක් මස්(beef) ය.
මූලික වශයෙන් මාංශ, ඒවයේ අඩංගු වර්ණයට වගකිවයුතු මයොග්ලොබීන්(myoglobin) නම් ප්‍රෝටීන් ප්‍රමාණයේ වෙනස් වීම අනුව red meat සහ white meat ලෙස කාණ්ඩ දෙකකට බෙදිය හැක.Red meat වල white meat වලට වඩා වැඩි myoglobin ප්‍රමාණයක් අන්තර්ගත වන අතර myoglobin ප්‍රතිශතය වැඩි වන විට මස් වල පැහැය වඩාත් අඳුරු ස්වභාවයක් ගනී. සෞඛ්‍යයට හිතකර, වටිනා පෝෂ්‍ය සංඝටක වලින් යුත් සමබල ආහාර වේලක අඩංගු විය යුතු වැදගත් අංගයක් ලෙස මාංශ දැක්විය හැකිය. පෝෂණවේදීන්ට අනුව, මාංශ වල මූලික වශයෙන් ජලය, ප්‍රොටීන් සහ ඇමයිනෝ අම්ල, ඛනිජ, මේද සහ මේද අම්ල, විටමින් සහ ජෛව ක්‍රියාකාරී සංරචක (bioactive components) සහ කාබෝහයිඩ්‍රේට් කුඩා ප්‍රමාණයක් අන්තර්ගත වේ.
සෞඛ්‍යයමය වාසි සැලකීමේදී මාංශ පරිභෝජනය මිනිසාගේ ඉහල සෞඛ්‍යය මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වේ.
•USDA (United States Department of Agriculture) දත්ත වාර්තා වලට අනුව, මාංශ යනු ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රභවයක් වන අතර, ප්‍රෝටීන් අපගේ ශරීරයේ ශක්තිය බවට පරිවර්තනය වෙමින් දෛනික ක්‍රියාකාරිත්වය කළමනාකරණය කිරීමට උපකාරී වේ. නිර්දේශිත දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය යෞවනියන් සඳහා 46g සහ කාන්තාවන් සඳහා 41 g ද, පිරිමින් සඳහා 52-57g ද වන අතර ළමයින්ට 19-35g ක් ලෙස සඳහන් වේ.
•ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති සින්ක් (Zn) ඉහල ප්‍රමානයක් මස් වල අන්තර්ගත වන බැවින් එය ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.
•මස් වල අඩංගු ප්‍රෝටීන් ශරීර පටක ගොඩනැගීමට සහ අලුත්වැඩියා කිරීමට උපකාරී වෙමින් මාංශ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. මේ හේතුව නිසාම කාය වර්ධන ශිල්පීන් (body builders) ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වැඩි වශයෙන් මාංශ පරිභෝජනයට පෙළඹේ.
•මස් වල හීම් යකඩ (heme iron) අඩංගු වන අතර එය රක්තහීනතාවය වලක්වා ගැනීමට උපකාරී වේ.
•අස්ථි සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන කැල්සියම් (Ca), vitamin D, vitamin B-12, ප්‍රෝටීන් සහ omega -3 මේද අම්ල වැඩි ප්‍රමාණයක් මස් සහිත ආහාර වේල් වල අඩංගු බව පෙන්වා දී ඇත.
•මස් වැනි සත්ත්ව නිෂ්පාදන vitamin B-12 ඇති එකම ස්වභාවික ප්‍රභවය වන අතර එය ළමුන්ගේ මොලය වර්ධනය ප්‍රවර්ධනය කරන අතර එය ඔබේ ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරී වේ.
•මාංශ ප්‍රෝටීන් සෞඛ්‍යය සම්පන්න හෘද වාහිනී පද්ධතික් පවත්වා ගැනීමට උපකාරී වේ.
•වැඩි ප්‍රෝටීන් සහ අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු මෙම මාංශ ආහාර රුධිරයේ සීනි (Blood sugar) පාලනය කිරීමට දායක වේ.
මෙම සෞඛ්‍යය ප්‍රතිලාභ වලට අමතරව මාංශ නිෂ්පාදන ක්‍රියාවලියේ සනීපාරක්ෂකභාවය(hygiene) සහ ආරක්ෂිතභාවය( safety) පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.
මාංශ වල ආරක්ෂිතභාවය තහවුරු කිරීම සැලකීමේදී සත්ත්ව ගොවිපලේ සිට එම නිෂ්පාදනය පරිභෝජනය කරන අවස්ථාව දක්වා වූ නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම පියවර සෞඛ්‍යය ආරක්ෂිත රෙගුලාසි යටතේ සිදු විය යුතුය. Codex Alimentarius කොමිෂන් සභාව විසින් නැවුම් මස් සහ කුකුළු නිෂ්පාදන සඳහා නිර්දේශිත ජාත්‍යන්තර සනීපාරක්ෂක සංග්‍රහය (Recommend International Code of Hygiene Practice) මඟින් ආරක්ෂිත මස් සහ කුකුළු නිෂ්පාදන සදහා අවම සනීපාරක්ෂක අවශ්‍යතා විස්තර කෙරේ.
•නිසි ලෙස පිලියෙල කරන විටදී ආහාර විෂවීම් (intoxication) සහ ආසාදන (Infection) ඇති නොවිය යුතුය.
•නිර්දේශිත සීමාවන් ඉක්මවා අපද්‍රව්‍ය (residues) අඩංගු නොවිය යුතුය. (පළිබෝධනාශක/pesticides,පශු ඖෂධ/,veterinary drugs සහ බැර ලෝහ/heavy metals)
•රෝග වලින්(diseases) වලින් තොර විය යුතුය.
•සාමාන්‍යයෙන් විරෝධතා දැක්විය හැකි අඩුපාඩු වලින් තොර විය යුතුය.
•ප්‍රමාණවත් සනීපාරක්ෂක පාලනයක් යටතේ නිපදවා තිබිය යුතුය.
•සංයුතිය(composition) සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අපේක්ෂාව සපුරාලිය යුතුය.
පාරිභෝගිකයන් වශයෙන්ද හොඳ තත්ත්වයේ මස්(raw meats) වෙළෙඳපොලන් තෝරාගැනීමේදී සැලකිල්ලට ගත යුතු වැදගත් සාධක තිබේ.
•මස් වල වර්ණය - නිවැරදි වර්ණය රඳා පවතින්නේ ඔබ මිලදී ගන්නා මස් වර්ගය මත ය. Red meat තද පැහැයෙන් යුක්ත විය යුතු අතර දම් පාට, රතු සහ දුඹුරු පැහැයන් අතර වෙනස් විය හැකිය. එය දුඹුරු නම්, එයින් අදහස් කරන්නේ එය ඔක්සිජන් වලට නිරාවරණය වී ඇති බවයි. එය තවමත් ආහාරයට ගැනීමට ආරක්ෂිත වනු ඇත.
•මස් වල ගන්ධය(smell)- තවමත් නැවුම්ද යන්න තීරණය කිරීමට හොඳම ක්‍රමය ගන්ධයයි.සුවඳ කිසියම් ආකාරයකින් තද/සැර නම් (හෝ මස් කුණුවීම වැනි සුවඳක්) නම්, එය මිලදීගැනීමට සුදුසු නොවේ.
•මස් වල ස්වභාවය - මාංශ පේශි තන්තු තදින් ඇසිරී ඒකාකාරී ලෙස තිබිය යුතුය. මස් කඩා වැටෙන බවක් පෙනේ නම්, එය දුර්වල ලෙස හැසිරවීම(poor handling) හෝ අඩු ගුණාත්මකභාවය ( poor quality ) නිසා විය හැකිය. මස් සිහින් හෝ ඇලෙන සුළු නම්, එය මිලදී ගැනීමට සුදුසු නොවේ. මෙය සියලු වර්ගවල මස් සඳහා අදාළ වේ.
•The use-by-date (Expiration date) - ඔබ මිලදී ගන්නා මස් නරක් වීමට කෙතරම් සමීපද යන්න පිළිබඳ ඇඟවීමක් මෙම දිනය මගින් ලැබේ. ඔබ සෑම විටම මස් පරිභෝජනය කළ යුත්තේ මෙම දිනයේදී (expiration date )හෝ ඊට පෙරය. මෙම දිනය පසු වූ පසු, එය පරිභෝජනය කිරීම ඉතා අවදානම් සහගත ය.
•ඇසුරුම්කරණය (packaging) - මස් මිලදී ගැනීමේදී ඇසුරුම් අපිරිසිදු වී හෝ පළුදු වී ඇත් දැයි හොඳින් බලන්න. එය අනිවාර්යයෙන්ම මස්වල ගුණාත්මකභාවයට සෘජුවම බලපාන්නේ නැතත්, එය මස් හැසිරවූ ආකාරය පිළිබඳ ඇඟවීමක් ලබා දෙයි.
•මස් ගබඩා කිරීම - උෂ්ණත්වය පාලනය කිරීම අතිශයින්ම වැදගත්ය. ශීතකරණවල වෙනදාට වඩා තරමක් උණුසුම් බව ඔබ දුටුවහොත් හෝ ශීතකරණයෙන් ජලය කාන්දු වන බවක් ඔබට පෙනේ නම්, එය තාක්ෂණික ගැටළුවක් විය හැකිය.එයින් අදහස් වන්නේ එම මස් එතරම් නැවුම් නොවිය හැකි බවයි.
වගකීම් සහගත පාරිභෝගිකයෙකු ලෙස මස් වර්ග පරිභෝජනය කිරීමේදී ඉහත විස්තර පිළිබඳ මනා අවබෝධයකින් පසු වීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
How to purchase best quality meat?
Meat is the most valuable livestock product and it is defined by the Codex Alimentarius as “All parts of an animal that are intended for, or have been judged as safe and suitable for, human consumption”.
In tropical countries, livestock is considered as a substantial part of many smallholder farming systems. When considering about Sri Lankan meat consumers, chicken meat is the most consumed animal protein source and the other most preferred meat types are pork, mutton, and beef. All these meat types are available throughout the country from small retail shops to supermarket chains.
Basically, meat can be classified into two groups called white meat and red meat. White and red meat differ in their amount of myoglobin, the protein responsible for meat's color. Red meat has more myoglobin than white meat, and a higher myoglobin content generates a darker meat color. Meat can be a part of a balanced diet contributing valuable nutrients that are beneficial to health. From the nutritional point of view, Meat is basically composed of water, protein and amino acids, minerals, fats and fatty acids, vitamins and other bioactive components, and small quantities of carbohydrates.
Consumption of meat can have many health benefits.
•Rich in protein - Meat is a rich source of protein as per USDA data, thereby making it a common component of our diets. Proteins are converted to energy in our body and it can help manage daily functionality. The recommended daily intake of protein is 46 grams for teenage girls, 41 grams for women, 52-57 grams for men, whereas kids need about 19-35 grams.
•Meat has a high amount of zinc content which has antioxidant properties, so can help to boost immunity.
•The proteins may help in building and repairing body tissues and can improve muscle activity, which is the reason why individuals who are building muscle strength increase their protein intake significantly.
•Meat and poultry contain heme iron, which helps to prevent anemia because the body absorbs this iron better than non-heme iron found in plant foods such as vegetables.
•Meatless diets have been shown to contain lower amounts of calcium, vitamin D, vitamin B-12, protein, and omega-3 fatty acids, which have important roles in maintaining bone health.
•Animal products like meat are the only natural sources of Vitamin B12, which promotes brain development in children[v] and helps your nervous system function properly
•Mounting, recent evidence shows that lean meat protein could help maintain healthy cardiovascular function
•A high protein and low carbohydrate diet, which could include lean meat and poultry, can help to control blood sugars.
Control of Hygiene and Safety of meat products should be taken into consideration other than the health benefits. Ensuring the safety of meat calls for control throughout the food chain from the farm of origin, inspection before and after slaughter, to the handling and storage of meat and the products until the time it is consumed.
The Codex Alimentarius commission has elaborated the Recommended International Code of Hygiene Practice for Fresh Meat and Poultry Processing which describe the minimum hygiene requirements for safe meat and poultry production,
•That the food will not cause infection or intoxication when properly prepared.
•Does not contain residues (of pesticides, veterinary drugs, and heavy metals) more than established limits.
•Is free from disease.
•Free from obvious contamination.
•Free from defects generally recognized as objectionable.
•Has been produced under adequate hygienic control.
•Fulfils the expectation of the consumer regarding composition.
As a consumer, there are important factors that should be taken into consideration when choosing good quality raw meats.
•Meat color - The right color depends on the type of meat you are buying. Red meat should be dark in color, and can vary between purple, red, and brown. If it is brown, it simply means that it has been exposed to oxygen. It will still be safe to eat
•The smell - Smell is the best way to determine whether the meat is still fresh. If the smell is in any way pungent (or smells like rotting flesh), then stay away.
•Meat texture - The muscle fibers should be tightly packed and be uniform. If meat looks like it is going to fall apart, it could be due to poor handling or poor quality. If the meat is slimy or sticky, then rather stay away. This stands for all types of meat, whether you are buying beef, lamb, chicken, or pork.
•The use-by-date (Expiration date) - The use-by-date is important since it is an indication of how close the meat is to being spoiled. You should always consume meat before, or on, this use-by date. After this date has passed, it is very risky to consume.
•The packaging -Look at the packaging for any sign of damage or dirt. Although it does not necessarily influence the meat quality directly, it does give you an indication of how the meat was handled.
•The storage-Temperature control within a facility is extremely important to ensure your meat stays fresh. If you notice that the fridges are slightly warmer than usual, or you see water dripping from the freezers, there could be a technical issue, which means your meat might not be so fresh.
As a responsible consumer it is better to have an awareness about above mentioned details on meat and poultry.
Written by -
Chathubhani Hettiarachchi & Lumbini Wijesooriya
References:
1.http://www.fao.org/.../en/meat/Processing_product.html
2.https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4869538/
3.https://www.meatpoultrynutrition.org/.../great-taste...
4.https://www.organicfacts.net/hea.../animal-product/meat.html
Article 06- පමණට වඩා හොඳ නැති ලුණු "Is high salt consumption bad?"
පමණට වඩා හොඳ නැති ලුණු
මේ දිනවල ලුණු ගැන හැමෝම කතාවෙන නිසා අපි බලමු අපි දිනපතාම ආහාරයට එකතු කරන මේ ලුණු කියන්නෙ මොනවද කියලා.
ලුණු අපට ආහාරයට නැතුවම බැරි දෙයකි. ලුණු යනු සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) වන අතර එයින් 40%ක් පමණ සෝඩියම් සහ 60%ක් පමණ ක්ලෝරයිඩ් වේ. මෙලෙස අපි දිනපතා ආහාරයට එකතු කරන ලුණු වලින් අපිට හානියක් විය හැකිදැයි අපි විමසා බලමු.
ලුණු අපට අවශ්‍ය ඇයි?
ලුණු ආහාර වල අමුද්‍රව්‍යයක් ලෙස ආහාර රසයෙන් වැඩි කිරීමට, ආහාර බන්ධකාරකයක් (binder) ලෙස, ආහාර ස්ථායීකාරකයක් (stabilizer) ලෙස, ආහාර වල තෙතමනය රඳවා ගැනීමට සහ meat curing වැනි අවස්ථාවලදී විවිධ කාර්‍යයන් ඉටු කරයි. අධික ලුණු ප්‍රමාණයක් ආහාරයක තිබියදී බැක්ටීරියා වලට වර්ධනය වීමට නොහැකි බැවින් එය ආහාර කල් තබාගන්නා ද්‍රව්‍යයක් ලෙසද ක්‍රියා කරයි. මිනිස් සිරුරේ ස්නායු ආවේගයන් සිදු කිරීම, මාංශ පේෂී හැකිලීම සහ ලිහිල් කිරීම මෙන්ම ශරීරය තුල ඛනිජ හා ජලය නිසි ලෙස සමතුලිතව පවත්වාගැනීම සදහා සෝඩියම් කුඩා ප්‍රමාණයක් ශරීරයට අවශ්‍යය.
ලුණු පරිභෝජනයට ගත යුතු මාත්‍රාවක් තිබේද?
ඉහත දී සඳහන් කල විවිධ කාර්‍යයන් සිදු කිරීමට අපගේ ශරීරයට දිනකට සෝඩියම් 500mg පමණ අවශ්‍ය බව සොයාගෙන ඇත. Dietary Guidelines for Americans හි සඳහන් අන්දමට පුද්ගලයෙකු දිනකට පරිභෝජනය කරන සෝඩියම් ප්‍රමාණය 2300mg ට වඩා අඩු විය යුතුය. එම 2300mg ප්‍රමාණයක් යනු සාමන්‍යයෙන් ලුණු තේ හැඳි එකක අඩංගු වන ප්‍රමාණයයි. කෙසේවෙතත් මිනිසුන් මේ නිර්දේශිත ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ පරිභෝජනය කරන අතර ඔවුන් පරිභෝජනය කරන ලුණු ප්‍රමාණයෙන් 75%ක් පමණම සැකසූ ආහාර (Processed food) මඟින් ලබා ගනී.
ප්‍රමාණය ඉක්මවා ලුණු පරිභෝජනය සුදුසුද?
ප්‍රමාණය ඉක්මවා අධික ලෙස ලුණු භාවිතය කිසිසේත්ම හිතකර නොවන්නේ එය අධි රුධිර පීඩනය, හදවත් රෝග, නිදන්ගත වකුගඩු රෝග, ඔස්ටියෝපොරෝසිස් හා පිළිකා වැනි රෝග වලට මග පාදන බැවිනි . සෝඩියම් මගින් ජලය ආකර්ෂණය කරන බැවින් අධික සෝඩියම් සහිත ආහාරයක් ලබාගත් විට එමඟින් රුධිරයට ජලය ඇදගන්නා අතර එනිසා රුධිර පරිමාව වැඩිවී පසුව රුධිර පීඩනයද වැඩිවේ. අධි රුධිර පීඩනය යනු කාලයක් පුරාවට රුධිර පීඩනය ඉහළ මට්ටමක පැවතීමේ තත්වයකි. අධි රුධිර පීඩනය නිසා හදවත අධික ලෙස වැඩ කරන අතර රුධිර ප්‍රවාහයේ පවතින අධික බලය මඟින් ධමනි හා අවයව වලට (හදවත, වකුගඩු, මොළය සහ ඇස් වැනි) හානි කරයි. පාලනයකින් තොරවූ අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, වකුගඩු රෝග සහ අන්ධභාවය වැනි රෝග වලට ඇති අවදානම ඉහළ නංවයි. මිනිසුන් වයසට යන විට රුධිර පීඩනය සාමාන්‍යයෙන් ඉහළ යයි, එම නිසා ලබාගන්නා සෝඩියම් ප්‍රමාණය සීමා කිරීම සෑම විටම වැදගත් වේ.
සෝඩියම් වැඩිපුරම ඇති ආහාර මොනවාද?
ස්වභාවිකව පවතින, සකස් නොකරන ලද එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, මස් සහ කිරි ආදියෙහි අඩංගු වන්නේ අඩු සෝඩියම් ප්‍රමාණයකි. අප විසින් ලබා ගන්නා ආහාරවල ඇති බොහොමයක් ලුණු පැමිණෙන්නේ වාණිජමය වශයෙන් සකස් කරන ලද ආහාර වලින් වන අතර අප නිවසේදී ආහාර පිසීමේදී එකතු කරන ලද ලුණු වලින් නොවේ . සකසන ලද (Processed food) සියලු ආහාර වලට සෝඩියම් එකතු වේ. මෙලෙස අධික සෝඩියම් ප්‍රමාණයක් අඩංගු ආහාර ලෙස පාන්, පීසා, french fries, පොප්කෝන්, චීස් යනාදි බොහොමයක් ක්ෂනික ආහාර දැක්විය හැකිය. මෙවන් වූ සමහර ආහාර වල සෝඩියම් අධික බව දන්නා නමුත් අවධානය යොමු කල යුතු වන්නේ එම ආහාර කොපමණ ප්‍රමාණයක් සහ කොපමණ වාරයක් පරිභෝජනයට ගන්නවාද යන්න ගැනයි.
ලුණු භාවිතය අවම කල හැක්කේ කෙසේද?
• හැකි සෑම විටම නැවුම් ආහාර පාන භාවිතය සහ වෙළඳපොලෙන් ලබාගන්නා ආහාර භාවිතය අවම කිරීම .
• වෙළෙඳපොලේ ඇති විවිධ සෝස් වර්ග භාවිතය අවම කිරීම.
• වෙළෙඳපොලෙන් ලබාගන්නා ආහාර වල ලේබල් කියවීම මගින් අධික ලුණු සහිත ආහාර මිලදී ගැනීම අවම කිරීම.
• නිවසේදී පිළියෙල කරන ආහාර වලට එකතු කරන ලුණු ප්‍රමාණය අඩු කිරීම.
• ආහාරයේ රසය වැඩි කිරීමට ලුණු වෙනුවට ලෙමන්, දෙහි ආදිය භාවිතා කිරීම.
• ආහාර පිසීමේදී කුළුබඩු වර්ග හොඳින් භාවිතය මගින් එකතු කිරීමට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය අවම කරගැනීම.
මෙලෙසින් ඔබ ආහාර සමඟ ලබාගන්නා ලුණු ප්‍රමාණය එකවරම අඩු නොකොට ක්‍රමක්‍රමයෙන් අඩුකල යුතුය . එවිට ඔබගේ රස අංකුර වලට එම නව රසයට අනුගත වීමට අවශ්‍ය කාලය ලැබේ.
ලේබලය කියවීමෙන් ආහාරයක අඩංගු සෝඩියම් ප්‍රමාණය දැනගන්නේ කෙසේද?
අප ගන්නා ලුණු වලින් හතරෙන් තුනක් පමණම සැකසූ ආහාරවල සැඟවී ඇති නිසා ආහාර මිලදීගැනීමේදී ආහාර ලේබල සහ ආහාර පෝෂණ ලැයිස්තුව කියවීමට පුරුදු වීම ඉතාම වැදගත් වේ.
ආහාර වල ලේබලයේ වර්ණ සංකේත මගින් අඩංගු ලුණු ප්‍රමාණය පෙන්වයි .
අප වෙළෙඳපොලෙන් ලබා ගන්නා ආහාරයේ 100g ක ලුණු 1.25g ක් හෝ ඊට වැඩියෙන් පවතීනම් එම ආහාරයේ ලේබලයේ රතු පැහැයෙන් සළකුනු කරන අතර ලුණු ප්‍රමාණය 0.25g - 1.25g අතර වේ නම් එය කහ පැහැයෙන්ද, 0.25g ට වඩා අඩු නම් එය කොළ පැහැයෙන්ද සළකුනු කරනු ලැබේ.
ආහාර පෝෂණ ලැයිස්තුවේද (Nutrition Fact Label) යම් ආහාරයක අඩංගු සෝඩියම් ප්‍රමාණය දැක්වෙන අතර එම සෝඩියම් ප්‍රමාණය සඳහා ආහාරයේ අඩංගු වෙනත් ආහාර ආකලන ද්‍රව්‍ය වන මොනොසෝඩියම් ග්ලුටමේට් (MSG), සෝඩියම් නයිට්‍රේට් සහ සෝඩියම් බෙනිසොයිට් ආදියද කුඩා ප්‍රමාණ වලින් දායක වේ.
එබැවින් වෙළඳපොලෙන් ආහාර ලබා ගන්නා විට ලේබලය හොඳින් කියවා බලා හැකිතාක් අවම සෝඩියම් ප්‍රමාණයක් අඩංගු ආහාර මිලදී ගැනීමට හුරුවීම මඟින් අපට සෞඛ්‍යසම්පන්න දිවි පෙවෙතක් ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත .
Is high salt consumption bad?
Since everyone is talking about salt these days, let's see what salt is.
Salt is something we cannot eat without. Salt, also known as Sodium chloride (NaCl), is about 40% sodium and 60% chloride. Let's examine whether the salt we add to our daily diet can harm us.
Why do we need salt?
Salt acts as an ingredient in foods to enhance the taste of food, as a food binder, as a stabilizer, to retain moisture in food, and for meat curing. It also acts as a food preservative, as bacteria cannot grow when there is too much salt in a food. The human body needs a small amount of sodium to make nerve impulses, muscle contraction and relaxation, as well as to maintain a proper balance of minerals and water in the body.
How much salt should be consumed?
It has been found that our body needs about 500mg of sodium a day to perform the various functions mentioned above. According to Dietary Guidelines for Americans, a person should consume less than 2300mg of sodium per day. That amount of 2300mg is usually the amount contained in a teaspoon of salt. However, people consume about twice as much as the recommended amount, and about 75% of their salt intake comes from processed foods.
Is excessive salt intake bad?
Excessive salt intake is not good at all as it can lead to high blood pressure, heart disease, chronic kidney disease, osteoporosis, and cancer. Sodium attracts water, so when you eat a diet high in sodium, it draws water into the bloodstream, which in turn increases blood volume and blood pressure. High blood pressure is a condition in which blood pressure remains high over time. High blood pressure causes the heart to work too hard and the high force in the bloodstream damages the arteries and organs (such as the heart, kidneys, brain and eyes). Uncontrolled high blood pressure increases the risk of diseases such as heart attack, stroke, kidney disease and blindness. Blood pressure usually rises as people get older, so it is always important to limit the amount of sodium you get.
What foods have the most sodium?
Naturally occurring, unprocessed vegetables, fruits, grains, meat and milk are low in sodium. Most of the salt in the food we eat comes from commercially prepared foods and not from the salt we add when cooking at home. Sodium is added to all processed foods. Bread, pizza, french fries, popcorn, cheese, and many other fast foods are high in sodium. Although some of these foods are high in sodium, what you need to pay attention is how often and in what quantity you consume them.
How to minimize salt consumption?
[ ] Whenever possible should consume fresh fruits and vegetables and should minimize the consumption of store bought foods.
[ ] Minimize the use of different sauces available in the market.
[ ] Minimize the purchase of high-salt foods by reading the labels of foods available in the market.
[ ] Reduce the amount of salt added to food prepared at home.
[ ] Use lemon, lime etc. instead of salt to enhance the taste of the food.
[ ] Use spices to minimize the amount of salt that is needed to be added
In this way you should gradually reduce the amount of salt you get with your food without reducing it all at once. Then your taste buds will have time to adapt to the new taste.
How do you know the amount of sodium in a food by reading the label?
About three-quarters of the salt we consume is hidden in processed foods, so it is important to get into the habit of reading food labels and nutrition fact labels when buying food. Food color code indicate the amount of salt contained in a particular product.
If the salt content is 1.25g or more than that in 100g of the food, the label of that food will be marked in red, if the salt content is between 0.25g - 1.25g it will be marked in yellow and if it is less than 0.25g it will be marked in green.
The Nutrition Fact Label also lists the amount of sodium in a food. Other food additives such as monosodium glutamate (MSG), sodium nitrate, and sodium benzoate also contribute to that amount of sodium in small amounts.
So when we buy food from the market, we can read the label carefully and get used to buying foods that contain the least amount of sodium, which will enable us to lead a healthier life.
Written and english translation by - Praveeni Manodya
References
https://www.fda.gov/.../nutrition.../sodium-your-diet...
https://www.hsph.harvard.edu/nutritionso.../salt-and-sodium/
https://www.fda.gov/.../food-additives.../sodium-reduction
http://www.actiononsalt.org.uk/less/reducing-intake/labels/
Article 05- විස්මිත ගුණ දෙන මුරුංගා "Benefits of Moringa"
අසල්වැසි මහා භාරතයේ උපන් 𝘔𝘰𝘳𝘪𝘯𝘨𝘢 𝘰𝘭𝘦𝘪𝘧𝘦𝘳𝘢 නමින් පටබැදි drumstick tree ලොව පුරා නිවර්තන හා අර්ධ නිවර්තන කලාප වල සෙල්සියස් අංශක 25-35 උෂ්ණත්වය යටතේ වැලි පසේ හෝ සරු පසේ වර්ධනය වන අතිශය ඉහල පෝෂණීය ගුණයකින් යුත් වටිනා ශාකයකි. ප්‍රෝටීන, විටමින් සහ ඛනිජ ලවණ යන සංඝටක යහමින් අන්තර්ගතවන ආහාර ප්‍රභවයක් ලෙස මෙම ශාකය හැදින්විය හැකි අතර ජෛව තාක්ෂණික හා ඖෂධීය වශයෙන්ද ඉතා ඉහල වටිනාකමක් සහිත ශාකයක් ලෙස හැදින්විය හැකිය.
ඒ නිසාම මෑත කාලීනව විවිධ පර්යේෂණ සදහා විද්වතුන්ගේ අවධානය යොමු කරවීමට මුරුංගා සමත්ව ඇත.
මුරුංගා වල අන්තර්ගතය කෙබඳුද?
පෝෂණීය රසායනික සංඝටක 90කට අධික ප්‍රමාණයකින් සමන්විත මුරුංගාහි පත්‍ර වල කැල්සියම්,පොටෑසියම්,සින්ක්,මැග්නීසියම්,අයන් වැනි ඛනිජ ලවණද, විටමින් A,C,D,E සහ ෆෝලික් අම්ලය ,පිරිඩොක්සින්,නිකොටිනික් අම්ලය,රයිබොෆ්ලේවින් යනාදී විටමින් B සංඝටක ද, ස්ටෙරෝල්,ෆ්ලේවොනොයිඩ්,සැපොනින්, ඇල්කලොයිඩ්,ටර්පිනොයිඩ්,ටැනින්, අන්ත්‍රක්විනෝන් වැනි phytochemicals ද අන්තර්ගත වන බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
මෙහි අඩංගු වන පෝෂණය,
දොඩම් ගෙඩියකින් ලැබෙන විටමින් C ප්‍රමාණය මෙන් 7 ගුණයකට වඩා වැඩි අගයකින්ද, කැරට් මෙන් 10 ගුණයකට වඩා වැඩි අගයකින් යුත් විටමින් A ප්‍රමාණයක්ද කිරි වලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණය මෙන් 17 ගුණයකට වඩා වැඩි පෝෂණයක්ද, යෝගට් මෙන් 9 ගුණයකට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක්ද, කෙසෙල් ගෙඩියකින් ලැබෙන පොටෑසියම් ප්‍රමාණය මෙන් 15 ගුණයකට වඩා ප්‍රමාණයක්ද, නිවිති වල අඩංගු යකඩ ප්‍රමාණය මෙන් 25 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක්ද, පෝෂණය අඩංගු වන බව සොයාගෙන ඇත.
මුරුංගාහි සෞඛ්‍යමය වටිනාකම කෙතරම්ද?
එසේම තුන්සියයකට අධික රෝග සංඛ්‍යාවක් සුව කිරීමේ විස්මිත හැකියාවක් ඇති මුරුංගා ඈත අතීතයේ සිටම පාරම්පරික වෙදකමේ අත්බෙහෙතක් ලෙස භාවිතා කර ඇත. විශේෂයෙන් නිවර්තන කලාප වල ළමුන් හා ලදරුවන් තුල වූ මන්දපෝෂණ තත්වය මගහරවා ගැනීමටද, කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි නිෂ්පාදනය වැඩි කිරීමටද, ශරීර ශක්තිය ප්‍රවර්ධනය කරන්නක් ලෙසද, පරිවෘත්තිය උත්තේජකයක් ලෙසද ශරීර කොලෙස්ටරෝල් මට්ටම සහ සීනි මට්ටම පාලනය කිරීමටද, ආහාර ජීරණය උත්තේජනය කරන්නක් ලෙසද, තුවාල ඉක්මනින් සුවකරන්නක් ලෙසද, හෝමෝන හා ග්‍රන්ථි වල සමතුලිතතාවය පවත්වාගැනීමටද, රුධිර සංසරණය හා රුධිර පීඩනය පාලනය කිරීමටද, අක්මාවේ සහ වකුගඩු වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමටද, සමේ අලංකාරය පවත්වාගැනීමටද, ආහාර ප්‍රභවයක් ලෙස මුරුංගා භාවිතා කරයි.ප්‍රතිඔක්සිකාරක ගුණයක් සහිත මුරුංගාහි දියවැඩියාව සහ පිලිකාව නාශනය කිරීමේ ආශ්චර්යමත් හැකියාවක් පවතින බවද සොයාගෙන ඇත.
මුරුංගාහි වාණිජමය භාවිත මොනවාද ?
වාණිජමය මට්ටමින් මුරුංගාහි ඇට oleic acid, tocopherol සහ sterol වලින් අනූන වූ ben oil නිස්සාරණය සදහාද, ආලේපන හා සුවද විලවුන් නිෂ්පාදනය සදහාද, ලිහිසි තෙල් නිෂ්පාදනය සදහාද, ජෛව ඉන්ධන නිෂ්පාදනයටද, ජලය සහ අපජලය පවිත්‍රකරණයේදී බැර ලෝහ ඉවත් කිරීමටද, කෘමිනාශකයක් ලෙසද, ජෛව පොහොරක් ලෙසද, ජලජීවී වගාවේදීද යොදාගනු දක්නට ලැබේ.
එසේම මුරුංගාපත්‍ර ශාක වර්ධක නිෂ්පාදනයටත් මුරුංගා කරල් සහ මුල් මිනිස් පරිභෝජනයට හා ඖෂධීය භාවිතයන් සදහාත් මුරුංගා අතු සත්ව ආහාරයක් ලෙසත් යොදාගනු ලබයි. මුරුංගා ශාකයේ මැලියම් කපුපිළි මුද්‍රණය සදහා යොදාගනු ලබන අතර මීමැසි පාලකයන් විසින් මුරුංගා මලෙහි අන්තර්ගත පැණි ප්‍රභවයක් ලෙස භාවිතයට ගනියි.
මුරුංගා වෙළෙඳපොළ දොරටු විවර කරගන්නේ කෙලෙසද?
මුරුංගා හි සුවිශේෂත්වය ප්‍රකට වීමත් සමග value added products නොඑසේනම් අගය වැඩිදියුණු කල නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණයට පිවිසෙන්නට විය. එලෙසින් පැමිණි නිෂ්පාදන අතර moringa tea/dried leaves, moringa powder, moringa polvoron, moringa cookies සහ moringa surprise ඉදිරියෙන්ම තිබෙනු දක්නට ලැබේ.මුරුංගා මල් වල සහිත අවම කොලෙස්ට්‍රෝල් ලක්ෂණය උපයෝගී කරගෙන moringa tea සකසා ඇති ආකාරයද දැකගත හැකිවේ. එසේම dehydrated moringa leaf powder විවිධ කුළුබඩු සහ ලුනු සමග සුසංයෝග කර moringa peanut chutney powder, moringa chutney powder, moringa rice powder, moringa sambar powder, moringa plain spread සහ moringa spread with seasoning යනාදී වශයෙන් නොයෙකුත් නව නිෂ්පාදන නිපදවා ඇත.
මෙතරම් පෝෂණීය සහ වාණිජමය වටිනාකමක් සහිත මුරුංගා අද වනවිට මහා පරිමාණයෙන් කෘෂිකාර්මිකව වගා කිරීමට යොමු වී තිබීම සතුටට කරුණකි.
Benefits of Moringa
Moringa was originated in India. The drumstick tree, Moringa oleifera is a highly nutritious plant. This grows in sandy or loamy soil, temperature under 25-35°C in sub tropical or tropical countries all around the world. This plant is a food source rich in proteins, vitamins, and minerals, and is also highly valued for its biotechnological and medicinal values.
These beneficial qualities of moringa have recently attracted the attention of researchers for various researches.
Nutrient content of Moringa
Various experiments have proved that moringa leaves contain more than 90 nutrients including minerals such as Calcium, Potassium, Zinc, Magnesium, Iron,
vitamins such as vitamin A, C, D, E, and vitamin B compounds such as folic acid, pyridoxin, nicotinic acid, rhyboflavin, and
phytochemicals such as sterol, flavonoid, saponin, alkaloid, terpenoid, tannin, anthraquinone, etc.
When considering the nutrient content of moringa, it has been found that,
vitamin C content in moringa is 7 times more than that of oranges,
vitamin A content is 10 times more than that of carrots,
Calcium content is 17 times more than that of milk,
Protein content is 9 times more than that of yoghurt,
Potassium content is 15 times more than that of bananas, and
Iron content is 25 times more than that of spinach.
Health benefits of Moringa
Moringa has an amazing ability to cure over 300 diseases and has been used as a traditional medicine in ancient times. It can be used as a food source to prevent malnutrition among toddlers and children in tropical region, to increase the breast milk production of breastfeeding mothers, to regulate body sugar and cholesterol levels, to maintain the balance of hormones and glands, to regulate the blood circulation and blood pressure, to improve the function of liver and kidneys, to maintain the skin health, etc. Also moringa can be used as a body strengthening food, metabolic stimulant, digestion stimulant, wound curing agent, etc.
Antioxidant properties of moringa help to prevent cancers and diabetes.
Commercial uses of Moringa
Commercially moringa seeds are used to extract ben oil rich in oleic acid, tocopherol, and sterol, moringa is used in the manufacture of ointments and perfumes, lubricants, bio fuels, etc. Moringa is also used to remove heavy metals in the water treatment process, it is also used as insecticides and bio fertilizers. Moringa leaves are used in producing plant growth regulators, moringa pods and roots are used for human consumption and medicinal use, and moringa branches are used as an animal feed.
Gums of moringa are used in the production of cotton clothes and beekeepers use the sap of moringa flower as a honey source.
How to increase the market value for Moringa
With the reveal of beneficial effects of moringa, various value added moringa products invaded the market. Moringa tea/dried leaves, moringa powder, moringa polvoron, moringa cookies, and moringa surprise are the most commonly seen value added moringa products in the market. Moringa tea is made using the low cholesterol properties of moringa flowers. Dehydrated moringa leaf powder is combined with different spices and salt to produce new products such as moringa peanut chutney powder, moringa chutney powder, moringa rice powder, moringa sambar powder, moringa plain spread, moringa spread with seasoning, etc.
It is happy to say that moringa with these enormous number of beneficial effects and high commercial value is now cultivated in large scale.
Written by - Dulsha Rupasinghe
Translated by - Dinu Dissanayake
References
Article 04- ඔබත් රටකජු ආසාත්මිකතාවය ඇති අයෙක්ද? "Peanut allergy"
රටකජු (Peanut) ලෝකවාසී බොහෝ දෙනා ඉතාමත් ප්‍රිය කරන ආහාරයකි. Arachis hypogaea යන විද්යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙය නිවර්තන හා උප නිවර්තන කලාප වල බහුලව වගා කරයි. රටකජු වල ඊට ආවේණික රසයක් ඇතත් එය අනෙකුත් ශාක වල හටගන්නා බීජ, එනම් ආමන්ඩ් (Almond), වෝල්නට් (Walnut) වැනි බීජ වල රසයට තරමක් සමාන වේ. මේවායේ අධික තෙල් ප්‍රමාණයක් සහ අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වේ. රටකජු භාවිතා කරමින් සාදන ලද විවිධ නිෂ්පාදන වර්තමානය වන විට වෙළඳපොළේ දක්නට ලැබේ. බැදපු රටකජු, තැම්බූ රටකජු, රටකජු තෙල් (Peanut oil), පීනට් බටර් (Peanut butter), රටකජු පිටි (Peanut flour), පීනට් ප්‍රෝටීන් (Peanut protein) ආදිය මේ අතර ප්‍රධාන තැනක් ගනී.
රටකජු කෙතරම් රසවත් ආහාරයක් වුවත් ඇතැම් පුද්ගලයන්ට මේවා ආහාරයට ගැනීමෙන් විවිධ ආසාත්මිකතා ඇති වේ. රටකජු ආසාත්මිකතාව (Peanut allergy), ලොව පුරා බහුල වශයෙන් දක්නට ලැබෙන ආසාත්මිකතාවයකි. මෙය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 18 ට අඩු කුඩා ළමුන් අතරය. ඇතැම් පුද්ගලයන්ට රටකජු හෝ ඒවා අඩංගු ආහාර ඉතා සුළු ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් පවා මෙම ආසාත්මිකතා ඇති විය හැකිය.
රටකජු සඳහා ආසාත්මිකතා ඇති වීමට හේතුව වන්නේ, යම් පුද්ගලයෙක් රටකජු ආහාරයට ගත් පසු ඔහුගේ ශරීරය විසින් රටකජු යනු හානිකර ද්‍රව්‍යයක් යැයි වැරදි ලෙස වටහා ගැනීමයි. මෙහිදී ප්‍රතිශක්තීකරණ පද්ධතිය අධි ක්‍රියාකාරී වන අතර රටකජු ප්‍රෝටීන / හිස්ටැමීන් (Histamine) වැනි රසායනික ද්‍රව්‍ය රුධිරයට නිදහස් කරයි. මෙම රසායනික ද්‍රව්‍ය සම, ඇස්, නාසය, අන්ත්‍රය, රුධිර වාහිනී, පෙනහළු වැනි විවිධ ඉන්ද්‍රියයන්ගේ පටක මත ක්‍රියා කිරීම හේතුවෙන් රෝග ලක්ෂණ ඇති වේ. රටකජු ආසාත්මික වූ විට,
වමනය
උදර වේදනාව
ආහාර ජීරණය ඇනහිටීම
හුස්ම ගැනීමේ අපහසුතාව
නොනවතින කැස්ස
උගුර හිර වීම සහ කතා කිරීමේ අපහසුතාව
සම නිල් පැහැ වීම
නාඩි දුර්වල වීම
තොල් සහ දිව ඉදිමීම
ඇදුම උග්‍ර වීම
සමේ දද වැනි තත්ත්ව ඇති වීම
කරකැවිල්ල
ව්‍යාකූලත්වය වැනි රෝග ලක්ෂණ ඇති වේ.
ඇතැම් පුද්ගලයන්ට රටකජු ආසාත්මික වීමටත්, තවත් කොටසකට ආසාත්මික නොවීමටත් හේතුව මේ වන තෙක් පැහැදිලි කරගෙන නැත. කෙසේ වෙතත් ඇතැම් අවදානම් සාධක සහිත පුද්ගලයන්ට රටකජු ආසාත්මිකතාව ඇති වීමේ වැඩි අවදානමක් පවතී. එවැනි අවදානම් සාධක කිහිපයකි.
•වයස (Age) - ආහාර ආසාත්මිකතා බහුලවම හටගන්නේ ළදරුවන් සහ අඩු වයස් වල පසුවන දරුවන්ට ය. වයසින් මුහුකුරා යෑමත් සමඟ ආහාර ජීර්ණ පද්ධතිය පරිණත වන අතර ශරීරය ආසාත්මිකතා ඇති කරන ආහාර වලට ප්‍රතිචාර දැක්වීමට ඇති ඉඩකඩ අඩු වේ.
•රටකජු වලට මින් පෙර ඇති වූ ආසාත්මිකතා (Past allergies to peanut) - පෙර අවස්ථා වලදී රටකජු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයන් නැවතත් ඒ සඳහා ගොදුරු වීමට වැඩි ඉඩක් පවතී.
•අනෙකුත් ආසාත්මිකතා (Other allergies) - යම් පුද්ගලයෙකුට වෙනත් ආහාර සඳහා හෝ වෙනත් යම් ආකාරයක ආසාත්මිකතා ඇති වේ නම්, එවැනි පුද්ගලයන්ටද රටකජු ආසාත්මික වීමේ වැඩි අවදානමක් පවතී.
•ආසාත්මිකතා සහිත පවුලේ සාමාජිකයන් (Family members with allergies) - තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට වෙනත් ආකාර වල ආහාර ආසාත්මිකතා පවතී නම්, එවැනි පුද්ගලයන්ටද රටකජු ආසාත්මික වීමේ වැඩි අවදානමක් පවතී.
•Atopic dermatitis වැනි සමේ රෝග - මෙවැනි සමේ රෝග සහිත පුද්ගලයන් තුළද ආහාර ආසාත්මිකතා ඇති වීමේ වැඩි අවදානමක් පවතී.
රටකජු හෝ රටකජු අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් නිපදවූ වෙනත් ආහාර හෝ රටකජු වලට අනපේක්ෂිත ලෙස නිරාවරණය වූ ආහාර ලබාගැනීම මගින් ආසාත්මිකතා සහිත පුද්ගලයන්ට ඉතා ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඊට අමතරව රටකජු පිටි සහ රටකජු තෙල් වැනි ප්‍රභව වලින් නිකුත් වන අංශුමය ද්‍රව්‍ය ආශ්වාස කිරීමෙන් පවා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
ඔබට රටකජු සඳහා ආසාත්මිකතා පවතින්නේ දැයි දැන ගැනීමට ක්‍රම කීපයක් යොදා ගත හැක.මෙම සෑම ක්‍රමයක්ම වෛද්‍ය උපදෙස් මත සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරයි. මෙහි මූලික ක්‍රමය වන්නේ වෛද්‍යවරයෙකු විසින් ඔබට දැනට පවතින රෝග ලක්ෂණ , ආහාර පුරුදු, භාවිත කරන ඖෂධ පිළිබඳ සවිස්තරාත්මකව විමසීමෙන් පසුව ඔබ ආසාත්මිකතා ඇතිවන අයෙකුද නැද්ද යන වග හඳුනා ගැනීමයි. මෙම ක්‍රමය මගින් අනාවරණය කරගත නොහැකි වූ විට Elimination diet ලෙස හඳුන්වන විශේෂ වූ ආහාර රටාවක් නිර්දේශ කරයි. එහිදී රටකජු හෝ ඒවා අඩංගු ආහාර වලින් සතියක් හෝ සති දෙකක් වැළකී සිටීමට උපදෙස් ලබාදෙන අතර පසුව එක් වරක් පමණක් ඒවා ලබාදීම සිදු කරයි.මේ මගින් ආසාත්මිකතා ඇති වන්නේ දැයි දැන ගත හැක. නමුත් මෙම ක්‍රමය රටකජු සඳහා අධිසංවේදීතාවක් ඇති වී දැඩි ප්‍රතිචාර දක්වන පුද්ගලයන් සඳහා අනාරක්ෂිත වනු ඇත. අනෙක් ක්‍රමය වන්නේ රටකජු හෝ ඒවා අන්තර්ගත ආහාර ඉතා සුළු වශයෙන් සම මත තබා රෝග ලක්ෂණ ඇතිවන්නේද නැද්ද යන වග නිරීක්ෂණය කිරීමයි (skin test). එසේම ආසාත්මිකතාවක් ඇතිවූ විට ඊට එරෙහිව නිපදවන ප්‍රතිදේහ (IgE) රුධිර පරීක්ෂාවක් මගින් පරීක්ෂා කර ආසාත්මිකතා ප්‍රභවය හඳුනා ගත හැකිය.
රටකජු ආසාත්මිකතාවයට ප්‍රතිකාරයක් ලෙස Palforzia ලෙස හඳුන්වන Peanut Allergen Powder වර්ගයක් Food and Drug Administration (FDA) මගින් වයස අවුරුදු 4 සිට 17 දක්වා ළමුන් සඳහා මූලික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අනුමත කර ඇත. මෙය ආසාත්මිකතාව සම්පූර්ණයෙන් සුව කරන ප්‍රතිකාරයක් නොවන අතර රටකජු ආසාත්මිකතාවයට අධිසංවේදී වීමෙන් බරපතල තත්වයන් ඇති වීමේ අවධානම අඩු කරයි. ආසාත්මිකතාව සහිත පුද්ගලයන්ට මෙම ඖෂධ දිනපතා ලබා ගැනීම නිර්දේශ කර ඇති අතර පළමු මාත්‍රාව හා ඉන් පසුව වැඩි කරනු ලබන සෑම මාත්‍රාවක්ම වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුය.
මීට අමතරව හදිසි භාවිතය සඳහා ඕනෑම ආහාර ආසාත්මිකතාවයකදී භාවිත කල හැකි epinephrine වුවද මෙහිදී භාවිතා කළ හැක. බටහිර රටවල රටකජු සුලභව භාවිත කරන නිසා ඒවාට නිරාවරණය වී ආසාත්මිකතා ඇති වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. එම නිසා epinephrine auto-injector නමින් හඳුන්වන එන්නත සෑම විටම ළඟ තබා ගන්නා ලෙස ආසත්මිකතා සහිත පුද්ගලයන්ට උපදෙස් ලබා දී ඇත.
රටකජු ආසාත්මිකතාවක් සහිත පවුල් පසුබිමක් ඇති දරුවෙකුට රටකජු අඩංගු ආහාර ලබා දිය යුත්තේ වෛද්‍ය උපදෙස් මතයි. එසේම 2017 වසරේ දී The American Academy of Pediatrics (AAP) මගින් නිර්දේශිත මාර්ගෝපදේශ වලින් පෙන්වා දෙන්නේ රටකජු ආසාත්මිකතා වලට වැඩි අවධානමක් සහිත දරුවන්ට රටකජු අඩංගු ආහාර මුල් අවධියේ පටන්ම (මාස 4-6) හඳුන්වා දී ආසාත්මිකතා ඇතිවනවා දැයි සැකහැර දැන ගත යුතු බවයි.
මෙම ආසාත්මිකතාවයෙන් වැළකී සිටීමට නම් මූලික වශයෙන්ම ආසාත්මිකතා සහිත පුද්ගලයන් රටකජු හෝ ඒවා අන්තර්ගත ආහාර වලින් වැළකී සිටිය යුතුයි. ආහාර මිල දී ගැනීමේ දී ආහාර ඇසුරුම් වල අඩංගු ලේබලය හොඳින් කියවා රටකජු අන්තර්ගත වී ඇත් දැයි බැලීම කළ යුතුම වේ. එමනිසා රටකජු ආහාරයට ගැනීමට පෙර ඔබට රටකජුු ආසාත්මික වේ දැයි සැකහැර දැනගෙන සිටිය යුතුයි.
එමෙන්ම රටකජු ඇතැම් පිරිස් සඳහා ආසාත්මිකතා ඇති කළ ද එය පෝෂණ ගුණයෙන් අනූන, මිනිසාට, මිනිස් සිරුරට බොහෝ වාසි සලසන ඉතා රසවත් රනිල බෝගයකි. එම තොරතුරු ඉදිරියේ දී තවත් මෙවැනි ලිපියකින් ඔබ වෙත ගෙන එන්නෙමු.
Peanut Allergy
Peanut is a favorite food snack of many people around the world. It is taxonomically classified as _Arachis_hypogaea_ and widely grown in the tropical and subtropical areas. Although it has a specific taste, that taste and nutritional profile is quite similar to “tree nuts” such as almond and walnut. It contains high oil and protein content. At present there are various products in the market that are made using peanuts. Fried dry peanuts, boiled peanuts, Peanut oil, Peanut butter, Peanut flour and Peanut protein are the major products of peanut.
However, some people experience allergic reactions after eating peanut. Peanut allergy is one of the major food allergies in the world. It is most commonly seen in children under age 18. For some people with peanut allergy, even a very little amount of peanuts can cause a serious reaction that can even be life threatening.
The reason for the peanut allergy is, that the immune system of a person mistakenly identifies peanut proteins as something harmful, after eating peanuts. In that case the immune system overreacts and releases some chemicals such as peanut proteins including histamine into blood. Since that chemicals affect on different tissues in the body like skin, eyes, nose, intestinal tract, blood vessels and lungs, different symptoms occur.
When peanuts are allergic,
Vomiting
Stomach cramps
Indigestion
Shortness of breath and difficulties in breathing
Repetitive cough
Tightness in throat
Blue coloring of the skin
Weak pulse
Swelling of lips and tongue
Wheezing
Diarrhea
Skin reactions such as hives
Dizziness
Confusion like symptoms occur.
It is not clear why some people develop allergies while others don’t. However, people with certain risk factors have a greater chance of developing peanut allergy. Those peanut allergy risk factors are age, past allergies to peanut, other allergies, family members with allergies, skin diseases like atopic dermatitis.
•Age – food allergies are most common in children, especially in toddlers and infants. As you grow older, your digestive system matures, and the body is less likely to react to food that triggers allergies.
•Past allergies to peanut – some children with peanut allergy outgrow it. However even if you seem to have outgrown peanut allergy, it may recur.
•Other allergies – if you are already allergic to one food, you may be at increased risk of becoming allergic to another. Likewise, having another type of allergy, increases your risk of having a peanut allergy.
•Family members with allergies – you are at increased risk of peanut allergy if other allergies, especially other types of food allergies, are common in your family.
•Skin diseases like Atopic dermatitis – some people with the skin condition atopic dermatitis (eczema) also have a possibility of getting food allergies.
The peanut allergic reaction may occur by having peanuts or peanut containing foods or foods that have exposed to peanuts unintentionally. Even, the inhalation of dust or aerosol containing peanut, coming from the sources like peanut flour and peanut oil may develop the symptoms.
Do you want to know whether you are allergic to peanuts??
Various ways have been introduced to identify the peanut allergy under specialists' instructions. Primarily, the doctor asks about the eating habits, some signs or symptoms and medication to get an idea. When the doctor is unable to detect through this method, a special diet plan called 'Elimination Diet' is recommended. In this diet, you're asked to eliminate peanut and peanut containing foods for a week or two, and then add the peanut into your diet one at a time. Though this method is applicable for identification, it may be unsafe for people who have severe allergic reactions. The other method is placing a small amount of peanut or peanut containing foods on your skin. If you have an allergy for peanuts, the signs or symptoms may occur just after touching them. This method is called as 'skin test'. Blood test can also be used to identify the source of allergy by detecting the antibodies in blood serum when you have had an allergic reaction.
Palforzia is a peanut allergen powder approved by Food and Drug Administration (FDA) as the first treatment for the children ages 4 to 17 with peanut allergy. Although this does not cure the peanut allergy, it may reduce the high risk of severe reactions. This treatment is recommended for the daily intake and the first dose and each and every increasing dose should be taken under specialists' instruction.
In emergency cases 'epinephrine' which can be used for any food allergy to respond quickly, is recommended for peanut allergy too. In western countries, peanut is a common food. Therefore, people have a higher chance of exposure to allergic reaction. Therefore, such people are instructed to keep epinephrine auto-injector always with them to use at emergency situations.
Children who have family history with peanut allergy, should be introduced peanut containing foods under medical consultations. According to the approved guidelines by The American Academy of Pediatrics (AAP) in 2017, the infants who have higher risk for peanut allergy should be introduced peanut and peanut containing foods early in life (4 - 6 months). The primary prevention method of peanut allergy is avoiding peanut and peanut containing foods by people who have peanut allergy. Therefore, they must always read the packaging label before buying any food item to check whether the peanuts are added. Therefore, you have to be aware whether you are allergic or not to peanut, before eating.
Though peanuts are allergic to some people, it is a legume rich in nutrients, and it gives a lot of benefits to human. Beneficial effects of peanuts will be adressed in our upcoming articles.
Written and translated by – Chethya Rajakaruna and Hansani Perera
References -
1.Risk factors and causes for peanut allergy (online) available at www.mayoclinic.org
2.Symptoms of peanut allergy (online) available at www.acaai.org
3.What is peanut allergy and causes of peanut allergy (online) available at www.uofmhealth.org
4.Peanut allergy (online) available at www.healthline.com
5.How avoid peanut allergy (online) available at www.foodallergy.org
Article 03- ආහාර ඇසුරුම් ලේබලය ඔබත් කියවනවාද? (Part 02) "Do you read the food packaging label? - Part 02"
පෝෂණ කරුණු ලේබලය එනම් "nutrients facts label" යනු කළු සහ තද අකුරු වලින් සුදු පැහැති පසුබිමක ලියා ඇති සාමාන්‍යයෙන් ආහාර පැකේජයේ පිටුපසින් දක්නට ලැබෙන ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ මොනවාදැයි දැන ගැනීමට ඔබට උපකාරී වන හා එමඟින් ඔබට පරිභෝජනය කළ යුතු දේ සහ ඔබ අතහැර දැමිය යුතු හෝ මධ්‍යස්ථව ලබා ගත යුතු පෝෂ්‍ය පදාර්ථ පිලිබද අදහසක් ලබා දෙන විශේෂිත මෙන්ම අහාර ඇසුරුම් ලේබලයක අඩංගු විය යුතුම අනිවාර්ය අංගයකි. විවිධ වෙළඳ නාම වලින් ඇති වෙනත් ආහාර හා සංසන්දනය කිරීමට ද එය උපකාරී වන අතර ඔබ ආහාරයට ගැනීමට යන ආහාරයේ සෞඛ්‍ය සම්පන්නභාවය පිළිබඳව අවබෝධයක් ද ලබා දෙයි.
පෝෂණ කරුණු හා සම්බන්ධ වන පළමු වැදගත් කරුණ නම් පැකේජයේ ඇති serving size (serving unit) නැතහොත් එක් සේවාවක් සඳහා වන ආහාර ප්‍රමාණය යි. සාමාන්‍යයෙන් වරකට අනුභව කල යුතු ආහාර ප්‍රමාණය මෙයයි. මෙම ප්‍රමාණය මූලික ගෘහස්ථ මිනුමක් ආශ්‍රයෙන් දක්වා ඇත. ඒ අනුව ඒවා කෝප්ප හෝ කොටස්(cups or pieces ) වැනි මැනිය හැකි පොදු ඒකකවලින් මෙන්ම සාමාන්‍ය ග්‍රෑම්(g) වැනි ඒකක වලින් ද සපයනු ලැබේ. එක් වරකට ලබා ගත යුතු කැලරි ප්‍රමාණය හා අනෙකුත් පෝෂක ප්‍රමාණය පිළිබඳව මෙයින් ඔබට අදහසක් ලබා ගත හැකිය. උදා :- පැකේජයේ වරකට අනුභව කල යුතු අල චිප්ස් ප්‍රමාණය 7 ක් ලෙස සදහන් ව තිබියදී ඔබ අල චිප්ස් 14ක් පමණ වරකට අනුභව කරන්නෙ නම් වරකට ඔබට ලැබිය යුතු කැලරි හා පෝශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් ලැබේ.
පෝෂ්‍ය පදාර්ථ ලේබලයේ ඇති දෙවැනි වැදගත් කරුණ වන්නේ, දෛනික අගය (DV value) එනම් එක් සේවා ප්‍රමාණයකදී (in a serving size) කොපමණ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් පරිභෝජනයට ලැබෙනවාද යන්න සඳහන් ව ඇති ප්‍රතිශත තීරුවයි. මෙම දෛනික අගයන් (DV values) දෛනිකව ගනු ලබන කැලරි 2,000 ක ආහාර ප්‍රමාණයක් මත පදනම් ව ගොඩ නගා ඇත. එනම් ඔබ දිනකට කැලරි 2,000 කට වඩා අඩු හෝ වැඩි ආහාර ප්‍රමාණයක් අනුභව කරන්නේ නම් ඔබට අනුව මෙම දෛනික අගයන් නැතහොත් present dv values වෙනස් වේ.
එසේම ඔබ සමහර විට නිෂ්පාදිත ආහාරයක ලේබලයේ "අඩු මේද" (low fat), "තන්තු අධික" (high fiber) හෝ "සීනි රහිත" (sugar free), ආදී ලෙස ආහාරයේ පෝෂ්‍ය පදාර්ථ පිලිබඳව හුවා දැක්වෙන කරුණු දැක ඇත. එය නිෂ්පාදිත ආහාරයේ පෝෂ්‍ය ප්‍රමාණය දක්වන ප්‍රකාශයකි. එමගින් පාරිභෝගිකයාට ආහාරයේ පෝෂ්‍ය පදාර්ථ පිලිබඳ සෘජු අදහසක් ලබා ගත හැකිය .
"මෙය ජානමය වශයෙන් වැඩි දියුණු කල ආහාරයකි." මෙවැනි පාඨයක් ඔබ වෙළෙඳ පොලෙන් මිලදී ගන්නා සමහර ආහාර වල ඇසුරුමේ මුද්‍රිත ව තිබෙනවා දැක ඇතුවාට සැක නැත.
කිසියම් ආහාරයක් ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන්ගෙන් (GMOs) හෝ ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන් මඟින් නිපදවන අමුද්‍රව්‍ය යොදගෙන නිපදවන ලද්දක් නම් ඉහත සඳහන් ආකාරයට හෝ ඒ පිලිබඳව පැහැදිලි සදහනක් ලේබලයේ මුද්‍රිත ව තිබිය යුතුය. නමුත් ජාන තාක්‍ෂණයෙන් නිපදවන ලද ආහාර (උදා: GM එන්සයිම යොදාගෙන නිපදවන චීස්) සහ ජානමය විකරණයට ලක් කරන ලද සත්ත්ව ආහාර මත පෝෂණය වන සතුන්ගෙන් මස්, කිරි සහ බිත්තර වැනි නිෂ්පාදන එසේ ලේබල් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.
ඔබටත් කිසියම් දිනක ආහාර ආසාත්මිකතාවයක් ඇති වී තිබේද? එසේ නම් ඔබ ඔබට ආසාත්මිකතා ඇති කරන ඒ ආහාර ද්‍රව්‍ය පිළිබඳ දැනටමත් දන්නවා ඇත. එසේනම් ඔබත් ආහාරයක් මිලදී ගැනීමට පෙර එහි ඇසුරුම් ලේබලය හොදින් කියවන අයෙකුද විය යුතුමය. එමෙන්ම ආහාර ආසාත්මිකතා සහිත පුද්ගලයින්ගේ දැනුවත්භාවය අත්‍යාවශ්‍ය අංගයක් සේ සලකමින්, ආසාත්මිකතාවක් ඇති කිරීමට සමත් අමුද්‍රව්‍යක් වේ නම් එය කෙටි සටහනකින් පැහැදිලිව පෙනෙන සේ ලේබලයේ මුද්‍රණය කිරීම සිදු කල යුතුය.
බොහෝ ලේබල වල, ආහාර පිළියෙළ කර පිසින ආකාරය සහ ආහාර ගබඩා කර තැබිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී ඇත. ආහාර රත් කළ යුතු නම්, උඳුනේ උෂ්ණත්වය සහ පිසීමේ කාලය සාමාන්‍යයෙන් සඳහන් කර ඇත. එසේම ගබඩා කල යුතු නම් ගබඩා කර තැබිය යුතු උෂ්ණත්වය, ස්ථානය ආදිය පිලිබඳවද පැහැදිලි සටහනක් ලේබලයේ දක්නට හැකිය.
Batch number (batch code) එසේ නොමැති නම් කාණ්ඩ අංකය, මෙය ලේබල් කිරීමේ රෙගුලාසි වල කොටසක් නොවන නමුත් එක්සත් රාජධානියේ නීතිය යටතේ අවශ්‍ය වේ. කණ්ඩායම් අංකය(batch code ) යනු නිෂ්පාදකයා හෝ ඇසුරුම් කරන්නන් විසින් හෝ යොදනු ලබන අංකයක් හෝ සලකුණකි. එය නිශ්පාදිතය සම්බන්ධයෙන් කිසියම් අහිතකර සිදුවීමක් සිදුවුවහොත් නිෂ්පාදකයා හට එම නිෂ්පාදිතය පිලිබඳ සියලු තොරතුරු සොයා ගැනීමට වැදගත් වන අතර, අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද වැදගත් වන කේතයකි.
ඉහත කී කරුණු සියල්ල අඩු හෝ වැඩි වශයෙන් ලේබලයක අඩංගු වුවත් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක ජීවත් වන මම ඔබ ඇතුලු සියලු දෙනා නිෂ්පාදිතයක් අතට ගත් සැනින් එහි වූ ලේබලයේ සෑම තැනක්ම පිරික්සමින් බලන මූලිකම දේ.. කුමක්ද ? එය නම් නිෂ්පාදිතයේ මිල නැතහොත් උපරිම සිල්ලර මිල හෝ තොග මිල වේ. මෙම මිල ගණන් සඳහන් කිරීම නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ ඒ නිසාවෙනි. එය පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන අයුරින් සාධාරණ අගයකින් යුක්ත වන ලෙස සදහන් කල යුතුය .
නූතන තරඟකාරී වෙළඳපොළ තුළ අද වන විට ආහාර වුවද අසුරා ඇත්තේ ආකර්ෂණීය අන්දමින් වූ විවිධ බහාලුම් හා අසුරන තුලය. එම නිසා පාරිභෝගිකයාගේ වගකීම වන්නේ නිෂ්පාදිත මිලට ගැනීමේදී ඇසුරුමේ බාහිර ආකර්ශණයට නොරැවටී ඉහත සඳහන් කරන ලද නිර්දේශයන්ට අනුකූලව නිර්මිත ආහාර ලේබල හොදින් කියවා නිශ්පාදිත ආහාරයේ අන්තර්ගතය පිලිබඳ මනා අවබෝධයක් සහිතව ආහාර මිලදී ගැනීමයි.
Do you read the food packaging label? (part 02)
The nutrients fact label is written in black, bold letters on a white background and is usually found in the back of the food package. By reading that you get to know the nutrients in a particular food, and thereby you can decide what to consume, what to avoid and what to take moderately. It also helps to compare with other foods from different brands and gives you an understanding about the health benefits of the food that you are going to consume. The first important factor when it comes to nutrition is the serving size (serving unit) in the package or the amount of food per serving. This is usually the amount of food that should be eaten at a time. This quantity is given in basic household measures. Accordingly, it is given in cups or pieces, as well as units such as average gram (g). It will give you an idea about the number of calories you need to get at one time and the amount of other nutrients. For example, if the package states that 7 potato chips per serving, then if you eat about 14 potato chips at a time, you will get twice the number of calories and nutrients as you need at a time.
The second important factor on a nutrient label is the percentage of the daily value (DV value), which is the percentage of nutrients in a serving size. These DV values are based on a daily intake of 2000 calories. That is, if you eat less than 2000 calories a day, these daily or present DV values vary according to you. You may also have noticed that the labels in food have statements like “low fat”, “high fiber” or “sugar free”. It gives the consumer a direct idea of the nutrients in the food.
"Genetically modified", no doubt you have seen a text like this on the packaging of some foods you buy from the market. If any food product is made using genetically modified organisms or from the ingredients produced by genetically modified organisms, it should be notified in the label clearly. However, it is not necessary to label meat, milk and eggs obtained from animals who feed on genetically engineered feed (eg- cheese made using GM enzymes).
Have you ever had a food allergy? If so, you already know about the foods that cause you allergies. Therefore, you should read the food packaging label carefully before buying a food. If the food contains an ingredient that can cause allergy, it should be printed on the label clearly. Many labels offer instructions on how to prepare and cook food and how to store food. If food needs to be heated, the oven temperature and the cooking time are usually indicated. Storage temperature and place also should be clearly noted in the food label.
Batch number (batch code) is not a part of the labeling regulations but is required by UK law. A batch code is a number or a mark used by manufacturer or packager. It is important for the manufacturer to find out all the information about the product in case of any adverse event regarding the product, and also to take legal actions if necessary.
All of the above information is more or less included in the label, but still people mostly look for the price of the product or the maximum retail price or the wholesale price when they pick up a food product. That is why quoting the price is an essential part for the manufacturer as well as for the consumer. The price on the food label should be clearly visible to the customer. In modern competitive market, food is packaged in different attractive containers and packaging. So, the customer should not get fooled by the packaging and should choose food products wisely by reading the food label.
Written by - Paba Nawanjana
Translated by - Praveeei Manodya
References:
https://www.nia.nih.gov/health/reading-food-labels
https://foodwatch.com.au/.../10-things-that-must-be-on-a...
https://kidshealth.org/en/teens/food-labels.html
https://www.webmd.com/.../features/how-to-read-food-labels
https://www.linkedin.com/.../manufacturing-date-required...
https://www.nutrition.org.uk/.../foodfacts/labelling.html...
https://familydoctor-org.cdn.ampproject.org/.../amp/...
https://esha.com/.../food-product-labeling-and-packaging.../
Article 02- ආහාර ඇසුරුම් ලේබලය ඔබත් කියවනවාද? (Part 01) "Do you read the food packaging label? - Part 01"
සුවයට පත් වන්න එසේ නැති නම් සුවයෙන් සිටින්නට නම් හොඳ සෞඛ්යවත් පුරුදු අනුගමනය කල යුතුය . විශේෂයෙන්ම සෞඛ්යවත් සමබල ආහාර රටාවක් අනුගමනය කල යුතුමය. එතැනදී මතුවෙන වැදගත් ම දේ නම්, කෙසේද සෞඛ්යවත් ආහාර ලබාගන්නේ? කෙසේද ඒ ඒ ආහාරය සෞඛ්යවත්ද නැත්ද යන්න තෝරා බේරා ගන්නෙ? යන්නයි. එයට ඇති පහසුම හා ප්රායෝගිකම දේ වන්නෙ ආහාර ඇසුරුම් ලේබලය කියවීමයි. ආහාර ඇසුරුම් ලේබලයක් යනු බහාලුමේ අඩංගු නිෂ්පාදිත ආහාරය පිලිබද තොරතුරු ඇතුලත් කඩදාසි, රෙදි, ලෝහ හෝ ආහාර පැකේජයට සවි කර ඇති වෙනත් ද්රව්යයක් හෝ විය හැකිය. එසේම එය සෘජුවම පැකේජයේ හෝ බහාලුම්වල මුද්රණය කළ හැකිය.
නීති ප්රකාරව වෙළඳපොලේ ඇසුරුම් කරන ලද සියලු ආහාර සදහා නිෂ්පාදිතය පිලිබද අවශ්‍ය තොරතුරු පෙන්වන ලේබලයක් තිබීම අනිවාර්ය විය යුතුය. නමුත් ආහාරයක් ලේබල් කිරීම එයටම අනන්‍ය වූ ක්රියා පටිපාටියක් මත සිදු වන්නක් බව ඔබ දන්නවාද? ආහාර ලේබල් කිරීම සම්බන්ධව අවශ්‍ය තොරතුරු සියල්ල 1980 අංක 26 දරන ආහාර පනතේ 32 වගන්තිය යටතේ ප්රකාශයට පත් කර ඇත. ඒ අනුව කිසිම පුද්ගලයකු විසින් ඇසුරුමක හෝ බහාලුමක අඩංගු කුමන ආහාරයක් හෝ ලේබල් කර නොමැති නම් එය විකිණීම, විකිණීමට ඉදිරිපත් කිරීම, විකිණීම සඳහා ප්රදර්ශනය කිරීම හෝ විකිණීම සඳහා තබා ගැනීම, විකිණීම සඳහා ප්රවාහනය කිරීම හෝ විකිණීම සඳහා ප්රචාරය කිරීම සිදු නොකළ යුතුය. එවන් වූ නීති ප්රකාරව සිදු කරන ආහාර ලේබල් කිරීම හුදෙක්ම නිෂ්පාදකයාගේ වෙළඳ ප්රචාරක කටයුතු සඳහා පමණක් නොව, පාරිභෝගිකයාට උචිත පරිදි සෞඛ්යාරක්ෂිත ආහාර මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවැරැදි තීරණ ගැනීමට ත්, මිලදී ගන්නා ආහාර සෞඛ්යාරක්ෂිතව ගබඩා කිරීමට ත්, ඒවා සෞඛ්යාරක්ෂිතව ආහාරයට ගැනීම සම්බන්ධයෙනුත් වැදගත් වේ .
එතරම් කුඩා ලේබලයකින් මෙතරම් කරුණු දැන ගන්න පුලුවන් ද??
ඔව්, දැනගන්න පුලුවන්. නමුත් 2005 වර්ශයේදී ඕස්ට්රේලියාවේ ප්රකට ව්යාපාර ආයතනයක් වන ඒ.ජේ. නීල්සන් සහ සමාගම විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ පාරිභෝගිකයින්ගෙන් අඩකටත් වඩා වැඩි ප්රමාණයක් ආහාර ඇසුරුම් ලේබල් තේරුම් ගෙන ඇත්තේ “අර්ධ වශයෙන්” පමණක් වන බවත් එනමුත් එම සෑම 10 දෙනෙකුගෙන් දෙදෙනෙක්ම සම්පූර්ණයෙන්ම ඒවා කියවන බවත් ය. එම නිසා ආහාර ඇසුරුම් ලේබලයේ අඩංගු දෑ පිලිබඳ ව මුලින්ම අප නිසියාකාරව දැනුවත් විය යුතුය. සාමාන්යයෙන් එදිනෙදා ජීවීතයේදී බොහොමයක් දෙනා පැකට් කල ආහාරයක් මිලට ගැනීමට යාමේදී එය අතට ගත් සැනින් බලන්නේ මොනවාද?
ආහාරයේ නම?
මොකක්ද එහි වෙලද නාමය?
එය පිලිගත් නිතර දෙවේලේ අසන්නට ලැබෙන ආයතනයක් මගින් නිශ්පාදිත හෝ බෙදා හරින ලද්දක්ද?
එහි මිලට සරිලන ප්රමාණයේ අන්තර්ගතයක් එහි ඇතුලත් ද?
-යන්නයි. ආහාර ලේබලයක අඩංගු විය යුතු ප්රධානතම කරුණු අතරින් අනිවාර්යයෙන් සඳහන් වන්නේද ඒවායි. ඇත්ත වශයෙන් ම ඒ කරුණු සියල්ලක්ම ආහාරයේ ඇසුරුම් ලේබලය කියවීමෙන් දැන ගත හැකි බව ඔබ දැනටමත් දන්නා සාමාන්‍ය කරුණකි.
ඒවා නම්,
පොදු නාමය (Common Name) - මෙය ඕනෑම භාෂා දෙකකින් පැහැදිලිව හා ප්රකටව පෙනෙන පරිදිව ඝන අක්ෂර වලින් මුද්රිතව තිබිය යුතුය. එනම් පොදු නාමයේ අක්ෂර වල ප්රමාණය වෙළෙඳනාමයේ අක්ෂරවල ප්රමාණයෙන් තුනෙන් එකකට වඩා නොඅඩුව මුද්රණය කල යුතුය. පොදු නාමය මගින් පාරිභෝගිකයාට තමන් මිලදී ගන්නා ආහාරය කුමක්ද යන්න පිලිබඳව නිවැරැදි අදහසක් ලබා ගත හැකිය. උදා:- අන්නාසි වලින් සකසන ලද ජෑම් නිශ්පාදනයක් නම් එහි පොදු නාමය ලෙස "අන්නාසි ජෑම්" යන්න සඳහන් විය යුතුය.
නිෂ්පාදනයේ වෙළඳ නාමය (Brand Name) - වෙළෙඳ නාමය නිශ්පාදිතය සඳහාම අනන්‍ය වූවකි. මෙය අලෙවිකරණය අරමුණු කරගෙන යොදන්නකි. භාෂා එකකින් හෝ කිහිපයකින් පැහැදිලිව සටහන් කර තැබිය යුතුය. එසේම එය පාරිභෝගිකයා නොමඟ යන අන්දමේ එකක් නොවිය යුතුය.
ශුද්ධ අන්තර්ගතය (Net Volume) -ජාත්යන්තරව පිළිගත් සංකේත වලින් දැක්වෙන අතර ඝන ආහාරයක් නම් g හෝ Kg වලින්ද, දියරමය ආහාරයක් නම් L හෝ ml වලින්ද, දියරමය මාධ්යයේ ගබඩා කල ඝන ආහාරයක නම්, දියරයේ බර රහිතව ඝන ද්රව්යයේ පමණක් බර g හෝ Kg වලින්ද දැක්වේ. එමගින් අදහස් වන්නේ නිශ්පාදනයේ පැකේජයේ බර නොමැතිව ආහාරයේ පමණක් නියම බර හෝ නියම පරිමාවයි.
නිශ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය - නිශ්පාදිත දිනය(manufactured date) යනු අහාරය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කර අවසන් කල දිනයයි. එනම් ආහාරය එහි නිෂ්පාදිතය බවට පත් වූ දිනයයි. එය සඳහන් කිරීම නිෂ්පාදනයේ සෞඛ්යාරක්ෂිත බවට බලපෑමක් නොමැති අතර ෆෙඩරල් රෙගුලාසි වලට අනුව අවශ්‍ය ද නොවේ (වයස මාස 12 ට අඩු ළමුන් සදහා වූ නිශ්පාදිත අහාර වලට හැර). ඒවා නිෂ්පාදකයින් විසින් ස්වේච්ඡාවෙන් එක් කරනු ලැබේ. එසේ කිරීම නීතී ප්රාකාරව අනිවාර්ය අංගයක් නොවුවද අපනයනය කරන හෝ නැවත ඇසුරුම් කරන ආහාර හෝ ගෙන්වා බෙදා හරින ආහාර සඳහා එය යෙදීමෙන් ආහාරයේ ගුණාත්මකභාවය පිලිබඳ යම් අදහසක් ලබා ගත හැක.
කල් ඉකුත්වීමේ දිනය (expiry date)- බොහෝ ආහාර වර්ග වල එම කාලය "best before date" හෝ "use by date" ලෙස සලකුණකින් සලකුණු කර ඇත. එමගින් නිෂ්පාදනයක් මිල දී ගත් පසු සහ / හෝ විවෘත කළ පසු එය කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න පැහැදිලි වේ. "Use by date" ලෙස සදහන් කර ඇත්නම් එම ආහාර වල රසය වෙනස් වී නොතිබුණද එම දිනයෙන් පසු ඒවා ආහාරයට ගැනීම සෞඛ්යාරක්ෂිත නොවේ. සාමාන්යයෙන් කිරි වර්ග, මස් හා මාලු හෝ ඒ ආශ්රිත නිෂ්පාදනයන්හි මෙලෙස කල් ඉකුත්වීමේ දිනය සඳහන් කරයි. සමහර ආහාර වල "best before date" යන්න සදහන් කර ඇති බව ඔබ දැක ඇත. එමගින් අදහස් වන්නේ එම නිෂ්පාදනයේ රසය, වර්ණය වයනය උපරිම අයුරින් භුක්ති විදීමට නම් එම සඳහන් කර ඇති දිනට පෙර ඒවා භුක්ති විදිය යුතු බවයි.
මෙම කරුණු වලට අමතරව නිෂ්පාදිත ආයතනයෙ හෝ බෙදා හරින ලද හෝ ඇසුරුම් කරන ලද ආයතනයේ ලිපිනය සඳහන් ව තිබිය යුතුය. නිෂ්පාදිතය ආනයනික එකක් වේ නම් නිපදවූ රටෙහි නම ද සඳහන් කිරීම අනිවාර්ය වේ.
අමුද්‍රව්‍ය ලැයිස්තුව (ingredient list) -ආහාර නිෂ්පාදනයේදී යොදාගන්නා එක් එක් අමුද්‍රව්‍ය එහි පොදු හෝ සුපුරුදු නාමයෙන් මෙහිදී ඔබට පෙන්වයි. එහි අමුද්‍රව්‍ය බර අනුව අනුපිළිවෙලින් ලැයිස්තුගත කර ඇති බව ඔබ දැන සිටියාද? එනම්, වඩාත්ම බරින් යුතු අමුද්රව්යය පළමුව ලැයිස්තුගත කර ඇති අතර අවම බරින් යුතු අමුද්රව්යය අවසාන වශයෙන් ලැයිස්තුගත කර ඇත.
Do you read the food packaging label?
To be healthy or to stay healthy you need to follow good health habits. Especially a healthy balanced diet should be followed. The most important thing that comes up there is, how do you get healthy food? How do you choose if your food is healthy or not? The easiest and the most practical thing to do for that is to read the food packaging label. A food packaging label can be paper, cloth, metal, or any other material attached to a food package that contains information about the food that is there in the container. It can also be printed directly on the package or on the container.
By law, all food packaged in the market must have a label that shows the required information about the product. But did you know that labeling a food is based on a process that is unique to it? All necessary information regarding food labelling has been published under Section 32 of the Food Act No. 26 of 1980. Accordingly, if any person does not label any food contained in a package or container, it shall not be sold, offered for sale, displayed for sale or kept for sale, transported for sale or advertised for sale. Such legal food labeling is important not only for the manufacturer’s advertising, but also for the consumer to make the right decisions regarding the purchase of healthy food, to store the food purchased hygienically, and to eat it in a hygienic manner.
Is it possible to know so much from such a small label?
Yes, you can know. But, according to a survey done in 2005, by A.J. Nielsen, a well-known business firm in Australia, it was found that more than half of the consumers understand food packaging labels only “partially”, but 2 out of 10 read the labels completely. Therefore, we must first be properly aware of the contents of the food packaging label. In everyday life, what do most people look when they go shopping for a packaged food? The name of the food? What is its brand? Is it manufactured by a reputed company? Does it contain a content that is reasonable for the price? Those are actually the essential facts that must be there in food labels. All those facts can be known by reading the food label properly.
Some information you can get from food labels are given below.
Common name – This should be in bold, clearly visible letters and given in any two languages. The size of the letters in the common name should be printed no less than one-third the size of the letters in the brand name. The common name gives the consumer an accurate idea of what food they are buying.
Brand name – The brand is unique to the product itself. This is used as a marketing tactic. It should be clearly marked in one or more languages. Also, it should not mislead the consumers.
Net volume – Given by internationally recognized symbols. It should be given for a solid food in g or Kg, for a liquid food in ml or L, for a solid food stored in a liquid media the amount of only the solid food must be given in g or Kg. This gives the actual weight or exact volume of the food without the weight of the product package.
Date of manufacture – The manufactured date is the date on which the food is fully produced and finished. Mentioning it is not required by federal regulations (except for foods made for children under 12 months of age). They are added voluntarily by the manufacturers. But including it to food that is being exported or repackaged or imported can give consumers an idea about the quality of the food.
Expiry date – In most food it is marked as “best before date” or “use by date”. It explains how long a product will last once purchased/ or opened. If “use by date” is given, it is not safe to eat food after that date even if there is no change in the product. Usually the expiration date is stated on dairy products, meat and fish or related products. You may have noticed that some foods mention the "best before date". This means that in order to fully enjoy the taste, color, and texture of the product, you must consume it before the specified date.
In addition to these, the address of the manufacturing company or the distributing or packaging company should be mentioned. If the product is an imported one, the name of the country of manufacture must also be mentioned.
Ingredient list – The common name or the familiar name of each ingredient used in the product is mentioned in the ingredient list. Did you know that ingredients are listed in order by weight. The heaviest ingredient is listed first and the lightest ingredient is listed last.
Written by - Paba Nawanjana
Translated by - Praveeni Manodya
References
https://www.nia.nih.gov/health/reading-food-labels
https://foodwatch.com.au/.../10-things-that-must-be-on-a...
https://kidshealth.org/en/teens/food-labels.html
https://www.webmd.com/.../features/how-to-read-food-labels
https://www.linkedin.com/.../manufacturing-date-required...
https://www.nutrition.org.uk/.../foodfacts/labelling.html...
https://familydoctor-org.cdn.ampproject.org/.../amp/...
https://esha.com/.../food-product-labeling-and-packaging.../
Article 01- ඔබ මිලදී ගන්නෙත් පිරිසිදු පොල්තල්ද? "Do you buy pure coconut oil"
පොල්තෙල් බොහෝ නිවර්තන කලාපීය රටවල භාවිතා කෙරෙන ශාකමය තෙල් වර්ගයකි. Cocos nucifera යන විද්යාත්මක නාමයෙන් හඳුන්වන පොල් ගසෙන් ලබා ගන්නා නැවුම් පොල් මාංස (fresh coconut meat) හෝ කොප්පරා නමින් හඳුන්වන වියලන ලද පොල් මාංස යොදාගෙන පොල්තෙල් නිෂ්පාදනය කරනු ලැබේ. නැවුම් පොල් මාංසවලින් virgin coconut oil නිපදවන අතර කොප්පරා මඟින් පිරිපහදු කල පොල්තෙල් නිෂ්පාදනය කරයි.
මෙම ලිපිය මගින් ගෙනහැර දක්වන්නේ පොල් තෙල් නිෂ්පාදන ක්රියාවලිය, පොල් තෙල්වල අන්තර්ගතය ,පොල්තෙල් අපමිශ්ර (adulteration) වන ආකාරය පිළිබඳව සහ අපමිශ්ර වූ පොල්තෙල් නිවසේදීම හඳුනාගන්නා ආකාරය පිළිබඳවයි.
පොල් තෙල් නිෂ්පාදන ක්රියාවලිය
virgin coconut oil නිෂ්පාදනයේ දී වියලි ක්රමය (dry method) සහ තෙත් ක්රමය (wet method) ලෙස නිෂ්පාදන ක්රියාවලි දෙකක් භාවිතා කරයි. වියළි ක්රමයේදී, මනා ලෙස පැසුණු පොල් ගෙඩියකින් ලබාගන්නා නැවුම් පොල් මාංස කුඩා තාප ප්රමාණයක් යොදාගෙන ඉක්මනින් වියළා පසුව යන්ත්රයක් භාවිතයෙන් තෙල් ඉවත් කරගනු ලැබේ. තෙත් ක්රමයේදී යන්ත්ර භාවිතා කර පීඩනයක් ලබා දී නැවුම් පොල් මාංස වලින් පොල් කිරි සහ තෙල් ලබා ගනී. පසුව එන්සයිම මඟින්, පැසීමේ ක්රියාවලියක් මඟින් හෝ කේන්ද්රාපසාරී යන්ත්ර භාවිතා කර පොල් කිරි සහ තෙල් වෙන්කර ගනු ලැබේ. මෙලෙස ලබාගන්නා පොල් තෙල් වල smoke point අගය ෆැරන්හයිට් අංශක 350 ක් පමණ වන අතර තෙල් ස්වල්පයක් යොදා ආහාර බැදීම සිදු කරන අවස්ථාවේදී ද ( sauteing) ආහාර පුළුස්සන අවස්ථාවේදී ද( bake) භාවිතා කළ හැකිය. නමුත් ඉහළ උෂ්ණත්ව භාවිතා වන, ආහාර ගැඹුරු තෙලේ බැදීමේ(deep frying) වැනි අවස්ථාවන්වලදී virgin coconut oil භාවිතා නොකළ යුතුය. මෙහිදී virgin coconut oil පිරිපහදු කිරීමේ ක්රියාවලියකට ලක් නොවන නිසා පොලිෆීනෝල් , විටමින් A සහ ප්රෝ විටමින් A වැනි ස්වභාවික රසායනික සංයෝග සහ වාෂ්පශීලී සංයෝග හානි වීමක් සිදු නොවේ.
යන්ත්ර භාවිතයෙන් ලබාදෙන පීඩනයකින් කොප්පරාවලින් තෙල් නිපදවන අතර පසුව හුමාලය මගින් හෝ තාපය මඟින් තෙල් වල අඩංගු දුගඳ ඉවත් කරනු ( deodorize) ලැබේ. පසුව මැටි පෙරණයක් භාවිතයෙන් බැක්ටීරියා සහ අපද්රව්ය ඉවත් කර විරංජන ක්රියාවලියකට ලක් කරයි. මෙලෙස නිපදවන පොල්තෙල් වල smoke point අගය ෆැරන්හයිට් අංශක 400-450 වැනි ඉහළ අගයක් ගන්නා අතර රසයක් සහ ගන්ධයක් නොමැත.
පොල්තෙල්වල අඩංගු අසංතෘප්ත මේද ප්රමාණය අර්ධ ලෙස හයිඩ්රජනීකරණයට ලක් කිරීමෙන් අර්ධ ලෙස හයිඩ්රජනීකරණයට ලක් කළ පොල් තෙල් නිපදවයි. මෙමගින් පොල් තෙල් වල ආයුකාලය වැඩි වන අතරම ඉහළ උෂ්ණත්ව වලදී පොල් තෙල් වල ඝන ස්වභාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි. නමුත් මෙම ක්රියාවලිය අතරතුරේදී ට්රාන්ස් මේද අම්ල නිපදවීම වලක්වා ගත යුතුය. ට්රාන්ස් මේද අම්ල මගින් සෞඛ්යයට අහිතකර LDL කොලෙස්ට්රෝල් මට්ටම වැඩි කරන අතරම සෞඛ්යයට හිතකර HDL කොලෙස්ට්රෝල් මට්ටම අඩු කරනු ලැබේ. මෙනිසා හෘදයාබාධ, ආඝාතය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ යෑමක් සිදු වේ.
නිෂ්පාදන ක්රියාවලියෙන් පසුව මෙම නිපද වූ පොල්තෙල් මුද්රා තබන ලද බඳුනක දමා, අඳුරු ස්ථානයක හෝ ශීතකරණයක් තුල ගබඩා කර තබනු ලැබේ. මෙලෙස නිපදවන පොල්තෙල් වල ආයුකාලය නිෂ්පාදන ක්රියාවලිය මත සහ ගබඩා කරන ආකාරය මත රඳා පවතී. සාමාන්යයෙන් පිරිපහදු කල පොල්තෙල් මාස කිහිපයක ආයු කාලයකින් යුක්ත වන අතර virgin coconut oil හිරු එළිය සහ තාපය නොවැටෙන සේ ගබඩා කළහොත් අවුරුදු 2-3ක ආයු කාලයකින් යුක්ත ය. පුස් ඇතිවීම, තෙල් කහ පැහැයක් ගැනීම, ගන්ධයේ සහ රසය වෙනස් වීම මගින් පොල්තෙල් පරිභෝජනය සඳහා නුසුදුසු බව හඳුනාගත හැකිය.
පොල්තෙල් වල අන්තර්ගතය
පොල්තෙල් මේදය යටතේ වර්ග කරන අතර පොල් තෙල් වල 80-90% ක් පමණ සංතෘප්ත මේදය අඩංගු වේ. මේදය, මේද අම්ල නම් කුඩා අණු වලින් යුක්ත වන අතර පොල් තෙල් මේද අම්ල වර්ග කිහිපයකින් යුක්තය. පොල් තෙල්වල අඩංගු ප්රධාන මේද අම්ලය ලෙස ලෝරික් අම්ලය( lauric acid - 47%) අඩංගු වන අතර මිරිස්ටික් සහ පාමිටික් අම්ලය ( myristic and palmitic acids) කුඩා ප්රමාණවලින් අඩංගු වේ.මෙම මේද අම්ල දෙක මගින් සෞඛ්යයට අහිතකර LDL කොලෙස්ට්රෝල් මට්ටම ඉහළ නැංවීම සඳහා දායක වන බව පර්යේෂණ වලදී පෙන්වා දී ඇත. එසේම අංශුමාත්ර ප්රමාණයන් වලින්, කාබන් දාමයේ ද්විත්ව බන්ධන එකක් අඩංගු මේද අම්ල සහ බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු වේ. එලෙසම පොල්තෙල් වල අංශුමාත්ර ප්රමාණයෙන් විටමින්, ඛනිජ ලවණ සහ ශාක ස්ටෙරෝල් අඩංගු වන අතර තන්තු සහ කොලෙස්ටරෝල් අඩංගු නොවේ. පරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට පොල්තෙල් පරිභෝජනය සෞඛ්යයට හිතකර මෙන්ම අහිතකර බලපෑම් ද ඇති කරයි.
පොල්තෙල් අපමිශ්ර (adulteration) වන ආකාර
වෙළඳපොලේ පහසුවෙන් ලබාගත හැකි වීමත් එළවළු තෙල් වලට සාපේක්ෂව මිලෙහි ඇති වෙනස් වීමත් නිසා නිවර්තන කලාපීය රටවල පොල් තෙල් බහුල වශයෙන් භාවිතා කරනු ලැබේ. මෙහිදී වෙළෙඳපොළේ දී පිරිසිදු පොල් තෙල් මිලදී ගැනීම තරමක් අපහසු කරුණකි.එයට හේතුව පොල්තෙල් චේතාන්විතව( intentionally) හෝ අහඹු ලෙස( accidentally) අපමිශ්රණයට( adulteration) ලක්වීමයි. මෙලෙස ආහාර අපමිශ්රණයට ලක් වීමෙන් ආහාරයේ ගුණාත්වයට හානි වන අතරම සෞඛ්ය ගැටලු රාශියක් ඇති වීමට ද හේතු වේ. ඉන්දියාවේ Food safety and Authority සංවිධානය මගින් කේරලයේ පොල් තෙල් සන්නාම 166ක් අපමිශ්රණයට ලක් වූ පොල්තෙල් බවට තහවුරු වීමෙන් පසුව තහනම් කරන ලදී. මෙනිසා පිරිසිදු පොල්තෙල් සහ අපමිශ්රණයට ලක්වූ පොල්තෙල් හඳුනා ගැනීම අත්යවශ්ය කරුණකි.
මෙලෙස පොල්තෙල් අපමිශ්ර කරන එක් ආකාරයක් වන්නේ පොල් තෙල් සමඟ ෆාම් ගසෙන් ලබා ගන්නා ඵලවල මදයේ (kernal) නිපදවන ෆාම් තෙල් මිශ්ර කිරීමයි.මෙහිදී ෆාම් තෙල් වල භෞතික සහ රසායනික ගුණ බොහෝසෙයින් පොල්තෙල් වලට සමාන වන නිසාත් පොල් තෙල් සමඟ පහසුවෙන් මිශ්ර වන නිසාත් ෆාම් තෙල්වලින් පොල්තෙල් අපමිශ්ර වීම හඳුනා ගැනීම අපහසු වේ. ෆාම් තෙල් පොල්තෙල් වලට සාපේක්ෂව බොහෝ මිලෙන් අඩු නිසා ෆාම් තෙල් මගින් අපමිශ්ර වූ පොල් තෙල් බොහෝ සෙයින් දක්නට ලැබේ.
පොල් තෙල් නිෂ්පාදනයේ දී අතුරු ඵලයක් වන පොල් මාංස වටා ඇති දුඹුරු පැහැති පොත්ත හෙවත් බීජාවරණය(testa) වියලීමට ලක් කරයි. මෙම බීජාවරණයේ අඩංගු මේද ප්රතිශතය 34%- 63% පමණ වන අතර සාමාන්යයෙන් සබන් නිෂ්පාදනය සඳහා මෙම බීජාවරණය යොදා ගනී. නමුත් සමහර කර්මාන්ත ශාලා විසින් මෙම බීජාවරණය කෝප්පරා සමග මිශ්ර කර ලැබෙන මිශ්රණයෙන් තෙල් නිස්සාරණය කිරීම සිදු කරයි. පොල්තෙල් නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැය අවම කර ගැනීම සඳහා මෙලෙස පොල් බීජාවරණ මඟින් ලබාගන්නා පිරිපහදු කළ හා දුගඳ ඉවත් කරන ලද තෙල් පිරිසිදු පොල් තෙල් සමග මිශ්ර කිරීම දක්නට ලැබේ.
පොල් ආශ්රිත නිෂ්පාදනයන් සිදු කරන විට සිදු වන අවිධිමත් හැසිරවීම නිසා කොප්පරා දිලීර ආසාදනයන්ට ලක්වීම හෝ නරක් වීමට ලක්වීම සිදුවිය හැකිය. මෙලෙස ගුණාත්මක බවින් අඩු කෝප්පරා සාපේක්ෂව මිලෙන් අඩු අගයක් ගනී. පිරිසිදු පොල් තෙල් නිෂ්පාදනයේ දී වැයවන පිරිවැය අවම කර ගැනීම සඳහා ගුණාත්මක බවින් අඩු නරක්වීමට ලක් වූ කෝප්පරා පිරිසුදු කොප්පරා සමඟ මිශ්රකර තෙල් නිස්සාරණය කරනු ලැබේ. මෙනිසා පොල්තෙල් අන්තර්ගත නිදහස් මේද අම්ල ප්රමාණය (free fatty acids content) සාපේක්ෂව ඉහළ අගයක් වන අතර ඉහළ නිදහස් අම්ල ප්රමාණය නිසා පොල්තෙල් නරක් වීම වේගවත් වේ. මෙලෙස විවිධාකාරයට අපමිශ්ර වූ පොල්තෙල් විවිධ පරීක්ෂණ මගින් හඳුනා ගත හැකිය.
අපමිශ්ර වූ පොල් තෙල් හඳුනාගන්නා ගන්නා ආකාර
සාමාන්යයෙන් පොල් තෙල් වල අයඩින් අගය 6-11 අතර අගයක් ගනී. අයඩින් අගය යනු තෙල් හෝ මේද 100g මගින් අවශෝෂණය කරගන්නා අයඩීන් ග්රෑම් ප්රමාණයයි. අයඩීන් අගය මඟින් තෙල්වල සහ මේදයේ අසංතෘප්ත බව සාපේක්ෂව නිර්ණය කළ හැකිය. මෙලෙස පොල්තෙල් වල අයඩීන් අගයේ වෙනස් වීම මගින් පොල්තෙල් වල සංශුද්ධතාවය සහ අපමිශ්ර වූ පොල් තෙල් හඳුනාගත හැකිය.
එලෙසම acid value අගය මඟින්ද පොල්තෙල් වල සංශුද්ධතාවය පරික්ෂා කළ හැකිය. Acid value අගය යනු මේදයේ අඩංගු කාබනික අම්ල ග්රෑම් එකක් ම සම්පූර්ණව උදාසීන කිරීමට අවශ්‍ය KOH මිලිග්රෑම් ප්රමාණයයි. මෙම අගය මගින් මේදයේ අඩංගු නිදහස් මේද අම්ල ප්රමාණය ගණනය කරනු ලැබේ. ප්රමාණවත් නොවන ආහාර සැකසුම් ක්රියාවලි සහ ගබඩා තත්ත්වයන් වලදී ලයිපේස් එන්සයිමය මගින් ට්රයිග්ලිසරයිඩ ජලවිච්ඡේදනය වීමෙන් නිදහස් මේද අම්ල නිපදවේ. Acid value අගය අඩුවීමෙන් පොල්තෙල් වල ගුණාත්මකභාවය ඉහළ බව නිර්ණය කළ හැකිය.
එලෙසම විද්යාගාර තත්ත්ව යටතේ දී scanning calorimetry, spectroscopy, gas chromatography වැනි තාක්ෂණික ක්රමවේද භාවිතයෙන්ද අපමිශ්ර වූ පොල් තෙල් හදුනාගත හැකිය. විද්යාගාර තත්ත්ව යටතේ මෙන්ම සරල ක්රියාකාරකමක් මඟින් නිවසේදී ද පොල් තෙල් අපමිශ්ර වී ඇත් දැයි පරීක්ෂා කර ගත හැකිය. පළමුව පොල් තෙල් පිරිසිදු විනිවිද පෙනෙන වීදුරුවකට දමා ශිතකරණයේ මිනිත්තු 30 පමණ තැබිය යුතුය. ශීතකරණ තුල තැබීමෙන් පොල් තෙල් ඝන වීමකට ලක් වේ. පොල් තෙල් වෙනත් තෙල් වර්ගයකින් අපමිශ්ර වීමට ලක් වී ඇත්නම් එම තෙල් ස්ථරයක් වෙන්ව දක්නට ලැබේ. මෙම සරල ක්රියාකාරකම මගින් නිවසේදී අපමිශ්ර වූ පොල් තෙල් හඳුනාගත හැකිය.
සටහන - මධුෂානි මාරසිංහ
Do you buy pure coconut oi?
Coconut oil is a vegetable oil used in many tropical countries. Coconut oil is made from fresh coconut meat obtained from the coconut tree, scientifically known as Coccus nucifera, or dried coconut flesh called copra. Virgin coconut oil is produced from fresh coconut meat, while copra produces refined coconut oil. This article outlines the process of coconut oil production, the content of coconut oil, possible way of coconut oil adulterations and how to identify adulterated coconut oil at home.
The process of coconut oil production
Virgin coconut oil is produced by two production processes, known as dry method and wet method. In the dry process, the fresh coconut flesh obtained from well-ripened coconuts are dried quickly using a small amount of heat and then the oil is removed using a machine. In the wet process, fresh coconut meat is pressed using machines to extract coconut milk and oil from fresh coconut meat. Then Coconut milk and oil are separated by enzymes, by a fermentation process, or by using centrifugal machines. The smoke point value of virgin coconut oil is around 350 degrees Fahrenheit and can be used for sauteing and baking purposes. However, virgin coconut oil should not be used in cases of high temperature food processing such as deep frying. Virgin coconut oil does not undergo a refining process, therefore natural chemical compounds and volatile compounds such as polyphenols, vitamin A and pro vitamin A, are preserved.
In the coconut oil production process with the use of machines, copra is pressed to obtain oil, then the oil obtained from copra is deodorized using steam or heat. Bacteria and contaminants are then removed using a clay filter and after that oil undergoes a bleaching process. The smoke point value of the coconut oil which is produced in this way is as high as 400-450 degrees Fahrenheit and refined oils are odorless and flavorless.
Partially hydrogenated coconut oil is produced by partially hydrogenating unsaturated fat in coconut oil. This increases the shelf life of the coconut oil and helps to maintain the solid texture of coconut oil at high temperatures. But the production of trans fatty acids during this process should be avoided. Trans fatty acids increase the level of unhealthy LDL cholesterol and lower the level of healthy HDL cholesterol. Therefore, it increases the risk of heart disease and stroke conditions. After the manufacturing process, coconut oil is stored in a sealed container in a dark place or in the refrigerator. The shelf life of coconut oil depends on the production process and storage conditions. Refined coconut oil usually has a shelf life of several months, while virgin coconut oil has a shelf life of 2-3 years if stored in a place which is not exposed to direct sunlight or heat. Mold, yellowing of the oil, change in smell and taste indicate that the coconut oil is unfit for human consumption.
The content of the coconut oil
Coconut oil is classified under fat and it contains about 80-90% saturated fat. Fat is made up of small molecules called fatty acids, and coconut oil contains several types of fatty acids. Coconut oil contains lauric acid (lauric acid - 47%) as the predominant fatty acid and in smaller amounts coconut oil also contains myristic and palmitic acids which raise harmful LDL cholesterol levels as shown in researches. In trace amounts coconut oil also contains monounsaturated fatty acids and polyunsaturated fatty acids. Similarly, coconut oil contains no fiber and no cholesterol but it contains vitamins, minerals and plant sterols in trace amounts. Researchers point out that coconut oil consumption has both positive and negative effects on health.
Possible way of coconut oil adulterations
Coconut oil is widely used in tropical countries due to its availability in the market and price difference compared to vegetable oils. It is a bit difficult to buy pure coconut oil in the market because coconut oil is adulterated either intentionally or accidentally. Adulteration of foods not only decrease quality of the food but also causes many health problems. The Food Safety and Authority of India has banned 166 brands of coconut oil in Kerala after it was confirmed that coconut oil is adulterated. Therefore, it is essential to identify pure coconut oil and the adulterated coconut oil.
One way of coconut oil adulteration is mixing coconut oil with palm kernel oil. The physical and chemical properties of palm kernel oil is very similar to coconut oil and it easily blends with the coconut oil. Therefore, It is difficult to identify coconut oil that are adulterated with palm kernel oil. The price of the palm kernel oil is less than coconut oil, therefore coconut oil is normally adulterated with palm kernel oil.
Testa is the brown skin present in coconut meat and a by-product of coconut oil processing industries. The fat content of the testa is around 34% - 63% and testa is usually used in the manufacturing of soap. But in some factories testa is mixed with copra and oil is extracted from that mixture. Then refined and deodorized testa oil is mixed with pure coconut oil, to reduce the cost of production of coconut oil.
Improper handling of coconut while producing copra leads to fungal infestation or rotten products. Thus low quality copra is relatively inexpensive. In order to reduce the cost involved in the production of pure coconut oil, low quality copra is mixed with pure copra and then oil is extracted. Therefore, the free fatty acid content of coconut oil is relatively high and it accelerates the rapid spoilage of coconut oil.
Methods for identifying adulterated coconut oil
Generally, iodine value of coconut oil is around 6-11. Iodine value quantifies the number of grams of iodine absorbed by 100 g of oil or fat. Iodine value is relatively used to determine the degree of saturation of fats and oils. By using Iodine value, the purity if coconut oil can be identified.
Similarly, the purity of coconut oil can be determined using the acid value of the coconut oil. Acid value is defined as the amount of KOH in milligrams required to neutralize one gram of organic acid in fat. This value indicates the amount of free fatty acids present in fat and oils. The lipase enzyme hydrolyzes triglycerides and produce free fatty acids under unsuitable food processing and storage conditions. The lower the acid value, higher the quality of coconut oil.
Under laboratory conditions, adulterated coconut oil can be identified using scanning calorimetry, spectroscopy, and gas chromatography techniques. Also adulterated Coconut oil can be tested at home using simple experiments. First, pour the coconut oil into a clean transparent glass and refrigerate for about 30 minutes. Coconut oil solidifies when refrigerated. If coconut oil is adulterated with another type of oil, that oil layer will be separated. Using this simple experiment, we can identify adulterated coconut oil at home.
Article by - Madhushani Marasinghe
Sources
https://www.hsph.harvard.edu/.../food-features/coconut-oil/